‍රණ විරු බිරිද

💗 රණවිරු බිරිද 💗

"මේ අහන්න සුදු නන්ගි....අපි වෙඩින් එක කල් දාමු....."

"අනේ...ඇ..ඇයි මගෙ රත්තරන් ඒ.....ඇයි කියන්නකො...මගෙ මහත්තයා ඇයි මේ කවදාවත් නැතුව...මාස 3කට පස්සෙ ඇවිත් ඇයි පන මාව මෙහෙම අඩවන්නෙ.මම කොයි තරම් ආසාවෙන්ද ඉන්නෙ ඔයාගෙ වයිෆ් වෙන්න...."

ඇය සමාධි ......පෙර පාසල් ගුරුවරියක්.....ඔහු අභිමාන්......නමින් වගේම ඔහු අභිමානවත් රණවිරුවෙක්...මේ ආදරය ගලා එන්නෙ වසර 3ක ඉදලයි...මුනගැහෙන්න ලැබෙන්නෙ මාස 3කට විතර පාරක්....මේ අවසන් යුද්ධය පටන් ගත්තම කාලෙ.......

"නෑ මැණික මේ අහන්නකො.....මේ යුද්ධය ලොකු එකක්...අපේ ජීවිත විශ්වාස නෑ මට බෑ ඔයාගෙ ජීවිතේ නාස්ති කරන්න..."

"ඔයාට පිස්සුද ඔයා මොනවද මේ කියන්නෙ....මගෙ මහත්තයට කිසිම කරදරයක් වෙන්නෙ නෑ...බලන්නකො.....අපි ලස්සන වෙඩින් එකක් ගමු...අම්මලා නැකතුත් බලලා.....තව මාස 5කින් මම ඔයාගෙ ගෑනි වෙනවා......."

"මේ අහන්නකො...මම කියන දේ අහන්නකො....අපි මේ යුද්දෙ ඉවර වෙනකල් ඉමු...ඊට පස්සෙ වෙඩින් එක ගමු..."

"බෑ බෑ බෑ...අපි ඒ දවාසට බදිනවමයි...ආයෙ ඔය කතාව කිව්වොත් මම අර කෝච්චියකට පනිනව....සත්තයි...."

සමාධි අඩමින් කෑගැහුවා...අභිමාන් ඇයව පපුවට තුරුල් කරගත්තෙ හදවත උතුරලා යන ආදරෙන්....මේ කෙල්ලව තනි කරන්න එපා දෙවියනේ ...මට මේ තරම් ආදරේ කරන කෙල්ලව දාලා යන්න මට බෑ....මට එහෙම තත්වයක් උදා කරන්න එපා....අභිමාන් තමන් අදහන හැම දෙවි කෙනෙක්ගෙන්ම ඉල්ලුවෙ ඒ දේ විතරමයි...

"ඔන්න මම නම් ලෑස්ති...."

සමාධිගෙ හඩින් මේ තරම් වෙලා අතීතයේ හිටිය අභිමාන් මේ ලෝකෙට ආවා...

"ඔයා වොශ් දැන්මද සුදු නන්ගි ...."

"හ්ම්...ඔව්...."

"එහෙනම් එන්න...."

අභිමාන් තමන්ගෙ මනමාලිව තුරුලට ගත්තෙ ආදරෙන්...අද මේ රණවිරුවගේ ජීවිතේ ලස්සනම දවස.....අවුරුදු 4ක් විතර ආදරේ කරලා තමන්ගෙම කරගත්ත සන්තකේම තුරුලෙ තියාගෙන හිටියත් රටේම බලාපොරොත්තු හිත ඇතුලෙ ගිනිගන්නවා.....අභිමාන්ට නිවාඩු තිබුනෙ සති දෙකයි.ඒ සති දෙකෙන් පස්සෙ ආයෙම යුධ පෙරමුණට යන්න ඕනෙ....

"ඇයි සුදු මහත්තයො කතා නැත්තෙ....ම්..."

"මුකුත් නෑ පන....මම ආයෙ සති දෙකෙන් යන්න ඕනෙනෙ....කොහොමද දාලා යන්නෙ කියලා කල්පනා කලේ...."

"එහෙම කියන්න එපා මගෙ මහත්තයො....ඔයාව මට කොච්චර ආඩම්බරයක්ද...."

"හරි මැණික....එන්න අපි ඇදට යමුද...."

"ඇයි....දැන්මම දොයියනවද .."

"හනි මූන් එන්නෙ දොයියන්නද...."

"එහෙනම්...."

"දන්නෙම නෑ...."

"අපි පොඩි ළමයි ඔයා ඒවා මේවා දන්නෙ නෑ..."

"ආ ඇත්තද එහෙනම් වරෙන්කො කියලා දෙන්න...."

අභිමාන් හිනා වෙවීම සමාධිව ඇදට ඇදලා ගත්තා....සමාධි අභිමාන්ගෙ තුරුලට වුනා...ආදරණීය රාත්රියක් හෙමින් හෙමින් ගෙවිලා ගියා.......

"ඇති නිදාගත්තා දැන් නැගිටින්නකො...."

සමාධි අභිමාන්ව ඇහැරෙව්වා....අභිමාන් ආයෙමත් සමාධිව තුරුලට ගත්තෙ ඊයේ රාත්රිය මතක් වෙලා වගේ....

"ඔන්න අපි නම් දන්නෙ නෑ ඊයෙ ශුවර් එකටම බබෙක් ඉන්න අති"

සමාධි අභිමාන්ගෙ පපුවෙ මූන හන්ගගෙනම කිව්වෙ ලැජ්ජාවෙන් ....

"ඉතින් ශෝක්නෙ....අපේ බබානෙ ...."

"හ්ම්....මම අපෙ පුතුවත් ඔයා වගේම වීර හමුදා සෙබලෙක් කරනවා...."

සමාධි ආසාවෙන් කිව්වා...හීන ....ඒවා කවදාවත් බිදිල නම් යන්න එපා.....මේ සතුට කවදාවත් අපෙන් උදුරගන්න එපා....සමාධි ප්රාර්ථනා කලා......

**************************************************
"උඹ දන්නවද විමලාවතී ....කුසුමගෙ ලේලි පුදුම වාසනාවන්තයි....ඒකනේ කැන්දන් ඇවිත් දවස් 3ක් යද්දිම ලක්ෂ 10ක ස්විප් එකක් ඇදුනෙ....නැද්ද බන්..."

"ඒකනම් එහෙම තමා බන්....ආ ඔය කියනකොටම කුසුමත් එන්නේ...."

අභිමාන්ගෙ අම්මා කුසුමා කඩේට ආවෙ ඒ වෙලාවෙදිමයි....

"ඈ බන් කුසුමො උඹේ ලේලි හරි ලක් කාරි නේද බන්.....ඒකනේ ඔහොම උඹලට උතුරන්නේ...."

විමලාවති ඇහුවෙ ඔලොක්කුවට වගේ...

"හ්ම්....ඒකි හරි වාසනවන්තයි තමා බන්...මුදලාලි මට මේ බඩු ටික දාලා දෙන්න....ඕකටම ඇස් වහ පුච්චන පැකට් එකකුත් දාන්න...."

කුසුමා සද්දෙන්ම එහෙම කිව්වා....

"බලාපල්ලකො දැන් මේකිගෙ තියෙන මහන්තත්තෙ... වැඩිය උඩ යන්නෙ හොදකට නම් නෙමේ...."

විමලාවති කියෙව්වෙ ඊරිසියාවෙන්....

"දුවේ....සමාධි ...පොඩ්ඩක් මෙහාට ආවනම්...."

සමාධි ආවෙ තේ දෙකකුත් අරගෙනමයි....

"අනේ මගෙ දූ තේත් හැදුවද....."

"මෙන්න මහත්තයො.....අම්මෙ ආ...."

සමාධි දෙන්නටම තේ දුන්නා....

"ඕක ඔතනින් තියල මෙහෙට එන්නකො...."

කුසුමා කිව්වෙ කලබලෙන් වගේ....

"ඇයි අම්මෙ..."

සමාධි කුසුමා ලගට යන ගමන් ඇහුවා....සමාධි පුදුම වෙලා බලන් ඉද්දි කුසුමා සමාධිගෙයි අභිමාන්ගෙයි දෙන්නගෙම ඇස් වහ පිච්චුව.....

"මොකද අම්මෙ මේ කවදාවත් නැතුව...."

"හැමෝම කතා වෙන්නෙ මගෙ ලේලිගෙ වාසනාව ගැන....අපිට උතුරන්නනෙ සමාධි ආපු නිසාලු....ඒක ඇත්ත මගෙ ලේලි පුදුම වාසනාවන්තයි...."

අභිමාන් මේ දේවල් දිහා බලන් හිටියෙ සතුටෙන්...මම නැති උනත් මගෙ කෙල්ල තනි වෙන්නෙ නෑ....හැමෝම එයාට ආදරෙයි.....අභිමාන් සැනසීමෙන් හිතුවා

සති දෙක ගෙවිලා ගියා...ගෙවිලා ගියාටත් වඩා ඉගිල්ලිලා ගියා....අද අභිමාන් ක්රියාන්විතයට යන්න ඕනෙ...
හැම දේම ලෑස්ති කලේ සමාධි ....සපත්තු පවා පොලිශ් කලේ සමාධි ....කිසිම දෙයක් අභිමාන්ට කරන්න දුන්නෙ නෑ....

"ඔන්න ඔක්කොම ලෑස්ති මහත්තයො...."

අන්තිම බෑග් එකත් ලෑස්ති කරලා කිව්වා...අභිමාන් තමන්ගෙ බිරිද දිහා බලාගෙන හිටියෙ උතුරලා යන ආදරෙන්....

"ඇයි මහත්තයො..."

සමාධි අභිමාන්ගෙන් ඇහුවා ...

"නෑ මැණික ...ඔයා ඉන්නෙ කොච්චර දුකෙන්ද කියල මම දන්නවා...ඒත් ඔයා දුක හිර කරගෙන මට හයියක් වෙනවා......ඔයාට පින් මැණික....."

"එහෙම කියන්න එපා මහත්තයෝ....මහත්තයා යුද්ධයට ගිහින් ඉන්න හැම ගෑනියෙක්ම මෙහෙම තමා ඒක ඔයාලට ඔය හමුදාවෙන් දෙන මෝටිවේශන් වලට වඩා ගොඩක් ප්රභලයි..."

"අම්මෝ මගෙ පොඩි කෙල්ල පැහිලා තියෙන තරමක්....."

අභිමාන් කිව්වෙ සමාධිගෙ නහය මිරිකන ගමන්.....

කාලය ගෙවිලා ගියෙ කාටත් හොරෙන්.....යුද්ධය ගැන කියන්න වචන නෑ......හැමෝගෙම හදවත් වල බය විතරයි...පුතාලා යුද්ධයට ගිය අම්මලාගෙ..පෙම්වතා යුද්ධයට ගිය පෙම්වතියන්ගෙ ......සැමියා යුද්ධයට ගිය බිරියන්ගෙ පපුව බ්රේකින් නිවුස් ඇහෙන වාරයක් ගානෙ පිච්චුනා.....සමාධිට කියලා ඒකෙ වෙනසක් තිබුනෙ නෑ....පන්සලක් ගානෙ ගියා...බාර හාර සිය ගනනින් වුනා....මස් මාලු උම්බලකඩ කෑවෙ නෑ....ඒ තරම් ශ්රද්ධාවකින් බෝඪි පූජා තිබ්බා.. අභිමාන්ට කතා කරන්න පුලුවන් උනෙත් දවස් 3කට විතර සැරයක්.....ඒ හැම පාරම සමාධි කදුලු හන්ගගෙන අභිමාන්ගෙ හිතට ශක්තිය දුන්නා....විවාහා වෙලා මාස 7ක් ගෙවුනා...ඒ මාස 7ටම අභිමාන් ගෙදර ආවෙ 3සැරයයි....මේ පාර ඇවිත් අභිමාන් ආයෙමත් ගියෙ ඊයෙ....දැන් ගේ හදලා ඉවරයි....ලස්සන හුරුබුහුටි ගෙදරක් ......

"අනේ අම්මේ...සමාධි අක්කා කලන්තෙ දැන්මා.....ඉක්මනට එන්නකෝ....."

අභිමාන්ගෙ නන්ගි සමාධිව අල්ලගෙන කෑගැහුවා....

"අනේ මොනවා උනාද මගෙ කෙල්ලට....ඉක්මනට ත්රීවීලර් එකකට කතා කරන්න සදුනි...."

"ඔන්න සුභ ආරංචියක්.........දැන් ඔයා ආච්චි කෙනෙක් වෙන්නයි යන්නෙ....."

සමාධිව බලපු ඩොක්ටර් කිව්වෙ කුසුමට....

"අනේ.....බොහොම ස්තුති ඩොක්ටර් ...."

සමාධිට සතුට කියාගන්න බෑ...අනේ අභිමාන් අදත් ඉදලා ගියානම්.....එයාට මේ ආරංචිය කියන්න කොච්චර දවස් බලන් ඉන්න ඕනෙද.....සමාධි සතුට මැදින් හිතුවා....

"හෙලෝ......කොහොමද සුදු නන්ගි ....හැමෝම හොදින් නේද...."

සමාධි බලන් හිටිය කෝල් එක ආවෙ දවස් 5කට පස්සෙ....

"අනේ ඔව් මහත්තයො...අපි ඔක්කොමලා හොදින්....මගෙ මහත්තයට කොහොමද...."

"මාත් හොදින් සුදු නෝනා....මේ මම ඊයෙ හීනෙන් දැක්කනෙ මගෙ සුදු නෝනා ලොකු බඩ ගෙඩියක් උස්සගෙන තාරාව වගේ ඇවිදිනව....මම හීනෙන් හිනා වෙලා මදුකය අහනව මොකද කියලා...."

"මහත්තයට දිවැස් තියෙනවද කොහෙද....ඒ හීනෙ හැබෑ වෙලා තියෙන්නෙ සුදු මහත්තයො....ඔයා දග මල්ල දැන් අම්මිගෙ බඩේ...."

සමාධි කදුලු අතරින් කිව්වා....

"ඔය ඇත්තමද කෙල්ලෙ....විහිලු නෙවේ නේද...."

"අනේ නෑ සුදු මහත්තයො...මම මොකටද බොරු කියන්නෙ...."

"අනේ...මට දැන්මම එන්න ඕනෙ ..ඒත් කොහොමද මම එන්නෙ...අනේ පරිස්සම් වෙන්න මගෙ මැණික....දැන් දග වැඩ එපා...මාත් නෑ ලග බලාගන්න..."

අභිමාන් අඩනවා ......සමාධිත් අඩනව....

"අනේ අඩන්න එපා මහත්තයෝ......"

"අනේ මම කොහොමද මේ සතුට දරාගන්නෙ...."

"අභිමාන්....වරෙන් අන්න කතා කරනවා....ඒ මොකො බන් මේ අඩන්නෙ....නන්ගිට කරදරයක්ද?"

"අනේ නෑ බන්...උබේ මේ යාලුවා තාත්තා කෙනෙක් වෙන්න යනවලු..."

"අප්පට සිරි...මගෙ සුභපැතුම් ආ....නන්ගිටත් කිව්ව කියන්න...ඉක්මනට වරෙන්...අන්න කෑගහනව...."

"මම තියන්නම් මැණික ...අපි දැන් යන්න ඕනෙ....පරිස්සමින් ඉන්න...."

"හා...මගෙ මහත්තයත් පරිස්සමින් ඉන්න.....බුදු සරණයි....උම්මා..."

"හා පන උම්මා....කෝ ෆෝන් එක පැටියා ලගින් තියන්න....බබාටත් උම්මා එකක් දෙන්න..."

සමාධි හිනාවීගෙනම ෆෝන් එක බඩෙන් තිබ්බා....

"මගෙ හොද පැටියා වගේ තත්ති එනකල් අම්මිට කරදර කරන්නෙ නැතුව ඉන්න ඕනෙ...හොදේ....උම්ම්ම්මා....."

අභිමාන් කියන දේවල් සමාධි අහගෙන....

"මම තියන්නම් මැණික එහෙනම්....බුදු සරණයි "

මාස 4ක් ගෙවිලා ගියා.....අභිමාන්ගෙ අම්මා සමාධිව බලාගන්නෙ ගොඩක් ආදරෙන්....

"සදුනි ෆෝන් එක බලන්නකො..."

සමාධි බාත්රෑම් එකේ ඉදන් කෑගැහුවා....

"හෙලෝ..."

"හෙලෝ මේ සමාධි නේදා...."

"නෑ මම එයාගෙ නන්ගි ...මේ කවුද..."

"මම මදුක....අභිමාන්ගෙ යාලුවා...නන්ගි මේක අහලා කලබල වෙන්න එපා....සමාධිට හිමින් කියන්න.....එයා ඉන්න තත්වෙත් හොද නෑනෙ...."

"අනේ ඇයි අයියෙ......කෝ අපේ අයියා...."

"මේ ....අභිමාන් නැති උනා නන්ගි ....බොඩි එක අදුරගන්නවත් බෑ..."

සදුනිගෙ අතින් ෆෝන් එක අත ඇරුනෙ කෑගහගෙනමයි....

"අනේ අයියේ....."

සදුනිගෙ කාගැහිල්ලට හැමෝම දුවගෙන ආව...

"ඇයි නන්ගි මේ....මොකද මේ.. කවුද කතා කලේ...."

"අනේ අක්කේ....අපේ අයියා...."

"අයියා.... ඇයි අයියට මොකද කියන්න නන්ගි මොකද වෙලා තියෙන්නෙ...."

සමාධි අඩමින් කෑගහනව...

"අනේ අපේ අයියා නැති වෙලා අක්කෙ...."

"නැති වෙලා...."

සමාධිව එහෙමම කලන්තෙ දැන්මා....

"අනේ අක්කව බලන්න සදුනි...."

සමාධිට සිහිය එන්න ගොඩක් වෙලා ගියා....සිහිය ආපු වෙලාවෙ ඉදලා සමාධි කෑගහපු විදිහ හිතක් තියෙන කෙනෙකුට අහ්න් ඉන්න පුලුවන් එකක් නෙවෙ....

"අනේ මගෙ මහත්තයට එහෙම වෙන්න විදිහක් නෑ...මම කොයි තරම් බාර උනාද...නෑ එහෙම වෙන්න බෑ ඕක බොරුවක්...එහෙම වෙන්න බෑ...ඕක බොරුවක්....."

සමාධිගෙ කෑගැහිල්ල කාටවත් අහන් ඉන්න බැරි උනා....ගෙදර හැමෝම මලගෙදරට ලෑස්ති උනා....
අභිමාන්ගෙ බොඩි එක අරන් ආවෙ යුධ හමුදා ට්රක් එකකින්.....පෙට්ටිය සීල් තියලයි තිබ්බෙ....සමාධි බිම වැටි වැටි දිව්වෙ පෙට්ටිය ලගට...

"අනේ මට මගෙ මහත්තයව බලන්න ඕනෙ මට මහත්තයව බලන්න ඕනෙ....අම්මෙ මෙයාලට කියන්න අම්මෙ මේක අරින්න කියල....අනේ මට මගෙ මහත්තය්ව බලන්න දෙන්න දෙයියනෙ...ඔයාලට ඇහෙන්නෙ නැද්ද මම කියන දේ...මේක අරින්න මට මගෙ සුදු මහත්තයව බලන්න ඕනෙ...."

සමාධිගෙ ඇඩුම් වලට හිටපු හැමෝගෙම ඈ වල කදුලු පිරුනා...සමාධි ආයෙමත් සිහිය නැතුව වැටුනා....

"නන්ගි ඇස් අරින්න ....දැම් කොහ්මද ඔයාට..."

"ක්...කවුද ඔයා...."

"නන්ගි මම මදුක...."

"අනේ අයියෙ මේ මොකද්ද අයියෙ උනේ....මේයාලට කියන්න අයියෙ මට මගෙ මහත්තයව පෙන්නන්න කියල...කියන්නකො අයියෙ...."

සමාධි මදුකගෙ ශර්ට් එකෙන් අල්ලගෙන කෑගැහුව....

"ඒක කරන්න බෑ නන්ගි...මේ අභිමාන්ගෙ කරේ තිබුන චේන් එක.......මේ වොච් එක....මේවා ගන්න නන්ගි...මේ වෙඩින් රින්ග් එක......ඔයාලගෙ බබා ගැන හිතන්න නන්ගි."

එහෙම කියලා මදුක කාමරෙන් ගියා....

"මාල මුදු මේව මට මොකටද....මගේ මහත්තය නැතුව..."

එහෙම කියලා සමාධි ඒ බඩු ටික විසි කරලා දැන්මා....

"මාලෙ...මාලෙ....ඒක මොකද්ද ඒ..."

සමාධි කලබල වෙලා මාලෙ හෙව්වා....මේසෙ යට තිබිලා හම්බුන මාලෙ දිහා සමාධි ගොඩක් වෙලා බලන් හිටියා...නෑ මේක මගෙ මහත්තයගෙ නෙවේ.....නෑ මේක එයාගෙ නෙවේ....සමාධි කලබල වෙලා වොච් එක මුද්ද හෙව්වා....මුද්ද ඒ වගේමයි....වොච් එකේ හම් පටියෙ අපි දෙන්නගෙ නම් ලියලා තිබ්බා....මේකෙ ඒකත් නෑ....නෑ මේ මගෙ මහත්තය නෙවේ....

"මදුක අයියෙ...."

සමාධි සාලෙට දිව්වෙ පිස්සියෙක් වගේ.....

"ඇයි නන්ගි මේ..."

"අයියට මේ මේවා කොහෙන්ද"

"ඕවා තිබුනෙ නන්ගි මේ බොඩි එකේ...ඒවයින් තමා අදුරගත්තෙ...."

"නෑ මේව මගෙ මහත්තයගෙ නෙවෙ......එයාගෙ මාලෙ එස් අකුර වෙනස් මීට වඩා....අනික වොච් එකෙ පටියෙ ඇතුලෙ අපි දෙන්නගෙ නම් ලියලා තිබ්බා....ඒව මුකුත් මේකෙ නෑ..."

"ඒත් නන්ගි....."

"මේක අරින්න කියන්න මේ මගෙ මහත්තය නෙවෙ....මේක අරින්න කියන්න...මේ එයා නෙවේ.... අම්මෙ කියන්නකො...මේක අරින්න කියල...."

"බෑ නන්ගි මූන අදුරගන්න බෑ...."

"මේක අරින්න කියන්න...."

"බෑ ඒක කරන්න බෑ...."

සමාධි වට පිට බැලුවා....පුවක් කපන්න ගෙනත් තිබ්බ පිහිය අරන් හැමෝටම ඇහෙන්න කෑගැහුවා.......

"මේ පෙට්ටිය ඇරියෙ නැත්තන් මම මේකෙන් අත කපා ගන්නවා...මදුක අයියෙ මෙයාලට කියන්න මේක අරින්න කියලා...."

හැමෝම බය උනා සමාධි මොනවා හරි කරගනීවි කියලා....මදුක අවසර දුන්නා පෙට්ටිය අරින්න කියල....

"පෙට්ටිය ඇරපු ගමන් සමාධි හයියෙන් කෑගැහුවා...."

මූන ඒ තරමටම විරූපී වෙලා...කොහොමටවත්ම අදුරන්න බෑ...සමාධි ගියෙ අත් දෙක ලගට....අතේ තිබුන පිහියෙන් ශර්ට් එක කැපුවා.....කවුරුත් ලගට ගියෙ නෑ....සමාධි අනතුරක් කරගනි කියල බය උනා......සමාධි හිතුවා හරි...එයා බලාපොරොත්තු උන දේ තිබුනෙ නෑ....සමාධි මහා හයියෙන් හිනා උනා....පිහියත් පැත්තකට විසි කරල කදුලු පිහදාගත්තා....හැමෝම හිතුවෙ සමාධිට කම්පනය නිසා පිස්සු හැදිලා කියල....

"මේ මගෙ මහත්තය නෙවෙ ...මෙයාව මෙතනින් අරන් යන්න...කිව්වම ඇහෙන්නෙ නැද්ද මෙයාව මෙතනින් අරන් යන්න....මෙයාගෙ ගෙදර හොයාගන්න....එයා අන්තිමට ගෙදර ආපු දවසෙ මා එක්කෙම ගිහින් අතේ පච්චයක් ගැහුවා.....මගෙ නම....ඒක මැකෙන්නෙ කොහොමද..."

හැමෝම පුදුම වෙලා බලන් හිටියා....සමාධි කාමරේට ගියා ....ගිහින් තිබුන ඔක්කොම රත්තරං බඩු ටික දැන්මා.....සමාධි කිව්ව දේ පිලිගත්තෙ මදුකයි සදුනි විතරයි....අනිත් හැමෝම කිව්වෙ ඒ අභිමාන් කියලා.....සමාධි අවසන්කටයුතු වලටවත් වාඩි වුනේ නෑ.....අභිමාන්ගෙ ෆොටෝ එකට මල් මාලයක්වත් දාන්න ඉඩ දුන්නෙ නෑ.......සමාධි හැම කෙනාගෙන්ම බැනුම් ඇහුවා....අර තරම් ආදරේ කරපු අම්මා පවා කිව්වෙ මේකිගෙ කාලකණ්ණි කමට මගෙ දරුවා මැරුනා කියලා...ගමේ මිනිස්සු පවා ඉස්සරහට හම්බුනාම කෙලගහලා ගියා....සමාධි හමුදා හොස්පිටල් එකක් ගානෙ ඇවිද්දා.......ඒත් අභිමාන්ව හම්බුනේ නෑ....ඒත් සමාධි විශ්වාස කලා අභිමාන් ජීවත් වෙනවා කියලා....

"දැන් කෝ යන්න ඇති කොහෙ හරි මගුලක...ඕකි නිසා තමා මගෙ අහිංසක කොල්ලා මැරුනෙ...."

"අනේ අම්මෙ ඕක නවත්තගන්නකො....අක්කා මොනවා කරන්නද...."

"අනේ උඹ කටවහගෙන හිටහන්....උඹ දන්න දෙයක් නෑ..දැනටත් මිනිහෙක් හොයාගෙන ඇති මම දැක්කා දැන් දවස් දෙක තුනක්ම ෆෝන් එකෙන් ලොකු කතාවක් ..මම හොයාගන්නම්කො..."

"බොරුවට කැගහන්න එපා අම්මෙ..අක්කා එහෙම කෙනෙක් නෙවේ...අක්කා හැම තැනම අයියව හොයනවා..."

"අනේ පොඩි කාලෙ ඉදල හදපු මට මගෙ කොල්ලව අදුරගන්න බැරිද ඒ මගෙ කොල්ලම තමා අනේ වෙඩි කාලා මැරුනනෙ....මේ ඔක්කොම අරකිගෙ මූසලකම..කුසුමා කදුලු පිසිමින් කිව්වා....."

මේ හැමදෙයක්ම ගෙදර ආපු සමාධි අහගෙන....මගෙ ලේලි හරි වාසනාවන්තයි කිව්ව අම්මම තමා අද මේ විදිහට කියන්නෙත්....අනේ මහත්තයො ඉන්න තැනකින් ඉක්මනට එන්නකො...

"ඔය දරුවත් කාගෙද කියලා කවුද දන්නෙ....මට නම් විශ්වාසම නෑ...පුතා ඇවිත් ගියා විතරයි....කොහොමද එක පාරට දරුවෙක් ඉන්නෙ....

"අම්මේ.....
සමාධි මහා හඩින් කෑගැහුවා....සදුනි අතින් පිගානත් බිම වැටුනා....

"ඒපාර මොන යකෙක් වැහිලද...."

"මොනවද අම්මෙ මේ කියන කතා...මම මගෙ පනටත් වඩා මගෙ අභිමන්ට ආදරේ කරනවා....ඉස්සරහටත් ඒ ආදරේ වෙනසක් වෙන්නෙ නෑ...මට මොන දේ කිව්වත් කමක් නෑ හැබැයි මේ ලැබෙන්න ඉන්න අභිමාන්ගෙ දරුවටයි මගෙ ආදරේටයි මොනවත් කියන්න එපා...එහෙම උනොත් ම්න් ඔක්කොමලවම මරාගෙන මැරෙනවා...."

"අනේ මේ උඹේ ඔය කෑගැහිලි වලට මම බය වෙන්නෙ නෑ ඉන්නවනම් ඉදහන් නැත්තන් පළයන්....මට කෑගහන්න ආවා...."

"මොනවද අම්මෙ මේ කියවන්නෙ.......අක්කා පව්....අනේ අක්කෙ ඔයා ඕවා ගනන් ගන්න එපා...එන්න අපි කාමරේට යමු......."

සමාධි මුලු දවසම කලේ අඩපු එක විතරමයි....හවස යාලුවෙකුට කතා කරලා පොඩි කාමරයක් හොයල දෙන්න කිව්වා....මොන්ටිසෝරියක ජොබ් එකක් එක්ක....දවස් 3කින් සමාධි ඒ ගෙදරින් ආවා.....මොන්ටිසෝරියේ උගන්වන ගමන් තනියම ජීවත් වුනා.....මාස ගනන් ගෙවිලා ගියත් අභිමාන් ගැන කිසිම තොර්තුරක් ලැබුනෙ නෑ......දරුවෙක් ලැබෙන්න ඉදගෙනත් තමන්ගෙ සැමියා හොයන්න මහන්සි වෙන සමාධි දිහා ඔෆිසර්ස්ල බැලුවෙත් අනුකම්පාවෙන් ......සමාධි ඉන්නෙ කොහෙද ඒ කිසිම දෙයක් කවුරුත් දැනගෙන හිටියෙ නෑ......සමාධි අමාරුවෙන් ජීවිතේට මුහුණ දුන්නා...හැම දවසකම සමාධි මතක් කලේ අභිමාන්ව විතරයි ......අභිමාන්ගෙ ආදරේ ඒ මතකයන් සමාධිට ජීවත් වෙන්න හයිය දුන්නා...දවසක් මොන්ටිසෝරියෙදි සමාධිට අමාරු උනා.....කට්ටිය එකතු වෙලා සමාධිට උදව් කලත් ලග ඉන්න උවමනාම කෙනා ලග නැති අඩුව කාටවත් පුරවන්න බැරි උනා....

"මේ බලන්න.....ලස්සන දගම දග පුතෙක් ඉන්නවා ඔයාට..."

නර්ස් ඇවිත් කියද්දි සමාධි අමාරුවෙන් බැලුවා....
අනේ ඒ ඇස්මයි,ඒ නහයමයි,ඒ කටමයි,තත්තිව අඹලනෙ මගෙ පුතු....

" සමාධි අමාරුවෙන් හිනා උනා....."

"කොහොමද කෙල්ලේ....ඒ එක්කම ඇතුලට ආපු කසුනි ඇහුවෙ සමාධි දිහා බලලා....අනේ අභිමාන් අයියා වගේමයි කෙල්ලෙ....බෝල ගෙඩියක්...."

"මිස් ඔයා නේද මෙයාගෙ භාරකාරය....."

"නර්ස් ඇහුවෙ කසුනිගෙන්"

"ඔව් ඇයි මිස්..."

"නෑ ඩොක්ටර් පොඩ්ඩක් හම්බෙන්න කොව්වා..."

"බබා හම්බෙන්න ඉන්න කාලෙ වෙහෙස වැඩි නිසා දරුවා ලැබෙද්දි ගොඩක් අමාරු උනා.....තවමත් එයාගෙ ජීවිතේට තියන අවදානම අඩු වෙලා නෑ....පරිස්සමින් ඉන්න...."

"අනේ කරන්න කිසිම දෙයක් නැද්ද ඩොක්ටර් ...."

"අපි පුලුවන් හැමදේම කරනවා.....ඒත් දෙවියෝ සමහර වෙලාවට අමාරු පරීක්ෂණ තියනවා....."

"මම එහෙනම් යන්නම් ඩොක්ටර් .."

"හොදයි ටේක් කෙයාර්...."

කසුනි එහෙමම ආවෙ සමාධි ලගට....

"මාව මැරෙයි නේද කෙල්ලෙ....."

"උඹට පිස්සුද බන්...අභිමාන් අයියා එන දවසට උඹ මේ බෝලෙත් එක්ක ලස්සනට ඉදී.බලහන්කො...๬උඹේ ඇග පොඩ්ඩක් දුර්වලයිලු...ඒකයි...මම ආපහු රෑට කෑම අරන් එන්නම්....පරිස්සමින් ඉන්න...."

"හොදයි....ඉක්මනට වරෙන් හොදේ."

කාසුනි නැගිටල එලියට ගියෙ සමාධිගෙ ඔලුවත් අතගාලමයි...

" සමාධි .....මොකද්ද බබාට දාන නම..."

"අවංක අභිමාන් ගජසිංහ..."

"ගාම්භීර නමක්....නර්ස් හිනා වෙලා කිව්වා....."

"තාත්තගෙ නම...අභිමාන් සදකැන් ගජසිංහ ..."

සමාධි කදුලු අතරින් කිව්වා.......

"ඩොක්ටර් අර පේශන්ට ටිකක් අමාරුයි...."

සමාධි ලග ඉදල ආපු නර්ස් කෙනෙක් කලබලෙන් කිව්වා....

"ඕ මයි ගෝඩ්....ඉක්මන් කරන්න..."

සමාධි හුස්ම ගත්තෙ ගොඩක් අමාරුවෙන්....ඔක්සිජන් දුන්නත් තත්වෙ පාලනය කරන්න අමාරු උනා........අනේ සුදු මහත්තයෝ.....සමාධි අමාරුවෙන් කිව්ව....ඒ එක්කම සමාධිට සිහිය නැති උනා.....එයාව ඇඩ්මිට් කරපු අර ගර්ල්ට කියන්න නර්ස්...

මාස ගානක් ගෙවුනා.....සමාධි තවමත් කෝම එකක.....චූටි පුතා අභිමාන්,කසුනි ලග....මදුක නිතර ඇවිත් යනව.....අභිමාන්ගෙ නන්ගිත් සමාධි ගැන බලනවා.....මාස 4ක් ගත වුනා....සමාධි තවමත් රෝහලේ.....කසුනිට මදුක කතාකරන්නෙ හොස්පිටල් එකට යන්න ලෑස්ති වෙලා ඉද්දි

"නන්ගි අපේ කොල්ලා ඉන්නවලු නන්ගි....අපේ කොල්ලා ඉන්නවලු.......කොටි හිර කරගෙන ඉදලා නන්ගි.බේරගෙන තියෙන්නෙ ඊයෙ පාන්දර....අද තමා කෑම්ප් එකට ගෙන්නේ... මට සතුට කියාගන්න බෑ නන්ගි"

"අනේ අපේ කෙල්ල කිව්වා අයියෙ එයාගෙ මහත්තයා ඉන්නවමයි කියලා..පුදුමයි එහෙම කිව්වෙ කොහොමද කියලා..

"එහෙම තමා නන්ගි ආදරේ...ඒ ආදරේ ඇත්ත නම් දෙන්නවම රැකෙනව....ඒක නෙවේ නන්ගි ප්රශ්නෙ...මේ කෙල්ලට උන දේ කොහොමද මූට කියන්නෙ...මේක පපුව පැලිලා මැරෙයි...."

"අයියා හිමින් කියන්න. ..මේ විස්තරේම නොකියා පොඩ්ඩක් අසනීපයි කියන්න...."

"හරි අපි හෙට උදේ එනව කොළඹ .."

"හරි අයියෙ.....බුදු සරණයි .."

කසුනි පුතාවත් අන්දගෙන උදේම හොස්පිටල් එකට ගියා...

මේ අවස්තාවට මූන දෙන විදිහක් ගැන මදුකටවත් කසුනිටවත් හිතගන්නවත් බැරි උනා.....තව පැය දෙකකින් අභිමාන් මේ හොස්පිටල් එකට එයි.....

අභිමාන් අයියගෙ අම්මලට කියනවද.....හරි නම් කියන්න වටින්නෙ නෑ....පුතා මැරුනා කියලා දානෙ දීල ලේලිව පන්නගත්ත මිනිස්සුනෙ.....කසුනි තනියම හිතුව....අයියා ආවට පස්සෙම කියනවා....

අභිමාන් මගෙ යාලුවෙක් ඉන්නවා බන් හොස්පිටල් එකේ...ටිකකට ගිහින් යමුද බන්...විනාඩි පහයි...."

ඊයෙ රෑ අභිමාන්ව ශේප් කලේ සමාධිව පුදුම කරමු කියලයි...අද මෙ වෙලාවට කොහොම මූන දෙයිද.....

"හරි මචන් විනාඩි පහයි....මගෙ ගෑනි බලන්න ඕනෙ බන්..දැන් මගෙ පුතා ලොකු ඇතිනේද බන්..."

අභිමාන් කියෙව්වෙ ආසාවෙන්.....

"හම්....උඹ වගේමයි ..."

"වරෙන් මේ රූම් එකේ...."

මදුක අභිමාන් එක්කම රූම් එකට ආවා....කසුනි දරුවත් එක්ක ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා ...

"සුදු නන්ගි.."

සමාධිගෙ සුදුමැලි මූන දැකපු අභිමාන්ට ඉබේම කෑගැහුනා.....

"අනේ මේ මොකද බන්...කත කරපන්කො...මගෙ කෙල්ලට මොකද උනේ....කත කරපන් මදුක මොකද උනේ...."

සමාධිව පපුවට තුරුල් කරන් අභිමාන් කෑගගහ ඇඩුවා...

"අනේ මොකද්ද මැණින මේ උනේ...කතා කරන්නකො මගෙ මෑණික....අනේ නැගිටින්න පන...නැගිටින්නකො .මට එන්න බැරි උනාට මට මේ තරම් දඩුවමක් දෙන්න එපා මගෙ රත්තරන්....දැන් නැගිටින්න.ඔයාගෙ සුදු මහත්තය ඇවිත් ඉන්නෙ...අනේ නැගිටින්නකො...."

මේ හැඩුම් වාවගන්න බැරි තැන කසුනි දරුවවත් අරන් එලියට ගියා....ගිහින් අභිමාන්ගෙ අම්මට කෝල් එකක් ගත්තා....අරන් අභිමාන් ආපු බව කිව්වා....

"මට කියපන් මදුක මේ මොකද්ද උනේ කියලා....කෝ අපේ අම්මලා...කෝ අපේ පුතා....ඇයි එයාලා මෙතන නැත්තෙ...කතා කරපන් මදුක"

මදුක හැමදේම අභිමාන්ට පැහැදිලි කලා....

"නන්ගි පිලිගත්තෙම නෑ බන් උඹ මැරුනා කියලා..එයා කිව්වෙම එයාගෙ මහත්තය ඉන්නවා කියලා....පුතා ලැබෙන්න ඉන්න කාලෙ හැම හොස්පිටල් එකක් ගානෙම උබව හෙව්ව....හරියට කෑමක් නෑ....විවේකයක් නෑ...ඒ නසයිි මෙහෙම උනේ...උඹලගෙ අම්මලත් හරි වැරදි අභිමාන් ....ඒ කරපු වෙනස්කම් ඉවසන්න බැරුවයි සමාධි ගෙදරින් ආවෙ...පොඩි කාමර කෑල්ලක කෙල්ල දුක් වින්දා..මම කසුනි පුලුවන් හැමදේම කලා...මේ දැන් මෙතන හිටියෙ කාසුනි...එයා අතේ හිටියෙ උඹේ පුතා තමා බන්......සමාධි මොන්ටිසෝරියක ඉගැන්නුව....උබව හොයන්න නොගිය තැනක් නෑ නොගිය දේවාලයක් පන්සලක් නෑ... ඒ තරම් දුර්වල නිසා පුතා ලැබෙද්දි අමාරු උනා...අම්මා ..."

"මගෙ පුතේ. .."

මදුකට කියලා ඉවර කරන්න ලැබුනෙ නෑ කුසුමයි සදුනි දෙන්නම රූම් එකට ආවා....

"කොහෙද අම්මෙ ඉන්නෙ පුතෙක්....ආ...පුතා මැරිලා පාංසකූලෙ දුන්නෙ...හත් දවසෙ දානෙ එහෙමත් දීලා තියෙන්නෙ...ඒ ඔක්කොම කමක් නෑ...ඇයි අම්මෙ මගෙ කෙල්ලට මෙහෙම කලේ...."

අභිමාන් කෑ ගගහා ඇඩුවා.....

"අනේ පුතේ...."

"මුකුත් කත කරන්න එපා අම්මෙ....මුකුත්ම එපා....මම නෑ කියලා හිතාගන්න..මගෙ කෙල්ල හොද උන දවසට මම එන්නම්...එතකල් මාව බලන්න එන්න එපා...මට ඒ ගෙදරත් එපා....මගෙ දරුවව බඩේ තියන් මගෙ කෙල්ල අර පොඩි කාමර කෑල්ලක දුක් විදිද්දි අම්මලට පුතාව මතක උනේ නැද්ද.....මම එන්නෙ නෑ අම්මලා යන්න..."

"ඇන්ටිලා දැන් යන්නකො...පස්සෙ කතා කරමු..."

මදුක හැමෝමවම යැව්වා....කසුනි දරුවව ගෙනත් අභිමාන්ගෙ අතට දුන්නා....

"මොකද්ද නන්ගි මගෙ කොල්ලගෙ නම..."

"අවංක අභිමාන් ගජසිංහ "

"ඔයාලට පින් නන්ගි මගෙ කෙල්ලවයි මගෙ කොල්ලවයි බලාගත්තට..."

"අපි යමු නන්ගි එලියට..."

මදුක කසුනිවත් එක්කගෙම එලියට ආවා....

"මට සමාවෙන්න මැණික....මට ඔයා ලග ඉන්න බැරි උනා...මෙහෙම දුක් විදින්නෙ මම නිසයි ඔයා...මම ආයෙ කවදාවත් දාලා යන්නෙ නෑ...ලගම ඉන්නවා...ඉක්මනට නැගිටින්න....ඔයාගෙ සුදු මහත්තයා ආවා....අපිට කොච්චර හීන තිබ්බද...ඒවා හැබෑ කරගන්නෙ කොහොමද මගෙ සුදු නන්ගි නැතුව.....ඉක්මනට ඇහැරෙන්න මැණික දැන් ඇති දොයියගත්තා....ඔයා නැතුව මට ඉන්න බෑ අනෙ නැගිටින්න මැණික...."

අභිමාන් සමාධිවත් පුතාවත් තුරුල් කරන් හඩා වැටුනා....සමාධිට හොද වෙයිද දන්නෙ නෑ...ඒත් එයාට පන වගේ ආදරේ කරන එයාගෙ සුදු මහත්තය එයා ලගම ඉන්නවා....

-------------------නිමි-----------------------
උපුටා ගැනීමක්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment