::::::::::::::පර වුණ මල් කැකුළ:::::::::::::::
අරුණි මධුකා සුලෝචනි අවුරුදු 19ක තරුණියක් වු අතර ඇය ලස්සන රූ සපුවකින් හෙබි වුනා.ඇය උසස් පෙල විභාගයට පෙනි සිටින්නට නියමිතව තිබුනා.ඇයට සිටියේ එකම එක සහෝදරයෙක් විතරයි.ඔහු නමින් නිසල් මධක සුලෝචන.ඔහු නිති විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අතර ඔවුන්ගේ පියා ඔවුන් අතැර ගියේ නිසල්ගේ උසස් පෙල විභාගයට මසක් තිබියදි.මව වුනේ නන්දනි.ඇය ඇඟලුම් කමහලක සේවය කලේ දරු දෙදෙනාව උස් මහත් කරලා හදා ගන්නයි.
එදා අලුයම 01 පහු වෙලා තිබුනා.නන්දනි සිටියේ මල ගෙදර.නන්දනි හිටියේ මලගෙදර උයන පිහන වැඩ වලට උදව් කරමින්.අරුණි මල ගෙදරට ආවේ හවස විතරයි.ඒ ඇයට පාඩම් කරන්න තියෙන නිසා ඇය රැ ගෙදරට වෙලා පාඩම් කලා.ඇයට රැ වුනත් ගෙදර ඉන්න බයක් නොතිබුනේ මලගෙදරට යන එන කට්ටිය සිටි නිසා.ඇය නිවසේ තනියම නිසා ඇය ගෙදර එන්න සැරසුණා.
"සමා අක්කේ මං ගෙදර දිහාවට ගිහින් එන්නම්.කෙලි විතරයි ඇත්තෙ ගෙදර" නන්දනි සාමාට කියලා ගෙදර පැත්තට ආවා.ගෙදර තවමත් ලයිට් දාලා තිබුණා.
ඇයි තවමත් ලයිට් දාලා කෙල්ල බයේ වෙන්න ඇති.එහෙම හිතලා පිටුපස දොරට තට්ටු කරන්න දොරට අත තිබ්බා.දොර ඉබේටම ඇරුන නිසා නන්දනිගේ හිත ගැස්සුනා.
"චුට්ටි..චුට්ටි.."ඇය කෑ ගසමින් අරුණි සොයා ගියා.
"දෙයියනේ...චුට්ටියෝ.... අනේ මගේ කෙල්ල.."නන්දනි ඔලුව බදාගෙන බිම වාඩි වුනේ ඇයගේ ඇස් අදහාගන්න බැරි වුනා දුටු දෙයින්.මලගෙදර ඉඳපු හැමෝම ආවේ නන්දනිගේ කෑ ගැහිල්ලට.
දූෂණය කර අරුණි සාහසික ලෙස ඇඳ උඩ මරා දමා තිබුනා.ඇයගේ ඇගේ නූල් පොටක් තිබුනේ නැ.කිසිම අයෙක්ට මෙය අදහා ගන්නට බැරි වුනා.තමන්ගේ ඇස් දෙක තමන්ට නැති වුනා වගේ නන්දනිට දැනුනා.අරුණි සිටි අයුරින්ම ඇයගේ ඇඟට උඩින් සුදු රෙද්දෙන් වැහුවේ පොලිසිය එනකම් එහෙම තියන්න බැරි නිසා.අරුණිගේ අත් දෙක ඇඳේ ගැට ගසා තිබුනා.ඒ වගේම ඇයගේම ඇඳුමක් කටේ ඔබා තිබුනා.සාහසිකයා දරුණු විදියටම වද දිලා මරලා දාලා තිබුනේ සාක්ෂියක්වත් තබා ගිහින් තිබුනේ නැ.
"නංගි පොලිසියෙන් එනවා.අපි යමු එලියට" පනක් නැතිව ඉන්න නන්දනිව ඇඟට වාත්තු කරන් සාමා කාමරෙන් එලියට ආවා.
පොලිස් නිළධාරින් හැමදේම පරීක්ෂා කලා.ඒ හැමදේකින්ම සාක්ෂි හොයා ගන්න බැරි වුනා.
"සර් මේ ගර්ල් ඇඳේම දඟලලා තියෙනවා.ඇඳේ රෙද්දෙන් ඉව අල්ලලා අපිට රෝමිව ඒ පස්සෙන් යවන්න පුළුවන් වෙයි"එක් නිළධාරියෙක් කිව්වා.
"මිස් ආපු කෙනා ඇවිත් තියෙන්නෙ පිටිපස්සෙ දොරෙන්ද"නිළධාරියෙක් නන්දනිගෙන් විමසුවා.
"ඔව් සර්" රස පරීක්ෂක නිළධාරියෙක් විසින් එය පරීක්ෂා කරන අතරේ නන්දනිගෙන් ප්‍රශ්න කිරිම් කිරිම කලේ ප්‍රධාන නිලධාරියා වුනු මිස්ටර් අත්තනායක මහතා.හැම පරීක්ෂණයක්ම කර අවසන් කලා.රෝමි වුනත් ඇඳේ රෙද්ද ඉව කරලා ගිහින් මලගෙදර මිදුලේ වාඩි වුනා.එම නිසා මලගෙදර ගැන ඔවුන්ට සැක හිතුනා.
අරුණිගේ නිසල දේහය සියලු පරීක්ෂණ පවත්වා සිය නිවැසියන්ට නිසල දේහය භාර දුන්නෙ නිසල්ගේ ඉල්ලීමට.
"අම්මේ මං මගේ නංගි වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කරනවා.අැත්තමයි අම්මේ.මං මගේ නංගිට මේ දේ කරපු එකාව මරණ මංචකේට යවනවාමයි"ඔහු අම්මව තුරුළු කර ගෙන කිව්වා.ඔහුගේ ඇස් වලින්ද හැමෝම ඒ ඔහු තුල තිබුන අධිෂ්ඨානය දැක්කා.
"පව් කෙල්ල.හෙන ගහනවා දයෝ මේක කරපු එකාට"
"ඒක නම් ඇත්ත සාමා අක්කේ.අහිංසක කෙල්ල" හැමෝම කිව්වේ ඒ වචන ටික විතරයි.
අරුණිගේ වියෝවෙන් නන්දනි හිටියේ පිස්සියක් වගේ.නිසල්ගේ ඉල්ලිම මත පොලිසියේ නිළධාරින් කිහිප දෙනෙක් සිවිල් පිට මලගෙදර වැඩ වලට උදව් කර ගත්තා.ඒ ගමේ මල ගෙදරට එන සැම අතරේ සැක හිතෙන අයෙක් වෙතොත් සොයා ගන්න පුළුවන් නිසාම ඔහු එලෙස කලා. නිසල් නංගිගේ දේහයේ අවසන් කටයුතු සිදු කලේ ඇයට පොරොන්දුවක්ද දෙමින්.ඒ 'ඇයට මේ අපරාධය කල අයට නිසි දඬුවම් ලබා දෙන බව පවසමින්' ඔහු වලට පස් පිඬ දැම්මා.මලගෙදර වැඩ ටික කෙරුනා.
දින කිහිපයක් යනකම් තම පුතු වැඩට නොයාම නන්දනිට ප්‍රශ්නයක් වුනා.
"පුතා වැඩ වලට යන්නෙ නැද්ද" අම්මා තේ එක හදන් ඇවිත් නිසල්ට දෙන ගමන් ඇහුවා.
"අම්මේ මගේ ඉගෙන ගන්න වැඩ ටික මං ගෙදර ඉඳන්ම කරන්න මං තීරණයක් අරන් තියෙන්නෙ.මට බෑ අම්මව තනියම දාලා යන්න.මං නංගිගේ මරණයට සැක එකාව කොහොම හරි හොයා ගන්න ඕන.අම්මේ අම්මට එහෙම කවුරුවත් සැක නැද්ද" නිසල් එක පාරටම නන්දනිගෙන් ඇහුවා.
නන්දනි කල්පනාවට වැටුනේ සිදු වුන දේවල් සිහි කරමින්."පුතේ ලොකු අයියා දැක්කෙම නැනේ" නන්දනිට යමක් මතක් වෙලා ඇහුවා.
"මල ගෙදර හිටියා අම්මෙ.මිනිහටත් හරි අවුල්.මං දැක්කා ඉඳපු විදියට එහෙම කියලා"ඇයට කිව්වා.
"මට ලොකු පුතාව හම්බෙන්න ඕන" නන්දනි එක පාරටම නිසල් තනි කරලා ගේ ඇතුලට ගියේ ඔහු කිසිවක් අසන්නටත් පෙරයි.
ඇයි අම්මා එක පාරටම ලොකු අයියා මතක් කරේ.මොකක් හරි හේතුවක් ඇති.ඒත් එක්කම නන්දනි ඇඳුම මාරු කරන් එළියට ආවා.
"මං නැන්දලහට ගිහින් එන්නම් පුතේ.උඹ ඉඳපන්"නන්දනි එළියට බැස්සේ එපමණක් කියා.නිසල් ප්‍රශ්න ගානක පැටිලිලා වගේ කල්පනා කරමින් හිටියා.
නිසල් තමා ඉගෙන ගත්තු දෙයින් අධ්‍යයනය කලේ නංගිගේ මරණයේ අභිරහස සෙවීමටයි.ඔහු පොත් පත් වලින් ගත් දැනුම පමණක් නොව අත්දැකීම්වලින් ගත් දැනුමද පරීක්ෂා කරන්න තීරනේ කලා.
"අම්මා ඇයි ලොකු අයියා හොයන් ගියේ" පැය දෙකකට විතර පසුව පැමිණි අම්මාගෙන් ඔහු ඇහුවා.
"පුතේ නංගි නැති වුන දවසේ රැ ලොකු අයියා මල ගෙදරදි මගෙන් ඇහුවා ගෙදර යන්න බැ කියලා අපෙහා ඇවිත් නිදා ගන්නද කියලා.ඒත් මං කිව්වා නංගි විතරයි ඇත්තේ හි පලයන් කියලා"ඇය කියවන් ගියා.
"එතකොට අයියා අැවිත්ද මෙහේ"
"නැ පුතේ චමිල කතා කරාලු කඩේට යන්න.එයා එක්ක ගියා කියලා කිව්වා.එදා එයාවත් ගෙදර හිටියා නම් මගේ කෙල්ලට මේක වෙන්නෙ නැ"නන්දනි කියද්දි ඇගේ ඇස් වලින් කඳුළු කඩා වැටුනා.නන්දනිව තේරුම් ගන්න ඔහුට පුළුවන් වුනා.ඒ නිසා ඇයට ඉන්න දිලා ඔහු කාමරේට ගියා.
අම්මා මොන දේ කිව්වත් දැනට සැකේ එල්ල වෙන්නෙ ලොකු අයියට.පවුලේ එකා නිසා එක පාරටම මොනවත් කරන්න බැරි නිසා ඔහු ඒ.සි.පි.මිස්ටර් අත්තනායකට කතා කරන්න තිරනේ කලා.ඔහුට කොල් එකක් දුන් නිසල් තම නිවසට හැමදේම රැගෙන පැමිණෙන ලෙස පැවසුවා.
"කෝ හැමදේම අරන් ආවද"නිසල් ඇහුවේ ඔහුගෙන් ඇහුවා.
"ඔව් සර්" එහෙම කියලා ඔහු ෆයිල් එක නිසල් අතට දුන්නා.
"මේ පරීක්ෂණ හරි ඉක්මනින් ඉවරයක් දකින්න ඕන.ඔයා ඔහොම ඉන්න" එහෙම කියලා නිසල් දොර ළඟට ගිහින් එබිලා බැලුවේ අම්මා පෙනෙන්නට ඉන්නවද කියලා.එහෙම්ම දොර වහලා ඔහු නැවතත් තම අසුන මතින් වාඩි වුනා.
"ඇයි සර්" ඔහු නිසල්ගෙන් විමසුවේ ඔහුගේ වෙනස දුටු නිසා.
"මේකයි.අපේ ලොකු තාත්තාගේ ලොකු පුතා ගැන මට සැකයි.එයා එදා රැ මෙහේ එන බවක් අපෙ අම්මට කියලා තියෙනවා.ඒත් අද අම්මා එහේ ගියාම අම්මට අයියා කියලා තියෙනවා මෙහේ එන්න බැරි වුනා කියලා"නිසල් කියපුවා සූක්ෂමව අහන් හිටපු ඔහු කරන්න ඕන දේ ගැනත් කල්පනා කලා.
"අපිට හරියටම සාක්ෂි නැතුව මේ කෙනාව ඇරෙක්ස් කරන්න බැහැනේ ඒ නිසා අපි CID එකේ උදව්ව ගමු මේකට" ඔහුගේ වචනෙට නිසල් එකඟ වුනා.කරන්න ඕන දේවල් කතා කර ගත් ඔහු පිටව ගියා.
කාටත් රහසින් නිසල් හැමදේම සොයා බැලුවා.ඒ බව නන්දනිවත් දැන ගෙන හිටියේ නැ.
✔️✔️✔️මාස 02කට පසු...
"අම්මා ඇයි මේ කල්පනා කරන්නෙ" නිසල් අම්මා ලඟින් වාඩි වුනා.
"මට තාමත් හීනයක් වගේ පුතා.මේ වුන දේවල්.මට තාමත් හැමතැනම පේන්නෙ නංගිව" නන්දනිගේ ඇස් වලින් කඳුළු වැටුනා."මොනවා කාට කලත් පුතා චුට්ටි ආයිමත් එන්නෙත් නැනෙ පුතා"
"එහෙම කියලා ඒ තිරිසනාට යහතින් ඉන්න දුන්නම උ තව ඒ වගේම කෙල්ලෙක් විනාස කරාවි.එතකොට අම්මා වගේම තව අම්මා කෙනෙක් දුක් විඳිනවා නේද අම්මේ.ඇති අම්මෙ.අම්මත් ඔහොම ඉද්දි මට කිසිම දෙයක් කරන්න හිතක් නැහැනේ"ඔහු එහෙම කියලා ඉඳගෙන ඉඳපු පුටුවෙන් නැගිට්ටේ තමාගේ ඔෆිස් කාමරේට යන්න.එතකොටම වාහනයක් ඇවිත් නතර කල නිසා නන්දනිත් නිසලුත් ඉස්සරහට ආවා.
"සර් සර්ගේ කතාව හරි.අන්න මිනිමැරීම කරපු කෙනා ජිප් එකේ එන්නවා"ජිප් එකෙන් බැහැලා ආවේ මිස්ටර් අත්තනායක මහතා නිසා නිසල් දැන ගත්තා කෙනාව හොයන් ආවා කියලා.දෙදෙනාම ආවේ මිනිමරුවා දැක ගන්න.
"දෙයියනේ ලොකු පුතේ උඹ" නන්දනි හැරුන ගමන් ලක්මාල්ගේ කම්මුලට පහරක් එල්ල කලා.ඒත් වෙනත් නිළධාරියෙක් ඇයව පැත්තකට කලා.
"එදා රෝමිත් කැරකිලා ඉව දැනුන ගමන් මලගෙදර ගිහින් එහේම බිම වාඩි වුනේ එදා මෙයා මෙහේ ඝාතනය කරලා නැවත මල ගෙදර ගිහින් ඉඳලා ගිහින් තියෙනවා කඩේ ලඟට" ඇසින් දුටු විදියට ඔහු කියද්දී නන්දනි කඳුළු සලපු එක විතරයි කලේ.
"හරි දැන් මුව අරන් ගිහින් ඇත්ත ගන්න.මට ටේප් රෙකෝඩරය එවන්න හොඳද"නිසල් ඔහුට කිව්වා.
වාහනය යන්න ගියා.ඒත් නන්දනි තවමත් ඉකිබිඳි.
"පුතේ මං විස්වාස කරා ලොකු පුතාව.ඇයි මෙච්චර ගින්දරක්"ඇය කියෙව්වා.
"අම්මා උව විස්වාස කලාට මං විස්වාස කලේ නැ අම්මේ.ඒ නිසා තමයි අද ඔකව අල්ලල ගන්න පහසු වුනේ"ඔහු එහෙම කියද්දී ඇය දිග සුසුමක් පිට කලා.
අම්මට තනියම ඉන්න ඉඩ දිලා ඔහු ගියේ කාමරේට.කවදාවත් නොහිතපු තමන්ගේම කෙනෙක් මෙලෙස කිරිම අදහා ගන්න බැරි වුනා.නන්දනි කල්පනා කර කර උයන්න ගත්තා.ඇයට සිහි වුනා ලක්මාල්ව වඩාගෙන නලවපු හැටි.
"පුතා කන්න එන්න.කෑම ලැස්තියි"ඇය පුතාට කතා කලේ හවස් වී ගෙන එන නිසා.නන්දනිත් නිසලුත් වාඩි වි එකටම කෑම කෑවා.කිසිදු කතාවක් දෙදෙනා අතර නොවු නිසා නිසල් ඉක්මනින් කා කාමරේට ආවේ වැඩ ටික ඉවරයක් කර ගන්න ඕන නිසා.
වාහනයක් ඇවිත් මිදුලේ නතර කල සද්දෙට නන්දනිද එලියට ආවා.
"සර් ඉන්නවද මිස්"මැදි වියේ නිළධාරියකු ඇහුවා.
"රූමි එකේ ඇති.මොකක් හරි ප්‍රශ්නයක්ද පුතා" ඇය ඇහුවෙ බයක් ඇති වුන නිසා.
"නැ නැ ටේප් රෙකෝඩරය අරන් ආවා.ඒකයි" නන්දනි සිනහවක් පා ඔහුද සමඟ නිසල්ගේ කාමරේට ගියා.
"සර් මේක ගෙනැවා" ඔහු රෙකෝඩරය පෙන්නුවා.
"වැඩේ ඉක්මනින් කෙරිලනේ.දෙන්නකෝ.අම්මා ඔතනින් වාඩි වෙන්නකෝ.ඔයත් වාඩි වෙන්න"නිසල් එහෙම කියලා ටේප් රෙකෝඩරය ක්‍රියාත්මක කලා.
තමුන් අරුණිගේ කවුද
'මම ලක්මාල්.අරුණිගේ මස්සිනා'
එදා මොකද වුනේ.ඇයි ඒ විදියට ඒ කෙල්ලව මැරුවෙ
'මං මැරුවෙ නැ.එයාගේ හුස්ම හිරවෙලා මැරුනේ'
හරි හරි එදා මොකද වුනේ කියනවා.
'මං අරුණිට ගොඩක් ආදරේ කලා.ඒත් එයා මට කැමති වුනේ නැ එයාට ඉගෙන ගන්න ඕන කියලා.මං කිව්වා ඉගෙන ගන්න එකට බාධාවක් වෙන්නෙ නැ කියලත්.ඒත් එයා කැමති වුනේ නැ.එදා මලගෙදරදි රැ11ට විතර මං නැන්දගෙන් ඇහුවා මං එහේ ගෙදර යන්නද කියලා.නැන්දා කිව්වා යන්න නංගී ඇති කියලා'ඔහු මදක් නිශ්ශබ්ද වුනා.නිසල් බැලුවේ අම්මාගේ මුහුණ දිහා.
'මං එහෙට ආවා.නංගීට කතා කලා.නංගී බයේ දොර ඇරියේ නැ.මං දොර කැඩුවා.මං නංගිගේ කාමරේට යද්දි නංගි ඇඳේ කොනක ගුලි වෙලා හිටියා අඬ අඬ.මට ඕන වුනේ නංගී මගේ කර ගන්න විතරයි.මරන්න හිනෙකින්වත් හිතුවෙ නැ'
ඉතින් ඉතින්
'නංගි දඟලන නිසා අත්දෙක ඇඳේ ගැට ගැහුවා.කැ ගහන එක නවත්තන්න ඇඳුමක් කටේ එබුවා'
ලැජ්ජාවක් නැ ඕයි උඹලට තමන්ගේ අම්මත් ගැහැනියක් නේද කියලා නිලධාරියා ලක්මාල්ට කනට ගහන සද්දයක් ඇහුනා.
'මට ඕන උනේ නංගී මගේ කර ගන්න විතරයි.එයා වෙන කෙනෙක්ගෙ වෙයි කියලා බය හිතුනා'
සුරංගනා කතා කියවන එක නවත්තපන්.එතකොට නැන්දා ආවම මොකක්ද කිව්වේ තමුන්
'නැන්දා ආවා මාව හොයන්.මං බය වුනා.ඒත් නැන්දා ඇහුවෙ රැ අපෙහා ගියාද කියලා.ඒත් මං කිව්වා මං ගියෙ නැ මං චමිල එක්ක කඩේ ලඟට ගියා කියලා.මං එදා එහේ ගියා නම් එහෙම දෙයක් වෙන එකකුත් නැ කිව්වා.එතකොට චමිල මෙහේ හිටියෙ නැති නිසාම එහෙම කිව්වා'රෙකෝඩරය විසන්ධි වුනා.නන්දනි ඇස් වල කඳුළු පුරවගෙන අරමුණක් නැතුව බලන් ඉන්නවා.
"හරි මිස්ටර් මදුක.මං මේ නඩුවට කතා කරනවා මගේ නංගී වෙනුවෙන්.ඔයා දැන් යන්න"නිළධාරියා පිට වුනා.
"අම්මා දැන් ඇති.මං ඉන්නවනේ ඒ නිසා හිත හදා ගන්න.මං ලොකු අයියා මහවලුගෙදරට යවනවා ජිවිතාන්තය දක්වා"ඔහු අධිෂ්ඨානශීලී ලෙස කිව්වා.
නිසල් නංගී වෙනුවෙන් සාධාරණ කරන්න නඩුවට කතා කරන්න එකතු වුනා.ඒ පර වුන මල් කැකුළ වෙනුවෙන් මොනවා කලත් ඇය නැවත ඔවුන් අතරට නොඑනු ඇත.
:::::::::::::::::::::::::::නිමි:::::::::::::::::::::::::
ලියන්නේ ෴දෝණි෴
උපුටා ගැනීමකි
No comments:
Post a Comment