අත් නොහැරිමම ජයකි
(72 වෙනි කෙටිකතාව )
මොකද ඔය කරන්නේ... කියන දේ තේරෙන්නේ නැද්ද?
ඕවා කරන්න පුළුවන් වැඩ නෙමේ...
ආයේ ඕක ගැන කතා කරන්න එපා..
එත් තාත්තා....
කිවා නේද?
ආයේ ඔය ගැන කතා කරන්න එපා කියලා...
එත් පුතාලාගේ තාත්තා...
ඒක....
රමණි...
මම ඔයාටත් එක්ක කියන්නේ...
ආයේ මේ ගෙදර ඇතුලේ ඔය දේ ගැන කතා කරන්න බෑ
තාත්තා.... (එහෙමත් නැතිනම් මිස්ටර් පරාක්‍රම වනිගසිංහ )
මට...
දැන් මම අම්මා එක්ක කතා කලේ..
තමුන් එක්ක කතා කරලා ඉවරයි
කියන දේ අහලා
තමන්ට ගැලපෙන වැඩක් කරගන්නවා...
අම්මාත් එක්ක උයන්න ඉගන ගන්නවා.
ලමයි බලාගන්න හැටි.. ඒ දේවල් ඉගන ගන්නවා.
--------------------------------------------------
අම්මා.....
ඒ කියන්නේ කවදාවත් මට ඉගෙන ගෙන..
දුවේ.... තාත්තා කියපු දේ ඇහුනා නේද?
අපිට තාත්තාට ඉහලින් යන්න බැහැනේ..
හැමදේම තීරණය කරන්නේ ...... තාත්තා නේ..
මොකද අම්මා. මොකද එහෙම
ඇයි මොකද වෙන්නේ කෙල්ලෙක් ඉගන ගත්තාහම.
අනිත් කෙල්ලන්ට ඉගන ගන්න පුලුවන්නම් ඇයි මට ඉගන ගන්න බැරි
ඇයි මට හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් කරන්න බැරි.
තාත්තා කිවොත් කීවානේ දුවේ..
ඉගන ගන්න දේවල් සල්ලි හොයන දේවල් පිරිමින්ට විතරක්
අයිති කියලා තාත්තා හිතන්නේ
මට එක වෙනස් කරන්න බෑ දුවේ..
මම අසරණයි..
ඔහොම හිතනකන් කවදාවත් එක වෙනස් කරන්න බැ අම්මා
එකට අපි වැඩ කරන්න ඕනා..
අම්මා මට ඉගන ගන්න ඕනා
මට බෑ කවදාවත් මෙහෙම ඔයා වගේ ජිවිතයක් විදින්න
ගෙදරට හිර වෙලා..
ගෙදර කෑම හදන ළමයි බලා ගන්න වැඩේ විතරක් කරන්න.
මට එහෙම ඕනා නෑ මට ඕනා ඉගෙන ගෙන හොද තැනකට
එන්න.. අනේ අම්මා මට උදව් කරන්න එහෙම කරන්න
මොනවද දැන් මට කරන්න කියන්නේ.
මොනෙවත් එහෙම කරන්න දෙයක් තියනවාද ?
ඔව්... මට ගෙදරින් යන්න ඉඩ දෙන්න..
කොහොමහරි මම ඉගන ගන්නම්.
මම දන්නවා මට ඉගන ගන්න පුළුවන් කියලා
අනේ අම්මා...
උබට උදව් කරන්න ගිහින් මට වෙන්නේ මටත් මේ ගෙදරින් යන්න
මොකක්ද අම්මා.. මේ ජිවිතේ...
කිසිම නිදහසක් නෑ මොනවත් කරන්න.
හැම එකටම පිරිමියන්ගෙන් අවසර ගන්න ඕනාද?
මට එහෙම ඉන්න ඕනා නැ..
--------------------------------------------------
ජිවිතේ අවුරුදු 5-6 ක් ගෙදරින් ඈත් වෙලා උන්නා උනත් තාත්තා මාව හොයන්නවත් උත්සහ කරලා තිබ්බේ නෑ
මැරුණා කියලා හිතලා ආගමික වතාවත් කරලත් තිබුනා
ගෙදරින් ගිය එකා කොහොමත් ඕනේ නෑ වගේම ගෑනු කියන්නේ ඉගන ගන්න ඕනේ නැති
ගෙදර වැඩ විතරක් දැන ගෙන ඉන්න ඕනා කරන කිසිම දෙයක් පිරිමියාට ඉහලින් කරන්න බැරි
හිරකාරයෙක් වගේ ඉන්න ඕනි කියලා විතරයි හිතුවේ.
අම්මා මම වෙනුවෙන් ලොකු කැප කිරීම් කළා. ඉගන ගන්න පුළුවන් උපරිමයෙන් තාත්තාට හොරෙන්
පුළු පුලුවන් විදිහට සල්ලි එව්වා උනත්. මටත් ඉගන ගන්න පොඩි පොඩි රස්සා ටිකක් කරන්න සිද්ද උනා
අද මම ගත්ත තීරණය වැරදි නෑ කියන්න පුළුවන් තැනක ඉන්නවා..
ජිවිතේ මම අද දිනලා නම් එකට හේතුව මගේ අම්මා. මට මගේ ජිවිතේ දිනන්න උදව් කරපු හින්දා..
--------------------------------------------------
ඩොක්ටර් මොනවා හරි කරන්න...
මහත්තයාට ගොඩාක් අමාරුයි..
අපි පුළුවන් උපරිමය කරනවා මිස් රමණි..
එත් මේක මේකට ඔපරේෂන් එකක් කරන්නම වෙනවා.
අපිට එක කරන්න පුලුවන්ද කියලා විශ්වාස නෑ
මොනවද ඩොක්ටර් අපි කරන්න ඕනා.
සල්ලි කොයි තරම් ගියත් කමක් නෑ
මාව සනීප කරලා දෙන්න.
සල්ලි වලින් අඩුවක් නෑ
එහෙම ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ
මිස්ටර් පරාක්‍රම වනිගසිංහ.
මේ ඔපරේෂන් එක කරන්න ලංකාවෙන්ම ඉන්නේ එකම එක ඩොක්ටර් කෙනෙක් විතරයි
අපිට පුළුවන් වෙයිද දන්නේ නෑ එයාව මෙහෙට ගෙන්න ගන්න
මොකද ඒ තරමටම ඩොක්ටර් කාර්ය බහුලයි.
අනේ අපි ඇති වෙන්න සල්ලි දෙන්නම්. ඒ ඩොක්ටර් ව ගෙන්න ගන්නකො
වැදලා කියන්නම්...
එක තමා ලොකුම අවුල..
මොකද ඩොක්ටර් සල්ලි වලට වැඩ කරන කෙනෙක් නෙමේ.
ඩොක්ටර් වත්සුණු වනිගසිංග..
සල්ලි වලට වැඩ කරන්නේ නෑ.
ඒ හින්දාම ගොඩක් කාර්යබහුලයි
මොකක්ද ඩොක්ටර් ගේ නම කිවේ..
වත්සුණු...
වත්සුණු වනිගසිංහ..
පරාක්‍රම වනිගසිංහ නේද එතකොට ඔයත්..
නෑයෝ ද?
අනේ රමණි.. මේ කියන්නේ අපේ දුව ගැනද?
මං මැරුණා කියලා අත ඇරලා දාපු දුව ගැනද?
ඉගන ගන්නවට අකමැත්තෙන් මම ගෙදර හිරකරගෙන ඉන්න හදපු දුව ද?
--------------------------------------------------
තාත්තා... දැන් ඔයා බය වෙන්න ඕනා නැ
ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ
අවධානම් තත්වයක් දැන් නෑ..
අනේ මට සමාවෙන්න දුවේ..
මම කරපු වැඩේ වැරදි කියලා මට තේරෙනවා.
මගේ ජිවිතේ බේරගන්න ආව එකට ගොඩක් පින් .
පින් ඕනා නෑ තාත්තා. එක මගේ වගකීම වගේම රස්සාව
හැබැයි කෙල්ලන්ට කරන්න බෑ කියලා දේවල් නෑ
ඉගනගෙන ගොඩක් ලොකු දේවල් කරන අය ඉන්නවා.
මම යන්නම් තාත්තා. තව ජිවිත ගොඩක් මගේ අතේ තියනවා
ඒ දේවල් බේරගන්න ඕනා.
පරිස්සමින් ඉන්න
සදරු - Devaka Sadaruwan
*
උපුටා ගැනීමකි
No comments:
Post a Comment