හුස්මට පවා.. 💔💔
(කෙටිකතාවක්)
ආදරය මුළු ජීවිතයම කරගත් ඇය නමින් #විහඟි.. දුප්පත් පවුලක ඉපදුන විහඟි නිරහන්කාර අහින්සක කෙල්ලෙක්.. විහඟිගෙ ආදරේ #නෙතුෂ.. අවුරුදු හතරක අසීමාන්තික ආදර කතාවට ගොඩක් අයගෙ ඇස්වහ වැදුනා කිව්වොත් හරී..
කාලය ගෙවිලා ගියා හරිම වේගෙන්.. නෙතුෂ ඒලෙවල් කරලා ඉවර වෙලා ජොබ් එකකට ගියා.. කොල්ලා ඔෆිස් එකේ ඉද්දි කෝල් එකක් ආවා..
"කෑවද අප්පච්චී..?"
ඒ විහඟි..
"හ්ම් ඔව්"
"ම්ම්.. මොකෝ දැන් කරන්නෙ...."
"මේ මගුල් කරන්න වෙලාවක් නෑ තියනවා ෆෝන් එක"
කෙල්ල ගැස්සිලා ගියා..
"සොරි අප්පච්චී" , කියලා විහඟි ෆෝන් එක කට් කරා..
" ඔයා ගොඩක් වෙනස් වෙලා අප්පච්චී.."
විහඟි තමන්ටම කියාගත්තා..
පුන්චි කාලෙ ඉදන්ම අප්පච්චිගෙ ආදරේ අහිමි වෙච්ච විහඟිට නෙතූෂ පියෙක් උනා.. ඒ ආදරේ ලග කෙල්ලට තාත්තා කෙනෙක්ගෙ ආදරේ ආරක්ෂාව නොඅඩුව තිබුණා.. ඒ නිසා කෙල්ල පුරුදු වෙලා හිටියෙ නෙතූෂට අප්පච්චි කියලා කතා කරන්න.. නෙතූෂත් කෙල්ලට ආදරේට කිව්වෙ 'අම්මි' කියලා..
විහඟි නෙතූෂව ගොඩක් විශ්වාස කරා.. දවසක් විහඟිට හොදටම උණ ගැනිලා නෙතූෂට කෝල් කරා..
" අප්පච්චි ගෙදරද ඉන්නෙ"
"ඔව් අද නිවාඩු"
ඒ නෙතුෂ..
" මට හොදටම උණ අප්පච්චී.. අම්මත් වැඩට ගිහින්"
"ආ එහෙමද පෙනඩෝල් දෙකක් බොන්න අඩුවෙයි"
"හරී තියන්නම් බුදු සරණයී.."
වෙව්ලන කටහඩින්ම ෆෝන් එක කට් කරපු විහඟිගෙ කදුලු ඔහේ ඇස් දිගේ ගලාගෙන ගියෙ නෙතුෂ වෙනස් වෙලා කියලා හදවත බලෙන්ම පිලිගද්දී..
" කමක් නෑ මගෙ රත්තරන් ඔයා සතුටින්නම් මට ඒ ඇති"
කෙල්ල කදුලු අතරින්ම එහෙම හිතුවා..
දින සති මාස ගෙවුනෙ කෙල්ලගෙන් නෙතුෂව තවත් ඈත් වෙද්දී.. විහඟි තමන්ගෙ අම්මා ගැන හිතලා හිත හදාගෙන ජීවත් උනේ පුන්චියටවත් ඒ හිත රිද්දන එක පවු හන්දා.. හැමදාම විහඟිගෙ රෑ නින්ද කොල්ලගෙ ෆොටෝ බල බල අඩන්නම ගෙවුනා..
" ඔයා මට වෙනස්කම් කරාට මන් දන්නවා ඉස්සර වගේම මට ආදරෙයි කියල, ඔයා කවදාහරි වෙනදා ආදරෙන් ආපහු එයි කියලත් මන් දන්නවා අප්පච්චී.."
මේ අතරෙ කොල්ලගෙ උපන්දිනේ ලන්වුණා.. නෙතුෂට වැඩට අදින්න ෂර්ට් එකක් අරන් දෙන්න විහඟිගෙ හිතේ කාලෙක ඉදන් හීනයක් තිබුණා.. ෂර්ට් එකක් ගන්න විහඟි ටවුන් එකට ගියෙ නෙතුෂට නොකියම, පුදුම කරවන්න ඕනි හන්දා..
ෂොප් එකේ එක එක විදියෙ ෂර්ට් අතරෙ ගිහින් විහඟි කොල්ලට ෂර්ට් එකක් තෝරගත්තෙ පුදුම ආසාවකින්.. දැකලා පුරුදු කෙනෙක් තමන්ගෙ පිටිපස්සෙ ඉන්නවා වගේ දැනිලා විහඟි නිකමට හැරිලා බැලුවා..
" දෙවියනේ අප්පච්චී.."
එතන හිටියෙ නෙතුෂ.. කොල්ලගෙ අතේ එල්ලිලා ඇදුම් තෝරමින් හිටියෙ ලස්සන, සන්කර පෙනුමක් තිබුණ කෙල්ලෙක්..
විහඟිගෙ රස්නෙ කදුලු බින්දු කම්මුල් දිගේ ගැලුවෙ නෙතුෂගෙ ඇස් බිමට බරවෙද්දී.. බාධා කරන්න හිතක් පුන්චියටවත් නැති කෙල්ල තෝරගත්ත ෂර්ට් එකත් අරන් එන්න හැදුවේ.. ඒත් බෑග් එක නෙතූෂගෙ අතේ එල්ලිලා හිටපු කෙල්ලගෙ වැදුනා..
විහඟි ඉක්මනට ඒ කෙල්ලට සොරි කිව්වෙ තවත් මේ දේවල් දරාගන්න හිතට හයියක් නැති හන්දා එතනින් යන්න.. විහඟිගෙ අහින්සක ඇස් දිහා බලාගන්න බැරුව විරූපී වෙච්ච නෙතුෂගෙ ඇස් ගැස්සිලා ගියෙ කෙල්ල යන්න හදද්දී..
" සොරි කියලා හරියනවද, ඇස් පේන්නෙ නැද්ද තමුන්ට උඩ බලාගෙනද යන්නෙ"
සෙනග අස්සෙන් අර කෙල්ල නෙතුෂගෙ අතේම එල්ලිලා අනිත් අතින් බිම වැටුන රෙදි ඇහිදින ගමන් කෑ ගහනවා..
මිනිස්සු ඔක්කොම විහඟි දිහා බලද්දි දැනුන අසරණකමට කෙල්ල තවත් එකපාරක් නෙතූෂ දිහත් අර කෙල්ල දිහත් එකපාරක් බලලා ආපහු 'සමාවෙන්න' කියාගෙනම එළියට ආවා.. පුලුවන් ඉක්මනට බස් එකකට නැගලා කොළේකුයි පෑනකුයි ගත්ත විහඟි කදුලු පිහ පිහම මොනවදෝ ලියන්න ගත්තා..
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
මගේම ආදරණීය අප්පච්චි,
සමාවෙන්න ආපහු කවදාවත් අප්පච්චි කියලා කතා කරන් නෑ.. හෙට ඔයාගෙ උපන්දිනේට දෙන්න ෂර්ට් එකක් ගන්නයි මන් ටවුන් එකට ආවේ.. එතනදි උන හැමදේටමත් සමාවෙන්න.. මගෙ අපොඅච්චි එතන ඉන්නවා කියලා දන්නවා නම් මන් කවදාවත් එතන්ට එන් නෑ.. ඔයාගෙ අලුත් නෝනා ගොඩක් ලස්සනයි අප්පච්චි, ඔයාව ලබන්න මන් පින් කරලා මදි ඇති.
අපි සතුටින් හිටපු කාලෙ කවදාවත් අමතක වෙන් නෑ මට.. මන් මොනවද ඔයාට දුන්නෙ නේද.. ඔයාගෙ සතුට හොයාගෙන ඔයා ගියා.. ඔයා හරී..
සන්සාරෙ කවදාවත් ආපහු ඔයා ඉස්සරහට එන්නෑ මහත්තයෝ.. දරාගන්න අමාරුයි මේ දුක.. මොකද ඔයා ගන්න පිට කරන හුස්මට පවා මන් ගොඩක් ආදරේ කරා අප්පච්චී.. ඔයාට මන් ගොඩක් ණයයි ඒ හැම රුපියලක්ම මැරෙන්න කලින් මන් ගෙවන්නම්.. සුභ උපන්දිනයක් රත්තරනේ.. මේ දුක මට කොච්චර දරාගන්න බැරි උනත් ඔයා හැමදාම සතුටින් ඉන්න ඔයාගෙ අලුත් බෝනික්කි එක්ක..
අන්තිම වතාවට පුන්චි දෙයක් ඉල්ලන්නම්, මේ දුක් දරාගන්න බැරුව මන් මැරුණොත් මගෙ මිනිය ලගට ඇවිත් එකම එක පාරක් ඇවිත් ඉස්සර වගේ " මගෙ අම්මි" කියලා යන්න අප්පච්චී.. ආය හැරෙන්නවත් එපා..
බුදු සරණයි මගෙ අප්පච්චි..
විහඟි.
දිලිසි දිලිසි ඇස් බොද කරන කදුලු ඇගිලි තුඩුවලුන් පිහදප්‍ය් කෙල්ල ෆෝන් එක අරගෙන නෙතුෂට මැසේජ් එකක් දැම්මා..
" පුලුවන්නම් හෝල්ට් එක ළගට එන්න.. අන්තිම ඉල්ලීම."
හෝල්ට් එක ලග බැහැපු කෙල්ල නෙතුෂ ඉන්නවා දැක්කා.. නෙතූෂ අරන් දුන්න ෆෝන් එකයි ලියුමයි ෂර්ට් එකයි බෑග් එකකට දාලා කොල්ලගෙ අතට දුන්නෙ ඒ අතක පහසවත් ආපහු දැනෙන්න නොදී..
නෙතූෂ මුකුත් නොකියම ආපු බස් එකකට නැගලා ගියා.. විහඟිත් කදුලු පිහිදදා ඉස්සරහට ගියෙ පාර මාරුවෙන්න, අඩිපහක්වත් ඉස්සරහට යන්න දෛවය කෙල්ලට ඉඩ දුන්නෙ නෑ.. වේගෙන් ආපු ලොරියකට විහඟි යටවුණා.. යකඩ කද දරාගෙනම කෙල්ලගෙ අවසන් හුස්ම ගියෙ නෙතූෂ වෙනුවෙන් ඉපදිච්ච ආදරේ හුළගට මුහු වෙලා යද්දී..
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
නෙතූෂ සෙනසුරාදා උදේම කාමරේ අස් කරන්න ගත්තෙ වැඩ ඍඉලා ආවම කම්මැලි හන්දා.. විහඟි නැතිවෙලා අදට දවස් හතක් වෙලත් නෙතූෂ කිසිම දෙයක් දැනන් හිටියෙ නෑ.. නිකමට කෙල්ල දුන්න බෑග් එක කොල්ලා ඇරලා බැලුවා.. ඉස්සෙල්ලම ෆෝන් එක ඊට පස්සෙ ෂර්ට් එක, අන්තිම කොළයක් 4ට නමලා තිබුණා..
නෙතුෂ ඒක කියවන්න ගත්තෙ ඕනිවට එපාවට.. ලියෞම කියවලා ඉවරවෙනවත් එක්කම නෙතූගෙ පපුවට දැනුනෙ වේදනාවක්.. ඒ එක්කම ආපු කෝල් එකට කොල්ලා ආන්ස්වර් කරා..
" දෙයියා, සොරි මචං මන් මේ දවස් ටිකේම බිසී මට මේ දැන් ආරන්චිය ආවෙ බන්"
ඒ කලිදු.. නෙතුෂගෙ හොදම යාලුවා..
" ඇයි බන් මොකඩ්ග්ද ආරන්චිය??"
" විහඟි නැති වුණ එක මචං මන් දන්නවා උඹ අවුලෙන් කියලා ඒකයි නොදන්නවා වගේ කතා කරන්නෙ කියලත් මන් අද හවස එනවා උඹලගෙ ගෙදර"
කලිදුගෙන් තවට් වචනයක් වත් ඇහෙන්න කලින් නෙතුෂගෙ අතින් ෆෝන් එක ෆෝන් එක බිමට අතෑරිලා කෑලි විසිරිලා ගියා.. කොල්ලා තවත් තත්පරයක්වත් නොඉද ගියෙ විහඟිගෙ ගෙදර..
නෙතුෂ ගොඩක් පරක්කුයී.. ගෙවුන දුර ඒ ජීවිතේ හැරෙන්න බැරි තරම් පරක්කු වෙලා.. කෙල්ලගෙ හත් දවසෙ දානෙත් දීලා ඉවරයී.. නෙතුෂට පපුව පිච්චෙනවා වගේ දැනුනේ.. විහඟිගෙ සොහොන ලගට ගියපු නෙතුෂට ලියුමෙ අන්තිම ටික මතක් උනා..
" මේ දුක් දරාගන්න බැරුව මන් මැරුණ දවසට මගෙ මිනිය ලගට ඇවිත් එකම එක පාරක් මගෙ අම්මි කියලා යන්න අප්පච්චි.."
දරදඩු පිරිමි ඇස් උණුවෙලා කදුලු වැටුනෙ විහඟිගෙ සොහොනට..
" මට සමාවෙන්න මගෙ අම්මී.. මන් විදවයි ගොඩක් විදවයි ඔයාට දීපු දුක්වලට.."
ඒ දිහා බලන් හිටපු විහඟි නෙතුෂට අඩන්නෙපා කිව්වා.. ඒත් නෙතුෂට ඇහුනෙ නෑ..
" මන් ආදරෙයි මගෙ අම්මී.."
කොල්ලා මහ හයියෙන් කෑ ගහ්ද්දි ඒ ආදරේ සැනසීම වින්ද විහඟි කදුලු අතරින් ලස්සනට හිනා වුණා..
නිමි.
කතාව මගෙ යාලුවෙක් ලියපු එකක් යාලුවනේ.. එයාගෙ නම මම සදහන් කරන් නෑ.. අදහසක් කියන්න.. 😌😌
පසුව ලියමි,
අවන්කව, ජීවිතේම කරගෙන, හුස්ම වගේ ලග තියාගෙන, විශ්වාසෙන්, #ආදරේ කරන්න බැරිනම් ආදරේ නොකර ඉන්න.. ජීවිත ගොඩක් රැකගන්න ජීවිත ගොඩක් ලස්සන කරන්න ඒක හේතුවක් වෙයී..
අපි අද ඉදලා හෙට මැරෙන මිනිස්සූ.. නොගැලපීමක් තියනවනම් ඒක කතාබහ කරලා තීරණේකට ඇවිත් වෙන් වෙන්න.. තවත් හිතක් මරවන්න එපා.. තවත් කෙනෙක්ගෙ සතුට දකින්න ආස කරන්න හැම වෙලාවෙම..
බුදු සරණයි හැමෝටම..
සෞමි සෙනාරා
No comments:
Post a Comment