විශ්වාසයි සැමදා

විශ්වාසයි සැමදා

ඩිලාන් අද මැච් එකේ  උබ ටිකක් විකට් එක අල්ලන් ඉන්න ඕනා.
ඉන්න ඔක්කොම වගේ අලුත් එවුන්.. දන්නවනේ ඉතින්.
මේක පැරදුනොත් අපිට ආයේ මේ මැච් එක ලැබෙන්නේ නෑ
ඊයෙත් අපේ කෝච් පොඩ්ඩක් සද්දයක් දැම්මා.
මේක කොහොම හරි දිනන්න ඕන..

උබ දන්නවනේ දිමුතු...
මේ දවස්වල මම ඉන්නේ ඒ තරම් හොද සිහියකින් නෙමේ කියලා
මට කොහොමහරි මේ හැම දෙයක්ම ඉක්මනට හොද තත්වෙට හරවා ගන්න ඕනා

හරි හරි ඒවා මම නොදන්නවා නෙමේනේ එකම තමා උබට
මම මේ මේ ටිකත් කිවේ..
හොදට සෙල්ලම් කරපන් එහෙමනම්

--------------------------------------------------

ඔව් අද හරිම සුවදායි පරිසරයක්
ක්‍රිකට් කිඩාවට උචිතම පරිසරයක්..
මගේ මතකය ඈතට දිවයනවා......

කවුද බන් අද එනවුන්සර්.. ප්‍රේමසිරි සර් ද?

මම දන්නේ නෑ බන්.
එත් හිතට වදිනවා නේද?
එනවුන්ස් එකට වඩා මට හිතට වැදුනේ අතන ඉන්න රතු කිට් එක ගහල ඉන්න කෙල්ල
හැබැයි ඉතින් එකී බලන්නේ උබ දිහා ඩිලා..
වැඩ ටිකක් පෙන්නපන්..

කෙල්ලන්ට පෙන්න ගහන්න නේම් බන්. කොහොමහරි මේක දිනන්න ගහපන්.
අපේ තත්වේ ටිකක් නැති වේගන එන්නේ..

--------------------------------------------------

අද ඇත්තටම ඩිලාන් අතපත්තු ට වැදගත් දවසක්.
පහුගිය තරගාවලි අසාර්ථක තත්වයක් පෙන්නුම් කලත්
පන්දු ඕවර 50 ම කඩුල්ලේ රැදී සිටිමින් අගනා ලකුණු 178ක් තම පිත්තෙන්
ලබාගත්තේ එදා සනත් ජයසුරිය.........

අද නියමයි අයියා...
හොදට සෙල්ලම් කළා..
මම ශානි.. ඔයාගේ ලොකු ෆෑන් කෙනෙක්.

ගොඩාක් ස්තුතියි ශානි.
මටත් අද නම් සතුටුයි..
කාලෙකින් හරියට සෙල්ලම් කළා වගේ දැනුනේ..
මම යන්නම්... එහෙමනම්

හරි ඩිලාන් අයියා..
මගේ ලග අයියාගේ නම්බර් එක තියනවා.
නම ශානි...
කෝල් කලොත් දන්නේ නෑ අදුනන්නේ නෑ කියලා නම් කියන්න එපා..
දුක හිතෙනවනෙ...

සාමන්යෙන් ෆෑන්ලා කතා බහ කරන එක අමුතු දෙයක් නොවුනත්. කලින් ග්‍රවුන්ඩ් එක මැදදී කියපු කෙල්ලම ලගට ඇවිත් කතා කරලා මගේ නම්බර් එකත් තියනවා කියලා කියපු විදිහ ටිකක් හිතට වැදුනා.
එත් ඉතින් කෙල්ලෝ නම් ඕනෑම නෑ

අහ්හ්හ් අර කෙල්ල ඇවිත් කතා කළා නේද බන්
මම කිවේ එකී උබ දිහා තමා බලාන උන්නේ කියලා..
අපිට ඕවා මිස් වෙන්නේ නෑ

මේ කියපන්කො බන්.. ග්‍රවුන්ඩ් එකේ ඔය තරම් සෙනග ඉන්නකොට
කොහොමද බන් උබට ඔය කෙල්ල බලාන ඉන්නවා කියලා
තේරුනේ... අනික එකී ලග මගේ නම්බර් එක තියනවා කියලාත් කිවේ..
උබ දන්නා කෙල්ලක් ද?

පිස්සුද බන්. ලස්සන නිසාත් උබට චියර් කර කර උන්න හින්දා කිවේ
මම ඔය වගේ ලස්සන කෙල්ලක් ගැන දන්නවනම් උබේ නම්බර් එක මොකට දෙනවද
මගේ එකම දෙනවනේ...

--------------------------------------------------

හෙලෝ...... ඩිලාන්

ඔව් කතා කරනවා..
කවුද මේ..

මම ශානි.... පෙරේදා ග්‍රවුන්ඩ් එකෙන් මුණ ගැහුනේ.
අනේ මතක නෑ කියලා නම් කියන්න එපා..

අහ්හ් නෑ නැ මට මතකයි..
එක නෙමේ කොහෙන්ද මගේ නම්බර් එක...
මම වැඩිය කාටවත් මේක දීලා නැහැනේ..

හ්ම්ම් ඕනේ නම් ඉතින් හොයාගන්න බැරි නැහැනේ
අනික මම ඔයාගේ හැම මැච් එකක්ම වගේ බලන්න එනවා.
ඒ නිසා හොයාගන්න අමාරු උනේ නෑ
ටිකක් මහන්සි වෙන්න උනා...

හ්ම්ම් එකත් එහෙමද?
ඉතින්

දැන් ඔයා බිසිද ඩිලාන්..
මම නම කීවාට කමක් නැහැනේ..
ඩිලාන් සර් කියලා කියන්න ඔනාද?

අහ්හ් නෑ නෑ එහෙම ඕනා නැ.
අපි ක්‍රිකට් ගැහුවට ඉතින් එක අපේ රස්සාවනේ..
අමුතුවෙන් සර් ලා වෙන්න ඕනා නෑ

අන්න එකට නම් කැමති
ලොකු ලයින් නැති එකට...

--------------------------------------------------

ශානි මගේ ජිවිතේ වෙනස් කළා කිවොත් හරි.
කොයි තරම් ෆෑන්ලා කතා බහ කලත් ඉතින් හිතට දැනෙන විදිහේ
වෙනසක් කරන්න පුළුවන් උනේ ශානිට විතරයි.
ආදරේ හින්දා දුක් විදපු මගේ හිතට ආයෙමත්
ආදරේ අරගෙන එන්න පුළුවන් උනේ ශානිට කිවොත්
වැරද්දක් නැති තරම්...

ශානි එහෙමනම් මම යනවා.
අද ප්‍රක්ටිස් මැච් එකක් තියනවා.
ඉවර වෙලා කෝල් එකක් දෙන්නම්..

හ්ම්ම් පරිස්සමින් ඩිලාන් අයියා.
හොදට සෙල්ලම් කරන්න.
ගෙදර අයට කියලා ඉක්මනට මාව ඔයාගේ ලගට ගන්නකො...

හ්ම්ම් හරි බබා.... පරිස්සමින් ඉන්න...
මට ටිකක් ලේට් වෙලා....

-------------------------------------------------

ඩිලාන්..... උබ බිසී ද?
පොඩි කතාවක් කියන්න තියනවා..

මොකක්ද බන් කියපන්..
අවුලක් නෑ කතා කරන්න පුළුවන්.

මම දන්නවා බන් උබ කලිනුත් ආදරේ හින්දා විදෙව්වා කියලා
මේක කීවහම අවුල් ගන්න එපා..
ශානි කියලා කෙල්ලෙක් එක්ක උබේ සම්බන්ධයක් තියනවා නේද?
ඕක දැන් නොදන්නා කෙනෙක් නැහැනේ.

ඉතින්..
මොකක්ද දැන් අවුල බන්..

නෑ බන්... මම දැක්කා ඊයේ එකී...

එපා බන්.. මට මොනවත් අහන්න ඕනා නෑ
මට කෙල්ලව විශ්වාසයි..
මට බොරුවක් කරන්නේ නෑ කියලා

උබ ඉතින් පණ්ඩිතයා වෙන්න හදනවනේ..
මම දැකපු දේනේ උබට කියන්න  ගියේ.
මම දැක්කා එකී කොල්ලෙක් එක්ක හොටෙල් එකකට යනවා
උබට කොලේ වහල උබේ සල්ලි අරන් එකී වෙන උන් එක්ක
සැප ගන්නවා බන්... උබ එක පාරක් විදවපු නිසා උබට කියන්නේ

මෙහෙමයි මචං... කලින් කෙල්ල එක්ක මම ශානිව කම්පෙයා කරන්න යන්නේ නෑ
හැබැයි කෙල්ල ගැන මට ලොකු විශ්වාසයක් තියනවා
උබ කියන දේ ඇත්තම කියලා හිතමුකෝ.
එත් උබ හිතනවද කෙල්ලට එහෙම දෙයක් හැමදාම මගෙන් හංගගෙන ඉන්න පුළුවන් කියලා
හැබැයි මම කෙල්ලව ගොඩාක් විශ්වාස කරනවා..

----------------------------------- - -

ශානි... කොහෙද බබා ඉන්නේ..

පොඩි වැඩකට ආවා ඩිලාන්
ඔයා කොහෙද ඉන්නේ...

මට පොඩි දෙයක් කතා කරන්න ඕනා.
පොඩි දෙයක් දැන ගන්න.

මොකක්ද ඩිලාන්...
මොකක් හරි ප්‍රශ්නයක් ද?

ඔයා ඇත්තටම මට ආදරෙයි ද ?
නැතිනම් මගේ ජිවිතේ එක්ක සෙල්ලමක්ද කරන්නේ

අනේ බබා ඇයි ඔහොම අහන්නේ..
මම ඔයාට මොනවත් වැරද්දක් කරන්නේ නැ
පොඩි පොඩි දේවල් ඔයාට නොකියා හිටියාට..

ඒ කිවේ.. මොනවද ඔයාට නොකියා හිටියේ මට දැන්
මම රහස් වලට කැමති නෑ කියලා ඔයා දන්නවනේ..

නෑ බබා... ඔයාගේ ටීම් එකේ කෙනෙක් මට මැසේජ් කරලා තිබ්බා
ඔයාට වෙන සම්බන්ධයක් තියනවා කියලා.
ඔයා ඒ කෙල්ල එක්ක කොහෙද ගියා කියලත්
ඒවා ඉතින් මම හිතන්න ඕනා තරම් දේවල් නෙමේනේ..
මොකද මට ඔයාව විශ්වාසයි..
ඕක අහලා අපි අතරේ ප්‍රශ්නයක් හදා ගන්න තරම් මගේ ආදරේ
පහතට වැටිලා නැ
මොකද මම දන්නවා ඔයාට එහෙම ඕනා කමක් නෑ කියලා

මමත් ඔයවගේ  දෙයක් තමා අහන්න හැදුවේ. මටත් යාලුවෙක් කිවා
ඔයා ගැන ඔයාත් එහෙම.....

ඔය යාලුවා..... දිමුතු ද?

හ්ම්ම්ම් ඔව්.. ඔයාටත් කිවේ මිනිහමද?
මම අද යනවා මිනිහ හම්බවෙන්න...
ඔයාත් එන්න එතනට මම මැසේජ් එකක් දාපුවහම

--------------------------------------------------

ඩිලාන්.... මම හිතුවේ මෙලහට උබ සම්බන්දෙ නතර කරලා ඇති කියලා බන්
උබට ආයේ දුක් විදින්නද ඕනා
ඔය කෙල්ල උබට හරි යන්නේ නැ බන්
එක එකා එක්ක හොටෙල් අස්සේ රිංගන උන් උබට මොකටද බන්
කෙල්ලකේ හොයා ගන්න බැරිද?

ඇත්තද? දිමුතු....
එහෙමද හිතාන ඉන්නේ
දැන් මම කාත් එක්කද කවදාද ඔය හොටෙල් අස්සේ රිංගුවේ..
එතකොට මටත් මේ මැසේජ් කරලා තිබුනේ
ඩිලාන් එහෙම යනවා කියලාත්...

මොකක්... ඩිලාන් උබලා කතා වෙලාද ආවේ මෙතනට

එහෙම වෙන්න ඕන නේද බන්.. අපි දෙන්නානේ ආදරේ කරන්නේ
අපි දෙන්නට දෙන්නා විශ්වාසයිනේ
උබ කලින් හිටපු ඩිලාන් ව දන්නා නිසා උබ හිතුවා දැන් මම ඔහොම එකක් කිවා ගමන්
මම කලබල වෙලා මොනවත් හොයන්නේ නැතිව
වලියක් දාගෙන මේක නවත්වයි කියලා නේද?
අනෙක් පැත්තෙන් ශානි ට මැසේජ් කරලා උබ හොද එකා වෙන්න වෙන්න ඇති හැදුවේ නේද?
ආදරේ එහෙම දෙන්නෙක් අතරේ ප්‍රශ්න හදලා ලං වෙන්න උබට මොකද බන් වෙලා තියෙන්නේ
ආදරේ කියන්නේ විශ්වාසෙ මත රැදුන දෙයක් බන්
ඔය වගේ කතා කියලා එහෙම වෙන් කරන්න පුළුවන් දෙයක් නෙමේ

මට සමාවෙයන් බන්
මම ශානි ට කැමතියි එකයි එහෙම කරලා
උබලාව වෙන් කරන්න හැදුවේ
සමාවෙයන්

සදරු - Devaka Sadaruwan

ආදරේ කියන්නේ බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ වගේම විස්වාසයක් නැති තැන ආදරේට පැවැත්මකුත් නැ.. ආදරේට ආදරේ කරන්න. සතුටින් ඉන්න
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment