ප්‍රසංග

==ප්‍රසංග==(කෙටිකතාව)

*=--=*==--===-/=--/=

ඔව්... මේ දැන් ඔබ හමුවේ ගායනයට වේදිකාවට සම්ප්‍රාප්ත වන්න‍ේ වසරේ ජනප්‍රියම ගායක , ................................ නිවේදකයා ඇදලා පැදලා ආරාධනා කලේ ඔහුටයි....

සියල්ලන්ගේම ඔල්වරසන් මධ්‍යයේ තරැණ සොදුරැ ගායකයා විවෘත වේදිකාවට ගොඩවැදුනා...

නිවේදකයා අතින් ගායකයාට මයික් එක හුවමාරැ වද්දීම පේලියට පිටුපසින් වේදිකාවට ඇදුනේ දිදුලන ඇදුමින් සැරසුනු නර්ථන ශිල්පිනියන්...

වේග රිද්මයේ ගායනයත් සමඟ පිරිස කුල්මත් කරමින් නර්ථනයේ යෙදුනු එක් සුන්දර යුවතියක් පය පැකිලි ඇද වැටෙන්න යද්දීම ගායනය මදකට අමතක වී ඉදිරියට පැන යුවතිය අල්ලා ගැනීමට ගායකයා සමත් වුනේ කටහැකර කොලු රැලක් වේදිකාව වට කරගෙන සිටි ඔලු ගොඩ නැගූ "  ෂූ " හඩ හූ හඩක් කරගෙන කෙල්ලගෙත් කොල්ලාගෙත් රෙදි ගලවද්දීය...

වටපිටාව පිලිබඳව වත් ගායනය පිලිබඳව වත් කිසිදු හැඟීමක් නොමැතිව කොල්ලා මොහොතකට ඒ දිගු සුන්දර දෑස් තුල අතරමං වුනා....

මොහොතකින් වේදිකාව දෙසට බෝතල් ප්‍රහාරයන් එල්ල වද්දී ආරක්ෂකයන් කිහිප දෙනෙකු පැමිණ කොල්ලාවත් කෙල්ලවත් වෙන් කොට කොල්ලාව ආරක්ෂා කරමින් රැගෙන යන්න උත්සාහ කරද්දීත් පිටුපස හැරි හැරී කොල්ලා නැවතත් සෙව්වේ ඒ සුන්දර දෑස් වල බැල්මයි....

එයින් ඇරඹුනා ඔවුන්ගේ ආදර අන්දරය....

------------====-----------------====--------------

බබා..... ඇයි මේ ..... කෙල්ල තොදොල් වෙමින් කොල්ලාගේ නිකට හෙලෙව්වා...

කොල්ලා වට පිට බලලා හෙමිහිට හිස් ආවරණය හදා ගත්ත‍ේ ආපහු කාටවත් අදුර ගන්න බැරිවෙන විදියට...

මෙහෙම හම්බවෙන එක දැන් අමාරැයිද ඔයාට...කෙල්ල ආපහු කොල්ලගේ ඇස් වලට එබෙන්න ට්‍රයි කලා....

නැහැ .... ම්ම්ම්ම්... මේ අහන්න මැණික.... කොල්ලා දිගු කතාවකට මුල පිරැවා....

කියන්න වස්තු... කෙල්ල තොදොල් වෙන්න‍ේ තාමත් දඟකාරකම් ඈත් නොවුනු ආකාරයෙන්...

මං .... මං.... ඔයාට ගොඩාක් කල් ඉදන්.... ඇත්තම මං... මට හිතාගන්න බැහැ... කොල්ලා අත් දෙකින්ම කෙල්ලගේ උරහිසෙන් අල්ල ගෙන ඒ අහිංසක මූණට එබුනා...

මට තවත් හංගන්න බැහැ ඔයාට... මේ ඇස්.... මේ ඇස් දිහා බලාගෙන මට තවත් රවට්ටන්න බැහැ ඔයාව....කොල්ලා දිගු හුස්මක් හෙලා ඈත පිහිටි කිතුල් ගහක ගොබය දිහා  බැලුවා....

කෙල්ල කොල්ලාගේ නිකටින් අල්ලලා මූණ හරවා ගත්තා කෙල්ලගේ පැත්තට....

මොනාද වස්තු මේ කියන්න‍ේ ???  ඔයා කවද්ද මාව රැවට්ටුවේ??? අපේ සම්බන්ධේ පටන් අරන් දැන් මාස දහයකටත් වැඩී... තව දවස් ගාණකින් අවුරැද්දකුත් පිරෙනවා... මේ කාලේටම මං ඔයාව කොච්චර හොදට තේරැම් ගත්තාද?? 

මට කියන්න ඇයි ඔය වගේ කතාවක් කිව්වේ?? ඔයාම කිව්වත් මට නම් පිලිගන්න අමාරැයි... මොකද මගේ හිතට දැනිලා ඉවරයි ඔයාව... මට දැනුනු දේ වැරදියි කියලා මං විස්වාස කරන්නේ නැහැ දැන් ඔයාම කිව්වත්.... කෙල්ල කදුලු ගලන ඇස් වලින් , ඒත් ස්ථීර අදිටනින් කොල්ලාගේ මූණ දිහාම බලාගෙන හිටියා තත්පර ගාණක්...

කියන්න රත්තරනේ... මගේ ආදරේ මදි වුනාද ඔයාට?? කෙල්ල ඉකිබිද බිද එහෙම කියද්දි කොල්ලගේ හිතත් ඉකිබිදින්න පටන් ගත්ත‍ේ ඔහුටත් නොදැනීමයි...

දැන් වෙලාව ඇවිත්... කොල්ලා දෑත් වලින්ම ඒ සුන්දර මුහුණ ලං කරගත්තා කොල්ලගේ මූණ ලගටම....

ඔයා ආදරේ කරන , මේ මිනිස්සු ආදරේ කරන...................ගායකයා තව දුරටත් නැහැ මැණික... තව දුරටත් නැහැ... සමහර විට මට කතා කරගන්නත් බැරි වෙයි මැණික... ගොළුවෙක් එක්ක ඔයා මොනා කරන්නද මැණික...යන්න... මාව දාලා යන්න මැණික... දෙයියන්ගේ නාමේට.... මාව දාලා යන්න... ජීවිතේ හදාගන්න....

ඒ පාර නම් කොල්ලාටත් කම්බුල් දිගේ උණු කඳුලු ගලා යෑම නවත්ත ගන්න බැරිවුනා...

කෙල්ලගේ ඇස් විසල් වෙලා.... මොනාද රත්තරනේ මේ කියන්න‍ේ?? කෙල්ල වමතින් කදුලු පිහිදාන ගමන් කොල්ලාගේ ඇස් වලටත් දකුණතේ  ඇගිලි ලං කලා....

මං කියන්නම් පණ... මුල ඉදන්ම... කොල්ලා වට පිට බලලා සාක්කුවේ තිබුනු ලේන්සුව අරන් මුහුණ පිහිදන ගමන් උගුරේ රැල් බුරැල් ඇරියා...

දැනට මාසයකට විතර කලින් .... දවසක් මට පැක්ට්‍රිස් කරද්දි උගුර රිදෙන්න ගත්තා වස්තුව අමුතුම විදියට.... මාරම කැක්කුමක් ආවේ මට..ඒ අස්සේ කැස්සකුත් හැදිලා ලේ වමනේ ගියා...

එ් වෙලාවෙම මං ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ඇඩ්මිට් වුනා....ඩොක්ටර්ස්ලා කිව්ව‍ේ නම් ඔපරේෂන් එකක් කරන්න වෙයි කියලා...  එ්ත් මට ආපහු සිංදු කියන්න නම් බැරිවෙයි කිව්වා..

ඒ වගේම කටහඬ යථා තත්වෙට එන්න තියෙන ඉඩකඩ අඩුවෙන්නත් පුලුවන් කිව්වා...

හැබැයි ඔපරේශන් එක නොකර හිටියොත් නම් මාස දෙකක් තුනක් යද්දි කොහොමත් කට හඬ නැතිවෙලා යයි කිව්වා....ඒත් වේදනාව නැති වෙන එකක් නැහැලු...

මං මෙහෙම හිටියට මැණික pain killers ගහලා ඉන්න‍ේ....

දැන්වත් තේරැම් ගන්න රත්තරනේ.... මාව අමතක කරන්න... කොල්ලා කෙල්ලගේ දෑස් මඟ අරිමින් ඈත ආකාසයේ පියාඹා යන කුරැල්ලන් රංචු ගනින්න පටන් ගත්තා...

නියමයි.... කෙල්ල තරමක කේන්තියෙන් දැන්....

ඔයා දැන් තනි කෙනෙක් වෙලානේ ගොඩාක් ඉක්මනට.... ආදරේ කලේ මං ඔයාට... සෙල්ලම් කලේ  නැහැ මං..... ප්‍රශ්න එන්න ඕනේ .... ප්‍රශ්න ආවාම තමා මිනිස්සු ජීවිතේ තේරැම් ගන්න‍ේ.....

ඔයා කොහොමද හිතුවේ ඔය වගේ දෙයක් නිසා මං ඔයාව දාලා යන්න යයි.... දාලා යන්න ඕනේ කියලා.... මගේ ආදරේ එච්චර බාල්දු කරන්න එපා.... මං ආදරේ කලේ හොද කොන්ද පණ තියෙන අවංක මනුස්සයෙක්ට... මට ඒක බය නැතුව කියන්න පුලුවන්... අනිත් මිනිස්සු වේදිකා උඩ නටන අපේ රෙදි කෑලි අස්සෙන් වෙන දේවල් හොයද්දි ඔයා බැලුව‍ේ රතු රෙද්දකින් මාව සරසලා සදහටම මාව ඔයාගේ කරගන්න...

මං ආදරේ කලේ අන්න ඒ දෙවි කෙනෙක් වගේ මනුස්සයාට.... පන්සල් වල කෝවිල් වල තියෙන දේව රෑප කතා නොකලාට අපි ඒවාට ගරැ නොකර ඉන්න‍ේ නැහැනේ මහත්තයෝ..
අපි දන්නවා ගල් වලින් හැදුවා උනත් , කතා නොකලත් මේ ඉන්න‍ේ දෙයියෝ කියන්න...

මගේ වස්තුව... අපිට වරදින්න‍ේ නැහැ මගේ මහත්තයෝ.... කෙල්ල රෑරා වැටෙන කදුලු ගංගා පිලිබදව කිසිදු කල්පනාවක් නොමැතිව කොල්ලාගේ කම්බුල් උණුසුම් කලේ අතොරක් නොමැති හාදු වර්ෂාවකිනි....

දාලා යන්න නම් කියන්න එපා ආපහු විහිලුවටවත්....මොන දේ වුනත් .... ඒ අපි දෙන්නටමයි.... කෙල්ල ආදරයෙන් කොල්ලාට තුරැල් වෙද්දී කොල්ලාගේ ඇස් රත් කරමින් ගලා ආ උණුසුම් කදුලු කෙල්ලගේ නලල සිප ගත්තා....

------/---/------/-----------------/--------------/

වසර හතරකින් පමණ.....

ඔව්....අපි දැන් පැමිණ සිටින්න‍ේ එ් අති උත්කර්ෂවත් අවස්ථාවටයි....

හෙළයේ මහා සංගීතඥවේදී. , ගායනශල්පී ......... අතින් මේ පිරිනැමෙනුයේ විශිෂ්ඨතම චිත්‍රපට පසුබිම් ගායකයාට හිමි සම්මානයි...... පසුගිය දෙවසර තුළ ගායන කේෂ්‍ත්‍රයේ කිරැලු නොපලන් රජු ලෙසින් විරැදාවලිය ලත් අසහාය ගායක ශිල්පී ........
සඳහායි මේ සම්මානය ......

නිවේදකයා යටි ගිරියෙන් කෑ ගසා ආරාධනා කරද්දී , කොල්ලා නැගී සිට වේදිකාවට ගමන් කලේ හදපුරා උතුරා යන ආනන්දනීය වින්දනයක්ද සමගින්.....

හෙතෙම සම්මානය ලබා ගත්ත‍ේ කන් බිහිරි වන තරමේ උණුසුම් අත්පොලොසන් මධ්‍යයේය...

නිවේදකයා දිගු කරන ලද මයික්‍රෆෝනය ගැහෙන අතින් අල්වාගෙන ඔහු මොහොතක් වේදිකාව මත සිටගෙනම පිරිස අතරින් යමකු සෙවීය...

වචනයක්.... වචනයක්.... කියන්න අවසරයි මට.... බොදවෙලා යන්න තිබුනු හීනේකට නැවතත් මුල් ඇදලා දලු දාලා එන්න ඉඩ දෙමින් වතුර දැම්මේ උදේ හවස.... ඒ  වෙන කවුරැවත් නෙමේ මගේ ආදරණිය බිරිද....

අද මං මෙතන හිටියට.... ඇත්තටම මේ සම්මානේ නියම උරැමක්කාරී මගේ රත්තරං බිරිදයි... ඩොක්ටර්ස්ලත් අතඇරලා දාලා වගේ හිටපු මාව දිරිමත් කරලා අද මේ තත්වෙට ගෙනාවේ මගේ බිරිද....

මං කැමතියි හැමෝම ඉස්සරහා මේ සම්මානේ මගේ අතින්ම බිරිදට ලබා දෙන්න.... එන්න රත්තරනේ .... කොල්ලා අවුරැද්දක විතර බබෙක් තුරැල් කරගෙන කදුලු සලමින් හිටපු කෙල්ලට වේදිකාවට කතා කලා....

කොල්ලාගේ අතින් කෙල්ලට සම්මානය පිරිනැමෙන විට නැගුණු අත්පොලොසන් හඩින් කොන්කීට් බිත්ති පවා දෙදරැම් කෑවා......

===-/-/=/=/=/-=/==-/

නිමි

STM
සුපුන් තාරක වීරකෝන්

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment