#කෙටි කතාව
#පසුතැවීම
උඹව මට දැන් ඇතිවෙලා තියෙන්නේ...මගෙ පෙරකරපු පවකට උඹව කරගහන්න වුනේ මට
අනේ එහෙම කියන්නේ කොහොමද අනුහස් ඔයා...අපි කොච්චර ආදරෙන්ද හිටියේ ... මොකක්ද ඔයාට වුනේ...
උනේද.. වුනේ උඹ නිසා මගේ ජීවිතේ විනාස වුනු එක විතරයි ....
එහෙම කියන්න එපා... අපි කොච්චර බලාපොරොත්තු තියන්ද එක වහලක් යටට ආවේ..දැන් ඔයා මොනාද මේ කියන්නේ... මහත්තයෝ ... මට මෙහෙම සළකන් එපා...
පූර්ණි ඇඩුම් අතරින් මතක් කරේ වසර හයක ප්‍රේමය මල් පල දරා දෙමාපියන්ගේ ආශිර්වාදයෙන් ඔවුන් මේ ගෙදරට ඉස්සරලම ආපූ දවසයි....එදා මොනතරම් අනුහස් පූර්ණිට ආදරේ කළාද....අනුහස් වෙනම ගෙයක් හැදුවෙත් ඔවුන් දෙදෙනාට ආදරෙන් ඉන්න ඕනේ නිසා ....
ඔහු නිතරම කියපු දෙයක් තමයි අම්මලා එක්ක ඉද්දී අපිට නිදහසක් නෑ.ප්‍රශ්න ත් වැඩී...අපි කවදහරි වෙනම ඉමු...එදා මේ වචන ඇහෙද්දී පූර්ණි කොච්චර සතුටු වුනාද ඒ තරම්ම අනුහස් අද කියන කතාවලට ඇය මැරි මැරී උපදිනවා....ඇය ඇදපාමුල ඉදගෙන තවමත් හඬා වැටෙමින් සිටී....
හරි පූර්ණි හරි....අපි මේක හොඳ විදියට විසදාගමු... එන්නකෝ මෙතෙන්ට ..
පූර්ණිට මඳක් සැනසීමක් දැනුනේ දැන්... ඇය අනුහස්ගේ උරහිසින් ඔලුව තියාගෙන අනුහස් කතා කරනකම් බලන් හිටියා...
මෙහෙම රණ්ඩුවෙවී ඉන්න එකේ කිසිම තේරුමක් නෑ පූර්ණි ..
අනේ මහත්තයෝ මං රණ්ඩු වුනාද...ඔයාමයි
හැමදාම මොනවට හරි රණ්ඩු කරන්නේ...මගෙන් මොකක්ද ඔයාට වුනු වැරැද්ද .
අපි දෙන්නා කසාඳ බදින්න ඉක්මන් වුනා වැඩී කෙල්ලේ....
ඇයි දැන් ඔයා මෙහෙම කියන්නේ මහත්තයෝ ...අපිට මොනාද අඩු..අපි දෙන්නටම හොඳ ජොබ් දෙකක් තියනවා.හැමදේම තියනවා.ආදරේ තියනවා... ඉතින් මොනාද අඩු...ඇයි ඉක්මන් උනා කියන්නේ
පූර්ණි...මං කැමතී මේක හොඳ විදියට විසඳගන්න....
මාත් කැමතී මහත්තයෝ....අපි ඔක්කොම අමතක කරලා සතුටින් ඉමු මහත්තයො..
අපි ගැලපෙන් නෑ පූර්ණී... මං දන්නවා මං මේක දැන් කියනඑක වැරදී කියලා....ඒත් අපි දෙන්නම මෙහෙම විදවන එකේ තේරුමක් නෑ පූර්ණි ...
මං ඔයා ලඟ ඉද්දී විදවන් නෑ.අනුහස්..මෙහෙම ලඟකදි ඉඳන් රණ්ඩු වුනේ නැත්නම් අපි කොච්චරනම් සතුටින්ද හිටියේ මහත්තයෝ.....
ඔව්..ඔයා විඳවන් නැතිව ඇති... ඒත් මං විඳවනවා පූර්ණි ...මේ කසාඳේ නිසා මං විඳවනවා...
අනේ දෙයියනේ ඔයා මේ මොනාද කියන්නේ... අවුරුදු 7 ක් ආදරේ කරපු කෙනාද ඔයා මේ... මං ඔයාගේ පණ කියලා නේද හැමදාම කීවේ....
මට ඇත්ත කියන්න ඔයා ඇයි වෙනස්වුනේ... ඔයා වෙන කෙනෙක්ට ආදරේ කරනවද.. කෙළින් කියන්න මට...වෙන කවුරුත් කියනවට වඩා මං කැමතී ඒක ඔයාගේ කටින්ම දැනගන්න.
පූර්ණි අනුහස්ගේ මූණ තමනෙගේ පැත්තට හරවන් ඇහුවා...අනුහස් කරේ බිම බලාගත්ත එක..
බිම නෙමේ මගෙ ඇස් දිහා කෙළින් බලලා කියන්න අනුහස්... ඔහොම මුකුත්ම නොකියා ඉන්න එපා...
ඔව් පූර්ණි ...මං ආදරේ කරන වෙන කෙනෙක් ඉන්නවා...
මොකක්ද මේක ඇත්තක්ද දෙයියනේ... ඔයා කොහොමද මේම වෙනස්වුනේ...
මට ඔයාට බොරු කියන්න ඕනේ නෑ පූර්ණි ... හිතේ වෙනදෙයක් තියන් මං ඔයාට බොරුවට රගපාන එකේ තේරුමක් නෑනේ ..පුලුවන්නම් මාව තේරුම් ගන්න...මාත් කැමති නෑ ඉදිරියට මේම රණ්ඩු වෙවී ජීවත්වෙන්න..
ඉතින් දැන් මට මොකක්ද දෙයියෝ ඔයා කරන්න කියන්නේ... පූර්ණි ඇසුවේ ඇස්වලින් කදුලු වැක්කෙරෙද්දී..
අනුහස් හිටියේ මේක කියනවද නොකියනවද යන්න තීරණය කරගත නොහැකිව.ඔහු හොඳටම දන්නවා පූර්ණි කිසිමදාක තමන්ට වෙනස්කමක් අඩුපාඩුවක් කරල නෑ කියලා.. ඒත් දැන් ඔහු අනූෂාට වසඟ වී හමාරයි.අනූෂාගෙන් තොර ලොවක් ඔහුට හිතාගන්නත් බෑ...අනූෂව ලබාගන්නම් පූර්ණි ව අකමැත්තෙන් වුනත් ජීවිතෙන් ඈත්කළ යුතුයි..
බොරුවට පූර්ණි වරද පටවමින් බොරුවට රණ්ඩුවෙලා දැන් අනුහස්ටද එපාවෙලා..ඒකයි ඔහු අන්තිමේදී ඇත්තම කියන්න තීරණය කළා පූර්ණිට ....
ඔව් අනුහස්... ඔයා මාව තවත් අසරණ කරන් නැතිව ඇත්ත කියපු එක හොඳයි..
පූර්ණි කීවේ අඬලා අඬලා හෙම්බත්වෙලා...
මං ආදරය කළේ ඔයාට... මගේ ඉස්සරලම ආදරේ දුන්නෙත් ඔයාට..අදටත් වෙනකෙනෙක් ගැන හැගීමක් මට ඇවිත් නෑ..මොකද මං ඔයාව මගෙ මුලූ ලෝකෙම කියල හිතුව නිසා..මට ඕනේ උනේ හැමවෙලේම ඔයාගේ ආදරේ විතරයි ..
ආදරේ විතරයි මගෙ මහත්තයෝ මට ඕනේ වුනේ..ඔයාගේ ඒ ආදරේ වෙනකෙනෙක්ට දීලානම් මහත්තයෝ මොකටද මට මේ නීතියෙන් විතරක් අයිතියක්..මට ඕනෙ වුනේ ආදරේ විතටයි...ඒක නැත්නම් මට වෙන මුකුත් එපා..
දැන් ඔයා මේ ඇත්‍ත කීවේ මගෙ හොඳකට නෙමේනේ
මහත්තයෝ ..ඔයාගෙම වාසියටනේ..ඔයා ඇත්ත කියනවා කියලා ඔයා මගෙන් නොකිය ඉල්ලුවේ ඩිවෝස් එකනේ.මං ඒක තේරුම් ගන්න බැරි මෝඩියක් නෙමේ කියලත් ඔයා දන්නවනේ...පේපර්ස් ටික හදන් එන්න.මං සයින් කරන්නම්..පූර්ණි අවසානවතාවට අනුහස්ගේ නළල සිප ගත්තා..
අනුහස්ට කර කියා ගන්න දෙයක් නැතිවුනා.අනුහස් හිතුවේ ඇයගේ අයිතීන් වෙනුවෙන් ඇය රණ්ඩුකරයි කියලා.. අඩුම තරමේ ඇයගේ ආදරය සොරා ගත් ගැහැනිය කවුරුන්ද කියලවත් ඇය සොයා බැලුවේ නැති හැටි..අනුහස්ගේ හිත වේදනාවට පත්වුනේ මෙච්චර හොඳ ගැහැනියගේ හිත පෑරවීමට සිදුවීම නිසයි..
පූර්ණි රෙදි ටිකකුත් පැක් කරන් එලියට ආවා...
අනුහස් මං අපේ ගෙදර යනවා..ඔයා මට පේපර්ස් ටික ගෙනත් දෙන්න මං සයින් කරන්නම්...
පූර්ණිට අනුහගෙන් වෙන්වීම සිතට දැඩි වේදනාවක් ගෙනාවත් ඇය ජීවිතයට හානියක් කරගන්නට තරම් පහත් මානසිකත්වයකට පත් වූයේ නැත.සමහර විට එයට ඇයගේ උගත්කම හේතුවන්නට ඇත. ඇය ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනක ඇදුම් නිර්මාණ ශිල්පිනියක වූවා.ඒ වගේම ඒ ගැන වැඩිදුර ඉගනගැනීමට ආශාවක් තිබුනත් විවාහය නිසා ඒ ආසාවල් සේරම ඇය විවාහය වෙනුවෙන් කැප කරා..
අනුහස්ගේ වෙන්වීමෙන් පසු ඇයට ලංකාවේ සිටීමට ආසාවක් නැති වුනා. ඇය ඒ නිසා බැංකොක් වළ ටෙක්ස්ටයිල් සම්බන්ධ යුනිවර්සිටි එකකට ඇප්ලයි කර වැඩි දුර අධ්‍යාපන ලබා ගැනීමට ගියේ සියලුම දුක් ලංකාවේ වැලලෙන්නට දීය.නමුත් ඇය කෙතරම් උත්සාහ කරත් අනුහස්ව අමතක කරන්නටනම් ඇයට නොහැකි විය.
පූර්ණි ගේ වෙන්වීමෙන් මාස කීපයකට පසු අනුෂාගේ දෙමාපියන්ගේ කීමට අනුෂාව විවාහ කර ගැනීමට ඔහුට සිදු වුනා.අනූෂාත් තමන් වැඩකරපු සේවා ස්ථානයේම රාජකාරී කළ අයෙක්..ඒත් ප්‍රධාන පෙලේ ට්‍රැවල් ඒජන්සි එකක. අනුහස්ට මේ නිසා කවදාවත් මුදල් ප්‍රශ්නනම් තිබුනේ නෑ.
ඒත් අනූෂාටනම් ඇයගේ පඩියත් මදි ඇයටවත්.කිසිම ඉතිරියක් තිබුනේ නෑ.ගත්ත පඩිය සැලොන් වලටම යටවෙද්දී ඇයගේ දෙමාපියන්ට ජීවත්වීමට වියදම් කිරීමට සිදුවූයේත් අනුහස්ටයි..අනුහස් ඒවා එතරම් ගනන් ගත්තේ නැතත් අනුහස් ආදරය උපරිමයෙන් අනූෂාගෙන් බලාපොරොත්තු වුනා.අනුහස් පූර්ණි විසින් ලබාදුන් ආදරයම අනූෂාගෙන් බලාපොරොත්තු වුනත් කවදාවත් ඒ තරම් සැලකිල්ලක් අනූෂාගෙන් ඔහුට ලැබුනේ නෑ... අනූෂා රසට කෑම වේලක් වත් හදන්න ගොඩාක් කම්මැලි වුනා. අනුහස්ට සිදු වුනේ සතියට දවස් ගනනක්ම කඩෙන් කෑමටයි.අනුහස් කඩේ කෑම කන්නට ප්‍රිය නැති වුනත් අනූෂාත් එක්ක වාද කිරීමට අකමැති නිසා සියල්ල ඉවසුවා. .නමුත් අද කවදාටත් වඩා පූර්ණිව මතක් වුනා.
බැරිම තැන ඇයගේ හොඳම යාලුවාගෙන් පූර්ණිගේ නම්බර් එක ඉල්ලන් ඩයල් කරා..
හෙලෝ..
ඇයගේ ගීතවත් කටහඬ ඇහුනත් ඔහුට කතා කරන්න තරම් ශක්තියක් තිබුනේ නෑ.
හෙලෝ කවුද
පූර්ණි ....... පූර්ණිට තමන් ජීවිතේටත් වඩා ආදරේ කරපු පුද්ගලයාගේ කටහඩ අදුරගන්න බැරි වුනේ නෑ..
අනුහස් කෝමද..
ඉන්නවා...
මොකෝ දුකින් වගේ...
සමාවෙන්න මැනිකේ..ඔයාට කරපුවට මං අද විදවනවා.ජීවිතේ කිසිම පිළිවෙලක් නෑ...
මට සමාවෙන්න...
මං ඔයාට සමාව දුන්නේ එදා ගෙදරින් එද්දිමයි අනුහස්...ඒ නිසා ඒ ගැන හිතන්න එපා.
ඔයා මගෙ ආදරේ දුන්නේ එයා මට වඩා හොඳ නිසානේ.. ඉතින් දැන් එයාගේ වැරදි මාත් එක්ක කියන එකේ තේරුමක් නෑ..මොනා වුනත් දැන් වුනු දේවල් වෙනස් වෙන් නෑනේ...ඔයාලා හොදින් ඉන්න.. මොනා වුනත් ආයේ මට කතා කරන්න එපා අනුහස්...
ඔයාට වගේම මටත් මට ආදරේ කරන කෙනෙක් මුනගැහුනා.එයාට කිසිම වරදක් කරන්න මං කැමති නෑ.ඒ නිසා ආයේ මෙහෙම කෝල් ගන්න එපා.සතුටින් ඉන්න..බුදු සරණයි ..
අනුහස් සියල්ල අහිමිවුනා වගේ පෝන් එක දිහා බලන් හිටියෙ... ජීවිතේ ගැන ලොකු පසුතැවීමකින්..
#නිමි
රාජි
උපුටා ගැනීමකි
No comments:
Post a Comment