ස්ථානය - උන්මන්තකාගාරය, අංගොඩ
වෙිලාව - පෙ.ව.10.00
" නර්ස්, අර පේෂන්ට්ව පොඩිඩක් මෙහෙට එක්ක එන්න"
"හොඳයි ඩොක්ටර්"
මම විශ්මි නිවර්තනා. අවුරැදු 27 යි. වෘත්තියෙන් මනෝ වෛද්‍යවරියක්. තවමත් පුහුණු අදියරේ ඉන්න මම මෙි උන්මන්තකාගාරයට අද ආවෙි සුවිශේෂ පුහුණුවකට. ඒ මනෝ විද්‍යාව පිලිබඳව මම හදාරපු න්‍යායික දැනුම ප්‍රායෝගිකව අත්හදා බලන්න. ඒකට මට අද උදවු වෙන්නෙ කාලයක් තිස්සේ මෙි උන්මන්තකාගාරයේ ප්‍රතිකාර ගන්න ගැහැණු ලමයෙක්. එයාගෙ නම ඇරෙන්න වෙන කිසිම තොරතුරක් මම මෙි වෙනකොට දැනගෙන හිටියෙ නැහැ.
තවත් මොහොතකින් නර්ස් එක්ක මගේ ඉස්සරහට ආවෙි තරැණ ගැහැණු ලමයෙක්. තනි කරලට ගොතපු කොන්ඩය ඇගේ පුළුලුකුලෙනුත් පහලට කඩාගෙන වැටිලා. මුහුනේ තිබුනෙත් අමුතුම සිරියාවක්. එහෙත් ඇය නමි හිටියෙ බිම බලාගෙනමයි. අතීතයේ විඳපු වෙිදනාවක මතකයක් ද මන්දා ඒ මූනේ ලස්සන ටිකක් විතර මකලා දාලා තිබුනා. ඇය නර්ස් එක්ක සෙමින් ඇවිදගෙන ඇවිත් මගේ ලඟ තිබුනු පුටුවෙන් වාඩි වුනා. වාඩි වුනා නෙවෙයි නර්ස් වාඩි කෙරෙවිවා කීවොත් හරි.
"ඉතින් සිතුමි, කොහොමද ඔයාට? අද දවසේ ඔයාගේ ඩොක්ටර් තමයි මම"
මම ඇයට එහෙම කීවෙි නර්ස් ඇයව පුටුවෙන් වාඩි කරවලා ඉවතට ගියාටත් පස්සේ. එතෙක් බිම බලාගෙනම හිටපු ඇය හිස ඔසවලා මං දිහා බැලුවා. ඒ බලපු බැල්මෙන්ම ආයෙත් බිම බලා ගත්තා.
"ඉතින් සිතුමි, මම ආවෙි ඔයා එක්ක කතා කරන්න. ඔයා මාත් එක්ක කතා කරනවා නේද?"
ඒ පාර නමි ඇය හිස ඔසවලා අසරණ වුනු දෑස් වලින් මම දිහා බැලුවා. ඊටත් පස්සේ හරිම හෙමින් හිස වැනුවා. මොනවා වුනත් කෙල්ලෙක්නෙ. ඇය ගැන මට අනුකම්පාවක් ඇති වුනා. මෙච්චර පොඩි කෙල්ලෙක් මෙතනට කොහොම ආවද මන්දා...
"හරි සිතුමි , මම ඔයාගේ යාලුවෙක් කියලා හිතන්නකෝ. ඔයාගේ හිතේ තියෙන හැමදේම මට කියන්න. ඔයාට ඒ දේ ලේසි වෙන්නත් එක්ක අපි පුංචි සෙල්ලමක් පටන් ගමුද?"
එහෙම කියපු මම ටක් ගාලා රෙකෝඩර් එක රෙඩි කර ගත්තා. ඒ කරලා මගෙ පලවෙනි මෝහන ක්‍රියාවලිය ආරමිභ කලා.
"හරි සිතුමි.. දැන් ඔයා ඇස් වහ ගන්න. ඒ කරලා ලොකු හුස්මක් අරන් හිත ගොඩක් සැහැල්ලු කර ගන්න.එහෙම කරලා ඇස් දෙක අරින්න"
ඇය මම කියපු විදියටම කලා.
"හරි දැන් මම මගේ අතේ තියෙන පෑන එහාට මෙහාට ගෙනියනවා. ඔයා ඒ දිහාම බලාගෙන ඉන්න.. ඒ දේට හොඳටම අවධානය දෙන්න. ඒත් එක්කම මම කියන දේවල් හොඳින් අහ ගන්න.
තවත් ටික මොහොතකින් ඇයව මෝහනයට ගන්න මට පුලුවන් වුනා.
"හරි..සිතුමි..ඔයාට මාව ඇහෙනවා නේද?
"ඔවි ඩොක්ටර්"
"අන්න හරි.. දැන් එහෙනමි ඔයාගේ හැමදේම මට කියන්න. කොහොමද ඔයා මෙතනට ආවෙි. ඔයාට මොකද වුනේ.. ඒ හැමදේම මට හෙමිට කියන්න.."
මඳ වෙිලාවක් එහෙමම හිටපු ඇය යන්තමින් හිනා වුනා..
දැන් ඉඳලා ඇයගේ වචනයෙන්ම හැමදේම මම කියන්නමි.
"මම සිතුමි දිව්‍යාංජනා. වයස අවුරැදු 26යි.මගේ තාත්තා... එයා කලේ වඩු වැඩ. එතකොට අමිමා.. ගෙදර හැමදේම බලා ගත්තේ එයා.. අපි දුප්පත් වුනාට ගොඩක් ආදරෙන් හිටියා. මට කැමිපස් යන්න පුලුවන් වුනත් ගෙදරට බරක් වෙන්න බැරි නිසා මම පෞද්ගලික ආයතනයක ගිණුමි සහායිකාවක් විදියට වැඩට ගියා.
ටිකක් වෙලා කතා කරපු ඇය කතාව නතර කලා.
"කියන්න සිතුමි.. ඊට පස්සේ මොකද වුනේ"
"ඒ අතරේ දවසක් අපේ ඔෆිස් එකට අලුත් එකවුන්ටන්ටි කෙනෙක් පත් වෙලා ආවා. ලොකු ලස්සනක් නැතත් දැකපු ගමන් කෙනෙක්ගෙ හිත දිනා ගන්න පුලුවන් කතාවක් වගේම, රෑපයක් එයාට තිබුනා. එයා ආවට පස්සෙ ඔෆිස් එක ලස්සන තැනක් වුනා. ඔහුගේ විනෝදකාමි බව නිසාම හැමෝම ආසාවෙන් ඔහු යටතේ වැඩ කරා.
කාලයත් එක්ක අනිත් අයට වඩා සර් මට ගොඩක් ලන් වුනා. ආදරයක්ම නොවුනත් අමුතු හැඟීමක් මටත් සර් ගැන ඇති වෙලයි තිබුනේ. කොහොම වුනත් ආදරේ කරන්න නමි මම ගොඩක් බයයි එතකොට. සර් නිතරම කිටපු කතාවක් තමයි මගේ නම වගේම මාත් ලස්සනයි කියලා.මගෙ කොන්ඩෙටත් එයා ගොඩක් ආදරේ කලා..
කොහොම හරි කාලයක් ගත වෙනකොට සර් මගේ ආදරේ හොරකමි කලා. ඒ තමයි මගේ කුලුදුල් ආදරේ. සර්ගෙත් පලවෙනි ආදරේ මමලු. පුදුමයි සල්ලි තිබිලත් පලවෙනි ආදරේ මම වගේ දුප්පත් කෙල්ලෙක් වෙනුවෙන් පූජා කරපු එක. ආදරෙදි කෙල්ලෝ බොලදයි කියලා මාත් තෙරැමි ගත්තේ මගේ රත්තරන් ලැබුණු දා ඉඳලා. මං පණටත් වඩා සර්ට ආදරේ කලා, විශ්වාස කලා.
දවසක් ඔෆිස් එකේදි සර් මට කතා කලා.
"සිතූ මම මීටින් එකකට යනවා දැන්. පරිස්සමින් හවසට ගෙදර යන්න. හෙට මීටි වෙමු."
එහෙම කියපු ඔහු පිට වෙලා ගියෙ කාටත් හොරෙන් මගේ නලලත හාදුවක් තබමින්.
වෙනදට සර්ගෙ වාහනේ මඟක් දුර එන මම අද තනිවම ආවා. ඒත් මට ගොඩක් දුර එන්න ලැබුනේ නෑ. කවුදො වාහනෙකින් ඇවිත් මගෙ මූණට ලේන්සුවක් තද කරනවා විතරයි මට දැනුනේ්. සිහිය එනකොට මම හිටියේ කාමරේක. පිරිමි කීප දෙනෙක්ගේ කට හඬවල් ඇහුනත් මට ඇස් ඇර ගන්න අමාරැ වුනා. ඒ වෙනුවට මම කලේ දඟලපු එක. ඒත් එක්කම කවුරැ හරි කතා කරා.
"බොස්..බොස්.. කෙල්ලට සිහිය ඇවිත් වගේ."
එතකොටම කෙනෙක් ඇතුලට ආවා මට දැනුනා. මං හෙමින් ඇස් ඇරියා. අනේ්.... මගෙ ඉස්සරහ හිටියේ මගෙ පන ටික. මගේ රත්තරන්. මං දැනගෙන හිටියා මොන කරදරේ ආවත් මාව බෙිරගන්න මගේ වස්තුව එනවා කියලා. මට සතුටට කෑ ගැහුනා
"අනේ දෙවියෝ මාව බෙිරගන්න.මෙි කොහෙද අපි ඉන්නේ.ඔයා කොහොමද මෙතන හොයා ගත්තේ"
මට කියන්න ලැබුනේ එච්චරයි. මගේ ලඟට ආපු සර් අත දිගෑරලා මට කමිමුල් පාරක් දුන්නා. මම පියවි සිහියට ආවෙි තොලට දැනුනු ලේ රසට.
"සර්.. ඇයි මෙි?"
ඒකට ඔහු උමතුවෙන් වගෙ හිනා වුනා..
"තෝ හිතුවද මං තෝව බෙිරගන්න ආවා කියලා.. නෑ මමයි තෝව මෙතනට ගෙනාවෙ. හිඟන්නි තෝ හිතුවද මං උඹව කසාද බඳී කියලා, උඹව පෝරැවෙ තියලා අරන් යයි කියලා"
ඒ වෙලාවෙි මාව පිස්සු වැටුනා. දෙයියනේ මම රැවටුනා. මම අාදරේ කලේ තිරිසනෙක්ට..
"අනේ පිං සිද්ද වෙයි සර් මට යන්න දෙන්න. මං කාටවත් මෙි මොකුත් කියන් නෑ"
මම ඔහුගෙ කකුල් දෙක අල්ලලා වැන්දා.ඒත් එක්කම මට පයින් පාරක් එල්ල කරපු ඔහු සඟයොත් එක්ක මට හිනා වුනා.
"නැගිටපන්.. දැන් ලෑස්ති වෙයන් සුරලෝකේ බලන්න. උඹත් මට තවත් එකියක් විතරයි."
එහෙම කියපු ඒ තිරිසනා මගේ ඇඟට පැන්නේ ගොදුරක් දැකපු කොටියෙක් වගේ. එදා එලි වෙනකන්ම මාරැවෙන් මාරැවට උන් මාව හප කරලා දැමිමා. එලිය වැටුනම උන් මාව නිරැවතින්ම මහ පාරට ගිහින් දැමිමා විතරයි මට මතක. මට සිහිය එනකොට මං හිටියේ ඉස්පිරිතාලෙක.
මෙික දැනගත්තු මගෙ අමිමා වහ බීලා මැරැනා. තාත්තා ඔළුව හැරැනු අතේ ගියා. කාත් කවුරැත් නැති මාව කාලයත් එක්ක මෙි පිස්සන් කොටුවට එවිවා."
........................................................
එක පාරටම සිතුමි අඬන්න ගත්තා.. ඒ වෙලාවෙි මගේ ඇස් වලටත් කදුලු පිරිලයි තිබුනේ.
"හරි සිතුමි මට අන්තිම වතාවට කියන්න ඒ තිරිසනාගේ නම"
"ඒ කාලකන්නියගේ නම හේෂාන් මානවඩුගේ"
බිම බලාගෙන ඇයගේ කතාවට ඇහුම්කන් දීපු මම ඒ ඇසිල්ලෙන් බැලුවගේ මූන දිහා.
"මොක..ක්, හේෂාන් මානවඩුගේ. ඒ මගේ දයාබර ස්වාමිපුරුෂයා. ගැබ්බර මගේ දරැවගේ පියා..ඒ මගේ ආත්ම සහකාරයා"
ප.ලි.
එදා සිතුමි ව මෝහනයෙන් අවධි කරන්නට ඩොක්ටර් විශ්මි නිවර්තනා මෙලොව සිටියේ නැත. නූපන් දරැ ගැබත් සමගම හෘදයාබාධයකින් ඇය මෙලොව අතහැර ගියාය. ඇය විසින් රෙකෝඩර් කරනු ලැබූ තොරතුරු වලට අනුව හේෂාන් මානවඩුගේ හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුණි.
වැරැද්දක් කර කිසිවෙකුටත් සැඟවී සිටිය නොහැක. ස්වභාවදහම හා බැඳුනු දෛවය විසින් දිනෙක නිසි දඬුවම් ලබා දෙනු ඇත. මෙය සමාජයෙහි එක් කතාවක් පමණි.
Uputa ganimak
No comments:
Post a Comment