ප්‍රේමය නම්

** කෙටි කතාවකි...**

..සත්‍ය කතාවකි..

  "ඒ නංගි කියන්නකො අරූට කැමතිද අහ්.."

"අනේ මෙහ් අයියෙ එයාට ගිහින් කියන්න මට එයාව ඕනි නෑ
කියල..මං තාමත් ආදරේ මගෙ රවිදු අයියට.."

"තමුසෙගෙ නම් ඔලුව හොද නෑ.. ඌ ගැන දැන දැනත් ඇයි බං ඌ වෙනුවෙන් නහින්නෙ..උට හතර අතේ කෙල්ලො..ඌට උබත් එක කෙල්ලෙක් විතරයි.."

"ඒ උනාට මට මගෙ හැමදේම එයානෙ අයියෙ.. ඒ නිසා මට බෑ වෙන කෙනෙක් ගැන හිතන්න.."

රවිදු අයියගෙ යාලුව දසුන් අයිය හැමදාම වගේ අදත් මට කියල ගියෙ සතිශ් අයියට කැමති වෙන්න කියල.. ඒත් තාමත් මගෙ හිතෙ ඉන්නෙ මගෙ රවිදු අයිය.. මගෙන් වැඩක් නෑ කියල කුනුහපර කියල බැනල එයා මාව දාල ගිහින් දැං අව්රුද්දකටත් වැඩී.. එයාට කෙල්ලො ඉන්නව කිව්වට මං කවදාවත් ඒව ඇහුවෙ නෑ.. මගෙ යාලුවො වගේම රවිදු අයියගෙ යාලුවො පවා මට බැන්නෙ රවිදු අයිය ගැන දන්න නිසා.. ඒත් මං රවිදු අයියට පුදුම විදියට ආදරේ කලා.. එයාට ඕනි උනේ මගෙන් වෙන දේවල්..ඒ දේවල් මගෙන් ලැබෙන් නැතිකොට එයා මාව දාලා ගියා.. ඒත් මගෙ හිත තාමත් එයාට ආදරෙයි..
මං ඉස්කෝලෙ ඉදන් එලියට එද්දි පිට්ටනිය ලග පැවිලියන් එකේ රවිදු අයිය වෙන අක්ක කෙනෙක්ව තුරුල් කරන් ඉන්නව.. ඒක දැක්කම මගෙ මුලු සිරුරම පන නැති උනා.. ඉස්කෝලෙ ඇතුලෙ ඒ වගේ හැසිරුන එක මට හිතාගන්න බැරි උනා.. ඒක දැක්කම මට මාව පාලනය කරගන්න බැරි උනා.. මං ආපහු ඉස්කෝලෙ ඇතුලට දුවන් ගිහින් පුස්තකාලෙ ලගට වෙලා හොදටම ඇඩුව.. හිතේ දුක එන්න එන්නම වැඩි වෙවී එයාලා හිටපු විදිය මැවි මැවි පේද්දි මට මාව පාලනය කරගන්න බැරි උනු නිසා මං කොන්ක්‍රීට් බිත්තියට පාරක් ගැහුවෙ මගෙ අතින් ලේ එන්නම.. අඩ අඩම ආයි ආයි අත බිත්තියෙ ගහ ගද්දි පුස්තකාලෙ ඇතුලෙ ඉදන් ආවෙ දසුන් අයිය..

"ඒ නංගි..තමුසෙට පිස්සු හැදිලද අහ්..මොනවද මේ කරන්නෙ.."

දසුන් අයිය මං ලගට දුවන් ඇවිත් මගෙ අත අල්ලල ඒකෙන් ගලන ලේ දැකල මං දිහා තරහෙන් බලන් ඉදල මගෙ කනට ගැහුවෙ මාව වටයක් කැරකිලා යන්නම..

"මොකක්ද උනේ කියනව.."

"අ...අයි...යේ.. රවි..දු අයිය.... "

"ඔව් උට මොකෝ.."

"එයා... අක්ක කෙ...නෙක් එ..ක්ක පැවිලියන් එකෙ...."

මට කියාගන්න පුලුවන් උනේ එච්චරයි..මගෙ ඇඩිල්ල තව තව වැඩි උනා..

"තෝ මගෙම නංගි වගේ මං හිතන් හිටියෙ..රවිය මගෙ බොක්ක උනත් ඌ වැරදි නිසයි මං උබට කිව්වෙ ඌව අතෑරල අමතක කරල හිත හදාගනින් කියල..ඌ උබව දාලා ගිහින් දැං කොච්චර කල්ද යකෝ.. තවත් ඇයි ඌ වෙනුවෙන් නහින්නෙ.. මෙහෙ එනව යන්න.. මෙතන ඉදල මොකෙක් හරි දැක්කොත් තෝ ඉවරයි.."

දසුන් අයිය එහෙම කියල මගෙ අත ලේන්සුවකින් ගැට ගහල මාව ඒලෙවල් ක්ලාස් එකට එක්කන් ගියා..

"ඔහොම ඉන්නව..මං තමුසෙගෙ යාලුවෙක්ව මෙහෙට එක්කන් එන්නම්.."

එහෙම කියල ගියපු දසුන් අයිය ආයි ආවෙ මගෙ යාලුව මලීෂා එක්ක..

"අහිංසා..මොකක්ද යකෝ මේ කරගත්තෙ.. "

"අනේ මට බෑ බං"

මලීෂව බදාගෙන මං ඇති වෙනකන් ඇඩුව.. දසුන් අයිය වගේම එයාලගෙ ක්ලාස් එකේ අක්කලත් මට කිව්වෙ හිත හදාගන්න කියල..මෙච්චර දේවල් වෙලත් මගෙ  හිත තවත් රවිදු අයියට ආදරෙයි.. එක පාරටම ක්ලාස් එකට දුවන් ආවෙ රවිදු අයිය එක්ක හිටපු අක්ක..

"නංගි..ඔයාට පිස්සුද අහ්..ඔයාට රවිදුව ඕන් නම් මං දෙන්නම්..මට එයාව එපා.."

ඒ අක්ක මගෙ අත අල්ලගෙන එහෙම කියද්දිම රවිදු අයියත් එතනට ආව..

"තමුසෙට මාව එපාද රශ්මි.ආහ්.. "

මං දිහා නිිකමටවත් බලන් නැතුව රවිදු අයිය රශ්මි අක්ක එක්ක කතා කරේ..

"තමුසෙ හින්ද තමා මේ සේරම.. අත පය තුවාල කරගන් නැතුව එක පාර මැරියන්කො ගිහින් අපිට පව් නොදී පට්ට #$%&.."

රවිදු අයිය මං දිහා බලන් එහෙම කියද්දි හැමෝම මං දිහා බලන් හිටියෙ.. කරකියාගන්න දෙයක් නැතුව අන්ත අසරණ වෙලා මං අඩ අඩම ඩෙස් එකට ඔලුව ගහගත්ත..
ටිකකින් රවිදු අයිය රශ්මි අක්කව එක්කන් එලියට ගියා..මලීෂයි දසුන් අයියයි මං ලගින්ම ඉදගෙන මොන මොනවදෝ කිව්වත් මට දෝංකාර දිදී ඇහුනෙ රවිදු අයිය කියපු වචන..

එදා ගෙදර ඇවිත් අම්මලටත් බොරු කියල අතට බේත් දාගෙන කාමරේට වෙලා අඩ අඩම මං හැමදේම අමතක කරන්න ගොඩක් උත්සහ කලා..

"මං මොනව කරාටද මගෙ රත්තරන් අයියෙ මට ඒ වගේ කැත විදියට හැමෝම ඉස්සරහ බැන්නෙ.. ඔයා මට ලං වෙනවට අකමැති උනේ අපි තාම ඉගෙන ගන්න නිසා.. ඒත් ඔයා මට ඒ වගේ බැන්නෙ මං ඔයා එක්ක නරක විදියට හිටිය වගේනෙ..එතන හිටපු අය මං ගැන මොනව හිතන්න ඇතිද අයියෙ.. මට... මට ආදරේ නැතත් මං ගෑනු ලමයෙක් නිසාවත් එහෙම කතා නොකර ඉන්න තිබුන ඔයාට.. ඇයි අයි...යෙ..ඇ..යි..."

දවස් ගානක් අඩ අඩම ඉදල මං හිත හදාගත්තෙ මගෙ අම්ම නිසා.. මේ දවස් ටිකටම මගෙ වෙනස අම්මට හොදටම දැනුන..

ඒත් එයාගෙන් මේ දේවල් හංගල මං ආයිමත් මගෙ වැඩ පටන් ගත්ත.. වෙනද වගේම ඉස්කෝලෙ ක්ලාස් ගියා.. යාලුවො එක්ක ඉද්දි ටිකක් හරි හිත නිදහස්.. ඒත් යාලුවො එයාලගෙ ආදරේ ගැන කතා කරද්දි මගෙ හුස්ම හිර වෙනව වගේ දැනුනෙ මං මොන තරම් පව්කාරියක්ද කියල හිතිල.. මං පන වගේ ආදරේ කරපු කෙනාට මාව සතේකට වටින් නැති උනා.. මට උනු හැමදේම චිත්‍රයක් වගේ මැවෙද්දි මගෙ හිතේ රවිදු අයිය ගැන තිබුනු ආදරය ගෞරවය ටිකෙන් ටික නැති වෙලා ගියා.. මං එයාව අමතක කරන්න හිත හදාගෙන මගෙ විභාගෙ වැඩ වලට හිත යොමු කලා..මගෙ රත්තරන් අම්ම තාත්ත වෙනුවෙන් මං හොදට ඉගෙන ගත්ත.. දැං මං රවිදු අයිය ගැන හිතන්නෙම නැති තරම්..

අද මට ඒලෙවල් විභාගෙ..අම්මට වැදල ආශිර්වාද අරන් මං විභාගෙ හොදටම කලා..
අද ඉස්කෝලෙ යන අන්තිම දවස.. අව්රුදු ගානක් ජීවිතේ ලස්සනම කාලෙ කියල හිතාගෙන එක බත් එක කාගෙන සතුටින් ගෙවපු ඒ ජීවිතේ අදින් ඉවරයි.. යාලුවො හැමෝම එක්ක ඉදල මං හවස ගෙදර ආවෙ..
නාලා කාල මං ඇදට එද්දි මගෙ ෆෝන් එකට මැසේජ් එකක් ආවෙ අදුරන් නැති නම්බර් එකකින්..

"නංගි.."

ඒ මැසේජ් එකේ තිබුනෙ එච්චරයි..දන්නෙ නැති නිසා මං ඒකට රිප්ලයි නොකර හිටිය.. ටිකකින් ඒ නම්බර් එකෙන්ම මට කෝල් එකක් ආවා..

"නංගි.."

"කව්ද.."

"මං මං සතිශ් අයිය.."

"හ්...කියන්න අයියෙ.."

"නංගි දැං අව්රුදු 3ක් විතර.. මං මෙච්චර කල් ඉවසුවෙ රවිදුව අමතක කරන්න ඔයාට කාලෙ ඔන නිසා..දැං එක්සෑමුත් ඉවරයි නේද.. ඔයාට මං ගැන පොඩි හරි අදහසක් නැද්ද නංගි.."

"අයියෙ..ඔයා ගොඩක් හොද කෙනෙක් තමා..ඒත් ආදරේ ගැන මට විශ්වාසයක් නෑ.. ආයි රැවටෙන්න මට බෑ.. මේ ඉන්න විදිය මට හොදයි.."

"ඔයාට බැයිද මට එක අවස්තාවක් දෙන්න අහ්.."

"මට ටිකක් කල් ඕනි අයියෙ.."

"හරි නංගි..ඕන තරම් කාලයක් අරන් මට උත්තරයක් දෙන්නකො.ම්ම්.. මං තියන්නම්..බුදුසරණයි"

සතිශ් අයිය ෆෝන් එක තිබ්බට පස්සෙ මං ඇගේ අමාරුවටම ටිකක් නිදාගත්තෙ.. එක්සෑම් ඉවර නිසා මං යාලුවො එක්ක කෝස් එකක් කලා.. සතියක් විතර ගෙවිල යද්දි සතිශ් අයිය ආයි මට කතා කලා..

"නංගි..මොකද කියන්නෙ..තව කල් ඕනිද.."

"අයියෙ මං කැමති.. හැබැයි මං රවිදු අයියට තරම් කාටවත් ආදරේ කරල නෑ..එයා මාව රිද්දුව එක විතරයි කලේ.. ඔයත් එහෙම කරන්න හිතනව නම් පිං සිද්ද වෙයි මට ලං වෙන්න එපා.."

"නෑ කෙල්ලෙ..මං එහෙම කරන් නෑ.මගෙ ආදරේ දැනුනොත් මට ආදරේ කරපන් නංගි ඒ ඇති.. මට කැම්ති කිව්ව ටිකම ඇති මට.. මේ වචන ටික අහන්න කොච්චර කල් බලන් හිටියද..මට පුදුම සතුටක් දැනෙන්නෙ නංගි.."

සතිශ් අයියගෙ හඩ වෙව්ලනව.. ඔව් ඒ සතුටට වෙන්න ඇති.. කාලෙ ගත වෙලා යද්දි දන්නෙම නැතුව මමත් එයාට ආදරේ උනා.. සතිශ් අයිය මාව පුදුම විදියට පරිස්සම් කලා.. මට මහ හුගක් ආදරේ දුන්න.. ඒ ආදරේ මට මහ මෙරක් වගේ..

"ඒයි මැට්ටි.. "

"මොකෝ කටුස්සෝ"

"අර අතන ඉන්න කෙල්ල මං දිහා බලන් ඉන්නව් ඇයි දන් නෑ.."

සතිශ් අයිය එහෙම කියද්දි ම්ං එහා පැත්ත බැලුවෙ..ඔව් එතන ඉදගෙන අපේ වයසෙ වගේ කෙල්ලෙක් අයිය දිහා බලන් හිටියෙ.. මං ඒ කෙල්ල ලගට ් ගියෙ තරහින්..

"ඒයි ..ඒ මගෙ බෝයිෆ්‍රෙන්ඩ්..තමුසෙ මොකද එයා දිහා බලන්නෙ අහ්.. එයා මගෙ. ආයි මගෙ කොල්ල දිහා බැලුවොත් අස් ගෙඩි දෙක ගලෝල දෙනව ජිල් බෝල ගහන්න.."

"හා නංගි.."

ඒකි මං කියපු දේ විහිලුවට අරන් එහෙම කියද්දි මට තවත් මල..එතකොටම වගේ සතිශ් අයිය එතනට ආව..

"බබා.. මේ ඉන්නෙ මගෙ නැන්දගෙ දුව සචිනි.."

මගුලයි..වස ලැජ්ජාව..සතිශ් අයියයි   සචිනි මං දිහා බලන් හිනා වෙනව..

"අයියේ මෙයා  ඔයාටම හරියනව.. මරු කෙල්ලෙක්නෙ.. "

සචිනි එහෙම කියද්දි අයියත් මට නෝන්ඩි හිනාවක් දැම්මෙ..

.අපේ ජීවිත ලස්සනට ගලාගෙන ගියා..මගෙ ගෙදරින් වගේම සතිශ් අයියලගෙ ගෙදරිනුත් අපේ ආදරේට බධාවක් දැම්මෙ නෑ..
ඔහොම ඉද්දි එක දවසක් මට රවිදු අයිය කතා කලා..

"නංගි අනේ මට සමාවෙන්න මට ඔයාව ඕනි අනේ ප්ලීස් මං ලගට එන්න.."

"සොරි අයියෙ..මං.සතිශ් අයියට ආදරෙයි..එයත් එහෙමයි..අපි ගොඩක් සතුටින් ඉන්නෙ.. ඔයාට ගොඩක් පිං මට දුක් දීල මාව දාල ගියාට..ඔයා එහෙම මට බැන්නෙ නැත්තම් මට ඔයාව අමතක කරන්න අමාරු වෙන්ව.. ඒත් දැං මං ගොඩක් සතුටින්..ඔයත් ඔයාගෙ ජීවිතේ හදාගන්න.. ආයි මට කතා නොකෙරුවට කමක් නෑ.. බුදුසරණයි"

මං ෆෝන් එක තියල සතිශ් අයියට කතා කරල සේරම විස්තරේ කිව්ව.. එයා මට කිසි දෙයක් කිව්වෙ නෑ.. මං ගැන එයාට ලොකු විශ්වාසයක් තිබුන.. සතිශ් අයියට ආදරෙයි කියපු නිසා අද මගෙ ජීවිතේ හරි ලස්සනට ගෙවිල යනව..

"ආදරෙයි මහත්තයෝ මං..මේ කෙල්ලට මෙහෙම ආදරේ කරනවට ඔයාට පිං.."

"මගෙ පිස්සු කෙල්ල.. ඔය දග කෙල්ලට මාත් පුදුම ආදරෙයි "

ආදරේ කියන්නෙ එක පාරක් වැරදුනාම ජීවිතේ නැති කරගන්න එක නෙවේ.. අපිට ජීවිතේ වරදින අවස්තා තියනව.. ඒව හදාගෙන ඉස්සරහට යන්න අපි දැනගන්න ඕනි..ආදරේ කියන්නෙ විදින දෙයක් විදවන දෙයක් නෙවේ.. ❤️❤️

   ඉමාෂා තත්සරණි..
   ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment