මියැදි සිහින

#මියැදි_සිහින

වැහි බිංදු එක්ක එන සුලගට සදුන්ට සීතලක් ගෙන ආවත්,සදුන් එය භාරගත්තේ කැමැත්තෙනි.
අෑත වලාකුලු අදුරු වූ ඒ අහස සිපගෙන ඉන්නවා වගේ සදුන්ට පෙනුනේ.
තමාගේ බිදුනු හිතත්,ඒ අදුරු අහසත් එක වගේයැයි සදුන්ට හිතුනා.

"ජීවිතේ හැටි ඔහොම තමයි,දෛවය මොන සරදමක් කරත්...අපි ජීවිතේට මුහුන දෙන්න ඕන"

අවුරුදු හතරක් ගෙවිලා ගියා කෙල්ලා තමන් ගෙන් අෑත් වෙලා සදහටම යන්න යාවිද..."
'මම හැමදාම ඔයාගෙම තුරුලේ ඉන්නද සදුන්'
සුලගත් එක්ක එකතුවෙලා අෑත එහෙම කියනවා වගේ සදුන්ට ඇහුනා.

ආදරේ මේ ලෝකේ ලස්සනම හැගීම,සුන්දරම හැගීම කිවුවට මේ සුලග වගේම සදුන් ගේ හදවත් බිද දමයි කියලා සිතුනා.

අවුරුදු හතරකට කලින්...,

වෙනදා වගේම සදුන් කැම්පස් ඉවරවෙලා මාතර බස් හෝල්ට් එකට ආවේ බෝඩිමට යන්න.ඒත් බස් වර්ජනේ නිසා සෑහෙන්න වෙලාවක් සදුන් හිටියා.

සදුන් ගේ ඇස් මොහොතකට නතර වූයේ එහි සිටි අහින්සක පෙනුමක් තියෙන කෙල්ලෙක් ලග.
ඇත්තටම මේ කවුද මේ වගේ කෙනෙක් සදහටම මගේ වෙනවා නම් සදුන් හිතින් හිතුවා.
හිතින් එහෙම හිතමින් ඇගේ දිහා බැලුවා "ලස්සනයි" මගේම කරගන්න ඕනේ.

සදුන් ගේ නෙත් ඇගේ ලග තමන් දිහා මෙහෙම බලන මේ කෙනා දිහා කෙල්ලා හැරී බැලුවා.සදුන් හිනා වුනා.
කෙල්ලත් පොඩි හිනාවක් දැම්මා.

ඇත්තටම මම මීට කලින් මෙයාව කොහෙදිද දැක්කේ සදුන් එහෙම හිතනවා,මතක් වෙන්නේ නැ.ඇත්තටම පොඩි ආදරයක් ඇති වුනත් මේ කවුද.

කෙල්ලට පොඩ්ඩක් ලං වෙනවා දැන් දෙන්නගේ කතාව

"අද බස් නැහැලු"

හ්ම්ම්ම්ම්ම්

"ඔයා කොහේද"
"මම ගම්පහ"
අද මම මේ ගෙදර යනා නිවාඩුවට

එහෙමද ඔයා මොනවද මෙහේ කරන්නේ ඉතින්

"මම රුහුනේ ඉන්නේ පලවෙනි අවුරුද්ද"
කොල්ලට ඇත්තටම සතුටුයි ඒ කොල්ලා ඉගෙන ගන්නෙත් රුහුනේ නිසා.

"එහෙනම් මම යනවා" කෙල්ලා එහෙම කිවුවා
ඔ..යාගේ නම මොකක්ද?

"සමාදී"

හ්ම්ම්ම්ම් බුදුසරණයි කොල්ලා එහෙම කියද්දී කෙල්ලට පුදුමයි.
ඇත්තටම මේ වගේ කොල්ලොත් ඉන්නවද මේ මොහොතේ තමාට මුනගැසුනු ඔහු ඇයට "බුදුසරණයි" කිවුවා.

අයේත් පුරුදු විදියට දෙන්නගේම කැම්පස් ජීවීතේ පටන් ගන්නවා.
හැමදාම සමාදි ව සෙවුවත් ඇය දැක්කේ නැහැ.
"කවදාහරි දකීවිනේ එතකම් ඉවසලා ඉමු" කොල්ලා එහෙම හිතනවා.
මෙහෙම ආයෙත් හමුවුනු මේ දෙන්න ලස්සන ආදර කතාවක් පටන් ගන්නවා.
ආදරේ දවසින් දවස වැඩි වෙනවා කියලා කතාවක් තියෙනවනේ.
මේ ආදරෙත් එහෙමයි.

වේගයෙන් බයික් එක පදවගෙන ආව සදුන් බයික් එක මාතර මුහුදු වෙරල ලග නතර කරනවා.
"හැබැයි ඔන්න අදත් වෙන අයගේ ආදර කතා ගැන කියන්න එපා,දැන් අපිට අපේ ආදරේ තියෙනවා ඒ ගැන කතා කරන්න"
සදුන් කෙල්ලට බයිසිකලෙන් බහින් ගමන් කිවුවා.

අර දෙන්නා අපි දෙන්නා එන හැම දවසෙම මෙතන ඉන්නවා නේද....අපිටත් හැමදාම අපේ වෙලා ඉන්න තියේනම්.
සමාදි එහෙම කියන්නේ සමාදිගේ ගෙදර ගැන ඇය හොදින් දන්න නිසාය.

කිසිම කෙල්ලෙකු ඉදිරියේ තමාගේ හිත සසල වෙලා නැහැ,ඒත් මෙයා මාව වෙනස් කරා.දැකපු පලවෙනි දවසෙම මට ආදරේ හිතුනා.
මේ සංසාරේ පතාගෙන ආවා බැදීමක්ද,නැත්නම් අපේ හිත් රිදවා ගන්න ඇතිවුනු බැදීමක්ද.
මොකක්දෝ දරාගන්න බැරි දුකකින් සදුන් ගේ හිත පිරී යනවා.

"අපි යමුද සමාදී"
'ඇයි මොකද වුනේ,තව වෙලා තියෙනවනේ"
"අපි යමු මම යනගමන් කියන්නම්"

සදුන් ගේ බයිසිකලයට නගින විටත් සමාදී කල්පනා කරේ මේ ඉක්මන් වෙනස්වීම ගැනය.
සමාදී සදුන්ට කොච්චර ආදරේ කරනවද,ඒ වගේ කොල්ලෙක්ගෙන් ආදරේ ලබන්න කෙල්ලෙක් ඇත්තටම පිං කරන්න ඕන.මේ ජීවිතේ ඒ ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම්,ඒත් දෙයියනේ මේ ආදරේ හීනයක්ම විතරක් වෙයිද,
ජීවිතේ කියන්නේ මෙහෙම දෙයකටද,මොහොතින් මොහොත හැම දේම වෙනස් වෙන එකද,තේරුම් ගන්න බැරි දේවල් එක පිට එක වෙන එකටද?
"මට මේ දේවල් හිතා ගන්න බැ සදුන් කොහොමද මම ඔයාගේම වෙලා ඔය එක්ක ඉන්නේ,අපේ ගෙදරින් ඔයාට කැමති උනේ නැත්තේ ඇයි කියන්න මම දන්නෙත් නැ.
අපි ඉක්මනටම අපේම තැනක් හදාගෙන යමු එතකම් ඉන්න.
සියලු තීරණ ඔහුගේය,දැන් තියෙන්නේ නිහඩව ඉන්නට පමණි.
"හෙලෝ කියන්න සදුන් මොකද මේ මහ රැ මාව මතක් වෙලා"

"හෙට අපි බදිනවා උදේට එන්න බස් හෝල්ට් එකට මම ඔයාව ගන්න එන්නම්"

"හෙ...ට ........"

"ඔවු හෙට තමයි ඔයා එන්නේ නැද්ද"
"මම එනවා මගේ මහත්තයෝ"

උදේ ඉදන් කොල්ලා යාලුවා එක්ක බලන් ඉන්නේ කෙල්ලා එනකම් ඉවසිල්ලක් නැතිවය.
සමාදී ආවේ නැත.මේ සිදුවන්නේ කුමක්ද/
මගේ ආදරේ බොරුවක් උනාද...සමාදී ඇයි ආවේ නැත්තේ

"මම මොකක්ද බන් එයාට කර වැරැද්ද හදවතින්ම ආදරේ කර එකද"

"කෙල්ලෝ එහෙමයි මචං,ආදරේ කරන්න කෙල්ලෝ ඕන තරම් ඉන්නවා ඒත් දැන් බලපන් කසාද බදින්න එන්නේ නැ"

"අපි යමු බන් මේ තේරුමක් නැති වැඩක්"

මගේ ඇස් දෙකේ අද කඳුළු පිරිලා තියෙන්නේ ඔයා නිසා. ඔයාට මම තරම් තව කෙනෙක් ආදරේ කරාවි කියලා මම හිතන්නේ නැහැ.. එහෙම කරන්න තරම්, ඔයාගේ විශේෂ ගතියකුත් නැහැ..

කොල්ලා ගේ මුලු ජීවීතේම බලාපොරොත්තු නැති වී ගියා.

"මට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් මම බලන් හිටියා,ඔයා මාව රැවැට්ටුවා සමාදී.තරහක් නැ ඉන්න තැනක් හොදින් ඉන්න ජීවීතේ ලස්සන කරගන්න"
සදුන් හිතින් ප්රාර්තනා කරමින් යන්නට ගියා.

.........................................................................................
හෙලෝ සදුන් ඉක්මනට හොස්පිටල් එකට එන්න

"ඇයි ඇයි මොකද වෙලා තියෙන්නේ"

ඔයා එන්නකෝ....ආවම කියන්නම්

"හ්ම්ම්ම්ම්ම්ම්ම්...මම එන්නම්"

රෝහලට යන සදුන්ට දැකගන්න ලැබුනේ රෝහලේ ඇදක නිසොල්මන් සමාදිගේ රුවයි.

"දෙයියනේ මේ මොකද මේ ඇයි සමාදී කතා කරන්න ප්ලීස්"

'එදා උදේ ඔයාව මැරි කරන්න්න එනකොට සමාදී ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ...එයාගේ ජීවීතේ තියෙන්නේ තව පොඩි වෙලාවක් විතරයි සදුන්"

"මම ඉන්නේ කොච්චර දුකින් ද , කරදරෙන් ද ඔයා දන්නව ද
ඔයා දන්නේ නැ මගේ හිතේ තියෙන වේදනාව කොයිතරම්ද කියලා"
"ඇයි දෙයියනේ අපිට මෙහෙම වෙන්නෙ , අපි කාටවත් වැරැද්දක් කරලා නැ
ඔයා නිසා මගෙන් වැටුනු මේ හැම කදුලක් ගානෙම මම ඔයාට තියෙන ආදරේ වැඩි උනා"

ඒ ගැන මම දන්නවා මම තරම් ඒ ගැන වෙන කවුරුවත් තේරුම් ගන්නේ නැ.
"මම ඔයාට දිවුරලා කියන්නම් මම වෙන කාගෙවත් වෙන්නෙ නැ සත්තයි"
"මම මේ ලෝකේ ඉන්නකම් ඔයාව වෙන කාගෙවත් වෙන්න දෙන්නෙ නැ බබො"
ඔයා එහෙම හිතන්නවත් එපා මගේ මහත්තයෝ ඔයා තමයි මගේ ජීවිතේ
හැමදාම ඔයාගෙ තමයි මම.

ආදරේ නාමෙන් අපි දෙන්නා අද වෙනකම් වින්දේ දුකනේ
අපි දෙන්නා තරම් ඒක තේරුම් ගන්න කෙනෙක් නැ බබා
ඔයාගේ ඔය සෙනෙහස නිසා තමයි  මගේ ජීවීතේම තියෙන්නේ
මා දාලා ඔයා ගියෝතින් මම අසරණ වෙයි
"හැමදාම ඔයගෙමයි මම"
කෙල්ලාගෙ පපුවට තුරුල් වුනේ හා පැටියෙකු ලෙස උනත් ඒ උනුසුම විදගැනීමට මේතරම් කාලයක් රෝහලේ ඇදක සිටි සමාදීට  වාසනවක් නොතිබිණ.
හැමදේම,හැමෝම දමා සමාදී මේ ලෝකෙන් සමුඅරගෙන අවසානය.

සදුන් ඇද බදාගෙන හැඩුවත් සමාදීගේ නිසල රුව සුදු රෙදිකඩින් වැසී ගොස් හමාරය.

කතෘ - : නිම්මික

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment