කවුරුද හැඩුවේ..කාටද රිදුනේ

#කවුරුද_හැඩුවේ_කාටද_රිදුනේ...👇👇👇

මොකද බන් පත්තරේට මූන ඔබාගෙන...මොනාද අද විස්තර... ජනාධිපතිට නැගලලු බන්...
යකෝ රතිඤ්ඤා වැලක් ගෙනෙන්... මන් මෙච්චරකල් හිතන් හිටියෙ ඕකට නගින්නැතුව ඇති කියල...
නෑ හුත්තෝ... අපෙ එකාට මල පැනලා... ආන් කොරියාවෙන් ගේම ඉල්ලනව කියන්නෙ...
හම්මට යකාද නැගල තියෙන්නේ... මන් හිතුවා දැන්වත් පිරිමිකම් පහල වෙනව ඇති කියල...
අඩෝ මේවා නම් පව් වැඩ ඈ... බලපන් 18ක කෙල්ලෙක් කෝච්චියට බෙල්ල තියලලු...
මොනවාහ්..... කොහෙද...කෝ...කෝ...
මෙ තියෙන්නේ ලොකුවටම... ගම්පහ ටියුෂන් ආ 18 හැවරිදි පාසල් සිසුවිය  යකඩ යකාට බිලි වේ...
මොන හුත්තක්ද බන් මේ... මේ අවුරුද්දට කී වෙනියද ඔය... අනේ  අම්මප අපි මෙහෙ ජීවත් වෙන්න දගලනවා... උන් ජිවිතේ අත අරින්න දගලනව...
දේව්.... මටත් හිතෙනව මේ ඔක්කොම අත ඇරල කෝච්චිකයට පුක තියල එන්න...
එපා බන් වැඩක් වෙන එකක් නෑ...උබෙ ලග තියෙන ජීවන සුවද යකඩ ගොඩකට උනත් ඈත තියා අදුර ගන්ඩ පුලුවන්... එ නිසා අනිවා කොච්චියක් උනත් නවත්තනවා...
අනේ තෝ හෙන සුදනද... යකෝ තොට තියෙන්නෙත් එක ජොකයි... තෝ ඕක හෝද හෝද අදිනව... නැත්තන් මගෙ එකෙක්ට කෙලිනව... මන් කියන්නෑ ඉතින් උබෙ ජාතකේ...
ආ...ආ... කට..කට... මේ කියෙව්වා ඇති පලයන් අදවත් ෂීට් ඩෙක තුනක් අල්ලලා කීයක් හරි හොයා ගමු...
දේවයි මායි කරේ කෝච්චි වල ෂීට් අල්ලලා අදාල උන් ආවාම පොඩි ටිප් එකක් ගත්තු එක... ඔය ඉදල හිටල පොඩි පොඩි බිස්නස් එහෙමත් කරනව... දුප්පත් උනා කියල අපිට බඩගින්න දැනෙන්නෙ නැතුව තියෙවි ඈ...

........................................................................

ආ.... එන්න නෝනා... අර කෙලවරේම ෂීට් එක නෝනගෙ....
මොකක්... නෝනා.... මාව නෝනෙක් වගේද පේන්නේ...
අනේ නෑ නෝනා... ඉතින් අපි වැදගත් ඕනම කෙනෙක්ට නෝනා කියල කතා කරන්නේ...
හිකිස්... ආ... හරි හරි... ආ මෙන්න...
අනේ එපා නෝනා... සල්ලී ඕන නෑ....
මොකක්ද හුත්තෝ තෝ ඒ කෙරුවේ...
ඒකි රුපියල් පන්සීයක් දික් කෙරුවා... ඕයී... මනී... මනී... මනීයෝඕඕඕ....
දේවා කෑ ගහනකොටයි මට හොද සිහිය ආවේ... එතකන් මන් කොහෙ  හිටියද මන්ද...
ඈ බොල... තෝ අර දුන්නු පන්සීය එපා කිව්වෙ මොකද...
ඈ ඒකී එච්චර ගානක් දුන්නද බන්...
තොට පොට්ටයා ගහලද ඉන්නෙ...බලපන් අපි මුලු උදේ වරුවම ෂීට් ඇල්ලුවත් ඔය ගාන හොයා ගන්න බෑ... තෝ ඒකිගෙ කිරි මණ්ඩලේ දිහා බලාගෙන හිටියේ... සල්ලී එපා කියල...
ඇත්තටම මන් ඒකිගෙ ඇස් දිහා බලාගෙන හිටියේ... ඒවා ඒ තරම් නිල් පාටයී... මොනව උනත් හොද වැදගත් පවුලක කෙල්ලෙක් වෙන්න ඇති...
අනෙ මචන්... එච්චර ගානක් ගන්න එක හොද නෑනේ බන්... මන් ඒක ගත්තානන් ඒකී හිතයි අපි හිගන්නෝ කියල...
ඉතින් යකෝ අපි හිගන්නොන්ටත් වඩා අන්තයිනේ....
දේවා කියන කතාව ඇත්ත... අපි දවසේ ආදායම හොයා ගත්තෙත් බෝම ගේමක් දීලා... බෝඩිම් කුලියයි කෑම බීම වලට වියදමයි  ගියාම අපිට සොච්චමක්වත් ඉතුරු වෙන්නෙ නැ...

........................................................................

මොකක්ද බන් අර වැටිලා තියෙන්නේ...
ආ...පර්ස් එකක් බන්... අහුල ගනින්...
මනී... මොකද බන් දැන් අපි මේකට කරන්නේ...
ඕක නමල පුකෙ ගහ ගනින් බන්...එතකොට ඔක්කොම හරි...
හුත්තෝ... මේක කෙල්ලෙක්ගෙ පර්ස් එකක්...
ඉතින්...
ඉතින් කියන්නෙ... පව් හුත්තෝ... කාගෙ උනත් අපි මේක ගිහින් දෙමු බන්...
ඉස්සෙල්ලා බලපිය ඕකේ මොක්කුද ඉන්නෙ කියල... කවුද දන්නෙ බෝම්බයක්ද කියල...
පිස්සුද යකෝ... දැක්ක ගමන් කියන්න පුලුවන් මේක කෙල්ලෙක්ගෙ කියල...
මේන් මෙහෙ දියන්... ආ.... මොනවද බන් මේ... කොල කෑලි ටිකකුයි... රුපියල් 500 කුයි  විතරයි  තියෙන්නේ...
මනී බලපන් අයි ඩී කාඩ් එක තියෙනවාද කියල...??
ආ...ම්ම්ම්.... ඕ...ඕ... ඒකත් තියෙනවා...
මට මේකේ නම කියව ගන්න බෑනේ දේව්
කො බලන්න මෙහෙ දියන්... හම්මේ පොෂ් කැල්ලක් වෙන්ඩැති බන් බලහන්කො නම.... සඳූ ස්ටෙෆනි...
මොන ටොෆී....
ටොෆි නෙවේ යකෝ ස්ටෙෆනී...
යකෝ නම නම් තියෙනව එලිසබට් රැජිනගෙ අසල් වාසියෙක් වගේ...පර්ස් එකටම තියෙන්නේ රුපියල් 500යී...
කමක් නැ බන්... අපි මේක ගිහිල්ලා දෙමු...
කෝ බලන්න ඔය පොටෝ එක පොඩ්ඩක් පෙන්නහම්... දැකල පුරුදුයි වගේ.... දේවා...මෙ අර කෙල්ල බන්... අද උදේ කෝච්චියෙදි මට 500ක් දික් කරේ...
අඩෝ ඔව්  බන්... මේ ඒ කෙල්ල තමා...
දේවා මේ... අපි මේක ගිහිල්ලා දෙන්න ඕනනේ... යමන්.... යමන්... ඉක්මනට යමන්...

........................................................................

දේවා... මේක ගෙයක්ද... නැත්තන් මාලිගාවක්ද...??
අනේ මන්ද බන් මනී... බලහන්කො සයිස් එක....
ගනින් කකුල...
මොකද හුත්තෝ වෙලා තියෙන්නේ...
ඔය තණකොල පාගන්ඩ එපා... කවදා හරි ඉතින් ඕවා මේ මනියගෙ...
ආ....ආ...ආ... ඔය පැන්නේ බලල මල්ලෙන් එලියට... මට හිතුනා ඔයා මෙහෙට එමු කියද්දිම...
මනී ගහපන් බෙල් එක...
ඩිං...ඩොංංං..... ඩිං... ඩොංංං...///
මනී තොට පිස්සුද... ඕක බෙල් එකක් යකෝ... සෙල්ලම් බඩුවක් නෙවේ....
හා ඉතින් ඉදහන්... මොකෙක් හරි එලි බහිනකන් මන් මේක ඔබනව...
ඒ ඔන්න එනව... නවත්තපන් දැන් ඕක...
දේවා කවුද බන් මේ තාර බැරල් එක...
කෙල්ලගෙ අම්මා වෙන්ඩ ඇති බන්...
මචන්... අපි උන්ගෙ අම්මව ටෝක් කරමුද...
කැරි කතා කියන්ඩ එපා මනියෝ... ආව වැඩේ කරල යමු...
ඇන්ටී... මේ සඳූ නංගිලගෙ ගෙදරද...
මනී තෝ දන්නේ කෝමද ඒකී නංගී කියල....
ඇයි හිපියෝ... ඒකිගෙ අයි ඩී කාඩ් ඒකේ උපන් දිනේ තිබුනනෙ...
ඔව් පුතා.... පුතාලා කවුද...
ආ ඇන්ටි අපි ආවේ මේ පර්ස් එක දීලා යන්න....
කාගෙද ඕක...
ආ ඇන්ටී... මේක සඳූගේ... පාරෙ වැටිලා තිබිලා හම්බුනේ... අයි ඩී එක තිබුනු නිසා හොයාගෙන ඇවිල්ලා දීලා යන්න හිතුවා..
ආනේ... මොන තරම් හොද ලමයි දෙන්නෙක්ද... එන්න පුතා ඇතුලට තේ එකක් බීලම යමු...
අනෙහ් එපා ඇන්ටි අපිට පරක්කු වෙනව... අපි වෙන දවසක එන්නම්කෝ
දේවා මොකක්ද තෝ ඒ කරෙ... ගානට ඇතුලට රිංගල ඒ සී එකක ආතල් එකේ ඉන්න තිබුනා ටික වෙලාවක්...
අනෙ මනී කට පුක වහන් වරෙන් යන්ඩ...

........................................................................

මනී... අර... අර බලපන්... මොකක්ද එතන වෙන්නේ... ඇයි මිනිස්සු වට වෙලා...
දේවා යමන්... අපිත් ගිහින් බලමු...
හයියෝ... මොකක්ද මේ වෙලා තියෙන්නේ...
දේවා ඇයි මොකක්ද සීන් එක...
මනී... කෙල්ලෙක් කෝච්චියෙන් පැනල බන්...
වෙන අය කෝච්චිවලට බෙල්ල තියනවා... මේකී කෝච්චියෙන් පැනල... අනේ ඇත්තට... ජීවීතේ වටිනාකම දන්නැති මෝඩ හැතිරියෝ...
මනී කොහෙද යකෝ යන්නේ... ලගට යන්න එපා... ඒකි මැරිලා ඇති... අල්ලන්න යන්න එපා මෝඩයෝ... අන්තිමට තෝවත් මාට්ටු වෙයි...
දේවා එහෙම කිව්වට කෙනෙක්ට කරදරයක් වෙලා තියෙනකොට අහක බලන් ඉන්න මට බෑ... කිසි කෙනෙක් එ කෙල්ල ගාවටවත් ගියෙ නැ...ඕන කෙහෙල් මලක් වෙයන් කියල මන් ලං උනා...
දේවා... වරෙන්... ඉක්මනට වතුර ටිකක් ගෙනෙන්... මෙයාට තාම පන තියෙනවා... කවුරු හරි ඉක්මනට වාහනයක් නවත්තන්න... අපි මෙයාව ඉක්මනට හොස්පිටල් අරන් යන්න ඕන..
මූන දීගට වැටිලා තිබුනු කොණ්ඩේ අයින් කරා විතරයි... මට අදහ ගන්න බැරි උනා.... මේ ඒ කෙල්ල... ඇග දිගේ ලේ ගලාගෙන යනව... මන් දැකපු නිල් පාට ඇස් දැන් ලේ වලින් තෙත් වෙලා... මන් එයා දිහා බලාගෙනම හිටියා... එයත් මන් දිහා බලාගෙනම හිටියා...
මනී ඉක්මන් කරහන්... අපි දැන්ම හොස්පිටල් යන්න ඕන...
දේවා අරගෙන ආව වීල් එකට මන් ඒ කෙල්ලවත් උස්සගෙන ගොඩ උනා...
අයියේ අපි ඉක්මනට හොස්පිටල් එකට යමු......

........................................................................

බය වෙන්න එපා නංගි... මන් ඉන්නකන් ඔයාට කිසි දෙයක් වෙන්න ඉඩ දෙන්නෙ නෑ...
ඒකි කතා කරන්න මාර ට්‍රයි එකක් දෙනව...
අ..යි...යි..යු.. ය්වෙ.. අයියෙ වද වෙන්න එපා... මන් මේ ලෝකේ ජීවත්..ත්ම්ම්ම්...
වෙලා.. වැඩ...ක්... නෑ...
කෙල්ල හිමින් හිමින් කතා කරනකොට මගෙ ඇස් දෙකෙන් කඳුලු කැට වැටෙන්න පටන් ගත්තා... අදුරන්නැති කෙනෙක් වෙනුවෙන් මේ මනියා අද අඩනව...
කතා කරන්න එපා නංගී... අපි දැන් හොස්පිටල් එකට හුගක් ලගයි...
නෑ අයියේ... මගෙ ජිවිතේ දැන් කාලකන්නි වෙලා ඉවරයි.... ඊයේ රෑ... ඊයේ රෑ... ඔව් ඉතින්...
මන් කාල්ස් ඇරිලා ගෙදරට එද්දී... කවුද මන්ද මිනිහෙක්... මාව අරගෙන ගියා අයියේ... කොහෙද කියල මන් දන්නෙ නෑ... ඒ මිනිහා...ක්ක්..ක්ක්ක් මට හුගක්..ක්ක්.. ම්ම්ම්ම්ම්.... වඳ දුන්නා අයියේ... සිගරට් එකකින් මගෙ පපුව  පිච්චුවා... කලුවර නිසා මට මූන පෙනුනේ නෑ... බලන්න මගෙ බෙල්ල...ක්ක්..ම්ම්ම්... පිටි පස්සේ... ඌ හපල... තුවාල පාරක්...
කෙල්ල දිගින් දිගටම විසතරේ කියනව... මේ අහින්සක කෙල්ල මොන වැරැද්දක් කරාටද  ඒකිට අද මෙහෙම උනේ...
කතා කරන්න එපා නංගී... ඇස් දෙක ඇරගෙන මන් දිහා බලාගෙන එන්න...
තවත් එක අසහන කාරයෙක්ගෙ අතට අහුඋනු මෙ කෙල්ල විදපු දුක් කෙල්ල මන් එක්ක කියනව... හිතල බලන්න... කොච්චර අසරණද... බලෙන් වද දෙද්දී...
සඳූගෙ ඔලුව හොදටම තුවාල වෙලා ලේ ගොඩක් යනව...
අයි...යී...ක්ක්... යේ... සමාවෙන්න... මට යන්න වෙනව...
නෑහ්................. එපාහ්..........................
ඇස් අරින්න..... අනේ ඇස් අරින්න....
කතා කරන්ඩ... නංගී.... කතා කරන්ඩ....
මන් දැකපු ඒ නිල් පාට ඇස් මගෙ ඉස්සරහම සදහටම පිය වෙලා ගියා...
මට පන්සීයක් දුන්නා... පර්ස් එකේ තිබ්බෙත් පන්සීයයී... ඒ කියන්නේ... මේ කෙල්ල ජිවිතේ අත අරින්නම ආව අන්තිම ගමන තමා මේක.... මන් ඒක ගත්තෙ නැති උනාම මෙයා ඒක ස්ටේෂන් එකේ බිම දැම්මා...ඒ... මූන දිහා බලාගෙනම... කදුලු වක්කරන්න ගත්තු මම... දෙවියන්ට ශාප කරා... ලස්සන ජීවිත විනාශ වෙලා යනව... තොපි උඩ ඉදල හැමිනෙනවද... ඇයි උබලට මේවා පෙන්නැත්තේ...
මට කෑ ගහල ඇඩුනා... තවත් එක ජීවිතයක් සදහටම නැති උනා.......

          ::::::::::::  නිමී :::::::::::
සහන් පුනර්ජීව

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment