යෞවනය

€€€€€€යෞවනය€€€€€                        
(කෙටිකතාවකි)

ලිතුලි කෙල්ල රොබරෝසියා මලක් වගේ ඈතට පෙනුනෙ හරිම ලස්සනට...

"ලිතූ ඵනව මචං,අපි මකුලුව විසිකරමු ⁣ඇගට?

"මකුලුව ඵ්කිට බය වෙයි බං,⁣කාල බෝමිබයක්නෙ මහ"
අවන්ත කිවිවෙ හොර පාට ඇස් දෙක බිමට හරවගෙන..

අවන්ත අකමැති වුනා ලිතුලිගේ සුදුමූණ රතුවෙන විහිලු කරල තමන්ගෙ ලකුණු කපාගන්න.
"අන්න පැන්න බලල් තඩියෙක් මල්ලෙන් ඵලියට,,
මකුලුව බය නෑ බං ලිතුලිට,අවන්තයා බයයි පොල් බෑ මූණ ජමිබු  ටයිප් වෙයි කියලා..
මචං අවන්තයා, Double Game ගහන්න ඵපා බං. අරෙහෙ ඵකියෙක් පන දෙන්න හදනව  උඹට..
අවන්ත පැනපු ගමං සහන්ගේ වාචාල කට මිරිකුවෙ සදහටම වහල දාන්න වගේ..
ලිතුලි ලැසි ගමනින් කොලු රැල හුන් පඩිපෙල ලගට ආව..
අවන්ත දිහාව හීන් සීරැවෙන් බලපු ලිතුලි
කඩිමුඩියේ පඩිපෙල නැග ගත්තෙ flight ඵක මිස් වෙන්න යන ගානට.

"සමකෛා්ණි ත්රිකෝණයක,අවන්ත ඇත ඵක මුල්ලක ,
අපේ ලිතුලි තව මුල්ලක....

සහන් ගේ වාචාල කට ඔහුටත් නොදැනීම විවර උනේ සියුම් උපහාසයකුත් ඵක්ක.
අවන්තට අසූහාරදාහකට තරහ ගිය නිසා සහන් ඵතනින් මාරැවුනා..
Private campus ඵකක ඉගෙනගත්ත සහන් තරමක සෙල්ලක්කාරයෙක් වුනා..
"අනේ ලිතූ අපි වචනයක් කතා කරමු.."
ලිතුලි නව යොවුන් තරැණියක් වුණ නිසා ඇයටත්  නොකියාම මල්සර හී පහර ඇගේ හදවත සිදුරැ කරලයි තිබුනෙ.
"අවන්ත අයියා සිද්ධාර්ත් කපුර් වගේමයි..
ලිතුලි යටි හිතින් සතුටු වුනා,ඇය හිතුවෙ  අවන්තගේ සින්නක්කර අයිතිය තමන්ටම ලැබුන කියලයි.."
################

අපර්ණා නෙල්ලි ගහ යට බංකුවට වෙලා නෙල්ලි හපන ගමනුත් කල්පනා කරේ අවන්ත ගැන,
කොල්ල මෙි පාලු හැන්දෑවෙ මෙතන හිටිය නමි
අපර්ණාව දෑතින්ම ඔසවලා වටයක් කරකවනව,ඵ් බව මතක් වෙචිච  අපර්ණාගෙ මුහුනෙ  මනමාල හිනාවක් ඇදුනා..
ඇවැස්ස මස්සිනා වෙචිච අවන්ත අයිය කොළඹ ඉදන් උසස් අධ්‍යාපන කටයුතු කරා..
නමුත් දෙන්නගෙ විවාහය තීන්දු වෙලයි තිබුනෙ..
#########################

"දුව අපර්ණා ,කැමති සාරි දෙක තුනක් ගන්න.
Engagement වලට ඇදුමි ගන්න ආය කොලඹ ඵන්න බෑන"
අමිමාගෙ ඇවටිල්ල නිසා අපර්ණා ඇය ඵක්ක කොළඹ ආවත් අනිත් කෙල්ලන් කරනව වගේ අවන්ත ගේ අතේ ඵල්ලිලා ඇවිත් ඇදුමි ගන්නයි ඇයට ඔිනෙ වුනේ..
#########################
ලිතුලි ගේ සුන්දර මුහුණත්,හැඩකාර සිරැරත් අවන්ත ගේ තරැණ සිත උමතු කරලයි තිබුනේ ..
ජාත්‍යන්තර පාසැලක ඉගෙනගත් ලිතුලි තවමත්  දහසයක නව යෙ⁣ෟවනියක් වුනා...
"අවන්ත අයියෙ ඵදා අපිව තාත්තිගෙ යාලු⁣⁣⁣වෙක් දැකලනෙ,
ලිතුලි උන්නේ අවන්තට තුරැලු වෙමින්..
"ඉතිං කෙල්ලෙ මොකද වෙන්නෙ,අපි කොහොමත් ඵකතු වෙනවනෙ"
අවන්ත ඇය දැඩිව ග්රහනයට නතු කරගත්තේ
ආරක්ෂාව තහවුරැ කරන්නට වගේ,,
##########################
අපර්ණාගේ පියා උන්නේ අවන්ත ගේ පියා සමග සුහද පිලිසදරක...
"ඵ් කාලෙ මෙහෙමද ජයේ රටෙි තත්වෙ,ගාමිණි දිසානායක මහත්තයලා නියම නායකයොනෙ"

හදිස⁣ියේම නාද වු⁣නේ අවන්තගේ පියාගේ දුරකථනය..
"සර් අපි පොලිසියෙන් ,අවන්ත කියන පුද්ගලය අවුරැදු අවුරැදු 18ට අඩු ගෑණු දරැවෙක් ඵක්ක හෝටලයක ඉදල අහුවෙලා දැන් arrest කරල තියෙන්නෙ"
පොලිස් නිලධාරියාගේ උස් හඩට අපර්ණාගේ
පියාගේ දෑස් තෙත් වුනා .
###############
කොලඹ ඉදන් ආපු තාත්තා වටෙි අපර්ණා හොර  පූසියක් වගේ කැරකුනේ අවන්තගේ  අලුත්ම විස්තර දැනගන්න.
ඇගේ පලමු ආදරය වෙචිච අවන්තගෙන් තොර ලොවක් ඇයට තිබුනෙම නෑ.
තාත්තාගේ නිහඩ බවට හේතුව අපර්ණා දැනගත්තෙ මහ රෑ අමිමා සමග තාත්තා කල රහස් කතා⁣ෙවන්..
##############
අපර්ණාගේ මල සිරැර ලිදෙන් ගොඩගත්තේ  අමිමාගේත් තාත්තාගේත් විලාප හඩ මැදදෙන්.....

"තරැණ ජීවිත විනාස කරගන්න ඵපා, හිතට වහල් වෙලා.හැමදේම අනිත්‍ය  බව තේරැමි ගන්න..,"
බණට ආපු හාමුදුරැ⁣ෙවා් මොනා කිවිවත් අපර්ණාගේ අමිමටවත්,තාත්තටවත් හිත නමි හදාගන්න බැරිවුනා....
මි⁣දුලේ නෙල්ලි ගහ යට බංකුව පාලුවට ගිහිං තිබුණා,,,,,,
###############
(අපර්ණලා ,ලිතුලි ලා සහ අවන්තලා වෙනුවෙන් ලියමි)
~~~~~~~චාමිකා අරවින්දි ~~~~~~~

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment