මම කෙටිකතා කියවන්න ගොඩක් ආසයි යාලුවනේ....
පුංචි කෙටිකතාවක් ලියන්න හිතුනා...කියවලා ඔයාලගෙ අදහස් කියන්න...
💔💔 ජායාරූපය👈👈
" ඩොක්ටර්...ඩොක්ටර් කෙශාන්..පොඩ්ඩක් ඔහොම ඉන්න..."
මං වෝඩ් එකෙන් එලියට ආවේ බෝඩිමට යන්න හිතාගෙන වුණත් වැඩිදුරක් යන්න උනේ නෑ...හුරු පුරුදු හඬක් ඇහුණ නිසා ආපහු හැරිලා බැලුවා...
" ඔහොම ඉන්න ඩොක්ටර්..."
හිතුව වගේම ඒ කටහඬේ අයිතිකාරිය තමයි අමාලි...ඇය හිටියෙ මං දිහාවට දුවන් එන ගමන්...මං එතනම නතරවෙලා ඇය දිහා බලන්හිටියෙ මොකක්ද මේ හදිස්සිය කියලා හිතනගමන්.....
" කියන්න අමාලි...."
නර්ස් අමාලි මට ලංවෙනවත් එක්කම මං එයාගෙන් ඇහුවෙ තවත් ඉවසන් ඉන්න බැරි නිසාමයි...
" ආයෙම අර පේෂන්ට අමාරුවෙලා ඩොක්ටර්..ආයෙම දඟලනවා..කන්ට්‍රෝල් කරගන්න අමාරුයි..."
අමාලි කියද්දී මගේ හද ගැස්ම වෙනස්ම විදියකට ගැහෙනවා කියලා දැනුණා...
" යං...අපි ගිහිල්ලම බලමු අමාලි..."
හදගැස්ම වැඩිවන පියවරක් ගානෙ මං ගියෙ ඇයව හොයාගෙන....
මං වෛද්‍යවරයෙක්....මානසික වෛද්‍යවරයෙක්...මං වැඩ කරන්නෙ කව්රුත් දන්න අංගොඩ මානසික රෝහලේ නේවාසික රෝගීන් වෙනුවෙන්.....
මං මේ යන්නෙ මගෙන් ප්‍රතිකාර ලබන ඈ ව හොයාගෙන.....
දකින දකින වාරයක් ගානේ මගේ හදගැස්ම වෙනස්කරන ඇය..ඔබේ වචනයෙන් කිව්වොත් පිස්සියක්...මගේ වචනෙන් කිව්වොත් තවත් එක් රෝගියෙක්.....ඒත් තවත් එක රෝගියකුට එහා ගියපු බැඳීමක් අපි අතර තියෙනවා කියලා ඇයව දකින දකින වාරයක් ගානෙ මට දැනෙන්න ගත්තා....
දවසකට දෙනෝදාහක් දෙනා දකින මගේ ඇස් දෙක ඇගේ බියගුලු බෝල දෑස් දිහා බලද්දී හිරිවැටිලා යනවා....
ආදරය,,විරහව,,වියෝගය,,ආදී දහසකුත් ප්රශ්න නිසා මානසික රෝගීන් හෙවත් පිස්සන් බවට පත් වූ බොහෝ දෙනෙක් මට මුණගැහිලා ඇති....ඒත් ඈ වෙනස්...සැබෑවටම වෙනස්...
මං ඇයව දකින පලවෙනි දවසෙ ඈ හිටියෙ තරමක් විශාල ජායරූපයක් පපුවට තුරුලු කරගෙන බයේ ගුලිවෙලා ගැහි ගැහී....එදා ඒ දැකපු ඇස්වල කඳුළු ගතවුණු අවුරුදු එකහමාරක කාලය තුල මං ඇයව දකින හැම දවසකම ඒ ඇස්වල පිරිලා ඉතිරිලා තිබුණා......
පස්සෙ ආරංචිවුණ විදියට ඇගේ ඒ ඡායාරූපයෙ ඉන්නෙ ඇගේ පෙම්වතා කියලා දැනගන්නට ලැබුණා......
කාලයත් එක්ක හිමි වෙලා තිබුණු තමන්ගෙ ආදරය අහිමි වූ වේදනාව දරාගන්නට බැරිව ඇය උන්මත්තිකාවක වී තිබුණා..
හිතන්න...කොහොම ආදරයක් ද ඒක..ඇය ඔහුට කෙතරම් නම් ආදරය කරන්නට ඇති ද...
තවමත් ඔහුගේ ජායාරූපය සමඟ මනසින් ජීවත් වන්නට තරම් ඇය ඔහුට ආදරේ කරන්නට ඇති....
ඇය නමින් අනුරාධා මධු අමාලි....වාට්ටුවෙ කව්රුත් ඇයට කතා කලේ මධූ කියලා...විශ්වාස කරන්න අමාරු වුණත් ඇය රෝහල්ගතවී සිටි වසර එකහමාරක කාලය තුල ඔහුගේ ඒ ජායාරූපය එක මොහොතකට හෝ ඇය අත්හැරියෙ නැති තරම්...
ඒ ජායාරූපය නිසාම ඇයව අනෙකුත් රෝගීන් සමඟ තියන එක ඉතා අපහසු වුණා...
ඒ නිසාම ඇයව වෙනත් රෝගීන් ගෙන් වෙන්ව තබන්නට සිදු වුණේ කාලයත් සමඟ නිරායාසයෙන්....
" අනේ මාව ලෙහපල්ලා...මාව අත ඇරපල්ලා...යන්න දීපල්ලා මට..අනේ මගේ මහත්තයෝ මාව අරගෙන යන්න...අනේ..මා..මාව...අත ඇරපියව්....."
මං කාමරේට යනකොටත් කෙල්ල කෑ ගහ ගහ අඬනවා......මගේ පපුව පිච්චිලා ගියා....
මමත් ආදරයෙන් පැරදුන චරිතයක්..ඒත් මගේ හිත මධූගෙ හදවත වගේ දුර්වල නැතුව ඇති...
නැත්නම් මං මධූ තරමටම ආදරේ කරපු කෙනෙක් නෙවෙයි වෙන්න ඇති....
හුඟක් වෙලාවට වෙන්නෙ කෙල්ල පපුවට තුරුල්කර ගෙන අඬන ඒ ජායාරූපය කව්රු හරි තවත් මානසික රෝගියෙක් ඇවිත් කෙල්ලගෙන් උඳුරගන්න එක තමයි..ඒ වෙලාවට නම් මධූ යක්ෂනියක් වගේ කුරිරු වුණා.....වාට්ටුවම දෙවනත් වෙන්න කෑ ගැහුවා..දැඟලුවා...
" දෙයියනේ කෙනෙක් ට පුලුවන් ද හැම මොහොතකම මෙහෙම ඇස් වල කඳුළු පුරවගෙන ඉන්න....තත්පරයක් තත්පරයක් ගානෙ අඬන්න..."
ජායාරූපය බදාගෙන අඬාවැටෙන කෙල්ල දිහා බලාගෙන මම හිතුවා.....ඇත්තටම ඇගේ ඇඬිල්ල කවදාවත් නතර වුණේ නෑ...හීනෙන් පවා ඇය අඬන්න ඇති...
" පිස්සු සක්කරවට්ටම...මොකෙක් හරි එකෙකුට රැවටිලා මෙතැන ඇවිත් අපට දස වද දෙනවා..."
මම පිටුපසින් ඉන්නවා නොදැකපු ඇටන්ඩන් කතාකරේ බෙඩ් ෂීට් එකකින් මධූගෙ අතක් ඇඳට ගැටගහන ගමන්...
ඇය රෝහලෙන් පැන යන්න වගේම සියදිවි නසා ගන්න උත්සාහ දරපු දවස් බොහෝ තිබුණා...ඉතින් ඇයව ගැටගැසිය යුතු වුණා....
" ඩොක්ටර්..."
මාව දැකපු ඇටන්ඩන් නෝනා බිම බලාගෙනම මට ඉඩ දීලා මධූගෙන් ඈතට වුණා....
"ඩොක්ටර් අපි දැන්..."
කතා කලේ මාත් එක්ක ආපු නර්ස් අමාලි...
" මං ඒක බලාගන්නම් නර්ස්...."
මධූට ලංවෙන්න පුළුවන් එකම කෙනා වුණේ මම විතරයි...හේතුවකට හෝ අහේතුවකට මධූ මගේ ඇස් ඉදිරියෙ විතරක් නිහඬ චරිතයක් වුණා...ඒක මගෙ ප්‍රතිකාර වලටත් පහසුවක් වුණා...
ඒ වගෙම තමයි මධූගෙ අතේ තියෙන ඔහුගේ ජායාරූපය අතට අරගන්න පුළුවන්වුණ එකම එක්කෙනත් මම විතරයි....මධූ මේ විදියට මට අවනත වෙන්න එක හේතුවක් තිබුණා...ඒ තමයි ඒ ජායාරූපය....මධූගෙ මුලු ලෝකෙම වුණු ඒ ජායාරූපය.....
ඒ ජායාරූපයෙ හිටපු ඒ පිරිමි රුවෙත් මගෙ රුව අතරත් තරමක් දුරකට සමානකමක් තිබුණා....ඒ හින්දම මධූ මට අවනත වුණත් ඇය මාත් සමඟ එක වචනයක් වත් කතා කලේ නෑ...කතා කරන්න උත්සාහ කලෙත් නෑ...මාව දකින හැම මොහොතකම මධූ ගල්ගැහෙනවා විතරයි....ඒ බෝල ගෙඩි ඇස් දෙකෙන් මං දිහා බලාගෙන ඉන්නවා විතරයි...
" මොකද වුණේ කෙශාන්..."
ඒ කතා කලේ හොස්පිට්ල් එකේ දි මගෙ හොඳම යාලුවා වුණු ඩොක්ටර් කපිල...
" ටැබ්ලට්ස් දුන්නා....මං තව කී දවසකට මේක කරන්න ද කපිල..."
මම කිව්වෙ උහුලගන්න බැරි හැඟීමකින් හදවත පිච්චිලා යද්දී....මං දන්නෙ නෑ ඇය මට පමණක් අවනත වීම හමුවේ මා හිත වෙනස්වන වෙනස්වීම..
" ඔහොම ගියොත් සඳහටම කරන්නයි වෙන්නෙ..නේද ඩොක්ටර් කපිල..."
අපි දෙන්නගෙ කතාවට ඩොක්ටර් ජිනාදරිත් එකතුවුණේ ඒ විදියට....ඇය මං ගැන බලාපොරොත්තු තියන් ඉන්නෙ මං ඇයව දුටු මුල් කාලයේ ඉඳලම කියලා මට දැනගන්න ලැබුනෙ කපිලගෙන්...
ඒත් ආදරය අතහැර ජීවතය ගෙවපු මගේ අවධානය හිමි වුණේ රැයක්දවාලක් නොබලා ජායාරූපයක් බදාගෙන අඬාවැටෙන මධූට විතරයි....
" ඩොක්ටර් කෙශාන් දැන් රැවුල වවන්නෙත් මධූගෙ පොටෝ එකේ ඉන්න බෝයි වගෙනෙ..."
මට තවත් ජිනාදරීගෙ කතා අහන්න ඕන නැති නිසා මං බෝඩිමට ආවා....ඇත්තටම මං උත්සාහ කරමින් ඉන්නෙ මධූගෙ පෙම්වතා වෙන්න දෝ කියලා හිත දහස්වරක් ප්රශ්න කරන්න ඇති.....
කොල්ලෙක් නිසා තමාවම තමාට නැතිකරගෙන ඉන්න මධූව එයාගෙ පවුලෙ අය පවා නොසලකා හැරලා තියෙද්දි ඉඳලා හිටලා හරි ඇයව බලන්න ආවේ ඇගේ මව විතරයි...ඒත් මධූට ඇයව පවා හඳුනාගන්නට බැරිතරම් මානසික කම්පනයක් සිදුවෙලා තිබුණා....
*********
" හෙලෝ...."
" ඔව් ඩොක්ටර් කපිල කියන්න..."
කවදාවත් නැතුව එදා හොස්පිට්ල් එකට එනගමන් ඉඳපු මට ඩොක්ටර් කපිලගෙන් ඇමතුමක් ලැබුනෙ ඒ විදියට...
" මධූව බලන්න කවුද බෝයි කෙනෙක් ඇවිත්...එකපාරටම එයාව කාටවත් බලන්න දෙන එක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්..."
ඩොක්ටර් කපිලගෙ ඒ වචනටික ඇහෙද්දී මගෙ හෘද ස්පන්දන වේගය වැඩිවුණා....
" ඔව්...ඔව්...එ එයාට ඔහොමම ඉන්න කියන්න මං...මං ටෙන් මිනිට්ස් වලින් ඔතන..."
මධූට සනීප වෙන හැටි....සනීපවෙලා ඒ පිරිමියත් එක්ක ගෙදර යන හැටි චිත්‍ර පට දර්ශනය ක් හා සමානව මගේ දෑස් ඉදිරියෙ මැවී මැවී පෙනුනා.....
මම දිව්වෙ කරන්නෙ මොනවද කියලා හිතාගන්නත් බැරුව..හොස්පිට්ල් එකට ආපුගමන්ම මම ගියෙ කපිලව හොයාගෙන....
" මොකක්ද දැන් කරන්නෙ කපිල..."
" මං හිතන්නෙ ඒ තමයි මධූ ආදරේ කරපු බෝයි...මධූට ටැබ්ලට්ස් වලට වඩා වැදගත් එයාව....අපිට පුළුවන් එයාව යූස් කරලා මධූට ට්‍රීට්මන්ට් කරන්න කෙශාන්...."
ඩොක්ටර් කපිල කිව්වෙ මගෙ උරහිසට අතක් තියනගමන්.....ඔහුට මගේ ස්පන්දනය තේරෙන්න ඇති....
" ඒත්...ඒත් කපිල...මධූ...මධූ හිතන් ඉන්නෙ ඒ මං කියලා....මෙච්චර කාලයක් ඒ විදියටයි මං එයාට ට්‍රීට්මන්ට් කලේ...දැන්...දැන් එකපාරටම ඒක වෙනස් කලොත් එයාගෙ මනසටත් ඒක බලපායි නේද...."
මගෙ කතාවෙ ඇත්තක් තියෙනවා කියලා කපිලට නොතේරුනාම නෙවේ වෙන්න ඇති....කපිල ටික මොහොතක් කල්පනා කලා....
" ඒත් කෙශාන්..අපි අසාර්ථකයි..මධූට ඕනි වෙන්නෙ ඒ බෝයිව...එයාගෙ ආදරය..සෙනෙහස..මං හරි නේද??..."
කපිල උත්සාහ කරේ ගැටලුවේ සැබෑ ස්වරූපය මට පෙන්නලා දෙන්න...ඒත් මේ තරම් කාලයක් අමාරුවෙන් සනීපකරගෙන ඉදිරියට ගෙනාපු ඒ ජීවිතය විනාස වෙයි දෝ කියලා හිතට බයක් නොදැනුණා නෙමෙයි.....
" ඔව් ඒක හරි කපිල...මට තේරෙනවා...ඒත් ඒත් ඒ බෝයිට ආපහු මධූගෙ ලයිෆ් එකට එන්න බැරිනම්...එහෙමනම් අපි මෙච්චර කල් මධූව සනීප කරන්න ගත්ත උත්සාහය විනාස වේවී...ආයෙත් එයාව දැකලා අසනීප තත්වෙ වැඩිවේවි...."
මගේ හිත තේරුම් ගන්න පුලුවන් ඉතින් කාටද...
" ඒත් කෙශාන්.ඔයා නිසා මධූට සනීප වුණත් එයා කවදහරි ඇත්ත දැනගත්ත දවසටත් අපිට ඔය කියන අවදානම ගන්න වෙනවා..."
කපිල කියන කතාව ඇත්තය...මධූ දැනගතහොත් ඇගේ පෙම්වතා මා නොවන බව ඇගේ තත්ත්වය ආයෙම බිංදුවට වැටෙන්නට ඉඩ කඩ ඇත....
මා ඔහු සොයා ගියෙමි....ඔහූ ඈ සිටි කාමරයට නොදුරින් පුටුවක වාඩි වී සිටියේ මිතුරෙකු සමඟ වන්නට ඇත....
" මම කෙශාන්....මධූට ට්‍රීට්මන්ට් කරන ඩොක්ටර්..."
මා ඔහුට මා හඳුන්වා දුන්නෙමි....
" ඩොක්ටර්...ඩොක්ටර් මම සජිත....."
ඉතින් තවත් කතා බහ කුමටද.....
මම සජිතත් සමඟ ඈ බලන්නට ගියෙමි....ඒත් ඇයට නොපෙනෙන්නට ඔහුව තබා ගත්තේ ඇය තවත් කම්පනය වීමට ඉඩ ඇති බැවින්ය....
" අනේ දෙවියනේ මේ මගේ සුදූ නෝනා..ඇයි දෙයියනේ මෙහෙම කලේ මට...මං කොහොමද මෙහෙම ඉන්න මගෙ මැණික දිහා මේ පව්කාර ඇස් දෙකෙන් බලන්නෙ....අනේ ඩොක්ටර් පිං සිද්ධ වෙයි මධූව සනීප කරන්න...මධූ...අනේ පිං සිද්ධ වෙනවා ඩොක්ටර්.."
ඔහු ඈත ඉඳලම ඇය දෙස බලාගෙන අඬන්න පටන්ගත්තා......මගේ ඇස් වලටත් කඳුළු එකතු නොවුණා නම් නෙවෙයි...
" දැක්කද එයා අතේ තියෙන පොටෝ එක...ඒකෙ ඉන්නෙ ඔයා..."
මම ඔහු දෙසට හැරී කීවෙමි....
" දන්නවා ඩොක්ටර්...දන්නවා...ඒකෙ ඉන්නෙ මම...ඒක එයාට දුන්නෙත් මම..."
ඔහු බිඳුණු හඬින් වචන අහුලන්නට ඇත...
" හ්ම්ම්...එයා ඒක මොහොතකට වත් අත් අරින්නෙ නෑ...කන්නෙ බොන්නෙ කතා කරන්නෙ ඔක්කොම ඒ පොටෝ එකත් එක්ක..ඒ කියන්නෙ ඔයත් එක්ක...."
ඒ එක්කම අපට ඇගේ හඬ ඇසුණි...
"අනේ සුදු මහත්තයා මේ බලන්න.....බෙහෙත් විඳලා අත් රිදෙනවා මේ බලන්න...රිදෙනවා දෙයියො.."
අපි දෙන්නම ඈ දිහා බලද්දී ඇය අතේ වූ තුවාල ජායාරූපයට පෙන්නන්න පටන්ගත්තා......
ඒ එක්කම ඇඳට බැඳලා තියෙන ඇගේ අත අඳින්න පටන්ගත්තා.....
" බැඳලා තියෙන්නෙ පැනලා යන නිසා...පැනලා යන්න විතරක් නෙවේ..මෙයා කීපසැරයක්ම සියදිවි නසාගන්නත් උත්සාහ කලා....එන්න අපි මගේ ටේබල් එකට යමු...."
මට ඕන කලේ ඔහුව මධූගෙන් ඈත් කර තබන්නට වෙන්න ඇති....ඒත් මං ඔහුට ඇගේ වෙන්න තව අවස්ථාවක් දෙන්න හිතුවා....
" ඩොක්ටර්...මං මං..මධූව බලන්න ද...ප්ලීස්...""
මං ආපහු එන්න හැරෙනකොටම ඔහු කිව්වා..
" එන්න ඊට කලින් කතා කරන්න ඕනි ඔයත් එක්ක මට...."
මං ඔහුවත් රැගෙන මගේ කාමරයට ආවා....
" මට පැහැදිලියි මිස්ටර් සජිත....මධූට මෙහෙම වෙන්න හේතුව ඔයාලගෙ ආදර සම්බන්ධය කියලා....ඒත් මට අතීතය දැන් වැදගත් නෑ..මට දැන ගන්න ඕනි ඔයාට ආපහු මධූගෙ ජීවිතේට එන්න පුලුවන් ද කියන දේ...ඒක අපිට ට්රීට්මන් වලට පහසුවක්..."
මම එහෙම කිව්වට පස්සෙ සජිතගෙ මූණෙ ඉරියව් පැහැදිලිවම වෙනස් වුණා.....
" මට මධූගෙ ජීවිතේ ඉන්න පුලුවන් වුණා නම් මං එයාව කවදාවත් දාලා යන්නෙ නෑ ඩොක්ටර්...ඒකට එක හේතුවයි තිබුණෙ..මගේ ගෙදරින් මධූට අකමැති වුණා....මට මගේ පවුල වෙනුවෙන් මගේ ආදරය කැප කරන්න සිද්ධ වුණා ඩොක්ටර්..මාව පොඩිකාලෙ ඉඳලා හදපු වඩපු දෙමාපියන්ට දුක් දෙන්න මට බැරිවුණා ඩොක්ටර්...අපි පණට පණ වගේ ආදරය කලා...ඒ වෙන්වීම එයාට දරාගන්න බැරිවුණා ඩොක්ටර් ඒ අසරණීගෙ ජීවතේම වුණේ මමයි ඩොක්ටර්..."
ඔහු කියවගෙන ගියා....
" ඔයාගෙ අම්මට ඉන්නෙ ඔයා විතරයිද සජිත..."
මම ඔහුගෙන් ඇසුවෙමි....
" නෑ ඩොක්ටර්...මට අයියා කෙනෙකුයි අක්කා කෙනෙකුයි ඉන්නවා....."
" හ්ම් මිස්ටර් සජිත....අම්මා කෙනෙක් ට පුතෙක් හොයා ගන්න බැරිවුණත් ගෑණියෙක් ට මිනිහෙක් හොයාගන්න ලේසියි කියලා හුගක් මිනිස්සු හිතනවා....ඒත් ඔයාගෙ අම්මට පුතාලා දෙන්නෙක් ඉද්දී මධූගෙ මුලු ලෝකෙටම හිටියෙ ඔයා විතරයි....ඒකයි ඒක එයාට දරා ගන්න බැරිවුණේ..ඒ තරමටම ඔයාට ආදරේ කරපු එක එයා කල වරද නම් ඒකට අද එයාට දඬුවම් ලැබිලා තියෙනවා...ඒ වගේ ගෑණු උදවියත් මේ ලෝකෙ ඉන්නවා සජිත...කලාතුරකින් ඉපදෙනවා..."
" මං දන්නවා ඩොක්ටර්...ඒත්..ඒත් මම අසරණයි....මං මධූට ආදරෙයි..ඒත් එයාව ලබා ගන්න මගේ ගෙදර මගේ පවුල විනාස කරන්න මට බෑ ඩොක්ටර්...මං කොහොමද එහෙම කරන්නේ....."
ඔහු කිව්වෙ දිගු හුස්මකින් හිත නිදහස් කරලා....
" ඔයාට මධූගෙ ජීවිතේට එන්න බැරිනම් සජිත ආපහු කවදාවත් මේ විදියට එයා ඉස්සරහට එන්න එපා....."
මා මගේ අවසන් තීරණය ඔහුට කීවෙමි...
" ඒත් ඩොක්ටර්...."
" මං හිතනවා ඔයාට තේරුම් යන්න ඇති කියලා....."
ඉතින් තවත් කිසිවක් වාද කර පලක් නැත...
.......නිමි.....
පසු වදන ÷
මධූ අද ගැබිනි මවකි...ඊට වසර දෙකකට පසුව ඇයගේ මවගේ කැමැත්ත අතැතිව මා හා ඈ විවාහ විය..මගේ ආදරය සෙනෙහස කරුණාව හා රාගය හමුවේ ඇය සුව විණි...මා හට යහපත් බිරිඳක් විණි...ඒත් අදටත් ඇයට මා සජිත මිස කෙශාන් නොවේ...මා මානසික වෛද්‍ය වරයෙක් බව අදටත් ඇයට රහසකි....ලෝකය හමුවේ වෛද්‍ය කෙශාන් ජයසේකර වන මම ඈ හමුවේ පමණක් ඇගේ සජිත වන්නෙමි...ඇය ජීවත් වන්නේ ඇගේ සජිත සමඟය...මා ඈ වෙනුවෙන් සජිත වීමි.....
සැබෑ සජිත තම දෙමාපිය කැමත්තට කව්රුන් හෝ සමඟ විවාහ වී ජීවිතය ගෙවනවා ඇතිය...
ඉතින් සැබෑ ආදරයේ හිමිකාරිය ඇයයි....
මා ඇගේ සිනහව වෙනුවෙන් ජීවත් වන්නෙමි....
එතකොට සැබෑ සජිත....ඔහු ගැන තීරණය කාට හෝ බාරය.
ආශා මධූ..ම්ම්
No comments:
Post a Comment