එන ආත්මයේ මගේමයි


#එන_ආත්මයේ_මගේමයි....

ඇය රුවනි කියලා හඳුන්වන්නම්...කලු කොණ්ඩයක් ඇයට උපතින්ම පිහිටියා.කලකදි දිගු කොණ්ඩයක හිමිකාරිය ඇය.තලෙලුයි.මහතත් නෑ,කෙට්ටුමත් නෑ.ඒත් ප්‍රියමනාප පෙනුම.කවුරුත් දෙපාරක් බලන්න පුලුවන් තරමේ ලස්සනක්.විශේෂම දේ ඇය ගාම් කෙල්ලක්.සරලයි,දුක පුරුදු ආදරෙන් පැරදුන කෙල්ලක්..

ඔහු ඉඳුවර ලෙස හඳුන්වන්නම්...ලස්සනයි සුදුයි.ලස්සන රෝසපාට ලිප්ස් දෙකක් කොල්ලට තිබුනේ හරියට කෙල්ලෙක්ගේ වගේ.සමාජයේ තැනක ඉන්න ආදරෙන් ගොඩාක්ම දුක් විඳපු අහිංසකයෙක්.

කාලයක් හැඳිනගත් දෙදෙනෙක්.කන්නේ මොනවාද?කරන්නේ මොකද හැමදේම ගැන දෙන්නා කතා කලා...ඉඳුවරටත් නොදැනී ඉඳුවර රුවනිට ආදරය කලා..කෙල්ලව නොදැක ඉන්න බැරි තරම්ම..කතා නොකර ඉන්න බැරි තරම්ම කොල්ලා ලංවෙලා..කෙල්ල ආඩම්බරයි.ඊ⁣ට නොදෙවෙනිව කොල්ලත් ආඩම්බරයි...මේ දෙන්නට දෙන්නා දෙන්නගෙම ජීවිත කතා දන්නවා...කොල්ලා දවසක්..

'මට කියන්න දෙයක් තියෙනවා...ඇත්තටම මං ආදරෙයි නංගී...'

කෙල්ල කොල්ලට අකමැති නෑ.නමුත් ආදරේ නිසා දුක් විඳින්න කෙල්ල කැමති වුණේ නෑ..

'අහන්න අයියේ ඔයා මාව හොඳට දන්නවා.අපි අහසට පො⁣ළව වගේ..ඒ නිසා මං ගැන හිතන්න එපා..'

කොල්ලා ඉවසලා ඉවසලා රුවනිට ආදරේ කලේ ලෙහෙසියෙන් අතාරින්න නම් නෙවේ...

'ඔයා මට ආදරෙයි කියනකම් මං බලන් ඉන්නවා මගේ නංගී.කවදාවත් ඔයාට රිදවන්න නම් මං ලං වෙන්නේ නෑ...මට ගැලපෙන කෙනා ඔයා කියලා හිතුනා.ඔයාගේ සරලකමට මං ආදරෙයි ගොඩාක්...'

⁣ඉඳුවර කියවගෙන යන්නේ කෙල්ලව ඕනී නිසාමයි..ජීවිතේ ගැන හිතන්න රුවනිට පුලුවන්.ලොකු ලොකු හීන දකින්න රුවනී බයයි.

'අම්මලාට විරුද්ධව දෙයක් කරන්න බෑ..අපි කවදාවත් හමුවෙලා නෑ ෆොටෝ වලින් දැක්කට අයියේ.මට ලොකු හීන නෑ ඉඳු...ඒත් අම්මලාගේ කැමැතතෙන් විශ්වාසයෙන් මට සහකරුවෙක් හොයාගන්න හෝ හොයලා දෙන කෙනෙකුට කැමති වෙන්න වෙනවා.'

'මං දන්නවා මැණික...මං ඉවසගෙන ඉන්නවා..ඔයා එනකල්..'

දින දෙක තුනක් ගෙවී ගියත් කෙල්ලට ඉඳුව ගොඩාක් මතක්වෙනවා...කොල්ලා කවදාවත්ම කෙල්ලට නරක දෙයක් නම් කියලා නෑ.හැමදාම සාමාන්‍ය විදියට රුවනිට කතා කලත් කෙල්ලව දකින්න නම් ඉඳුවරට ඕනී වුනා.ඒ නිසා කෙල්ලගේ ෆොටෝ එකක් කෙල්ල කොල්ලට යවන්න ඕනී...ඒක කොල්ලගේ නීතියක්.කෙල්ලත් දන්නවා මොනම දේ වුනත් ඉඳුආදරේ බව..දවස් දෙක තුනක් ගිහින් කෙල්ල හිර කරගෙන ඉඳපු ආදරේ එළියට දැම්මා...

'ඉඳු අයියේ...මං ආදරෙයි...'

ඉඳුට උන් හිටි තැන් පවා අමතකව සතුට දරා ගන්න බැරිවුනා...

'අද ඉඳන් අපි එකට හීන දකිමු මැණික...'

'මට බයයි අයියේ...හැමදාම මට උරුම වුනේ දුක විතරයි...අපි ගෙදරට මේ ගැන කියමු...'

කෙල්ල එයාගේ අම්මාට කිව්වා.කොල්ලත් මුලින්ම කීවේ එයාගේ අක්කාට..කෙල්ලගේ අම්මා කෙල්ල කැමති කෙනෙකුට කැමතී..කෙල්ල තෝර ගත්ත බෑණාටත් අම්මා කැමතිවුනා....කොල්ලගේ අක්කාත් රුවනට කැමති බව කීවේ කොල්ලා සතුටින්...

******************

දෙන්නා ගොඩාක් ආදරෙන් ලස්සන ලෝකයක් මැව්වා...

'සුදු මැණික....'

'කියන්න මගේ මහත්තයෝ....'

'අපි හැමදේම හදාගෙන එකතුවෙමු...අපේ පැටවුන්ට දුකක් දෙන්න බෑ..'

කෙල්ලට ලැජ්ජා හිතුනත් ලඟ නොවන නිසා එය දරා ගත්තා පහසුවෙන්...තාමත් පණ වගේ ආදරේ කලත් දෙන්නා හමුවෙලා නෑ...

'සුදු මහත්තයෝ මට ඔයා එක්ක ලංකාව වටේම යන්න ඕනී...හැබැයි බස් එකේ...'

'බෑ වස්තූ බස් එකේ නම් මගේ මැණිකව එක්ක යන්න බෑ....බැන්ඳ⁣ට පස්සෙ බංඩි උස්සන් යන්න බෑ මගේ මැණිකට අපහසුයිනේ...'

'ඒත් මහත්තයෝ අපිට බැන්ඳගමන්පැටව් එන්නේ නෑනේ....'

'ඇයි නැත්තේ..එනවා...අපි හදාගමු..ඔයා ආස නැද්ද පැටවුන්ට...'

'ගොඩාක් ආසයි මහත්තයෝ...'

ජීයවිතේ මේ දෙන්නා හැබැහින් නොදැක්කත් ගොඩාක් ආදරේ කළා.හීන මැව්වා ගොඩාක්.මේ ආදරේ ගැන දැනගෙන ඉඳපු නපුරු කෙල්ලක් ඉඳුට කෙල්ල ගැන වැරදි කීවා..ඉඳුත් ඒ දේවල් විශ්වාස කළා..හෙවිල්ලක්,බැලිල්ලක් නෑ කෙල්ලට දොස් කීවා..දකින්නවත්,පේන්නවත් එන්න එපා කීවා..කෙල්ල මොන තරම් කීවත් විශ්වාස කලේ නෑ.කෙල්ල වෙන සම්බන්දයක් පවත්වනවා කියලාම කොල්ලට හිතුනා ..ඒක ඒ විදියටම විශ්වාස කළා ඉඳු...බැරිම තැන කෙල්ලත් කොල්ලට බැන්නා...කොල්ලට නැවත කතා කලේම නෑ..රුවනි හදවතින් ගොඩාක් ඇඬුවා.ආදරේ කරපු ඉඳුව සිහි නොවුන වෙලාවක් නෑ.

රුවනි ගොඩාක් දුක් විඳලා ආදරේ නැවත ලබා ගත්තේ රැකගන්න.ඒත් ඒ ලස්සන පුංචි කූඩුව ඉහිරවන්න එක නපුරු කෙල්ලෙක්ට හැකිවුනා...කාලය ගෙවී ගියා...කෙල්ලට නොදන්න නම්බර් එකකින් කෝල්,මැසේජ් ආවා...ඒ හැම එකකම කෙල්ලට දෝණි කියලයි තිබුනේ.කෙල්ලගේ දුක සැප ඒ නම්බර් එක අයිති කෙනා හොයලා බැලුවා.කෙල්ලට දැනුනේ වදයක් විදියටයි...ඒ කෙනාටත් කෙල්ල බැන්නා.ඒ කෙනා කෝල් කරත් කවදාවත් කතා කලේ නෑ.කෙල්ලගෙ කටහඩ අහලා ෆෝන් කට් කරනවා...

ඉඳු මොන දේ කියලා ඈත වුනත් තවමත් රැවනිට ආදරෙයි...මාස ගානකට පස්සේ ඉඳු කෙල්ලට මැසේ කරනවා.කොහොමද අහලා...ඒත් කෙල්ල ඒ හිත ආයේ හොලවන්න බැරි විදියට හදිගෙනයි තිබුනේ.

'මං මගේ ජොබ් එකට ඔයාගේ පලාතටයි එන්නේ...'

'ඉතිං මට මොකද'

'මට ඔයා ගැන හොයස්ස බලන්න ඕනී...'

'මේ ඔයා ඔයාගේ වැඩක් කරගන්න.මං ගැන හොයන්න කෙනෙක් ඉන්නවා දැන්...'

කෙල්ල ගානකට නොදැනී බොරු කීවේ ඉඳු තමාව රවටපු නිසා කියන හැඟීමෙන්...

'ඔයා බොරු කියන්නේ...මං ඔයාගෙන් ඈවුනාට ඔයා ගැන හෙව්වා මගේ දෝණී...'

'එතකොට ඒ....'

'ඔව් ඒ මං තමා රත්තරං..ඔයා හොඳ කෙනෙක්ව බඳින්න.ඔයා බඳිනකම් මං ඔයා ලඟ ඉන්නවා...කවුරු මොනවා කීවත් ඒක වෙනවා.'

ඉඳුගේ හිතුවක්කාරකම ඉස්සරහ රුවනිගේ,ගල් හිත මෙලෙක් වුණා .

'ඇයි ඔහොම හිතුවක්කාර...මාව දාල ගියා වගේ ඉන්න..ම⁣ට කිට්ටුවෙන්න එපා ..'

කෙල්ලට පිස්සු වගේ.ඒත් මේ දඩබ්බරයාගේ ආදරේ  නැතුව රුවනිට දැන් ඉන්න බෑ.කෙල්ල කොල්ලට බරන බැනාම ලංවෙලා බව දන්නේ කෙල්ල ආදරණීය වෙලා බව වැටහුන විටයි...

'මගේ කෙල්ලමද මේ ඉන්⁣නේ...හිතාගන්නත් බෑ...'

'යනවා යන්න මැට්ටා...නපුරුකම..මාව අඬවලා එනවා මෙතන...😟'

'ආදරේටනේ මගේ දෙයි⁣යෝ....'

කෙල්ලට හිතෙන්නෙම ඉඳු හීනයක් කියලාමයි....ඉතිං නිතර නිතර කොල්ල නැතිවෙයි කියන බය කෙල්ලගේ හිතේ ඇති වෙනවා. ඒ හැම වෙලාවකදිම කෙල්ල කරන්නේ ඉඳුට වද දෙන එකමයි...

'මං වැඩක ඉද්දී කතා කරන්න බෑ...තේරුම් ගන්න  රුවී....'

'ඔව් ඔව් ඔයාට හරියට වැඩනේ.....'

ඒ වෙලාවට බහින් බසවෙලා පුංචි වලියකින් දෙන්නා තරහාවෙනවා...රුවනිගෙයි ඉඳුගෙයි ජීවිත එක් වුනොත් මමරණයක් වෙන බව එක්කරා ඍෂිවරයෙක් පැවසීමත් එක්ක කෙල්ල මේ වතාවේ කොල්ලාගෙන් ඈත් වෙන්න හිතනවා..තමා නිසා කොල්ලගේ  ජීවිතේම විනාශයට පත්වෙයි කියලා කොල්ලට කෙල්ලව එපාම කරවනවා.

ඉඳුට දවසක් හොඳටම උණ...ඒ බව දැන දැනම කෙල්ල ඉඳුට කෝල් කර කර වද දෙනවා.කොල්ලා ෆෝන් එක ඕෆ් කරලා නිදා ගන්නවා.ඒක හේතුවක් කර ගන්න කෙල්ල ඉඳුට රිදවනවා...පිස්සුවෙන් වගේ විකාර දොඩවනවා...මැසේජ් පිටු ගනන් යවනවා.ඒත් කෙල්ලාගෙන් උත්තර නෑ.කෙල්ල නොකා,නොබී අඬ අඬාම කොල්ලට මැසේජ් යවනවා.

'ඔයා නපුරෙක්...ඇයි මට මෙහෙම කරන්නේ'

'ඔයාට ඕනී වුනේ ආයේ ඇවිත් රිද්දන්න නේද'

'මං වගේ දුප්පත් එකියක් ඔයා වගේ කෙනෙකුට හරියන්නෙම නෑ.මං පෙන්නපු හීන බලපු එකයි වැරැද්ද...'

කෙල්ල දරා ගන්න බැරි වේදනාවෙන් ඇස්වල කඳුළු පුරවගෙන මේ හැමදේම ඉඳුට යවන්නේ රුවනිව එපා වෙන්නයි.........

*****************

ඉඳුට රුවනි මැසේජ් එකක් යැව්වා...වැරදීමකින් යවන විදියට තමා යැව්වේ.

'මගේ වෙඩින් එකට එන්න.කාඩ් එක එවන්නම්...'

ඉඳු රිප්ලයි එවලා තිබුණාම රුවනිට සතුටක් දැනුනා.නොහිතුව වෙලාවක සතුටක් දැනුනා...මැසේජ් ඕපන් කරලා බලපු රුවනි දෑස් ලොකු කරගෙන කම්මුල් දිගේ නිදහසේ කඳුළු ගලන්න ඉඩ දුන්නා....

'තව සති දෙකකින් මං යනවා..'

'කොහෙද යන්නේ..'

'ඕස්ට්‍රෙිලියා.....'

හද දවාගෙන යන හැඟුමකින් වෙලෙද්දී රුවනිගේ කඳුළු අලුත්උණා...ඉඳුගේ යහපත වෙනුවෙන් ඇය ඇයටම දොස් පවරාගෙන  ජීවත් වෙන්න උත්සහ කළා...කවදාහරි ඉඳු ලස්සට පවුලක්වෙලා අම්මාගේ,තාත්තාගේ බලාපොරොත්තු ඉටු කරනකන් ඈත ඉඳන් රුවනි බලාගෙන ඉන්නවා කියලා හිතාගත්තා.අද රුවනි හිතපු දේ ඉටුවෙලා...ඉඳු එයාගේ ජීවිතේ හදාගන්න ඇපකැපවෙලා කියන හැඟීම රුවනිට දැනුනා...මොන දෙ උනත් තමාගේ වස්තුවක් කවුරුන් හෝ උදුරාගෙන ඈතට යනවා වගෙ රුවනිට දැනුනේ...මේ ආත්මයේ අහිමි උන ඔහු #_එන_ආත්මයේ_මගේමයි… රුවනි හදවතින් පැතුවා...ඇගේ ආදරය ,ශක්තිමත් හිත ඉඳුගේ සාර්ථකත්වයයි....

#නිමි....

ඔහු ඇයව සමහරවිට නොපතාවී...ඇගේ ආදරය ඔහුව නිතැතින්ම ආරක්ෂා කරාවී..ආදරය හිමිකර ගැනීම පමණක්ම නොවෙයි..අහිමිවීම පරිත්‍යාගය ලෙස සිතුවකල සතුටක් නැතත් හිත සැහැල්ලුවෙන් පිරෙයි....ඒ අනෙකාගේ සතුට වෙනුවෙන්....
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment