ආදරයේ අරුත

ආදරයේ අරුත  -කෙටිකතාව

මගේ පපුව බදාගෙන නිදන් උන්නු ඇයව පසෙකට කිරීමට ලෝබ සිතුනත් ඇගේ සිනිදු රෝස කොපුලක් තද වෙන්ට හාදුවක් දී නැගිට්ටේ වැදගත් වැඩකට යෑමටය..

කලිසමකුයි ටී ෂර්ට් එකකුයි දාගෙන එලියට බැස්සේ මගේ ඉරණම සොයා ගෙනයි. ...අවුරුදු දෙකක කසාද ජීවිතේ ප්‍රතිඵලය අද ලැබේවිි. ..මට උරුම සතුටද දුකද යන දෙගිඩියාවෙන් රෝහලට ගියෙමි

"මිස්ටර් අනුහස්. ..මං ඔය දෙන්නගේ රිපෝට්ස් චෙක් කලා...ඔයාගෙ නං කිසිම වැරැද්දක් නෑ....වයිෆ්ගේ තමා ප්රොබ්ලම් එක ....ඔයාගෙ වයිෆ්ට දරුවෙක් හදන්න තරම් ශක්තියක් නෑ..."

තියුණු පිහියකින් මගේ සිත ඇන තුවාල කලාක් මෙන් විය. ..ඒත් මට මෙය පිළිගත නොහැකිය. ..මාගේ දෙවෙනි මව වූ ඇයට මගේ  දරුවෙක්ගේ මවක් වෙන්න බැරි කෙසේ ද

"ඩොක්ට. ..අපි තව චෙකප් ටිකක් කරලා බලමු. ...එතකොට සමහරවිට හොඳ රිසල්ට් එකක් ලැබෙයි "

"න්නෑ. ..අනුහස්. ...ඔයාගෙ වයිෆ්ගේ රිපෝට්ස් වලට අනුව දරුවෙක් හදන්න තියෙන චාන්ස් එක බිංදුවයි..."

මේ අපි දෙදෙනා ප්‍රතිකාර ගත් දොලොස් වෙනි වෛද්යවරයාය.... කලින් හැම වෛද්යවරයෙක්ම කිව්වෙ මගේ සුදු අම්මිට දරුවෙක්ගේ මවක් විය නොහැකි කියාය

ඒත් මා සියල්ල සුදු අම්මිගෙන් හැංගුවෙමි...ඒ අප දෙදෙනා ආදරය කරන කාලයේ ඇයට කිසිදා දුකක් නොදෙන බව පොරොන්දු වූ නිසාය... හැම විටකම ඇය මට පවසන දෙයක් සිතට නැගුණි

"අපි කසාද බැඳලා අවුරුදු දෙකක් වෙලත් බබෙක් නෑ කියල හැමෝම මට ඇනුම්පද කියනවා. ...මට මේවා දරාගන්න බෑ අනුහස්. ..මං දන්නෑ අපි දෙන්නගෙන් කාගේ අඩුපාඩුවක් ද කියල. ..ඒත් මේ ලෝකෙම දොස් කියන්න ගෑණියෙක්ටනේ...මං වඳ ගෑණියෙක් කියල පවුලේ  හැමෝම මාව කොන් කරනවා. ..."

ඇය මගේ පපුව තෙමමින් හඩන විට මාද සිතින් මියැදුණෙමි...විනාඩි කිහිපයක් කල්පනා කර මා වෛද්යවරයා දෙසට හැරුණෙමි

"ඩොක්ට. ..මගේ වයිෆ්ට දරුවෙක් හදන්න බැරි නං මටත් දරුවෙක් ඕනෙ නෑ...එයාට දුකක් දීලා මං කොහොමද හුස්ම ගන්නේ.."

"වෙරි ගුඩ් අනුහස්. ...ඔයා ඕක අමතක කරලා දරුවෙක් හදාගන්න. ..ඒක ඔය දෙන්නට පිනක් වගේම ඔයාලගෙ ප්‍රශ්නත් විසදෙනවා "

"හරි ඩොක්ට. .මගේ වයිෆ්ට දරුවෙක් හදන්න බැරි නං මටත් දරුවෙක් හදන්න බැරි වෙන්න ඕනෙ ...ඩොක්ට ගාව  පිරිමින් වඳ කරන බෙහෙතක් තියෙනවා ද"

"හැව් යු ගොට් මෑඩ්...මොකක්ද මේ කියවන්නෙ. ..ආ...මට මේ වගේ වැඩ කරන්න බෑ"

ඩොක්ට අදිමදි කලත් වැඩිපුර සල්ලි දෙන බව කියා අවසානයේ කැමති කර ගත්තෙමි.. ..බෙහෙත් පෙති පැකැට්ටුවක් ගෙන නැවත ගෙදරට ගියෙමි

"කොහෙද ගියේ තාත්තී...මං ඔයාව කොච්චර හෙව්වාද ...මට කියල යන්න තිබුණ නේ "

මගේ බෙල්ල බදාගෙන කෝලම් කරන ඇය දිහා බලං සිටිමට මට මේ ආත්මය ප්‍රමාණවත් නොවේ. ..

"මට ටිකක් උණ වගේ පැටියෝ. .ඒකයි බෙහෙත් ගන්න ගියේ "

"ඊයේ රෑ ත් හොඳට හිටියා නේද. ..දැන් මොකෝ එකපාරටම "

ඇය මාගේ නලලයි බෙල්ලයි මාරුවෙන් මාරුවට පරීක්ෂා කර බලයි

"එම් .බී.බී.ස් නිමාලි. ..මට වතුර වීදුරුවක් ගෙනත් දීලා පස්සෙ චෙක් කරලා බලන්න. .."

ඇය මට දිව පෙන්නා විරිත්තමින් කුස්සියට දිව්වාය. ..

මගේ ආදරය අවුරුදු දහයක් පැරණිය...උසස් පෙල පන්තියකදී මා මුලින්ම ඇයව දැක්කෙමි. ..දැකපු පලමු නිමේෂයෙම ඇස් වලින් පෙම් බැද කෙමෙන් ඇයව මගේම කර ගත්තෙමි. ..එදා සිට අද තෙක් ආදරයේ කිසිදු අඩුපාඩුවක් මාද ඇයද කලේ නැත...දරුවෙක් නිසා අප දෙදෙනාගේ ආදරයට කිසිදු නපුරක් සිදු නොවිය යුතුය. ...මගේ අම්මා ඇයට කිසිදාක නපුරු නොවූවත් ඇයගේ අඩුව දැනගත් වහාම කුමක් හෝ විය හැකිය...මගේ බිරිඳ කාගෙ වත් විහිලුවකට ලක් විය යුතු නොවේ  ..හැම අම්මෙක්ම කැමති තමන්ගේ දරුවා සතුටින් සිටීමටය..මගේ පණ වූ ඇය මගේ මවගේම හතුරුකාරියක් විය යුතු නැත. ..ඒ නිසා මා මේ තීරණය ගතිමි. ..මා ලෝකයාගේ විහිලුවට ලක් වූවත් මගේ බිරිඳගේ කදුලු බිදුවක් දැකීමට තරම් නපුංසකයෙක් නොවෙමි. ...

"මේ මොකො....තනියම කල්පනා කරන්නේ "
ඇය වතුර වීදුරුව දික් කරමින් කියයි

"අද ක්‍රිකට් මැච් එක පටන් ගන්නේ කීයටද කියලයි හිතුවෙ.."

"අද ක්‍රිකට් මැච් නෑනේ. ."
ඈ ඇස් ලොකු කරමින් මදෙස බලයි

"මොකද නැත්තෙ "

මා ඇයව අත් දෙකෙන් ඔසවා ගෙන ඇදට ගියෙමි. ..ඇයගේ හුරතල් විදින විට මා තරම් වාසනාවන්තයෙක් මෙලොව නැතැයි සිතේ...දගකාර ඇස් වලින් ඈ පාන අඟරදඟර මා සිත හොරාගනී...ඇයගේ උණුහුමට නතු වන විට මාගේ සියලු වේදනා තුරන් වී යයි

මෙසේ එකදිගට මාස හයක් මා පුරුෂ ශක්තිය අඩපණ කිරීමේ බෙහෙත් බිව්වෙමි...මේ වන විට මාත් ඇයට බෙහෙවින් සමාන යැයි වෛද්යවරයා පැවසුවද මා බෙහෙත් ගැනීම නතර කලේ නැත...මාද ඇගෙන්  කෙමෙන් ඈත් උනෙමි...ඇය මා ලග හුරතල් වන විට මා ඈත් වෙද්දීම ඇයට සැකයක් මතු විය  ..කාලයද විදුලි වේගෙන් ගෙවුණි...නමුත් ඇය හැමදාම ඇසුවේ එකම ප්‍රශ්නයයි. ..ඒ අප දෙදෙනාගේ දරුවා ගැනය..

එදිනද මා වැඩ ඇරී නිවසට ආ විගස ඇය මා පසුපස කාමරේට ආවා ය
"අනුහස්. ..අපි කී දෙනෙක් ගාවට ගියා ද බෙහෙත් ගන්න. ..ඒත් ඔයා ඒ එක ඩොක්ට කෙනෙක් කියපු දෙයක් වත් කිව්වෙ නෑනේ.. .අනික..මේ දවස් වල ඔයා ගොඩක් වෙනස්. ..කොයි වෙලෙත් එක එක බෙහෙත් බොනවා ..ඇයි ඒ."

"දැන්ම අපිට දරුවෙක් ඕනෙ නෑනේ මැණික..තව චුට්ටක් මං ඔයාව හුරතල් කරන්නං...ඊට පස්සෙ බැරියැ ලමයි දුසිභක් හරි හදාගන්න "

"මං ඔයාගෙන් මේ ගැන අහන හැම වෙලේම මොකක් හරි කියල මගහරිනවා..ඇත්තටම මට සැකයි අනුහස්. ..ඔයාගෙ මොනාහරි ප්‍රශ්නයක් තියෙන නිසා ද මගෙන් හැමදේම හංගන්නේ"

ඇයගෙන් අද බේරීමක් නොමැති බව දනිමි

"ඔව් සුදු අම්මී....මට දරුවෙක් හදන්න බෑ...මගෙන් ඔයාට දරුවෙක් ලැබෙන්නෑ"
මා අත් දෙකෙන් මූණ හංගං හැඬුවෙමි. ....ඇයද කිසිවක් නොකියා සාලෙට ගියාය...සියලු ප්‍රශ්න අවසාන යැයි සිතුවෙමි. ..නමුත් මගේ ඊලග දවස උදාවූයේ මූසල ලෙස ය...

මා උදේ නැගිටින විටම ගෑණු කීපදෙනෙක්ගේ හඩ ඇසුනි...මගේ ඇදේ එහා පැත්තේ නිමාලි සිටියේ නැත. ...වෙනදට මා වැඩට යනකං නිදියන ඇය අද වේලාසනින් නැගිටීමද පුදුමයකි. ...මා ඈ සොයා සාලෙට ගියෙමි. ...නිමාලිගේ අම්මා ද නෑදෑයො කීපයක් ද බර සාකච්ඡාව කය...

"සුදු අම්මි පුදුමයි අද කලින් නැගිටලා. ..එහෙනං මහත්තයට තේ එකක් හදං එන්නකො "

"නිමාලි තේ හදන්න ඕනෙ පිරිමියෙක්ට මිසක් ගෑණියෙක්ට නෙවේ"

වෙනදට මා තමන්ගෙම පුතා ලෙස ඔලුව උඩ තියං ඉන්න නිමාලිගේ අම්මා මෙසේ කතා කිරීම පුදුමයකි

"මෙච්චර කල් මාවත් රවට්ටගෙන නේ අම්මේ ඉදලා තියෙන්නෙ. ...මේ මහල්ලකු ගෑණි අන්තිමට හැමදේම හංගලා මේ පො***ට මාව බැන්දුවනේ..."

නිමාලි මගේ අම්මාට එසේ කතා කිරීම මට අකුණක් වැදුනා මෙන් විය. ..

"තමුසෙ ආදරේ කරද්දී දන්නැද්ද මේකා ගෑණියෙක් කියල "

"අනේ අම්මේ...අම්මා නේද කිව්වෙ මෙයාලා වලව් කාරයෝ කියල. ..ඒ හින්දයි මාත් කැමති උනේ....නැතුව මං ඔය ආදර රෙද්දක් දන්නවා ද"

නිමාලි ද ඇගේ මවද මාරුවෙන් මාරුවට අපට බැන වැද අවසානයේ මා දමා මව සමඟ ගියාය...මා ඇගේ කකුල් ලග පවා  වැද වැටුනෙමි. ..ඒත් ඇය මා  දමා ගියාය

ඈ ගිය දා පටන් මාද අම්මා ද මළමිනියක් වූයෙමු

"අනුහස්ට බබාලා හදන්න බෑලු නේද. ...මෙයාලා හෙණ මගෝඩි වැඩ නේ කරලා තියෙන්නෙ. ...බොරුවට කසාදෙකුත් කරගෙන. ...මට හිතුනා ඒකාව දකිද්දීම කෙල්ලෙක් වගේ කියල. ...ඔව්. .ඕකාට කසාදයක් මොකටද...චීත්තයක් දුන්නොත් ඇදගනී"

අහල පහල අයගේ කතා වලට අම්මාගේ සිත පමණක් නොව ගතද ලෙඩ විය. ..මාද නිමාලි ගෙදරින් ගිය දා පටන් කසිප්පු ගංජා කුඩු සියල්ලටම ඇබ්බැහි උනෙමි. ...මා මත්වී සිටිද්දී නිමාලි මා තුරුලේ සිටියාය. ...හුරතල් වූවා ය..දග කලාය..මත් ගතිය ටිකක් හෝ නැති වන විට ඇය මා දමා ඈතට ගියා ය...ඒ නිසා මා මුලු දවසම මත් වී සිටිමට ප්රිය කලෙමි. ...

ඇය දික්කසාද ලියවිලි මගේ ගෙදරට එවා තිබුණි. ..මා එය අත්සන් කලේ සිතකින් නොවේ. ..ඒත් ඇගේ සතුට එයයි. ..ඉතින් මා එය ඉටුකලෙමි...උසාවියේද ඇය මා ප්රතික්ෂේප කලේ ගෑණියෙක් කියාය. ...නීතිඥවරයා මගෙන් එය ඇසූ විට මාද එය පිළිගතිමි. ...තවද මගෙන් වන්දි මුදල් ඉල්ලා සිටියාය. ...මගේ වටිනා දේපල ඇය බව කිසිවෙක් දන්නෙ නැත. ..එබැවින් මගේ ගෙදර ද කාරයද ඇයට පැවරුවෙමි ...නිවස ඇගේ නමට ලියූ පසු ඇය මගේ අම්මා එලවා දැම්මා ය....අම්මා  ඇගේ නෑ දෑ ගෙදරකට ගියා ය...මට එන මෙන් බල කලද නිමාලිගේ මතකයන් හැර යෑමට තරං මා සිතක් නැති කෙනෙක් නොවේ...මේ අතර ඇය වෙනත් කසාදයක් කරගෙන ඇති බව ආරංචි විය

නිමාලිගේ මතකයන් සමඟ මත් වී පාර අයිනේ වැටි සිටිම මට සැනසීමක් විය. ..

මා හැමවිටම  නිමාලි සමඟ හුරතල් වී සිටියෙමි. ...ඇය විටෙක මා තුරුලේ ද විටෙක ඈත  අහසේ ද විටෙක පාරේ වෙනත් වාහනයකද සිටියාය. ..ඒ හැම විටකම මා ඇය ඇල්ලීමට පසු පසින් දිව්වෙමි...එවිට මිනිසුන් මා පැත්තකට ඇද දැමූහ...එවිට මා ඔවුන් සමඟ ද රණ්ඩු කලෙමි. ...මා නිමාලිගෙන් වෙන් කිරිමට දෙවියන්ට පවා බලයක් නැත. ...නිමාලි මගෙන් ඈත් කරන හැම දෙනෙක්වම මරා දමමී. .

දවසක් මා නිමාලි ගෙන් වෙන් කරන්න හදන මිනිසුන් සමඟ රණ්ඩු කරන විට ඔවුන් මා පොලිසියට අල්ලා දුන්නෝය...මුලින් කොස්තාපල් වරයෙක් බැටන් පොල්ලකින් පහර එල්ල කරන විට නිමාලි මා දෙස  සිනාසෙමින් සිටියත් මත් ගතිය අඩු වෙත්ම ඇය මා හැර දමා ගියා ය...මා කුඩු ඉල්ලා කොස්තාපල් සමඟ රණ්ඩු කලත් ඔවුන් කලේ වැඩිපුර පහර දීම පමණි. ...මා පහර කා හෙම්බත්වී සිටිද්දීත් නිමාලිව සෙව්වෙමි ...

පුදුමයකි නිමාලි මා ඉදිරියේ හඩමින් සිටියාය. ..

"ඇයි අනුහස් මට ඇත්ත කිව්වෙ නැත්තෙ. ..මං අලුත කසාද බැදපු මනුස්සයා වඳ ගෑණියෙක් කියල මාව එලවලා දැම්මා. ...අන්තිමට මට අපිව චෙක් කරපු ඩොක්ට හම්බුනා. ..එයයි මට හැමදේම කිව්වෙ. ...කොහොමද මං වෙනුවෙන් මෙච්චර කැප කිරීමක් කලේ.."

ඇයගේ දෑස් කඳුලෙන් ය....මා එය ප්රිය නොකළෙමි...ඇය අසලට ගොස් මගේ දෑත් වලින් ඇගේ කදුලු පිස දැමුවෙමි. ...

ඇය මා පොලිසියෙන් එලියට ගත්තාය...පෙර මෙන් ඈ මගේ අතේ එල්ලී ගෙන පාරේ ගමන්  කලාය...ඒ පාර අබලන් වූවක් නිසා අපට ඇවිදිය හැකි වූයේ පාර මැද ය

"ඔයාගෙ ආදරේ මට තේරුම් ගන්න බැරි උනා අනුහස් "

ඇය මගේ උරහිසේ ඔලුව තියාගෙන කියද්දී ම ඉදිරියෙන් කාරයක් වේගෙන් ආවේය.. අබලන් වූ පාරේ වේගය පාලනය කරගත නොහැකිව එය අප දෙසට විසි වුනි..ඇය පසෙකට තල්ලු කර දැමූ මා කාරයේ ගැටි ඈතට විසි උනෙමි...මගේ වටා මිනිස්සු රැස් වෙද්දීම මා දෑස් සෙව්වේ නිමාලි වයි...ඇය මා අතහැර ගොස් ඇති බව සිතුවෙමි. ..ඒත් ඇය මා අසලය..ඇය මා සිරුර බදාගෙන ඇඬුවාය ...මා ඇගේ අත අල්ලා ගතිමි. ...වෙනදට මා රවටා ඈතට යන නිමාලි අද මාගේ දෑස් පිය වෙන තෙක් මා දමා ගියේ නැත. ...ඉතින් මගේ ආත්මයට අවශ්‍ය වුයේ එයයි. ...මගේ වෙව්ලන  ඇගිලි තුඩු වලින් ඇගේ කදුලු පිස දැම්මෙමි...ඇගේ කදුලු තරම් මට වේදනාවක් තව නැත  ..මා දැන් බියවීමට අවශ්‍ය නැත. ..නිමාලි මා සමග ය..මා සතුටින් දෑස් පියා ගතිමි. ..

දැන් ඇයට මගේ  ආදරයේ අරුත වැටහෙනු ඇති

නිමි

ඉෂිගේ නිර්මාණයකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment