කඩවුණු පොරොන්දුව
කෙටි කතාවකි....!
'මාතර බලා ධාවනය වන රුහුණු කුමාරි දුම්රිය දැන් තුන්වෙනි වේදිකාවට ළඟා වනු ඇත. එය නවත්වනු ලබන්නේ.....'
දුම්රිය ස්ථානයේ බංකුවකට බර දී සිටි මම බෑගයද කරේ එල්ලා ගෙන නැඟී සිටියෙමි. මාස දෙකකින් පමණ පසු මා නිවස බලා ගමන් කරමින් සිටී. දුම්රියේ එතරම් සෙනඟක් නොවූ නිසා මා ජනේලය අසල වූ අසුනක් සොයා එහි හිද ගතිමි. දුම්රිය ගමන යනු මාගේ ප්රියතම දෙයකි. දුම්රියෙන් ගමන් කරන විට ජනේලයෙන් එලිය බලා මාගේ කෙහෙරැළි සුළඟේ යැවීමට මම ඊටත් වඩා ප්රියකරමි. හෑන්ඩ්ෆ්රී දෙක මඟින් ගීතයකට සවන් දී ගමන රස විඳිමින් ගිය මට කවුරුන් හෝ මා දෙස බලා සිටින්නාක් මෙන් දැනුණි. මුහුදු තීරුවෙන් දෑස් ඉවතට ගත් මම ඉදිරි අසුන දෙස නෙත් හෙලීමි. අවුරුදු විසිපහක පමණ වයසැති තලෙළු තරුණයෙක් මා දෙස බලා සිටියේය. ඔහුගේ දීප්තිමත් දෑස් මා තිගැස්මට පත් නොකළේ යැයි කිවහොත් එය මුසාවකි. ඔහු දෙස ප්රශ්නාර්ථ බැල්මක් හෙලූ මම නැවත ඉවත බලා සිටියෙමි. එහෙත් ඔහු මගෙන් දෑස ගන්නා පාටක් නැත.
"නංගී.. වෙලාව කීයද"
ඔහු පළමු පන්දුව යොමු කළේය.
ඔහු දෙස නොපහන් බැල්මක් හෙලූ මම, "එකයි විස්සයි" යැයි පැවසුවෙමි.
මාගේ රසාස්වාදයට බාධා කරනවාට මම අකමැති වුණෙමි.
"නංගි මාතරද"
'තමුසෙට මොකද මං කොහේ වුණාම..'
මගේ සිතැඟියාව මා පිට කළේ නැත.
"ඔව්"
"මට දැකලා පුරුදුයි"
මොන විකාරයක්ද මේ? කිසිත් නොකී මා ඉවත බලාගෙනම සිටියෙමි.
"නංගිට මාව වදයක්ද?"
ඔහු මාව අත්හැරීමට සූදානම් නැති සැටියකි.
"අයියට මොකක්ද දැන් වෙන්න ඕනේ"
උපතින්ම තද ගති ගුණ ඇති මම ගේමට බැස්සෙමි.
"මං කැමති නංගිත් එක්ක චුට්ටක් කතා කරන්න"
"හ්ම්ම්.."
"තව ගොඩක් දුර යන්න තියන එකේ අපි අඳුන ගන්න එක හොඳයි නේ"
"හ්ම්ම්..."
"නංගිගේ නම මොකක්ද"
"සමාරා"
ඔහුගේ වදෙන් බේරෙන්න බැරි තැන මම පැවසුවෙමි. ඔව් මම සමාරා හාසිනි. මාතර පදිංචි මම අම්මත් අප්පච්චිත් අයියත් සිටින මගේ පුංචි පවුලේ බඩ පිස්සිය වෙමි. උසස් පෙළ විභාගයෙන් පසු පානදුර ප්රදේශයේ ඇගළුම් කර්මාන්තශාලාවක ගණකාධිකාරිනිය ලෙස රැකියාවකට ගිය මම නිවාඩුවකට නිවසට යන අවස්ථාවක කඩා පාත් වූ මාරාලයකි මේ.
"මම විහාර, නංගී මාතර කොහෙද"
"කඹුරුගමුවේ"
"එහෙමද.. මාත් මේ යාළුවෙක්ගේ ගෙදර යන ගමන්. කඹුරුගමුවේ"
"කඹුරුගමුවේ කොහෙද"
"ලැබීම හොස්පිට්ල් එක ළඟ"
"මොකක්ද යාළුවගේ නම කිව්වේ"
"සතිශ්, ආමි එකේ ඔෆිසර් කෙනෙක්.. උසයි, තලෙළුයි"
පුදුමයකි. මූ මගේ අයියා ගැන මටම කියමින් සිටී.
"නංගි දන්නවද"
"නෑ එහෙම මතකයක් නෑ"
ඔහු නැවත මා සමඟ කතාවකට උත්සාහ කළද, මා එයට ඉඩ දුන්නේ නැත. මාතර ස්ටේශමට ළං වනවිට මා බෑගය අතට ගත්තෙමි.
"Nice to meet you nangi.. ආපහු හම්බවෙමු අපි"
අපේ ගෙදරට යන්නේ කියා නොදැන ඔහු පවසයි. මා අසීරුවෙන් සිනහව තද කරගත්තෙමි.
"Me too. Bye"
නිවසට ආ වෙලාවෙ සිට මට කෑම ජාති කවා අම්මාට ඉස්පාසුවක් නැත. අම්මගෙ සත්කාර විඳගත් මා අප්පච්චිගේ තුරුලේ ටික වේලාවක් හිද නාගැනීම සඳහා ලිඳට යෑමට සූදානම් වීමි.
"අම්මා.. අයියා කෝ"
"ඔන්න අද යාළුවෙක් එනවා කියලා හන්දියට ගියා එක්කන් එන්න කියලා"
"හුටා.."
"මොකෝ පුතේ.."
"නෑ අම්මා මං මේ ලිඳට යන්න කියලා"
"හැන්දෑ වෙලා නේ පුතේ. හෙට උදේට ළිඳෙන් නාපන්. දැන් ගෙදරින් නාගනින්"
"හ්ම්ම්.."
අම්මගෙ වචනයට අකීකරු වන්නට මට සිත් දුන්නේ නැත.
ගමන් මහන්සිය යන තෙක් සිත් සේ නාගත් මම කොට කලිසමකින් සහ ටීශර්ට් එකකින් සැරසී සාලයට යන්නට හැදුවා පමණී,
"පුතාලෑ ගෙවල් කොයි පැත්තෙද"
"බණ්ඩාරවෙල අප්පච්චි"
මාර දූතයා අප්පච්චි සමඟ සංවාදයකය.
"දැන් ඉතින් මං ගෙට යන්නේ කොහොමද.. ඔන්න ඔහේ ඉන්නවා"
මා ඇඳට වැටුණෙමි.
"අපේ පොඩි කෙලි ත් අද ගෙදර ආවේ ගොඩක් කාලෙකින්"
"චූටිට එන්න කියන්නකෝ අම්මා. මං දැක්කෙත් නෑ"
දැන් ඉතින් ඉඳලා හමාරයි.
"චූටී..."
"ආ අම්මා.. එනවා"
මගේ හදවත ගැහෙන හඬ මටම ඇසේ.
'මං මොකටද බය වෙන්නේ. මං වරදක් කළාදැයි'
මම බිමබලා ගෙන ගොස් නතර වූයේ අම්මා ළඟය.
"මෙන්න මෙයාගෙ ලැජ්ජාව"
අයියා සුපුරුදු රණ්ඩුව පටන් ගත්තේය.
"අනේ මේ මං මොකටද ලැජ්ජ වෙන්නේ.. විකාර"
"අපෝ අපෝ මං දන්නවනෙ ඒක. මෙයා ලැජ්ජා වුණොත් බැරියැ.. විහාර මේ ඉන්නේ මගේ චණ්ඩි කෙල්ල"
අයියා මා තුරුල් කරගෙන පැවසීය. මම දෑස් ඔසවා ඔහු දෙස බැලීමී. ඔහු ඇස් දෙක කටේ දමාගෙන බලා සිටී. මම සිහින් සිනහවක් ඔහුට පෑවෙමි. ඔහුට සිනහසීමට අමතක වූවා සේය.
"පුතා එහෙනම් ඇඟපත ටිකක් සෝදගත්ත නම් හොඳයි නේද. මහන්සිත් අැති නේ. මං කෑම මේසෙට අරින්නම්"
"යමං විහාර"
අයියාත් විහාරත් ගිය පසු මම අම්මා පසුපස මුළුතැන්ගෙට වැදුණෙමි.
"අම්මා..."
"ම්..."
"අයියගෙ යාළුවා අද යන්නේ නැද්ද"
"නෑ මං හිතන්නෙ.. ටික දොහක් ඉදලා යයි"
මගේ සිත සතුටින් පිරී ගියේ ඇයිදැයි මට නොතේරේ.
විහාර සිටි දවස් ගාණට අපේ පවුලේ සාමාජිකයකු බවට පත් විය. මටත් නිවාඩු ලැබී තිබුණ හෙයින් අයියලා දෙන්නත් සමඟ ගම වටා ඇවිදීමට මට ඉඩ ලැබුණි. විහාර අයියා මට විශේෂ කැමැත්තක් දක්වන බව මට දැනුණමුත් මා ඒ බව හඟවන්නට නොගියෙමි.
"චූටී...."
"විහාර අයියේ..."
"මහන්සිද"
"නෑ"
"එන්න අපි යමු. අනිත් අය ගොඩක් දුර ගිහිල්ලා"
ඔහු මා අතින් අල්ලාගෙන ඉදිරියට ගමන් කරන්නට විය.
"ඊයා...."
කූඩැල්ලෙක් මගේ කකුලේ එල්ලී ඇත.
"හෝව් හෝව් කෑගහන්න එපා"
ඔහු කූඩැල්ලා අතින් ගෙන විසි කළේය. මා නොදැනුවත්වම ඔහුගේ කරේ එල්ලී ඇති බව මා දුටුවේ එවිටය.
"Sorry"
"කමක් නෑ එහෙම ඉන්න"
"පිස්සුද.. කවුරු හරි දැක්කොත් වැරැදියට හිතයි"
"කවුරු දකින්නද.. අයියා ඔයාව මට බාරදීලා ගියේ. එයා දන්නවා"
"මොනාද"
"මුකුත් නෑ.."
"විකාර"
"චූටී... ඔයාට boy friend කෙනෙක් ඉන්නවද"
"ඇයි අහන්නේ.."
"ප්රශ්නයක් ඇහුවම ප්රශ්නයක් අහන එක නෙමෙයි උත්තර දෙන එකයි කරන්න ඕනේ"
"නෑ"
"ඇත්තමද"
ඔහු මගේ දෑස දෙස බලා විමසයි.
"හ්ම්.."
ඔහු මා තරයේ වැලඳ ගත්තේය.
"ඔයා මගේ විතරයි චූටී"
පළමු හාදුවෙන් ඔහු මා නලලත සැරසුවේය.
"මගේ නේද.. හැමදාටම"
ඔහු මගේ මුණ දෑතින් අල්ලා අසයි.
"හ්ම්..."
මම ඔළුව වැනුවෙමි.
"ආදරෙයි චූටී.. මං හෙට යනවා මට match එකක්.. ඉක්මණටම ඇවිත් මං අම්මගෙනුයි අප්පච්චිගෙනුයි මගේ පැටියව ඉල්ලගන්නවා.. මං එනකම් පරිස්සමට ඉන්නවා නේද"
"ඉක්මණට එනවා නේද ආපහු.. පොරොන්දු වෙන්න"
"පොරොන්දු වෙනවා චූටියෝ.. ආදරෙයි කියන්නකෝ"
"ඒවා ආවම..."
"අපෝ මේකිගේ ආඩම්බරකම.. ඉන්නවකෝ මගේ වෙනකම්"
"බලාගමුකෝ..."
"ඉන්නවා ඔහොම.. වැටෙයි චූටි..."
වෙනදට ඇඳට ගිය පමාවෙන් නින්දට යන මම එදා පාන්දර වෙනතුරුම ඔහු පිළිබඳව සිහි කරමින් සිටියෙමි. පසුදා උදෙන්ම අවදි වූ මට සිහි වූයේ ඔහුගේ ඈත් වීමයි. කෙටි කලකින් ඔහු මා ලං වූ සැටි පුදුමය. එහෙත් මේ බැඳීම ආත්මීයය.
ඔහු නිවසින් පිටත් වීමට ලෑස්ති වී ඇත. එහෙත් ඔහුව එසේ යවන්නේ කෙසේද? මම කාමරයට වී ඉකිගසමින් හැඬුවෙමි.
"චූටි..."
ඔහුගේ හඬින් මා තිගැස්සීමි.
"අනේ යන්න එපා.."
මම දුවගොස් ඔහු බදා ගතිමි.
"අඬන්න එපා චූටි.. ඉක්මණට එනවානෙ මම.."
"මට කිව්වට ඔයත් අඬන්නේ"
"මේ පොඩි කෙල්ල මාවත් අඬවනවනේ"
"අඬන්නෑ.. ඉක්මණට එනවානෙ"
"ආදරෙයි පැටියෝ.. මං එනකම් පරිස්සමින් ඉන්න ඕනේ.. හොඳද"
"අයියත් පරිස්සමින්.. match එක දිනලා එන්න හොඳේ"
"දිනනවාමයි චූටියෝ.."
ඔහු නොපෙනී යන තෙක් මා පාර බලා සිටියෙමි. නැවත මා ද සුපුරුදු දින චර්යාව සඳහා පිටත් වූයේ පසුදිනය.
තත්පර මිනිත්තු පැය කරමින් කාලය ගලා ගියේ අපගේ ආදරය දළු දා වැඩෙමිනි.
ඔහු තරගාවලිය අවසන් කර නැවත පැමිණීමට නියමිතව තිබුණේ අදය. ඔහු අප්පච්චිලා සමඟ කතා කිරීමට අද ම පැමිණෙන නිසා මමද නිවාඩු ලබා ගෙදර ආවෙමි. එදා ඔහු සිටි අසුන දැක මට සිනහ පහල විය.
'පිස්සා...'
"අයියා... මම ආවා"
මම නිවසට පැමිණ ඔහුට කෙටි පණිවිඩයක් යැව්වෙමි.
"මාත් එන ගමන් චූටි.. ඔයාට surprise එකක් දෙන්නම්කෝ මම අද"
"මැට්ටා.. පරිස්සමට එන්න හොඳේ"
මාත් අම්මාත් විහාර කැමති කෑම රැසක් සෑදීය.
"අම්මා අයියා එන්නේ කීයටද"
"එයත් දැන් එයි"
නිවසේ දුරකථනය නාද විය.
"අප්පච්චි අයියා වෙන්න ඇති.."
"නෝනේ... නෝනේ"
අප්පච්චි කෑගසන්නට විය.
"ඇඳුමක් දා ගන්න"
"ඇයි අප්පච්චි?"
"අයියට පොඩි කරදරයක් වෙලා. අපි යමු"
"අනේ ඇයි අප්පච්චි අයියට මොකද"
"අනේ මහත්තයා මගේ දරැවා"
"කෑගහන්න දෙයක් නෑ.. ළමයට ලොකු කරදරයක් නෙමෙයි"
අපි තුන්දෙනාම කරාපිටිය රෝහල වෙත ගියෙමු.
"දැන් accident වෙලා ගෙනාපු අය කෝ මිසී"
"අර පැත්ත බලන්න"
"අප්පච්චි අර ඉන්නේ අයියා"
"අයියා.."
මා දුවගොස් අයියා බදා ගතිමි... අයියාගේ් දෑස කඳුළින් පිරී ඇත.
"අයියට කරදරයක් නෑනේ අයියා.. බයවෙන්න එපා"
"මට සමාවෙන්න චූටි"
අයියා කීදේ මට වැටහුණේ නැත. ඔහු බලා සිටි දෙස මා බැලුවෙමි.
"අයියා...!"
මගේ විහාර..!
මම විහාර සිටි තැනට දිවගියෙමි. ඔහුගේ දෑස් පියවී ඇත. මට බියක් දැනේ්.
"අනේ මට බයයි අයියා. විහාරට ඇස් අරින්න කියන්නකෝ"
"චූ....ටි..."
"අනේ අයියා මොකද වුණේ අයියා"
විහාර කැනියුලාව ගසා තිබූ අතින් මගේ අත අල්ලාගෙන මගේ දෑස් දෙස බලා සිටියේය. මුල්ම දවසේ මෙන් ඔහුගේ දෑස් දීප්තිමත්ය. පහත් වෙන්නැයි හිසින් සන් කළ ඔහු මගේ නළලත මත හාදුවක් තැබුවේය. ඔහු සදහටම දෑස් පියාගෙනය. මට මතක එපමණකි. නැවත මා ඔහු දුටුවේ නිලඇදුමින් සැරසී අවසන් ගමන් යාමට සූදානම් වී සිටියදීය. එකඳු කඳුළක් මගේ දෑසින් නොවැටුණි. ඔහුගේ නළලත මත මගේ ප්රථම සහ අවසන් හාදුව තැබූ මම 'අාදරෙයි අයියේ' යැයි මිමිණුවෙමි. එහෙත් මගේ ආදරය ඔහුට නොපෙනේ. ඔහුගේ #කඩවුණු_පොරොන්දුවත් සමඟ ඔහු යන්නට ගොසිනි.
(උපුටා_ගැනීමකි)
manchu official-෴මාන්චු෴page eken
No comments:
Post a Comment