වෙනසක්

ටිකක් දිගයි.. ඒත් මං කියන්න හදන දේ තේරෙනවද බලන්න..

වෙනසක්

- තමුසේ නම් මාර වදයක් ඕයි.. යනවකෝ යන එකෙක් එක්ක මට වද නොදී..

- ඒත් අකිල මං ආදරේ ඔයාටනේ.. කොහොමද වෙන කෙනෙක් ලගට යන්නේ

- මේ ඕයි සිංහල තේරෙනවද?? තමුසේ මට එපා.. තමුසේ මහ වදයක්..

- අනේ අයියේ..

අචිනි අඩන්න පටන් ගත්තා.. අකිල අචිනි එක්ක යාලු වෙලා දැන් මාස 3යි.. ඒත් එයාලා සතුටින් හිටියේ මාසයයි.. ඊට පස්සේ හැමදාම රණ්ඩු.. අන්තිමට අකිල අචිනිට බොරු චෝදනා කරලා අතැරියා..

- වදේ.. අඩන්න එපා හලෝ මෙතන මිනිස්සු ඉන්නවා..

අකිල කීවේ වටපිට බල බල.. තරු පන්තියේ අවන්හලක ඔවුන් දෙදෙනාම සිටියේ.. අවසන් වරට හමුවන්නට ඕන කීව නිසා අකිල මෙතනට ආවේ.. අකිල ධනවත් මෙන්ම බලවත් පවුලක වැඩිමල් දරුවා.. අචිනි සාමන්ය පවුලක සාමන්‍ය කෙල්ලෙක්..

අකිලට ලැජ්ජා වේ යැයි සිතා ඇය අමාරුවෙන් කදුලු සැගවුවා.. එදා අකිල ඇයව මහ පාරේ දාලා ගියේ අචිනිව සදහටම අතෑරලා.. ඒ වෙනකොට අචිනි අධ්‍යාපනය හදාරමින් සිටියේ.. අකිල එම ආයතනයේම තවත් ගෑනු ලමයෙක් සමග යාලු උනේ අචිනි ඉස්සරහදිමයි.. අකිල ඇයවත් මාස 2කින් අතෑරලා දැම්මා..

මේ මොනවා උනත් අචිනි අකිල ගැන තරහක් වෛරයක් ගැන සිතුවේ නෑ.. ඔහුගේ හැම වරදක්ම ඇගේ සිතේ වූ ආදරය මගින් සාධාරණීකරනය කලා.. මෙහෙම කාලය ගෙවී ගියා.. අකිලව අවසන් වරට දැකලා දැන් අවුරුද්දක් පමණ.. අචිනිත් නව ආදරයක පැටලිලා.. දවසක් අචිනිට ආයෙත් අකිල ගැන අහන්න හම්බෙනවා.. ඒත් ඇය ඒ කියපු තම පෙම්වතාට බැන වදිනවා..

- අයියේ Please එයා එහෙම නෑ.. අකිල ඒ අක්කා එක්ක.. අනික එයා අකිලට වඩා වැඩිමල් නේ..

- නංගී මං කීවේ මං දන්න දේ.. ඌගේම යාලුවා කියපුවා..

- නෑ මට විස්වාස නෑ.. අනික මට ඕවා අහන්න ඕන නෑ..

ඒත් අචීනිට ඒවා තවත් මතක් උනා.. ඇය සිතාගත්තා මේකේ ඇත්ත හොයා ගන්නවා කියලා.. ඇය කොලඹ සිටින තම මිතුරියකගේ නමට sim එකක් අරගත්තා.. ඇගේ අවසරයෙන් ඇගේ පින්තූර යොදා ව්යාජ Facebook account viber whatsapp හැදුවා.. ඒත් හැම තොරතුරක්ම ඇගේ මිතුරිය සරණීගේ.. මෙහෙම මේ ගිණුම් හදලා දවසක් අචිනි අකිලට රෑ miss call එකක් ගහනවා..

තප්පර කීපයකින් අකිල call back කලා..

- හලෝ.. කොහෙද මැට්ටි ඉන්නේ.. මං එලියේ ඉක්මනට වරෙන්..

අචිනි හිතාමතාම අකිලට පෙර කතා කලා..

- හලෝ කවුද මේ..

අචිනි නැවත රගපෑවා තම බෝඩිමේ නව මිතුරියට ගත් ඇමතුමේ අංකය වැරදි ඇති බව හැගවූවා.. අචිනි ඒක කීවේ ගෑනූ මායාම් ඔක්කොම දාලා..

- ඕ.. අනේ ඒකට කමක් නෑ.. ආයේ එහෙම number එක අමතක කරන්න එපා..

අකිල කීවේ විහිලුවක් කරගමන්මයි.. අචිනිත් අකිලට ඕන විදියටම ප්රතිචාර දැක්වුවා.. පස්සේ අකීල අචිනිගේ fake account වලට මැසේජ් request කලේ අචිනිගේ ප්ලෑන් සාර්ථක වෙමිනුයි.. අචිනි ඔහුව මාසයක් පමණ විවිධාකාර බොරු පවසමින් ඇන්දුවා..

- මේ.. දෙයක් කියන්නද..

- කියන්න බබෝ..

- ඔයාගෙ මූණ බලලා මං පොඩී දේවල් ටිකක් කියන්නම් වැරදුනොත් sorry..

- අනේ හරි අක්කියෝ.. කියන්නකෝ..

අකිල අචිනි බව නොදැන සරණි එක්ක හුරතල් උනා.. සරණි පිලියන්දල.. අචිනි නුවර.. අචිනි අකිලව බය කරන්න පටන් ගත්තේ ඇත්ත කියවගන්න..

- හරි.. ඔයා සල්ලිකාර තාත්තෙක්ගේ සෙල්ලක්කාර පුතෙක්.. අහිංසක මූණක් තියනවා.. ඒ මූණට කෙල්ලෝ රැවටෙනවා.. මං කී වෙනියද..

අකිල ගැස්සුනා.. ඔහුගේ වචන පැටලුනා..

- කවුද ඔයා ??

- guess කරන්න බලන්න..

- මේ සේරා ඔයා මාව අන්දන්නද හදන්නේ.. මේ සේරා නේද??

- කවුද ඒ.. මං සේරා නෙමෙයි සරණි.. මාව මතක නැද්ද.. ඔයාව මං සිය පාරකට වඩා හම්බෙලා තියනවා..

- සිය පාරක්?? මං කොලඹ නෙමෙයි නේ..

- මාත් කොලඹ නෙමෙයි.. මං OL කලේ High school ඊට පස්සේ AL කරන්න මහාමායා ගියා..

- අචිනි.. මේ අහන්න මං ගැන හොයන්න එපා.. මං ඒකට කැමති නෑ..

- අචිනි?? කවුද ඒ.. මං අචිනි නෙමෙයි..

- නෑ ඔයා අචිනි හරි සේරා හරි.. මට මේ කටහඩ ඇහෙනකොට මතක් වෙන්නේ ඒ දෙන්නා..

- ඒත් මං ඒ දෙන්නා නෙමෙයි.. ඔයාට ඕන නම් එයාලගෙන් අහන්න..

අකිර සේරාට කතා කලා සේරා කතා කරලා ඒ එයා නෙමෙයි කීවාම අකිල අචිනිට ගත්තා..

"ඔබ ඇමතු අංකය භාවිතයේ නොමැත."

- මොකද උනේ.. එයාලා කීවද??

- නෑ.. මට දැනගන්න පුළුවන්ද ඇයි ඔයා මට කතා කරේ කියලා..

- මං කතා කරේ දෙයක් පැහැදිලි කරගන්න.. ඒක ඇත්ත කියලා ඔයාම මට ඔප්පු කලා..

- ඒ මොකක්ද ?? ඔයා කවුද??

- මතක් කරලා බලන්න.. ඔයා නිසා මැරෙන්න ගිය කෙනෙක්.. එයා අචිනි සේරා නදී නෙලුම් කාංචනා ඒ ඕන කෙනෙක් වෙන්න පුළුවන් නේද..

- කවුද මේ.. මට දැනගන්න ඕන.. මේ නෙලුම් නම්.. තමුසේ මාව byte කරා නම් මං කරන දේ බලා ගන්නවා..

අකිල එව්වේ නෙලුම්ගේ නිරුවත් ඡායාරූප කීපයක්.. අචිනිට ඇගම පන නැතුව ගියා.. දෙවියෙක් කියලා හිතුව මනුස්සයා අමනුස්සයෙක් උනාම..

- සොරි අකිල මං නෙලුම් නෙමෙයි...අනික ඔයා මේවා දැම්මොත් උඹව ඉස්සෙල්ම පොලිසියට අල්ලලා දෙන්නේ මේ මං.. ඒකට ඕන තරම් සාක්ෂි මං ලග තියනවා..

- කවුද උඹ.. උඹ අචිනි වෙන්න බෑ.. ඒකිට ඔය තරම් හයියක් නෑ.. ඒකි දන්නේ අඩන්න විතරයි..

අචිනිට ඒ කතාවට හදවත හතරට පහට පැලිලා ගියා..

- ඔව් මං අචිනි නෙමෙයි.. සරණී.. දවසක මං ඔයා ඉස්සරහට එනවා.. ඇවිත් hi it's me Sarani කියන්නම්..

- පිස්සෙක්..

- එහෙනම් bye

අචිනි කෝල් එක තිබ්බේ අකිල කෙල්ලන්ට කරන දේට පාඩමක් උගන්නවා.. අචිනිව පහත් කරපු තරමටම ඇය උඩට එනවා කියලා තමන්ම පොරොන්දු වෙලා..

(අවුරුදු 5කට පසු..)

- මැඩම් මං එන්නද??

- එන්න..

අචිනි අනෙක් පස හැරි කීවා.. අකිල පුටුවේ ඉදගත්තා.. ඔහුට නව පත්වීම ලැබුන කම්පැනි එකේ අයිතිකාරිය හමුවන පලමු දවස..

- මැඩම් මං අකිල

- අකිල නිරෝෂන් කරුණාතිලක.. වයස 28යි. කලින් කම්පැනි 3 4ක වැඩ කලා.. No progress.. ඒත් මං ඔයාව hire කලා.. HI it's me sarani..

අචිනි සිනා මුසු මුහුණෙන් අකිල දෙස හැරි අත දික් කලා.. අකිල නැගිට්ටුනා.. කියන්න ගිය දේ උගුරේ හිර උනා..

- අ අ අචිනී..

- අචීනි.. නෙමෙයි මං ඔයාගෙ බොස්..

- sorry madam..

අකිල බිම බලාගත්තේ ලැජ්ජාවට.. එදා මේ කෙල්ලට ලැජ්ජා කලේ මොකුත් නෑ කියලා.. හරිම දුර්වලයි කියලා..

- මොකෝ හිටගෙන ඉදගන්න..

අචිනි සාමදානව කීවා.. අචිනි අද ලංකාව වටා තරු පංතියේ හෝටල් 8ක අයිතිකාරියක්.. තවත් ව්යාපාරය කීපයකම තනි අයිතිකාරිය.. අද අකිලට වඩා ඇය බලවත් මෙන්ම ධනවත්.. අකිල ඇයව අඩියටම දාලා කතා කරපු වචන ඇගේ දෙසවන් පුරා වසර 5ක්ම තිබුනා.. අද අකිල ඇගේ යටත් සේවකයෙක්..

- so sorry darling I'm late.

කැබින් එකට ආවේ අකිලට වඩා කඩවසම් තරුණයෙක්.. ඔහු අකිලව ගනන් නොගෙනම අචිනිව බදාගත්තා..

- ඒකට කමක් නෑ පැටියෝ.. ආ.. මේ අකිල.. මං අර කීවේ..

- ohh nice to meet you akila.. 

ඔහු අකිලට අත දිගු කලා.. අකිල අදිමදි කරමින් ඔහුට අතට අත දුන්නා..

- Me too.

අකිල සෙමින් කීවා.. අකිලගේ හිත ලැජ්ජාවත් පසුතැවිමත් නිසා අපහසුතාවට පත්ව තිබුනා..

- මං නිර්මල.. අකිල අපේ වෙඩින් එකට එන්නම ඕන.. ලබන 28

- අකිල එයි අයියේ.. මේ එහෙනම් යමුද.. අකිල මගේ ඇසිස්ටන්ට් ඔයාට ඕන ටික කියයි..

- හරි මැඩම්..

අචිනි නිර්මලගේ අතේ පැටලි හිනා වෙවි කැබින් එකෙන් එලියට යනවා අකිල බලාගෙන හිටියා.. ටිකක් පුටුවට බර වෙලා සියල්ල කල්පනා කර කර ඉදලා අකිල නැගිටලා එලියට ආවේ Appointment Letter එක ගුලි කර  කුණු කූඩයට දාලා..

*** නිමි ***

පුංචි කතාවක්.. ගොඩක් වෙලාවට මේ කතාවේ සමහර සිද්දි ගොඩක් අයට අදාලයි.. ඒත් ඒ ඇත්තට මූණ දිලා එකෙන්ම ගොඩ එන්න අපි ගොඩක් අයට බෑ.. එහෙම උනාමයි වටිනා ජීවිත අකාලේ නැති වෙන්නේ.. මේ කියන දේ වැරදි ඇති.. ඒත් තමන්ව රවට්ටපු මිනිස්සුන්ට දවසක ඇඩෙන්නම නැගිටින්න ඕන.. ඒකට කෙල්ලෙක්, ගෑනූ ලමයෙක්ට බෑ, එයාලාට පුළුවන් අඩන්න විතරයි කියන සංකල්පය ඔලුවෙන් අයින් කරන්න ඕන.. කෙල්ලෙක් උනත් තම දෙපයින් නැගිටින්න ඕන..

මට කෙනෙක් කීවා දවසක්

"උඹ යන පාරේ ගොඩක් බල්ලෝ බුරයි.. ඒත් උඹ උන්ට ගල් ගහන්න කාලේ ගන්න එකත් අපරාදේ.. දවසක උඹට ඕන තැනට ගියාම ඒ බල්ලොන්ට ගල් පාරට වඩා රිදෙයි.."

මේක මගේ ජීවිතේ වෙනස් කරයි කියලා මං දන්නවා.. ජීවිතේ මං ගොඩක් රැවටුනා.. වැටුනා.. ඇඩුවා.. ඒත් මං නැගිටිනවා.. හිනා වෙනවා.. ඒ හැම පාරම දෙයක් ඉගන ගෙන.. මේ කතාවේ අචිනි වගේ ඉස්සරහටම යනවා.. ජීවිතේ ලස්සන කරගන්න..

:) සචී :)
Sachini wijeesingha නිරමාණයක්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment