ෆේස් බුක් ආදරේ

කතාවක්..

ෆේස්බුක් ආදරේ... 💓💓

        නදී.. නදියෝ... මට ලේට් වෙනවා කෙල්ල... කෝ කෑම එක..??
        පොඩ්ඩක් ඉන්ඩෝ... පස්සට එලිය වැටෙනකම් ඇදෙන් බහින්නෙ නෑ.. දැං පරක්කුයි කියලා සද්දෙ දැම්මොත් අම්මපා ගලවනවා දත් ඇන්දම..
     ම්ම්ම්.. ඔයානෙ ඉතිං මට එන්න නොදී තියන් ඉන්නෙ ඇදට වෙලා... 😍
         අහ් ඇත්තද මහත්තයෝ...??එනවකො ආපහු උම්මා එකාක් ගාගෙන හොම්බට ඇනලා එලවන්ඩ මට...
       අනේ තියාගන්න මහ ලොකු උම්මාව... මං යනවා... කෝ අදට විතරක් එකා..ක්..
        අනෙ... ඇති සංජු... කෝ අයින් වෙන්නකො... බබාත් ඇහැරිලා එනවා ඇති... කෝ අයින් වෙන්න අනේ... 😍😍😍
          හ්ම්... මං යන්නම් කෙල්ල.. පරිස්සමින් ඉන්නකෝ.... උම්මා... ❣️❣️

           අම්බෝ... එක යුද්ධයක් ඉවරයි... දැං දෝනිව මොන්ටිසෝරි ගෙනියන්න ඕන.... දෝනී... නැගිටින්න පුතේ....

නදීකා කියන්නෙ පෝස්ත් පවුලක හැදුන කෙල්ලෙක්... ගොඩාක් සෙල්ලක්කාර කෙල්ලක්.. නදී මෙන්ම සෙල්ලක්කාර චරිතයක් වුන සංජය රැකියාව කලේ පෞද්ගලික බැංකුවක.. සංජයටයි නදීකටයි දැං පෙරපාසල් යන පුංචි දුවෙක් ඉන්නවා...  හරි ලස්සනට ජීවත්වන පවුලක් කියලා දකින අය කියනවා...
******************************
       ම්ම්ම්... දෝනිවත් ස්කූල් දැම්මානේ... ගෙදරත් කවුරුත් නෑ... කම්මැලියි බං... අපි මොකද දිනූ කරන්නෙ...??
        කා එකේනෙ ආවෙ නේද..?? ඉතිං අපි ශොපින් පාරක් දාමුද නදී...?? ස්කූල් අරින ටයිම් ආපහු එමු.... 😂🔫
         ග්‍රේට් අයිඩියා කෙල්ලේ... ගිහින් හොදට කමු අද අපි... උඹටත් මාර අයිඩියාස් එන්නෙ නේද...??
***********************************

        ම්ම්... කෑම ටික නම් සුපර්බ් නේද...??අහ් උඹ මොකද ඔය කරන්නෙ නදී...??
              ම්ම්... ටිකක් fb ගිහින් බලනවා බං.. බුදුඅම්බෝ.... මෙච්චර නොටිෆිකේශන්ස් ගොඩක් එක රැයකට...?? හිතා ගන්නත් බෑනේ...
              උඹේ එකටද නැත්තං ෆේක් එකටද...?

       ෆේක් බං ෆේක්... සංජු ඉද්දි විතරයිනෙ බං මගෙ එකෙන් ලොග් වෙන්නෙ... අහ් මේ බලපන්කො මේ රික්වෙස්ට් එක දිහා... මාර හැන්ඩියා නේද...??
          මයි ගුඩ්නස් ඔව් මයි... accept කරපං... අහ් බලපන් මුලින්ම ඌ මැරීඩ්ද කියලා...
            නෑ නෑ බං සිංගල් කියලා දාලා තියෙන්නෙ... මාරම ලුක් එකක් නේද බං තියෙන්නෙ...
                   මොකද්ද නම උගෙ...??
      සචින්ත හසරන්ග... අහ් දිනූ... සංජුගෙ මල්ලිගෙ නමත් ඒකමයි... ඌද දන්නෙ නෑ.. හි හී...
         නම එක වුනාට මේ ඌ නෙමෙයිනෙ නදී... බලපන්කො ෆොටෝස් ටික.. කොහොම වුනත් උඹත් ඉන්නෙත් රොශානී කියලා බොරු නමකින්නෙ...

                     Hiiii..... kohomada..?? 😍

      දිනූ... මෙන්න මූ මැසේජ් කරනවා... ෆෝන් අතේම තියන් ඉදලා වගේ...
       ඉතිං උඹත් රිප්ලයි කරපන්... හැබැයි අමතක නොකර සංජය එද්දි ඕකෙන් logout වෙයන්...
**************************
        නදීට දැං සචින්තට මැසේජ්,කෝල් නොකර ඉන්නම බෑ...  සංජය හවස ගෙදර එනකනුත් නදී නෙමෙයි ෆෝන් එක අහකින් තියන්නෙ... සංජය එහෙ මෙහෙ වෙනකම් ඉදලා ෆෝන් එක ගාවට යන්නෙ කරෝල සුවදට ඇදෙන හොර බැලලියක් වගේ... 😏😏

           "රොශානි ඔයාගෙ වොයිස් එක වගේම ඔයත් ලස්සන ඇති ගොඩාක්... ඔයා එක්ක කතා කරද්දි මම ඔයාව දන්නවා කියලම හිතෙනවා කෙල්ලෙ... බලන්න ඕන මට ඔයාව..."

           සචින්ත හවස මැසෙන්ජර් කෝල් වලින් කෝල් කරලා කියපු දේවල් තවම කන් ඇතුලෙ රැවු දෙනවා වගේ ඇහෙන්න ගත්තා... සචින්ත කිව්වා වගේම කතා කරද්දි එයාව දන්නවා කියලා කෙල්ලටත් හිතුනා... ඒ තරමට ඒ හඩ නදීව වශී කරලා...
        සංජයගේද ලගක සිට  හැසිරීම වෙනස් බව දැනුනද නදී ඒ ගැන තැකීමක් නොකලාය... නිතර නිතර ඔහු නදීගේ ඇසුර පැතුවේ උමතුවෙන් මෙනි... එසේම නදීද රාත්‍රිය සංජය සමග ගත කල හැම මොහොතක්ම සචින්තව සිතින් මවාගෙන ඔහු හා ගතකලාය... රිසි සේ සිතින් පෙම් සුව වින්දාය... ඒ සුව ගතින් විදින්නට සිහින දැක්කාය... 😍😍😍
*****************************
     " ඔයාව බලන්න ඕන කෙල්ල ඉක්මනම ඕන... ගොඩාක් ආදරෙයි දැං නම්.."
    

          කොල්ලා කිව්වේ හදවතින්මයි... ඒ වචන ටික එනකම් නදී බලා සිටියේ නොඉවසිල්ලෙන්... තහනම් ගහේ ගෙඩි පැණි රසයි කියලා හිතලා නදී ගහට නැගලම ගෙඩි කන්න පටන් ගත්තා...
************************
ඒ දවස උදා වුනා...

       නදී... කෙල්ල අද නම් මං ටිකක් ලේට් වෙයි පැටියෝ.... දෝනි එක්ක කාලා බීලා පරිස්සමින් ඉන්න ඕනා...

           නිල් පාට අත් දිග ෂර්ට් එකට කලු කලිසමක් ඇදලා කලු ටයි එකක් දාලා ඉන්න සංජය ඇත්තටම කඩවසම්... සංජුව රවට්ටන එක පවු කියලා නදීට මොහොතකට හිතුනා... ඒත් සචින්තව අමතක කරන්න නදීට හිත දුන්නේ නෑ.....

      කතා කරගත්ත වෙලාවට යන්න නදී ලෑස්ති වුනා... සංජය නදීගෙ උපන්දිනට දීපු ලස්සන රතු පාට ටයිඩ් ෆ්‍රොක් එක ඇදලා ඒකටම ගැලපෙන්න ලස්සන කොට්ෂූස් දෙකක් දම්මා... චාම් විදියට පොඩි මේකප් එකක් දාලා කොන්ඩෙ කඩලා දැම්මා... දැං නම් නදී නිලියක් වගේ... දෝනිව දිනූට බලා ගන්න කියලා නදී ගමන යන්න පිටත් වුනා.....

            සචින්ත නදීව ගන්න ජූස් බාර් එක ගාවට එන්න පොරොන්දු වුනා.... ඒත් නදී එතනට යන්නත් කලින් සචින්ත එතනට ඇවිත් කියලා දැනගත්තෙ කලින් වෙන් කරපු ටේබල් එකේ කොල්ලෙක් පිටුපාලා ඉදගෙන ඉන්නවා දැකපු නිසයි...

           කලින් දැකලා හුරුපුරුදු කමක් දැනුනද හෙමීට හෙමීට ලගට ගිය නදී පිටුපාලා හිටපු කොල්ලගෙ ඇස් දෙක දෑතින්ම වැසුවා....

          රොශානී.... ඔයා නේද කෙල්ල මේ...??

                   හ්ම්.... හරියට හරි....

එහෙම කියලා නදී කොල්ලගෙ ඉස්සරහට ආවා.... එක් වරම හෙනයක් වැදුනාක් මෙන් දෙදෙනාම ගල් ගැහුනා......

              න... නදී ඔයා..... 😱😱

              ස....සංජු ඔ...ඔයා... 😱😱

ඔව් ඔව්... ඔයාලා හිතුවා හරි... නොදුටු පෙම්වතුන් ලෙස මෙතරම් කාලයක් face book හරහා ආදරය කර ඇත්තේ වෙන කවුරුත් නෙමේ.... වසට පහක් එකට  දීග කෑ නදීකයි සංජයයි තමයි...

                   ........... නිමි.........
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment