පාරමිතා

#පාරමිතා

"අම්මෙ මම මහන වෙන්නද?"
"පිස්සුද ඔයා දැන් මේ අවුරුදු කීයට කී සැරයක්නම් ඇහුවද? අපිට ඉන්නෙ ඔයයි අයියයි විතරයි. ඔයාව සාසනේට පූජ කරන්න අපිට බෑ. ඔයා දන්නව ඒක. ඕක ගැන ආයෙ මට කියන්න එපා"
"මම ඇහුවෙ අන්තිම සැරේට. අම්ම දන්නවා මට මේ ජිවිතේ ගැන කිසිම සතුටක් නෑ. මට ඕන ආරණ්‍යගත වෙන්න."
"කී වෙනි සැරේට ඇහුවත් ඔයා දන්නව උත්තරේ ඒක බව. ඒ නිසා සතුටින් ඉන්න විකාර අයින් කරලා."

මම නදී මේ කතාව තමයි අපේ ගෙදර සුපුරුදු තත්ත්වය.
"සුදු බබා... සුදු බබා.."
අයියා ඇවිත්. එයා මට කතා කරන්නෙ එහෙමයි.
"මොකද අනේ?"
"අම්මේ සුදු බබා අදත් අම්ම එක්ක රන්ඩුද" කියාගෙනම මගේ ලගින් හාන්සි උනා.
"අනේ මේ ඔයා සාමදාන විනිසුරු ද?" කියාගෙනම මම එයාගෙ බඩ උඩ ඉදගත්තා.
"අම්ම බලන්නකෝ මේකි මෙච්චර ලොකු වෙලත් තාම මට වද දෙනවා. බලන්නකෝ අම්මට කිව්වා කියල බඩ උඩ උඩ පනිනවා"
"දැන් ඉතිම් ඔයා හින්දා සුපුරුදු වාක්‍ය ටික අදත් අහගන්න පුලුවන්. අනේ ඉතිම් පාඩුවෙ කට පියන් ඉන්න බෑ නෙ අයියටත්. අම්මේ... අයියගෙ බොරු මන් ඒම නෑ."
අයියගෙ බඩ උඩ උඩ තව පාරක් පැනල නැගිටින්න උනේ නෑ. මෙන්න අම්ම ඉස්සරහ. හොර අතේ මාට්ටු මන් හිමීට බිම බලාගෙනම ඇදේ පැත්තකින් ඉදගත්තා.
"දැන් වයස කීයක්ද සුදු ඔයාට මේ ජූලි වලට 22ක්. එතකොට අයියට 25ක්. අහල පහල පොඩි ලමයි ඉන්න ගෙදරකවත් මෙහෙම සද්ද නෑ. ඔයාල දෙන්න දැන් පොඩි ලමයි නෙවෙයි හැමතිස්සෙම රන්ඩු කරගන්න. අපි වයසට ගිහින්වත් අපිට නිදහසේ ඉන්න නෑ නෙ රන්ඩු රන්ඩු හැම තිස්සෙම"
අපි විහිලුවට සෙල්ලම් කරලා රන්ඩු වෙන එක අම්ම සුපුරුදු පරිදි ඇත්තටම අරගෙන. වෙනදා වගේම අයියත් සුපුරුදු ගීතයම දායි ටිකකින්. හිතුව වගේම හරි ඔන්න කියන්න පටන් ගත්තා.
"ඔව් අම්ම සුදු බබාට මම ගහන් නැතුව හුරතල් කරන නිසා තමයි හැමදේම. දෙකක් දුන්න නම් හරි හැරෙන හැරෙන අතට."
"ආ ආ මේ එයාට එයාගෙ පඩුවෙ ඉන්න දෙන්න. හදාගත්තු කාලෙක හදාගත්තු එකෙක්ට ගහගන්න. නංගිට අතක් උස්සලා අහුවෙන්න එපා හරිද?. අනික ඔයා තමයි සුදු බබාව නරක් කරන්නෙ."
මන් හිතුව වගේම මගේ අහින්සක මූන දෑකල අම්ම රැවටුනා. දැන් අයියගේ වාරෙ. අම්ම ගියා තව මොනාද කියෝ කියෝ
"සුදු බබා මන් විහිලුවට කිව්වෙ. අයියා ගහන් නෑ කියල බබා දන්නව නෙ." 
මගේ දවස පටන් ගන්නෙත් ඉවර වෙන්නෙත් අයියගෙන්. එයා තමයි උදේට මාව ඇරවන්නෙ. රෑට නිදාගන්නෙත් අපි සාලෙට වෙලා විකාර කියෝ කියෝ ඉදල.

******************************************
අයියා තමයි මගේ කල්පනා ලෝකෙන් මාව මුදවන්නෙ. එයා මට ගොඩක් ආදරෙයි. සාසනේට යයි කියන බය හින්දම අයියා මාව සතුටින් තියනවා. ඒත් මන් මොන විදියෙන් හිටියත් මගේ හිතේ තිබුනේ කලකිරීමක්. මට ඕන උනේ මහන දම් පුරල සසර කෙටි කරගන්න. අයියා තමයි මාව තේරුම් ගත්ත එකම කෙනා ඉතිං එයා මේ දේවල් දැනගෙන හිටියා කියල මන් දන්නවා. ඒක හින්දම වෙන්න ඇති අයියා මාව කසාද බන්දන්න තීරනේ කරෙත්.

*********************************************

අවුරුදු එකාහමාරකට විතර පස්සෙ මට කසාදයක් තීන්දු උනා. අයියගේ ඉල්ලීම හින්දම මට අකමැති වෙන්න බැරි උනා. මම හිත හදාගෙන උපේක්ෂාවෙන් ජීවිතේ දිහා බලන්න හුරු උනා. එයා පියුමාල්. ව්‍යාපාර කරන කෙනෙක්. තලඑලලුයි. හැබැයි ප්‍රසන්න විදියට හිටියා. අයියගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්. එයාව දැක්ක දවසෙ ඉදන් මම කතා කරේ වචන දෙකයි ඒ එයා යද්දි බුදු සරණයි කියන වචන දෙක විතරයි. එයා මට මොන දේකට කැමති උනාද කියල මට හිතා ගන්න බැරි උනා.

********************************************
මාස අටකට විතර පස්සෙ අපේ කසාදෙ චාම් විදියට ගත්තා. අපි එයාලගෙ ගෙදර පදිංචියට ගියා. අම්මයි අප්පච්චියි නංගියි විතරයි එයාට හිටියේ. ටිකක් අමුතු පවුලක්. මගේ පවුල වගේ සතුටින් එකමුතුව හිටියෙ නෑ. හරිම ගුප්තයි. එයාට මගෙන් වෙන්න ඕන යුතුකම් වගේම එයා මට කියන හැමදේමත් මම කරා. එයා එළියට යන හැමවෙලාවෙම මගේ නලලට උනුසුම් හාදුවක් දෙන්න අමතක කරේ නෑ. ටික දවසක් යද්දි මන් මගේ සැමියට ආදරේ කරන්න ගත්තා. අපේ පවුලේ තුබුනු සතුට සැනසීමම අපි දෙන්න අතරටත් ගෙන්න උත්සාහ කලා.

අයියා හැමදාම කෝල් කරනව හවස ගෙදර ආවම. අදත් ඒ සුපුරුදු කෝල් එකම ආව.
"සුදු බබා කොහොමද හොදින් නේද?"
"ඔව් අයියේ හොදින්. කෝ අම්මයි අප්පච්චියි? හොදින් නේද හැමදේම?"
"ඔව් සුදු බබා හොදින්. බබා නැති අඩුව විතරයි. කෝ මගේ මස්සිනා පොඩ්ඩ"
"එයා ඉතිං සතියෙ වැඩි දවසක් ගෙදරින් පිට නෙ ඉන්නෙ. ඊයෙ නුවරඑළියේ ගිහින් තාම ආවෙ නෑ."
"මොකක් නුවරඑළි?"
"ඔව් අයියෙ ප්‍රශ්නයක්ද?"
"නැහැ බබා මම අද එයා වගේ කෙනෙක් බබෙකුයි කෙල්ලෙකුයි එක්ක ඉන්නවා දැක්කා. මට වැරදෙන්න ඇති."
"එහෙම වෙන්නැති. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි අයියේ."
"බුදු සරණයි සුදු බබා."
මට පොඩි ඉරිසියාවක් දැනුනත් ඒක මම අමතක කරලා දැන්මා. මම නිදා ගත්ත හෙට හවස එයා එන නිසා උදේම නැගිටලා special කෑම මොනාහරි හදන්න ඕන නිසා. එයා ඔහොම ගෙදර එන දවසට special උයන එක මගේ පුරුද්දක්.
හීනෙන් වගේ දොරට ගහන සද්දෙකුයි මට කතා කරන සද්දෙකුයි ඇහුනා. නැගිටලා වෙලාව බැලුවා. වෙලාව 12.15. මේ වෙලාවෙ කවුද කියල හිත හිත ඉන්නකොට ආයෙම සද්දෙ ඇහුනා. මන් නයිටියට උඩින් ඕව කෝට් එක ඇදල දොර අරිනකොට මන් දැක්කෙ මගේ සැමියව. කවදාවත් නැතුව තෙහෙට්ටුවෙන්.
"නදී  දොයියන්ද හිටියෙ?"
"ඔව් මහත්තයා. ඇයි මේ රෑ ආවේ?. හෙට එන්න තිබුන නෙ. බලන්න ඔයාට ගොඩක් මහන්සි පාටයි."
"නදී මට තේ එකක් හදල දෙනවද? මන් මගින් රෑට කෑවා."
"ඔයා එහෙනම් ඇග සෝදන් එන්න මන් තේ හදන් එන්නම්."
මන් තේ එක හදාගෙන එන සද්දෙ ඇහිලා එයා දුවල බාත්රූම් එකට යනව දැක්කත් මන් ඒ ගැන හිතුවෙ නෑ. එයා ඇග සෝදන් ඇවිත් තේ බිව්වට පස්සෙ මන් ඒ පපුවට තුරුල් වෙලා නිදාගත්තා. මාස ගානක් මේ විදියට මගේ ජීවිතේ ගෙවුනා. මන් හිතුවෙ හැමදාම මට මෙහෙම ජීවත් වෙන්න ලැබෙයි කියලා. ඒත් ජීවිතේ කවදාවත් හිතන දේම වෙන් නෑ.
**********************************************
"නදී මම නාගෙන එන්නම්. උම්ම්මා.. රසට උයල තියන්න මට වැඩට යන්නත් ඕන් පැයකින්."
"හා මහත්තයො උම්මා හොදද."
මම උයන්න යන්න හදනකොටම එයාගෙ phone එකට මැසේජ් එකක් එනව දැක්කා. එයා ඇයි phone එක silent කන්නෙ කියන එක මට ප්‍රශ්නයක් උනා. බැදපු දවසෙ ඉදන් අද වෙනකන් මම එයාගෙ phone එක බැලුවෙවත් එයා ගෙදරින් පිට වෙලා ගිහින් ජිවිතේ ගෙවන හැටිවත් මම හෙව්වෙ නෑ. මම එයාව මටත් වඩා විස්වාස කරපු නිසයි එහෙම කරේ. මම මැසේජ් එක බැලුවා.
"පැටියො අපේ පුතු පැටියා දැන් තාත් කිව්වා. මට ගොඩක් සතුටුයි. පරිස්සමෙන් ඉක්මන්ට එන්න. අපෙ පුතු ඔයාව හොයනවා. ගොඩක් ආදරෙයි මගේ මහත්තයට."
මාව වෙවුලුවා. මම එයාගෙ number එක අරන් save කරල තියෙන නම බැලුවා 'සුදු නෝනා'. එතකොට මන් එයාගේ කවුද මගේ හිත මගෙන් අහනවා වගේ. ඇත්තටම මම කවුද? මම අයියට කෝල් කරා.
"සුදු බබා මොකද අද උදෙන්?"
"අයියෙ ඔයාගෙ නංගිට ආදරේද?"
"මොනාද මේ අහන්නෙ සුදු බබා. මට ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ."
"එහෙනම් අයියේ ඔයාගෙ කාර් එකෙන් නැතුව වෙන වාහනේකින් පියුමාල්ව flow කරලා එයා යන තැන ලිපිනේ කියන්න"
"සුදු බබා..."
"මම ඉල්ලන එකම වගේම අන්තිම උදව්ව. මගෙ සුදු අයියනෙ හාද?"
"හරි"
මන් කෝල් එක කට් කරලා වෙනදා වගේම රසට උයල කැව්වා.
"මහත්තයෝ ඇයි අනේ යන්න හදිස්සි. හරියට කෑවෙත් නෑ"
"පරක්කුයි නදී. මම යනව"
නලලට හාදුවක් දීල එයා ගියාම මාත් කාල ලේස්ති උනා. මට බෑ එයගෙ දරුවව වෙන තැනක හැදෙන්න දෙන්න. මට තියෙන අයිතියට වඩා ඒ දරැවගෙ අම්මට අයිතියක් තියෙනවා මේ ගෙදරට. මම ගිහින් එක්කන් එනවා දරැවයි අම්මයි දෙන්නවම. මේ ගෙදර වගේම මගේ මහත්තයත් අයිති ඒ කෙල්ලට. ඒ අයිතිය අරන් දීල මම අපෙ ගෙදර යනව කියල මන් අදිටන් කර ගත්තා. අයියා ඒ ගෙදරට යන පාර මැසේජ් කරලා තිබුනා. මම පාර හොයාගෙන ගියා.

**********************************************
චුටි උනත් සිරියාවන්ත ගෙදරක මන් නතර උනේ. මම ඇතුලට ගියා. චූටි පුතෙක්ව පපුවට තුරුල් කරන් ඉන්න අහිංසක කෙල්ලෙක්. එයා මාව දැක්කෙ ගමන් විදුලිය වැදුන වගේ නැගිට්ටා.
"න..න..නදී ඔ..ඔයා"
"ඒ කියන්නෙ ඔයා මාව දන්නවා.?"
"ඔව් ඔයා පියුමාල්ගෙ බිරිද"
"මම හැමදෙයක්ම දන්නවා. මගේ මහත්තයගෙන් ඔයාට මේ හුරතල් ලේ කැටිය ලැබුනා කියල දන්නවා. ඒක උන විදිය විතරක් මට කියන්න."
"මම අහිංසා නෙත්මිනි. මට අයියව හම්බුනේ ස්කෝලෙදි. අපි ගොඩක් ආදරේ කරා. අපේ සම්බන්දෙට අපි දෙන්නගෙම ගෙවල් වලින් අකමැති උනත් අපි දෙන්නට අපිව අමතක කරන්න බැරි උනා. ඒ නිසාම අපේ සම්බන්දේ ගොඩක් දුර ගියා. ඒ අතරේ අයියට ඔයාව බදින්න කියල අයියලගෙ ගෙදරින් බල කරා. අයියා ඔයාව බැන්දම මගේ බඩට දරුවෙක් ඇවිත් කියල මම දැන ගත්තෙ. මේක අයියට කිව්වම අයියා වගේම මමත් දුක් උනා. ඒත් අපිට දරුවව නැති කරගන්න හිතුනෙවත් නෑ. ඒ නිසා අයියා මේ ගෙදර අරන් මාව මෙහෙ නතර කරා"
මම කතාව අහල එයාගෙ අකමැත්තෙන්ම ගෙදර එක්ක ගියා. ඒ ගෙදර අයට හැමදේම තේරුම් කරල එයාලව අපේ කාමරේ තියල මගේ හැමදේමත් අරන් මම ගෙදර ආව.

******************************************
අපේ ගෙදර අය මාව තේරුම් ගත්තා. පියුමාල් මාව හම්බවෙන්න ආවත් මම එයාව මගෑරියා. අපි දික්කසාද උනා. අපෙ ගෙදර අය අකමැත්තෙන් මට මහන වෙන්න අවසර දුන්නා. අද තමයි මම ආරණ්‍යගත උනේ. කොන්ඩේ බූ ගානකොට සිවුර අන්දනකොට මගේ හිතට දැනුන නිරාමිස සතුට සැනසීම මම බලාපොරොත්තු උන සැනසීමම නෙවෙයි කියල කාටද පවසන්න පුලුවන්. අම්ම අප්පච්චි අයියගෙන් වැටුනු කදුලු දහසක් දේ කියන්න ඇති ඒත් ඒ කදුලුවල පුංචිම හරි සතුටක් තියෙන්න ඇති. ගෙදර දග කරපු දග මල්ල හෙට ගහක් මුල සන්සුන්ව බාවනා කරාවි. ඒ දසුන දහසක් දේ පවසාවි ජීවිතේ ගැන.

*********************************************

නදීශානි

(උපුටාගැනීමකි)

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment