ඇරඹුමම කදුලක් වෙලා

ඇරඹුම ම කදුලක් වෙලා...

ට්‍රීඊඊඊඊං.......

සුපුරුදු පරිදි එකම වෙලාවට නාද වෙන එලාම් නාදය වෙනදාට නම් මල බෙරයක් ගසන මෙන් ඇසුනත්.. අද නම් එය මංගල සීනු නාදයක් මෙන් සුන්දර විය.. උපතින්ම කම්මැලිකම කම නලලෙ කොටාගෙන ආ මට අද අමුතු පණක් ලැබී ඇති සේ දැනේ.. කලින් දින වලට වඩා වේලසන අවදි උනත් හැඩ වැඩ වී සූදානම් වන විට නම් වෙනදාට වඩා වේලාව ගත වී ඇත..
" ම්ම්ම්ම්ම් අද නම් මගෙ සිහින කුමාරි කොහොම හරි හොයා ගන්නවා ...." අවසාන වතාවටත් කැඩපත ඉදිරියේ මටම කියා ගතිමි ...

මා මිතුරන් "හුටු හුටුව" ලෙස හැදින්වූ මගෙ ස්කූටර් රාජයා වෙත පැන ගමන ආරම්භ කලේ අද අපේ ටෙක් එකට අලුතින් සිසුන් බදවා ගන්නා බැවිනි .. එවකට ශිෂ්‍යය ක්‍රියාකාරී කමිටුවේ සභාපති ධූරය නිකන් නෙමෙ ගරු සභාපති ධූරය දැරුවේ මා නිසා අද සම්මුඛ පරීක්ෂණයේ සැලකිය යුතු රාජකාරි මටද පැවරී තිබුනි..

පිරිසිදු කිරීම් කටයුතු දැනට පලමු වසරේ සිසුන් ට පවරා සියල්ල සූදානම් කලෙමි... නවක සාමාජිකයක් පිලිගැනීමට සියල්ල සූදානම්..

" ඊලග..." කියමින් පැමිනි අයදුම් කරුවන් ගේ ලිපි ගොනු නිසි පරිදි සකස් කර interview bord 1 වෙත ඔවුන් යැවීම මට පැවරී තිබුනු කාර්‍යයයි.. ලස්සන තරුනියක් පැමිනි විට ඇයගේ නම ගම වයස කියවීම හිතා මතා කල දෙයක් නොව ඉබේම සිදුවිය...
" අපො වයස වැඩි ....." "අම්මො දුර වැඩි.." මටම කිය ගනිමින් එ අයදුම් පත් සැකසීම මා මිතුරන් ට  නම් හාස්‍ය උපදවන්නක් විය..

පලක් නැත මා හිස තුල පෙම් ගී මුමුණන ... හිස වටේ කුරුලු හඩ නැගෙන.. හදවතේ මංගල සීනු ඇසෙන මා සිත් ගත් කුමරිය අද පැමිණ නැත...
" ප්‍රගීත් .... තව කට්ටිය ඉන්නවද...?"
"තව එක්කෙනෙක් විතරයි සර්.." මා මැලවුණු සිවරයෙන් කියා දැමුවෙමි..

මා ජනේලයෙන් එලිය බැලුවේ " අනේ ප්ලීස් එන්නකෝ...." කියන්නට මෙනි.. ඉදිරිපස වූ බස් නැවතුම්පොළ දෙවනත් කරමින් කාන්තාවක් කටකාර ලීලවෙන් බසයේ රියදුරුට ත් කොන්දස්තර මහතා ටත් දෙස් දෙවොල් තබනු මට ඇසිනි... ඒ අවනඩුව දෙස සිනාසෙමින් බලා සිටින අතර...
"

" excuse me... අනෙ මට බස් එක පරක්කු උනා... interview ඉවරද..."

ඈ තව මොන මොනවදෝ කීවාය නමුත් මට ඇසුනේ නැත.. ඒ වෙනුවට ඇසුනේ පෙම් ගී හඩත්.. කුරුලු ගී හඩත්.. මංගල සීනු හඩත් ය.... ඇස් නටවමින් කතා කල ඈ කතා කරන බෝනික්කකු වගේ... රූප සුන්දරියක් නොවුවත් මගේ ඇස් ඉවතට ගත් නොහැකි සුන්දරත්වයක් ඈ තුල ඇත.. මා වශී වූයේ ලොකු කර බලන ඇස් දෙක ටත් ඉවරයක් නැතිව කියවන සිහින් තොල් පෙති වලටත් ය... මේ ආත්මයේ නොව පෙර ආත්ම වලත් මතු ආත්ම වලත් මැය මගෙයි මගේම පමණයි .. කියා සිතමින් මා කොතෙක් වෙලා ඇ  දෙස බලා සිටියාද නොදනිමි...
" excuse me....."
ඈ පෙරට වඩා හඩ නගා කීවාය..

" අයියෝ මොකො පරක්කු පරක්කු වෙලා interview යනවද.. කො දෙන්න ඉක්මනට file 1... මං දන් නෑ ඔන්න ගනිද කියල මං මෙක දීල බලන්නම්.. " ඇගේ මුහුණ මැලවී ගියාය නමුත් මා බොරුවක් කී බව මා දන්න නිසා ඈ රවටා අහිංසක ආදරනීය සතුටක් ලැබුවෙමි..
" 071....647.." නැවත නැවත ඈ ලියා තිබු අංකය මා සිතින් ජප කලේ ඈ ඉදිරියේ ම ලියා ගැනීම නොහොබිනා ක්‍රියා වක් නිසාය.

දවස අවසාන විය
" පස්සෙ දැනුම් දෙන්නම් කිවුව අයියේ .. " කියා ඈ සමුගත්තාය.. ඈතින් ඈතට යන තෙක් ඈ දෙස බලා සිටි මා නිවෙස බලා යාමට පිටත් විය...

වෙනදා මගෙ ස්කූටරය උඩ පනිමින් දෙදරමින් යන අලි නාවන වලවල් සහිත පාර අද මට තොටිල්ලක ගමන් කරනවාක් මෙනි.. තාප්ප වලින් කුනු ගොඩවල් වලින් ගහන වූ මග දෙපස අද මල් යායක් මැදින් ගමන් කරනවාක් මෙනි.. ගෙට ගොඩ වූ විගස යහනට වැටුනු මා හට හදවතක් ඇති බව කියා දෙන්නට මෙන් ගැසේ.. කුස ගින්නක්.. නින්දක් අහලකවත් නැත... කුමක් හෝ වෙනසක් විශාල වෙනසක්..

සතියක් ගත විය.. අද වන විට සම්මුඛ පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් විය යුතුය.. උදෙන්ම කඩිමුඩියේ සූදානම් ව ආයතනය වෙත ගියෙමි...
" කෙල්ල කොස්ස ටිකක් දෙනවකො මං අතු ගාන්නම්"
" මොකො මේ .. නැ නැ අද අතුගාන්න තියෙන්නෙ මටනෙ මං අතු ගාන්නම්.. "

"දෙනවකො පණ්ඩිත නොවි.අතුගාමින් සිටි සිසුවියගෙන් කොස්ස උදුරා ගෙන office කාමරය වෙත දිවුවෙමි.. කොහෙන්දො පැමිනි ධෛර්යය කින් file ටික  ඇද්දෙමි.. කො කො මේ මගුල කෝ.. නැවත නැවත පරීක්ෂා කලෙමි.. එය තිබුනේ නැත.
"" rejected applications" එහි තව කිහිපයක් විය... ඇගේ අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප වී ඇත...
මා සිතින් හඩමින් ඉවතට ආවෙමි මගේ ප්‍ර්ම කතාව පටන් ගන්නත් පෙර අවසන් වේවිද.. බෑ ඒක වෙන්න බෑ.. බොරු ලෙඩක් කියා පාමින් මා නැවත ගෙදර අවෙමි..

" මේක මෙහෙම අත අරින්න බෑ..." දුරකථනය අතට ගතිමි.. කට පාඩම් කර ගත් අංකය සටහන් කර ඒ දෙස බලමින් කිහිප විටක් ම කල්පනා කලෙමි.. ඇස් වසාගෙන දුරකථන ය කනේ තබා ගතිමි.
" සුරංගනවී මගෙ සදක් වගේ පායලා...." මා ප්‍රිය කරන ගීත නාදය ඇගේ දුරකථන යෙන් මට ඇසේ...
" හෙලෝ...."
මා මෙතෙක් අසා ඇති සුන්දර ම හඩින් ඈ ඇමතුවාය.. මා එය රසවිඳින විට....
"හෙලෝ..."
නැවත ඇය ඇමතීය
" hello... දැහැමි  මිස්... අපි මෙ කතා කරන්නෙ xxxxxxx ටෙක් එකෙන්.."

" ආ ඔව් කියන්න සර්..."

" සමාවෙන්න මිස් ඔයාගෙ application 1 approve වෙලා නෑ..."

" හා සර්.. කමක් නෑ සර් , thank u sir..."
" නංගී ම්ං සර් නෙමෙයි... එදා ඔයව ඇතුලට යවපු අයිය..."

" හා සොරි අයියේ .. ම්ං තියන්නම්.. "

" එපා එපා නංගී.. " යැයි මා ඈ කතාවට අල්ල ගතීමි..

දින දින ගත විය ඈ මිතුරියක් කර ගැනීමට මට හැකි විය... නමුත් ඈ කී එක් දෙයකින් මා සිත මහත් සසල විය..

" අයියේ ම්ං මේ කෝස් 1 ෂුවර් කරන් මෙහෙ ආවෙ... දැන් මං ඉන්නෙ පුංචි ලාගෙ ගෙදර ... මේක හරි යන් නැති නිසා මං ආයෙ ගමේ යනවා... තව සතියයි මං මෙහෙ ඉන්නෙ.."

ඈ පිටත්ව යාමට පෙර ඇය මාගේ පෙම්වතිය කර ගත යුතුමය.. මා ඇයට ආදරය කරන බව ඈ දැනටමත් දන්නවා ඇති... නමුත් එය ඇයගෙන්ම දැන ගත යුතුය..
" නංගී මට කියන්න දෙයක් තියනවා.. මට ඔයා මීට් වෙන්න පුලුවන් ද..."

මටත් ගොඩාක් දේවල් කියන්න තියනව අයියේ ඒත්.. මට බයයි ..."

" බය වෙන්න එපා... මෙ සෙනසුරාදා උදේ 9 වෙද්දි p&s 1 ට එන්න. ඔයා ඉරිදා නෙ යන්නෙ.."

" හ්ම්ම් අනේ මංදා ... හාකො එහෙනම්..."

මට සතුට ඉහ වහා ගියේය.. දුරකථන යේ තිබූ සියලුම විරහ ගීත ඉවත් කර ජයග්‍රාහී ආදර ගීත පමනක් තබා ගතිමි.. කොටින්ම කියතොත්.. අපෙ මංගල දිනයත් සැලසුම් කලෙමි...

බලා සිටින නිසාදෝ මංදා දින ගත වන්නෙද ඉතා සෙමින් කියා සිතේ... කෙසේ හෝ දිනය උදා විය..

"ලෙංගතු කම නෙතග තියා බලනා විට ඔබ...
සගවා ගෙන ඉන්නට බෑ මගේ ආදර හිත...
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලග...
සොදුරිය කර ගන්නයි මා සිතුවෙ හැම දින..."

ගීතය මගෙ මුවගින් ඉවත්ව ගියේම නැත එය කී වාරයක් කීවාදැයි මම නොදනිමි..

" ඩෝං... " කන් බිහිරි කරවන හඩින් අකුණක් ගසා මහා වැස්සක් ආරම්භ විය..
" අයියෝ අද නම් එපා..."

දවසම මූසල කරමින් ඇද හැලෙන වැස්සට අපගේ කුලුදුල් ආදරය සේදී යාමට ඉඩ දිය නොහැක..
  එවෙලෙහිම මාගේ දුරකථන ය නාද විය..
" කියන්න දැහැමි.."

"  හෙලෝ.."
මොකක් මට ඇසෙන්නෙ පිරිමි කට හඩකි.. එය මට ඇසුනේ මාරයගේ කට හඩ මෙනි..
" හෙලො හෙලො කවුද මේ කෝ දැහැමි ... "

" මල්ලි මේ... කලබල වෙන්න එපා..."

" කලබල නොවි කොහොමද අයිසේ.. "

"  මල්ලි මේ ගෑනු ලමයෙක් බස් කාරයෙක් හප්පගෙන ගියා.. මේකට තමා අන්තිමට අරන් තිබ්බෙ  ඒකයි මල්ලිට ගත්තෙ.. හංදියේ p&s එක ලග පාර පනිද්දි.. ඉක්මනට එන්න.."

මේ දකින්නේ හීනයක්ද... දෙවියනේ මේක නපුරු හීනයක් ම වෙන්න... මා ගේ ගමන නැවැත්වීමට වැස්සට නොහැකි විය ... මා කොතරම් වේගයෙන් කොහොම ගියාද නොදනිමි ... ඒ කෙසේ ගියත් පැය බාගයකින් මම එතනට ගියෙමි...

තවමත් වැස්සට සේදෙමින් ලේ ගලා යයි.. මහ මගම දණ ගසා ගත් මා හැඩුවේ වැස්සටත් සගවන්නට නොහැකි වන ලෙසයි..
" මල්ලි..."
හැඩි දැඩි නමුත් කරුණාවන්ත මුහුණක් ඇති මැදි වියේ කෙනෙක් මා උරහිසෙන් අල්ලා කතා කලේය..

" මල්ලි ඔයාට ද මං කෝල් කලේ.. එන්න ඇතුලට ඒ ලමයගෙ බෑග් මං ලග ඒක අරන් හොස්පිටල් එකට යන්න.. ඒත් අනෙ මංදා .. මෙතනින් යද්දිම එයා...."

මල කදක් මෙන් නැගිට ඔහු සමග ගමන් කලෙමි...
ඇයගේ දුරකථන ය අතට ගත් මා හට ඇති වූ වෙදනාව සතුරෙකු ටවත්
ප්‍රාර්ථනා නොකරමි...
ඈ මා නම save කර තිබුනේ " මගේ පණ" කියාය..

මා කෑ ගසා හැඩුවෙමි.. ඇය මට ආදරෙයි මා දැන සිටියා.. ඇ මට ආදරෙයි.. නමුත් දැන් ඇති පලය කුමක් ද... ඇය ගිහින්.. යන්නම ගිහින්..
හිමි වෙන්නත් කලින් ඇ මට අහිමි වෙලා... ඇරඹුම ම කදුලක්..

මනාලියක් ලෙස ඈ දුටු මා ඇයව මේ අයුරින් කෙසේ දකින්නද.. හිත තරමක් ශක්තිමත් වන තෙක් මා p&s තුල වාඩිවී .. හිස තබාගෙන අඩමින් සිටයෙමි..

" අයියෙ.. මොකො මේ ඔයත් නාලා...! හික්ස් මේ මාත් නාලා..."
ඈ නැති වියෝවෙන් මා දවල් සිහින දකිමිද...
!" මොකො අනේ මේ හොල්මන් දැකල වගේ"

දෙවියනේ ඔබට පිං අයිති වේවා මේ ඇයම තමයි.. 
" බලන්නකො මං ATM එකට ගිය වෙලෙ කෙල්ලෙක් මගෙ බෑග් 1 අරන් දිවුව නෙ... ඔයා එන්න වෙලා තියන නිසා මං පොලිසිය ට ත් ගිහින් ආවෙ"
එතනින් එහා මට කිසිවක් ඇසීමට උවමනා නොවීය  ඇයව ලගට ගෙන තුරුල් කර ගෙන හැඩුවෙමි ...

" ඒයි මොකො මෙ ලැජ්ජා වෙ බෑ මිනිස්සු ඉන්නව.. අනික මං තාම උත්තරයක් දුන්නෙත් නෑනෙ"

" මට උත්තර ලැබුන රත්‍තරං..."  කියා මා සාක්කුවෙන් ඇද ඇගේ දුරකථන ය පෙන්වීමි... ඈ ලැජ්ජාවෙන් බිම බලා ගත්තාය...

...........................................

උපුටා ගැනීමක්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment