යශෝධා කලුවැල්ලගේ පන්හිදෙන්


#කෙටි_කතාව

"ආව්.. ඇති දැං කොණ්ඩේ එක්ක දැගලුවා. අතාරින්නකෝ යසිත්." මං බොරු ⁣තරහක් මවං යසිත් දිහා බැලුවා .

"අම්බෝ...මේකිගේ සැර.ඔන්න අතඇරියා." යසිත් හිනා වෙවී මගේ කම්මුල මිරිකුවා .

"ඌයියා..මූට නං අම්මප මට වද දෙන එකමයි වැඩේ. ඔහොම ඉන්නවා." මං අතත් උස්සං  එයා පස්සේ දුවන්න ගත්තා.

"අනේ හැබෑටම බැදපු දෙන්නෙක් වෙලත් මෙහෙමද හැසිරෙන්නේ ? " අපි දෙන්නම ගැස්සිලා පිටි පස්ස බැලුවේ එකවර .යසිත් ගේ අම්මා ඇවිත්.

"ආ..අම්මා .කොයි වෙලේද එහෙන් ආවේ කෝල් කලෙත් නෑ එනවා කියලා.මං එනවනේ එහෙනං ගන්න මගට ." යසිත් එහෙම අහං ඉස්සරහට ගියා.

"නොකියා ආව එක හොදයි.මොන නාඩගම්ද ලමයෝ මේ."

අම්මා ගේ සැර වචන කවදත් වගේ අදත් මගේ හිත රිද්දුවා. ඒත් මං දැං යාලුවෙලා හිටපු කාලේ හිටිය කෙල්ල නෙවෙයි.මං බිරිඳක් . ඉතිං මේවා ඉවස ගන්නම වෙනවා.

"දෙන්න අම්මේ බෑග් එක . " මං හිනා වෙලා ගිහිං අතේ තිබුන බෑග් එක මගේ අතට ගත්තා.

"අම්මේ.තේ බොනවද . නැත්තං සීතල මොනා හරි? "

"ආපු ගමන් මාව මරන්නද හදන්නේ සීතල ජාති පොවලා .මට තේ ටිකක් දෙන්න " අහංකාරකමින් අම්මා එහෙම කිව්වා.

මං යසිත් දිහා බැලුවා .එයාත් බය වෙලා වගේ බැලුවේ මගේ මූන දිහා. මං හිනා වෙලා ඒකට මොනාත් හිතට නොවුනු ගානට ගිහිං අම්මාට තේ එකක් හදන්න ගත්තා .එයාලා සාලේ කතා වෙන ඒවා කුස්සියට ඇහෙනවා.

" ඈ පොඩි පුතේ.ලමයෙක් හැදුවොත් නරකද? "

"අපෝ තව කල් තියෙනවා අම්මේ. තාම බැන්දා විතරනේ." මගේ හිතට ආව දේ යසිත් කියලා දැම්මා.

" තව කල් මොනාද .උඹලා අවුරුදු කීයක් ආදරේ කොරලද බැනදේ. අක්කටත් ලමයෙක් ඉන්නවා. මට ඇහැ පියවෙන්න කලිං උඹේ ලමයෙක් දකින්න ආසයි."

"හරි හරි බලමුකෝ."

මට හිතට තරහත් ආවා. මායි යසිතුයි අවුරුදු ⁣පහක් ආදරය කරලා ගිය මාසේ විවාහ වුනා. යාලු වෙලා ඉදිද්දි වගේ නෙවෙයි විවාහ වුනාම. අපිට වගකීම් තියෙනවා. දරුවන් ඕනා ජීවිතයක් ලස්සන වෙන්න. ඒත් අපි අතේ සතේ නැතුව දරුවෙක් හදලා ඇයි ඒ පැටියට දුක් දෙන්නේ. අනික ලබන අවුරුද්දේ මගේ උසස්වීම ලැබෙනවා . එතකොට පඩි වැඩි වෙනවා. දරු⁣වාගේ අනාගතේ ගැන මටයි යසිත්ටයි එතකොට බය වෙන්න දෙයක් නෑ .දැනට අපි ඉන්නේ කුලී ගෙයක. මං දන්නවා   සල්ලි නෙවේ ජීවිතේ. ඒත් අපිට ජීවත් වෙන්න යම්තාක් දුරකට සල්ලි ඕනා.  අපි කොයි දේටත් සූදානමින් ඉන්න එක හොදයි.

❣️....❣️

"හිරෑ නංගි." කවුදෝ කතා කරනවා ඇහුනා ගේට්ටුව එහා පැත්තෙන් .මං හිටියේ අලුතින් ගෙනාව මල් පැල ටික පේලියට අඩුක් කරන ගමන්.මං එබිලා බැලුවා.

"ආ අයියේ.. " .

" නංගි මේ බෑග් එක මල්ලිට දෙන්න. " තත්සර කියන්නේ යසිත් ගේ යාලුවෙක් .

"හරි තත්සර අයියේ.මං දෙන්නං. " මං ඒ බෑග් එක අතට ගත්තා. ගේට්ටුව බාගෙට ඇරල නිසා අපේ ගේ ඇතුලට පේන්නේ නෑ කවුරු එක්කද කතාව කියලා.

"ආ නංගි .මේකත් මල්ලිගේ අතටම දෙන්න . "  ලියුම් කවරයක් මගේ අතට දුන්නම මට හිනා ගියා.

"අනේ අප්පේ. මේ මොනාද  ."

"හහ.. ලියුමක් ලියුමක්.මං යනවා නංගියේ .ලමයාව ගන්න ඕනා පන්තියෙන්"

මං හිනා වෙවී ගේ ඇතුලට යද්දී අම්මා ඉන්නවා මූණ රකුසු කරන්. මං කරපු වරදකුත් නෑ .ඒත් කොයි වෙලෙත් මං එක්ක තරහටමයි.මං බිම බලං ඇතුලට ගිහින් කාමරෙන් ඒ බෑග් එක තියලා ලියුම් කවරය බැලුවා .විසි පන්දාහක් !!! එච්චර මොකද ??  .

උයන්න එලවලු ටිකක් ගන්න ඕන නිසා මං කුඩෙයි පර්ස් එකයි අරං මිදුලට බැස්සා. අම්මා ඇදුම් වේලනවා.

"අම්මේ. මං උයන්න මොනා හරි ගේන්න කඩේට යනවා."
මගේ මූණ දිහා බලලා එයා ගස්සලා අහක බැලුවා.

අනේ මංදා. පුදුම කෙනෙක්.
මං හොද එලවලු ටිකක් තෝරලා ,යසිත් ආස නිසා කිරි හට්ටියකුත් ගත්තා. මං ගෙදර යද්දී යසිත් ඉන්නවා මූන රකුසු කරං.මොකෝ මේ.

"මොකද බ...." මට කියන්න ලැබුනේ එච්චරයි .මගේ කන හරහා එයාගේ යකඩ අත වැදෙද්දි හිරිවැටිලා ගිහිං මාව බිම ඇදන් වැටුනා. මී කිරි හට්ටියත් කෑලි වලට බිදුනා.

"ඇත්තද මේ අම්මා කියන්නේ.උඹ මං නැති අතරේ ලියුම් පාස් කර ගන්නවද එක එකා එක්ක.ෂිට්.."

"යසිත් මං..."

"කට වහපං..අම්මා බොරු කියන්නේ නෑ නේ.කවුද ඒ..කියපං."මගේ උරහිස් දෙකෙන් අල්ලලා එයා මාව හොලවද්දී මට දැනුනේ පුදුම වෙදනාවක්.

මං නැගිටලා කාමරේට ගියා.

"මං කිව්වේ උඹට. ඒකි අපේ මූනේ දැලි ගෑවා.දැං යයි ගෙදර කරේ එල්ලං."

දෙයියනේ ඇයි මේ වෙනස්කම් මට??

"අම්මා කියන්න ඇත්තේ මේ ගැන වෙන්න ඇති. ආ මෙන්න ." මං බෑග් එක බිමට දාලා ලියුම් කවරය අතට දුන්නා.

"මේක තත්සර අයියා දෙන්න කිව්වා." යසිත් ගේ මූන බෙරි වුනා.අම්මාගෙ මූනත් එහෙමයි.
මං කාමරේට ගිහිං ඇති වෙනකල් ඇඩුවා .

මට නොදැනිම නින්ද ගිහිං.නැගිටින්න හදද්දී දැක්කේ යසිත් මං ලග නිදි. මං හිමීට එයාව තල්ලු කරලා නැගිටින්න හදද්දිම එයා මගේ අතින් අල්ල ගත්තා .

"සොරි හිරෑ. මට හොයලා බලන්න තිබ්බා.රිදෙනවද " මගේ කම්මුල අත ගාන ගමන් එයා ඇහුවා.

"මට ලාදුරු නෑ යසිත්.ඒත් මීට පස්සෙ ඔහොම කරන්න කලිං හොයලා බලන්න ." මං හිතේ අමාරුව යටපත් කරං උයන්න ගියා.

❣️....❣️

බැදලා අවුරුදු දෙකකට කිට්ටුයි . යසිත්ගේ අම්මා ආවා අ⁣පේ කුලී ගෙදර නතර වෙන්නම.

"මූසල ගෑනි .තාම දරුවෙක් වදන්න බැරි වුනානේ." යසිත් නැති තැන මට සැලකුවේ ඇය එහෙමයි. ඒත් මං පව් පුරවගන්නේ මොනාටද මේවා කියන්න ගිහිං අම්මගෙයි පුතාගෙයි අතර දබර කරවලා.

"යසිත් අපි යංද ටෙස්⁣ට් එකක් කර ගන්න." අපි උත්සාහ කලත් තවම දරුවෙක් නැති නිසා මට හිතුණා යන්න.

"මට වෙලාව නෑ හිරෑ. මං එද්දී රෑ වෙනවනේ . ඔයා යන්න."

"මේකට අපි දෙන්නම ඕනා යසිත්."

ඒත් ඒකට එයාගේ උත්තරයක් ලැබුනේ නෑ.

මට අවුරුදු විසි පහක් දැං . බැදලා අවුරුදු හතරක් වෙන්නත් එනවා. යසිත්ගේ ආදරයත් ටික ටික වෙනස් වුනා. බොන්න ගත්තා. බීපු දාට මට ගුටි ලැබුනා.එයාගේ අම්මාගෙන් ඇනුම් පද එල්ල වුනා. හේතුවක් නැතිව මෙහෙම වෙන්න බෑනේ.දවසක් මේ හැමදේම උඩු යටිකුරු වුනා .

"මේ පේපර් සයින් කරපං." රළු විදියට යසිත් කෑ ගහලා මං දිහාට කොල වගයක් විසි කලා.

" මොනාද මේ යසිත්?."

"මගෙන් ප්‍රශ්න අහන් නැතුව ඕක සයින් කරපං."

මං ඒ කොල ටික කියෙව්වා.දික්කසාද ලියකියවිලි !!!!!!

"දෙයියනේ මං මොනා කලාටද මෙහෙම කරන්නේ.?" මං යසිත් දිහාට හැරිලා බැලලා කෑ ගැහුවා.

"උඹ අම්මා කියනවා වගේ වද ගෑනියෙක් තමයි.ආදරේ විතරක් තිබිලා මදි. ලමයෙක් නැති ගෑනියෙක්ගෙන් වැඩක් නෑ මට"

" මං කීපාරක් නං කිව්වද ඩොක්ටර් කෙනෙක් ලගට යමු කියලා .අනේ යසිත් මෙහෙම කරන්න එපා.අපි තව ටිකක් බලමු" මං වැද වැටුනා.

"හිරෑ ....පුතාට එපා නං මොකද තවත් කතා.ඕක අත්සන් කරලා දෙනවා." යසිත්ගේ අම්මා කතාව අතරට ආවා.

"අම්මේ මේක අපේ පවුලේ කතාවක්.ටිකක් ඉන්න" මං කවදාවත් නැතිව සැරෙන් අම්මාට කෑ ගැහුවා .

"පේනවද පුතේ. මට කතා කරන විදිය . උඹ නැති නැත මට කුඩාම්මා සැලකිලි. මෙහෙම තමා මට හැමදාම" අඩන ගමන් අම්මා කියනවා.

"අම්මේ බොරු කිය..." මාව කැරකිලා ගිහිං වැටුනා යසිත් ගහපු විදියට .අම්මා කදුලු පිහදාන් හිනාවුනා.

"කටක් අරින්න එපා අම්මාට විරුද්ධව . මං මරනවා උඹව 😠😡"

මං තව මොනා කියන්නද. අවුරුදු  පහක් ආදරේ කලා.බැදලා අවුරුදු හතරක්...අපි වෙනුවෙන් අපි කැපකල අවුරුදු නවය වතුරේ ගිහිං .ඇයි මේ??? මං මොකක් කලාටද. මං මගේ අම්මට වගේ සැලකුවා මට කොයි තරම් නපුරු කම් කලත්. මේ තරම් කාලයක් ඉදලත් මාව අද එපා කියනවා නං අපි තේරුම් ගත් දෙයක් නෑ . මං කොල ටික අරං අත්සං කරලා බෑග් එකට මගේ රෙදි ටික ඔබාගෙන ආවා එලියට ආවා.

"ආයි මේ පැත්ත පලාතේ නාවට කමන් නෑ .වද ගෑනි. මගේ මූණටවත් පේන්න එන්න එපා." අම්මමා ගස්සලා අහක බලා ගත්තා.

මං මගේ ගෙදරට ගොඩ වුනේ අඩාගෙන. මං දැක්කෙ නෑ ගෙදර කට්ටියක් ඇවිත් කියලා.මං ගිහිං කාමරේට වැදිලා ඇති වෙනකල් ඇඩුවා.

"දුවේ ඇයි මේ."
"අනේ අම්මේ..."කියන්න පන.
මං වුන හැමදේම කිව්ව .අයියා නැගිට්ටේ අත මිට මොලවන්.

"ඌට විරුද්ධව නඩු දාන්න පුලුවන් .එහෙම කරන්නේ කොහොමද ."

"අනේ එපා අයියේ මට නඩු දාන්න ඕන නෑ .ඔයාලට මං නිසා වුන අවනම්බුව හොදටම ඇති.මං වද ගෑනියෙක් කියලා තව ලෝකෙට කියන්න ඕන නෑ"

මං කොට්ටේ බදාන් ඉකිගැහුවා.

"අඩන්න එපා නංගි."

❣️.....❣️

මං වැඩ කරමින් හිටපු තැනින් අයිං වුනා. මට නොයේකුත් අපවාද එල්ල වුන නිසා ඒ. මං වෙන තැනකට ගියා .

"හිරූ. "
"ම්...."
"⁣සර් කතා කරනවා. ඒකනායක එකේ  පරණ ෆයිල් එකයි දැං එකයි ගේන්න කිව්වා.

"හරි තිළිණි.මං යන්නං." මං සාරිය හදන් නැගිටලා සර්ගේ රෑම් එක ඇතුලට ගියා.

"තාත්තී... මට බෑ කන්න.කවන්නකෝ.."
"ඉන්න සුදු දෝණි ...තාත්තා පුංචි වැඩක්නේ."

හරිම ආදරණීයයි.

"එක්ස්කියුස් මී සර්.. "

"ආ .හිරෑ ....කම් කම්...අර ෆයිල් ටික ගෙනාවද."

"ඔව් සර්...මේ ටික." මං සර්ගේ අතට ඒ ටික දීලා පුංචි කෙල්ල දිහා බලලා හිනා වුනා.

"ආන්ටි.මට කවනවද." මට හිනා ගියා.

"දෝණි මං කිව්ව නේද. ඔයා මට කරදර කරනවා නං මං ආච්චි ලග තියලා එන්නේ ඔයාව.ආයි එක්ක එන් නෑ."
පොඩි එකාගේ මූණ දෙක වුනා.

"සර්...කෑ ගහන්න එපා. මං එයාට කවන්නම්." මං සර් හා හරි එපා හරි කියන්න කලිං නැගිටලා ගිහිං අත සෝදන් ආවා.

"ගුඩ් ආන්ටි..තාත්ති නොටී."

"කෝ දැං කට අරින්නකෝ."

"ආ.....මං මේවා කන්නේ නෑ."

"එහෙම බෑනේ . ඔයා දන්නවා නේද ඩයිනෝසර්ලා."

"ඔව්....අර මිනිස්සුව හපලා කන්නේ."

"ම්...හරි..අර කොල විතරක් කන ලොකූ අය ඉන්නේ.."

"ඔව්....එයාලා ෂොයි."

"ඔයත් ෂෝයිනේ. දැං ඔයාත් ඒ වගේ කෙනෙක් හරිද. ඒ නිසා මෙන්න මෙහෙම කන්න මේ මැල්ලුම් ටික."

කතා කර කර මං කවද්දී සර් අපි දිහා බලන් ඉන්දලා කදුලු පිහදා ගත්තා .

"තාත්ති බත් කන්නෑ.එයාටත් කවනවද." මං ගල් ගැහුනා ඒ කතාවට .

"හහා...තාත්ති කන්නේ පුතා කෑවම. දැං ගිහිං කට සොදන් එන්න.මට වැඩ තියෙනවා ආන්ටි එක්ක .නැත්තං  අපිට කන්න සල්ලි  ලැබෙන් නෑ."

සර් ගේ බිරිඳ එයාවයි දරුවා වයි දාලා ගිහිං.අවුරුදු තිහක් දැං සර්ට. මිනිස්සු පුදුමයි. තෘප්තිමත් නෑ කවදාවත් හොද දේ ගැන මිනිස්සුන්ගේ. පාසල් නිවාඩු කාලේ නිසා දුවයි මායි යාලුවො වුනා.

අපිටත් අප්‍රේල් නිවාඩු ලැබුනා. හැමෝටම අවුරුද්ද වෙනුවෙන්  සුභ පතලා මං එන්න හදනකොට දුව ඇවිත් මගේ සාරි පොටේ එල්ලුනා.

"ආන්ටි මාව එක්ක යන්නකෝ..."
"කොහෙද දුව."
"ඔයාගේ ගෙදර.."
"ඉතිං දුව එන්නකො අපේ ගෙදර..."
"හා....මං තාත්තාට කියන්නම්කෝ...."

අවුරුදු නිවාඩුව නිසා ගෙදරට යන එන අය වැඩී...

"අන්න ..යසිත් ආයි බැදලාලු"

ඉතිං මගේ හිත ⁣දැවුනේ නැතිව නෙවේ.කොයි තරම් නං නපුරුද ජීවිතේ.

"දුවේ ...අද අයියාගේ යාලුවෙක් එනවලු. කෑම ටිකක් හදන්න උදව් කරනවද..."

"හා අම්මා."අප දවල් කෑම පිසුවා.

"ආ මචං ..එන්න එන්න... ඉදගන්න.හලෝ දුව..කොහාමද.."

"හහා... මචං හොදයි."
"යං යං.. ඇතුලට."

"උඹ ගත්ත තීරණය ගැන සතුටුයි. ඒ කෙල්ල හොද නං බැදපන්. මට විස්තර ටික කියපංකෝ.මං හොයලා කියන්නං."

අයියා යාලුවන්ට මගුල් ජෝඩු කරනවා.මට හිනාත් ගියා.

"ආන්ටී....." මාව ගැස්සුනේ සර් ගෙ දුවගේ කට හඩට.

"ඔයා....
මෙහෙ???"

"ඕ....ඔයා ඇයි මෙහෙ..." පන්ඩිත කෙල්ලක්.😂

"මේ මගේ ගෙදරනේ දුව."

"ආන්ටි තාත්තා ආවා.යංකෝ" මගේ ඇග සීතල වුනා..

මායි දුවයි සාලෙට යද්දී හෂාන් සර්ව නැගිට්ටවුනා.

"මචං මේ....."
"මගේ නංගි බං.. හිරෑ..."
"අපි දන්නවා අංකල් ... මගේ බත් කවන ඇන්ටි මේ.."

"මචං දෙයක් කතා කරන්න ටිකක් එලියට යන්ද.."

අයියයි , සරුයි ආවේ හිනාවෙවී.එයාලා කාලා ගියා.

"නංගී..."
"ම්..."
"ඔයාගේ අනාගතේ ගැන දෙයක් කතා කරමුද.
"

"මොනාද අයියේ..."

"කෙලින්ම කියන්නම්කො .හෂාන් කැමති ඔයාව බදින්න " මගේ හිත කීරි ගැහුනා.

"මොකක්"
"ඔව් නංගි."
"මං වගේ වද ගෑනියෙක්ගෙන් ඇති වැඩේ මොනාද අයියේ..."

අයියා මට කිව්වා හැමදේම හෂාන් දන්නා බවට .. දොණි වෙනුවෙන් ⁣මවක් වීමට හැකි නම් ඔහුට අවැසි එය පමනි.කාලයක් ගත විය. දෙවන වරටත් මා බිරිඳක් , මවක් ලෙස ඔටුනු පලදා හෂාන් ගේ බිරිඳ ලෙස ඔහුගේ නිවසට ගියෙමි. මගේ තතු දත් ඔහුගේ මව මට කිසි දිනකත් හිත රිදෙනා වචනයක්වත් නොකීවාය..

මාස හයකට පසු...❤️

"ඕක්..."
"තාත්තේ මෙන්නෝ.....අම්මා ඔක්කා දානවෝ"
"හිරෑ...ඇයි පන මේ." හෂාන් පැමින මගේ පිටට තට්ටු කලේ මට පහසු වෙන්නයි.

"මට අප්පිරියයි හෂාන්. ඔලුව පෙරලෙනවා වගේ.."

"අපි යමු ඩොක්ටර් කෙනෙක් ලගට.ඊයේ අම්මයි දුවයි බඩජාරියෝ වගේ පාරේ අයිනේ වඩේ කෑවානේ"

අපි ඉතිං වෛද්‍යවරයකු හමුවීමට ගියෙමු.
රිපෝට් කියවු ඇගේ මූන බැරෑරුම් විය.මට බියක් දැනුනි.

"ඔයා ආවේ තනියෙන්ද"
"නෑ ඩොක්ටර් .හස්බන්ඩ් එක්ක."
"කතා කරන්නකො එයාට..."
"හෂාන් ..ඩොක්ටර් කතා කරනවා.අනේ මට බයයි."

"අපි බලමුකෝ .බය වෙන්න එපා."

අපි හිද ගත් පසු වෛද්‍යවරයා කණ්ඩිය ගලවා මේසෙ උඩින් තිබ්බා .
"මගේ සුභ පැතුම් මිස්ටර් හෂාන් .වයිෆ් ප්‍රේග්නන්ට්."" 👑🎊🎉

"මගේ ......හාහ්..."හෂාන් තිගැස්සී මගේ මුහුන දෙස බැලුවා ."

"මං කොහොමද එහෙම වෙන්නේ..." කායිකව එක් වුනත්
මං වද ගැහැනියක් .ඉතිං කොහොමද එහෙම වෙන්නේ.

"කලබල වෙන්න එපා හිරෑ. ඔයාගේ රිපෝට්ස් අනුව ඔයාගෙයි හෂාන්ගෙයි දරුවෙක් ඔයාගෙ කුසේ ඉන්නවා.

මට ඉකි ගහලා ඇඩුනා දෙයියනේ ඒ කියන්නේ වරද යසිත්ගෙද. මං අම්මා කෙනෙක් වෙනවා හෂාන් නිසා. හෂාන් ඇවිත් මගේ නලල සිප ගත්තේ ආදරෙන්.

"පරිස්සමෙන් මාස තුනක් යනකල්. "

මගේ ලෝකයම වෙනස් වුනා එදා ඉදලා. මාව නිකරුණේ වද ගැහැනියක් කියලා හංවඩු ගහලා යසිත් මාව ගෙදරින් එලියට දැම්මා .

මං එලියට නෙරපු කුස හෙමින් අතගෑවා.

"අම්මි මට මල්ලියෙක් ඕනා..."

"මගේ දුවට මල්ලිලා දෙන්නෙක්ම ගේනවා "
"පොමිස් ද.."
"ඔව් මගේ පන" මං දෝණිව උකුලට ගත්තා.

අපිට නොදැනිම නින්ද ගිහිං.

"මං ආවෝ..
කෝ මේ අය." හෂාන් වෙරලු අච්චාරු ගෙනත්.

"ආ නෝනේ...ආස නිසා මං ගෙනාවා" දුව නැගිටලා කාමරේට දිව්වා .

"තාත්ති.."

මටයි හෂාන්ටයි හිනාව නතර කරගන්න බෑ .දුව එයාගෙ ටෙඩියෙක් ගවුම ඇතුලේ හංගන්.

"මේ මොකද මේ.."
"අම්මගේ බඩ නිසා අම්මි ආස දේ දෙනවා.දැං මටත් බඩක් තීනවා. මට දැං අයිස් කීම් ගෙනත්  දෙන්න."

අපි හිනා වෙවී දුවව තුරුලු කර ගත්තා. එයින් මාස තුනකට පස්සෙ අපේ පුංචි  පැටව් දෙන්නා අපේ ලෝකෙට ආවා.හැමදේම ලස්සනයි ජීවිතේ . කොයි තරම් වැරදුනත් අපිට අවස්ථාවක් ලැබෙනවා අපි හරිනම් ජීවිතේ නැගිටින්න මොහොතක් ලබා දෙන. යසිත්ගේ දැං බිරිද රන්ඩු කරනවාලු යසිත්ගේ අඩුපාඩුකම් නිසා. කර්මයට මූණ දිය යුතුමයි.  ❤️

මගේ කතා කියවන්න මෙතැනින් එකතු වෙන්න මගේ පිටුවත් එක්ක ❤️  https://www.facebook.com/www.YashodhajKaluwella.Lk/
යශෝධා කලුවැල්ල

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment