පවුල් දෙකක්

#ඔබ #කුමන #පවුල #විය #යුතුද?

#එක #නිවසක"
----------

ඇය උදෙන්ම අවදි වුනේ ඇයගේ දෙමව් පියන් බැලීමට යාමට පෙරදින තම සැමියා සමඟ කතා බස් කරගත් නිසාය.

එහෙත් ඇය අවදිව බලන විට සැමියා තවමත් නිදිය..

ඇය ඔහුගේ උරහිසට අත තියා ඔහුව අවදි කරන්නට කතා කලාය.

" තමුසෙට ඕනෙනම් යනවා. ඇයි ඊයේ රෑ මහ ලොකුවට කියෙව්වේ.."

ඇයට එවිට මතකයට නැඟුනා දෙදෙනාම සවස් යාමයේ විරසක් වූ බව..

" හා දැන් එන්නේ නැද්ද"

"නෑ කිව්වනේ.. සැරයක්"

ඔහු තරහින් කියද්දී ඇය නැගී සිටියාය..

" හරි එන්න බැහැනේ. ඕකේ. මන් යනවා.. ටික දවසකට එන්නෙත් නෑ. හොයන්න එන්නත් එපා.."

ඇය යන්නට හැරුනාය.

" ඇයි ටික දවසක්.. හැමදාටම යනවකෝ. මට මොකද?"

"ඔව් ඒකනේ වෙන්න  ඕනේ දැන්.."

ඇය නිවසින් තනිවම පිටව යද්දී
ඔහු අනෙක් පසට හැරී නිදාගත්තාය...
       *****----*****

#තවත් #නිවසක
---------

කලින් නිවසේ සේම දෙදෙනාම බිරිඳගේ දෙමාපියන් බැලීමට යාමට පෙරදිනයේ කතා බහ කරගත්තත් සවස් යාමයේ ඔවුන් විරසක වී තිබුණි....

ඇය උදෙන්ම නැගිට තේ සාදා සැමියගේ තේ කෝප්පය යටින් කුඩා ලියුම් කැබැල්ලක් තැබුවාය.. පසුව ඇය තම සැමියාට කතා කලාය..

" අපි අද අම්මලා බලන්න යනවා කිව්වා නේද? නැගිටලා ඇඳගන්න."

"මට බෑ.."ඔහු කීවේය..

" හ්ම්. එහෙනම් ඔය තේ එක බොන්නකෝ. නිවිලා යයි. ආ ඊයේ කාගෙන්ද ලියුමක් ආවා.. ඒකත් ඇති ඔතන.."

කියමින් ඇය නාන කාමරයට ගොස් දොර වසාගත්තාය..

ඇය නාන කාමරයේ වූ කැඩපතේ දන්තාලේපයෙන් ලියා තැබූ යමක් පිලිබඳ ඕනේ කමින් බැලුවාය...

" ඊයේ හවස මට ටිකක් තරහා ආවා.. මන් ඔයාට බැන්නට සමාවෙන්න. ඇත්තටම අපි තරහා වෙලා ඉද්දි මුලු ගෙදරම හරි මූසල පාටයි. අද වෙනදට වඩා ලස්සනට ඇඳ ගන්න. අම්මලා බලලා එනගමන්  බීච් එක පැත්තේ ගිහින් ටිකක් නිදහසේ ඉඳලා එමු "

එය ලියා තිබුනේ ඇගේ ආදරණීය සැමියාය..

ඔහු ලිපිය කාගෙන්දැයි බැලීමට වහා නැගිට්ටේය...

" ඊයේ හවස මට ටිකක් තරහා ආවා.. මට සමාවෙන්න... මන් හිතනවා අපි අද හවස
කොහේ හරි ටිකක් නිදහසේ ඇවිදලා ආවොත් හොඳයි.. ඔයා තරහා අරන් ඉන්නකොට ගෙදර කිසිම එලියක් නෑ.."

ඔහු ලොකු හුස්මක් අරන් හිත සැහැල්ලුවෙන් සිනා සුනේය. ඇයද සිනා මුසු මුහුනින් නාන කාමරයෙන් එලියට ආවාය.

" අම්මලට අරන් යන්න මන් ඊයේ වැඩ ඇරිලා එද්දි ඇඳුම් වගයක් ගෙනාවා.."

ඔහු මේසය මත වූ පාර්සලය පෙන්වා කීවේය...
ඇයද අල්මාරිය ඇර පාර්සලයක් එලියට ගත්තාය..

" ඔය මොනාද?"

"ඊයේ ඔයා තරහා වෙලා හවස නිදි අතරේ මන් ගිහින් ඔයාලගේ අම්මලට ඇඳුම් වගයක් ගත්තා. ටික දවසකින් එයාලට මුකුත් අරන් දෙන්නත් බැරි වුනා.."

ඔහු අඩක් බී ඉතිරි කල තේ කෝප්පය ඇයට දිගු කලේ හද පිරි සෙනෙහසිනි.. ඒ ඔහු  අඩක්  බී ඉතිරි කරන තේ ටික  බොන්නට ඇය බොහෝ සෙයින් ප්‍රිය කරන බව දන්නා නිසාය..
         -------------

      -සඳරේකා විජේන්ද්‍ර -

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment