බිදුනු පහන්

බිඳුනු පහන් 😓
(කෙටි කතාවක්)

" ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ 😓😔"

%%%%%%%%%%%%%%%%%%%%%%

"කවුද යකෝ උදේ පාන්දරම සපත්තුවක් කාලා නහයෙන් අඬ අඬා හැලපයට සින්දු කෑලි ටැග් කරන  කෑල්ල 😱 හැලපයගෙ කෑල්ලත් නෙවෙයි නෙ මේ 😔"

උදේ පාන්දරම fb log වෙද්දි  newsfeed එකේ උඩින්ම තිබ්බ පෝස්ට් එක දැකපු මලින්ත හිතුවා ..

" හෆ්ෆට හැලපයට විතරක් නෙවෙයි පරම්පරාවකටම ටැග් කරලා නේ මේකි .. ගොන් කෑල්ලක්...මොනා වුනත් ස්වීට් නමක්.. නම වගේම කෙල්ලත් ස්වීට් කෑල්ලක්ද දන්නෙ නෑ 😜.. බලමුකො profile එකට ගිහින්.."

" පොඩි උන්ගෙයි පූසොන්ගෙයි බල්ලොන්ගෙයි ෆොටෝ විතරයි තියෙන්නෙ.. කාලයක් ලව් පෝස්ට් දාලා මාසෙක විතර ඉඳන් එක දිගටම බූට් පෝස්ට් "

"යාළුවොත් 50යි ඉන්නෙ.. නැට්ටිච්චියක් නෙවෙයි වගේ... මොනා උනත් හොඳ සපත්තු පාරක් කාලා තියෙනවා .. පව් අනා මට වඩා අවුරුදු හතරක් බාල සූටි නම්කි බබෙක් 😋අනේ මන්දා මගෙ රැජිණත් ඩිවෝස් කරපු  එකේ ට්‍රයි කරලා බලන්නත් හිතෙනවා "

" යවමු රික්වෙස්ට් එකක් .. මැසේජ් එකකුත් දාලම තියෙනවා "

%%%%%%%%%%%%%%%%%%%%%%

"නැවතත් ඔබ එයි කියලා වරු ගනන් බලා
හිතටත් නොදැනිම රහසේ කාලයක් ගියා
හදාගන්න හැදුවත් හදවත තවම බැරි උනා
අදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා😓"

"අදත් සින්දු කෑල්ලක් පෝස්ට් කරලා..තාම රික්වෙස්ට් එක conform කරලත් නෑ.. සපත්තුවක් කෑවත් මේකිගෙ තියෙන ඝනකම 😠"

මලින්ත සතියක් යනකම් බලන් හිටියත් මෙත්මි රික්වෙස්ට් එක conform කරලා තිබ්බෙ නෑ  ..

%%%%%%%%%%%%%%%%%%%%%%

You have new message request

" නංගි ඔහොම බූට් පෝස්ට් දාන්නෙ ඇයි ?? ඔහොම ගොඩක් අයව ටැග් කරලා දාද්දි ඔයාව අනිත් මිනිස්සුන්ට විහිළුවක් වගේ පේන්නත් පුළුවන් .. අනික ඔයා දාලා යද්දි දුකක් හිතුනු  නැති කෙනාට ඔයා ඔහොම දුකින් ඉද්දි ගානක්වත් නැතිව ඇති.. අනික එයා ආයෙත්  ආවම කියමුකෝ..ඒත් ආපහු යන්නෙ නැති වෙයි කියලා අපිට විස්වාසයක් ඇති කරගන්නත් අමාරුයි නේද ?? මං මෙහෙම කිව්වට වැරදියට හිතන්න එපා.. මටත් නන්ගි කෙනෙක් ඉන්නෙ "

මාසෙකට විතර පස්සෙ මෙත්මි  ආපහු මැසෙන්ජර් install කරගත්තෙ කසුන් නිකමටවත් මැසේජ් එකක් එවලද බලන්න.. එතකොට තමයි මලින්ත එවලා තිබ්බ මැසේජ් එක දැක්කෙ.. ගිය සතියෙ රික්වෙස්ට් එකක් එවලා තිබ්බට ඒක ගනන් ගත්තෙ නැත්තෙ අදුරන්නෙ නැති අයව ඇඩ් කරගන්නෙ නැති නිසා ...

ඒත් මැසේජ් එක දැක්කට පස්සෙ මෙත්මිගෙ හිතටත් මහ අමුත්තක් දැනුනා.. මාස ගානක් තිස්සෙ ඇඬුවත් කිසිම කෙනෙක් මේ විදිහට කියලා නැති නිසා.. මෙත්මිට කියලා කාත් කවුරුවත් නැති නිසා මෙත්මිට දැනුනෙ තමගෙන්ගෙම සහෝදරයෙක් ඉන්නවා වගේ..

කවදාවත් දැකලා නැති , කතා කරලා නැති එකම එක මැසේජ් එකක් එවපු පමණින් නන්නාදුන තරුණයෙක් තමන්ගෙ සහෝදරයා වගේ හිතන්න තරම් මෙත්මිගෙ හිත ගොඩාක් බොලඳ වෙලයි තිබ්බෙ..

%%%%%%%%%%%%%%%%%%%%%%

" අනේ අයියා මං එහෙම විහිළුවක් වෙන්න  හිතලා දාපු එකක් නෙවෙයි ඒ.. මං ගොඩාක් ආදරේ කරන සුදු අයියට පේන්න දැම්මෙ එයා මාව unfrnd කරලා නිසා එයාගෙ යාළුවෝ ටැග් කරලා.. එයා ඉන්නෙ මං ගැන වැරදි වැටහීමකින්.. ඒක නැති කරගන්නයි ඕනි උනේ "

මලින්ත වැඩ කරන ගමන් හොරාට ඩේටා ඔන් කරලා බලද්දි මෙත්මිගෙන් එහෙම මැසේජ් එකක් ඇවිත් තිබ්බා..

****** බැන්කුවේ සේවය කරන මලින්ත තරමක් සෙල්ලක්කාර උනත් හිත හොඳ කොල්ලෙක් කියලා තමයි කවුරු අතරත් ප්‍රසිද්ධ .. අවුරුදු 23ක් වෙච්චි මලින්තලා යමක් කමක් තියෙන පවුලක්

" නංගා මං වැඩ කරන ගමන් ඉන්නෙ.. මං ඕෆ් වෙලා ඔයාට මැසේජ් එකක් දාන්නම්.. එතකන් ඔය විකාර හිතින් අයින් කරගෙන පාඩම් කරන්න.. මේ පාර ඒ ලෙවල් නේද ?? තව මාස 3යි නේ තියෙන්නෙ.. "

" මේ මාස 3 කොහොම හරි කට්ට කාලා වැඩ ටික කරගත්තොත් ඔයාට නැතිවෙච්චි හැමදේම නැතත් ඒවගෙන් ටිකක් හරි ආපහු ගන්න පුළුවන් වෙයි.. ඒක නිසා හොඳ ලමයා වගේ ගිහින් පාඩම් කරන්න.. හිත නිදහස් කරගන්න පන්සල්වත් යන්න..බෝධිය යට වැලි මළුවෙ ඉඳන් භාවනා කරලා හිත එකතැන් කරගන්න බලන්න .. මේ වෙලාවෙ පන්සල් යන්න බැරි නම් ගෙදර හරි කමක් නෑ බුදු පහන තියලා වැඩ පටන් ගන්න.. "

%%%%%%%%%%%%%%%%%%%%%%

මෙයා කොහොමද මං මේ පාර ඒ ලෙවල් කරනවා කියලා දන්නෙ.. මං අඳුරන්නෙවත් නෑනේ 😱

ආහ්හ් මගෙ b day එක බලන්න ඇති .. ඒකනෙ මට නන්ගි කියලා කිව්වේ 😂🔫

" ම්ම්ම්ම්ම් හරි අයියා මං උත්සාහ කරන්නම් 😊"

" හ්ම්ම්ම් good girl .. "

%%%%%%%%%%%%%%%%%%%%%%

"ඔය පාඩම් කරන හැටිද ආහ්හ් 😠 "

මෙත්මි රෑ වෙලා  ඔන්ලයින් ආවේ මලින්ත ඕෆ් වෙලා මැසේජ් කරන්නම් කිව්ව නිසා

" අනේ නෑ අයියා .. මං මේ ආවෙ මට මගෙම අයියා කෙනෙක් වගේ ගොඩක් දේවල් කියලා දුන්නු අයියව අඳුරගන්න 😊"

" ම්ම්ම්ම් එහෙනම් මාව අඳුරගන්න .. මං මලින්ත පන්සිළු.. අවුරුදු 23 යි.. ****** බැන්කුවෙ වැඩ..ගම ****....... "

මලින්ත එයා ගැන ලොකූ විස්තරයක් මෙත්මිට කිව්වා..

මලින්තටත් ඕනි උනා මෙත්මි ගැන දැනගන්න ..

%%%%%%%%%%%%%%%%%%%%%%

මෙත්මිගෙ අම්මයි තාත්තයි දෙන්නම මෙත්මිට යන්තම් අවුරුදු 2 පිරෙද්දිම වගේ  වෙන් වෙලා.. මෙත්මිව නීතියෙන් අයිති උනේ තාත්තට ..ඒ දෙන්නා ආයෙම විවාහ වුනු නිසා මෙත්මිට උනේ කුඩම්මගෙ වෙනස්කම් නිසා අවුරුදු 3 ඉඳන් තාත්තගෙ අවිවාහක නංගි ලඟ ජීවත් වෙන්න..

මෙත්මිගෙ අම්මයි තාත්තයි දෙන්නම ඒ දෙන්නගෙ අලුත් පවුල් එක්ක පිටරටවල ජීවත් වෙද්දි මෙත්මිට සිද්ධ උනේ දෙමව්පිය  රැකවරණය නැතුව නැන්දා එක්ක ජීවත් වෙන්න ..

ගුරුවරියක් උනු මෙත්මිගෙ නැන්දා මෙත්මිට කිසිම අඩුවක් නොකලත් අම්මක්ගෙ ආදරයක් දුන්නත්  එයාට තාත්තගෙ ආදරේ නැති අඩුව දැනුනා..

ඒ නිසාමද කොහෙද මෙත්මිගෙ ආදරේ පතාගෙන අවුරුදු දෙකක්ම පස්සෙන් ආපු කසුන් ට ආදරේ කරන්න ගත්තෙ ..

පොහොසත් පවුලක එකම දරුවා උනු කසුන් ජපානයට ගියේ වැඩිපුර ඉගෙන ගන්න .. ඒ වෙද්දි එයාලගෙ සම්බන්ධෙට මාස 8ක් පිරුනා විතරයි ...

මෙත්මිට තාත්ත්ගෙ  තරමටම නැතත් පුළුවන් උපරිමයෙන්ම ඒ ආදරය ආරක්ෂාව දෙන්න කසුන් උත්සාහ කලා..කසුන්ගෙ තාවකාලික වෙන්වීම දරාගන්න අමාරු උනත් කොහොම හරි දරාගත්තෙ viber , imo වලට පින් සිද්ධ වෙන්න 😜

%%%%%%%%%%%%%%%%%%%%%%

" සුදු මහත්තයෝ 😍😘 "

"ඕක කියාගනින් උඹෙ මිනිහට 😠"

" මහත්තයෝ මොනවද මේ කියවන්නේ 😓කොහෙ ඉන්න මිනිහෙක් ද ??"

" මෙත්මි උබෙයි මගෙයි කිසිම ඇයි හොඳැයියක් නෑ මින් පස්සෙ .. කරුණාකරලා මට මගෙ පාඩුවෙ ඉන්න දියන්.. උබේ වැඩ ටික මං දන්නවා.. වෙලාවට මෙව්වා මේ විදිහට උනේ.. බැන්ඳට පස්සෙ උනා නම් ඒම මට වහ කන්න තමයි වෙන්නෙ "

" මොනවද දෙයියනේ කියවන්නෙ මේ 😞"

"මං ලංකාවෙන් ගිහින් මාස 3ක් යන්නත් කලින් තෝ වෙන එකෙක් එක්ක නාඩගම් නටන්න තියාගත්තා නේද  😠 නෑ කියන්න එපා මට දැන්.. ලංකාවෙ හිටියා නම් මං බෙල්ල මිරිකලා යන්නෙ උබෙ 😠"

"මේ බලපිය මේ ෆොටෝ එක.. "

කසුන් මෙත්මිට එව්වේ මෙත්මි වෙන කොල්ලෙක් එක්ක තුරුල් වෙලා ඉන්න පින්තූරයක්.. මෙත්මිගෙ ඔළුවට අකුණක් ගැහුවා වගේ උනා

" දෙයියනේ..මං ඔහොම කාත් එක්කවත් හිටියේ නෑ රත්තරන් .. මාව විස්වාස කරන්න "

" මේවා දැක දැකත් තවත් උබව විස්වාස කරන්නද කියන්නෙ .. අපෙ සල්ලිවලට කෑදරකමේ මට ලං උනේ කියලා මං දන්නවා.. අම්මා අප්ප වගේම නැතැයි දෝනියැන්දා ..  "

කසුන් මෙත්මිට තවත් කිසිවක් කීමට ඉඩක් නොතියා viber , imo , fb ,msenger හැම එකකින්ම මෙත්මිව  බ්ලොක් කරලා දැම්මෙ මෙත්මිගෙ මුළු ලෝකෙම දෙපා මුල කඩා වැටෙද්දි 😔

%%%%%%%%%%%%%%%%%%%%%%

මෙත්මිගෙයි කසුන්ගෙයි සම්බන්ධය දැනගත්තු කසුන්ගෙ අම්මටයි තාත්තටයි ඕනි උනේ ඒ කුරුළු කූඩුව කඩා ඉසිරවන්න..

කසුන්ගෙ නැන්දගෙ දුවව ඒ කියන්නෙ කසුන්ගෙ නෑනාව කසුන්ට විවාහ කරවන්නයි එයාලට ඕනි උනේ..

කසුන් තනි තීරණේට හරි මෙත්මිව විවාහ කරගනියි කියන බය කසුන්ගෙ තාත්තලාට තිබ්බා..

කසුන්ව ජපානෙට යැව්වට පස්සෙ  සූක්ෂම විදිහට නිර්මාණය කරගත්තු මෙත්මිගෙ පින්තූර කසුන්ගෙ මිතුරෙක් මාර්ගෙන් කසුන්ට  යැවුවෙත් ඒ නිසාමයි

මෙත්මි ඒ හැමදෙයක්ම දැනගත්තත් කසුන් ඒවා පිළිගන්න කැමති උනේ නෑ..

ටික කාලෙකට පස්සෙ කසුන් මෙත්මිව Fb unblock කලත්  ආපහු Add කරගත්තෙ නෑ.. ඒ නිසාමයි මෙත්මි කසුන්ගෙ යාළුවෝ ටැග්  කරලා පෝස්ට් දැම්මෙ

%%%%%%%%%%%%%%%%%%%%%%

" අනේ නන්ගා දැන් අඬන්න එපා හොඳද 😞 සොරි නන්ගා ඔව්වා අහලා ඔයාව ඇඬෙව්වාට.. ඔයාට එක අතකින් සතුටු වෙන්න  පුළුවන් ...කවදා හරි ඔටාලා දෙන්නා මැරි කරලා බබාලත් ඉද්දි කසුන්ගෙ අම්මලා එහෙම දෙයක් කලා නම්.. අන්තිමට ඔයාගෙ දරුවන්ටත් දුක් විදින්න වෙනවා නේ.. එක අතකින් දැන්මම මෙහෙම උනු එක ගැන හිතලාවත් හිත හදා ගන්න බලන්න "

" ඒත් අයියා කසුන් මං ගැන ඉන්නෙ වැරදි වැටහීමකින්නේ.. මං වැරදි නෑ කියලා ඔප්පු කරගන්නවත් තිබ්බා නම් 😔"

" මේ අහන්න නන්ගා..කසුන්ට දවසක ඇත්ත තේරුම් ගනියි .. ඒක අදද හෙටද ලබන අවුරුද්දෙද නැත්තම් කවදාවත් වෙන්නෙ නැති දෙයක්ද කියලා කියන්න බෑනේ අපිට..ඒක නිසා ඔයා ඔතනින් ඒ කිටන්නෙ වැටිච්චි තැනින් ම  නැගිටින්න පටන් ගන්න..  මිනිස්සු අපිව වට්ටන්න බලන හැමවෙලේම අපිත් වැටෙන්න ගත්තොත් ඒ මිනිස්සු අපිව පාපිස්සක් කරගන්නත් හදයි .. ඒක නිසා හැම දුකක්ම ආපහු නැගිටින්න  ශක්තියක් කරගන්න "

" දැන් නිදාගෙන උදේම නැගිටලා පාඩම් කරන්න.. කවදා හරි කසුන් ඔයාව හොයාගෙන ආවොත් එදාට ඔයා හොඳ තැනක ඉන්න ඕනි.. මෙච්චරකල් ඔයාව හදාගන්න දුක් විදපු නැන්දත් පව් නැත්තම්.. හෙට ඉඳන් හැම දේම අමතක් කරන්න උත්සාහ කරලා මේ මාස 3 වැඩ කරලා exam ගොඩ දාගමු හරිද ??"

" හරි අයියා ..ගුඩ් නයිට් බුදු සරණයි ..පරිස්සමින් ඉන්න ..ගොඩක් පින් අයියා ඔයාට "

" පින් ඕනි නෑ පිස්සි ..හොඳට වැඩ කරගන්න.. බුදු සරණයි පරිස්සමින් ඉන්න ..ගුඩ් නයිට් "

%%%%%%%%%%%%%%%%%%%%%%

මලින්ත පුළුවන් හැම වෙලේම මෙත්මිගෙ හිත හැදුවා .. පාඩම් කරන්නෙ නැති වෙද්දි බැන්නා..

කොහොමින් කොහොම හරි exam එකත් පටන් ගත්තා ..

" අයියා මං exam pass වෙයි කියලා මට sure.."

" මගෙ නන්ගට පුළුවන් කියලා මං දන්නවා නේ.."

" අයියා නිසා තමයි හැමදේම .. ගොඩාක් පින් අයියට.. "

" මාව පිට කෙනෙක් කලාද ඒ පාර ..😠 හැම වෙලේම පින් ගාන්නේ මොනවා කලත් "

" අනේ නෑ මගෙ අයියේ "

%%%%%%%%%%%%%%%%%%%%%%

ඔය අතරෙදි තමයි කසුන් ලංකාවට ආවේ.. ඇවිත් එයාගෙ ඇවැස්ස නෑනා වෙච්චි නෙතුලිත් එක්ක විවාහ ගිවිසගත්තේ

ඒ වෙලාවෙදිත් මෙත්මි ලගින් හිටියේ මලින්ත..

මේ වෙද්දි මලින්තගෙ හිතේ මෙත්මි ගැන සහෝදර හඟීමකට එහා ගිය හැඟීමක් ඇති වෙලයි තිබ්බේ.. මෙත්මිගෙ හිතෙත් පොඩි වෙනසක් වෙලයි තිබ්බේ..

සහෝදරකමත් නැති වෙයි කියන බයට දෙන්නම හැගීම් වලට අඟුළු දාලයි තිබ්බේ..

ඒ මොනවා උනත් තාම මලින්ත මෙත්මි ව දැකලා තිබ්බෙ නෑ පින්තූරෙකින්වත්..

" නන්ගා දෙයක් කියන්න තියෙනවා .. හැබයි ඒ දේට  ඔයාගෙ උත්තරේ මොකක් උනත් අපේ සහෝදරකම හැමදාමත් තියාගන්නවා කියලා පොරොන්දු වෙනවා නේද ??"

" හරි අයියා මං පොරොන්දු වෙන්නම්.. කියන්නකෝ"

මෙත්මි උත්තර දුන්නෙ ගැහෙන හදවතින්.. මෙත්මිටත් මලින්තගෙ වෙනස දැනිලයි තිබ්බේ..

" නන්ගා මං ඔයාට ආදරේ කරනවා.. "

" අයියා 😱"

" ඇයි නන්ගා ..ඔයා අකමැති ද මට ආදරේ කරන්න.. අනේ මාත් එක්ක තරහා වෙන්න එපා😓 "

" නෑ අයියා මට අයියා එක්ක තරහා වෙන්න බෑ කියලා දන්නවා නේ.. ඒත් අයියා ඔයා මාව දැකලාවත් නෑනේ..කොහොමද එහෙම හිතුනේ "

" රූපෙ දැකලා ඇති වෙන ආදරේට වඩා හදවතට කරන ආදරේ වෙනස්.. ඒක ස්ථීර යි 😍"

" මං එක පාරක් ආදරේ නිසා ගොඩාක් දුක් වින්ද කෙනෙක්.. ඒක අයියා දන්නවානේ "

" ඔයාගෙ අතීතෙන් මට වැඩක් නෑ..ඔයාගෙ වර්තමානෙයි අනාගතෙයි මං විතරක් ඉන්නවා නම් ඇති නේ .. "

"..............................................."

"................................................"

" ආදරෙයි මගෙ අයියට ගොඩාආආරියක් 😍😘"

ඒ කතා බහ ඉවර උනේ මෙත්මියි මලින්තයි ආදරවන්තයෝ කරමින්..

%%%%%%%%%%%%%%%%%%%%%%

අද තමයි මෙත්මියි මලින්තයි මුණ ගැහෙන පළවෙනිම දවස..

මෙත්මි තද නිල් ඩෙනිමට කහ පාට කුර්තා එකක් ඇදලා දිග කොන්ඩය french විදිහට ගොතද්දි මලින්ත තද නිල් ඩෙනිමට කහයි නිලුයි කොටු කොටු ශර්ට් එක එක ඇන්ඳේ හරියට කතා වෙලා වගේ..

...... පාර්ක් එකේ බංකුවක් උඩින් ඉඳගත්තු මලින්ත මෙත්මිව තුරුල් කරගෙන කොපුල් සිප ගත්තෙ ආදරෙන්.. සියුම් හිරියක් ගතේ පුරා දැනෙද්දි මෙත්මි මලින්තට තවත් තුරුළු උනේ මේ හැඩකාරයා මගේ නේද දැන් කියන ලෝබ කමින්

"මං කැතයි නේද මහත්තයෝ  "

" පිස්සුද මැට්ටි .. මගෙ මැනික තරම් මට කිසිම කෙනෙක් ලස්සන නෑ "

" බොරු කියන්න එපා ..මට වඩා ලස්සන කෙල්ලො මේ ලෝකෙ ඉන්නවා ගොඩාක්..ඔයාට වඩා කළු කොට මහත කෙල්ලට වඩා "

" ඔයාට වඩා සුදු , උස , කෙට්ටු කෙල්ලො ඇති.. ඒත් මගෙ මැනිකගෙ හදවත තරම් ලස්සන හදවතක් ඒ කාටවත් නෑ.. මං ඔයාගෙ රූපෙට නෙවෙයි ආදරේ කරන්නෙ බබා.. රූපෙ කවදා හරි නැති වෙනවා.. ඒත් මං දන්නවා ඔයාගෙ ලස්සන හිත හැමදාම ඔයත් එක්ක තියෙනවා කියලා.. ඒක නිසා ආයෙ ඔය වගේ කතා කිටන්න එපා "

" ආදරෙයි මහත්තයෝ 😍😘"

ඔය අතරෙදි මෙත්මිගෙ ඒ ලෙවල් රිසාල්‍ට් ආවා..

කැම්පස් යන්න පුළුවන් උනත් මෙත්මිට ඕනි උනේ nurse කෙනෙක් වෙන්න .. මලින්තගෙයි මෙත්මිගෙ නැන්දගෙයි අකමැත්තක් නොතිබ්බ නිසා nursing scl ගියා..

%%%%%%%%%%%%%%%%%%%%%%

කාලය ගෙවිලා ගියේ හරිම වේගෙන්..

මලින්තගෙයි මෙත්මිගෙයි ආදරේට අවුරුදු 3 ක් ගෙවුනේ දැනෙන්නෙවත් නැතුව

දවසක් අහම්බෙන් .... ස්ටේශන් එකේදි මලින්ත යාළුවෙක් එක්ක කතා කර කර ඉන්නවා දැක්ක මෙත්මි එතනට කිට්ටු කලේ මලින්තගේ ඇස් දෙක වහලා එයාව පුදුම කරන්නත් එක්ක

මලින්තයි එයාගෙ යාලුවයි මෙත්මිට පිටුපාලා හිටපු නිසා එයාලා මෙත්මිව දැක්කෙ නෑ

ඒත් මලින්තගෙයි යාලුවාගෙයි කතාබහට මෙත්මිට එතනින් එහාට පය ඔසවගන්න බැරි උනා

" මලියා උබට වෙන එකියක් හිටියෙම නැද්ද බම් සෙට් කරගන්න..බලපන්කො උබට පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නෑනේ "

" මං ආදරේ කලේ රූපෙට නෙවෙයි බම් මෙත්මිගෙ හදවතට.. ඒකිගෙ හදවත ලස්සනයි 😔"

" කෙහෙල්මල් හදවත ..හදවත කන්නද බම්.. බලපන් ඒකිගෙ හැටි..තාර පීප්පෙ වගේ "

" මට ඒකි ලස්සනයි "

" ඒ උබට නේ .. පාරෙ එක්කන් යන්න පුළුවන්ද බලපන්කො.. "

" පාරෙ එක්කන් යන්න නෙවෙයි බම් බයක් සැකක් නැතුව විස්වාසෙන් ගෙදර තියලා යන්න පුළුවන් විදිහෙ ගෑනියෙකුයි ඕනි "

" රෙද්ද තමා.. කවුද දන්නෙ අර කසුනය එක්ක මොන නාඩගම නැටුවද කියලා.. අම්ම අප්පා වගේම නැතැයි.. නැත්තම් කවදාවත් දැකලාවත් නැති කිලෝමීටර් සියගානක් ඈත ඉන්න එකෙක්ට අහපු පමාවෙන් කැමති වෙයිද  බම්..උබම හිතලා බලපන්කෝ.."

😞

"අච්චර ලස්සන බියුටි ක්වීන් වගේ ඉන්න දැහැමි උබේ පස්සෙන් එද්දි උබ ගනන් උස්සන්නෙ අර 3rd clz නැට්ටිච්චියෙක් නිසා කියලා ඒකි දන්නවා නම් ඒකි මොන ශරීර අවයවෙන් උබට හිනාවෙයිද දන්නෙ නෑ "

😒

"හිතලා බලපන් බම්.. උබට මෙත්මිව මැරි කලා කියලා ලැබෙන්නෙ මොනවද .. ලැජ්ජාව විතරයි.. උබට මොබ අඩුවක් තියෙන්වටද ඒකි වගේ එකියක් එක්ක සෙට්ල් ව්න්න හදන්නේ..දැහැමිව මැරි කලොත් පරම්පරාවම ගොඩ "

" උබ කියන එකේ බොරුවකුත් නෑ බම්..ඒත් මට මෙත්මිව අමතක් කරන්න බෑ "

" හදවතෙන් නෙවෙයි මොලෙන් ගේම ගහපන්.. ගනින් දැන්ම දැහැමිට කෝල් එකක්.. කියපන් කැමති කියලා..උබට සල්ලි උඩ පීනන්න පුළුවන් "

මෙත්මිගෙ ඔළුව උඩ අකුණු සිය ගානක් පුපුරනවා වගේ දැනුනා..

" මලින්ත..........."

මෙත්මි කෑගැහුවෙ යටි ගිරියෙන් වගේ..

ඒත් එක්කම මලින්ත මෙත්මි ලඟට එද්දි මෙත්මි පස්සෙන් පස්සට ගියා..

මෙත්මි  ප්ලැට්ෆෝම් එකේ අයිනටම එනවත් එක්කම කොළඹ ඉදන් බදුල්ලට යන කෝච්චියේ ගැටුනා..

"මෙත්මී... මගෙ මැනික...."

මලින්ත  මෙත්මි ලඟට යද්දි වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි..

මෙත්මිගේ කකුල් දෙකේම දනහිසෙන් පහල වෙන් වෙලා තිබ්බා..

මෙත්මිගෙ අවසන් හුස්ම පොදත් ඒ වෙද්දි වායු ගෝලෙට මිශ්‍ර වෙලා හමාරයි 😓

%%%%%%%%%%%%%%%%%%%%%%

මලින්ත අයියේ ,

    ජීව්තේ හැම බලාපොරොත්තුවක් ම නැත්තටම නැති වෙලා ඉද්දි මගේ ජීවිතේට ඇවිත් මට අළුත් බලාපොරොත්තු දුන්නෙ මගෙ ජීවිතේ සදහටම මගෙන් උඳුර ගන්නද ??

           රූපෙට නෙවෙයි හදවතට ආදරේ කරන්නේ කියලා අන්තිමට රූපෙයි සල්ලියි හොයාගෙන ඔයා යන්න හැදුවෙ මිනිස්සු වෙනස් වෙන්න මහ ගොඩක් වෙලා යන්නෙ නෑ කියලා පෙන්නලා ..

කමක් නෑ ඔයා සතුටින් ඉන්න.. මං යන්නම් දැන්..

                           මං ඔයාගෙ කැත , කොට , බතල  නෙත්මි

%%%%%%%%%%%%%%%%%%%%%%

  ..............නිමි ..................

මහේෂි පෙරේරා

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment