හමුවීම

#හමුවීම

තවත් වෙනස්ම ආකාරයේ කෙටි කතාවකි .

කියවා රසවිදින්න ...... ඔබටයි මේ ආරාධනා

🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌

       " දැන් ඇති බන් ඕකේ සුවද බැලුවා , කෝ දියන් ඕක මෙහාට "

සෙට් එකේම සූදානම හොදින් නස්පුට් වීමටය . මාද ඇතුලුව සෙට් එකේ සාමාජිකයන් 08ක් වුවද කුමක් උවත්  මා නොබොන බව නිවසින් පිටත් වන විටම සිතට ගතිමි .

" අඩෝ චුක්කා ........ඇයි උබ අලි වංසෙන්ද , මෙන්න මෙහෙ ඇවිත් බොන්න  වාඩීයන් "

" අනේ පිස්සු කෙලින්නැතුව උබල බොනව නම් බීපන් . මතකයි නේ ගිය සතියේ . ආයේ මම මැරුනත් බොන්නේ නම් නෑ "

යාලුකම් වලට වඩා මගේ අම්ම මට රත්තරන් වටිනවා.

සෙට් එක හොදට සල්ලන් වී ඇත. එතන සිටින එකෙකුට හෝ දෙපයින් හිටගැනීමට වත් නොහැකි වන ලෙසට මත්වී හමාරය . සියලුම දෙනා වැල්ලේ හාන්සි වි මර නින්දේ සිටී .

"  ඔන්න පුතේ අදත් උබට බඩු හරී . දැන් ඇදපන් කෝ එක එකා මහ පාරට "

   මගේ හිත මටම කීය. වටපිටාවම කලුවර වෙමින් පවතී . ඉරත් බැසගොස් හමාරය . කෙසේ හෝ මුන් එක එකා හෝ පාරට රැගෙන යා යුතුවේ . සෙට් එකෙ අන්තිම උලකයා පාරට කැදවාගෙන එන විට වේලාව හතේ හෝරාවට ආසන්නය .

" ඇති යන්තන් ඔයින් ගියා . යකෝ දැන් මම ගෙදරට මොකක්ද කියන්නේ ?  අදනම් ගෙදර ගිහින් කෑමක් තමයි සෙට් වෙන්නේ "

" මේ ඕයී තමුසේ මෙතන භාවනා කරනවද "

පාරේ ගිය කෙනෙකු මට බැන වැදිනි. මා ඒ වනතුරු  සිට ඇත්තේ කහ ඉර මතය.

ඉක්මනින්ම පාර මාරු වූයේ දිගු දුර සේවා බස් රථයකට ගොඩ වීමටය . පාර මාරු වූ සැනින් බස් රථයක් පැමිණියේය . එය කට කපා ෆුල් වී ඇත . කෙසේ හෝ ඉක්මනින් යා යුතු නිසා මාද බස් රථයට ගොඩ වුනි .

" අනේ අයියේ පොඩ්ඩක් උඩට නගින්න ඉඩ දෙනවද "

ඇය ලාමක හුරුබුහුටි එතරම්ම උස නැති ගෑනු  ලමයෙකි .දනිස්සට ආසන්නව තිබූ ඇගේ කොන්ඩය ගොතා තිබුනි .  අනෙක් අයට කෙසේ වෙතත් මට නම් ඇගේ සුරූපී කමෙහි අඩුවක් පාඩුවක් නොවීය .

ඇය අමාරුවෙන් බස් රථයට ගොඩ වුවද  පාපුවරුව ලග ආසනයෙන් ඉහාට යාමට ඇයට ඉඩක් නොවීය .  මා සිටිනුයේ පාපුවරුවේ ඉහලම කොටසේය. මට ඇය වෙනුවෙන් කල හැකි කිසිවක් නොවීය. ඇය උස නැති නිසා ඇයට අල්ලා ගැනිමට හෝ තැනක් නොමැත  . ටික වේලවකට පසු ඇයට ඉදිරියෙන් සිටි මැදි වයසේ පුද්ගලයෙකු ඇයට ඔහු සිටි තැන ලබාදී ඔහු ඇයගෙන් පිටිපසට පැමිනියේය .

මගේ සිතටත් දැන් යම්තාක් දුරකට සහනයක් ලැබුනි. මම එයර් ෆෝන් එක කනේ ගසාගෙන සින්දුවක් අසමින් සිටියේ මගේ පාඩුවෙය .

" ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ............"

හම්මේ ඒක තමයි සින්දුව . චාමර අයියට පින් දිදී මම මගේ ආතල් එකේ සිටියේය . ආතල් එක කඩා දමා බස් එකේ අයියා සුපිරි බ්‍රේක් පාරක් ගැසුවේය. මගේ ඔලුව වීදුරුවෙ නොවැදී යාන්තමට ශේප්  විය .

" මුගේ ආච්චිට ....... අපි කනත්තට නෙමෙයි යකෝ යන්නේ . හෙමින් පලයන්  "

පා පුවරුවේ පහල සිටි කොලුවාගේ සැප කනෙන් බේරුනු බවක් මට හැගුනි .

" බසයට ගොඩවූ නන්ගිට කොහොමද දන්නේ නෑ "

එකවර මගේ හිත කලබල විය. ඇය හොදින් ය . එහෙත් ඇය යමක් නිසා කලබල වී ඇති හැඩක් මා දුටිමි . ඈ වටපිට බලයි . නිකන් කවුරුන් හෝ සොයන බවක් හැගුනත් ඇය බසයට ගොඩ වූයේ තනියම නිසා එය එසේ විය නොහැක . මම තවත් ටිකක් අවධානයෙන් ඈ දෙස බැලුවෙමි.

ඇගෙන් පිටුපස සිටි ඩෑල් එක ඇගේ කරේය.

" යකෝ මූ මාර අසහනකාරයෙක් නේ , දෙන්න හිතෙනව මට මුගේ දතක් බඩට යන්න "

දැන් මට යකා නැග ඇත . අතේ තියෙන යමකින් හෝ ගසා මුගේ ඔලුවේ පැණි බේරෙනු බැලීමට තරම් මගේ කේන්තිය ඉහළ ගොස් ඇත . මා වහා ක්‍රියාත්මක වූයෙමි .

" මේ අන්කල් පොඩ්ඩක් එහාට යනවද ? "

"ඇයි මොකෝ මල්ලී ප්‍රශ්නේ "

මූට නම් තියෙන්නේ නාකි විසේ .මම අන්කල් කියද්දී මට කියනව මල්ලිලු.  අලියන්ට ලමයින්ට නලියන්ටමයි හිත කිවුවා වගේ දැන් නම් මට මුගේ මුහුනත්තහඩුවට දෙකක් දමල අරින්නම හිතෙයි

" මේ මගේ gf . මම කැමති නෑ එයාගේ ඇගට කොහෙවත් ඉන්න පිට සිකලන්නු අත තියනවට . දැන් වත් එහාට යනවද මාමේ " 

ඔහුගේ මුහුණ රතු විය. මම ඇයගේ පිටුපසට පැමින සාමාන්‍ය  ලෙසට සිටියෙමි. ටික දුරක් යන විට එතැන ආසනය හිස් විය .

" අනේ අයියේ වාඩි වෙන්නකෝ. කකුක් දෙක රිදෙනව නේද "

ඇය එතැන වාඩි වී මටද ආරාධනා කලද මම එය ප්‍රතික්ශේප කලෙමි.

" මේ මොන මල විකාරයක්ද යකෝ "

කස්ටියම මගේ දෙස ඇස් යොමා බලා සිටී " මුන්ට ඉතින් වෙන වැඩක් තියෙන එකක් යැ "

මට කිරීමට කිසිත් නොමැති නිසා මම වාඩි වුනි .

" අනේ මැට්ටෝ මතක නැද්ද මම ඔයාගේ gf  කියල "

ඇය කට කොනින් සිනා සී කීය.

මම දැන් සිටිනුයේ මගේ ඉවසීමේ සීමාවේ මුදුන් පෙත්තේය.

" අනේ අයියේ ඔයාට කොහොම ස්තූති කරන්නද කියල මට තේරෙන්නේ නෑ .අර මනුස්සය නම් මට පුදුම වදයක් දුන්නේ "

මම හිස වනනවා මිසක් කිසිම පිලිතුරක් ලබා දුන්නේ නැත  .

" අපෝ මේ ඉස්කෝලෙද . දන්නව නම් කතා කරන්නෙත් නෑ .මහ පඩ කොල්ලො ඉන්නේ  "

ඇය අපට යාබද පාසලේ සිසුවියක් බව මට හොදින් වැටහිනි . පාසටල බනින එක මට කිසිසේත්ම දරාගත නොහැක . ඒ නිසා කුමක්ම හෝ කිව යුතුමය.

" නන්ගි මගේ කට එච්වර හොද නෑ . හොදේ....... "

ඇයට ගානක් වත් නැත . ඇය මගේ දෙස බලා සිනාසුනි.

" අයියා කොහෙද අයියේ , මේ කොහෙද ගියේ ................??????"

" පුදුම වදයක් නේ යකෝ මේ " මේ වෙලාවට තමයි  බිවුවා නම් හොදයි කියල හිතෙන්නේ . 

මම මගේ පාඩුවේ කට වහගෙන හිටියා . ඔන්න දැන්නම් නංගි පොඩ්ඩ සයිලන්ස් මට මාර හැපී. මම නිකකමට ආයේ  ඒ ලස්සන මූන බැලුවා . අනේ පවු දෙයියනේ ඒ අහින්සකීට නින්ද ගිහින් . ඔලුවත් පහළට කඩාන වැටෙනවා .

මගේ හිතේ තිබුන කේන්තිය නැතිවෙලා , ඒ වෙනුවට ඒ අහින්සකී ගැන අමුතුම හැගීමක් පහල  වෙලා කියල හිතට දැනුනත් ඒ මොකද්ද කියල කියන්න නම් මට තේරෙන්නේ නෑ . ඒ ඇහිපිය , ඇගේ කෙස්කලඹ මගේ හිත ටික වෙලාවකට වසගයට ගත්තා කියල මට හැගෙනවා . ටික මොහොතකින් ඇගේ හිස මගේ උරහිස මතට ඇදගෙන වැටුනා. ඒ වැටුනු හිසට මා බසයෙන් බහින තුරු ආයෙම මම මගෙන් පිටතට යන්න ඉඩක් දුන්නේ නෑ .

ගමනාන්තයට පැමිණි නිසා මම ඇයට නොපවසාම බස් රථයෙන් බැහැගත්තේ ඉක්මනින්ම නිවස  කරා ෆුටාර් එකෙන් පියෑබිය යුතු බැවිනි .

ආ දැන් හරිනේ අම්මගෙන් මිස් කෝල් 12 යි . අපෝ අදනම් ගෙදර ගියාම මාව මරයී .ඔන්න ආයෙම කෝල් එකක් .

" චූටි පුතේ කොහෙද ඉන්නේ ඔයා "

අම්මගේ කට හඩ එතරම් දරුණු නැති නිසා පොඩි බේගලයක් කීවාට කම් නැතැයි සිතුණි .

" අ අ.. . මම මේ ඉන්නේ ගෙදරට හැරෙන වංගුවේ . ඇයි අම්මේ ? "

" හයියෝ පුතේ අපි මේ නැන්දව බලල යන්න ආවා . රෑ කෑම මෙහෙන් පුතත් ඉක්මනට එන්න . නැත්නම් එලියට වෙලා තමයි ඉන්න වෙන්නේ "

කතා කරල වැඩක් නෑ . එලියේ හිටියොතින් මට රෑට කන්න වෙන්නෙ මදුරුවෝ . නැන්ද ලගේ ගෙදර ගියොත් රෑට කන්න වෙන්නේ උණු උණු බැනුම් . කෝකත් එකයි නේ . දැන් ඉතින් පාගපන්කෝ ආයෙම බයික් එක .මම පිටත් විය .

දැන් නම් පට්ටම මහන්සියක් ඇගට දැනෙයි . හවස පිටි මුට්ට කරගැහුව මදිවට දැන් කිලෝමීටර ගනන් බයික් එක පදිනවා .

කලුවරයේම මා යන පැත්තටම ගමන් කරන ගෑනු ලමයෙකු හා ඇයගේ පිටුපසින් ගමන් කරන කොලු රංචුවක් මම දුටිමි . එහෙත් මට කිසි ගානක් නැත . මම මගේ පාඩුවේ පුටාර් එක පෑගුවෙමි .

" යකඩෝ මේ අර බස් එකේදී මගේ ලග හිටිය නන්ගි නේද . මේකි මොකෝ මේ රෑ තනියම . අර පිටිපස්සෙ ඉන්න වදුරො රැල  ඒකිගෙ කවුද ? "

මගේ හිත නිකන් ප්‍රශ්න පත්‍රයක් විය .

" නන්ගී ඇයි මේ තනියම "

" අනේ අයියේ අයියා කොහෙද මේ යන්නේ . පුලුවන් නම් මාවත් ටිකක් ඉස්සරට දාගෙන යනවද . මේ හිවල්ලු ටික පුදුම කරදරයක් නේ දෙන්නේ "

මේකනම් මේකිගේ අපලයක්ද කොහෙද ? මා ෆුටර් එක බිම දමා ගොස් අර රැලේ එක වදුරෙක්ට  කතා කලෙමි .

" උබ දන්නවද මේ මගේ කවුද කියල . මේ මගේ gf යකෝ . ආයෙ උබල මේකිට කරදර කරල අහු වුනොත් අඩි 6ක් යටට යන්න ලෑස්ති වෙලා හිටපන් "

" මේ උබට පේනව නේ මොකද්ද කියල මගේ අතේ තියෙන්නේ "

ඒ අපි බයිට් එකට ඇපල් කැපීම සදහා අලුතෙන්ම මිලට ගත් පිහියයි .

ඔවුන් සෙට් එක ශේප් එකේ මාරු වූහ . අපෝ මුන් වගේ පිරිමි . අපේ එකෙක්ට ඔහොම කිවුව නම් ඒ කියන එකා හදට යවල තමයි අපෙ උන් ගෙදර එන්නේ . ඒකට මේ පරට්ට රැල . හයියෝ මුන්ගෙ පිරිමිකම .

" හා තව මොනවද බලන්නේ දැන් යමු "

ඇය යාන්තමට හඩන බවක් මට පෙනුනි .

" අයියේ අපිට මේ ගමේ අපේ කියල කවුරුත්ම නෑ . අප්පච්චි හිටිය නම් අපට මෙහෙම දෙයක් වෙන්නේ නෑ අයියේ . මේක මගෙයි අම්මගෙයි ලැබීම වෙන්න ඇතී "

මට කර කියා ගැනීමට කිසිවක් නොමැතිව මා අසරන වූයෙමි .

" ඒවා එහෙම තමයි නන්ගී . ඒ අපේ ලැබීම . දැන් ඒව ගනන් ගන්න එපා. ඒක නෙමෙයි නන්ගි කොහෙද ? මම නම් මෙහේ නෙමෙයි . අපේ නැන්දල ඉන්නේ වැව පාරේ . මේ එහේ යනගමන් . එහෙනම් මගේ වාහනේට නගින්නකෝ "

" මමත් ඒ කිට්ටුව තමයි අයියේ . අයිය අද කරපු දේවල් වලට ගොඩක් පින් "

එදා මම ඇයව නිවසටම කැදවාගෙන ගියේ මන්දැයි තවමත් නොදනිමි . මා නැන්ද ලගේ නිවසට පියනගන විට වේලාව 9 ත් පසු වී තිබුනද එදින අම්මා බොහොම සන්සුන් ලීලාවෙන් සිටියාය .

එදා ඇයට දුන් ආරක්ශාව හා රැකවරණය අදටත් එසේමය . තවමත් ඇය මා අමතන්නේ " මගේ අප්පච්චී " කියාය .

..............................................................................

අද සමාජයේ බොහෝදෙනෙකු සිතා සිටිනුයේ ආදරය යනු ලිංගික ආශාවන් ඉටු කර ගැනීමෙහිලා භාවිතා කරන ඇමක් ලෙසටය . නමුත් එය එසේ නැත .

සැබෑ ආදරය යනු ආරක්ෂාව හා රැකවරණය යන ද්විත්ව සංකලනයන්ගේ උත්තරීතර මුද්‍රාවයී. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

මෙලෙස නිවැරදිව අවබෝධාත්මකව ආදරය කරන විට ලිංගික ආශාවද ඉබේටම සන්සිදෙනු ඇත .

          #උවිදු #අස්විකගේ #අකුරු #එකතුවකී

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment