නිර්මාණය අචිනි පමෝදා
කෙට් කතාවකි
අතීතයෙන් දවසක්.....
.........................................
මම සදුනි ලක්ශිකා..දවසක් මං ෆේස් බුක් එකේ ඔන් ලයින් ඉන්නකොට නන්නාදුනන කෙනෙක් ගෙන් රික්වෙස්ට් එකක් ආවා..මං ඉක්මනටම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් වලට ගිහින් බැලුවා....
විහග රාජපක්ෂ(සිතූ) නම තිබුනෙ නම් එහෙමයි..මං ඒ ෆෝල් එකට ගිහින් ෆොටෝ බැලුවා...
අනේ මේ කොල්ලව මට දැකලා පුරුදුයි නේ..ඒත් කොහෙදිද...
මං කල්පනා කරා මට හොදට මතකයි මෙයාව..
අහ් මතක් උනා..එයා අපේ ඉන්ග්ලිශ් ක්ලාස් ආවානේ...එතකොට මෙයාගේ හොදම යාලුවත් අපේ ක්ලාස් එකේ අපේ ගෲප් එකේනේ..මට මතකයි සිතු හුගක් හොද කෙනෙක් කියනවත්..කමක් නෑ මං මේ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරනවා....
එයා ඔන්ලයින් ඉන්නවා..මං රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා.....විහගට hi කියලා මැසේජ් එකක් දැම්මා...
ටිකකින් එයත්... hi..
මං ..oyata mawa mathakada?2013 e soft eke english coz eka.mn ekata awa..
විහග. mmmmm hari mata tikak mathakai.aiyo mn e coz eka twama iwara kare nane..
ඔය විදියට අපි දෙන්නා එෆ් බී චැට් කරන්න පටන් ගත්තා...ටික දවසකින් අපි හොදම යාලුවෝ උනා..කොහොම හරි අපි අවුරුද්දක් විතර එෆ් බී එකෙන්ම චැට් කර කර හිටියා..දවසක් එයාට මගේ කටහඩ අහන්න ආසයි කියලා මගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලුවා.මං දෙපාරක් නොහිත එයාට මගේ නම්බර් එක දුන්නා..
ඊට පස්සෙ අපි දෙන්නා ෆෝන් එකෙන් කතා කරන්න පටන් ගත්තා..කාලයත් එක්ක අපටත් නොදැනිම අපි අපිට ආදරේ කරා..ඒත් ප්‍රකාශ කරන්න බය උනා...ඒත් දවසක්...
විහග ..සදුනි ඔයාට මං සදූ කියලා කතා කරන්නද..
මං.හා මං හුගක් ආසයි.එතකොට මං ඔයාට සිතූ කියන්නද..
විහග .හ්ම්ම් කියන්න.ඒක නෙවේ සදූ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා...
මම..මොකක්ද සිතූ..
සිතු..මේකයි ඔයාට මේක කිව්වම මං එක්ක කතා නොකර ඉදීද දන්නෙ නෑ...
මම.අනේ සිතු ඔයා කොහොමද එහෙම හිතුවේ.මං තරහා වෙන්නෙ නෑ.කියන්නකෝ මොකක්ද...
සිතු ..ඇත්තටම සදූ මං ඔයාට ආදරේ කරන්න පටන් අරගෙන..ඔයා මට කැමති ද
මං ෆෝන් එක කනේ තියාගෙන කල්පනා කරා.මං මොකද කියන්නේ ඇත්තටම මාත් සිතූට හුගක් කැමතියි.ඒත් මට හිතාගන්න බැහැ ..එක පාරටම හා කියන්නත් බෑනේ..
සිතු..හෙලෝ සදූ ඔය ඉන්නවද..
මම.මං පියවි සිහියට ආවේ එතකොට,අහ් ඔව් සිතූ කියන්න...
සිතු.ඔයා තරහද මං එක්ක..මං වැරදි දෙයක් කිව්වද..
මං ..නෑ සිතූ.මට ටිකක් හිතන්න ඕනේ.ඔයා මට ටික දවසක් දෙන්න..මං ඔයාට උත්තරයක් දෙන්නම්..
සිතු .හරි ඔයාගෙ කැමැත්තක්..
ඒ විදියට සිතු මට ආදරෙයි කියලා කිව්වා..මාත් සති දෙකක් විතර ගියාට පස්සෙ සිතූට කැමැත්ත දුන්නා...අපේ ආදර කතාව ආරම්භ උනේ ඔන්න ඔහොමයි...එයා මට කියනවා හැම උදේකම gm කියලා මට එවන්න එයා ඒකට හරි කැමති කියලා.මාත් ඉතිං නැගිට්ට ගමන්ම සිතූට gm කියලා දානවා..
ටික දවසකින් සිතූ කිව්වා මාව හම්බෙන්න ඕනෙ කියලා.
ඇත්තටම ඒ කතාවට නම් මං බය උනා..මොකද මං හුගක් ලස්සන කෙල්ලෙක් නෙවේනේ..මං කිව්වා මීට් වෙන්න බෑ ඔයාට මාව එපා වෙයි කියලා..එතකොට එයා මට කිව්වා ඔයා ඔයා ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා කියලා.මට ඕනෙ පිට ලස්සන නෙවේ හිත ලස්සන වෙන්නයි කියලා..ඉතිං මට එයා ගැන ලොකු පැහැදීමක් ඇති උනා..
ඉතිං එයයි මායි කැෆේ එකකදි මුනගැහුනා..අපි හුගක් වෙලා කතා කරා..ඒ එක්කම එයා මට කිව්වා...
සදූ
ම්ම්ම්
මට කියන්න දෙයක් තියෙනවා..
ඒ මොකක්ද සිතූ
සදූ මම හුගක් දුක් විදපු කොල්ලෙක්.සදූ ඒ වගේම අපේ ෆැමිලි බැග් ගෘන්ඩ් එකත් ටිකක් අවුල්.ඔයාට ඒක ප්‍රශ්නක් වෙයිද..අනික ගෙදර වගකීම් සේරම මටයි තියෙන්නේ.ඊලඟ කාරනේ මට ටාගට් එකක් තියෙනවා.කොහොම හරි ඒ ටාගට් එකට යන්න ඕනේ.මොකද මගේ පවුලෙ අය මට කියන්නේ මට මුකුත් කරන්න බැහැ .මං ලූසර් කෙනෙක් කියලා..මට ඒ ලේබල් එක ගලවන්න ඕනේ..
ඉතිං සිතූ මං ඔයාගෙ හෙවනැල්ල වගේ ඉදගෙන ඔයාට උදවු කරන්නම්.මං කසාද බදින්නේ ඔයාව මිසක් ගෙදර අය නෙවේ.මට ෆැමිලි ප්‍රශ්න වලින් වැඩක් නෑ..මට ඕනෙ ඔයා ලගින් හැමදාමත් ඉන්න..
තෑන්ක්ස් සදූ...මට ඕනෙත් ඔයා වගේ කෙල්ලෙක් තමයි.මං හුගක් වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලැබිච්ච එක ගැන.සදූ තව දෙයක් අහන්නද
අහන්නකෝ..
මං ඔයාව දාලා ගියොත් මොකද කරන්නේ..
දාලා ගියොත් නේද ඇවිල්ලා බෙල්ල මිරිකනවා..
අනේ ඇත්තටම..
අනේ මොනවද සිතූ අහන්නේ.පිස්සු ද මට මගේ සිතූට එහෙම කරන්න බැහැ.මං විහිලුවක් කරේ.ඔයා ඇත්තටම මාව දාලා ගියොත් මං මගේ හිත අමාරුවෙන් හරි හදාගන්නවා.මොකද ඔයා යන්නේ ඔයාගෙ සතුට නිසානේ..
හ්ම්ම්ම් හරි හරි..ඒක නෙවේ සදූ ඔයා කැමති මං රැවුල කපනවටද වවනවටද..
රැවුල වවමු නේද..ඒක ලස්සනයි..
හ්ම්ම් ඔයා තමා මට එහෙම කියපු එකම කෙනා...
එහෙමද..තව කී දෙනෙක් විතර කියලා තියේද දන්නෙ නෑ නේද..
දහයක් පහලොවක් විතර...
මොකක් .
සිතූ හිනාවෙලා විහිලුවක් කරේ සදූ .මට මේ වගේ හැමදාමත් හිනා වෙලා ඉන්න ඕනේ සදූ..මට තවත් දුක් විදින්න ඕන නැහැ..
මං ඔයාව හැමදාමත් සතුටින් තියන්නම් සිතූ.
අපි දෙන්නා මේ වගේ දෙතුන් දවසක් මුනගැහුනා..ෆෝන් එකෙන් කතා කරා.මං එයාගෙ ටාගට් එකට යන්න,එයාගෙ ප්‍රශ්න වලදි හැමදාමත් ලගින් ඉදන් හයියක් උනා. එයත් එහෙමයි මගේ ප්‍රශ්න වලදි මට හයියක් උනා..ඇත්තටම එයා මට මගේ තාත්තා වගේයි දැනුනේ.. තව එයා මගෙ නංගියා එක්කත් කතා කරලා මාව බයිට් එකට අරන් මාව කේන්‍තිත් ගැස්සුවා..
ඒ වගේම එයාගෙ හිතේ ඇතිවුන පලවෙනි ආදරේ ගැන මට කිව්වා...ඒක ඒක පාර්ශවීය ආදරයක්..එයා හුගක් ලස්සන කෙල්ලෙක්ට ආදරේ කරාලු.එයා හුගක් කල් පස්සෙන් ගිහින්..ඒත් ඒ ගර්ල් කැමති වෙලා නෑ..ඒත් මේ ලගදි දවසක එයාව දැකලා.සිතූට ඒ ගර්ල් දකිද්දි හුගක් දුක හිතෙනවලු...හරියට පරාජිත හැගීමක් දැනෙනවලු..
මට දුකයි..මොන කෙල්ලද කැමති තමන් ආදරෙ කරන කොල්ලා වෙන කෙල්ලෙක් ගැන කියනවට..ඒත් මං එයා කියපු හැමදේම ඉවසීමෙන් අහන් හිටියා.ඒ වෙන මුකුත් නිසා නෙවේ එයාට හුගක් ආදරේ නිසා....
ඔය අතරේ මගෙ ඒලෙවල් එක්සෑම් එක ලං වුනා..ඒ නිසාම සිතූ කිව්වා මට කතා කරන එක අඩු කරලා පාඩම් කරන්න කියලා..මං එයා කිව්වා දේ අහලා අමාරුවෙන් හරි කතා කරන එක අඩු කරා.සමහර දාට එයා මාව උදෙන් ඇහැරෙනවා..මං අවුල් වෙලා ඉන්න වෙලාවට මගේ මයින්ඩ් එක හදලා පාඩම් කරන්න හිත රිලෑකස් කරලා දුන්නේ එයා.ඒ විදියට අපේ ආදරේ ගලාගෙන ගියා..
ඒත් මගේ එක්සෑම් එකෙන් පස්සෙ...
සමහර දාට මං එයාට කෝල් කරාම එයාට මං එක්ක කේන්ති යනවා..මං මහ කරදරයක් කියලා මට බැනලා ෆෝන් එක තියනවා..මටත් ඉතිං හුගක් දුකයි..ඒත් පස්සෙ එයාටම දුක හිතිලා මට කතා කරලා සොරි කියනවා...ඉතිං මාත් තේරුම් ගන්නවා සිතූට ප්‍රශ්න නිසා වෙන්න ඇති කේන්ති යන්නෙ කියලා...
එයා මට සමහර දාට කියනවා අපි මේ එෆයාර් එක නවත්තමු කියලා.ඒත් මං ඒවා ගනන් ගන්නේ නෑ..ඒත් එක දවසක් ..
සදූ මගේ ඔලුව පුපුරන්න වගේ..මට මේ ප්‍රශ්න එපා වෙලා.සදූ අපි මේක නවත්තමු..මට බැහැ තවත් මේ සම්බන්දෙ ගෙනියන්න..ප්ලීස් මාව තේරුම් ගන්න.අපි මේක නවත්තමු..
ඒත් සිතූ...
ප්ලීස් ඔයා මහ වාතයක් වෙලා තියෙන්නේ මට.මට මගේ පාඩුවේ ඉන්න දෙන්න සදූ..ආයිමත් මට කෝල් කරන්න එපා...
සිතූ එහෙම කියලා ෆෝන් එක තිබ්බා..මට හිතාගන්න බෑ.මං ඇඩුවා..මං හුගක් ආදරේ කරා.හැමදාමත් ඕනෙ උනේ එයා ලගින් ඉදන් එයාගෙ දුක නැති කරන්න.මට කවදාවත් ඔනෙ උනේ නෑ.එයාට වදයක් වෙන්න.ඒත් මට තේරෙන්නෙ නෑ එයා මාව කොහොමද මෙච්චර ඉක්මනටම අමතක කරේ කියලා..
මං මාව පාලනය කරගන්න හුගක් වෙහෙසුනා.කොහොමද පැය ගනන් මල් කඩලා කඩලා එක පාරටම අපි වෙන්වෙමු කිව්වම ඒ නම්බර් එකට කෝල් එකක්වත් ගන්නේ නැතිව ඉන්නේ...කොහොමද මං ඒ කටහඩ අහන්නෙ නැතිව ඉන්නෙ.මං එයයි මායි හම්බ වුනු මුල් දවසේ ගත්ත ෆොටෝ එක දිහා බලන් හුගක් ඇඩුවා රත්තරං..ඔයාට මගේ හැඩුම් ඇහුනෙ නෑ නේද...
ආයිමත් දවසක් අපිව මුනගස්සපු මේ ෆේස් බුක් එකේම ඔයා ඔන්ලයින් ඉන්නවා දැකලා මං මැසේජ් කරා..
සිතු ඔයා කොහොමද මාව අමතක කරේ,ඔයාගෙ දුකේදි,ඔයාගෙ ප්‍රශ්න වලදි,ඔයා අසනීප වෙලාවේ මං ඔයා ලගින්ම හිටියා,ඔයත් මට මගේ ප්‍රශ්න වලදි ලගින්ම ඉදියා,දැන් කොහොමද ඔයා මගෙන් දුරස්වෙලා ඉන්න හිත හදාගත්තේ...අනික ඔයාගෙ ප්‍රශ්නෙ මොකක්ද මට කියන්න.අපි ඒ ප්‍රශ්නෙ විසදගමු..ඉක්මන් වෙලා තීරණ ගන්න එපා සිතූ....
ඊට පස්සෙ ඔයා මොකක්ද කිව්වෙ සිතූ..ප්ලීස් මැසේජ් කරොත් මාව බ්ලොක් කරනවා කියලා..
මට හුගක් දුක හිතුනා සිතූ..හුගක් දුක හිතුනා..ඒත් ඔයා මාව දාලා ගියත්,මං ඔයාට හුගක් ආදරෙයි සිතූ..කවදාහරි ඔයාගෙ ටාගට් එකට ගිහින් ඔයා ඉන්නවා දකින එකයි මගේ එකම බලාපොරොත්තුව.මං ඔයාට හුගක් සුභ පතනවා..මං ඔයාගෙම සදූ...
නිමි...
මෙය සත්‍ය කතාවකි.නිර්මාණ අවශ්‍යතාවය මත යම් යම් කරුනු වෙනස් කර ඇත..
උපුටා ගැනීමකි
No comments:
Post a Comment