සත්‍ය සිදුවීමක් පදනම් කරගත් නිර්මානාත්මක ප්‍රභන්ධයක් වන අතර නම් ගම් සියල්ල මනඃකල්පිත බව සලකන්න.
😢ෆීනස් කිරිල්ලිය🙂
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අති නවීන බෙන්ස් වර්ගයේ කළු පැහැ මෝටර් රථයක් වේගයෙන් ඉදිරියට ඇදෙයි. එහි පිටුපස අසුනේ රන් පැහැයට සමාන වර්ණයකින් යුත් ඉතා මිල අධික සාරියකින් සැරසුණු මැදි වියට ආසන්න වූ ප්‍රසන්න පෙනුමක් සහිත කාන්තාවක් හා උඩු රැවුල හා යටි රැවුල තරමකට වවා ඇති කඩවසම් පෙනුමැති ඇගේ පුතාද ගමන් කරයි. ඇය දීප්ති ෆැශන් නම්
ප්‍රසිද්ධ රෙදි අලවිසැල් හිමිකාරිය වන දීප්ති හේවාවසම් වන අතර ඇයගේ පුතු නිලාශ් රන්දෙනිගල යි.
"අම්මෙ... කොහෙද මේ හදිස්සියෙ මාවත් අරගෙන යන්නෙ... මං අද තව වැදගත් ගමනක් යන්න හිටියෙ" නිලාශ් කීවේ මූණ ඇඹුල් කරගෙන ය.
"වෙන ගමනක්.... මොකක්ද එතකොට ඒ වෙන ගමන" නිලාශ්ගේ සෑම ඉරියව්වක්ම හොදින් හදුනන දීප්ති සැක සහිත ස්වරයෙන් ඇසුවා ය.
"නෑ... මේ.. මේ යාළුවෙක් හම්බෙන්න යන්න හිටියෙ" අපාසුවෙන් සිතා ගොත ගසමින් නිලාශ් වචන ගැට ගැසීය.
"කව්ද අප්පේ ඔච්චරටම ස්පෙශල් යාළුව... පිරිමි යාළුවෙක් නම් වෙන්න බෑ... හා හා කියමු බලන්න කව්ද ඔය යාළුව"
"කෙල්ලෙක්.... එයා මේ... මේ" කොල්ලාගේ කටින් වචන පිට වූයේ නැත. නිලාශ් යනු කුඩා කල සිටම පියා නොමැතිව හැදුණු දරුවෙකි. මව හා පියා දෙදෙනාට සිටියේ දීප්තිය. තම එකම දරුවාට ඇය පියා නැති අඩුව කිසි දිනෙක දැනෙන්නට හැරියේ නැත. කොපමණ ආදරේ වුවත් ඇය නිලේශ්ට ටිකක් සැරට සිටියේ ඔහු වැරදි මගක යාවි යැයි බියෙනි. නිලේශ් දීප්තිගෙන් වේවැල් කසාය කෑ වාර අපමණය. එසේ සැරට සිටීමට තවත් හේතුවක් වූයේ දීප්තිගේ අතීතයයි. ඇයගේ අතීතය මල් යහනාවක් මතින් ගිය එකක් නොවේ එය කටු පදුරු ග්ස්ල් බොරලු වලින් පිරුණු අතීතයකි.
ඇය ඉපදුනේ හැදී වැඩුනේ ගාලු පුරවරයේ කෝන්ගහ නැමැති ප්‍රදේශ්ය. තරමක් ග්‍රාමීය වූ මෙම ප්‍රදේශය විශාල සුන්දරත්වයක් උසුලයි.සොළොස් හැවිරිදි වියට පා තැබූ දීප්ති දුටුවෙක් නැවත උවමනාවෙන් හැරී බලන තරමේ ආකර්ශනීය පෙනුමකින් යුක්ත වූවාය. රන්වන් පැහැගත් ඇගේ සමට මල් ගවුම කදිමට ගැලපෙයි. ඇය පවුලේ එකම දරුවා වූ හෙයි මව හා පියාගෙන් ලැබුණේ අපමණ ප්‍රේමයකි. දීප්තිගේ පියා ෆිනෑන්ස් කර ගත් ත්‍රීරෝද රථය හයර් කර ලැබෙන මුදලින් දීප්‍තිගේ පාසල් කටයුතු හා පවුලේ කටයුතු ඉටු කළ අතර ත්‍රීවීලරයේ ෆිනෑන්ස් එකද එයින්ම ගෙවීමට සිදු විය. කුමනාකාරයේ අඩු පාඩු තිබුණද දීප්තිගේ පවුල සතුටින් කාලය ගෙව්වෝ ය.වැඩි කාලයක් නොගොසින් මේ පුංචි පවුලට කණ කොකා හැඩලී ය. ෆිනෑන්ස් ගෙවීමට නොහැකිව පියාගේ ත්‍රී වීලය ෆිනෑන්ස් ආයතනයෙන් රැගෙන ගියේ ය. මේ වන් විට දීප්ති උසස් පෙළ ආරම්භක අවධියේ සිටි අතර පවුලේ තිබෙන අග හිග කම් හේතුවෙන් පාසල් ගමන නතර කළ ඇය ගාල්ලේ තිබෙන ගාමන්ට් එකකට සේවයට ගියා ය. පළමු පඩියෙන් භාගයක් ගෙදරට දුන් දීප්ති ඉතිරියෙන් කුඩා දුරකථනයක් ගත්තා ය.
මෙසේ කාලය ගෙවෙද්දී ගාමන්ට් ෆැක්ට්‍රියේ සේවය කරන නිශාන්ත නැමැති පෙනුමින් ප්‍රසන්න වූ තරුණයෙක් දීප්තිට බැල්ම දාන්න ගත්තේ ය. ඔහු නමින් නිශාන්ත හෙට්ටියාරච්චි ය. ෆැක්ට්‍රියේදී දීප්තිට හමු වූ මිතුරිය වන සුජානි හරහා නිශාන්ත පණිවිඩ පිට පණිවිඩ දීප්තිට එව්වේය. මුලදී ඒ සියල්ල ප්‍රතික්ශේප කළ දීප්ති පසුව ඔහු ගැන අනුකම්පා සිතී කැමැත්ත දුන්නා ය. ඔහු ඇයට බොහෝ සෙයින් පෙම් කළ අතර ඇයද කල් ගත වෙද්දී ඒ ප්‍රේමයට පෙම් බදින්නට පටන් ගත්තා ය.
සය වසරක් පමණ ගත ගත වන විට දෙදෙනාට දෙදෙනා නොමැතිව දිනක් වත් ගත කිරීමට නොහැකි විය. නිශාන්තගේ ගෙදරින් සම්බන්ධයට විරෝධතා ආවද දීප්තිගේ ගෙදර තිබුණු අගහිග තා සමග මෙවැනි රැකියාවක් හිමි තරුණයෙකුට ඔවුන්ගෙන් අකමැත්තක් පල නොවීය. නිශාන්තගේ ගෙදරින්ද පසු කාලීනව දෙදෙනාගේ විවාහයට කැමැත්ත හිමි වූයේ නිශාන්තගේ නොවෙනස් වූ චිත්තයන් නිසා ය. කෙසේ හෝ දෙවසරක් ආදරය කළ ඔවුන් දෙපාර්ශවයේම ආශිර්වාදයෙන් යුගදිවියට එළැඹුනෝ ය.
විවාහ වී වැඩි කලක් නොගොසින් දීප්තිට හා නිශාන්තට දාව පුත් රුවනක් ඉපදුණි. දීප්ති සිතුවේ තම දිවියේ වසන්තය උදා වූ බවය. සිදු වූයේ ඇය කිසි දා නොපැතූ දෙයකි. දින සති මාස ගෙවී යන අයුරින්ම දීප්තිගේ සතුටද ඇයගෙන් දුරස් වන්නට
විය.
"නිශාන්ත... මේ"
"හ්ම්.. කියන්න"
"අපි ෆිල්ම් එකක් බලන්න යමුද... කාලෙකින් ෆිල්ම් එකක් බැලුවෙත් නෑනෙ.... "
"මේ දරුව එක්ක ගිහින් කොහොමද ඕව බලන්නෙ බොරු වැඩ"
"එයා කරදර කරන්නෙ නෑ... එයාටත් දැන් එකහමාරක්නෙ.... එයා ඉදී සද්ද නැතුව"
"ඕනෙම නම් තනියෙම ගිහින් බලනව... නැත්නම් කියන්න මං එනගමන් හන්දියෙන් පීස් එකක් ගේන්නම්"
දීප්තිට නිශාන්තගේ ආදරය හිමි නොවීය. ඔහු ඇය ගැන සතපහකට මායිම් නොකළේ ය. කන්න උයන්න හාල් පහේ ආදිය හා පුංචි පුතුට සෙල්ලම්බඩු හා ටොපි චොකලට් ආදියෙන් නම් ඔහු අඩුවක් කළේ නැත. තවද දීප්තිට අසනීපයක් වූ විට නිශාන්ත ක්ශනිකව ක්‍රියාත්මක වේ. දිනක් දීප්තිට මහ රාත්‍රියේ උණ වැළදී ගැහෙනු දුටු නිශාන්ත වාහනයක් සොයා හැතැප්ම ගනන් දුර ගෙව්වේ ය. එහෙයින් දීප්ති තුළ නිශාන්ත කෙරේ තිබුණු ආදරය වෙනස් නොවීය. එහෙත් නිශාන්ත දීප්තිට ආදරයෙන් කතා කළ දවසල් දැන් ඇයට මතක වත් නැත. පාන්දර ගාමන්ට් ෆැක්ටරියේ වැඩට යන් ඔහු සවස පැමිණ දීප්ති උයා තිබෙන කෑම කා නිදා ගැනීම් නිශාන්තගේ දිනචර්‍යාව විය. දීප්ති හූල්ල හූල්ලා තමා ගැනම දුක් වී හෙළූ කදුළු අනන්තය. නමුත් ඇය නිශාන්තට වෛර කිරීමට සිතුවේ නම් නැත.
මේ අතරේ දිනක් දීප්තිගේ ළගම යෙහෙළියක් විසින් ඇයට ස්මාට් ජංගම දුරකථනයක් පිරිනැමී ය. දැන් දරුවාට වයස අවුරුදු දෙකකට ආසන්න වී තිබිණ. පාවිච්චි කළ එකක් වුවත් එහි නවීන තාවය හා පෙනුම නිසා දීප්තිට එය මහමෙරක් සේ පෙනින. එදා සවස නිශාන්ත වැඩට ගොස් ගෙදර පැමිණි වහාම දීප්ති දුරකථනයත් රැගෙන නිශාන්ත අභියසට පියමැන්නා ය.
"ඒයි... මේ බලන්නකො.... සුභානි මට එයාගෙ පරණ ෆෝන් එක දුන්න තියා ගන්න... එයා අලුත් එකක් අරගෙන... මං මේක තියාගන්නද" දීප්ති කීවේ සිනාවකින් මුව පුරෝගෙනය.
"හ්ම්.. හ්ම්ම් ... හරි මහන්සියි... තේකක් හදන් එන්න"
නිශාන්තගෙන් විරෝධයක් එල්ල නොවූ හෙයින් දීප්ති එම දුරකථනය තමා සතු කරබ්ගත්තා ය. මෙසේ කාලය ගෙවෙද්දී තම මිතුරන් සමග සම්බන්ධ වීමේ අටියෙන් තනිවම මුහුණු පොතේ ගිණුමක් ඇය නිර්මාණය කරගෙන එය රෝස මල් හා සුරතල් සතුන්ගේ චායා රූප වලින් සැරසී ය.තම උපන්දිනය අවුරුදු තුනක් පමණ අඩුවෙන් එහි සටහන් කිරීම ඇය සිතස් හෝ නොසිතා හෝ සිදු විය. කෙසේ වෙතත් එයට තමාගේ
පින්තූර නොදමීමට ඈ කටයුතු කළා ය. තමාගේ හොදම මිතුරන්ව තම ගිනුමට සම්බන්ධ කර ගත් දීප්ති නන්නාදුනන මිතුරු ඇරයුම් පිළිගත්තේ හොදින් සොයා බලා කලාතුරකිනි.
දිනක් ඇයගේ මුහුණු පොතේ ගිණුමට 'හායි' කියා කිසි දිනක දැක නොමැති නොහදුනන තරුණයෙකුගෙන් පණිවිඩයක් පැමිණියේ ය . එය දුටු දීප්ති නොදැක්කා සේ පණිවිඩය මග හැරියේ නන්නාදුනන අය සමග සම්බන්ධ වීමට තිබූ බිය හේතුවෙනි. ගෙදර වැඩ කටයුතු හේතුවෙන් දෙදිනක් මුහුණු පොතට යෑමට නොහැකි වීම නිසා උයා පිහා අවසන දීප්ති හරි බරි ගැසී ඇදින් හාන්සි වූයේ නිදහසේ මුහුණු පොතට සම්බන්ධ වීමේ අටියෙනි. මුහුණු පොතට ඇතුල් වූ සැටියේ දැනුම්දීම් බර ගානක් එක් රැස් වී තිබූ ආකාරයයි. ඒවා විවෘත කර බැලූ දීප්තිට දැක ගැනීමට ලැබුනේ එදා හායි කියා දමා තිබූ තරුණයා තමාගේ සියලු පින්තූර සදහා ලයික් හා කමෙන්ට් දමා තිබෙන ආකාරයයි. පසුව දීප්ති විසින් මිතුරු පණිවිඩ ගොනුවට නෙත් හෙලීය. පෙර දිනකදී පනිවිඩය එවා තිබූ තරුණයා විසින්ම පණිවිඩ් තුනක් නැවත එවා තිබෙනු දීප්ති දුටුවා ය.
'ගුඩ් මෝනින්'
'අපෝ මෙයාගෙ ආඩම්බර'
'අපේ මැසේජ් පේන්නැද්ද' ලෙසින් එහි සදහන්ව තිබිණි.
එය දුටු දීප්තිගේ දෑත ඉබේම පිළිතුරු පණිවිඩ යැවීම උදෙසා දුරකථනයේ යතුරු පුවරුවට අත ගියා ය.
'හායි' ලෙස සටහන් කල ඈ නැවත එය මැකුවේ තමා විසින් තමාටම පනවාගෙන තිබූ සීමා නැවත සිහියට නැගුණු බැවිනි. එය අමතක කර දැමූ දීප්ති ඇයගේ මුහුණු පොත් ගිනුමේ මිතුරන්ගේ පින්තූර දුක් ගැනවිලි තිබෙන ගොනුවේ පහළට ගියේ අලුත් තොරතුරු බැලීමේ අටියෙනි. එහි පහළට පහළට යන දීප්තිගේ නෙත් වරින් වර නතර වූ එක් අයෙකුගේ පින්තූර කිහිපයක් විය. ඒවා දිනේශ් රාමනායකගේ ය. සුරේශ් රාමනායක යනු දීප්තිට පණිවිඩ එවා තිබූ තරුණයාම ය. ඔහුගේ කඩවසම් බව හා තරුණ බව ඉදිරියේ දීප්තිගේ සිතෙහි චිත්ත විපර්‍යාසයක් සිදු වෙමින් පැවතෙන බව ඇයට නොදැනීම සිදු විය. නැවතත් ඇයගේ සිහින් අතැගිලි පණිවිඩ ගොණුවට ගොස් දෙවරක් නොසිතා සුරේශ්ට.
'හායි' කියා පණිවිඩය යැව්වා ය.
'හායි... හායි කොහොමද' විනාඩියක්වත් නොගිහින් සුරේශ්ගෙන් පිළිතුරක් ආවේ ය.
'මං හොදින්.... ඔයාට කොහොමද?'
'මාත් හොදින් නංගි.... මං හිතුවෙ ඔයා ආඩම්බරයි කියල' නංගී ලෙස සටහන් කර තිබෙනු දුටු දීප්ති තිගැස්සී ගියේ ඔහුගේ පෙනුම එතරම් නොමෝරා තිබුණු බැවිනි. විගස ඔහුගේ ගිණුම වෙත ගිය ඈ එහි ඔහුගේ පෞද්ගලික තොරතුරු ගොණුව පරීක්ශා කළ දීප්ති ඔහුගේ වයස විස්සක් බව දුටුවා ය. අනතුරුවයි ඇයට වැටහුනේ තමාට වයස විසි තුනක් වුවද තම ගිනුමේ සටහන් කර ඇත්තේ අවුරුදු තුනක් අඩුවෙන් බව. නැවතත් තම සිතිවිලි සමග සටනකට පිවිසිනි. දීප්ති තම ආදරය අවැසි විවාහක තරුණ සිත හිරිමල් තාරුණයයේ සිටින සුරේශ් ඉදිරියේ අසරණ විය.
'අනේ මං එහෙම ආඩම්බර නෑ අනේ... මං අදුරන්නෙ නැති අය එක්ක චැට් කරන්න බයයි'
'හරි එහෙනම් අපි අදුනගමුකො'
'හ්ම්ම්'
'ඔයා ස්කූල් ගියෙ කොහෙද?'
'අපේ ගමේ ඉස්කෝලෙට ගියේ'
'කොහෙද එතකොට ගම'
'ගාල්ලෙ කෝන්ගහ.... ඔයා කොහෙද?'
'මාත් ගාල්ලෙ.... ගාල්ලෙ ටවුන් එකේ හැබැයි'
'එහෙමද.... හ්ම්ම්'
'මොකෝ කරන්නෙ මේ වෙලාවෙ'
'මුකුත් නෑ... ඇදට වෙලා ඔහේ ඉන්නව'
මෙසේ ඇරඹුණු දෙදෙනාගේ සුහදත්වය දැඩි මිතුදමක් දක්වා වැඩි වර්ධනය වීමට එතරම් කාලයක් ගත වූයේ නැත.සුරේශ්ට හොද රැකියාවක්ද හිමි විය. ඔහු කීවේ දීප්‍තිගේ වාසනාවට තමාට රැකියාවක් ලැබුණ බවයි. ඇය දැන් වෙනදා නොමැති අමුතු සතුටකින් දවස ගත කරන්නීය. දිනපතාම ඉක්මනින් උයා පිහා දරුවාව සෙල්ලම් බඩු ගොඩකට මැදි කර ඇදට යන දීප්ති සුරේශ්ගේ පණිවිඩ ගොණුව විවර කරන්නේ ඔහුගෙන් පණිවිඩයක් නිසැකව තිබෙන බව ඇය දන්නා හෙයිනි. දිනක් සුරේස්ග් දීප්තිගෙන් ඇයගේ පින්තූරයක් ඉල්ලා එවා තිබූ ඉල්ලීම ඇය එක හෙළා ප්‍රතික්ශේප කළා ය. දෙතුම් වරක්ම කළ ඉල්ලීම් හමුවේ ඇයට පින්තූරයක් නියවා බැරි විය. 'මේක කාටවත් පෙන්නන්න එපා' කියූ දීප්ති ඇයගේ මීට වසරකට එපිටදී යහළුවෙකුගේ දුරකථනයකින් ගත් පින්තූරයක් ඔහු වෙත් යැවීය.
'ශා.. ඔයා හරි ලස්සනයිනෙ😍😍' ලෙසින් ඔහුගෙන් පැමිනි පිළිතුර දුටු දීප්තිගේ මුවට නැගුනේ හීන් හිනාවකි. තමන් ලස්සන බව තම ස්වාමිපුරුශයාවත් කියූ දිනක් මතකේවත් නොමැති බව හැගුණු ඇයගේ නෙතගට කදුළු බිදුවක්ද මතු විය.
මෙසේ සුරේශ් සමග සයිබර් අවකාශයේ ගත වූ සමය දීප්තිට වැටහුනේ තමාට අලුත් ජීවිතයක් ලැබුණු ලෙසයි. දිනක් උදෙන්ම සුරේශ් එවා තිබූ පණිවිඩයකින් දීප්තිගේ ගත සීතල වී ගියා ය.
' i love you නංගි.... මං ගොඩ දවසක ඉදල ඔයාට කියන්න හිටියෙ.... ඔයාගෙ උත්තරේ කියන්න... මං ඔයාට ඇත්තටම ආදරේ කරනව'
සිටගෙන සිටි දීප්ති ඒ පණිවිඩය ද්ටු සැනින් ඉබේම ඇදෙන් ඉන්දිනි. ඇගේ ගත අඩපණ විය. පුදුමාකාර අසරණබවක් දීප්තිගේ සිත හා ගත වෙලගත්තාය. ඇයගේ දෑස් අගින් රූරා ආ කදුළු බිදුව මුදු කොපුල් හරහා රූරා විත් දුරකථන තිරයට වැටිණි. තමා අසලට පැමිණ ඇකයේ තුරුළු වුණු කිරිකැටියා දුටු දීප්ති දුරකථනය පසෙකින් තබා ඔහුව උණුහුමට තුරුළු කර ගත්තා ය. සිගිත්තාගේ හුරතලේ අබියස දීප්තිට දුරකථනය අමතක වී ගියාය. හති වැටෙනකල් දීප්ති සමග සෙල්ලම් කළ දරුවා මොහොතකින් නිදි දෙව්දූගේ තුරුලට ගියේ ය. එවෙලේයි ඇයට දුරකථනය අතට ගැනීමට සිහි වූයේ. දුරකථන තිරය විවර කළ ඇයට දැක ගත හැකි වූයේ සුරේශ්ගෙන් පැමිණ තිබු පනිවිඩ ගණනාවකි.
'කියන්නකො මොනව හරි'
'මං වැරදි දෙයක් කිව්වද'
'ප්ලීස් මං එක්ක තරහ වෙන්න එපා'
'මගෙ හිතට ආපු දේ මං කිව්වෙ'
'ඇයි සද්ද නැත්තෙ... මොනව හරි කියන්නකො'
'ඔහොම මුකුත් නොකිය ඉන්නෙපා මගෙ පපුව පිච්චිලා යනව' ලෙසසින් සුරේශ්ගෙන් පැමිණ තිබූ පණිවිඩ ගණනාවකින් දීප්තිගේ හදවත වෙඩරු මෙන් උණු වී දිය් වී යන්නට විය.
'මාත් ආදරෙයි... i love you' මෙලෙසින් දීප්තිගේ හා සුරේශ්ගේ අනියම් ආදරය ඇරඹිණ.
සුරේශ් දීප්තිට දැක්වූයේ ඉමහත් සෙනෙහසකි. ඔවුන් පැයගනන් කතා කළේ ය. සුරේශ්ගේ නවයොවුන් හුරතල් වදන් වලට ආදරය අහිමිව තිබූ ලෝකයට ආලෝකයක් වැටින. දීප්තිද ඇති පදන් සුරේශ්ට ආදරය බෙදුවේ ලෝභ කමකින් තොරව ය. වැඩි කාලයක් නොගොසින් සුරේශ්ට තම නොදුටු පෙම්බරියව දැකබලා ගැනීමේ නොතිත් ආශාව මතු විය. දරුවෙකුත් ලැබී මෝරා ගිය තමාගේ කාන්තා වත දුටු පසු සුරේශ්ගෙන් මේ ලැබෙන ආදරය අහිමි වේ යැයි බියෙන් ඔහුගේ ඉල්ලීම නොයෙක් නොයෙක් බොරු කියා කල් ඇරියා ය. මෙසේ මාසයක් පමණ ගිය තැන සුරේශ්ගෙන් තවත් මේ සත්‍ය සැගවීමට හයියක් ඇය සතු නොවීය.
'ඔයා මේ විසි හත උදේ බීච් එක ලග තියෙන පොඩි හොටෙල් එක ලගට එන්න මාත් එන්නම්' ලෙසින් සටහන් කර සුරේශ්ට යැවූ දීප්ති ලොකු හුස්මක් ඉහළට ඇද පිට කළේ වෙන ඕන දේකට මුහුණ දීමට හිත හදාගත් අයුරිනි.
සැප්තැම්බර් විසි හත දිනට ගාලු මුහුදු තීරය හිරු කිරණින් ආලෝකමත් වෙද්දී දීප්ති එදා කී ලෙසින්ම ඒ අසල තිබෙන කුඩා හෝටලය ඉදිරිපිට තිබෙන බංකුවට වී සුරේශ්ගේ පැමිණීම අපේක්ශාවෙන් සිටී. ඈ පැමිණ සිටින්නේ තනිවම නොවේ. ඇගේ සිගිති පුතුද ඇයගේ අසලම වාඩි වී සිටින්නේ ය. මද වේලාවකින් අත් කොට රතු කමිසයක් හා නිල් ඩෙනිමකින් සැරසුණු සුරේශ් දීප්ති අසලටම පැමිණියේ ය. ඔහුව දුටු දීප්ති ඉබේම හුන් තැනින් නැගිට්ටාය. සුරේශ්ගේ නෙත් මාරුවෙන් මාරුවර දීප්ති දෙසත් බංකුවේ හිදගෙන සිටිනා සිගිති දරුවා දෙසත් බැලුවේ ය. දීප්තිගේ හදවත දෙගිඩියාවක සිරවීය. මොහොතක නිශ්ෂබ්දතාවය බිද සුරේශ් හඩ අවදි කළේ ය.
"ඔයා මං හිතුවට වඩා ලස්සනයි" මුව පුරා සිනාවක් විසුරුවාගෙන සුරේශ් කීවේ ය.
"ඇ... ඇත්තද... තෑන්ක්ස්" දීප්තිගේ හඩ වෙවුලයි.
"එතකොට කාගෙද මේ බබා" පුංචි සිගිත්තාගේ හිස අත ගා සුරේශ් එසේ ඇසූ විට දීප්තිගේ හදගැස්ම වැඩිවිය.
"ම්ම මට ඔයාට .. කි කියන්න දෙයක් තියෙනව......" දීප්ති ඇගේ කදුලු කතාව අකුරක් නෑර සුරේශ්ගේ ඉදිරියේ දිග හැරියාය. සියලු විස්තරය කියා අවසන් වන විට දීප්තිගේ දෑස් රතු වන්නටම හඩා තිබුණාය. "ඕකයි මගෙ කතාව .... මං ඔයාව රවට්ටන්න හිතුවෙ නෑ රත්තරනේ... මේ මගෙ අසරණකම...... මං ඔයාගෙ ආදරේ නැති වෙයි කියන බය නිසා ඇත්ත හැංගුවෙ.... පුලුවන්නම් මට සමාව දෙන්න"
කිසිවක් නොකී සුරේශ් දීප්තිගේ පුංචි පුතු අතට ගෙන ඔඩොක්කුවේ තබාගෙන ආදරෙන් හිස පිරිමදින්නට විය. සුරේශ් වචෙනෙකින් හෝ දීප්තිගේ හිත රිදවූයේ නැත. ඔහු ඇයට ආදරය දීම නැවතුවේද නැත. ඔවුන් මෙසේ වරින් වර මුණ ගැසිනි. ඒ හැමවරම දීප්ති පැමිණියේ දරුවාද සමගය. සුරේශ් දීප්තිට මෙන්ම දරුවාටද ඉමහත් ලෙන්ගතුකමක් පෑවේ ය. දීප්තිගේද දරුවාගේද ඕනෑ එපා කම් සොයා බැලූ ඔහු නිශාන්තට වඩා බෙහෙවින් ඔවුන්ට ළං විය. සුරේශ්ගේ ආදරය ඉදිරියේ නිශාන්තගේ හිස් බැදීම දූවිල්ලක් ලෙසින් දීප්තිට හැගිනි. දෙන්නාට දෙන්නා නැතුවම බැරි විය.
දිනක් සුරේශ් දීප්තිට නිශාන්තගෙන් දික්කසාද වී තමා සමග දිවි ගෙවීමට යෝජනා කළේය. මොන ප්‍රශ්න තිබුණත් තම ස්වාමිපුරුශයා සමග දිවි ගෙවීම දීප්තිගේ ස්ථාවරය විය. ඇයගේ එම තීරණයට උරණ වූ සුරේශ් ඇය සමග දින දෙක තුනක්ම කතා නොකර සිටීම දීප්තිගේ ඉමහත් කනගාටුවට හේතු විය. සුරේශ්ගේ ආදරයට වශී වී සිටි දීප්තිට සුරේශ්ගේ නිහඩ බව දරාගත නොහැකි වේදනාවක් විය. මේ වන විට නිශාන්තද දීප්තිගේ අනියම් සබදතාව ගැන සියල්ල දැනගෙන සිටියේ ය. එය දැනගත් දා පටන් ඔහුගෙන් දීප්තිට සිදු වූ වෙනස් කම් හා කෙනෙහෙලි කම් වල නිමක් නැති විය. දීප්තිගේ දෙමව්පියන්ගෙන් සුරේශ්ගේ සම්බන්ධයට විරුද්ධත්වයක් නොවූ අතර ඔවුන් නිශාන්තව දැක්කේ මිනිස් වෙසින් සිටින රකුසෙක් ලෙසිනි.
ඇය ඒ තීරණය ගත්තාය. සුරේශ්ගේ බසට කීකරු වූ දීප්ති සුරේශ්ගෙන් දික්කසාද විය. මාතරින් කුලියට ගෙයක් අකුරැස්සෙන් කුලියට කාමරයක් ගත් සුරේශ් දීප්ති හා දරුවා සමග එහි නැවතිණි.
වසරකට පසු...
"ඇයි සුරේශ් මට මෙහෙම කරන්නෙ... ඔයාගෙ ආදරේ විශ්වාස කරලනෙ මං ඩිවෝස් එකත් අරන් ඔයා ලගට ආවෙ.... ඒත් ඔයා තාම මාව කසාද බැන්දෙ නෑ... අනෙ දෙයියනේ මං මොන තරම් පව් කාරියක්ද" කියමින් දීප්ති කදුළු හෙළයි.
"අනේ පළයං යන්න... පට්ට වේ#$... තෝ මාව රවට්ටල කොහොම හරි මගෙ ඇගේ එල්ලුනා කියල මං මොනව කරන්නද හු@#$" ලෙස පරුස වචනෙන් බැන වදිමින් දීප්තිට පහර පිට පහර දෙයි. මෙලෙසින් සෑම දිනකම පාහේ බීගෙන පැමිණෙන සුරේශ්ගේ ගුටි කෑම දීප්තිගේ සුපුරුදු දින චර්‍යාව වී හමාරය. දීප්ති වැටී ඇත්තේ කබලෙන් ලිපට ය.
සුරේශ්ගේ පරුශ වචන හා ගුටි කෑම් වලින් හෙම්බත් වූ දීප්ති දරුවාවත් රැගෙන මුහුදට ගියේ දිවිනසා ගැනීමට ඇති වූ ආශාව නිසාමය.සියල්ලම අහිමි වූ ඇය වයස අවුරුදු තුනක් වන පුංචි පුතුගේ සුරතින් අල්ලාගෙන අසිහියෙන් මෙන් මහ මුහුද දෙසට ඇදෙනු දුටු දීප්තිගේ පැරණි මිතුරියක් ඇයව හදුනාගෙන වේගයෙන් ඇය දෙසට දිව ආවාය.ඇය නමින් වර්ශා ය. බලෙන් මෙන් දීප්තිව ඇදගෙන කෑම කඩේකට රැගෙන ගොස් බඩ කට පුරා කෑම කන්න දුන් ඒ වර්ශා ඇයගේ නිවසේ නැවතීමට දීප්තිට ආරාධනා කළාය. වර්ශා නිවසේ පොඩිවට කරගෙන යන රෙදි මසා විකිණීමේ ව්‍යාපාරයට දීප්තිව හවුල් කර ගත්තාය. දීප්තිගේ මානසික තත්වයද ඒ වැඩකටයුතු හේතුවෙන් මග හැරී ගියා ය.
************
දීප්ති හා නිලාශ් පැමිණි මෝටර් රිය නැවතුනේ මානසික රෝහලේ ගේට්ටුවෙන් ඇතුළු වීමෙන් අනතුරුවය. වාහනයෙන් බැසි දීප්ති නිලාශ් ද කැටුව රෝහල තුලට පියමැන්නේය. වාට්ටු එකින් එක පසු කරන් ගිය ඔවුන් එක් තැනක නැවතින. දැල් වලින් ආවරණය කළ කාමරයේ කොණ්ඩය වවාගත් මැදිවියැති මිනිසෙක් බලාගත් අත
බලාගෙන සිටියි. ඒ වෙන කිසිවෙක් නොව දීප්තිගේ දිවිය දෙවෙනි වරටත් අදුරු කළ සුරේශ් ය.
"ඇයි අම්මෙ මෙහෙ ආවෙ... ඇයි මෙතන නැවතුනේ" නිලාශ් විමසුවේ කුතුහලයෙනි.
"මේ ඉන්නෙ අර මං කියපු දෙවෙනි කෙනා පුතේ"
"එතකොට.... කෝ අම්මෙ මගෙ තාත්තා"
"එයා මං අර එනගමන් පෙන්නපු මහළු මඩමෙදි මීට අවුරුද්දකට කලින් මැරුණ පුතේ"
--සමාප්තයි--
උපුටා ගැනීමක්
No comments:
Post a Comment