කෙටි කතාව...
මහත්තයෝ....
ඇයි මැනික...
මේයානම් දැන් හරිම දගයි මහත්තයෝ..ගෑනු ළමෙක් උනාට පොඩි දැගලිල්ලක් නෙමෙයි තියෙන්නේ හැම වෙලාවෙම හයේ හතරේ ශොට් තමයි බඩට දෙන්නේ මගේ...
ඉතින් මැනික...මගේ දූ පැටියා මං වගේම සෙල්ලක්කාරයෙක් වෙන්න ඇති...
අනේ මහත්තයෝ..දූව සුරංගනාවියක් වගේ හදන්න ඔනේ..කොලුකම් නම් කරන්න දෙන්නේ නැතිව..
හා මැනික..
මහත්තයෝ මොකෝ මේ ඇස් වල කදුලු...
මුකුත් නෑ මැනික...
ඔන්න ඉතින් මහත්තයාගේ මැනිකට බොරු කියනවා...ඇත්ත කියන්න මහත්තයෝ නැත්නම් මේ මගේ බන්ඩිය ඇතුලට වෙලා අහන් ඉන්න අපේ දෝනිත් අපිට බොරු කියන්න ගනි...කෝ..කෝ...කියන්න ඉතින්.
මට සිතේශිව මතක් උනා මැනික ඒකයි මේ...
මහත්තයෝ ඇයි සිතේශිට එහෙම අකාලේ අපිව දාලා යන්න උනේ...
අහන්න මැනික..
සිතේශියි මමයි පොඩි කාලේ ඉදන්ම එකටමයි හිටියේ එකම ඉස්කෝලෙටමයි ගියේ..ඉස්සර කෙල්ලෙක් මට බැල්ම දැම්මොත් කිසිම බයක් නැතිව කොල්ලෙක් වගේ ගිහින් ඒ කෙල්ල්ගේ ඇස් වලට කදුලු එන්නම බැනලා තමයි සිතේශි එන්නෙ...
අනේ...දැනුත් සිතේශි හිටියනම්...අම්මිටයි දොණිටයි තාත්තිව ආරක්ශා කරන්න වෙන්නෙ නෑ නේද දොණි
ඔව් මැනික එත් මට සිතේශිව ආරක්ශා කරගන්න බැරි උනනේ..
කෝ ඉතින් කිව්වේ නෑනේ එයාගේ මරනෙට මුල් උන හේතුව..
අනේ මැනික ඔයා ඔය ඉන්න තත්වේ අනුව ඕවා අහන්න හොද නෑ...
හරි දෝණි එන්න තව දවස් පහක් තියනවානේ...කියන්නකෝ මට දැනගන්න ඔනේ.
හම්...සිතේශි ඒ දවස් වල ඉදන්ම කරේ කොලු වැඩ ගස් නැග්ගා...කලිසම් කොටම තමයි ඇන්දේ...ඉතින් මටත් එයා ගෑනු ළමෙක් කියන එක අමතක වෙලා තිබුනේ...අපි ගොඩක් දග වැඩ කරා...ඔහොම ඔහොම දන්නෙම නැතිව සාමාන්‍ය පෙළ උසස් පෙළ සේරම ඉහලින්ම පාස් උනා..ඉටත් පස්සේ කැම්පස් ගියා...එහෙදි සිතේශි වෙනස් උනා මැනික...දිග සායවල් ඇන්දා මේකප් කරා..ඒත් මාත් එක්ක තිබ්බ යාලු කම නැති උනේ නම් නෑ...ඔහොම පලවෙනි අවුරුද්ද යනකොට මට එයාගේ ලොකු වෙනසක් දැනුනා...අපේ බැජ් එකේ හිටියා කසුන් කියලා සල්ලි කදක්..එ කොල්ලා එක්ක සිතේශි රව්ම් ගැහුවා....ඔහොම ටික කාලයක් යද්දි මුලු කැම්පස් එකම එයාලා ආදරේ කරනවා කියලා දැන ගත්තා..
කසුන් එක්ක සිතේශි යාලු උනාට පස්සේ ඔයාලාගේ යාලු කමට මොක්ද උනේ.මහත්තයෝ
සිතේශි මාව ගනන් ගත්තේ නෑ...රැයක් දවාලක් නැතිව ඒ කොල්ලා එක්ක එහේ මෙහේ ගියා...
කැම්පස් එකේ අන්තිම අවුරුද්දේ මුලදි සිතේශි ගොඩක් දුකින් වගේ හිටියේ..කසුන් එක්ක එහේ මෙහේ ගියෙත් නෑ....මට බලාන ඉන්න බැරිම තැන මම සිතේශි එක්ක කතා කරන්න ගියා...එදා දවසේම සිතේශි එයාගේ ජීවිතේට කසුන් ආවදා ඉදලා හැම දෙයක්ම මට කිය කියා ඇඩුවා ...එතකොටත් සිතේශී පරක්කු වැඩි...
ඇයි සිතේශිට මොකද උනේ....මහත්තයා...
ඒ වෙනකොටත් සිතේශිගේ ජීවිතේ විනාශ කරලා ඉවරයි අර තිරිසනා..ඒ මදිවට ඌ කියලා තියෙන්නේත් බොරු ඌට වෙන සල්ලි කාර කෙල්ලෙක් ඉන්නවා...ඒ දුක් සේරම ඉවසන් හිටිය සිතේශි ටික දවසක් යනකොට ආයේ මට ළං උනා.පරන යාලුකම අලුත් උනා....එයා කසුන්ගේ මතක අමතක කරලා හිටියා..ඒ දවස් වල තමයි මට ඔයාව හම්බඋනේ..මම ඔයා ගැන සිතේශිට කිව්වාම කලින් වගේ එයා ඔයාට බනින්න එන්න හැදුවේ නෑ...ඒත් එයා මට කිව්වා නිපුන් අයියේ ඔයා මටත් වඩා එයාට කැමතිද කියලා.ප්.මම එදා එයාට කිව්වා ඔව් මම ඔයාට වඩා එයාට කැමති කවදා හරි බදින්නෙත් ඔයාව තමයි කියලා..
එහෙම කිව්වාහම කෙල්ලගේ මූල් ඇඹුල් උනා..ඒත් සිතෙශි සතුටින් වගේ..හා එහෙන්ම් ඉක්මනට නෑනව ගෙන්නකො කියල යන්න ගියා...
ඉතින්......
එදා හිනාවෙලා සිතේශි යන්නම ගියේ එයාගේ අන්තිම ගමන...
ඒත් මහත්තයා ඇයි එයා ඔයා අකමැති උනා කියලා එහෙම කර ගත්තේ...
නෑ මැනික එයා මං නිසා නෙමෙයි ජීවිතේ නැති කරගත්තේ...එයාට ඒ වෙනකොට ආයෙත් කසුන් කරදර කරලා තිබුනා...ඒ ආයේ කසුන්ට ආදරේ කරන්න කියලා නෙමෙයි..කසුන් කියන කියන වෙලාවට ඌගේ ඔන එපා කම් ඉශ්ට කරගන්න එන්න කියලා...නිකම්ම නෙමෙයි සිතෙශිගෙයි කසුන්ගෙයි පොටෝ වගයක් පෙන්නලා....ඉතින් කසුන්ගේ කරදරෙන් නිදහස් වෙන්න ඔන නිසා තමයි එදා සිතේශි මං ලගට ආවේ...ඒත් ඒ වෙනකොට මම ඔයාට ආදරේ කරන්න අරන් තියෙන නිසා..එයාට ලං වෙන්න උවමනාවක් ආවේ නෑ..අන්තිමේ සිතේශි අපි කවෘත් නැති ලොකෙකට ගියා....යන්න කලින් එයාගේ මරනෙට හෙතුව කසුන් කියලත් ලිව්මක ලියලා තමයි සිතේශි ගියේ...
දැන් කසුන් කෝ..මහත්තයෝ..
කසුන් හිරේ....මැනික මොකද මේ ඔයාට දාඩිය දාලා...
මට ටිකක් අමාරුයි වගේ. මහත්තයෝ...
කිව්වා නේද ඔය කතා මගෙන් අහන්න එපා කියලා...කෝ..කෝ...යමු හොස්පිටල්...
&&&&&&&&&&&&&&&&&&&&&&&&
මිස්ට නිපුන්....
ඔව්..මම තමයි...
ඔයාට වයිෆ්වයි බබාවයි බලන්න පුලුවන් ...
තැන්ක්‍යූ...සිස්ට...
මැනික......මේ බලන්න ඔයා මට දුන්න තෑග්ග....
මහත්තයෝ...දෙයක් කියන්නද...
කියන්න මැනික....
අපේ දෝනිට නම දාන්නේ මමයි....
.. .හා මැනික....මොකක්ද දාන නම ඉතින්..
සිතේශි නිමාශා කාවින්දි...
ඒත් මැනික..
ශු.......මම මේ නම දෝණිට දාලා ඉවරයි....මේ ඉන්නේ.අපිව දලා ගිය සිතේශිම තමයි...අපි මෙයාව ඇහැක් වගේ බලා ගමු මහත්තයා...
හා මැනික......
කෝ දෙන්න මගේ සිතේශි පැටියාව....
ආ ඔන්න......
සමාප්තයි....
නෙතුකි දනුෂිමා
උපුටා ගැනීමකි
No comments:
Post a Comment