ප්‍රථම ප්‍රේමය

සර්...මට කතා කරාද...."

ඔව්..සදු....සදූට ට්‍රාන්සර් එකක්...."

ඒ වචන ටික මගේ පපුවට පිහියෙන් ඇන්නා හා සමාන විය....කුරුණෑගල හැර ලංකාවේ වෙන ඕනෙම පලාතකට මගේ ට්‍රාන්සර් එක දුන්න නන් හිත මෙ තරම්...කඩා වැටෙන්නේ නැති බව මම හොදාකාරවම දන්නා කරුණකි...අහසක් තරම් කදුළු දුන්...දහසක් බලාපොරොත්තු බ්ද දැමූ...කුරුණෑගල නගරයට මම කෙසේ නම් ප්‍රේම කරන්නද....?...

මගේ මුල්ම පත්වීම...මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල මහ රෝහලයි...මා වෛද්‍යවරියක් ලෙස..රෝහල වෙනුවෙන් විශාල කැප කිරීමක් හා සේවයක් කළ බව...අවසන වරට..මා..රෝහලේ ප්‍රධානිතුමා හමුවීමේදි ඔහු කියා සිටියේ දෑසේ කදුළැලි පුරවා ගනිමිනි....ඇත්තටම මම මොණරාගල මහ රෝහලට බෙහෙවින් ලැදිය...මගේ පෞද්ගලික වැටුපෙන් පවා...මා රෝහල වෙනුවෙන්..අවශ්‍ය...දෑ..නොපිරිහෙලා ඉටු කර ඇත...එහි අවට  ජීවත් වන අහිංසක දුප්පත් මිනිස්සුන්ට පවා මා බෙහෙවින් ආදරය කළාය....ගෞරව කළාය...මන්ද යත්..මනුස්සකමෙන් ඔබ්බට ගියාවූ...සාරධර්ම හා...අවංකභාවය ඔවුන්.තුළ වූ නිසාවෙනි......................

.වාහනය නිවස අසළට ලගා වන විට රාත්‍රි 11...ආසන්න වී ඇති...බව මට දැනුනි..නමුත්...කෙසේ මා වාහනය පදවාගෙන ආවාදැයි...තාමත් සිත ප්‍රශ්න කරමින් සිටී.....අම්මා...සහ අප්පච්චී...මුදුන් මල් කඩක් ඉහේ පිපුණා වාගේ...මා පිළිගන්නට සැදී..පැහැදී...සිටියාය....මා...මොණරාගල සේවයෙහි නිරත වූ කාලය තුළ...තුන් වතාවකට වැඩිය නිවසට පැමිණ නැත...ලොකු නංගීගේ...විවාහ උත්සවයට....ආච්චි අම්මාගේ..අවමගුල් ගෙදරට හා...චතුරගේ නිවසින්..මා බැලීමට..ආ දවසේ මිස...අන් කිසිම දවසක මම ගෙදරට ගොඩ වී නැත...සිංහල අළුත් අවුරුද්දට පවා...අම්මා...අප්පච්චි..මා බැලීමට මොණරාගලට ආවා විනා....මා මේ කුරුණෑගල නගරයට අඩියක් වත් තබන්නට අකමැති වූවාය....අප්පච්චි..මගේ සිතැගි..හැම මොහොතකම තේරුම් ගත් නිසාවෙන්..ඔහු...මගේ...නොපැමිණීම ගැන අහිතක් නොසිතුවත් අම්මාගෙන් නන්..අවලාද..අපවාද..එමට අසා ඇත.....
..
....."ලොකු...මෙන්න කෝල්..එකක්..."

.."කව්ද අම්මා....රෝෂිමා...."

..."...රෝෂිමා .."

.ඇය මාගේ...විශ්ව ව්ද්‍යාලයේ ලෙංගතු මිතුරියයි....ඇය...ධනවත් පවුලක එකම ගැහැණු දරුවයි....බොහෝ විට මගේ අධ්‍යාපන කටයුතු වලට ඇය බෙහෙවින් උදව් උපකාර කර ඇත....චතුර කාරියවසම්....රෝෂිමා  කාරියවසම්ගේ එකම සොහොයුරාය....රෝෂිමාට අවශ්‍යය වූයේ..මාව ඇගේ පවුලට සම්බන්ධ කර ගැනීමටයි....එනිසාම ඇය මා පළිබදව චතුර අයියාට...බලාපොරොත්තු දහසක් දී තිබුණි...චතුර අයියා ඒ කාලයේදිත්...ඇමෙරිකා එක්සත්.ජනපදයේ සේවයේ නිරත වී සිටියේය...ඔහු...දක්ෂ ඉඡිනේරුවෙකි...අපි..හා...රෝෂිමා..අහසට පොළොව වාගේ වූවත්...චතුර අයියාගේ දෙමව්පියන්..අපේ දුප්පත්කමට ආදරය කළේය..

.ඒ නිසාම ඔවුන් මට කිසිදු විරුද්ධත්වයක් නොදැක්විය..ඇත්තටම චතුර අයියා නිහතමානී මනුස්සයෙක් ..අද වෙනතුරු ඔහුගේ කිසිම වරදක් මා දැක නැත...මා බැලීමට ලංකාවට ආ දිනයේ පවා ඔහු...මා හා කතාකළේ..බොහොම ලෙංගතුව..වූවත්....සමීරට මා ආදරය කරන තරමින්...දශමයක්වත්..චතුර අයියාට මා ආදරය නොකිරීම පිළිබදව මා මගේ සිතට දොස් තැබූ වාර අපමණය...අවුරුදු 8..ක්ම අම්මගෙයි අප්පච්චිගෙයි හිත් රිද්දා මා ලැබූ සතුටක් නැති නිසා...මා  චතුර අයියාට කැමති වූවේ..එය අප්පච්චිලාගේ සතුට නිසාවෙනි..ලබන මස චතුර අයියා ලංකාවට එන්නේ..නැවත පිට රට නොයන අදහසිනි..ලබන මස මාගේ විවාහයද..පැවැත්වෙන බව ඉර හද මෙන් විශ්වාසය ...

රෝෂිමාත් කුරුණෑගල රෝහලෙහිම සේවය කරන නිසා මට පාළුවක් නොදැනුනි...සැම විටම ඇය මගේ ළගින්ම සිටියාය.....

"මිස්....සමීරගේ ට්‍රීට්මන්ට් ටික දුන්නද.....?"

..."ඔව් ඩොක්ටර් දුන්නා....."

දිනක් මා රෝෂිමා හමුවීමට ඇගේ කාර්යාලය වෙත ගිය අවස්තාවේ ඇය අසළ සිටි හෙදියගෙන් එසේ විමසා සිට්යාය....

"සදු....දන්නවද...සමීර දැන් අවුරුදු හතරක්ම..මේ වෝඩ් එකේ...පව්..මෑන්ට...ලව් ශික්..එකක් වගේ....හැබැයි..සදු..අනිත් පේෂන්ට්ලා වගේ නෙමෙයි..හරිම සංවරයි..මෙන්ටල් අප්ෂට් එකක් තියෙනවද.කියලවත් හිතාගන්න බෑ...තියෙන එකම අවුල කතා නොකරන එකයි...ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න එකයි විතරයි

හොද..වලව්වක බෝයි කෙනෙක්ලු....ඒ දෙමව්පියොත් හරි පව් සදු..තියෙන සේ සත ඔක්කොම විකුණලා මේ බෝයිට ට්‍රීට්මන්ට් කරලා ඒත් වැඩක් වෙලා නෑ....මෑන්...ගර්ල්ගේ මිස් එකෙන් පස්සේ ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා..ගර්ල්ගේ ටෙන්ෂන් එකයි..ඩ්‍රග්ස් වල පවර් එකයි දෙකම අන්තිමට මෑන්ව මෙන්ටල් කරලා...හරි  ලස්සන බෝයි සදූ...පව්"

.........රෝෂිමාගේ...පේෂන්ට් නිසා....මට රෑ..නින්දක් නොවීය...නොදැකපු ඒ සමීර ..මට අතීතයේ මගේ සමීර සිහිපත් කරවන්නට වීය...එවෙලෙහිම අම්මාත් කාමරය තුළට වූයේ..තාමත් දැල්වෙන විදුලි පහන නිසා විය යුතුය...

"මොකෝ ලොකු ළමයෝ..නිදා ගන්නේ නැද්ද...."

"නිදාගන්න ඕන අම්මා..

...අම්මා....සමීර ගැන ආරංචියක් නැද්ද අම්මා...."

"උඹට විකාරද...අම්මපා තාමත් ඔය මගුල හිතින් අයින් කරලා නැද්ද...අනේ උබේ මහ ලොකු සමීර..හරි හමන් ආදරයක් තිබුනානන්..උඔව දාලා උගේ අප්පගේ සල්ලි බලේට නටයිද...විකාර නැතිව නිදාගනින් ලොකූ..අනේ ඇත්තට අර චතුර උඔට හොද වැඩී....ලොකූ..මතක තියාගනින්...ලබන මාසේ උබේ කසාදේ....තේරුණාද....."

වැහි බිදු වාගේ උනු කදුළු මගේ ඇස් වලින් කඩා වැටෙද්දී..අම්මා..විදුලි පහන නිවා කාමරයෙන් පිටවූවාය...අප්පච්චි නම්..මාත් බදාගෙන ඔහුත් හොදහැටි අඩන්නේය..එහෙත්  අම්මා නම්...සැබැවින්ම රළු පරුෂ කාන්තාවකි....කෙසේ නමුත්...හෙට දිනයේදි....මා රෝෂිමාගේ...පේෂන්ට් බැලීමට යාමට තරයේ අදිටන් කර ගත්තාය......

...".ඔයා මොකටද සදු.....සමීරව බලන්නේ.."..
"නෑ...රෝෂි...මට එයාව බලන්න ඕනේ කියලා..හිත කියනවා...."

"අනේ මන්දා ඔයාගේ හිතත්...ඕකේ..අන්න අර වැට ගාව ඉන්නේ සමීර...හැමදාම ඉන්නේ ඔතන තමයි...ගිහින් බලලා ඉක්මනට එන්න..මම මිස් කෙනෙක්ව එවන්නද ...."

"එපා...රෝෂි...මම ඉක්මනින් එන්නන්...."

පසුදා...මා රෝහලට ගිය විගස..සියළු වැඩ පසෙකදා...රෝෂිමා මුණ ගැසීමට ගියේ සමීර බැලීමට ඇති යටි අරමුණ නිසායි....මා...මානසික රෝගී වාට්ටුවට ගෙනැවිත් ඇරලූ....රෝෂිමා..ඇගේ කාර්යාලය වෙත පිය නැගුවේ...ඇයට වැඩ අධික වූ..නිසාවෙනි.....
මම...පැකිලෙන දෙපා වලින් යුක්තව සමීර අසළට ලගා විය...ඔහු...වැට දෙසට මුහුණ ලා සිටි නිසාවෙන්...මා එන බවක් ඔහු දුටුවේ නැත....

"සමීර....සමීර...."

මම වෙව්ලන ස්වරයෙන් ඔහු ඇමතූවත්...ඔහුට එය නෑසුනාක් මෙන් සිටියේය....මම..ඔහුගේ.බාහුවකින්...අල්වා..මාගේ...පසට හරවාලීය......

"සදූ....සදු.....සදු.....සදු...."

ඒ මුවගින් මිමිනෙන්නේ මගේ නමයි...ඔහු මා දෙස නොව...ඈත  ඉම දෙස බලා...මගේ නම මුමුණාලීය....මට...සිහිමුර්ජා වේව්දැයි මා බිය වූවාය....දෙයියනේ මේ මගේ සමීර....මේ මගේ ප්‍රථම ප්‍රේමය.....
කුරුණෑගල ..පිරිම් විදුහල හා බාලිකා විදුහල අතර ඇති වූ.....අමරණීය ප්‍රේමයයි...මගේ...හුස්ම නතර වේගෙන එන බවක් මට දැනුනි....මා...ඔහුගේ අත් දෙකින් අල්වා ගත්තාය.....ඔහු මා දෙස බැලුවේ එවිටයි...පෙරදා...මා මේ අත් දෙකින්ම අල්වාගෙන...මේ මුළු කුරුණෑගල නගරය පුරාම ඇවිද්දාය....වැව් රවුම.ඇතු ගල අපේ පිවිතුරු ප්‍රේමය ගැන..මතකයන් අදටත් දරනවා ඇත.

..සමීර සේනානායක....සේනානායක වලව්වේ...එකම දරුවාය...ඔහුගේ පියාගේ බලය හා සල්ලි නිසා අතීතයේ අපිට වෙන්වෙන්න සිදු වූ...බව සැබෑවකි...නමුත්..සමීර කිසි දිනක මා අතහැරීමට...සූදානම් වූයේ නැත...නමුත් කාලයත් සමග අප වෙන්වූවා විය හැක..මා..සමීරව බදාගෙන කුරුණෑගල අහස...සෙල්වෙන තරමට හයියෙන් අඩන්නට වූවාය...මේ කිසිවක් නෝතෙරෙන මගේ පිස්සා..හාවක් හූවක් නොවූවාය..

සදූ...විකාරද මොනාද සදූ  මේ කරන්නේ....
රෝෂිමා මාව ඔහුගෙන් මුදවාලන්නට සැරසීය...නමුත් මා ඔහු අත හැරීමට සූදානම් නැත....අසළ සිටි හෙදියන් සහ රෝෂිමා මාව ඔහුගෙන් මුදවා ලීය...මම මග දිගට කෑ ගැසුවාය...මට ඔහු දමා යා නොහැකිය...එහෙත්..අම්මා...අප්පච්චි සහ චතුර අයියාගේ..සිහිනයන්ට මා පණ දිය යුතුවේ..මගේ..සිහිනයට..ඒ උන්මන්තක ඇස් වලට..සමු   දීමට..මට හැකිවේවිද...?.නමුත්...ලබන මස..මාගේ..විවාහය සිදුවන බව...ඒ  අහිංසකයා හැර...සියල්ලෝම දන්නා කරුණකි.................

නිමි෴

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment