සේපාලිකා

*******සේපාලිකා*******

"ආ........... ශාන්ත කොලුවෝ"

"කොහෙදමේ  කුකුළා  අතින් අරන්"

"මේ රූපිකාගේ කෙල්ල නේද"

"හොදා.....   හොදා...... ඔහොම ගිහින් බලපන්කෝ"

"උබටම තමා ඕකි කර ගහන්න වෙන්නේ"

"ශාන්ත මාමා කිසිම දෙයක් නොකියා මාවත් එක්කන් යන්න ගියා"

අප්පච්චි  අම්මයි මමයි මල්ලී  දාලා ගිය දවසේ ඉදන්  ශාන්ත මාමා  අපිට ගොඩක් උදව් කලා
ශාන්ත  මාමාටත් අම්මෙක් තාත්තෙක් නෑයෙක් කියලා කිසිම කෙනෙක් හිටියේ නෑ.

අම්මා  ශාන්ත මාමා අපිට උදව් කරනවාට අකමැති උනත් ශාන්ත මාමා  අම්මා කියන දේවල් ගනන් ගත්තේ නෑ

ශාන්ත මාමා කසාද  බැදලා හිටියේ නැති නිසා ගමේ මිනිස්සු අම්මාට එක එක කතා කීවා
ශාන්ත  මාමායි අම්මයි අතර වයස් පරතරය අවුරුදු හතරක් විතර. අම්මා ශාන්ත  මාමාට සැලකුවේ තමන්ගේම මල්ලිට වගේ, ශාන්ත මාමා අම්මාට සැලකුවේ තමන්ගේ අක්කට වගේ

අම්මා හැමදාම කසාදයක් ගැන කීවාම මාමා නැගිටලා ගෙදරින් යන්න ගියා

" මල්ලීයේ උබ  අපේ ගෙදර එන යන එක මල්ලිට හොදනෑ, මං මේ මල්ලිට එන්න එපා කියනවා එහෙම නෙවෙයි ඕං"

"අක්කලාට කරදරයක් නම් මං නෑවිත් ඉන්නම්කො"

"ඕකනේ මල්ලිට මොකුත් කියන්බ බැරි"

"තේරුන් ගනින්කෝ මං කියන එක"

" මං කනවැන්දුම් ගෑනියෙක්, උබ කොල්ලෙක්  උබට අනාගතයක් තියනවා"

"ගමේ එකාලා කයි කතන්දර හදන්නේ අපි දෙන්නටම, මට නම් ඒවා ගානක් නෑ, මං දන්නවානේ මෙතන වෙනදේ"

"ඒත් උබ කවදා හරි කසාදයක් කරගන්න එපැයි
එදාට උබ මට වෛර කරයි "

"එහෙම නෑ අක්කේ"

ශාන්ත මාමාගේ ගති ගුන අපේ පවුලේ කිසිම කෙනෙකුට තිබුනේ නෑ
අපේ නෑයෝ හැමෝම  අප්පච්චිගේ පැත්ත අරන් අපිට  එක එක කතා  කියන්න ගත්තා

මාමා වැඩ කලේ කම්පැනියක, යහමින් සල්ලි බාගේ හම්බුනේ නැතත් මාමා මටයි මල්ලීට ඉගෙන ගන්න උදව් කලා
දවසක් අම්මා මාමාට කියනවා මං අහගෙන

"කෙල්ලට ඉගැන්නුවාට වැඩක් වෙයිද මල්ලියේ"

"ඇයි වැඩක් නැත්තේ, සේපාලිකාට ඇහෙන්න ඕක කියනවා නෙවේ, මට අක්කේ ආය ඕක අක්කට කියන්න තියන්න එපා"

"එක පාරටම මාමා මගේ කාමරේට ආවා"

" ඒයි ලොක්කී මොනාද කල්පනා කරන්නේ, පාඩම් කරන්නේ නැද්ද"

ශාන්ත මාමා හැමවෙලේම බැන්නේ පාඩම් කරන්න කියලා,
අමාරුවෙන් හරි කොහෙන් හරි මාමා මට ඕනි පොත් හොයලා ගෙනත් දුන්නා

* * * * * * * * * * * * * * * * * * * * * * * * ** * * * ** *

දවසක් මාමා මාව එක්කන් ගියා එයගේ යාලුවෙක් ලගට, එයා මගේ මුනෙන් අල්ලලා මාමාට කීවේ

"අපි ට්‍රයි  එකක් දීලා බලමු මචන් කියලා"

එදා නම් මට බය හිතුනා

මාමා මට කීවේ, අම්මට මේ ගැන කියන්න එපා කියලා, මාත් මාමාව විස්සවාස කරපු හින්දම අම්මට කියන්න ගියේ නෑ

මට a/l විභාගෙට මාසයක් තිබුන හින්දා
මාමා හැමදාම වගේ හවසට ඇවිත් පාඩම් වැඩ කියලා දුන්නා

මට  මාමා  කීවේ   art කරන්න කියලා,  මට කරන්න ඕන  උනේ සංගීත පැත්තෙන්
ශාන්ත මාමාට ඕන උනේ මට මොනවාගෙන් හරි හොදට උගන්වන්න.

අම්මා කලු මුදලාලිගේ කොහු වැඩපලේ වැඩ කරත්  අම්මට හම්බුනේ සොච්චම් පඩියක්.

අප්පච්චි හිටියේ අපේ ගෙවල්වලට ටිකක් දුරින් ගෙදරක වෙන කසාදයක් කරගෙන,
අම්මාගෙන් වෙන් උනත් ඒ කසාදෙත් අප්පච්චිට  වැඩිය හොදක් තිබුනේ නෑ

අප්පච්චි හැමදාම වගේ  හවසට බිගෙන ඇවිත්  අපේ ගේ ඉස්සරහ බනින්න පුරුදුවෙලා හිටියා, ශාන්ත මාමා ගැනත් කිය කියා  අම්මට බැන්නා

ඒ උනත් අම්මා අප්පචීට කිසිම දෙයක් කියන්න ගියේ නෑ

හැමදාම අම්මා කීවේ අප්පච්චී හොදයි කියලා

මං  a/l විභගේ  ලීවත් මට බයක් තිබුනා.  ශාන්ත මාමාගේ  බලාපොරොත්තු  ඉශ්ට කරන්න බැරිවෙයි කියලා.
ඒත් හිතුවට වඩා හොදට මගේ ප්‍රතිඵල තිබුනා, මට කැම්පස් යන්න පුලුවන් උනා,
මම සංගීත පැත්තෙන් දිගටම ඉගෙන ගත්තා

මටත් වඩා අම්මායි ශාන්ත මාමායි ගොඩක් සතුටින් කියලා මට දැනුනා.

* * * * * * * * * * * * * * *  * * * * * * * * * * * * * * *

අම්මත් එක්ක මං ආපහු  ශාන්ත මාමාගේ යාලුවා හම්බෙන්න ගියා

එදා තමයි මට තේරුනේ මාමා මව එක්ක ගියේ   ඉස්පිරිතාලෙකට කියලා

එතන හිටපු දොස්තර මහත්තයා මගේ ඇස් හොදට බැලුවා බලලා කීවේ මගේ ඇස් හොද කරන්න පුලුවන් කියලා

මට එදා තරම් සතුටක්  වෙන කවදාවත් දැනුනේ නෑ

උපතින්ම ඇස් අන්ද උනත් මගෙ ඇස් පෙනීම හදන්න මමාට ඕනි උනා

අම්මාගේ ඇස්වලින් කදුලු  මගේ  අතට වැටෙනවා මට දැනුනා

මගේ ඇස්  වලින් ලෝකය දකින දවස  ආවා
මං මගේ ඇස්වලින් මුලින්ම දැක්කේ මගේ අම්මවයි, ශාන්ත මාමාවයි, මල්ලිවයි
එදා තරම් සතුටක්මට දැනුනේ නෑ

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

මම කැම්පස් එකෙන් මියුසික්  ඩිග්‍රිය  ගත්තා,  මගේ පලවෙනි පත්වීම ලැබුනේ අන්ද ව්ද්‍යාලයකට,

මං ඒක කලේ ගොඩක් සතුටින්, මං වගේම ඇස් පේන්නේ නැති   ලමයින්ට  උගන්වන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුනා,

මම මේ රැකියව කලේ ගොඩාක් ආසාවෙන්,
මං වැඩ කරපු ඉස්කෝලෙට  ආව ගිය  ඩොක්ට කෙනගෙන්  මට ප්‍රොපෝසල් එකක් ආවා,

මගෙත් අකමැත්තක් තිබුනේ නෑ, මගේ දුප්පත් කම එයට ප්‍රශ්නයක්  උනේ නැහැ, මම ඒ ඩොක්ටර් මැරිකලා මගේ ජීවිතේ ගොඩක් සාර්තක උනා,  මගේ  අප්පච්චී වෙනුවට මගේ ලග හිටියෙ ශාන්ත මාමා

* * ** * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

මගේ ජීවිතේ මම දැක්ක  හොදම මිනිසා ශාන්ත මාමා ,
මගේ තාත්තාට වඩා ආදරේ කලේ  ශාන්ත මාමට    ,

                     
                                **  නිමි  **

අම්මලා තාතාලාගේ වෙන්වීම් නිසා ලමයින් කීදෙනෙකු  අද සමජයේ  අසරන වෙනවාද , ශාන්ත මාමා වැනි මිනිසුන් සමාජයේ ඉන්නවාද සිතීම ඔබට බාරයි

අනුරාධ  මේඝසූරිය

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment