කවිය නුඹ

***කවිය නුඹ***
කෙටි කතාව

අවසරයි අයදින්නට සමා💗

        මිස්සක පව්වෙන් නැගී ආ රිවි කිරනේ ආලෝකය පෙර දිනටත් වඩා පහන් වේදෝ කියා මා හිතට දැනුනේ නිරාමිස ප්‍රීතියකි.සම්බුදු පහසින් සිරි ලක් දෙරණ බුද්දානුලම්බන ප්‍රීතිය ඇති කරගෙන සිටිනු දැකීමට අපි බාගයවන්තයෝ කරනු ලැබූ මහින්දාගමනය හෙළ ලක් දෙරණ ඓතිහාසික මට්ටම ඔප මට්ටම් කල සුවිශේෂී සිදුවීමකි..

   "ධනුවෝ...උබ මොනාද බං මේ අහස පොලව ගෙටගහන්න වගේ කල්පනා කරන්නේ??"😠😠😠
ධනූ පියවි සිහියට පැමිනියේ ආදිගේ කෑගැහිල්ලෙනි.ආදි යනු දනූගේ පරම මිතුරා නොහොත් මට ඉන්න එකම සහෝදරයයි.එක බඩවැල කඩන් ආවේ නැති වුනාට මගේම සහෝදරයෙක් ලෙස ආදි දුක සැප දෙකම අතරින්‍ මා අසල නිරතුරුව රැදී සිටියේය.

  "මුකුත් නෑ බං ආදි,...අද මේ වටපිටාව කොච්චර ලස්සනද බලපන්කෝ බං.පොසොන් සරා සද මේ තරම් ලස්සනයි කියලා මම දන්නේ අද බං''

ඔහු නමින් ධනුෂ්ක සමරදිවාකරයි.කෙලිලොල්  ජීවිතයක් ගත කරන පිරිමි ලමුන් අතරින් ධනුෂ්ක සමරදිවාකර හුගාක් වෙනස් චරිතයක් කිවහොත් මා නිවැරැදියි .ඒ කෙසේද කියහොත් ඔහු ගැන හොදින් දන්නා එකම තැනැත්තිය මා නිසාවෙනි.කුඩා කලම පිය සෙනෙහස අහිමිව ගිය ධනුෂ්කගේ ජීවිතය ගෙවුනේ බාදක කම්කටොලු මැද.පියාගෙන් පසු විය යුතුකම් සියල්ල මව තම එකම දරුවා වෙනුවෙන් ඉටුකලේ ඇගේ තරුන වියද කැපකරමිනි.ඇයට අන් පුරුශයෙක් සමග විවාහ වීමට ඉඩ ප්‍රස්තාව තිබුනත් ඇය මියගිය ආදරණීය සැමියා සහ පුතු වෙනුවෙන් එසේ නොකලාය.ඇය වත්මන් සමාජයට ආදර්ශයක් සපයන උත්තරීතර චරිතයකි..

     ධනුෂ්ක ආදි සමග පන්සල් පැමිනියේ පොසොන් කලාපය නැරබීමටත් එක්කයි.ඔහු පරිසරයේ ඇති සුන්දරත්වයට වශී වූයේ එහි ඇති අලංකෘත බව නිසාවෙන්‍ ය.පොසොන් කලාපය නිර්මාණය කර ඇති පිරිස දුටු දනන්ගේ නෙත් සිත් දෙකම දහම් රසය අමන්දානන්දයට පත්කරමින් පොසොන් බැති ගී,පහන් කූඩු,බොදු වේදිකා නාටකයන් යනාදි නොයෙකුත් අංගාදින් වලින් පිරුනු මහා පුරුකක් බදු විය.ආදි සමග ධනුෂ්ක පහබ් කූඩුවල රමණීයත්වය නරඹමින් එන විට වේදිකා නාට්‍ය ආරම්භ වී අවසානයි.ගමේ පන්සල නමින් ශ්‍රි විසුද්දාරාමයයි.බෞද්ධාලම්බන ප්‍රීතිය වැඩිකරවනු වස් පන්සලේ ලොකු හාමුදුරුවෝ ඇතුලු පිරිස පොසොන් පොහොය වෙනුවෙන් සැලසුම් කරපු මෙකී නිර්මාණයන් අති විශිෂ්ඨ අයුරින් සාර්ථක බව නොසගවා පැවසිය යුතු කරුනකි.ගමේ පන්සල අද සුදෝ සුදු වතින් පිරී ඇත.ආදිත්,ධනූත් නාට්‍ය නැරබීම සදහා ඉඩක් ලබාගත්තේ පුදුම අමාරුවකිනි.ආදි මහ දසයෙකි.චීත්ත කෑල්ලක් ඌ...යි අම්මා...😢මොකද බොල තොට වෙලා තියෙන්නේ මට ලාදුරු නෑ.ඇරැත් තෝ හිතුවද මම තෝ ලග හිටපු කෙල්ලා කියලා .😠යකෝ ඒකිගේ කකුල මෙහෙම පෑගුවනම් තොගේ කන රත් වෙන්න ඒකි නෙලයි බොට..

   😂😂මම තොගේ කකුල කියලා  දැනගෙන තමයි බොල පෑගුවේ.ඇරත් මගේ සුදු මැනිකලාගේ කකුල් මම ඔහොම පාගනවද මයේ දෙයියෝ.එයාලගේ කකුල් සිනිදුවට පිරිමදින්නේ බං😍. ආ ඒක නෙමෙයි බං බොට මොකක්ද වෙලා තියෙන්නේ..

  ආ..ඇයි බං මට මුකුත් වෙලා නෑ.ඇයි බොට ඇහේ අමාරුවක්ද ??මම මේ ලස්සනට චාල්ස් කුමරු වගේ බැබලි බැබලි ඉන්නේ.තෝ අරුන් දෙන්නගෙන් එකෙක් තෝරගනින්.මම මගේ වැඩක් බලාගන්නම් ..හා ද මචෝ 😉😉

ආ ආ ඒ කෝනේ නම් එච්චර මට ඇල්ලුවේ නෑ .හරි හරි ඔහොම යමුකෝ.මේ මම මේ සූටික්කි එක්ක හිම කිරනයක් කාලා එනකම් උබ මේ බබීව බලාගනින් හා ද මගේ බැජියෝ...

හරි හරි පල පල..මේ මට ගෑනු හුරතල් කරන්න බෑ ආදි.මටත් හිමකිරනක්ගෙනෙන් මචං..

   ආදිගෙන් ගැලවුනු ධනුෂ්ක යලි සෙව්වේ ඇයගේ සොදුරු රුවයි.ඇය නිකටට අතක් ගසා කකුලක් උඩ කකුලක් දමාගෙන බලා සිටින අපූරුව ධනූගේ සිත් ඇද බැද ගැනීමට සමත් විය.ඇය දුටු මොහොතේ පටන් ඇයට පෙම් බැදීමට තරම් ධනූගෙ සංවේදි පිරිමි සිත බොලද විය.නාට්‍ය අවසන් වූ වහා පැමින සිටි පිරිස සී සී කඩ විසිරීම තුලින් ඇයව මගහැරුනු දනූ දුක් වූයේ ජීවිතයම අහිමි වී ගිය අයෙක් ලෙසෙනි.දෑස සොයන්නේ ඇයමයි.ආදි සමග නිවසට යන්න පෙරමගට ආපු ධනූට ඇයව සිහිවූයේ නිරායාසයෙනි .ආදි ත්‍රීවිලය රැගෙන එනකම් පන්සලේ ගේට්ටුව අබියස නතර වුනු ධනු පන්සලෙන් පිටව යන පිරිස අතර තම සිත් ගත් සොදුරු කවිය සෙවීය.

පීක් පීක්...ආදිගේ ත්‍රීවිලයේ හෝන් ශබ්දයටයි දනූ පියවී සිහියට ආවේ.😩මොකද යකෝ අද බොට වෙලා තියෙන්නේ.ආදි ත්‍රී විලය තුල ඉදන්ම ඇසුවේ ධනූගෙ සියුම් වෙනසක් වුවද ඔහුට දැනෙන නිසාවෙනි.
මුකුත් නෑ බං..
ත්‍රීවිලයට නගින්නට යද්දිම එහි තුල වූ දසුනෙන් ධනූ පුදුම විය.එය දුටු ආදි "ආ උබට අදුන්වලා දෙන්න බැරි වුනානේ මේ රසදියි,,අපර්ණායි.ඒ දෙන්නව ගෙදරින් දාලා අපි යමු.මේ ලස්සන කෙල්ලෝ දෙන්නා පව්නේ බං."

අපෝ ආදි හා හා කමක් නෑ යමුකෝ...ධනූ එලෙස පැවසුවේ හදවතින්ම සියලු දෙවි දේවතාවන්ට ස්තූතිය පලකරමිනි.ආදි නම් දෙයියෙක් නෙමි දේවාලයක් ..

  කෙල්ලෝ දෙදෙනා සිහින් හිනාවකින් ධනූට සංග්‍රහ කරහ.මේ ධනූ බෝ පැලේ වගේ ඉන්න අහිංසක කොල්ලෙක්.ඒ නිසා බයවෙන්න එපා😂😂

ධනූ ත්‍රීවිලයේ පැති කන්නාඩියෙන් ඇය ඩ්ගෙස බලා සිටියි .ඇයව ලගින් දැකපු මේ සොදුරු මොහොත ජීවිතේ කෙදිනකවත් අමතක නොවනු ඇත.නැවතත් තැන්කූ සෝ මච් කියමින් හදවතින් බස් දොඩන්නේ ධනූගේ හදවත සතුටින් ඉපිලී ඇති නිසාය.

ආ ...දැන් ගැහැනු ලමයි දෙන්නා බැස්සනම් හරි.ගෙදරටම ආවා.හයර් එක රුපියල් දාහයි..

අම්මෝ..අපි හයර් එක දෙන්නේ නෑ.ඔයානේ ආදි අපිව බලෙන් දාගෙන ආවේ නේද රෂී...

ආ හොද වෙලවට මේ සක්කර වට්ටම නම කිව්වේ..."රෂී"කොච්චර ලස්සන නමක්ද??

හරි හරි දැන් ඇතුලට යනවා.අපි දැන් ගෙදර මංගච්චන්න ඕනි.බුදුසරණයි අපි ගියාවේ....
   ධනූ රෂී දිහා කිහිප සැරයක්ම බලන් ඉන්නවා ආදිගේ අතට මාට්ටු වුනා.ඒක ආදිට එච්චර ඇල්ලුවේ නෑ .නැවත ගමනාන්තය ආරම්භ කරපු ආදි ධනූම කතාකරනකම් බලන් හිටියා.ධනූට ලැජ්ජයි.ඒත් ඉතින් ලැජ්ජයි කියලා බෑ.ඒ නිසා ආදිට සියල්ල පවසන්න සිතාගත්තේය.

ආ බං ආදියෝ කව්ද බං ඒ..
ඔය පැන්නේ බල්ලා මල්ලෙන් එලියට 😲.මම මේ බලන් හිටියේ උබ මේ හොර ගල් අල්ලන්නේ මොකටද කියලා..

   නෑ නෑ බං ආදි..අර රෂී ගොඩක් ලස්සනයි .ලස්සනටත් වඩා ඒ කෙල්ලගේ මොකක්ද අමුතු ලුක් එකක් තිබ්බා බං.එයාව පන්සලේදි දැකපු වෙලේ ඉදන් මටත් නොදැනීම මගේ හිත ලෙඩ වෙලා බං😩ඒකි ගොඩක් අහිංසකයි ..

ආ..උබ දැන් ඒකිට ලව්ද ..එහෙනම් කොලුවෝ ඒක හිතින් අථ්හැරගනින්.ඒකී උබට වඩා වැඩිමල්😢

ධනූට ආදි පවසන දෙය ඇසුනේ හීනෙන් වගේ.ඔහුටත් නොදැනීම දෙනෙතින් කදුලු වැටුනේ නිරායාසයෙනි .ධනූගේ හදවතට ඒ දැනුනු වේදනාව වචනයෙන් විස්තර කිරීමට නොහැකිය.ආදිට ඔහු ගැන දුක සිතුනි.කිසිදු දිනක ගැහැනු ලමයෙකු දිහා නොබලපු ධනූ ගැන ආදි හොදින් දැන සිටියහ.ඒත් ඉතින් අක්කා කෙනෙක්ට ලව් කරන්න පුලුවන්ද,ඇරැත් ඒකි බදින්න කොල්ලෙකුත් ඉන්නො..

හ්ම්ම් ඒකි සම්පත් බැංකුවේ වැඩ කරන්නේ.මගේ මුහුනු පොතේ යාලුවෙක්.කතාකරලා බලපන් උබට ඕනිම නං.

ධනූ හ්ම්ම්.කිව්වා පමනි.ඔහු දුකින් ය.ඒත් ජීවිතේ ප්‍රතම වතාවට ආදරය දැනුනු සොදුරු රුව අබියස ඔහුගේ හදවත සැලෙන්නේ චායාවක් ලෙසිනි.හ්ම්ම් කමක් නෑ.කතාකරලම බලමුකෝ..

  මේ..මේ ආදි...මොකක්ද බං ඒකිගේ නම.හිටපන් ගෙදර යනකම් .මේක එලවන ගමන් fb යන්නඩ්ග කියන්නේ උබ මට.අපෝ තෝ වගේ කලන මිතුරෙක්...

ඔහු අහිංසකව සිනාසීය.ධනූ සියනෑ විදයා පීටයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.ඔහුගේ කුඩාකල සිට අතිජාත මිතුරා ආදි නොහොත් පැනියාය.
##################################
රාත්‍රී නිදන්නට ඇදට පැමිනියත් සිහිනයක් වී නෙතු අද්දරට පැමිනෙන්නෙත් ඇයයි.."රෂි" නොහොත් රසදි දේවස්මිතා ලස්සන නමකින් පබැදුනු ඇයගේ නාමයද සේම රූපයද මනරම්‍ ය.ධනූ මුහුනු පොතේ පිටු අතර නිබද සැරිසැරුවේ ඇයට මිතුරු ඇරයුමක් යවනවාද නැතිද කියා දෙගිඩියාවෙන් ය.පසුව ධනූ මුහුනු පොතේ ඇගේ නම සර්ච් කර මිතුරු ඇරයුමක් යැව්වේ දෙවරක් නොසිතාය.ඇගේ ගිනුමේ විස්තර බැලූ ඔහු ඇගේ ජායාරූප කිහිපයක් ද තම දුරකථනයට බාගත කරන ලදි.ඇය තනියෙන් සිටිනා එක ජායාරූපයක්වත් නෑ.ඇය 1990.12.26 මම 1991.01.06 ඉතින් දෙයියනේ දවස් ගානක පරතරයක් අෆ්ෆා තියෙන්නේ.ඔය ඕනිතරම් ඒ වගේ අය කසාද බැදලා සතුටින් ඉන්නේ..ඓශ්චර්‍යා අබිශේක් බච්චන්ව බැන්දා ආ..තව සචින් තෙන්ඩුල්කාන් උන් එච්චර ප්‍රසිද්ධ වෙලත් එහෙම කරානම් ඇයි මට බැරි😍.ඇගේ ජායාරූප බලමින් සිටින අතර ඇය යෙහෙලියන් සමග සිටින සමූහ ජායාරූපයට අදහස් එක්කල ආදි ඇගේ බෙල්ල ඇදයි යනුවෙන් ඒ අදහස පැවසුවේ එවිටවත් ඇය ඔහු සමග තරහට හෝ කතාකරයි කියා සිතාය.ඔහු සිතුවා නිවැරැදියි .ඇය තරහෙන් කමෙන්ට් කරයි..කමෙන්ට් කිරිල්ල ටිකක් දුර දිග ගියා.ඒ අවස්තාවෙන් ප්‍රයෝජන ගත් ධනූ මුහුනු පොතෙන්ම පනිවිඩයක් යැව්වා ඔහුගේ මිතුරු ඇරයුම පිලිගන්නා ලෙස ආයාචනා කරමින්..ඇය ඔහු දුටු නිසාත්,ආදිගේ යහලුවෙක් නිසාත් ඔහුගේ මිතුරු ඇරයුම පිලිගන්නා ලදි .
##################################මාස ගනන් ගෙවී ගියා.ධනූ රසදි සමග බොහෝ කුලුපගු විය.ඔහුගේ ඒක පාර්ශ්ව ආදරය ගැන කිසිදු දෙයක් නොදත් රෂී ඔහුට තම සහෝදරයෙකු සේ සලකන්නට විය.ඇය බසයක් එනතුරු බස් නැවතුම් පලේ සිටිනු දුටු ධනූ ඇය අසලටම පැමිනියේ ඔහුගේ ආදරය ඇයට ප්‍රකාශ කිරීමටයි.ආදිගේ ත්‍රීවිලයට නැග ගත් ඇය ඔවුන් දෙදෙනාම කෝපි ශොප් එකකට පිය නැග්ගේ ආදිගේ උපන්දිනය නිසාවෙනි.එහෙත් ආදි මද වේලාවකින් හදිසියේ පැමිනි දුරකථන ඇමතුම නිසා යලි පිටව ගියේ කලින්ම සියල්ල සැලසුම් කරගත් නිසාවෙනි.රශිදියි දනුයි තනිවිය.

"මල්ලී දැන් කොහොමද ඔයාගේ ඉගෙනීම් වැඩ.ප්‍රයිවට් ප්‍රැක්ටිස් එහෙම යනවා නේද.කවද්ද අව්ට් වෙන්නේ"

😢😢අනේ මට මල්ලි කියන්න එපා අෆ්ෆා.මම ඔයාට හැමදාම කියනවානේ.ඒත් ඇය මල්ලි කියාමයි ඔහුට ආමන්ත්‍රණය කරේ.ඇයගේ හදවතේ ධනූ ගැන සැබවින්ම ඇත්තේ සහෝදර සෙනෙහසකි...

   රෂී මට දෙයක් කියන්න ඕනි ...

හ්ම්ම් මොකක්ද කියන්නකෝ ඉතින් මල්ලෝ...

ඇය දුරකථනය දෙස බලා ඔහුට පැවසිය.

මාත් එක්ක තරහ වෙන්න ඔට්ටු නෑ හොදේ.රෂී...මම ඔයා දැකපු මොහොතේ ඉදන් ඔයාට ගොඩක් ආදරේ කරනවා.ඔයාව මම මගේ කරගන්න කැමතියි.ඔයා එදා පොසොන් පෝය දවසේ මගේ ජීවිතයට ආවේ පහන් තරුවක් වගේ සුදු මැනික.💗😘💗 ..

  රශී බිබී හිටපු පේන්න බැරිය කොල කෑලි වල තම දුරකථන අංකය ලියා නෙතට රස කැන්දන සොදුරු ලලනාවන්ට එය ලබාදී පෙම් හසරැල් නගන්නට ආදි බොහෝ දස්කම් කියයි.පැනියා😀😀 යන අන්වර්ත නාමයෙන් ඔහුව අමතනු ලබන්නේද එනිසාවෙනි.ඔහු සැමවිටම ධනුෂ්කට නෝක්කාඩු කරන්නේ එනිසාය.මිනිස්සු අතරින් පතරින් ඇවිත් නාට්‍ය පේන මානයට ආවේ ආදිගේ උසුලු විසුලු මැද්දේය.ඒ අතර සොදුරු ලලනාවන්ද විය.

  "යකෝ හැල වදුරෝ..🐵🐵🐵🐵බලපිය ඇස් ඇරලා ටිකක්.කොච්චර ලස්සන දිවයාන්ගනාවන්ද  බං මේ ඉන්නේ.අදවත් බෝ පැලේ වගේ නොඉද එකියක් දාගනින් යකෝ..මෙතන තෝ මාවම කන්න ඉන්නේ නැතුව😉😉😉"

  ආදි එසේ කිව්වේද ඇය ලග සිටින යුවතියට ඇසකින් ඉගිමරමිනි.ආදි නාට්‍ය බලනවාට වඩා කරන්නේ ගැහැනු ලමුන් දෙස බැලීමයි.ආදිගේ වාසනාවට අද රුවැති කෙල්ලන් දෙදෙනෙකුම ආදිගේ අසලින්ම සිටියි.ආදිට ඉතින් රජ මගුල් කිව්වලු 😊😊😊.ආදිට වඩා විසයක් ඒ කෙල්ලෝ දෙන්නට ඇති බව දුටු ධනුෂ්කට ඊට වඩා හිනා ..දී කිරට බලලුත් සාක්ශි කිව්වා කියන්නේ කට කහනවට නොවැ..😂😂😂😂ධනුෂ්ක තමාට තනියම කොදුර ගත්තේ ආදිගේ රැගුම් මේ වේදිකා නාට්‍යයේ ජවනිකාවන්ටත් වඩා සොදුරු නිසාවෙනි.ධනුෂ්ක රග දෙන නලු නිලියන්ගේ දස්කම් ගැන පැහැදීමෙන් සිටියේය.ඒ නිසාවෙන් බෙහෙවින් උනන්දුවෙන් නාට්‍ය නැරඹුවේ අනුලෝම  ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරමිනි.ධනුෂ්කගේ දෑසට එක්වරම හමුවූ ඒ රුව දුටු පමණින් ඔහුගේ හද ගැස්මද නතරවිය.හදවත වීනා වාදනය කරනවා සේ චමත්කාර හැගුම් සමුදායකින් ධනූගේ හිත ආලකමන්දාවක් විය.😳😍මීට පෙර කෙදිනකවත් ඔහුට මෙලෙස වූයේ නැත.සුදෝ සුදු දිගු ගව්මකින් සැරසී දිගු කොණ්ඩය කරලට ගොතා ඉදිරියට දමා ඇති ඇය කවුරුන් විය හැකිද??මා සැමදා සෙව්වේ මෙවැනි රුවක් නොවේද,,ධනූ තම හදවතත් එක්කම තර්ක් කරන්නට විය.

කොච්චර ලස්සනද මේ ගැහැනු ලමයා..මේ තරම් චාම් අහිංසක ඉටි රුවක් මම ජීවිතේටම දැකලා නෑ.අනේ හරියට සමනල්ලු පියාබනවා මගේ හදවතේ 😍😍හදවතේ ඇතිවන නැවුම් හැගුම් සමුදායෙන් ධනූගේ හදවත කිති කැවෙන්නට විය.

   ළග හිටපු ආදිගේ අත හයියෙන් කිනිත්තුවේ ධනූ ඉවක් බවකින් තොරවයි.ආදි කටවහන් හිටියේ  මූට එක පාරම හැදිච්ච කුලප්පුව කියලා හිතින් බනිමිනි..😠😠

"මොකක්ද යකෝ තොට වෙලා තියෙන්නේ😬ආදි අර කෙල්ලෝ දෙදෙනාටම නොඇසෙන සේ ධනුෂ්කගේ කනට කොදුරා කිව්වත් ධනූ මනෝ ලෝකයේ පාවෙනවා විනා ඔහුට කිසි දෙයක් ඇසෙන්නේ දැනෙන්නේ නැත.ආදි වැරෙන් ඔහුගේ කකුල පෑගුවේ මූට වෙච්ච දේ මොකක්ද කියලා සහසුද්දයෙන්ම දැනගන්න ඕනි නිසයි .චොකලට් මිල්ක්ශේක් එක එහෙන්ම ඇගේ උගුරේ හිරවිය.එය ගිනි වතුර ජාලාවක් වගේ කියා රෂීට සිතුනි...

මොකක්... මල්..ලා ඔ..යාට පි..ස්සු..ද?? ඇයට කතාකරගැනිමටද නොහැකිය.ඇය ඒ තරම් අන්දුන් කුන්දුන් විය.මම ඔයාට මල්ලියෙක් වගේ සැලකුවේ දරුවෝ..😢😢ඇයි ඔයා වැරදියට තේරුම් ගත්තේ මේ හැමදෙයක්ම. .

   ඇයගේ දෙනෙත් කදුලින් පිරී අවසන්😢😢ආයේ මගේ මූනවත් බලන්න එපා.ඔයා මගෙ උපන්දිනයට තෑගි දෙද්දි අපර්නා මට ඕක කිව්වා.ඒත් මම විශ්වාස කරේ නෑ.හැමදාම මම ඔයාව මගේ සහෝදරයෙක් කියලා හිතුවේ ධනුෂ්ක මල්ලී.ආයේ ඔයා මගේ ඉස්සරහට එන්න එපා.මම යනවා.ඇය මුල්ම වතාවට ධනූගේ නමින් ඔහුව ඇමතුවේ දුකත් සමග මුසුවී ඇති කෝපයෙනි .

රෂි නවතින්න.ඔයා තනියම යන්න එපා සුදු එපා.ඔහොම ඉන්න.අදත් අර දාමරිකයන් මග රැකැන් ඉදියි.

රශී ඔහුගේ හඩට අවනත වූයේ නැත.ඇය දෑසේ කදුලු පුරවන් අසිහියෙන් පාරේ ඇවිද ගියෙ හදට දැනුනු සැබෑ අනුකම්පාව නිසාය.

    ධනූ ආදිට දුරකථන ඇමතුම් ගත්තත් ඔහු දුරකතනය ක්‍රියා විරහිත කරගෙනයි.රශීට කොයිතරම් ඇමතුම් ගත්තත් ඇය එයට සම්බන්ධ වූයේ නැත.ඔහුට රසදි ගැන බයයි.අර චන්ඩියෝ ටික  මගේ කෙල්ලට කරදරයක් කරලද දන්නේ නෑ දෙයියනේ.මගේ සුදු මැනිකව ආරක්ෂා කරන්න කියා සිතින් පැතුවේ බියෙනි.ලහිරු ප්‍රමුක මැර කන්ඩායම දවස් ගනනක් ඇය පසුපස ලුහුබැද ඇයව සින්නක්කරේටම ලහිරුගේ ජීවිතේ ලග වහලියක් කිරිමට මාන බලමින් ප්‍රයත්න දැරූහ.එහෙත් ආදිත් ,දනුත් ඇයට නිරතුරුවම රැකවරණය ලබාදුන් නිසා ඔවුන්ගේ ඉලක්කය සැමදා පැරදුනි.ධනූ ඇයට ආදරය කරේ ඇය බෑ කිව්වත් දාලා යන්නවත් මැරයෙක් ලවා ඇයගේ පතිවත කෙලෙසීමටත් නොවේ.දිවි පරදුවට තබා ආදරය කරේ අවංකමයි.ඔහු යහලුවෙකුගෙන් යතුරු පැදියක් ඉල්ලාගෙන රෂී සොයා යන්නට පිටත්ව ගියේ ඇගේ ජීවිතය ගැන ඇති වූ බිය නිසාය.

   රශී ඇඩූ කදුලින් යද්දි ඇය පාර දෙපස සිටින ළහිරු ප්‍රමුඛ මැරපිරිස දුටු සැනින් එතනම ගල් ගැසුනි.අනේ බුදුහාමුදුරුවනේ මාව ආරක්ෂා කරන්න..රශීට බුදු පිහිට ඉල්ලීම මිස අන් කිසිවක් කිරීමට නොහැකි විය.ඇයට ඇගේ ජීවිතේ අවසාන හෝරා කිහිපය මෙය වේ දෝ කියා හීල්ලුවේ ගෙදර මතක් වෙලායි.ඇය ක්ෂණයෙන් දුරකථනය අතට ගෙන ආදිට ඇමතුමක් ගත්තාය.එහෙත් ඇගේ කරුමෙට එය අක්‍රිය විය.ධනූට ඇමතුම ගන්නට සිතුනත් එය නිරායාසයෙන්ම යටපත් කරගත්තේ නිතැතිනි.එක්වරම ලහිරු ඇය වෙත පැමින ඇගේ හිසේ සිට පාදාන්තය දක්වා බලමින් ඔහු ඇයව සිතින්ම කෙලෙසන්නට විය.ඇගේ අත ඇල්ලූ ලහිරු ඇගේ දෙස බැලූ බැල්ම රාගිකයි.ඇයට දැනුනේ සර්පයෙක් තම ඇගේ එතී යනවා වගේ පිලිකුලකි...

"ආ අද සුදු මැනිකෙගේ ආරක්ෂකයෝ කෝ.අද ඔයා මගෙන් බේරෙනවා බොරු.ඒ බලහල්ලොකෝ මේකිගේ ෆිගර් එක.පට්ට නේද බං.ඔහුගේ දුම් වැටියෙන් එන දුම් වායුව කෙල්ලගේ මුහුනට මුදාහරින ගමන් ඔහු පැවසුවේ අද ඔහු ජයග්‍රහණය කරස් යන හැගීමෙනි.රශිනිගේ හිතට ආපු කේන්තියට ඇගේ සිනිදු අතෙන් ලහිරුට කම්මුලට චරාස් ගාලා කම්මුල්  පාරක් ගැසුවේ මූව මරාගෙන මාත් මැරෙනවා  කියලා හිතාගෙනයි..

  තෝ...තෝ පරට්ටි මගේ ලේ හෙල්ලුවද යකෝ ආ ගෑනියේ.තෝ දන්නවද තෝ මේ කාටද අත ඉස්සුවේ කියලා .ලහිරු කෝපාන්විතව රසදිව ඔහු ලගට ඇද ගත්තේ හීයක් බදු වේගයෙනි.ඇයගේ සුදු මුහුන සිප ගත්තේ ඇයගේ මුහුනද තුවාල කරමිනි.ඔහුගේ දරදඩු අත් වලට හසුවුනු රසදි අහිංසක මුවදනක් මෙන් ඔහුගෙන් බේරෙන්නට ඔහු සමග පොර බදින්නට වූයේ ඇගේ තිබෙන සියලු ශක්තියද එක්තැන්කොටය.එහෙත් ඔහු දෝතින්ම ඇයව තුරුලු කරගත්තේ ලහිරුගේ රාගික සිතුවිලි සමග මුසුවුනු කෝපයත් සමගයි.ඒ මොහොතේ එතැනට පැමිනි ධනුෂ්ක මැරයන් එකින් එකාට පහර දුන්නේ රශීව බේරාගතයුතු නිසාය.එහෙත් මැරයන් සමග ගැටීමට තරම් ශක්තියක් ධනුෂ්කට නොමැත.ඔහු ලේ විලක් මැද අවසානයේ සිහසුන්ව ඇද වැටුනේ  රසදිගේ හදවත කම්පා කරමිනි.

"තොපිට මාව නේද ඕනේ..මේ අහිංසකයට යන්න දීපල්ලා යකුනේ..තොපි පිරිමි 20ක් විතර එක කොල්ලෙක්ට ගහන්න ළැජ්ජ නැද්ද තොපිට.තොපි පිරිමිද.තොපේ චන්ඩිකම් දාපිය බොල මහ පාරට...තූ විතරක් අසමජ්ජාතින් ...

   ඇයගේ සිතේ තිබූ තරහ ඇය එලෙස පිට කරද්දි මදාවි ලහිරු ඇගේ බ්ලව්සය ඉරන්නට ගත්තේ ඇයගේ සියුම් පහස විදීමටයි.ඇය මහ හයියෙන් ධනූ කියලා කෑගැහුවේ තමාගෙ එකම පිහිටි ඔහු නිසාවෙනි.දනූට ඒ හඩ ඇහුනේ සිහියෙන් වගේ.දනූ හිස ඔසවා බලද්දි දුටු දසුනෙන් ඇග කිලිපොලාගෙන ගියේය.ඔහුට කිසිදු දෙයක් කරගත නොමැති වූ කල ඔහු ලග සිටි මැරයගේ අතේ තිබුනු පිස්තෝලයකින් ලහිරුට වෙඩි තියාගෙන ගියේ රසදිව රැකගැනීමටයි.ඒ මොහොතෙහිම ආදි ප්‍රමුඛ පොලීසිය එතැනටම පැමිනිමත් සමග සියල්ල නිමාවට පත්විය.රෝස කැකුල බේරුනි.එහෙත් ලහිරුගේ සගයෙක් කැලෑවේ සැගවී මේ සියල්ල දෙස බලා සිටියෙ රසදිව විනාස කිරීමට සිතාගෙනයි..මැරයන් රැගෙන පොලීසිය ගිය අතර මැර ලහිරු ජීවිතක්ෂයට පත්විය.එය පොලීසිය විසින් කරපු වෙඩි ප්‍රහාරයකින් බව පොලිස් පොතේ ලියවිය.ධනූගේ ටීසර්ටය ගලවා රශීට එය ඇන්දවූයේ ඇගේ බ්ලව්සය රාගිකයා ඉරා දැමූ නිසාය.ඇය හොදටම බිය වී අඩන්නට විය."අපි බෙහෙත් ටිකක් දාගෙන ගෙදර යමු මැනික.බයවෙන්න එපා .ඔයාට මුකුත් වෙන්නේ නෑ.."ඒ වදන් රසදිට විශ්වාසවන්තයි.ඔවුන් සියල්ලම ත්‍රීවිලයට තිබෙන තැනට යන අතරතුර ලහිරුගේ සගයා ජිප් රියකින් පැමින රශීව හප්පන්නට සැලසුම් කරහ.ඒ වෙද්දි රශී දුරකථන ඇමතුමකින් අපර්නාට විස්තර කියමින් සිටියේ ඇඩූ කදුලිනි.ඇය දෙසට පැමිනෙන කලු ජිප් රිය දුටු ඔහු ඇයව පසෙකට තල්ලු කරේ ඔහුගේ ජීවිතය ගැනද නොසිතාය.ඇයගේ හිස ගලෙක වැදී තුවාල වූ අතර එයින් ඇය සිහසුන් විය.එම රිය අනතුරින් දනූ සදාකාලිකව ආබාධිතයෙකු විය.

  රශී වන මම අදටත් ඔහුට සිදුවුනු වියෝවෙන් ජීවිතේ වන්දි ගෙවමි.අහිංසක අම්මා කෙනෙකුගේ ජීවිතය බදු වූ ආදරණීය පුතනුවන් සදාකාලිකවම ආබාධිතයෙකු වීම නිම් හිම් නැති දුකක් ගෙනෙන්නට විය.ධනූගේ ආදරය කුමක්ද කියා මස් හදුනාගත්තත් මා ඔහුට දායාද කරේ සහෝදර ප්‍රේමයක් විනා අන් ප්‍රේමයක් නොව.මා සැමදා පෙම් කරේ මහේෂ් දිසාසේකරටයි.ඒ සෑම දෙයම දනූ දැන සිටියත් ඇයි මට මෙසේ දිවි පරදුවට තියා පෙම් කරේ කියන ප්‍රශ්නය මට අදටත් ප්‍රෙහේලිකාවකි .අදටත් මායි මගේ ආදරනීය පෙම්වතා දනූ බැලීමට මාස් පතා ඔහුගේ නිවසට යයි.මහේෂ් මේ සියලු සිදුවීම් දනියි.එය මට අස්වැසිල්ලකි .ඔහු  ධනුෂ්ක සමරදිවාකරට සහෝදරයෙකු ලෙස ආදරය කරයි.ඔහුගෙයි මෑනියන්ගෙයි සුවදුක් විමසා බලා දනූව මාස් පතා විශේෂය්‍ය වෛද්‍යවරයකුට පෙන්වීමටද මහේශ් අමතක නොකරේය.අපි දෙදෙනාම දනූගේ ජීවිතයෙ සැමදෙයකටම දැන් නිබදව ඔවුන් ලග සිටියි .විටෙක ධනූ කවුරුත් නොමැති තැන පවසන දෙය මගේ හදවත  සසල කරයි..

"සුදු මැනික,,ආදරෙයි රත්තරන් මම තවම ඔයාට.මේ ආත්මේ ඔයාව මට හිමි නැති වුනත් කමක් නෑ.ලබන ආත්මේ වත් මගේ වෙන්න සුදූ.ආදරෙයි ගොඩක් "

ඔහුගේ මේ සදාදරණීය අහිංසක පැතුම අබියස මගේ සිත නිරතුරුව නිහඩ වන්නේ මන්දැයි මට තවම තේරුම් ගත නොහැක....

  ධනූ....සමාව අයදිමි මම ඔබෙන්..ඔබේ ආදරය අකුරු කරන්නට මට නොහැකිය.වසර දෙකක් ගතවන පොසොන් සැදෑවක ඔබේ ඒකපාර්ශ්වික ආදරය ගැන ගොතන්නට මගේ හිත් මඩල කවියක් වුනේ මේ සියලු සිදුවීම් දාමය වී දෑ අවුරුද්දක් ගතවන නිසාය.

සමාප්තයි...

ලියන්නේ s jayshani shyami

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment