#අහස්_ගැබ
කෙහෙද මනුස්සයො යන්නෙ. උඩ බලාගෙනද මන්දා පාරෙ යන්නෙ. ශිට් තව පොඩ්ඩෙන් මං කාණුව අැතුලෙ. පිස්සෙක්...
අනේ sorry මැඩම්. අැත්තටම දැක්කෙ නෑ මැඩම් එනවා කියලා.
හා හා දැන්වත් බලාගෙන පාරෙ යනවා. ඔහොම ගියොත් යන ගමන නෙවෙයි යන්න වෙන්නෙ..............
මං පහන් ඉඳුවර රාමනායක. රාමනායක ඩ්‍රෙසස් company එකේ විශ්වනාත් රාමනායකගෙ එකම පුතා. දඟකාර ජීවිතයක් ගත කරපු මං තාත්තිගෙ Company එකේ වැඩට ගියේ අැත්තටම කිව්වොත් තාත්තිගෙ බලපෑම හින්දමයි. අහ් එක දෙයක් මට කියන්න අමතක වුනා. තාත්තිගෙ company එක උනත් මං එතනට සාමාන්‍ය සේවකයෙක් විතරයි. කිසිම කෙනෙක් දන්නෑ මං companiye බොස්ගෙ පුතා කියලා.
අද තමයි මං වැඩට යන පළවෙනි දවස. තාත්ති එක්ක car එකේ ටික දුරක් අැවිත් මං මගින් බැස්සෙ බස් එකේ යන්න හිතාගෙන. එතකොට කාටවත් සැක හිතෙන්නෙ නෑනෙ. 😚😚😚
ඒ යද්ද රෙදි කඩේක තිබ්බ ලස්සන අැඳුමක් දිහා බලන් යන්න ගිහින් තමා උදේ පාන්දරම බැනුම් අහන්න වුනේ වට්ටි මදර් කෙනෙක්ගෙන්.
ශිකේ...වස නෝන්ඩිය😂😂
සාමාන්‍ය සේවකයෙක් විදියට මං ගියත් මට හම්බුනේ එන ටාගට් චෙක් කරලා යවන්න. මං හොඳට ඉගෙනගෙන තියෙනවා කියලා තමා මට ඒ තනතුර දුන්නෙ.😉
ඉතිං ඔහොම දවස් දෙකක් වගේ වැඩට යද්දි මං වැඩ කර කර ඉන්නකොට කවුද මන්දා කෙල්ලෙක් අැවිත් කොලයක් දීලා කිව්වෙ අද හවස් වෙද්දි මේ ටික ඕනෙ කියලා. කටහඬේ හුරුපුරුදු බවක් දැනිච්ච නිසාම මං ක්ෂණික පටස් කියලා ඉක්මනටම මූණ දිහා බැලුවා. මං බලද්දිම ඒ මූණත් මං දිහා බැලුවෙ.
හුටා මේ එදා මං නෝන්ඩි වෙච්ච කෙල්ල නේද. දෙයියනේ මේකිත් මේකෙද වැඩ කරන්නෙ. ශිකේ...මල බයිට් මං😒😒 මදැයි...
ඔ ඔයා මේකෙද වැඩ කරන්නෙ.
ඔව් මං අලුතෙන් අාවෙ මිස් පෙරේදා.
හ්ම්ම් ඒක තමා අලුත් කෙනෙක් කියලා මට හිතුනා.
මිස් එදා කිව්වනෙ ඔහොම ගියොත් යන තැනටවත් යන්න වෙන්නෑ කියලා. ඉතිං මං මිස් පස්සෙන් අැවිත් මෙතන job එකක් හොයා ගත්තා. ☺
මං ඒක කිව්වෙ කිණ්ඩියට වගේ.
හා හා ඒකවත් හොඳයි. ඔයාගෙ නම මොකද්ද
හැ යකූ මේකි මගෙන් නම අහන්නෙ හරිනම් මමනෙ අහන්න ඕනි.
මං පහන්. මිස්ගෙ නම මොකද්ද?
මං පහන්දි.
හුටා මේකිගෙ නමත් මගෙ වගේමයි.
මගෙ නම වගේමයි නේද මිස්.
ඔව් ඔව් දෙකම එක වගේ තමා. හා හා පස්සෙ කතා කරමු. බොස් දැක්කොත් එහෙම මටයි බැනුම්.
හා මිස්
............................................
ඔය විදියට මාසයක් විතර යද්දි මට පහන්දි ගැන අමුතු හැඟීමක් දැනෙන්න පටන් අරගෙන. කොච්චර දඟකාර ජීවිතයක් ගතකරත් මං මීට කලින් අාදරවන්තයෙක් නෙවෙයි. ඒ හින්දා ඒ දැනෙන්නෙ අාදරේද කියන එක මට දැවෙන පස්නයක් වුනා. ටිකෙන් ටික කතා කරපු අපි දැන් හොඳම යාලුවො.. දවස තිස්සෙම වගේ අපි ඉන්නෙ එකටමයි. 😚😚
පහන්දි මිස්
අැයි පහන්
මේ strock එක check කලේ කව්ද කලින්. මෙතන 500ක වෙනසක් තියෙයි. ඒ කියන්නෙ ගාන වෙනවා 15000ක්.
ඔතන කලින් වැඩ කලේ නිමල්. මිනිහට ඩෙංගු හැදිලා හින්දා අපි ඔයාව තාවකාලිකව ඔතනට දැම්මෙ. ඔයාට හොඳටම ශුවර්ද පහන් දැන් ඔයා කියපු දේ ගැන.
ඔව් මිස්. මට කලින් ඒවගෙ documents ටික check කරන්න පුලුවන්ද?
හරි මං ගෙනත් දෙන්නම්.. විනාඩියක් දෙන්න පහන් මට.
හරි මිස්.
පහන් මේ තියෙන්නෙ මේ strock එකේ documents මුල ඉදන්ම. අපි ඕක පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ මුල. ඔක්කොම details මෙතන තියෙනවා.
හරි මිස්ට පුලුවන්නම් මට මේ ටික check කරන්න උදව් කරනවද?
හරි පහන් අපි අතන ඉදන් check කරමු. නොකිව්යට මටත් ඔය මිනිහා ගැන හරිම සැකයි.
මේ බලන්න මිස්. පළවෙනි මාසෙම 30ක් අඩුයි. දෙවෙනි මාසෙ 35යි. තුන්වෙන් මාසෙ 25යි.............මේ මාසෙට 500ක්. දෙවියනේ.... ඔක්කොටම ගත්තොත් ලක්ෂ 60ක විතර පාඩුවක් company එකට. මේ මිනිහව මරන්න වටින්නෙ මට එන කේන්තියට.
ඔව් පහන් මටත් හරිම කේන්තියි. අපි කොහොමච මේ ගැන බොස්ට කියන්නෙ. නිමල් කියන්නෙ මේ company එකේ අවු.25ක සේවකයෙක්. බොස් අපිව විශ්වාස කරයිද?
ඒ ගැන ඔයා හිතන්නෙපා. මං බලාගන්නම් පහන්දි. මං දැන් යනවා. මං එන්න ඕන උනාම ඔයාට call කරන්නම්. ඔයා එතකොට office එකට එන්න.
පහන්ටනම් මාර මොලයක් තමා තියන්නෙ. අාවා විතරයි ඔක්කොම හොයා ගත්තා. ඒ මදිවට මිස් මිස් කියපු කෙනා මට කෙලින්ම පහන්දිලු, මූව මරන්න හිතෙනවා. ගොන්නාම්බා😠😡😡
ශුවර් එකටම පහන්ට හොඳ post එකක් හම්බෙයි. එතකොට මාව අමතක වෙයි😒😒
මගෙ හැඟීම්වත් මේ ගොනාට දැනෙන්නෑනෙහ්...
අහ් පහන් නේද call කරන්නෙ..
හෙලෝ පහන්
හෙලෝ පහන්දි ඉක්මනට office එකට එන්න.
හරි මං එන්නම්...
...................................................
අහ් පහන්දි එන්න.
මේ ඉන්නෙ පහන්දි මෙයා තමා මට උදව් කලේ මේ ගැන හොයන්න.
ගොඩාක් හොඳයි ඔය ළමයා අපේ පුතා එක්ක කරපු වැඩේ.. Welldone පහන්දි දුව.
හෑ මේ මොකද්ද යකූ මේ කියන කතාවෙ තේරුම. අපේ පුතා?.පහන්දි දුව?
හරි හරි අන්දුන්කුන්දුන් වෙන්න දෙයක් නෑ මේ ඉන්නෙ මගෙ තාත්තා. විශ්වනාත් රාමනායක. එතකොට මං පහන් රාමනායක.
දෙවියනේ..මේ අපේ බොස්ගෙ පුතාද.?
ඒක නෙවෙයි පහන්දි මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.
මොකද්ද පහන් සර්.
ඒ කොහෙන්ද සර් කෑල්ලක් අාවෙ අහ්. මේකයි පහන්දි මං හිතන්නෙ මං ඔයාට අාදරේ කරනවා. තාත්තනම් ලේලිට එකපයින් කැමතියි. දැන් ඕනෙ මගෙ නෝනගෙ කැමැත්ත විතරයි.
මාත් ඔයාට අාදරේ කරනවා පහන්.
මං දන්නවා කෙල්ලෙ ඒක. හරි හරි දැන් තියෙන්නෙ අපිට ඉක්මනට marry කරන්න නෙහ්....මං එහෙම කිව්වෙ පහන්දිව තුරුලට ගන්න ගමන්😘😘
කතෘ -: සිතූ
උපුටා ගැනීමකි
No comments:
Post a Comment