#සමාවෙන්න_මට_රත්තරං
රණබාහු මුදියන්සේලාගේ සිහින රන්දුනු රාජපක්ෂ වන ඔබ තේජනා හිරුන්දි ගජධීර වන මැයව අද සිට ඔබේ භාර්යාව ලෙස පිලිගන්නවාද ?
රෙජිස්ට්‍රාර් මැඩම් සිහින දිහා බලල එහෙම අහනකොට වෙන කල්පනාවක ඉඳපු සිහින එකපාරටම කලබල වුනා .
නෑ... නෑ... මේ කසාදෙට මං පොඩ්ඩක්වත් කැමති නෑ. මට මේ කසාදෙ ඕන නෑ.... එපා....
සිහින එහෙම කියල එතන තිබුන වතුර වීදුරුවක් අරන් බිත්තියෙ ගැහුවා . සැවොම බිරාන්ත වෙලා සිහිනගෙ මේ ක්‍රියාකලාපය දිහා බලන් හිටියෙ . ඔක්කොටම වඩා මේ අදහගන්න බැරිවුනේ තේජාට. අගේ ඇසට කඳුළු පිරුනෙ ඇයත් නොදැනිම. ඇය එකවරම සිහිනව ඇදගෙන කන්තෝරැවෙන් එලියට ආවා.
සිහින.. මොකක්ද මහත්තයො ඔයාට වෙලා තියෙන්නෙ ?
ඇය එහෙම ඇහුවෙ සිහිනගෙ මූන දෝතට අරගෙන.
ඇයි.. ඇයි කියලද අහන්නෙ... මට මුකුත් වෙලා නෑ. තමුසෙව බැන්දොත් මොනවහරි වෙන නිසා තමයි මේක නවත්තමුයි කියන්නෙ. ප්ලීස් වදින්නම්. මාව අතාරිනව...
සිහින එහෙම කිව්වම තේජනාගෙ හිසට විදුලියක් කෙටුව වගේ වුනා. සිහිනව අල්ලන් ඉඳපු ඇයට නිකන්ම ඔහුව අතහැරුනා.
මොනවද සිහින ඔයා කිව්වෙ...
ඔව් ඔව්.. තමුසෙට ඇහිච්ච එක හරි. මට බෑ තමුසෙව බඳින්න.
ප්ලීස් අතාරිනව මාව. මං තමුසෙට ලව් කලේ මගෙ ටයිම් පාස් කරගගන්න. නැතුව තමුසෙව අපේ ගෙදරට කැන්දන් යන්න හිතන් නෙවි. මං හැමදාටම ආදරේ කලේ නිශි ට විතරයි. තමුසෙ තමයි මේ සේරම කෑවෙ. තමුසෙගෙ තාත්ත අපේ ගෙදර ඇවිත් තමුසෙයි මායි අතර සම්භන්ධයක් තියෙනව කිව්වම අපේ ඩැඩීත් තමුසෙව මට බන්දන්න හැදුවනෙ. ශිට්. මෝඩ මිනිස්සු. මට ගැලපෙන්නෙ නිශි විතරයි. නැතුව මේ හද්ද ගොඩේ තමුසෙ නෙවෙයි.
ඔයාට දැංද මහත්තයො මාව ගොඩේ කියල පෙනුනෙ. ඇයි ඉතිං මේ ගොඩේ කෙල්ලට අරතරම් ආදරයක් දුන්නෙ. ආ.. මට මෙච්චර අනාගතේ ගැන හීන පෙන්නුවෙ බොරුවටද මහත්තයො.....මෙච්චර කල් කලේ රඟපෑමක්ද....
ඇය ඇසුවේ ඔහුගේ කෝට් එකෙන් අල්ලා සොලවමිනි.
ඔව් ඔව් ඔව්.... තමුසෙට සිංහල තේරෙනවනෙ. තමුසෙව මං සෙට් කරගත්තෙ ජොලියට. තමුසෙගෙ තාත්ත එදා අපේ ගෙදර නාවනම් මේ ප්‍රශ්න මුකුත් නෑ. එහෙනම් මං තමුසෙව මගෙ ජීවිතෙන් විසික් කරල ගොඩක් කල්. මගෙ ඩැඩීගෙ හිත රිද්දන්න බැරි නිසයි මං මෙච්චර කල් ඉවසුවෙ. ඒත් දැං ඒ සේරම ඉවරයි... දැං වත් මගෙ ජීවිතෙන් ඈත් වෙනව....
සිහින අහක බලාගෙන එහෙම කීවේ හීතේ කිසි තෙතමනයක් නොමැත්තෙකු සේය.....
---------======-----------
මේ සියල්ල එතෙක් වෙලා බලා සිටි සිහිනගේ පියා එතනට පැමිණියේ යක්ෂාවේශවය.
චටාස්..... එකෙනෙහිම ඔහුගේ අත සිහිනගේ කම්මුලේ වැරෙන් පතිත විය.
උඹව මම අම්මත් නැතුව මෙච්චරකල් ඉල්ලන හැමදේම දිදී සැපට හැදුවෙ මේ වගේ නොසණ්ඩාල වැඩ කරනව බලන්නද මිනිහෝ....
ඔහු ගිගුරුවේ සිහිනව වැරෙන් අල්ලා සොලවමිනි.
උඹ මේ තාත්තගෙ නම්බුව විනාස කලේ මං මොන වරදක් කලාටද පුතේ. උඹේ අම්ම මේව බලන්න නොහිටි එකමයි හොඳ ?
හිටියනම් ඒ ගෑනි අදයි මැරෙන්නෙ මේව දැකල...
තාත්තෙ ඒත්......
මට තාත්ත කියන්න එපා උඹේ ඔය ජර කටින්. උඹ හිතන් ඉන්නෙ කෙල්ලො කියන්නෙ සෙල්ලම් බඩු කියලද ? ඇයි මෙහෙම ජීවිතත් එක්ක සෙල්ලම් කෙරුවෙ. උඹ මේ දරුවට ආදරේ නැත්තම් ඇයි මෙච්චර රඟපෑවෙ....
ඔහු ගුගුරමින් යලිත් සිහිනට ලහර දීමට සැරසුනි.
එපා මහත්තය...
තේජාගේ පියා ඔහුව නවතාලීය...
මගෙ දරුව මෙතනින් බේරුන එක ලොකු දෙයක්. මේ කසාදෙ කෙරුනනම් මගෙ දූගෙ ජීවිත කාගෙම එයාට දුක්වෙවී ඉන්නයි වෙන්නෙ.....
එසේ කියා ඔහු සිහින දෙසට හැරුනි.
ගොඩක් පිං මහත්තයො මගෙ කෙල්ලගෙ ජීවිතේ බේරුවට. මහත්තය තේරුම් කලා අපිට පෝසතුන්ගෙ හැටි. අපි යන්නන්. මට මයෙ කෙල්ල වැඩි නෑ...
එසේ කියා ඇය අඩ සිහියේ පසු වුන තේජාද වත්තම් කරගෙන විවාහ ලියාපදිංචි කාර්යාල භූමියෙන් නික්ම ගියේ ය.
-----------=======------------
තේජාට සිදුවූ සියල්ල තවමත් සිහිනයක් මෙනි. ඇය හැඬු කඳුලින් ඇයත් ඔහුත් හමුවූ ඒ අතීතයට පියනැගිය .
අංකල් මේ හරියෙ කෝල් එකක් ගන්න තැනක් නැද්ද ? මගෙ ෆෝන් එක ඕෆ් වෙලා...
දිනක තේජාගේ පියාගේ කඩපිලට ගොඩ වූ තරුණයෙක් විමසීය. එ් වෙන කවුරුත් නොව සිහිනයි.
මේ මහත්තය මේ පලාතෙ කෙනෙක් නෙවෙයි මයෙ හිතේ...
තේජාගේ පියා පැවසුවේ සිහින පැමිනි වටිනා මෝටර් රථය දෙස බලමිනි.
නෑ අංකල්. මං කොලඹ. මේ ගමට ආවෙ හොඳ ෆොටෝග්‍රාප්ස් ටිකක් ගන්න කියල හිතාගෙන. මෙහේ ලස්සන පරිසරයක් තියෙනව කියල මට දවසක් යාළුනෙක් කිව්වා. ඉතිං හොඳ සීන් ටිකක් ෆෝකස් කරගන්න කියල හිතාගෙනයි මං ආවෙ.
මට පෝන් චාජර් එක ගේන්න බැරි වුනා. දැං පෝන් එක ඕෆ් වෙලා. අංකල් ගාව පෝන් එකක් තියේ නම් දෙන්න. ලොකු උදව්වක්...
දුවේ....
ඔහු කඩය දෙස බලා කාටදෝ කතා කලා...
එනව අප්පච්චි....
ලස්සන කටහඬක් කඩය දෙසින් ඇසුන. සිහිනට ඒ කටහඬ ඇහුනම හරි අමුතු හැඟිමක් ඇති වුනා .
කඩේ ඇතුලෙ ඉඳන් එලියට ආවෙ කොට චීත්ත ගවුමක් ඇඳල කොන්ඩ කරල් දෙකක් බැඳල ඉඳපු හරිම චාම් කෙල්ලක් . ඇගේ මුහුන හරියට හඳක් වගේ....
සඳට උපමා ඔබයි ලඳුනේ.. මටයි හැඟුනේ ආදරේ
...
සිහිනට ඇයව දැක්කම කවිත් මතක් වෙනවා. හරි අමුතු හැඟීමක් හිතට දැනෙනව.
දුවේ.... උෙඕ පෝන් එක මේ මහත්තයට ඩිංගිත්තකට ගෙනත් දීපං..
ඇය ඉන්පසු නැවතත් කඩය ඇතුලේ නොපෙනී ගියාය.ඇගේ දිගු කොන්ඩ කරල් පිට දිගේ වැටී ඇය දුවනා තාලයටම වැනුනි. ඔහු ඇයගේ එම සුන්දර ගැමි බවට වශී විය.
ආ අයියෙ...?
ඇය සිහින වෙත දිගු කලේ හොඳටම අබලං වූ නොකියා ජංගමදුරකතනයකි.
ඔහු එය ඇගේ අතින් ගත්තේ මුහුන දෙසම බලාගෙනය.
මදක් එහාට ගොස් ඇමතුම රැගෙන පැමිනි සිහින පෝන් එක නැවතත් ඇයට දුන්නේය.
ආං නංගි පෝන් එක. ගොඩක් ස්තුතියි කරපු උදව්වට...
ඔහු කීවේ ඇය දෙසම බලාගෙනය.
සුන්දර සිනහවකින් ඔහුට සංග්‍රහ කල ඇය කිසිත් නොකියාම කඩය තුලට දිව ගියාය .
කඩයෙන් ලැවරියා කා තේ එකක්ද බිව් සිහින කඩේ මාමාටද ස්තුති කර නැවත ඒමට පිටත් විය.
ගෙදරට පැමනියත්ඒ මුහුන සිහිනට අමතක කරන්නටම බැරි විය . නමුත් ඔහු ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන තිබිනි . ඇය එදා දුන් ජංගමදුරකතනයෙන් ඔහු තමාගේ පෝන් එකටද මිස් කෝල් එකක් ගහ ගත්තේය. ඔහු වහාම එම අංකයට ඇමතුමක් ගත්තාය. .
හෙලෝ....
එහා පැත්තෙන් ඇසුනේ ඒ සුන්දර හඬයි....
හෙලෝ.... නංගි මේ.. මං අර දවසක් කඩේට ආවෙ... නංගිගෙන් හදිසි කෝල් එකක් ගන්න මොබයිල් එක ඉල්ල ගත්තෙ.... මතකද මාව...
ආ... මේ ඒ අයියද. ඉන්න අයියෙ මං අප්පච්චිට දෙනකම්.
හෝවි .... හෝව්.... නංගා . පොඩ්ඩක් ඉන්න . අප්පච්චි නෙවි මට ඔයත් එක්කයි ටිකක් කතාකරන්න ඕනෙ.
ඇ.. ඇයි අයියෙ මොනව හරි ප්‍රශ්නයක්ද ?
අනේ නෑ නංගා. ටිකක් ඔයත් එක්ක කතා කඑන්න හිතුන . ඒකයි.. මට එදා නංගගෙන් නමවත් අහගන්න බැරි උනානෙ. ඉතිං මට නම කියන්නකො ඔයාගෙ ?
මං තේජනා.
ඇය බියෙන් මෙන් පැවසුවා ය.
අපෝ කෙල්ලෙ බය වෙන්න එපා. මං පෝන් එකෙන් අතදාලා ඔයාව අරං ගිලින්නෑ...
හික්ස්ස්....
ඒ කතාවට තේජනාටත් හිනා ගියාය .
අන්න ඔහොම ඉන්නකො බට්ටියෙ. මං අමනුස්සයෙක් යැයි බය වෙන්න දරුවෝ...ඔයා නම හරි ලස්සනයිනෙ.... මගෙ නම සිහින...
---------======-----------
ඉතිං මෙහෙම ඇරඹුන සිහිනගෙයි තේජනාගෙයි ආදරය ගොඩක් ශක්තිමත්ව ලියලල ගියේ හරිම ලස්සනට. එ්ත් මෙයාලගෙ අාදරේ ගෙවල්වල අයටනම් තේරෙන්න ඒ තරම් කල් යන්නෑ...
දුව... මට ලඟකදි ඉඳල ඔයාගෙ ලොකු වෙනසක් තේරුනා. ඔයාට මුකුත් ප්‍රශ්නයක්ද..?
ඇයගේ පියා දවසක් ඇහුවෙ කෙල්ලගෙ වෙනස තේරිලා.
න්...නෑ අප්පච්චි . එහෙම මුකුත් නෑ.
කෙල්ල කීවෙ බියපත්ව.
ඔයාට මොනව හරි ප්‍රශ්නයක් නම් ඒක මට හරි අම්මට හරි කියන්න පුතේ. අපිට ඉන්නෙ ඔයා විතරයි . ඉතිං ඔයා කැමති දෙයක් හොයල බලල කරලදෙන එක අපේ යුතුකම.
කෙල්ලටත් හිතුන සිහිනගෙ කාරනාව අප්පච්චිට කියන්න මේක තමයි හොඳම වෙලාව කියල. ඉතිං කෙල්ල හිතට දෛර්ය අරං අප්පච්චිට අකුරක් නෑර සේරම විස්තර කිව්වා .
...................
අපි ඒ ලමයගෙ දෙමාපියොත් එක්ක මේ ගැන කතාකරල බලමුකෝ . දැං ඔයාගෙ කලවයසත් හරි එකේ මෙව්ව පරක්කු කරන එකේ තේරුමක් නෑ..
අප්පච්චි එහෙම කිව්වෙ කෙල්ලගෙ හිසත් අතගාන ගමන්.
මං හෙටම යනව ඒ දරුවගෙ දෙමාපියො හම්බු වෙන්න. බලමුකෝ අපි....
-----------=======------------
ඇය තාත්ත කියපු දේවල් සිහිනට ඇමතුමක් අරං කිව්වෙ උතුරා යන සතුටකින් .සිහිනටත් ඒ ආරංචිය අහල ඊටත් වඩා සතුටින් .
ඩැඩී කැමතිවෙයි සුද්දි. මං කැමති කිසිදෙයක් එයා මට නොදී ඉඳල නෑ මෙච්චර කාලෙකට. ඉතිං ඔයාවත් මට එයා ගෙනත්දෙයි.ආදරෙයි මැණික ඔයාට මහ ගොඩක් .පොරොන්දු වෙන්න වස්තු දාලා යන්නෙ නෑ කවදාවත් මාව.
ආදරෙයි සුදු මහත්තයො මාත් ගොඩක්. මැරෙනකම් ලඟින් ඉන්නම්
------======-------
ඔවුන්ගෙ විවාහයට ගෙවල් දෙකේම කැමැත්ත හිමිවිය . වැඩිහිටියන් නැකත් බලා විවාහ ගිවිසගැනීමට දින කතිකා කරගත්හ.
නමුත් සිහින විවාහගිවිස ගන්නා දිනයේ සියල්ලන්ගේම බලාපොරොත්තු බිඳ දමමින් තමා මෙම විවාහයට අකමැති බව පැවසීය.
දැං එම සිද්ධිය වී මාස දෙකකුත් ගෙවී ගියත් තේජනාට සිහිනව අමතක කිරිමට නොහැකිව ඇඬු කඳුලින් කාලය ගත කරයි.
සිහින අයිය මට බොරුවට ආදරේ කලත් ඒ ආදරේ මට මහමෙරක් තරම් දැනුන. එයාගෙ බොරු ආදරේ මේ තරම් ලස්සන නම් ඇත්ත ආදරේ කොයි තරම් ලස්සන ඇද්ද . නිශි ගොඩක් වාසනාවන්ත ඇති ඒ ආදරේ ලබන්න.
ඇය එහෙම හිතමින් සිහිනගෙ මතකයන් සමග කාලය ගත කලා. දිනක් ඇයව සොයා පැමිනියෙ සිහිනගෙ තාත්ත.
තාත්තෙ.... මගෙ සිහින හොඳින් ඉන්නවද. එයා නිශිත් එක්ක දැං සතුටින් ඇතිනේද ?
ඇය එහෙම ඇහුවෙ කඳුළු පුරවගෙන. මුකුත් නොකියපු තාත්ත ඇයට ලියුමක් දුන්න.
මේකෙ ඔයාගෙ හැම ප්‍රශ්නෙකටම උත්තර තියෙනව දුවේ.
ඔහු එහෙම කිව්වෙ ඇස්දෙකෙන් වැටෙන කඳුළු උපැස් යුගල අතරින් ඇඟිල්ල දමා පිස දමමින් .
ඇය ගැහෙන දෑතින් යුතුව ලියුම විවර කලා. සිහිනගෙ අත් අකුරු වලින් එ් මුළු පිටුවම පිරිල.
ආදරනීය සුදු නංගි වෙත,
රත්තරං මට සමාවෙන්න මැණික . මං ඔයාට එදා කතාකරරපු විදියට. ඒ හැම වචනයක්ම මං කිව්වෙ මට වෙන කරන්න කිසිම දෙයක් ඉතුරුවෙලා නොතිබුණ නිසා. ඔයාගෙ හිත ඒ වචන වලට ගොඩක් රිදුනද සුද්දි. අනේ මට සමාව දෙන්න මැණික . ඒ කියපු හැම වචනයක් ගානෙම මාව මැරි මැරී ඉපදුනා රත්තරං.
මට ඕන වුනේ ඔයා මාව අමතක කරනවට. මට ඕන වුනේ ඔයා මගෙන් ඈත් වෙලා ජීවිතේ අලුතින් පටන් ගන්නව දකින්න. මගෙ මැනික මං වගේ ලෙඩෙක්ව කරගහගෙන ජීවිතකාලෙටම දුක්වෙනවා බලන්න මට බැරි නිසයි රත්තරනෙ මං එහෙම කලේ.
ඔව් සුද්දි . මේ අයිය ලෙඩෙක්. මං ඒක කලිං දැනන් උන්න නම් ඔයාට මෙච්චර ආදරෙ කරන්නෑ මැනික . ඔයාට මතකද අපේ එන්ගේජ්මන්ට් එකට කලින් දවසෙ මගෙ යාළුවෙක් ඇක්සිඩන්ට් වුනා. මං එයාට ලේ දෙන්න ගියා මතකද සුද්දි . මගෙන් ලේ ගන්න කලින් හොස්පිට්ල් එකෙන් ටෙස්ටින් වගයක් කලා. ඒ ටෙස්ටින් වලින් මේ පව්කාරයට බ්‍ලඩ් කැන්සර් එකක් කියල හොයා ගත්ත මැනික . මට මුකුත්ම හිතාගන්න බැරිවුණා වස්තු. මං ඉඳියෙ මගෙ අවසාන කාලෙ. ඉතිං මං කොහොමද මැණික මං තව ටික දවසකින් මැරෙන බව දැන දැනත් ඔයාව කසාද බැඳල මගෙ මැණිකගෙ ජීවිතෙත් අවුල් කරල දාන්නෙ.
මං එදා රෑ පුරාම ඇති වෙනකල්ම අඬල අඬල ඔයාගෙන් වෙන් වෙන්න ඕන කියල හිත හදාගත්ත රත්තරං. ඔයා ඇහුව නේද එදා උදේ ඇයි මගෙ ඇස් රතුවෙලා කියල. ඒ මං මගෙ දුක නැතිවෙන්න එලි වෙනකම් අඬපු නිසා රත්තරං .
මට ඔයාගෙ ජීවිතේ කාලකන්නි වෙනව බලන්න බැරි නිසයි මැනික ඒ විදියට එදා හැසිරුනේ . මං ගොඩක් අසරණ වුනා . ඔයාට ඇත්ත කිව්වොත් ඔයා කවදාවත් මාව දාලා යන්නෙ නැති බව මම දන්නවනෙ. ඉතිං මට ඔයාට ඇත්ත කියල ඈත් වෙන්න ඔයා මට කවදාවත් ඉඩ දෙන්නෑ. මට ඔයා වෙනුවෙන් කරන්න වෙන කිසිම දෙයක් තිබුනේ නෑ රත්තරං . සමාවෙන්න මට. එදා එහෙම කතා කලේ වෙන කරන්න දෙයක් මට හිතාගන්න බැරි වුන නිසා සුද්දි .
ඔයාට මං නැතුවට වෙන හොඳ සුදු මහත්තයෙක්ව ඔයාගෙ අප්පච්චිලා හොයල දෙයි. අනේ මගෙ සුදු හාමිනේ මාව අමතක කරල හොඳ මහත්තයෙක්ව කසාද බැඳල චූටි දඟ මළු දෙකක් හදාගෙන සතුටින් ඉන්න මැනික. හැබැයි මං ඔයාව ලබන ආත්මෙදි නම් මේ විදියට දාලා යන්නෑ කියල ෙප්‍රාමිස් වෙනව.
මට මේ ආත්මෙනම් යන්නම වෙනව රත්තරං .ඒත් ඔයා සතුටින් නොඉඳියොත් මේ කාලකන්නියගෙ ආත්මෙටවත් සැනසීමක් ලැබෙන එකක් නෑ. ඒක නිසා ඔයා අප්පච්චි හොයලදෙන කෙනෙක් ව මැරි කරල හැමදාම සතුටින් ඉන්න පන. හැබැයි මේ ආත්මෙදි විතරයි කෙල්ලෙ මං ඔයාව වෙන කෙනෙකුට දෙන්නෙ හරිද . ඊළඟ ආත්මෙ ඉඳල අපි ආයෙ උපදින හැම ආත්මෙකම ඔයා මගෙම විතරයි. තේරුණාද මැණික
මං මැරුනට මගෙ ආදරේ මැරෙන්නෑ වස්තු . ඒකෙ වෙනසක් නෑ. එහෙමමයි . මට සමාව දෙනවනේද සුද්දි එදා කියපුවට . මං එදා කිව්වා නේද ඔයාට ගොඩේ කෙල්ල කියල. ඔයා දන්නවද රත්තරං. මං කැමතිම ඔයාගෙ ඒ ගමේ කමට. මං එදා කියපු බොරු වලට මට දෙවියො වත් සමාවක් දෙන එකක් නෑ. ඒත් මං දන්නව මගෙ මැණික මට සමාව දෙයි කියල. ඉතිං රත්තරං ඔයාගෙ මේ අයියට තව ලොකු දවසක් නෑ. ඔයා මේ ලියුම කියවනකොට මං ජීවතුන් අතර නෑ. ඒත් මං හැමදාම කොහේ හරි ඉඳන් ඔයා දිහා බලන් ඉන්නම්. මං පනටත් වඩා ඔයාට ආදරෙයි මැනික. ඒක හැමදාටම එහෙමමයි.
ඔයා ඉක්මනට මැරි කරල සතුටින් ඉන්නව මට බලන්න ඕන . මං හැමදාම ඔයා ලඟමයි ඉන්නෙ. මගෙ අන්තිම අහිංසක බලාපොරොත්තුව ඔයා ඉෂ්ට කරනව නේද රත්තරං. තව එක පුංචි ඉල්ලීමක් තියෙනව මැණික . මගෙ තාත්තට මං විතරයි ඉඳියෙ. පුළුවන් නම් මගෙ තාත්තව බලාගන්න. ඉතිං මැණික අයියට අමාරුයි. මෙතනින් නවතින්නම්. සමාවෙන්න රත්තරනෙ මෙච්චර ඉක්මනට යන්න උනාට . ආදරෙයි හැමදාමත්. මීට පස්සෙ හැම ආත්මෙකම ඔයා මගෙම විතරයි. සතුටින් ඉන්න පන. ඒක තමයි මේ පිස්සගෙ අන්තිම ආසාව. ආදරෙයි ගොඩක්. ආයෙත් වතාවක් සමාවෙන්න රත්තරං .
බුදුසරණයි මැණික .
මේ ඔයාගෙ පිස්සු අයියා .
සිහින.
එය කියවූ තේජාගේ පපුව පැලෙන්නට එනවාක් මෙන් වේදනාවක් දැනුනි. කඳුළු ගංගාව ගැලීමට ඉඩක් නොමැතිව ඇස් කෙවෙනි පලාගෙන එලියට ඒමට පොරකයි. ඇය වටා ඇති මුළු ලොවම කැරකෙන්නාක් වැනිය.ඇය ඇගේ හැඟිම් පිට කිරිමට අපොහොසත්ව සිහිනයෙන් මෙන් සිහිනගේ තාත්තා සොයා දිව ගියේ උන්මත්තිකාවක් මෙනි.
අනේ තාත්තෙ කෝ මගෙ මහත්තය.... එයා හොඳින් නේද... එයාට මුකුත් නෑ නේද... මේ පිස්ස මාව බය කරන්න නේද මේ කලේ... අනේ තාත්තෙ කියන්නකො මගෙ මහත්තය හොඳින් කියල...
ඇය පිස්සියක් මෙන් සිහිනගෙ පියාගෙ දෙවුරෙන් අල්ලා සොලවමින් ඇසුවාය.
නෑ පුතේ... මට සමාවෙන්න.... මගෙ දරුවව මට බේරගන්න බැරි වුනා පුතේ.... බැරි වුනා...
ඔහු කීවේ ඇයගේ ඔලුව අතගාමින් කඳුළු සලමින් ඉකිබිඳිමිනි.
එය ඇසුන තේජනාගේ කඳුළු ගංගාව පිට වුනේ නෙත් තටු පලාගෙනය. මහ හඬින් ඇය හැඩීමට පටන්ගත්තේ සිහිනගෙ පියාගේ දෙපා මුල වැටීය. පිස්සියක මෙනි.
එපා මගෙ පුතේ අඬන්න. ඔයා අඬනවට මගෙ පුතා කැමති නෑ. දැං අපි එයාගෙ කැමැත්ත ඉෂ්ට කරලදෙමු පුතේ.... මගෙ කොල්ල කොහේ හරි ඉඳං මේව බලං ඇති පුතේ... ඔයා හිත හදාගන්න පුතේ..
එහෙම කියල ඔහු ඇයව නැගිටුවා වැලඳගත්තේ උතුරායන පිය සෙනෙහසිනි.
------=====--------
අද තේජනාගේ මංගල දිනයයි. ඇය හිතකින් නොවුනත් මෙම තීරණය ගත්තේ සිහිනගේ අවසාන බලාපොරොත්තුව මෙය වූ බැවිනි . සියල්ලන්ටම වඩා අද සතුටු සිහිනගෙ පියාටයි.
විවාහ මංගල්‍යයේ සියළුම කටයුතු අවසාන වී ඇය මවටත් පියාටත් වැඳ මධුසමයට යාමට සැරසුණාය. ඇය සිහිනගේ පියාටද වැඳ තම ස්වාමිපුරුෂයා සමග වාහනයට නැගී සියල්ලන්ම දෙස නැවතත් බැළුවාය.
ඒ තමාදෙස බලාසිටින්නේ ඔහුය. සියල්ලන් අතරම සිටින ඔහු ඇයදෙස සතුටින් බලාසිටිනු ඇය දුටුවාය. ඔහු මෙලොව නැතද ඇගේ සතුට වෙනුවෙන් ඔහුද සතුටුවන අයුරු ඇයට මැවී පෙනුනි.
නිමි.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
Writer- Ravan (raveen vimukthi)
No comments:
Post a Comment