#සදා_වාසනා
හිමායා ගොඩක් දුප්පත් පවුලක ඉපදුන ලස්සන කෙල්ලෙක්. හිමායට හිටියෙ අම්මයි අප්පච්චියි විතරයි. ඒ අම්මයි අප්පච්චියි කෙල්ලව ලස්සනට හැදුවා. දුප්පත් උනත් හිමාය හරිම අහිංසක බුද්ධිමත් කෙල්ලෙක්. හිමායගෙ ලස්සන නිසාම හිමායගෙ ආදරේ වෙනුවෙන් කොල්ලො ගොඩක් පොරකෑවා. ඒත් හිමායගෙ හිතේ ආදරේට ඉඩක් තිබුනේ නෑ. මොකද හදිස්සියෙම හිමායගෙ අප්පච්චි එකතැන් උනා. දුප්පත්කම හින්දම හිමායට ජිවිතෙත් එක්ක ඔට්ටු අල්ලන්න උනා. හිමායාගෙ රැකියාව උනේ හෝටලේක බිල් දාන එක. උදේ 6ට වැඩට යන හිමාය ගෙදර එද්දි රෑ 10 උනා ගෙදර ලගම හෝටලේ තිබුන නිසා ඒ වෙලාව ප්‍රශ්නයක් උනේ නෑ. ලැබෙන සොච්චම් පඩියෙන් හිමායගෙ පුංචි පවුල අග හිගකම් මැද ජීවිතේ ගැටගහ ගත්තා වගේම තාත්තට ඕන බෙහෙත් කරෙත් ඒ පඩියෙන්. හිමායට පොඩි කාලෙ ඉදලම යාලුවො තුන් දෙනෙක් හිටියා. ටිකක් පෝසත් පවුලක ඉපදුන විශාකා. සුපුන් ටිකක් සෙල්ලක්කාර කොල්ලෙක් වගේම ඒ පවුල තමයි ඒ පැත්තෙන්ම පෝසත්. පිපුන් හිමාය වගේම දුප්පත් ජිවිතෙත් එක්ක ඔට්ටු අල්ලන කොල්ලෙක්. පොඩි කාලෙ තිබුන ඒ යාලුකම ලොකු වෙද්දි ලොකු වෙද්දි පෝය දවසට විතරක් සීමා උනත් පිපුන්ගෙයි හිමායගෙයි යාලුකම නම් හැමදාම වගේ එක විදියටම තිබුනා.
***********************************************
"පුතේ ආ තේ එක මහන්සිත් ඇතිනෙ." අහස දිහා බලන් ඉන්න කෙල්ලට අම්ම තේ කහට එක දීල කෙල්ල ලගින්ම වාඩි උනේ ලොකු කතාවකට සැරසෙන්න වගේ.
"ඇග සෝදගෙන මෙතන්ට ආවම මහන්සිය යනව අම්මෙ. තාත්තටත් තාම ගුනයක් නෑ නෙද?"
"අපි ගැනම හිතල කොහොමද පුතේ. පුතා ගැනත් හිතල කීයක් හරි ඉතුරු කරගන්න බලන්න. හැම සතේම අපිටම වියදන් කරන්න එපා."
"තාත්ත හම්බකරපු හැම සතේම දුන්නෙ මට නෙ. මට වියදන් කරද්දි අම්මල එහෙම හිතුවෙ නෑ නෙ. මට දුකක් නෑ අම්මෙ මට සතුටුයි අම්මලව මෙහෙම බලාගන්න පුලුවන් උන එකට."
"විශාකත් බැදල ගිහින් අවුරුද්දක් පුතේ. පුතාගෙ අනිත් යාලුව කවුද සුපුනුත් බැන්දා මේ ලගදි. පුතාගෙ යාලුවොන්ගෙන් දැන් ඉන්නෙ පිපුන් පුතයි ඔයයි. පුතාගෙ වයස යනව විතරයි. අප්පච්චිත් ඒක කල්පනා කර කරමයි ඉන්නෙ."
"මන් බදින්නෙ මට වගේම අපේ පවුලටත් ආදරේ කරන කෙනෙක් අම්මෙ. අනික මේ ජිවිතේ අපි පතුලෙ ඉන්නෙ. ආසයි අම්මෙ ගෙයක් හදන්න. දවසක වාහනයක් ගන්න. එහෙම පුලුවන් උන දවසක බදිනවා"
පියසීලි මුකුත්ම නොකිය තමන්ගෙ දුවගෙ ඔලුවෙ අත ගෑවෙ දුවගෙ හැටි දන්න නිසා. දුව ආවට ගියාට කිසිම දෙයක් කියන් නෑ කියලත් දන්න නිසාම. මගේ දුවට තෙරුවන් සරණයි කියාගෙනම නැගිට්ටේ තනියම කල්පනා කරන්න දෙන්න ඕන කියල හිතුන නිසාමයි. හිමාය දැන් ගොඩක් කල් ඉදන් දෙයක් ගැන හරීයට හිතනවා.
***********************************************
දවසක් හිමාය හෝටලේට ගියාම දැක්කේ හෝටලේ තාම ඇරල නැති බවක්.
"මුදලාලි අද හෝටලේ අරින්නෙ නැද්ද?"
"ඔය ලමය එනකම් බලන් හිටියෙ. හා එහෙනම් ඔක්කොම සේවකයන්ට කතා කරන්න."
හැමෝටම කතා කරගෙන ආව මගේ හිතේ තිබුනෙ කුතුහලයක්.
"අදින් පස්සෙ මේ හෝටලේ කරන්නෙ නෑ. ඔයාලට මාස 6ක පඩි අද අතට දෙනවා. අද හෝටලේ අස් කරල හැමෝටම ගෙදර යන්න පුලුවන්."
මේ නිසා කලින් ගෙදර ආවෙ ගොඩක් කලබලෙන්. හිමාය ගෙදර ආපු විදියෙන්ම මොකක්හරි ප්‍රශ්නයක් කියල තේරුම් ගත්තු අම්මා ඒ ගැන හිමායා කියනකම් අහන්නෙ නැතුව ඉන්න තීරනේ කරා. වෙනද වගේම ළිදෙන් ඇගසෝද ගත්තු හිමායා ගේ ඉස්සරහ පඩියෙන් ඉදගත්තා. කෙල්ලගෙ ඔලුව අතගාපු පියසීලි සැරින් සැරේ කෙල්ලට තේ හදල දුන්නා. කෙල්ල දිගටම හිතුව. කෙල්ල ගෙදර පඩිය උඩින් නැගිටිද්දි වෙලාව 2යි. මේ වෙනකම් කෙල්ලගෙ අප්පච්චියි අම්මයිත් ඇහැරගෙන හිටියෙ. හිමාය තිරනයක් ගත්තා හැමදේම ඇත්ත අප්පච්චිටයි අම්මටයි කියන්න. අප්පච්චිගෙ ඇද ගාවට ගියපු හිමායා අප්පච්චිගෙ ඔලුව ඇතගෑවා.
"අම්මේ.., අම්මේ.., පොඩ්ඩක් මෙහාට එනවද?"
අම්මත් ආවම කතාව පටන් ගත්ත හිමායා අද හෝටලේදි උන දේවල් හැමදේම අකුරක් නෑරම කිව්වා. අම්මයි අප්පච්චියි ගොඩක් කනගාටු උනත් හිමායගෙ කටහඩේ ගැබ් වෙලා තිබුන අධිෂ්ඨානී ගතිය නිසාම පුංචි බලාපොරොත්තුවක එළි දල්ව ගත්තා. එදා හිමායට නම් නින්දක් තිබුනෙම නෑ.
**********************************************
පහුවදා උදේම බුදු පහන තියල ඇදගත්තු හිමායා ජය ශ්‍රී මහ බෝධියත් වැදගෙනම පාරවල් ගානෙ ඇවිද්දා එක එක බඩුවල මිල ඇහුවා. සමහරුන්ගෙන් බඩු මිලටත් ගත්තා. හිමාය ගෙදර එද්දි හරි ලස්සන හිනාවක් ඇගෙ මුවේ රැදිලා තිබුනා.
ඇග සෝදගෙන ඇවිත් අඹ ගහ යට බංකුවේ ඉදගත්ත හිමායා ඉගුරු දාපු ප්ලේන්ටි එක බොන්නගත්තේ හරි ආසාවෙන්.
"අම්මේ.., පිපුන් එනව පේනව එයාටත් ඉගුරු ප්ලේන්ටියක් හදනවද?"හිමාය ඈත එන පිපුන්ව දැකල එහෙම කිව්වෙ තමන් වගේම පිපුනුත් ඉගුරු ප්ලේන්ටියට පෙරේත බව දන්න නිසාමයි.
පිපුන්ට ප්‍රශ්නයක් ආවම පුංචි කාලෙ ඉදලම හොයාගෙන ආවෙ හිමායව. දෙන්නම එකතුවෙලා දෙන්නගෙ ප්‍රශ්න විසදගත්තා. මේ නිසාමද මන්දා මේ පවුල් දෙක හරිම හිතවත්. ඈත තියා එන පිපුන්ගෙ මූන දැක්කම පිපුන් ලොකු ප්‍රශ්නෙක ඉන්න බව හිමායා තේරුම් ගත්තා.මෙ දෙන්නටම දෙන්න ගැන හොද අවබෝධයක් වගේම තේරුම්ගැනීමෙ හැකියාවකුත් තිබුනා. හිමායගෙ තාත්තා එකතැන් උනාම තමන්ගෙම සහෝදරයෙක්වත් නොකරන ගොඩක් දේවල් පිපුන් කරා.
"එන්න පිපූ මම මෙතන" බිම බලාගෙන කල්පනාවක ආව පිපුන් හිමායව දැක්කෙ නෑ කියල දැකක නිසාම හිමායා පිපුන්ට කතා කරා.
"මම ඔයාව දැක්කෙ නෑ මායා"
"කොහෙ දකින්නද බිම බලන් එද්දි. මොකද්ද පිපූ ප්‍රශ්නේ? ඔයා ඉන්නෙ ලොකු ප්‍රශ්නෙකින් වගේ."
"ෆැක්ට්‍රියෙ ප්‍රශ්නයක් මායා. ඒක නෙවෙයි මොකද අද ගෙදර? හෝටලෙත් වහල."
"එතන වහල පිපූ. දැන් මට රස්සාවක් නෑ ඊයෙ ඉදන්." හිමාය කිව්වෙ ඒ ගැන වැඩිය හිතට ගන්නෙ නැතුව.
"ඒ කියන්නෙ අපි දෙන්නම එකම බෝට්ටුවෙ?".
"ඒ මොකද එහෙම කියන්නෙ?"
"නෑ මායා. අපේ ෆැක්ට්‍රියේ කරපු හොරකමකට මාව අහුවෙලා. පෙරේදා මාව අයින් කරා. ඊයෙ දවසෙම මම රස්සාවක් සෙව්වා. හම්බ උනේ නෑ. මේ ඔයාව බලන්න ආවෙ හොටලේ වහල නිසා. මොකද මායා අපි දැන් කරන්නෙ?"
"මගේ ලග පොඩි අදහසක් තියෙනවා."
"මේ වෙලාවෙ හැටියට නම් මගේ හිතට කිසිම අදහසක් එන්නෙ නෑ මායා. කියන්නකො බලන්න ඔයාගෙ අදහස"
"එහෙනම් ගෙට යමු. මම තාම අම්මටයි අප්පච්චිටයිත් කිව්වෙ නෑ. ඔයාල තුන් දෙනාම ඉන්න තැන කියන්නම්."
හිමාය , පිපූ වගේම අම්මත් තාත්තගෙ ඇදේ වාඩි උනා.
"අප්පච්චි මේ ඉඩම කොච්චරක්ද?"
"මේකෙ අක්කරයක් තියෙනවා පුතේ. ඇයි?"
"හරි අප්පච්චි ඉන්නකෝ කියන්න. අපේ ඉඩම තියෙන්නෙ පාර අයිනේ. ඉතිම් අනුරාධපුර පූජා භූමි වදින්න යන ඕනම කෙනෙක් අනිවාර්යෙන් අපේ ඉඩම පහු කරන් යන්න ඕන. මේ පැත්තෙම හරියකට කෑම දෙන්න තැනක් නවතින්න තැනක් නෑ. මම හෝටලේ ඉදිද්දි බිල් දානවට අමතරව හැමදෙයක්ම ඉගෙන ගත්තා. කෑම උයන විදිය පවා බලාගෙන හිටියා. හරිම අපිරිසිදුයි. ඒ කෑම කන්න මටම අප්පිරියයි. මම ලග රුපියල් 60000ක් වගේ තියෙනවා. ඉතුරු ටිකට ලෝන් එකකුත් අරගෙන මම මුලින්ම හිතාගෙන ඉන්නෙ පුංචියට කෑම දෙන්න එවෙලෙම උයන්න ඕන පොඩියට කුස්සියක් හදන්න. ඊට පස්සෙ තුන් වේලම උයන්න. ඒක හරි ගියොත් කෑම පැකට් ටිකකුත් හදල විකුනන්න පුලුවන් කඩවල් වලට. ඒ වගේම සල්ලි ඉතුරු උනොත් පොඩියට පිටිපස්සට වෙන්න කාමරදෙක තුනක් හදල නවතින්න දෙන්න. වත්ත පිටිපස්සෙන් පොඩි ඇල පාරකුත් යන නිසා නවතින්න කැමති වෙයි. ටික කාලයක් යද්දි අපිට තව දියුනු වෙන්න පුලුවන් වෙයි." අම්මා අප්පච්චි වගේම පිපුනුත් මේ කතාව අහගෙන හිටියෙ පුදුමයෙන්.
අම්මගෙ අප්පච්චිගෙ ඇස් වලින් වැටුනු කදුලු හිමායට එයාලගෙ හිතේ කොච්චර ආදරයක් තිබුනද කියන එකට සාක්ෂියක් උනත්. ඊලගට උනේ කවුරුවත් නොහිතපු දෙයක්.
"මායා මන් ලගත් තියෙන්ව එකතු කරපු සල්ලි රුපියල් 60000ක් වගේ අපි මගේ සල්ලිත් එකතු කරල මේක කරමු. මටත් ඔයා මේක විස්තර කරද්දි ගොඩක් ආස හිතුනා. අනික මටත් දැන් රස්සාවක් නැති එකේ මේ වගේ දෙයක් කරන්න ආසයි."
*********************************************
අද තමයි හිමායගෙයි පිපුන්ගෙයි ව්‍යාපාරය ආරම්භ කරේ. පිරිත් හඩමැද්දෙ ආරම්භ උන මේ ව්‍යාපාරය හිමායට වගේම පිපුන්ටත් වාසනාව ගෙනාව. ගඩොලින් බැදපු කුස්සියත් ඒ එක්කම කෑම පිලිගන්වන්න තිබුන කෑල්ලෙත් ගඩොල් උඩින් මැටි ගෑවෙ සිසලස රදවන්න වගේම ගැමි පෙනුම රැක ගන්න. වහලේ උලු උඩින් වියපු පොල් අතු දැම්මෙත් ඒ නිසාමයි ටිකක් ලොකුවට හැදුවෙ හිමායගෙ තිබුන දුර දක්නා නුවන නිසාමයි. මේ විදියට මේක හැදුවත් කාමර ටික නම් හැදුවේ නවීන විදියට. වත්ත පිටිපස්සෙ ඇල පාරට කිට්ටුවම එලවලු වගා කරන්නත් හිමාය සැලසුම් කරා. ඒ වගේම වත්ත ලස්සන කරන්න හිමාය වගේම පිපුනුත් ගොඩක් මහන්සි උනා.
මේ හිමායගෙයි පිපුන්ගෙයි සදසිරි රෙස්ටුරන්ට් එක දියුනු උනා වගේම මේ දෙන්නගෙ මිත්‍රත්වයත් ආදරයකට පෙරලුනේ දෙන්නටම නොදැනීම. ඒ වගේම හිමායගෙ තාත්තට සනීප උනේ හැමෝම පුදුම කරමින්. සදසිරි රෙස්ටුරන්ට් එක හැමෝම අතරෙ ජනප්‍රිය වෙන්න වැඩි කාලයක් ගත උනේ නෑ.
හිමායගෙයි පිපුන්ගෙයි විවාහ මංගල්‍යය සිදු උනේ ගොඩක් චාම්ව. පිපුන්ගෙයි හිමායගෙයි පවුල් දෙකම අලුතෙන් හැදුව දෙමහල් නිවාසෙ පදිංචි උනේ සමාජියට ආදර්ශ රැසක් පෙන්වමින්.
දුප්පත් වී ඉපදීම ඔබේ වරදක් නොව දුප්පත්ව මිය යාම ඔබේ වරදකි.
කතෘ -: නදීශානිගෙ පන්හිදෙන්
(උපුටාගැනීමකි)
No comments:
Post a Comment