නිශාදි මධුමාලිගේ පන්හිදෙන්

සුදු මහත්තයෝ.................

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්................

තව සූට්ටක් මාව තුරුල් කරන් ඉන්නකෝ.........අනේ...............රුවී පවන්ට තවත් චුට්ටක් තුරුල් උණා....

එතකොටම වගේ කොල්ලගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.....

හෙලෝ.........ඔව් සර්...

හරි මන් එනවා...........

අනිවාරෙන් සර්.....

ඇයි...සුදු මහත්තයෝ....

අනේ මැණික අට වෙද්දි කැම්ප් එකට එන්න කිව්වා....කෝ මගේ වස්තූ හොද මැණිකනේ..
එහාට වෙන්නකෝ...........මහත්තයාට යන්න.............

කෙල්ලගේ දෑස් කදුලෙන් තෙත් වුණේ ඉබේටම...........

අනේ පන හ්ම්ම්ම් තව විනාඩි දහයයි හාද.....මගේ බට්ටී.............

පවන් කෑම්ප් එකට යන්න ගියේ කෙල්ලගේ හිත හදලා..අවුරුදු විස්සක් උණත් කෙල්ල තාම පොඩි එකේක් වගේ පවන්ගේ ආදරේ හෙව්වේ හුරතලෙන්.....

දොනියෝ...........පවන්ගේ අම්මා කෙල්ලව හෙව්වේ කෙල්ලගේ සද්දයක් නැති හින්දා...

පුතේ ඇයි මේ.....

අම්මේ අයියා ගැන මට බයයි.............

නාඩා ඉදින් මයේ පුතේ...අයියා ඉක්මනටම එයි...යන්....දැන් කොල් එකක් ගනිවි...හිටින්කෝ මන් කියන්ඩ උඹ මෙහේ හුල්ල හුල්ල ඉන්නවා කියලා...

අනේ අම්මා.........කෙල්ල පවන්ගේ අම්මට තුරුල් උණා.....

යුද්ධෙන් මැර මිනිස්සු ගාන එන්න එන්න වැඩි වුණා...කොල්ලාගෙ ටීම් එක ඉදිරි පෙළට දැම්මේ ඔවුන්ගේ තිබ්බ ටැලන්ට් එක නිසා........

පවන් හිටියේ ගෙදර සිහියෙන්...කෙල්ල ගැන මතකයන් ඒ හිත පුරවලා තිබ්බා....

ඒයි බණ්ඩාර  මන් කියන දේවල් අහ ගත්තොත්  හොදයි...මේ මිශන් එක අපි කම්ප්ලීට් කරන්න ඔනී..අපේ රෙජිමන්ට් එක තමයි දක්ශම රෙජිමන්ට් එක....

ඔකේ සර්.....කොල්ලෝ සේරම සද්දෙට කෑ ගැහුවා.....

දින සති  ගෙවෙද්දී රුවීට දැණුනේ කල්පයක් වගේ....කොල්ලගෙන් කෝල් එකක් තියා ලියුම් කෑල්ලක් නැති වෙද්දි කෙල්ලගේ හිතටත් මොකක්ද වගේ දැණුනා...

මචන් සමරූ......මට ගෙදර යන්න ඔනී බන්.......

මොනා කරන්නද බන්..මේ කැලේ අපි අතරමන් වෙලා ඉවරයි.....
තමන්ගේ ඉස්සරහාම මැරි මැරි වැටෙන කොල්ලො දක්කිද්දී පවන්ට හිතුණෙම වෙපන් එකෙන් ඔලුවට තියා ගන්නමයි....

දොනි මොකද දරුවෝ මේ...පිල් කොටේටෙ වෙලා ඔලුවත් අල්ලගෙන හිටපු කෙල්ල දැකලා අම්මා ගැස්සුනා..

වමනේට එනවා අම්මා..කලන්තේ වගේ.......

අම්මාගෙ මුහුණ ලස්සන හිනාවකින් පිරුණා......මයේ කෙල්ලට තුරුණුවන්ගේම සරණයි.....

වන්නියේ මහ කැලෙක අතරමන් වෙච්චි කොල්ලො ටික ත්‍රස්තවාදී කණ්ඩායමේ වෙඩි පහරවල් වලින් බාගෙට බාගයක්ම මැරුණා....පවන් ජිවත් වෙන්න තිබ්බ ආසාව සියට අනුනමයක් අත ඇරියා....

මචන් ඔන්න උන් මේ ලග කොල්ලට කියන්න ලැබුනේත් නෑ කොල්ලගේ පපුව පාසාරු කරගෙන යද්දි කොල්ලා එහෙමම බිමට වැටුනා...

මච....න්....ස...ම....රූ..............දු...ව...ප.......න්........කො.......ල්...ලා........ඒ...ම....ම.ඇ.....ස්.පි.....යා.ගත්තා...මේකේන් සෙට්  කරපන්...මේක ටයිම් බොම්බ්.....මා...ව..දා...ලා..දුවපන්......

කෙල්ලගේ පුංචි කුස ටික ටික නෙරා ආවේ කාලයත් එක්ක..කට් ඇඹුල් කර කර කෙල්ල හොයන්නේ ඇඹුල් වර්ගමයි......
කෙල්ලගේ හිත මේ සතුටට වඩා පිරුණේ මහා දුකකින්....දෙයියනේ සුදු මහත්තය...

ගෙදර කවුද................කෙල්ල දොරඇරියේ කුතුහලෙන්...

ආර්මි යුනිෆොර්ම් ඇදපු කට්ටියක්..ඉ...

මිස් බණඩාරගෙ වයිෆ් ද.........

ඔව් සර්.........

හ්ම්ම්ම්ම් බොඩි එක ගන්න...කෙල්ලට ඒ වචන ඇහුණේ හීනේන් වගේ....

සීල් කරපු පෙට්ටිය බදාගෙන කෙල්ල කෑ ගැහුවා.....

එන්නම් කියලා නේද මහත්තයෝ මේ ගියේ....මේ..මොකද වුණේ............ඇයි මේ ඔයාගේ මැණික මගේ බඩේ වස්තුවේ..

කෙල්ලගේ විලාපේ ඇහුනේ  ටික වෙලාවයි..කෙල්ල සිහිය නැති වෙලා බිමට ඇදගෙන වැටුනා...

සු...දු....මහත්තයෝ ඇයි මාව දාලා යන්න් ගියේ....ඇයි කියන්නකෝ.මන් තනියම ඉන්න බයයි.....

කෙල්ලගේ මුහුණත් සුදු මැලි වෙලා ගිහිල්ලා....හත් දවසේ දානේන් පස්සේ කෙල්ල වැඩි පුරම හිටියේ කාමරේ ඇතුලේ....

පවන්ගේ ෆොටෝ එකත් පපුවට තුරුල් කරන් කෙල්ල හිටියේ පොඩි කෙල්ලෙක් වගේ...

සු...දු..මහ..ත්තයෝ............මේ මේ මේ මන්........ඔයා...මන් ලග ඉන්නවා නේද.......

අනේ යන්න එපා ඉන්නකෝ...සුදු මහත්තයෝ..........

කෙල්ලගේ මේ හැසිරිමට මානසිකව වැටුණේ පවන්ගේ අම්මා...කෙල්ලට හැම සාත්තු සප්පායමකම කරලා කෙල්ලව ඇහැක් වගේ බලා ගත්තා...

කෙල්ලගේ කුසටත් මාස අටක් විතර පිරිලා..කෙල්ල  ඇදිලා ගිහිල්ලා..අම්මා කෙල්ලව නාවලා කොන්ඩේ පිරන ගමන් කෙල්ලට කතා කලා

දොනි.......

කෙල්ල මොකුත් නොකියම අම්මගේ මුහුණ දිහා බැලුවා.........

මන් දන්නවා ඔයා ගොඩක් දුකින් ඉන්නේ කියලා..ඔයාගේ මහත්තයායි ඔයාට නැති වුණේ...ඒත් මැණික ඒ මගෙත් එකම දරුවා...අප්පා නැතිව මන් අමාරුවෙන් කොල්ලට ඉගැන්නුවේ......අම්මගේ ඇස් වල පිරිච්චි කදුලු කෙල්ලගේ මුහුණට වැටුනාම කෙල්ල ගැස්සුනා...

අ....ම්...මා......

ඔව් පුතේ...මන් අම්මා කෙනෙක්.මන් බඩින් වදපු දරුවා.....මන් උඹ ගැන හිතලයි ජිවත් වෙන්නේ දරුවෝ ....

කෙල්ලගේ යට ගියාව හිමින් හිමින් කෙල්ලට මතක් වුණා........ම...ගේ...සුදු අයියා...........

මගේ දරුවා..කෙල්ලගේ අත ගියේ නෙරපු කුස මත්තට....

සුදු අයියා වෙනුවෙන් මන් ජීවත් වෙනවා..සුදු අයියා වෙනුවෙන්ම.අපේ පැටියා වෙනුවෙන්...කෙල්ල හිතුවේම ඒමයි.....

මාසේට කොල්ලගේ පඩිය කෙල්ලගේ නමට බැන්කුවට ආවාට.කෙල්ල ඒවා ගත්තේ හදිස්සියක් වුනොත් විතරයි.....
එළවලු අම්මා වත්තෙම හදන නිසා කෙල්ලත් අමාරුවෙන් උනත් අම්මට උදවු කලා....

අනේ මයේ අම්මා.මහන්සි වෙන්න එපා දරුවෝ..ඔන්න ඔහෙට වෙලා ඉදගෙන ඉදින්...

වෙනදට වඩා කෙල්ලගේ මුහුණේ තිබ්බේ පින්සාර බවක්...කෙල්ලගේ මුහුණ මොකක්ද සිරියාවන්ත කමකින් පිරිලා..

එදා වෙසක් පොය..කෙල්ල අම්මත් එක්ක අමාරුවෙන් වගේ ගිහින් සිල් ගත්තා..රෑ වෙලා අම්මත් එක්ක ගෙදර ආවා..රෑ එකට විතර වගේ කෙල්ලට කවදාවත් නැති කොන්ද කැක්කුමක් හැදුනේ හිතා ගන්නවත් බැරි විදියට...

අ...ම්...මේ...කෙල්ලගේ කෙදිරියට අම්මා දුවගෙන ආවේ බය වෙලා...

අම්මා එහා ගෙදරට දිව්වේ කලුවරෙමයි....

අනේ සුමනා නංගියේ..කොලුවට වෑන් එක අරන් එන්න කියාපන්කෝ.......කෙලීට අමාරුයි....

සුදු මහත්තයෝ මට අමාරුයි...කෙල්ල අවසිහියෙන් උනත් මිමිනුවේ කොල්ලගේ නම.........

සු...දු.මහත්තයෝ මන් ලග ඉන්නකෝ මට හරි බයයි.......

වයර් ගොඩක් ගහලා ඒ මැද්දෙන් හිටපු කොල්ලගේ හාර්ට් එක එක පාරට වේගෙන් ගැහෙන්න ගත්තා..................

ඔහ් මයි ගොඩ්..සර් මෙන්න පේශන්ට්ගේ හාර්ට් එක වේගෙන් වැඩ කරනවා...නර්ස් කෑ ගැහුවේ බය වෙලා..

ආර්මි හොස්පිටල් එකේ හොදම ඩොක්ටස්ලා ටික කොල්ලගේ වටේ පිරුණා.....

දෙවියනේ බණ්ඩාර..........ඇස් අරින්න.....

කොල්ලගේ ඇස් හිමින් විවර උණා............

ම......ගේ.........දො....ණී.....................එ...යා ම...ට ක...තා ක....ලා.....නේ......

හ්ම්ම් හරි දැන් ඔක්කම හරිනේ..ඇත්තටම ගොඩාක් ආඩම්බරයි...ඒදා ටයිම් බොම්බ් එක නිසා ගොඩක් අය මැරුණා..එකේන් අපේ ආමි කොල්ලොන්ට මිනිස්සු ටික බේර ගන්න පුලුවන් උණා..............

ස..........ර්.......ක...වු..ද.....මා.....ව..ගෙනාවේ.......

යා....ලු....වා.ත...මා.......

කොල්ලගේ ඇස් වල ඇදුනේ කදුලු....පින් කොල්ලෝ............................

නෑ බන් උඹ එදා මට ටයිම් බෝම්බ් එක දුන්නේ නැත්තන් අරුන් මිනිස්සු සිය ගානක් මරනවා...උඹ සෙට් කරන විදිය මට කියලා දුන්න එක දවසක්..මන් ටයිම් කරලා උඹවත් උස්සගෙන දිව්වා...

ස...ර්...මට ගෙදර යන්න ඔනී සර්.............

ඔහ් මයි ගෝඩ්..අපි  බණඩාරගේ කියලා හිතලා බොඩී එකක් ගෙදර යැව්වා...

සමරනායකත් ඒමයි...දැන් දෙන්නටම ගෙවල් වලට යන්න පුලුවන්.....

කොල්ලාත් එක්ක ආවා වාහනේ දවල් තුන වෙද්දි කුරුණැගල.......හුරුපුරුදු පරිසරේත් එක්ක කොල්ලට දැනුනේ මහා සතුටක්..

සිනෙස්පෝ ඉම්පිරියල් දැක්කාම කොල්ලට හිනා ගියේ දොනිගෙයි කොල්ලගෙයි අතීතේ මතක් වෙලා..

ඇත් කද විහාරේ ගාවින් කොල්ලා හිමින් නැගිට්ටා...බොධියට වැන්දා........ඔඹ වහන්සේට පින්.........මන් දන්නවා ඔඹ වහන්සේ මගේ හැම දුකක්ම ඇහුවා කියලා..මගේ පවුලේ අයට කරදරයක් වෙන්න එපා...

මේ ගෙවිච්චි අවුරුද්දට ගම ගොඩාක් වෙනස් වෙලා කියලා කොල්ලට තේරුණා...

මචන් ඔතනින් නවත්තපන්.අර තියෙන්නේ අපේ ගෙදර..කොල්ලා වාහනෙන් බැස්සා...

ගේ වටේටම තිබ්බේ එළවලු...කොල්ලා දොරට තට්ටු කලා.......................

දොර ඇරගෙන එළියට ආවේ කෙල්ල...කෙල්ලගේ ඇස් ලොකු වෙලායි තිබ්බේ...

සුදු මැනික මන් ආවා..කොල්ලා හීන් හඩින් මිමිනුවා...

කෙල්ල ඒ පපුවට බර වුණේ එක පාරටම...

අනේ මන් හීනයක්ද මේ දකින්නේ දෙවියනෙ...

නෑ මේ කොල්ලා හිමින් කෙල්ලගේ කම්බුලක් හැපුවා....

ඌයි........ඒ කියන්නේ මගේ මැණික ආවා.........කෙල්ලගේ ඇස් වල කදුලු ගලනවා.........

මචන් අපි යන්නද..වාහනේ හරව ගත්ත කොල්ලෝ ටික යන්න ගියේ හිනා වෙවී..

අම්මා එන්නකෝ මේ......කෙල්ලගේ සද්දෙට දුවගෙන ආවේ අම්මා...........

වැව් දෙයි හාමුදුරුවනේ..මයේ කොල්ලා..අම්මා කොල්ලව බදා ගත්තා.

ඔහෑ.....ඔහෑ.......ගාලා කිරි කැටියොන්ගේ අඩන සද්දෙට කොල්ලා ගැස්සුනා....

මැණික ........

හ්ම්ම්ම්ම්ම්ම් ඔයාගේ සුදු පුතයි දෝනියි අඩන්නේ......

කොල්ලා කාමරේට දිව්වේ පිස්සුවෙන් වගේ...රෝසමල් දෙකක් වගේ පුංචි කිරි කැටියෝ දෙන්නෙක් කකුල් උස්ස උස්ස අඩනවා.......

මට සමාවෙන්න රත්තරං..මන් ඔයාව තනි කලා......කෙල්ල එහෙමම නැවිලා කොල්ලගේ ඔඩෙක්කෙන් ඔලුව තියා ගත්තා...

දන්නවාද මගේ වස්තූ.....මන් මගේ මැණික එක්ක තරහා නෑ...මගේ දරුවෝ දෙන්නට ජීවත් වෙන්න මගේ දරුවොන්ගේ අප්පච්චි රටක් හදලා දුන්නා..ඒ ආඩම්‍බරේ මට මැරෙනකම් ඇතී......කෙල්ලගේ කතාවට කොල්ලගේ ඇස් වල කදුලු..

ආදරෙයි මගේ වස්තූ.........සංසාරේම ඔයා මගේ.........කොල්ලා කෙල්ලගේ කිරි සුවද දොරේ ගලන පපුවෙන් හිස තියා ගත්තා ..

නිමි...

නිශාදි මධුමාලි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment