අඩු කුලේ..

තවත් ආදර කතාවක් - අඩු කුලේ

"ඔයාලගෙ ගෙදරින් මට කැමති වෙන්නෙ නෑ"
එයා හැමදාම කතාව ඉවර කරේ ඔතනින්.
එහෙම කියන්නෙ ඇයි කියලා හැමදාම මං කල්පනා කරා .
ඒ වෙද්දි අපේ ආදරෙට අවුරුද්දක් විතර.
මොන ප්‍රශ්නයක් ඉස්සරහට ආවත් මාලන් අත්හරින්න මගෙ හිතේ කොහෙවත් තිබ්බෙ නෑ..
ගෙදරට හොරෙන් තිබ්බ අපේ මේ සම්බන්දේ අපේ ගෙදරින් දැනගත්තෙ ඔය අතරේ..
තාත්තගේ බැනුම් වරුසාවට මැද්දෙන් ආච්චි කිව්ව දේ නම් මගේ හිතට තරහවක් ගෙනාවේ..

"අඩුකුලේ එකෙක් එක්ක දීග යන්න මේකි
මගුලක් කතා කරපන් පුතේ මේකි අපේ මූණෙ දැලි ගාන්න කලින්"

"ඕව නම් වෙන්නෑ හිතින් අත්අරිනවා ඕක" තාත්තා කිව්වේ අන්තිමට එච්චරයි.

මාලන්ගෙ කුලයක් මලයක් මං දැනගෙන හිටියේ නෑ.. මාලන් මට ගොඩාක් ආදරෙයි ඒකයි මං දැනගෙන හිටිය එකම දේ..
තරහටම රෑට කෑවෙත් නෑ.
උදේම ලෑස්තිවෙලා වෙනදා වගේ වැඩට ගියා..
මාලන්ට හවසට එන්න කියලා මං කිව්වා..
මේ ගැන මාලන්ගෙන්ම අහන්න මං හිතා ගත්තා.. මං වැඩ කලේ බැංකුවක. මාලන් ප්‍රයිවට් කම්පැණි එකක.
අපි හවස වැඩ ඇරිලා කියපු තැනදී හම්බුණා..
මාලන්ට දෙපාරක් හිතන්නෙ නැතුව
ගෙදර වෙච්චි ප්‍රශ්න කිව්වා..

මාලන් මං දිහා බලාගෙන හිටිය විදිහට එයාට වඩා මාව නොසන්සුන් වුණා..
එයා පර්ස් එක ගත්තා අයිඩින්ටිය ගත්තා..
එයාගේ වාසගම පෙන්නුවා
" මේ අකුරු ටික අපි වෙන් කරන්නයි යන්නෙ "
එයා එච්චරයි කිව්වේ.
ඈත බලාගෙන හිටියා.. කදුළු පිරිච්ච ඇස් දෙකකින්.
අපි හිතන් හිටියේ දෙමවුපියන්ගේ ආශිර්වාදය එක්කම විවාහ වෙන්න. දෛවය මාව කොහෙට ගෙනත් දැම්මද කියලා මටවත් තේරුණේ නෑ..
මං කොච්චර කතා කරත් මාලන් ඒවාට මුකුත් කිවුවේ නෑ..
"අපි මෙක නවත්තමු හොදමදේ ඒක.
හවස් වුණා  ගෙදර යමු"
එයා හෙල්මට් එකත් අරන් ඒ ටික කියලා මටත් කලින් ඉස්සරහට ඇවිදන් ගියා...
"ඔයා අද ඉදන් බස් එකේ යන්න හවස"
එහෙම කියලා මාලන් බයික් එකට නැගලා. මගෙ අතේ තිබ්බ හෙල්මට් එකත් අරන් වේගයෙන් ගියා..
හිතට ආපු දුක මං විදගෙන හිටියේ ගෙදරට යන්කම්.

එළි වෙනකම් කෝල් කරත් මාලන් එක කෝල් එකක් වත් ගත්තෙ නෑ
මැසෙජ් එකකටවත් එක රිප්ලයි එකක් එව්වෙ නෑ..
බැරිම තැන මාලන්ගෙ ගෙදරට කෝල් කරා
රෑ 12ට විතර

"මාලන් " විතරයි කියන්න ලැබුනේ
"තාම ආවෙ නෑ" මාලන්ගෙ අක්කා එච්චරයි කිව්වෙ.
මාලන්ගෙ ෆෝන් එකත් ඕෆ්..
අඩ අඩා එළිව්ව්නකම් නැගිටලා ඉදලා හිටිය මං
උදේම ලෑස්තිවෙලා මං ඔෆිස් එකට ගියා.
මාලන්ගෙ ඔෆිස් එකට කෝල් කරා මාලන් ආවෙ නෑ.. කියලා මාලන්ගේ යාළුවෙක් කිව්වා..
මාලන් කොහේ ගියාද
කිසි වැඩක් කර ගන්න බැහැ. බැරිම තැන ෆෝන් එකත් අරන් මං විවේකාගාරයට ගියා..
ආයෙත් ගෙදරට ගත්තා
ඔෆිස් එකට ගත්තා
මාලන්ගෙ දන්න යාළුවන්ට ගත්තා ...
ඒත් මාලන් නෑ
හිතට එන බය කදුළු වෙලා කඩා හැලෙනවා..
එවලේම
"දිල්රුක්ෂි නෝනා මහත්තයා ඇවිල්ලා"
ඒ අපේ පියන් රත්නායක.
සතුට කොච්චරද කියලා මට හිතා ගන්න බෑ

නිවාඩුවක් දාලමයි මං එළියට දුවගෙන ගියේ
දෙයියනේ මගෙ මාලන් බයිසිකලේට හේත්තුවෙලා හිටිය හැටි දැක්කාම
හිතට ආපු දුක නම්
"මාලන් කොහෙද දෙයියනේ හිටියේ ඊයේ රෑ"
මාලන්ව බදාගත්තෙ..අවුරුදු ගාණකින් දැක්කා වගේ..
" බිව්වා එළි වෙනකම්"
"මාලන් මොකද්ද බොන්න වුණ ප්‍රශ්නේ"
"දිල්රු ඔයාට මං ආදරෙයි.ඔයා නැතුව බෑ මට" ඔයාගෙ තීරණය දැන ගන්නයි ආවේ. "
මාලන් එහෙම කිව්වෙ හිතේ මොනා තියාගෙන වුණත් "
" මාලන් අපි බදිමු"  මං කිව්වා.
මගෙ මූණ දිහා බලන් හිටිය මාලන්
" බඩගිනි ගිහින් කමුද" ඉයෙ ඉදන් කන්නත් නෑ"
"ඒකටත් එක්ක බිව්වෙ" කියාගෙනම මං හෙල්මට් එක දා ගත්තා
ඒ දවස ඉවර වුණා..

ගෙදරින් ප්‍රශ්න ඉවරයක් නෑ.
දවස් ගෙව්නා පුලුවන් විදිහට කීයක් හරි මාත් එකතු කර ගත්තා.
මාලන් ඒ අතරේ
මාලන්ගෙ ඉඩම් කෑල්ලක
පොඩි ගෙ කෑලි 2ක් හදා ගත්තා..
මගෙ ගෙදර මිනිස්සු මං මලා කියලා හිතන් ජීවත් වුණා..
හැමදේම කලේ මල්ලිට.
උදෙට හෝදලා ගිය සාරිය හවස ගෙට ගත්තෙත් මං මයි.
අම්මලා තාත්තා එක්ක තරහක් තිබ්බෙ නෑ මට ඒත්.
කාලය ගෙවිල ගියා..

දවසක් උදේක
අම්මෙ මං අද බදිනවා..
"උඹ මලත් කමක් නෑ. පලයන්" තාත්තා කිව්වේ මගෙ මූණවත් නොබලා..
මං එළියට බැස්සා ගෙදරින්.
මාලන් ආවා මාව එක්කන් යන්න.
අපි මාලන්ගෙ ලගම නෑයන්ටයි. අපේ ලගම යාළුවන්ටයි කියලා හොටෙල් එකක පොඩි පාටියක් ගත්තා.
පවුලෙ අයගෙ අඩුව දැනුනත්.
මාලන්ගේ ගෙදර අය මගෙ ලගම හිටියා..
අපිට හරි සතුටුයි.

කාලය ගෙවිලා ගියා..
අම්මයි තාත්තයි පාරක දකින ටික විතරයි.
අපි ගේත් ටික ටික හදා ගත්තා..
මාලන් මට දැන් වෙනදටත් වඩා ආදරෙයි.
අවුරුදු එකාමාරක් වෙලා අපි බැදලා..
ඔය අතරෙ
දවසක් මට කෝල් එකක් ආවා..
ඒ මගේ මල්ලිගෙ
"හලෝ මේ අක්කද, අක්කෙ මං."
මං හිතුවෙ ගෙදර එන්න කියන්නයි කියලා..
අවාසනාවට එයා කිව්වෙ.
" මගෙ කෙල්ල කැමති නෑ අක්කෙ අම්මලා මෙහෙ ඉන්නවට.බදින්න නම් අම්මලාට යන්න කියනවා" "අක්කෙ අම්මලාට මං කිව්වා"

මං ෆෝන් එක තිබ්බාආව තරහටම,
මං මාලන්ට කෝල් කරා..
මාලන් කිව්වා හවස ගෙදර යමු කියලා.
අපි වැඩ ඇරිලා ගෙදර ගියා.
මාලන් එළියේ ගල්බංකුවේ වාඩිවුණා.
මං ගේ දිගේම ගියා..
කුස්සියේ තේ බිබි හිටිය අම්මයි තාත්තයි දැකලා. මට වාවා ගන්න බැරි වුණා..
" දුවෙ" තාත්තාගේ බිදුණු හඩ .
"අපේ ගෙදර යං" මං කිව්වෙ එච්චරයි.
ගෙවල් ලග ත්‍රීවීල් එකකට කතා කරා..
මාලන් ඇදුම් බෑග් දෙක ත්‍රීවීල් එකට දැම්මා.
"හිමින් තාත්තා" මාලන් කිව්වා
අම්මයි තාත්තායි ගෙදර එක්කන් ගියා.
කාලය ගෙවිලා ගියා

අද අපි ගොඩාක් සතුටින්
මගේ අම්මටයි තාත්තායි.
මල්ලීට වඩා හොද පුතෙක් මාලන්.
මට හොද සැමියෙක්..
මාලන් බදින්න මං ගත්ත තීරණය වැරදි නෑ කියලා.. අද මං ගොඩාක් සතුටු වෙනවා..
මාලන්ගේ කුලවත්කම හොයපු තාත්තා එයාගෙ ගුණවත්කමට අද හරි ආදරෙයි..
දැන් අපිට පුතෙක් ඉන්නවා..
ඒ තමයි අපේ වටිනාම වස්තුව
"පොඩි මාලන්"
මගේ තාත්තා කියන්නෙ ඒමයි අපේ පුතාට <

by-

nilakshi senanayake

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment