අභියෝගයන් හමුවේ නොසැලුනු ආදරේ

#අභියෝගයන්_හමුවේ_නොසැලුනූ_ආදර...

කෙනෙක් ඇත්තට ආදරේ කලොත් අනිත් කෙනා බොරු කරනවා අනිත් කෙනා ඇත්තට ආදරේ කරන්න පටන් ගද්දි ආදරේ කරපු ගෙනා බොරුවට ආදරේ කරන්න පටන් අරගන්නවා දෙන්නම දෙන්නව තේරුම් අරන් ආදරේ කරද්දි දෙයිවය එයාලා එක්ක සෙල්ලම් කරනවා .............බලමු අවසානෙදි මගේ යාලුවාගේ ආදරයට මොකද වෙන්නේ කියලා...

############################
අඩේ හිමාලයා මම කෙල්ලෙක් දාගත්තා බන් ඊයේ ෆට්ට ලස්සනයි බන් ඒකි කව්ද බන්
අරලියා බන්
අරලියා කිව්වාට මම දන්නවාද යකෝ
අරලියා දේදුනු බන් ස්කූල් යන්නේ බංඩාරවෙල විශාකා එකට
ආ විශාකාවක්ද
එල එල බන්
අපි ඉතින් st තෝමස් කොල්ලෝනේ
විශාකාවොත් අපිට පදිරි බන්
දැන් තෝ සිරාද ඒකිට
ඔව් බන් සිරා තමා...
වරෙන් යමන් යන්න... මට බඩගිනි මොනා හරි බඩට දාගන්න
අඩෝ නිරාජ් මේ අර උබ ටෝක් කරපු central එකේ කෑල්ල නේද බන් ...
ඔව් බන් මේ එකීත් ෆට්ට නේද බන් හෙන ෆොශ් කෑල්ල බන් මන් ඕකිට නම්බරේ දුන්නා බන් ඒත් ඒකී තාම මැසේජ් එකක්වත් දැම්මේ නැහැ බන්
අඩෝ එතකොට අරලියා...
අරලියාට මන් සිරා යකෝ මේකිව දාගන්නේ ආතල් එකට
මේ වරෙන් ගෑනූ පෙරේතයා යන්න තොට කෑල්ලක් පෙන්නන්න බැහැ කුපාඩියා.
තොගේ කටට නම් බ්‍ර්‍රේක් නැහැ අරකිට ඇහුනාද කොහේද ප්ලීස් වදින්නම් තෝ අරලියා ඉස්සරහ කට වාහගෙන හිටහන් හොදේ හරි
හරි මම උත්සහ කරන්නම්කෝ මම හිතලානම් කියන්නේ නැහැ ඒත් කියවුනොත් නම් ඕන් කරන්න දෙයක් නැහැ ....
වරෙන් යන්න අසහායසායක
ආ මේ හෙට ස්කූල් ඇරිලා විශාකා එක ගාවින් යන්නේ හරිද එතනින් අරලියාවත් එක්කගෙන බස් එකේ නැගලා යමු
ඉතින් තෝනේ අරලියා එක්ක යන්නේ එතකොට මම යන්නේ ....මම කුලියට කෑල්ලක් හොයාගන්නවා බැරි උනොත් ලෑල්ලක් හරි හොයාගන්නවා ....

දැන් ඉතින් ස්කෝලේ ගිය ගමන් අරූගේ ලව්ස්ටෝරි ටික ආහ ආහ තමා ඉන්නවෙන්නේ ආපූ වෙලේ ඉදන් කෙල්ල මේක කිව්වා අරක උනා මේක උනා ඕක තමා ඉතින් කෙල්ලෝ ගැන ඇරෙන්න මුගේ කටේ වෙන මොකුත්ම නැහැ ඉතින් ...
අඩෝ...හිමාල් ගුඩ් මෝනින්ග් මොනාද යකෝ තෝ ඔච්චරටම කල්පනා කරේ
වෙන මොනාද ඉතින් තෝ අද මොනා කියයි ද කියලා හිත හිත ආවේ
සිරාද යකෝ වරෙන් ඒහේනම් යන්න

අඩෝ රමනි මිස් ඇවිත් නැහැ econ period දෙකම හිස් යමන් ටෙක් එක පැත්තේ වටයක් දාලා එමු
හා හා යමන්
අඩෝ මේ කියන්න බැරි උනානේ
මොකක්ද 100 සුවර් ලෑල්ලක් ගැන කියන්න යන්නේ
ලෑල්ලක් නෙමේ යකෝ ඒක පිට්ටු බම්බුවක් පට්ට ෆිගර් එක..
සික් වලත්තයා කියපම් ඉතිම් මොකක්ද තොගේ කතාව
මේ අරකි මැසේජ් කලානේ
කව්ද බන් අරකි මේකි මොකි කියන්නේ මම දන්නවාද
යකෝ කොටෝ විශ්මිලා බන්
දැන් කව්ද ඔය මිලා
Central එකේ කෙල්ල බන්
ආ ඒකිද දැන් සෙට්ද ඉතිම්
ඔව් බන් එතකොට අරලියා...
අරලියා මගේ සිරා කෑල්ල අම්බෝ ඒකිව නැති කරගන්න නම් බැහැ යකෝ මගේ වස්තුව .. විශ්මිලාව දාගත්තේ ආතල් එකට යකෝ ...අඩෝ අන්න ගාතා දැම්මා යමන් යමන් ඉක්මනට

නිරාජ් මේ අද විශාකා එක ලගට යනවාද..
ඔව් යකෝ අනිවාර්යයෙන්ම යන්න ඕනේ
වරෙන් යමන් ත්‍රීවීල් එකක ගිහින් ස්කෝලේට ඉස්සරහ හෝල්ට් එකෙන් බහිමු කෙල්ල එතනට එයි.
ඔන්න ඉතින් අපි දෙන්නා ගියා මුගේ කෙල්ල එනකම් විනාඩි දාහයක් විතර කට්ට කාගෙන හිටියා..
තාම නැද්ද බන් ආවේ උබේ රාජ කුමාරි ..
පොඩ්ඩක් හිටපන් දැන් එයි
අඩේ මගේ කාලේ ඉතා වටින එකක් අපේ අම්මාගේ බත් පිගාන මට මැවි මැවි පේනවා යකෝ...
අනේ තොගේ වක්කඩේ වහපම් අන්න අරලියා එනවා..

අපි යමු සුද්දි..
අඩෝ මේ තෝ කෙල්ල ආපූ ගමන් මාව හලලා යනවාද හිටපන් මමත් එනකම්
ආ මැනික මේ ඉන්නේ මගේ අතිජාත මිත්‍රයා හිමාල් ... මිත්‍රයා කිව්වට මූ මගේ සහෝදරයා වගේ තමා...
අයියේ බස් එකක් ආවා යමු...
නිරාජයයි අරලියා නංගි ඉතින් ඉදගෙන ලව් කර කර බස් එකේ සීට් එකක ඉදගෙන යනවා මම උන්ට පිටිපස්සේ සීට් එකට වෙලා කඩල කකා ගියා ...
අඩේ ඉවරයි විශ්මිලා මේකී මූව දැක්කොත් ඉවරයි .....
ආ අයියේ කෝ ඔයාගේ යාලුවා
කෙලියා ඒකී මාව දැකලා කතා කලා ..
ආ ආ නංගි මොන යාලූවද..
වෙන කව්ද ඉතින් නිරාජ් තමා
ඒත් එක්කම නිරාජ් මේ පැත්ත හැරිලා බැලුවා ..
අයියේ ඔයා කව්ද මේ කියන්න...
නිරාජ් බය වෙලා වගේ බලන් හිටියා ඒත් එක්කම අරලියා නංගි බස් එකෙන් බැස්සා විශ්මිලාත් මූට හොදටම බැනලා බස් එකෙන් බැස්සා වෙලාවට වැඩිය බස් එකේ සෙනග නැහැ වැඩිය නෝන්ඩිත් නැහැ ඇත්තටම මම කවදාවත් මුගේ ඇස් වල කදුලු තියෙනවා දැකලා නැහැ
අඩේ මොකක්ද නිරාජ් මේ උනේ
මට අරකි නම් වැඩක් නැහැ බන් හු%##
ඒත් මම අරලියාට ආදරේ කලේ ඇත්තටමයි බන් ආදරේ පටන් ගද්දිම හෙනගෙඩියක් පාත් උනා සික් මන් වගේ එකෙක්
හරි හරි දැන් ගෙදර යමන් වැඩිය හිතන්න එපා ...ඔක්කොම හරි යයි
ගෙදර ආවේ කන්න බලාගෙන උනාට නිරාජයාට වෙචච දේ මතක් වෙන කොට මට කන්න හිතුනෙත් නැහැ මූට මොනා උනාද දන්නේ නැහැ ....මම ඒ ක්ෂනිකවම නිරාජයාට කෝල් එකක් ගත්තා
හෙලෝ නිරාජ් මොක්ද උනේ බන්
වැඩක් නැහැ බන් ජීවිතේම එපා වෙලා බන් හු%#%
විශ්මිලා මොකද කිව්වේ
ඒකිගෙන් වැඩක් නැහැ බන් ඒකි දාපූ මැසේජ් වලට මම රිප්ලයි කලේ නැහැ ඒකි බයිනවා බන් ඒත් අරලියා මට ඇත්තටමයි ආදරේ කලේ මාත් ඒහේමයි බන් ඒත් මන් වගේ එකෙක් සික්...මට මන් ගැනම ලැජ්ජයි බන් අරලියා මේ සම්බන්දේ ගැන එයාගේ අක්කලා තුන් දෙනාටත් කියලා තිබුනේ බන් අරලියා මාත් එක්ක එක වචනයක් වත් කතා කලේ නැහැ බන් ... එයාගේ පොඩි අක්කා තමා මට කෝල් කරලා කිව්වේ ඇයි මල්ලි මේහේම කලේ නංගි ආපූ වෙලේ ඉදන් අඩාගත්ත ගමන් අපි හිතුවේ ඔයා හොද ලමයෙක් කියලා අයේත් මගේ නංගි දිහා ඇහැක් ඇරලවත් බලන්න එපා තමුසේ....කියලා මට බැන්නා බන් එක අතකින් මට බැනලත් මදි නේද බන්
අරලියා මගේ මූනවත් බලන්න කැමති නැහැලූ බන්
හරි බන් ඕනාට වඩා හිතන්න එපා ඕක හරියයි ඉක්මනට උබ අරලියාට ආදරෙයි නම කවදා හරි ඒකිව උබට ලැබෙයි බන් මම තියන්නම් බන් පරිස්සමෙන්
අනේ මන්දා මුටත් උන වැඩක් කෝහෝම හරි මට ස්කූල් යනකම් ඉවසිල්ලක් නැහැ ...

අඩේ නිරාජ් කොහෙද බන් යන්නේ උබ මාවත් දැක්කේ නැහැ වගේ යකෝ අපි තෝමස් කොල්ලෝ පිට් එකේ හිටපන් යකෝ
මොන පිට්ද බන් යමන් පංතියට
ඇත්තටම මොනා උනත් මගේ හිතට පට්ට අවුල් මූ ඉන්න විදිය දැක්කාම මුගේ රස ලව් කතා ටික අද නැහැ ...
...............
කවදාවත් මේහේම බිව්වේ නැති මූ දවස ගානේ ගෙදරට හොරෙන් බොනවා මූ මේහේම ගියොත් අනේ මන්දා මම මේවා නතර කරන්න උත්සාහ කලත් මට ඒක කරන්න බැරි උනා අඩේ ඔය ජරාව බොන්න එපා හු%#% කියන දේ අහපම් ඕක නෙමේ විසදුම මූහූදේ ඉන්නේ එක මාලුවාද .....
මාසෙකට පසු...
අඩෝ නිරාජ් දැන් ලව් එක කෝහෝමද
ශශීගේ ලව් එකද ....ඒක නෝමල් ඇයි තව මොකක් හරි තියෙනවාද නැහැ බන් මේකට සිරාද බන් පිස්සු ද බන් ඒහේම්මට නැහැ බන් මන් ඉතින් තාමත් අරලියාට තමා බන් ආදරේ කරන්නේ
මේ තොට වඩා අවුරුදු කීයක් වැඩිමල්ද ශශී. අක්කා
තොටත් ඉතින් ඕනේ නැති රෙද්දක් නැහැ
රෙද්දක් ගැන නෙමෙයි යකෝ ඇහැව්වේ වයස ගැන
අවුරුද්දයි යකෝ තෝ හිතුවද 10ක් විතර කියලා ඒකිත් අරලියාලගේ ස්කූල් එකේ නේද බන්
ඔව් බන්
අනේ මන්දා හැලපයා...

හිමාල් ......චූටී පුතා මේ කෝල් එකක්
එනවා අම්මේ කව්ද බලන්න නිරාජ් පුතා ඉන්න එන්නම්
මූනම් මට නාගන්නවත් දෙන්නැ
හෙලෝ මචන් ඇයි යකෝ පෝන් එක උස්සන්නේ නැත්තේ ඉක්මනට
යකෝ මම නනා හිටියේ
අඩෝ තෝ නෑවද ඒක තමා වහින්න එන්නේ
පල යන්න හිබටුවා ඇයි දැන් තෝ කතා කලේ හිවලා
යකෝ මම සත්තු වත්තක නෙමේ ඉන්නේ...
තෝ සත්තුවත්තට ගන්නේ නැහැ ඒ ඉන්න සත්තු ටිකත් නරක් වෙනවා...කියපම් ඇයි ගත්තේ
තොගේ හැකර කට නිසා ඒකත් අමතක උනා අඩෝ හිමාල් මම ශශී එක්ක පාර්ක් එක පැත්තේ ගියා බන්
තෝ නිකම්වත් කිව්වේ නැහැ ගොනා..
ආහපම්කෝ උන දේ
ඇයි මොකෝ උනේ
අපි දෙන්නා යද්දී අරලියයි අම්මයි අක්කලා 3න් දෙනයි ගියා බන් මට වහ කන්න හිතුනා අරලියා මගේ මූනවත් බැලුවේ නැහැ බන්...
දැන් මොකද බන් කරන්නේ
මොනා කරන්නද බන් දැන් මාස හයක් විතර උනා අනේ මන්දා මටනම් තේරෙන්නේ නැහැ වෙලාවකට හිතෙනවා මේ සේරම අතඇරල දාන්න මොනා උනත් මේක නවත්තන්න දැන් කාලේ හරි
මම තියන්නම් බන් හෙට හම්බෙමු
හා මචන්

හිමාලයා මම අද අර සම්බන්දේ නවත්තනවා බන් මම ඒකිට ඊයේ වැඩිය මැසේජ් කලෙත් නැහැ මම කිව්වා ස්ටේෂන් එක පාර ලගට එන්න කියල මම උබලගේ ගෙදරට එන්නම් බයික් එකේ අඩෝ ස්ටේෂන් පාරට ගිහින් ඒකි කෝච්චියට පැන්නොත්
පිස්සුද හු&##& ඒකී මෝඩ නැහැ බන් එච්චර අක්කා කෙනෙක්නේ
අක්කා කෙනෙක් උනත් කෙල්ලෙක් නේ

මල්ලී අර නිරාජ් මල්ලි ඇවිල්ලා කතා කරනවා
ඉන්න එනවෝ
අම්මේ මෙයාලා බයික් එකේ යන්නේ ලයිසනුත් නැහැ
අනේ මේ තමුසේ කටවාහන් ඉන්නවා පංඩිතයා නොවී
අම්මේ මේ මල්ලි
අනේ රංඩු වෙන්න එපා ලමයෝ කොයි වෙලේ බැලුවත් රංඩු වෙච්ච ගමන්
චූටී පුතා කොහෙද යන්නේ මම මේ පාරට ගිහින් එන්නම් අම්මේ
හා පුතේ පරිස්සමෙන්
අම්මා තමා මෙයාව නරක් කරන්නේ
අනේ මේ තමුසේ පඩියා නොවී ඉන්නවා
යමන් බන්
මොකෝ බන් අවුල මොකුත් නැහැ බන අපේ ගෙදර කිකිලි එක්ක බැහැ බන්
කව්ද බන් කිකිලි
වෙන කව්ද ඉතින් අපේ අක්කන්ඩි මිසක්
ශශී ඇවිත් ...බන්
උබත් වරෙන් යන්න
මට බැහැ බන්
වරෙන් බන්
අනේ මන්දා මොනා වෙයිද කියලා හිතාගන්නත් බැහැ ...
ශශී අක්කේ...මට දෙයක් කියන්න තියෙනවා
ශශි අක්කේ මොකෝ මේ එකපාරටම
අපේ ගෙදරින් සම්බන්දේ දැනගෙන තාත්තා මට ගැහැව්වත් එක්ක මේක නවත්තමූ ඔයා දන්නේ නැහැ අපේ ගෙදර අයගේ හැටි .. ඔයාට ඕනේ එකනම් හරි මම ඒක කරන්නම්... මම යන්නම් නිරාජ්
අඩෝ පව් බන් නිරාජ් ඇස් වල කදුලුත් පිරිලා බන් ඒකිගේ තෝ කියපු බොරුව තාත්තා ගැහැව්වලූ අනේ මන්දා උබත්

යමන් දැන් මේ අපි ඒකි ගෙදර යනකම් පිටිපස්සෙන් සේප් එකේ යන් කෝච්චියටවත් බෙල්ල තිබ්බොත් ඒහේම
නැගපම් .... යමු .
මාස 6 කට පසු......

......හිමාල් උබට දෙයක් කියන්න තියෙනවා ඒක ටිකක් දිග කතාවක්
මොකක්ද බන් ඒ..
උබ විස්වාස කරන එකකුත් නැහැ
මම දැන් කියන්න යන දේ
රස නොකර කියපම් බන්
අඩෝ තෝ විස්වාස කරන එකකුත් නැහැ බන් කෙල්ලෙක්ව හම්බුනා බන් මට මගේ ආදරේ හම්බුනා
අඩෝ සිරාද කෝහෝමද ඉතින් සෙට් උනේ
මම ඊයේ ටව්න් එකට ගියා බන් පොඩි බඩු වගයක් ගන්න මම ඒ ගමන් බුක් ශොප් එකට ගියා ඒ ගිහින් මම පොතක් ගත්තා මම පොත ගද්දිම ඒ පොතම තව කෙනෙක් ඇල්ලුවා
එයා මට සොරි කියද්දිම මම එයා දිහා බැලුවා මට හිතාගන්නත් බැරි උනා ඒ වෙන කව්රුත් නෙමේ බන් ඒ මගේ අරලියා එයා මගේ අත ගසලා දාලා යන්න ගියා මට මාවම පාලනය කරගන්න බැරි උනා බන් මම එයාගේ අතින් ඇදලා මගේ ලගට ගත්තා මම එයාට උන හැමදේම එයාගේ අතත් අල්ලගෙන කිව්වා එයාගේ ඇස් වල කදුලු පිරිලා තිබුනා බන් එයා මට බැන්නා බන් එයාගේ දුක කියාගෙන කියාගෙන ගියා මට මන් ගැනම තව තවත් කලකිරුනා කිරිල්ලියෙක් වගේ කියෝගෙන යන එයාගේ දෙතොල් මම තෙමුවේ ඉන්න තැනවත් මතක නැතුවයි එයා මාව ආදරයෙන් වැලදගෙන මගේ තුරුලට වෙලා හිටියා එයා ආයෙත් මගේම උනා ඒත් එයාලගේ අක්කලා මට පොඩ්ඩක්වත් කැමති නැහැ ලූ බන්
අක්කලාගෙන් වැඩක් නැහැ බන් හු*#*&# ඒකී උබට සිරා ලව්නම් එච්චරයි...
ඔව් බන් මම මොන දේ උනත් ආයෙත් වෙන කා ගැනවත් හිතන්නේ නැහැ මම හදවතින්ම ආදරේ කරන්නේ
එයාට විතරයි බන් මම එයා වෙනුවෙන් ඕනේම දෙයක් කරනවා එයා මට drinks ගන්න එපා කිව්වා බන් මම එයා වෙනුවෙන් ඒකත් නතර කරනවා බන් හිමාලයෝ ...

මට සතුටුයි බන් උබට හරි ගිය එකට
අපි දෙන්නා හෙට මීට් වෙනවා උබත් වරෙන් ස්ටේෂන් රෝඩ් එකට
උබලා ගිහින් වරෙන් ... පරිස්සමෙන්

මාස දෙකකට පමන පසු..
ඇත්තටම අරලියයි නිරාජුයි ෆට්ට කපල් එක උන් දෙන්නාට දෙන්නා ෆට්ට ලව්..
කෝ මූ තාම නැහැ නේ පරක්කුත් වෙලා
අඩෝ මොකද බන් පරක්කු
තෝ එන්නම් කිව්වේ කීයටද
යමන් ක්ලාස් යන්න පරක්කු වෙනවා අඩෝ මාර සීන් එක බන් උනේ
ඇයි මොකෝ උනේ කියහන්කෝ බන් තෝ නිකන් මාධ්‍යවේදීයෙක් වගේනේ බොරුවට බය කරන්නේ
බොරුවට නෙමේ බන් ඊයේ මායි අරලියා යි ස්ටේෂන් රෝඩ් එකේ ඉන්නවා කව්ද දැකලා ඊයේ එයා මට කිව්වා බන් ගෙදරින් දැන ගත්තත් මව දාලා යන්නේ නැහැ කියලා බන් මාව බදාගෙන ඇඩුවා බන් ඒකිට ඊයේ ඉවෙන් වගේ තේරීලා බන්.අදත් අපි බස් එකේ එකටනේ ගියේ එයාලගේ මාමා දැකලා අම්මාට ගිහින් කියලා ලොකු අක්කා එයාට ගහලත් එක්ක මේ සම්බන්ධය නතර කරන්න කියලා අරලියා කවදාවත් නැතුව අක්කලා එක්ක එකට එක කතා කරලා මට මගේ සුදු නෝනා බල්න්න ඕන බන් එයාට කවදාවත් නැතුව මන් නිසා ගුටි කන්නත් වෙලා බන් මට මේ හැමදේම කිව්වේ අසිකා බන් අරලියාගේ යාලූවා
මට තේරෙන්නේ නැහැ බන් මොනා කරන්නද කියලා අද අරලියාට ක්ලාස් මම මට ක්ලාස් ඉවර වෙන වෙලාවටමයි එයාටත් ක්ලාස් ඉවර වෙන්නේ මම එයාව හම්බෙන්න යනවා බන්
ගෙදරින් ඇවිත් ඉදිද බන්
බලමු බන් මන් එයාට එයාගේ තාත්තාගේ අඩුව දැනෙන්න දෙන්නේ නැහැ මන් එයාට එයාගේ තාත්තා වගේ බන් ආදරේ කරන්නේ එයා නිසයි මන් මේ විදියට ඉන්නේ අපේ ගෙදරිනුත් දන්නවා බන් අනේ මන්දා මන් එයා නැති උනොත් මොනා කරන්නද කියලා...
යමන් දැන් වරෙන් උබේ ඕන දේකට මම ඉන්නවා.....
ක්ලාස් ඇරුන ගමන් මමයි නිරාජ්යයි අරලියා නංගිව බලන්න ක්ලාස් එකට ගියා
අඩෝ අරලියා එලියට ආවා යමන්
හා යමන්
අපි යනවත් එක්කම අරලියා නංගි කදුලු පිරි ඇස් වලින් නිරාජයාව බදාගෙන ඇඩුවා
අයියේ ඔයා මාව කවදාවත් දාලා යන්නේ නැහැ නේද අනේ අයියේ මම දැන් මොනාද කරන්නේ මට ඔයා නැතුව නම් තවත් ඉන්න බැහැ අවුරුද්දක් තිස්සේ මම වින්ද දුක මම විතරයි දන්නේ
නැහැ මගේ රත්තරනේ මම ඔයාව අයේත් කවදාවත්ම නැති කරගන්නේ නැහැ ....මම මගේ පනටත් වඩා ඔයාට ආදරේ කරනවා මගේ රත්තරනේ .....
බබා පරිස්සමෙන් යන්න ගෙදර ගිහින් මැසේජ් එකක් දාන්න බබා
හා අයියේ මම යන්නම්...

අපිත් යමන් බන් ගෙදර ..
.යමන් යමන් මටනම් මේ ජීවිතේම එපා වෙලා තියෙන්නේ බන්...
හෙට ස්කූල් වරෙන් මචෝ මම යන්නම්
හා බන්
පසුදා මම ස්කූල් ගිය ගමන් නිරාජ් ආවා
ඇයි ඩෝ මේ ඇස්වල කදුලු මම අරයාට මැසේජ් 100කටත් වඩා දැම්මා බන් ඒත් එයාගෙන් එක රිප්ලයි එකක්වත් නැහැ මට මගේ මුලු ජීවිතේම එපා වෙලා බන් .අපි ක්ලාස් එක ලගට යමුද බන් අද හවසට
හා යමන්
කෝහෝම හරි අපි ක්ලාස් එක ලගට ගියා ක්ලාස් ඇරෙන වෙලාවට ඒත් අරලියා නංගි ආවේ නැහැ එයාගේ යාලූවා අශිකා ඇවිත් නිරාජ් ට ලිව්මක් දීලා කිව්වා මේක අරලියා දෙන්න කිව්වා කියලා අයියේ...අපි දෙන්නා ලිව්ම කියව්වා....

මගේ සුදු අයියේ.....
මම ඔයාගේ අරලියා නංගි අයියේ ගෙදරින් මගේ පෝන් එක ගත්තා ..අපේ ගෙදරින් ඔයාගෙයි මගෙයි සම්බන්දේ දන්නවා ඒක ඇත්ත..ඒත් මේ ලගදි අපේ අක්කාගේ පස්සෙන් කොල්ලෙක් එනවා අපේ අක්කා කැමති නැහැ කියලා කිව්වත් ඒ කොල්ලා දිගටම අක්කාගේ පස්සෙන් ඇවිත් ඊයේ ඒ කොල්ලා අක්කාට පොටෝ වගයක් දීලා ඒ පොටෝ වල ඉන්නේ කව්ද දන්නවාද ඒ වෙන කව්රුත් නෙමේ අපි දෙන්නා අයියේ අක්කා ඒ ටික අරන් ඇවිත් අම්මාට දුන්නා අම්මා මට ගැහැව්වා අයියේ ... මට මේ ජීවිතේ එපා වෙලා අයියේ හෙට මම ඔයාව හම්බෙන්න 4 වෙද්දි බංන්ඩාරවෙල ස්ටේෂන් රෝඩ් එකට එනවා ඔයා අනිවාර්යයෙන්ම එන්න ඒ වෙලාවට ...මීට ඔයාගේ සුදු නංගි

හිමාල් 4 වෙද්දි යමන් මන් එන්නම් උබලගේ ගෙවල් ගාවට .. හාද හා බන් දැන් යමන්
හා බන්
කෝහෝම හරි අපි ස්ටේෂන් රෝඩ් එකට ගියා අරලියා නංගි ඇවිත් හිටියා අරලියා නංගිව දැක්ක ගමන් නිරාජයාට ගිහින් තදින් වැලදගත්තා ....මට උන්ව දැක්කාම දුක හිතුනා ආදරයකට කොයි තරම් බාදාවන් තියෙනවාද කියා මට සිතුනා....මම මේ දේවල් කල්පනා කර කර බංකුවක් උඩට වෙලා ඉදගෙන හිටියා නිරාජ් ආවා ඒ කදුලු පිරි මූහූනින් මන් ලගට ඇවිත් ඉදගත්තා
ඇයි බන් නංගි මොකෝ කියන්නේ එයා නම් මට පන ඇරලා ආදරෙයි බන් ගෙදරින් නිතරම බයිනවලූ අක්කලා බයිනවලූ එයාට ඉන්න එපා වෙලාලූ එයා කියනවා පැනලා යමුලූ ඒත් මම එයාව කොහේ එක්කන් යන්නද බන් මන් කෝහෝමද බන් එයාව සතුටින් තියන්නේ මටත් ඕනේ එයාව මටත් හිතුනා පැනලා යන්න ඒත් අපි කොහේ කියලා යන්නද බන් මන් මොනා කරන්න ද කියලා මට තේරෙන්නේ නැහැ බන් මන් එයාට තේරුම් කලා බන් පැනලා ගිහින් අපි මොනා කරන්නද කියලා එයාගේ හීන වලට අපි දෙන්නා මවපු හීන සැබෑ කරගන්න බැහැ කියලා එයා දුක් විදිනවා බලන්න බැහෑ බන් යමන් බන් ගෙදර එයාට පෝන් එක දුන්නා කියලා කිව්වා
යමන් බන් දැන් ගෙදර

මේ රෑ කව්ද කෝල් ගන්නේ ....ආ මේ නිරාජ් නේ
හෙලෝ
ඔව් නිරාජ් කියපම්
අඩෝ මාර වැඩේ බන් වෙලා තියෙන්නේ ඇයි මොකක්ද සීන් එක ...
අද හවස අපි හම්බුන එක අක්කලා දැනගෙන අම්මාට කියලා බන් අරලියලාගේ අරලියලාගේ මාමායි අම්මයි අරලියාට ගහලත් එක්ක බන් හොදටම බැනලා බන්... ඒ පාර මෙයා ලිදට පයින්න හදනකොටම පොඩි අක්කා දැකලා කෑගහලා අක්කලා 3න් දෙනයි අම්මයි ගිහින් අරලියාව අල්ලගෙන බන් ආහල පාහල මිනිස්සූ ඔක්කෝම ඒහේ පිරිලලු බන් එයාගේ මමා එයාට ගහලා බන්... මම මැසේජ් දැම්මා බන් ඒත් රිප්ලයි නැහැ බන් මම එක 100කටවඩා මැසේජ් දැම්මා..
ඉතින් උබ කෝහෝමද මේවා දන්නේ අශිකා තමා මට කෝල් කරලා කිව්වේ බන් මන් මොනාද කරන්නේ කියලා මට හිතා ගන්නවත් බැහැ බන් මම හෙට ස්කෝලේ යන්නේ නැහැ බන් ඇරෙන වෙලාවට අරලියලගේ ස්කෝලේ ගාවට යනවා එයාව බලන්න මට එයාව බලන්න ඕනේ බන්
හරි මමත් එන්නම් බන් යන්න
උබ මන් වෙනුවෙන් කරන දේවල් වලට උබට පින් බන් ...
හරි හරි

කෝහෝම හරි අපි දෙන්නා පහුවදා අරලියලාගේ ස්කූල් එක ගාවට ගියා
අඩෝ අර ඉන්නේ අරලියාගේ අම්මයි මාමයි බන් ...අපිට අරලියාව හම්බෙන්න වෙන්නේ නැහැ යමන් ...
නැගපම් යමන්
පොඩ්ඩක් හිමිට පලයන් කෙල්ල වගේ නෙමෙව් උබට මොනා හරි උනොත් උබේ අම්මාටයි තාත්තාටයි තමා ඒ දුක දැනෙන්නේ...

අරලියා නිසාම හැදුනු මගේ යලූවා කවදාවත් නැතුව සිගරැට් බීලා කෙල්ලෙක් නිසාම අවස්ථාවක සාර්ථක වෙන එව්න් කෙල්ලෙ

කෙල්ලෙක් නිසාම අවස්ථාවක සාර්ථක වෙන එව්න් කෙල්ලෙක් නිසාම විනාස වෙයි ප්‍රශ්න වලට විසදුම බීම නෙමේ මේවට සාර්ථකව මූහූන දීමට අපිට ශක්තියක් තියෙන්නත් ඕන ...

මල්ලි මේ කෝල් එකක් ඉන්නවා එනවා
හෙලෝ මචන්
හිමාලයා මම අරලියාට මැසේජ් දැම්මා බන් එයා රිප්ලයි කලා
ඉතින් ගොඩනේ බන් ඇයි උබ අප්සට් එකේ වගේ
එයා මට රිප්ලයි කලා බන් එයා මට කිව්වා එයාව අමතක කරන්න කියලා එයා කිව්වා එයා මට ආදරේ කරන්නේ නැහැ කියලා මන් මැසේජ් දැම්මා බන් එක 100කටත් වඩා ඒත් ආයේත් රිප්ලයො කලේ නැහැ මන් කිව්වා මට එයා නැතුව ජීවත් වෙන්න බැහැ කියලා ඒත් එයා මාව තේරූම් ගන්නේ නැහැ බන් මන් කිව්වා මන් මේ පාර එයාට ලන් උනේ මොන බාදකේ ආවත් මන් ඔයාව දාලා යන්න නෙමේ මේක පටන් ගත්තේ කියලා එයා නැතුව මට ජීවිතේ වෙන්න බැහැ බන් ඇයි එයා මට කියන්නේ එයාව අමතක කරන්න කියලා දන්නවනම් මන් මේහේම වෙනවා කියලා එයා කියපු වෙලාවේ මන් එයත් එක්ක කොහේ හරි ගිහින් ජීවත්වෙනවා බන් දුක් විදලා එයාව හොදට බලා ගන්නවා මන් මේ හැමදේම එයාට කිව්වා බන්.....ඒත් එයා මාව තේරුම් ගත්තේ නැහැ බන් මාව...
මම එයාට කොච්චර ආදරේ කරනවාද කියල දන්නේ මම විතරයි එයා නැතුව එක තත්පරයක්වත් මට එයා නැතුව ඉන්න බැහැ බන් මන් හෙට ස්කෝලේ එන්නේ නැහැ බන් .....
මන් තියන්නම් බන්
බායි
අනේ මන්දා හොදට හිටපු එකාට මේ මොකක්ද උනේ ඇයි අරලියා නංගි මේහේම කලේ එකපාරටම ....
අද දවසත් ගෙවිලා ගියා
කෝල් එකක් කව්ද බලමු ආ නිරාජ් නේ
හෙලෝ නිරාජ්
කියහන් බන් මාර වැඩක් බන් උනේ
ඇයි මොකෝ අවුල
මට දැන් මැසේජ් එකක් ආව බන් මේහේම
*මල්ලි මමයි ඊයේ නංගි වගේ මැසේජ් කලේ ඔයාට ... අපෙන් අවුලක් නැහැ සතුටින් ඉන්න මම අරලියාගේ අක්කා කියලා......
අඩෝ සිරාද බන්
ඔව් බන් හෙට මම එයාව හම්බෙනවා මට මගේ ආදරේ ලැබුනා බන්
මට මුලු ලෝකේම ලැබුනා බන්

ඉතින් නංගි ඔයා ගැන මූ මට කියන්නේ ඔවා තමා ඉතින් ඔයාලා දෙන්නා ගැන මම නොදන්න දෙයක් නම් නැහැ නංගිගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනාද
නිරාජ් මන් යනවා බන් උබලා කතා කර කර හිටපල්ලා මට තිබහයි තොපිලගේ ලව්ස්ටෝරි ය කියලා ....

අයියා පන ඔයා මට මේ තරම් ආදරේ කලාද ඔව් මගේ මැනික මන් ඔයාට මේ මුලු ලෝකෙටත් වඩා ආදරේ කලා ඔයා තාමා මගේ මුලු ජීවීතේම
*******----------------නිමි---------------------******
මොන බාදකේ ආවත් සත්‍ය ආදරේ සියලු අබියෝගයන් ජයග්‍රහණය කරයි ....
ආදරේ කියන ඒ උතුම් දේ විශ්වාසය මත රදා පවති.....

- මාංචු පේජ් -

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment