එයා හරිම මුරණ්ඩුයි
( කෙටි කතාව )
එයාට මම ගැන ගාණක්වත් නෑ..ඒ කියල දෛවය දෙන විදිහනේ කියල හිත හදාගන්නත් බෑ..
ලෝකයට දවස් උදා වෙන්නෙත්..ඒවා ගෙවෙන්නෙත් එකම විදිහට..ඒක වෙනස් කරන්න කාටවත් බෑ..ඒත් ජිවිත එහෙම නෙවේනේ..ඒවා ගෙවෙන්නේ..අපිට දෙයක් දෙන්න ඇවිත් හෝ අපෙන් දෙයක් අරන් යන්න ඇවිත් වෙන්න පුලුවන්..ඒකයි ඇත්ත..කිසිම අලුත් දෙයක් නොවි ඔහේ ගෙවෙන දවස් වගේම හැම මොහොතකම අලුතින් දේවල් එකතු වෙන දවසුත් නැතුවාම නෙවේනේ..හැබැයි අර කිසිම අලුත් දෙයක් නොවුන දවසක් අපි මතකයේ තියාගන්න කාලය අඩුයිනේ..ඒක තමා ඇත්ත..
හැබැයි අර අලුතින්ම දෙයක් එකතු වෙලා සදාතනික මතකයක් වෙන දවස් නැතුවාම නෙවේ..කොච්චර හිතෙන් එලවගන්න උත්සාහ කරත් ඒක කරගන්න බැරි වෙන වාර අනන්තයි..කොටින්ම ඒ වදකාරි මතකයන් කොච්චර හිතෙන් පලවා හරින්න බැලුවාත් ඒවා ස්ථිරව ඇලෙන ගැටෙන වාර අනන්තයි..ඔහොම වේලාවට පැත්තකට වෙලා පැය ගාණක් හුල්ලන්න..විදවන්න පුරුදු වෙච්ච අපිට තව මොන කතාද ?..
2017 ඔක්තෝබර් මාසයේ එක දිනයකදි මාස ගාණක් හිතු දෙයක් කෙනෙකුගෙන් අහන්න කොල්ලෙකුට හිතුනා..ඔහු ප්‍රථම වතාවට කෙල්ලෙක් ගෙන් යාලුවෙන්න අහනවා නෙවේ මේ..අහපු අවස්ථා තිබුනා..නමුත් මේ කෙල්ලව හිතේ ගැඹුරටම වැදිල නිසා කොල්ලා අහන්න තිරණය කරා ඇහුවා..ඒත් එයාට ලැබුණූ ප්‍රතිචාර එච්චරම සුබ දායක නෑ..ඒක කොල්ලාගේ ඉරණමද ?.. දෛවය දෙන විදිහද කියල හිතාගන්න කොල්ලාටම තේරෙන් නෑ..ඔහේ ඇය ගැන හිතනවා හැර වෙන දෙයක් කරන්නත් කොල්ලාට ඉතිරි නෑ..
“අඩෝ කොල්ලා මම ආවා..”
“ආ වාඩි වෙයන් බන්..මම කල්පනාවක බන් හිටියේ..උඹ එනකන් මට ගාණක් නෑ..ඒ තරමට මම කල්පනාවක බන් හිටියේ..”
“හම්මට සිරි එහෙමද ?..මොනවා ගැනද බන් කල්පනාව...කෙල්ලෙක් ගැනවත්ද ?..”
“ඔව් බන් ඇත්තම කිව්වොත් කෙල්ලෙක් ගැන තමා..”
“කව්ද බන් කෙල්ල..”
“නමින් කිව්වාට උඹ දන් නෑ බන්..ඒත් මගේ හිතේ ගැඹුරටම වැදුණූ කෙල්ලෙක් බන්..ඒකිව මට අහම්බෙන් හමුවුන කෙල්ලෙක්..ඒත් ඒකිව දැන් මට ඕන..ඒ තරමට මට ඒ කෙල්ල ගැන ආදරයක් දැනිල...”
“ඉතින් කෙලින්ම අහපන්කෝ...”
“ඇහුවා බන්...ඒත් ඒකිගෙන් නෝ රිප්ලයි..ඇත්තටම ඒක ඒකිගේ මුරණ්ඩුකමද ?..මගේ දෛවයේ සිදුරක්ද කියල මටම හිතාගන්න බෑ බන්..පොඩ්ඩක් ඔහොම හිටපන්කෝ..මම ඇඳුමක් දාගෙන එන්නම්..අපි නිදහසේ කොහෙට හරි ගිහින් කතා කරමු...”
“හා වරෙන්කෝ යන්න...මම එලියට වෙලා ඉන්නම්...”
ජිවිතේ කොච්චර දුක් විදල ඇතිද ?..කොච්චර හිතින් වේදනා විදල ඇතිද ?....ඕක ඉතින් කාගෙන් ඇහුවාත් කියන්නේ අනේකවිධව දුක් විදල තියනවා කියලානේ..මේක එහෙම දෙයක් නෙවේනේ..මේක මේ නොලැබිමට වෙන මොකක්දෝ දෙයක්..ඉතින් කොහොම හිත හදන් විදවන එකෙන් ගැලවෙන්නද ?..ඒ කියල ඒකිව අමතක කරල දාල ඔහේ දෛවයට දිනුම දිලාත් බෑ..මොකද ඒකි කොල්ලා ගැන නොහිතන කතාව කෙසේ වෙතත්..කොල්ලා කෙල්ල ගැන හිතනවානේ..ඒකනේ ඇත්ත...ඉතින් කොහොම ඒකිව අමතක කරලා දාන්නද ?..කතාවටත් කියන්නේ..ඔබට මාව එපා උනාට මට ඔබව එපා වෙන්නේ නෑ කියල..ඒත් මේ මුරණ්ඩුකම ආදරයකට හරවා ගන්නේ කොහොමද ?..ඒ ආදරේ ලබා ගන්නේ කොහොමද ?..ඒ වගේ කෙල්ලෙක් ආය නොලැබෙන බව හිත කියනවා නම්...නොලැබෙන පෙමකට හැමදාම අඬන්නත් බෑ..ඒ කියල ඒ කෙල්ල කෙලින් තිරණයක් දෙන පාටකුත් නෑ..ඉතින් මොනවා කරන්නද ?..එයාට දිනුම දිල එයාම තිරණයක් දෙනකන් බලන් ඉන්නවා මිස...
“යමන්කෝ මචන් ඇල පැත්තටවත්..ගිහින් අර බැම්මේ වාඩි වෙලා අපි කතා කරමු..”
“හා වරෙන්කෝ යන්න..මොකක්ද බන් ඇත්තටම කතාව..”
“ඉස්සරලාම යමන්කෝ...”
උඹට කොහොම මේක කියන්නද ?..උඹ මම ගැන මොනවා හිතාවිද ?..ඒත් කාට හරි මේක ගැන කියන්නත් වෙනවා..ඒක නිසා මේක කතාව හිතේ තියන් විදවනවාට වඩා හිතින්ම කියල අවසන් කරගත්තාම ලේසි..ඒ මුරණ්ඩුකම කාගෙන් ඇයට ආවද කියල මටම හිතාගන්න බෑ..ඒත් ඒ මුරණ්ඩුකම ඇතුලේ සෘජු බවක් තිබුනා..ඒකට කොල්ලා හරිම ලෝබකම් කරා...ඒකයි ඇත්ත...
“වාඩි වෙයන්කෝ...”
“හරි දැන් කියපන්කෝ..”
“මේකයි මචන් මට ඒකිව මිට් උනේ මුලින්ම මතක තරමින් ඉවෙන්ට් එකකදි..මොන වගේ ඉවෙන්ට් එකක්ද කියන්න නම් මට බෑ..ඒත් එදා මම ඒකිව දැක්කාම මට හිතට මොකක්දෝ වෙලා ගියා..මට කතා කරපු විදිහ දැක්කා නම් උඹ මට කලින් ඒකිට ලෝබකම් කරනවා..ඒකයි බන් ඇත්ත...”
“දැන් තෝ ඒකිගෙන් ඇහුවා කිව්වා නේද ?..”
“ඔව් යකෝ ඇහුවා තමා..ඒත් නෝ රිප්ලයි..නෝ ප්‍රගතියක් තමා කියන්න වෙන්නේ...”
“අපෝ තෝ කෙල්ලෙක්ගෙන් අහපු මුල්ම වතාව වගේනේ...”
“නෑ බන් කෙල්ලන්ගෙන් අහල තියනවා..නැත්තේ නෑ..ඒත් මට මේකි ස්පෙෂල්..ඒත් ඒකිගෙන් නෑ රිප්ලයි..කැමැත්තකුත් නෑ..අකැමැත්තකුත් නෑ කියන තත්වයට පත් වෙලා තියෙන්නේ දැන්...”
“ඇයි බන් ඒකි මුරණ්ඩු කියල අපි හොයාගමු..මොකද තෝට කෙල්ලෙක්ට ලේසියකට නහුතේට හිත යන්නෙත් නෑනේ..ඒකනේ සෑබෑම කතාව..මම තෝව දන්නේ අද ඊයේ නෙවේනේ...
“ඕනවාට වඩා මම බලා පොරොත්තු තියාගන් නෑ බන්..මම කොච්චර ආදරෙන් ඒකිට කතා කරත් ඒකි හරිම මුරණ්ඩුයි බන්..ඉතින් මොනවා කියල හිතන්නද මම..බලන් ඉන්නවා හැර...”
ජිවිතේට මිනිස්සු එන්නේ අහම්බෙන් බව ඇත්ත..ඒත් ඒ මිනිස්සු ජිවිතේම වෙන වාර නැතුවාම නෙවේ...ඉතින් බලා සිටිනවා හැර මොනවා කරන්නද ?..
අවසානයි...
ලිව්වේ - සඳු ලියයි...
උපුටා ගැනීමකි
No comments:
Post a Comment