උපුටා ගැනීමකි

🌻🌻🌻කෙටි කතාව🌻🌻🌻

ඇගට දැනුණු තෙහෙට්ටු ගතිය නිසාම මං පසෙකින් වාඩි වී බලන් හිටියේ සෙනග පිරුනු ක්‍රීඩා පිටිය දිහා. අපේ ප්‍රතිභා යෞවන සමාජය සංවිධානය කරන පලවෙනි අවුරුදු උත්සවය. සෙනග පීරමින් මගේ ඇස් හෙව්වේ එක රුවක්. පුංචි ළමයි වෙනුවෙන් අලියට ඇහැ තැබීමේ තරගෙ තියෙන තැන හිටිය ඈගේ රූපය මා තුල තිබූ විඩාව නැති කර දැමුවා. රෝස පාට කම්මුල් අව් රශ්මිය නිසා රතු පාට වෙලා. පව් පොඩි කෙල්ල.
"මොකද උඹ මෙතන අනිමිස ලෝචන පූජාවද?" අකිලයාගෙ හඩින් මගේ සිතුවිලි විසිරී ගියා. මං ඌ දෙස බැලුවෙ නොරිස්සුමෙන්.
"මොකෝ උඹ ඔරවන්නේ? කවදා ඉදන්ද බං ඔය භාවනාව. කෙලින්ම කියපන්කො ඒකිට."
  "වෙන්නේ නැති දේවල් ගැන ඒ පොඩි කෙල්ලට බලාපොරොත්තු දෙන්න බෑ අකිල."
   "මොකක්ද වෙන්නේ නැත්තෙ? ඒකිත් උඹට කැමතියි. අපේ උන් කීයක් ඒකිට ට්‍රයිද ඒත් උඹ ඇර අනිත් ඔක්කොටම ලොකු සීන්."
"අම්මෝ හරිම අමාරුයි. ඇති යන්තම් ඒ තරගෙ ඉවරයි." මෙතූ නංගි අප වෙත ආවෙ එසේ කියමින්. 'පහන්දි මෙත්සලා' මගේ ආදරේ. ඒ ඇස් මගේ ඇස් ළග තත්පර කිහිපයකට නතර වුනේ කතා ගොඩක් පවසමින්.
  "බෝනික්කි කාලද ඉන්නේ?" අකිලගෙ ඇමතුමට මෙතූ නංගිගෙ මූණ තවත් රතු වුනා.
  "මෝඩයා මං කියල තියෙනවා නේද මට බෝනික්කි කියන්න එපා කියල."
   "අපිට කිව්වට වැඩක් නෑ නම දාපු කෙනාට කියන්න" අකිල මා පෙන්වමින් කිව්වා.
   "ඇත්තද සිහින අයියා ඔයාද මට බෝනික්කි කියල නමක් හැදුවේ?"  මම කිසිවක් නොකියා සිනාසුනෙමි. බෝනික්කෙකුගෙ මෙන් දිගු ඇස් පිහාටු ඇති නිල් පාට දිලිසෙන ඇස් දෙකට මගේ හිත බැදී තිබුනු තරම් දැන උන්නේ මං විතරයි.
"දෙන්නම කාලා නෑ නේද හිටපං මං කෑම දෙකක් අරන් එන්නම්" අකිල අප තනි කර එතනින් ඈත් වුණා.
  "සිහින අයියා කරදරේකින්ද ඉන්නේ?" ඈ විමසුවේ මගේ ඇස් වෙතට එබෙමිනි.
  "නෑ නංගියා ඇයි එහෙම ඇහුවේ?"
"අනේ මංදා මට එහෙම හිතුනා දවස් ගානක ඉදලා. කරදරයක් නැත්නම් කමක් නෑ. සතුටින් ඉන්න ඕනි හොදේ."
  පුංචි බබෙක් වගේ හුරතල් කටහඬකින් කතා කරන මේ කෙල්ල දවසින් දවස මගේ හිත හොරකම් කරන්නේ ලොකු වේදනාවක් තැන්පත් කරමින්.
   "මචං කෑම ඉවරයි බං. එක බත් එකයි තිබුනෙ. උඹලා දෙන්නා බෙදාගෙන කාපල්ලා." අකිල බත් පාර්සලයක් දී එතනින් ගියා.
    "මට බඩගිනි නෑ නංගා ඔයා කන්න."
"අනේ මට මේ බත් එක තනියම කන්න බෑ. ඔයා කන්නෙ නැත්නම් මටත් එපා."
     ඔයාගේ හුරතල් කතා අහන ගමන් ඔය අතින් බත් කටක් කන්න තිබුනා නම්... හදවතට එන සිතුවිලි වලින් මට දැනුණේ මා ගැනම වේදනාවක්. ඕනි වුනේ මෙතූ නංගි අසලින් ඉවත්ව යාමටයි. ඒත් කොහොමද යන්නේ?
  "කෝ ඉතින් කන්නකෝ. කන්නෙත් නතුව මොනාද ඔච්චර කල්පනා කරන්නේ"මෙතෙක් වෙලා එයා මං දිහා බලන් ඉදලා තියෙන්නෙ.
     සිහින අයියා මං ඔයාට කෑම එකක් ගේනාවා. ඔය එක එක්කෙනාගෙන් කන්න ඕනි නෑ." මගේ නැන්දාගෙ දුව තරුෂි මා අසලින් වාඩි වුනේ මෙතූ නංගිට රවමිනි.
    "මං කවන්නද? කෝ ආ.. කියන්න" වෙනදාට තරුෂිව පෙන්නන්න බැරි උනත් මෙතූ නංගිගෙන් ඈත් වීමට අවැසි වී සිටි නිසා මං තරුෂිට ලං වෙමින් ඈ කවන බත් කෑවෙ නංගිට පෙනෙන්නටය.
    මෙතූ නංගි දෑස් විසල් කරගෙන මං දිහා බලාගෙන හිටියා. සිතට දැනුණේ තවත් වේදනාවක් පමණි. බත් කටක්වත් නොකා ඈ අප අසලින් යන්නට ගියේ කදුලු පිරුනු ඇස් සගවමින්.
   "මට ඇති."
"බත් කටවල් දෙකක්වත් කෑවෙ නෑනෙ."
   "එක පාරක් කිව්වනේ මට ඇති" හිතේ වේදනාව පිට වුනේ තරුෂිගෙ පිටින්. එක දෙයක් විශ්වාසයයි. මං තරම් නැතත් මෙතූ නංගි මට ආදරේ කරනවා.
    ***************************
  "සිහින අයියා කැමති ඔයාට. නැත්නම් මෙච්චර අපි ඉන්නකොට උඹ දිහා විතරක් කන්න වගේ බලාගෙන ඉදියිද?"
   "එහෙනම් ඇයි අරකිට කියල බත් කවාගත්තෙ? මට කිව්වා නම් මං කවනවනෙ"
    "කියනකම් බලන් ඉන්නෙ නැතිව කවන්න තිබුනනේ. තරුෂි උඹට කලින් ඉස්සර වුනා."
    "මට ආදරෙයි නම් එක එකීලට කියල කවාගනියිද? මං ආදරෙ වුනාට එයා මට ආදරෙ නෑ. මහ නපුරෙක්."
    පොල් අතු වලින් සදා තිබූ ගැමි ගෙදර තුලින් අහම්බෙන් වගේ ඇහුන කතාබහ නිසා සිතට ලොකු සතුටක් දැනුනා. කෙල්ල මට ආදරෙයි. ඒත් ඒ ආදරේ විදින්න මම පිං කරල නෑ. මෙතූ නංගි ගැමි ගෙදරින් එලියට ආවෙ ලස්සන ඔසරියකින් සැරසීගෙනය. ඇගේ සුන්දරත්වය වචන වලට පෙරලීමට නොහැකිව මා බලාගෙන හිටියා.
     "ලස්සනයි..." මං කිව්වෙ ඒ ඇස් දිහා බලාගෙන.
      "අවුරුදු කුමාරි තරගෙට ඉන්න අයට අංක ටික දෙන්න තියෙනවා. මං යන්නම්. තව ටිකකින් ස්ටේජ් එකට එන්න." මෙතූ නංගිගේ මිතුරිය අප තනි කර ගියා.
       "තාම මුකුත් කාලා නෑ නේද? ඇයි බත් එක කෑවෙ නැත්තෙ."
     "තරුෂි ඔයාගෙ කවුද?" මගේ ප්‍රශ්නයට පිළිතුරක් නොදීම තවත් ප්‍රශ්නයක්. මං ගැන බලාපොරොත්තු දිලා මේ අහිංසකීගෙ ජීවිතේ නාස්ති කරන්න මට බෑ. සිතට නැගුණු දහසක් සිතුවිලි සගවමින් මං මගේ ආදරේ දිහා බැලුවා.
     එයාව තමයි මං marry කරන්න ඉන්නෙ. හිතක් පපුවක් නැති එකෙක් වගේ මං කිව්වේ ඒ ඇස් කදුලින් පුරවමින්.
"මං.. මම හිතුවෙ ඔයා මට ආදරෙයි කියල."
"මොකක්?"
" මගේ දිහා බලන් ඉද්දි මට හිතුනේ ඔයා මං ගැන හිතනවා කියල."
"මොනාද කියවන්නේ?"
"මට පොඩ්ඩක්වත් ආදරෙ නැද්ද? ඔයාගෙ ඇස් දෙක බොරුවක්ද කලේ."
    "තමුසෙට පිස්සුද? මං කවදද තමුසෙට ආදරෙ කලේ. මං ආදරෙ තරුෂිට. මං තමුසෙ දිහා බැලුවා තමයි ඒ ආදරේට නෙවෙයි. මට ඕනි වුනේ පොඩි සැපක් ගන්න."
     සිහින නවත්තපං ඕක. මොනාද ඔය කියවන්නේ?" අකිල ආවේ මගේ අ‍යියත් එක්ක. දෙන්නම මං දිහා බලන් හිටියෙ පුදුමයෙන්.
      මෙතූ නංගිගෙ ඇස් වලින් කදුලු ගලන්නේ උල්පතක් වගේ. දරාගන්න බැරි වේදනාවකින් මං එතනින් යන්නට ගියේ අසිහියෙන් වගේ.
    "අකිල මේ නංගිව එක්කන් යන්න." අයියගෙ කටහඩ යන්තමින් ඇහුණා. මං වේගයෙන් ක්‍රීඩා පිටියෙන් එලියට ඇවිද ගියා.
  "මං එයාට ආදරෙ උනාට එයා මට ආදරෙ නෑ" මෙතූ නංගිගේ කටහඩ හැමතැනම දෝංකාර දෙනවා වගේ ඇහෙන්නේ ඒ කදුලු පිරුණු මූණ හිත පුරා සටහන් කරමින්. ඉවසා ගන්න බැරි වේදනාවෙන් පපුව රිදුම් දෙනවා. මං පාරෙ මැද වාඩි වුනේ තව එක අඩියක්වත් යන්න තරම් ශක්තියක් ඉතිරිව නැති නිසා. මට සමාවෙයන් මගෙ බෝනික්කි මට සමාවෙයන්. අද ඔයාට කදුලු දුන්නේ හෙට හිනාවෙනවා බලන්න ඕනි උන නිසා රත්තරන්..
       ""චූටි.. අඩන්න එපා. කෝ නැගිටින්න. යමු ගෙදර." අයියා මගෙ පස්සෙන් ඇවිත්. මං එයාට වාරු වුනා.
"මං මගේ බෝනික්කිව ඇඩෙව්වා ලොකූ. ඒ අහිංසක කෙල්ලව ඇඩෙව්වා. ඒ කෙල්ල මට ආදරෙයි. ඒත් මං වගේ පව්කාරයෙක්ට ඒ ආදරෙ විදින්න පින නෑ. මට මගේ බෝනික්කිව ඕනි ලොකූ. මට එයාව දාලා යන්න හිත හදා ගන්න බෑ. මට ඕනි මගේ නංගි එක්ක ජීවත් වෙන්න. එයා වගේ ලස්සන බබාලා ගොඩක් හදන්න. මට මැරෙන්න ඕනි නෑ ලොකූ මට ඕනි නෑ. එක පාරක් හරි මගෙ කෙල්ලව තුරුලු කරන් ආදරෙයි කියන්න ඕනි. ඒ මෝඩි හිතන්නෙ මම ආදරෙ නෑ කියල. තේරෙන්නෙ නැද්ද  ඒ මගෙ හුස්ම ටික කියල." පිරිමින්ට කදුලු තහනම් උනත් ජීවිතය පටන් ගන්න කලින් මරණය අත වනද්දි දැනෙන ඒ අසරණකමට කදුලු හිර කරන් ඉන්න අමාරුයි.
    "සිහින අයියේ..." සිතා ගන්නටවත් නොහැකි වූ ඇසිල්ලෙන් මා ඇගේ තුරුලට නතු වුනා.
    " මට මෙච්චරටම ආදරෙයිද මගේ අයියේ.. ඔයාගෙ බෝනික්කිට ඇත්තටම ආදරෙයි නේද?"
    ඇගේ තුරුලෙන් මිදී මං එයාගේ ඇස් දිහා බැලුවා. කිසිවක් නොකියා මගෙ දෙතොල් ඒ මූණ පුරා තැබුවා.
     "මං ගැන හිතන්න එපා රත්තරන්.. මට තව වැඩි කාලයක් නෑ."
    "මුකුත් කියන්න එපා. මාව දාලා කොහෙවත් යන්නෙ නෑ ඔයා. මං ඔයාගෙ හුස්ම ටික කිව්වා නේද.. මං ලග ඉන්නකම් ඔයාට මාව දාල යන්න බෑ. කියන්න ආයෙ සැරයක් ආදරෙයි නේද මට.."
  "ඔව් මගෙ පණ ගොඩක් ගොඩක් ගොඩා.....ක් ආදරෙයි "
ඈ මා තුරුලු කර ගත්තේ මාරයාටවත් මා රැගෙන යාමට ඉඩ නොදෙන ලෙසය. සියලු වේදනාවන් යටපත් වී දැනුනේ ලොකු සැනසුමක්.  මම තව තවත් මගෙ බෝනික්කිගේ තුරුලේ උනුසුම විදිමින් දෑස් පියා ගත්තෙමි.

Uputa ganiimak

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment