( කෙටිකතාව)
°°° විදී ළඳුන අහිංසා °°°
" ඒ බං නිසල උඹ දැක්කද බං අලුතින් එලෙවල් කරන්න ආපු පට්ට කෑලි ටික "
" නැහැ බං..යමන්කෝ බලන්න.."
" හපෝ උඹ නම්..මහා පැණියෙක් බං..ඉන්න උන් මදිද තෝට..අපිට චාන්ස් එකක් දියන්.."
" අනේ පලයං බං..උඹලාට ඒ හැකියාව නැහැ කියලා මං පලිද යකෝ ..එකෙත් කලාවක් යකෝ..වරෙන් වෙලාවක කියා දේන්න.."
" අනේ බලයන් බං උඹගෙ මගුලේ හැකියාව ..වරෙන් යන්න කෑල්ලක් ටෝක් කරන්න..උඹලට වගේ වාසනාවක් අපිට නැහැනේ .."
" ඉරිසියා කරන්න එපා යකෝ..යමන්.."
" ඒ බං නිසල .."
" මොකද බං..."
" මං අර උඹට කිව්වේ මං ටෝක් කලා කියලා ගමේ කෑල්ලක් ..හරි ගියේ නැහැ කිව්වේ.."
" කවුද බං..උඹට ඉතින් එකක් කත් හරි යන්නේ නැහැනේ .."
" අර අහිංසා බං මං උඹට කිව්වේ..අර අහිංසක කෙල්ල.."
" ආ..ඔව් ..ඉතින්..එහෙම කියපන් යකෝ.."
" එකිත් ඇවිත් බං ..අර බලපන්.."
" කෝ කෝකද බං .."
" අර ඉන්නේ බං ..කොන්ඩේ දිග සුදු ලස්සන එක.."
" වාව්...😙😙..සුපිරියක් බං ..තෝට බැරි ඌනාද මේක දා ගන්න..චීක්.."
" එකි පට්ට අහිංසකයි බං ..කොල්ලෙක් එක්ක යාලු වෙන්නෙ නැහැ ලෙසියෙන්..එකිගේ අම්මා විතරයි ඉන්නේ.."
" අනේ බලයන් බං .අහිංසකයි වගේ ඉන්න උන් තමයි මියෝ දෙන්නා දේන්නා අල්ලන්නේ.."
" අනේ පව් බං ..එකි එහෙම නැහැ ..එකි මොකෙක් එක්කවත් යාලු වෙන්නෙ නැහැ ..එකිට ඔනි කැම්පස් පැන ගන්න.."
" ඔන්න බලපන් මං ඔකිව දා ගන්නවා..මොනාද කියපන් ඔට්ටු.."
" අනේ පවු බං .අත ඇරපං අහිංසක කෙල්ල..උඹගේ අර ටිරෝනි වගේ ඉල්ලපු ගමන් ඔක්කොම දේන එකියක් නෙමේ මේ.."
" අනේ කට වහාපන්..උඹ බයයි නේද"
" ආ හරි රුපියල් 500ක් ඔට්ටුයි..මොකද කියන්නේ ..
" හරි ඔන්න බලපන්..මට මාසයක් දිපන්..ඔය වගේ දේවල්ද බං කලේ .."
" හරි බලමුකෝ.."
අහිංසා ඇත්තටම අහිංසක තරුණියකි ..ඇගෙන් දිස් වුයේ වෙන යුවතියන් තුල නොවු අවිහින්සක කමකි..මාසයක් ඇයගේ පසු පස ගිය මට අවසානයෙ ඇයගේ කැමැත්ත හිමි විය..
" ඒ ජීවන්තයෝ දියන් ඔට්ටුව.."
" ඒ මොකද බං .."
" තෝගේ අහිංසකි දැන් ම්ගේ යකෝ..එකි මට හා කිව්වා.."
" නැහැ ..😦😦"
" වහා ගනින් කට.නැහැ නේමේ ඔව් යකෝ.ආ..බලපන් ලියුම.."
" නිසල මං ඔයාට ගොඩාක් ආදරෙයි..මං කැමති .මාව දාලා යන්න එපා..
මා ලියුම කියෙව්වෙ මිතුරන් සියලු දේනාටම ඇසෙන පරිදිය .ඔහු සියලු දේනා සිනා සිසි මා වර්ණනා කරන විට මට ඇති ඌයේ මා ගැනත් මගේ රූපය ගැනත් ආඩම්බරයකි ..පාසලේ කඩවසම්ම තරුණයා මා බවත් පාසලේ තරුණියන් මා හට සිතින් ආදර බව කාටත් නොරහසකි ..ඉතින් අහිංසා මට අකමැති වේයිද..එකිත් අනිත් ඌන් වගේ තමයි.."
" නිසල..ප්ලිස් මචන් ..එකි අහිංසකයි ..ඔට්ටුව ඉවරයි එකිව අත ඇරපං ..තාත්තා නැතිව දුක් විදින්නේ කැම්පස් යන්න බං .."
" හරි බං ..නහායෙන් අඩන්නේ නැතිව හිටපන් ..තෝට ඉරිසියයි නේද??"
මට ජීවන්ත ගැනද ඇති වුයේ තරහාකි ..ඔහු සැබවින්ම මට ඉරිසියා කරනු ඇත ..ඒ ඔහුගෙ ආදරය මා සතු වූ නිසාය.අහිංසා මුන ගැසුණු සෑම විටම මගෙන් ඇසුවේ එකම ප්‍රශ්නයකි ..
" නිසල අයියේ මට ආදරෙයිද ? මාව දලා යන්න එපා අයියේ."
ඒ ඇගේ මුවෙහි තිබු එකම වචනයයි..අනිත් තරුණියන්ට වඩා පිරිසිදු ආදරයක් මා අහිංසාගෙ ඇස් වලින් දුටුවත් ඒය තේරුම් ගැනීමට මා අපොහොසත් විය..මා දුටුවේ ඇයත් අනිත් යුවතියන් මේන් මගෙ සල්ලි වලට සහා කඩවසම් බවට ආදරය කරන අයුරිනි ..මගෙද එකම අරමුණ වුයේ කැම්පස් ගොස් උසස් රැකියාවක් කිරිමය..අහිංසාගෙන් මට ලැබුණේ අපමණ සහායකි..ඇය ඇගේ ඉගෙනිම පසකට දමා මගේ නෝට්ස් ලියා දුන්නේය..මගේ සියලු වැඩ ඇගේ අතින් සිදු වු අතර ඇගේ වටිනාම දේවල් පවා මට පුජා කරන්නට දෙවරක් සිතුවේ නැත ..ඒ අතර ඇගේ පිරිසිදුකම ද විය .
අවසානයෙදි මා ඇගේ උපකාර ඇතිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුනි..විශ්වවිද්‍යාලයේදි මට මගේ බිරිඳ හමු විය..ඒ දේව්ලි විමාර්ශනාය..මා එක හිතිම්ම ආදරය කල තරුණිය වුයේ ඇයය..ඒ ඇගෙන් දිස් වු සුන්දරත්වයට හා ඇගේ පියා ධනවතෙකු වු නිසාය..
අහිංසාව මා කොපමණ මඟ හැරීමට උත්සාහ කලත් එය නිෂ්ඵල විය..ඇය මා සොයා මගේ බොඩිම් කාමරයට පැමිණි නිසා ඇයව මට තවත් හිස රඳයක් විය..
" නිසල අයියෙ අනේ මං කියන දේ එක පාරක් අහාන්න.."
" මේ අහිංසා තමුසේට් එක පාරක් කිව්වා ..තමුසේව මට එපා.."
" අනේ plz නිසල..එක පාරක්.."
" පලයන් යකෝ යන්න .මාව කන්නේ නැතුව .."
එදා ඇය පිට වුයේ මගේත් යහළුවන්ගෙත් බැනුම් සහා විහිලු කතා නිසාය ....
එදා කඳුළු සමඟ මගෙන් වෙන්වු ඇයව මා දකින්නේ වසර 6කට පසු ලේ විලක් මැදය ..
මා නමින් නිසල දිල්ශාන් ..ඇය අහිංසා ආශාවරි වුවාය..
අප දෙදෙනගෙම මිතුරෙකු වු ජීවන්තගේ මංගල උත්සවය අද විය..එහි ප්‍රධාන අමුත්තේක් වු මා නිවසින් උදෑසනම පිට වුයේ ඔවුන්ගේ විවාහයෙ සාක්ෂි කරුවෙකු සෙල මා අත්සන් කල යුතු නිසාය..
අනාරක්ෂිත දුම්රිය මාර්ගය ඔස්සේ බියකරු හඬ නංවා පැමිණි උඩරට මැණිකේ දුම්රිය මාර්ගය නොපෙනි යනවාත් සමඟ මිනිසුන් එක් තැනකට රොක් විය..මාත් වාහනයෙන් බැස ඒ දෙසට දිව යන විට දුටුවේ ලේ විලක් මැද වැටී සිටින අහිංසාය..මා අතීතයට දිව ගියෙ ඒ නිසාවෙනි..
" තමුසෙගෙ මොලේ හොඳ නැද්ද ගෑනියෙ කෝච්චියට බෙල්ල තියන්න හදන්නේ..මේ කොල්ලා නොහිටින්න උඹගේ ඔලුවත් නැහැ ..එහෙනම් වේසකමේ ගිහින් ඉවරයි.."
" මුන්ට මැරෙන්න දෙන්න තිබ්බේ..අපරාදේ බෙර ගත්තේ..ගමම කනවා..අවලමේ ගිහින් දැන් ජීවිතේ එපා වෙලා.."
" තුක් නොදකින් යමන් බං යන්න..ඔක ගණිකාවක්.."
මා පියවි ලෝකයට ආවේ ගම්මුන්ගෙ මෙවැනි කතා නිසාය..කෙසෙවත් විය නොහැක ..පාසලේම සිට් අවිහින්සක තරුණිය මට පෙම් කල අහිංසකි අද ගණිකාවක් විය නොහැක ..මා මේ දකින්නේ ඇයමද යන්න තහාවුරු කර ගැනීමට මා තවත් ලංවිය..සැබැවින්ම ඒ අහිංසාමයි....
" අහිංසා ..."
" ම්හ්...."
ඇගේ මුවින් පිට වූ කෙදිරියත් සමඟ ඇයට සිහිය නැති විය ..
" අහිංසා ...අහිංසා .."
" මේ මහාත්තයා අහාක යන නයි රෙද්ද අස්සේ දා ගන්නේ නැතිව යන්න මහාත්තයා "
" අනේ මට උදව් කරන්න..මේයාව මං දන්නවා .හොස්පිට්ල් එකට අරන් යන්න උදව් වෙන්න. "
" හොඳට ටයි කෝට් දාන් හිටියට මහාත්තයත් මේකිගේ ඇඟට යට වුන එකෙක්..තුක් නොදකින් මේහෙමත් මහාත්තුරු.."
" නැහැ ..මං මේයාව දන්නවා..කරුණා කරලා වාහනේට දා ගන්න උදවු කරන්න.."
" මේ මහාත්තයෝ ඔවුන් මේ සමාජය්ට බරක්.වේ###.."
" මහාත්තයා ඉන්න මං උදව් කරන්නම්.."
මා හට උපකාර කිරිමට පැමිණියේ අහිංසාව බේරා ගත් තරුණයයි.ඔහුගෙ උපකාර ඇතිව මා අහිංසාව මෝටාර් රථයේ පිටු පස අසුනේහි තබා ගත්තේය..මා විදුලි වේගයෙන් දිව ගියෙ තව පමා වුවහොත් ඇගේ ජීවිතයට අනතුරක් වේය යැයි ඇති වූ බිය නිසාය..රෝහලට ගෙන ගිය ගමන් ඇයව වෛද්‍යවරුන් විසින් පරික්ෂා කරන්න විය..
" එක්ස්කියුස් මී.."
" යස්.."
" දැන් ගෙනාව පේශ්න්ගෙ භාරකාරයා නේද"
" ඔව් මිස්."
" මහාත්තයා වෙන්න ඇති..මෙන්න මේතන අත්සන් කරන්න ."
" ඔ .ඔව් .ඔ..ඔව් මිස්. හරි.."
" නෝනාගෙ ඔලුව තදින් වැදිලා . හිස් කබලේ අභ්‍යන්තරය හානි වෙලා.. සිහිය එන්න තව දවසක්‍යාවි බය වෙන්න එපා.."
"හරි මිස්.."
දවස් දෙකක් යනකම්ම ඇයට සිහිය නොපැමිණි නිසා ඇයගේ සියලු කට යුතූ සිදු කිරිමට මට භාර විය..රාත්‍රීයෙ නිවසට ගිය මා උදෑසන යලි පැමිණියේ රෝහලේ ඇගේ භාරකරු මා වු නිසාය..
තුන්වෙනි දවසේ ඇයට සිහිය ලැබුණි ..
" අහිංසා .."
" නි...නිසල ..."😦😦
ඇයද මා දකිනුයේ වසර 6 කට පසුවය..එහෙත් ඇයගේ එදා මේන් අදත් මා වෙනුවෙන් දෑස් වල ඉපදුන සෙනෙහස එලෙසමය..එහෙත් අද ඇය රටක් පිළිකුල් කරන විදී ළඳකි..
" අහිංසා ..දැන් කොහොමද "
" ඔලුව ටිකක් රිදේනවා.."
" ඩොක්ට කිව්වා ඔක අඩු වේයි විවේක ගන්න කියලා.අපි ගෙදර යමු..එන්න.."
" නිසල මගේ ඇගට අතක් වත් තියන්න එපා ..පිරිසිදු ගැහැනියක් නෙමේ මං ඔයාගෙ සුළඟක් වත් වැදෙන්න .."
" මටත් හිතා ගන්න බැරි එක තමයි අහිංසා ..කැම්පස් යන්න හින දැකපු ඔයා අද මහා පාරේ.."
" ඔවා මතක් කරන්න එපා දේයියනේ ...ඇයි මට මැරෙන්න නොදුන්නේ.."
" දැන් ඔවා හිතලා වැඩක් නැහැ ..ආපස්සට හැරෙන්න බැ ..ගෙදර යමු මං ගිහින් දාන්නම්.."
" නිසල මගේ දරුවා ..යමු ගෙදර ..අනේ මාව දරුවා ලගට අරන් යන්න.."
" අහිංසා ඔයාට දරුවෙක් ඉන්න්වද..එහෙම ඉදන් ඇයි ජිවිතය නැති කර ගන්න ගියේ.."
" ගමේ මිනිස්සුන්ගේ කතා නිසා නිසල ..අනේ මාව අරන් යන්න.."
" යමු.."
අහිංසා එක් අතකින් මවකි.තවත් අතකිම් ගණිකාවකි..අවජාතක දරුවෙක් බිහි කෙරු ඇය ගැන මට ඇති ඌයේ පිළිකුලක් පමණි ..දැන් ඇය පමණක් නොව ඇගේ දරුවාද අසරණයි.
අහිංසාගෙ කුඩා නිවස පිහිටා තිබුනේද දුම්‍රිය මාර්ගය ආසන්නයේ ය..කුඩා කුස්සි කෑල්ලක් සහා සාලයක් හිමි ගෙයි වහලය හෙවිල් කර තිබුනේ ටකරම් වලිනි..හිද ගැනීමට තිබුණේ කැඩි ගිය ප්ලාස්ටික් පුටු දෙක තුනකි..
"අහිංසක ...අහිංසක ..පුතේ ...
එන්න...කෝ කොහෙද ඔයා.."
අහිංසා කතා කලේ තම පුතුටය.නිවස පුරා සෙව්වත් පුතුව සොයා ගත නොහැකි වු නිසා ඇය මා දෙස හෙලුවේ අසරණ බැල්මකි..
" නංගි උඹ ආවද?"
" අනේ අක්කේ මගේ දරුවා නැහැ .."
" ඉන්නවා බං .අපේ ගෙදර නිදි..උඹ නැති නිසා ඒකා ඇඬුවා හොදටොම..උඹගෙ වැරදි වලට ඒ කාලකණ්ණියා පළිද.."
" අනේ පිං අක්කේ..දවස් දේකක් හොස්පිට්ල් එකේ."
" පෙනවා එක.."
ඇය ඒ දෙය කිව්වේ මා දෙස බලා කට් කොනින් සිනා සිය..
" නංගි උඹට ඔය කාලකණ්ණි රස්සාව අත අරින්න බැරි නම් අර දරුවා කාට හරි දිපන්..මුනුත් එනවානේ හොඳට ඇඳන් කාර් බාර් වලින්..තුක් නොදකින්..මහාත්වරු.."
ඇය එසේ කිවේ මා හටය..මට මා ගැනම ඇති වුයේ මහාත් ලැජ්ජාවකි..මා වැනි පුද්ග්ලයෙක් අඩියක් වත් තබන්න නොසුදුසු පරිසරයකි මේ..අහිංසා මට හමු නොවුනා නම් හොඳය..
" අහිංසා ..මං යනවා.."
" අනේ නිසල තේකක් බිලා යමු.ඉන්න මං වතුර රත් කරන්නම්.."
" එපා අහිංසා ..මට පරක්කුයි ..."
" නිසල එහෙනම් දරුවා ටිකක් බලලා යන්න.."
" බැහැ ..අහිංසා ..මගෙ දරුවායි නෝනායි බලන් ඉන්නවා..කෝල් 10ක් අරන්."
" නිසල ඔයා බැදලාද.."
" ඔව්...මං යනවා අහිංසා ..දරුවා බලන් ඇති.."
" නිසල ..මං කියන දේ පොඩ්ඩක් අහාන්න."
" අනේ නිසල ඔහොම ඉන්න්කො..අවසන් වතාවට.."
අහිංසා මා පසු පස එන විට මා කාර් එක වෙගයෙන් පාරට දමා නිවස බලා එමට පිටත් විය..
මා දැන් සෙනෙහෙබර පියෙකි..ආදරනිය සැමියෙකි .එහෙයින් ඒ පරිසරය මට වත් මගේ පවුලට් වත් සුදුසු නැත ..අහිංසා හදනුයෙ නැවත මගේ ඇගේ එල්ලිමටයි.ඇය වැනි තරුණියන් මා සමාජයේ කෙතෙකුත් දැක ඇත ..
අහිංසාගෙන් වෙන් වී දැන් දවස් තුනකි..ඇයව නැවත දැකීමේ ආසාව ආවත් මා එය හිතින් යටපත් කර ගත්තේ ඒය මා විහින් දා ගන්නා කරදරයක් නිසාය ..
" නිසල..මොකද කල්පනාව..මං දවස් දේකක්ම බලන් හිටියෙ.."
" මුකුත් නැහැ දේව්ලි..ඔලුව කකියනවා.."
" අම්මලාගෙ ගෙදර ගියෙත් නැහැ ..යමුද "
" ම්ම් හවස් වෙලා යමු..පත්තරේ ගෙනාවද..?"
" ඔව් ..ඊයෙත් කොච්චියට කෙල්ලෙක් පැනලා ..ගණිකාවක් ..මේ මිනිස්සුන්ට මොනා වෙලද මන්දා .."
දේව්ලි කියු කතාවෙන් මගෙ හිස රදය වැඩි විය .ඉහෙන් කනෙන් දහාඩිය දමන්න වුයේ අහිංසා මතක් වු නිසාය..
" දේව්ලි කෝ පත්තරේ ."
" අර ඉස්සරහා පුටුව උඩ.."
දේව්ලිවද කාමර තුල දමා මා පත්තරය ගෙන පෙරලන්නට විය..
* යකඩ යකාට ගණිකාවක් බිලි.*
ලොකූ අකුරෙන් එලෙස ලියා තරුණියකගෙ ජායාරූපයක් පහාතින් විය..සැබවින්ම ඒ අහිංසාය.පාසල් සමයේ I D පොටෝ එක එහි විය..
මා දේව්ලියද නොකියා ඇඳන් සිටි ඇඳුම පිටින්ම අහිංසාගෙ නිවස කරා පිටත් විය..
මා අහිංසාගෙ නිවසට යන විට සුදුකොඩ් වලින් සරසා තිබුනි..අහිංසාගෙ නිසල දේහය අසල වියෙ මගෙ රූවට සමාන රුවක් ඇති අවුරුදු 5ක පමණ කුඩා දරුවෙකු සහා එදා සිටි කාන්තාව පමණි ..
මගෙ දෑස නැවතුණේ කුඩා දරුවා දෙසය..අනේ අම්මේ කියා හඬන කුඩා දරුවා සැබැවින්ම මාය ..මේය සිදු වන්නේ කෙසෙද?
" මහාත්තයෝ ..මේ ලියුම් කඩදහිය අහිංසා දෙන්න කිව්වා මහාත්තයා ආවෝත්..ඉක්මනට එනවා කියලා ගිය කෙල්ල..මෙහෙම අපරාධයක් කර ගනි කියලා හිතුවේ කවුද ? පවු අහිංසක දරුවා.දැන් අප්පාත් නැහැ අම්මාත් නැහැ "
මා..ලියුම දිග හැරියේ වෙව්ලන දෑතිනි..
ආදරනිය නිසල ..
එදත් අදත් එක සිතින් ආදරය කරන නිසල මා මේ ඔබට ලියන අවසන් ලිපියත් අවසාන හෝරාවත් ය..පිවිතුරු හදින් මා තවමත් පෙම් කරන ඔබේ තරු දෑස බලා ගන්න මා මේ දවස් දෙක බලා සිටියා..ඒ අවසන් වරට හෝ ඔබව දැක බලා ගැනීමේ අරමුණින් ..එහෙත් ඔබ නාව නිසා මා මේම තිරනය ගන්න ඉක්මන් වුවා කිව්වොත් නිවැරදි .මොකද මා හට මේසෙ සිදු වී ඇති බව දැන ගත් විට ඔබ මා අවසන් වරට හෝ බැලිමට පැමිණෙන බව මට විශ්වාසයි ..එහෙයින් අපේ දරුවාට හෝ සාධාරණය ඉටු වෙවි..නිසල අහිංසක යනු අප දෙදෙනාගෙ පුතනුවන්..මා මිට වසර 6ක පසුවත් එදා ඔබ හමු වු මොහොතෙත් මට ඔබට කියන්න වුවමනා වුයේ අප දෙදෙනාගෙ දරුවා ගැනයි .එහෙත් එදත් අදත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැත ..ඒදා මට සරසවි වරම් අහිමි වුයෙ අපේ දරුවා නිසාය..ඔබ නිසා මා ගැබි ගත් මගෙ එකම සරණ වූ අම්මා මේලොව අත හැර ගියේ වෙදනාව ඉවසා ගත නොහැකිවීම නිසා..මගේ ඉගෙනිමටත් ජීවිතේ ගැට ගසා ගැනීමටත් නොහැකි නිසා මව විසින් ඉඩම උගස් කර තිබුනා..මව අහිමි විම නිසා ඉඩම සින්න වු විට මටත් මාස8 ක් වු ගැබ තුල සිටි දරුවාටත් හිමි වුයේ විදිය පමණයි ..මට දරුවාද ප්‍රසුත කරන්න සිදු වුයේ මහාමග.එවිට මට උපකාර කලේ ප්‍රියන්ත අයියායි..ඔහු මටත් මගේ දරුවාටත් මේ නිවස ලබා දුන්නා..ඔහු ගැහැනුන් ගණිකා සෙවයෙ යෙදවිම නිසා මටත් උරුම වුනේ ඒ ඉරණමයි..දරුවාගෙත් වියදම් නිසා ඒ රැකියාව අකමැත්තේන් හෝ මට කරන්න සිදු විය..ජිවිතයෙන් සමු ගැනීමට සිදු වූයේ දේවියන් මා හට සුදුසුම දඩුවම ලබා දුන් නිසාය..මා දරුණු සමාජ රෝගය්කින් පෙලෙයි..මට ඉතුරිව තිබුනේ ටික දවසකි..ඒ රෝගයෙන් මිය යනවාට වඩා මෙලෙස මිය යාම තෝර ගත්තේ මගේ දරුවාගෙ අනාගතය නිසාවෙනි..නිසල මා මේ ඉල්ලන්නෙ මගේ අවසාන ඉල්ලිමයයි..මගේ දරුවා බාර ගන්න..සිය දහාස් ගනක් පිරිමින්ට මගේ ගත හිමි වුවත් එදත් අදත් මගේ සිත හිමි වුයේ ඔබට පමණි ..මගේ ආත්මයට සැනසීම ලබා දිය හැක්කේ ද ඔවට පමණි ..ඔබට විහිලුව්ක් වු ඔබට ආදරය කල අහිංසකිට සමුගන්න අවසරයි..මට සමාවෙන්න ..බුදුසරණයි ..
මිට..
අහිංසා ආශාවරි .
සියල්ලටම වරදකරු මා පමණි ..අහිංසා ඔබ සමාව ගත් යුතු නැත ..මා ඔලුව ඉදම්මවා ගත් මාන්නය හා තණ්හාව මගේ සෙල්ලක්කාර කම මේ සියල්ලටම හේතුවයි..මා මහාත්තයෙකු නොව පහාත් මිනිසෙකි..
" අම්මේ අනේ නැගිටින්න අම්මේ ..මට කුක්කු ඔනි අම්මේ..බඩගිනි.."..
" පුතේ..".
" මාමේ මාමවත් කියන්න අම්මාට නැගිටින්න කියලා ..අනේ අම්මේ අම්මා නැතුව මට් බැ .."
" පුතේ අම්මා දුර ගමනක් ගිහින්..අපි යමු අපේ ගෙදර..පුතාගෙ තාත්තාගෙ ගෙදර ..'
" බැහැ ..මගේ තාත්තා මැරිලා ..මට අම්මා ඔනි "..
" පුතේ මායි උඹගෙ තාත්තා.."
අහිංසාගෙ නිසල දේහය මායි අපේ පුතනුන් පමණක් සහභාගිත්වයෙන් අවසන් වුනු..පොලව යට සැඟවුණ අහිංසාගෙ දෙහයට දැමු පස් පුතු යලිත් අතින් හුරන්නේ අම්මාට එලියට එන්න කියයා..අහිංසාගෙ සොහොන මත පහානක් තැබූ මා පුතුව දෝතට ගත්තේ උතුරා යන පිය සෙනෙහසිනි .
අහිංසා මං අපේ දරුවා හොඳන් බලා ගන්නම්..ඔයාගෙ සිහින සැබෑ කරන්නම්..දැන් ඔබගෙ ආත්මයට සැනසීමක් ලැබෙයි අහිංසා .එහෙත් මා හට යලි කවදාවත් සැනසීමක් නොලැබෙවි .ඔබට කල සියලු වැරදි වලට මගේ ආත්මය මැරි මැරි ඉපදේවි අහිංසා ......
සමාප්තයි ..
අකුරු කරන්නේ සශී හසී
No comments:
Post a Comment