මට වැරදුනා රත්තරං

මට වැරදුනා රත්තරං..
කෙටි කතාව.. 

   විමන්..පොඩි බඩුවක් පෙන්නන්න තියෙනවා..නිකිනි විමන්ට විතරක් ඇහෙන්න රහසින් කිව්වේ අයි ටී ක්ලාස් එකේදි සර් ලෙක්චර්ස් දෙන වෙලාවේ..කොල්ලා ඇස් දෙක සර්ගේ දිහාට පා කරලා..කන්දෙකම හොඳට ඇරගෙන කෙල්ල කියන දෙ අහගෙන හිටියේ...

මොනවද?..ඉක්මනට පෙන්නන්නකෝ ඔයාගේ බඩුව...කොල්ලා හිනාව සඟවගෙන කිව්වා..

ඉන්නකෝ..ක්ලාස් එක ඉවර වෙනකම්.. නිකිනි කොල්ලව අවුස්සලා තියලා නිහඬඋනා..ක්ලාස් එක ඉයර වෙනකම් නොඉවසිල්ලෙන් ඉඳපු විමන් කෙල්ලවත් ඇඳගෙන එළියට ආවේ  කෙල්ල කියන්න ගිය දේ දැනගන්න...

මොකද වදේ මේ..මරන්න ගෙනියනව වගේ ඇදගෙන යන්නේ..කෙල්ල මග.නතර වෙලා ඇහුවා..

අර බඩුව බලන්න...කෝ..කියන්න මොකක්ද ඒ..

ආ..ඒකද?..ඕම ඉන්න..මම අරගෙන එන්නම්..නිකිණි ඉක්මනට ක්ලාස් එක ඇතුලට ගිහින් විමන් ලඟට ආවේ අත් දෙකත් පිටිපස්සට කරගෙන..

ඇස් පියාගන්නකෝ..මං කිව්වම ඇස් අරින්න...විමන් ඇස් පියාගත්තම නිකිණි අතේ තියාගෙන ඉඳපු ලියුම දිගෑරලා කොල්ලගේ ඇස් ඉස්සරහට කලා..

ඔන්..දැන් ඇස් අැරලා බලන්නකෝ...කෙල්ල හිනාවෙවී කිව්වා..ඇස් අරලා ලියුම කියවපු විමන්ගේ හිනාව අතුරුදහන් උනා..කොල්ලට කතා කරගන්න පවා බැරි උනේ හිතට ආව කේන්තියට...ඒ තරහෙන්ම විමන් නිකිණිගේ අත් ගොබෙන් තද කරලා අල්ල ගන්නවා..

ඌයි..නිකිණිට කෑ ගැස්සුනා..විමන්ගේ ඇස්වල තරහා දැක්කම කෙල්ලට බයත් හිතුනා..

මේ මොකක්ද?.. මං ඇහුවේ මේ මොකක්ද කියල..කතා කරනවා..විමන් නිකිණිගෙන් සැර කරලා ඇහුවත් නිකිණි මුකුත්ම කිව්වේ නෑ..කොල්ලට තවත් තරහ ගියා..

නිකිණි..තමුසෙට මම එදත් කිව්වා..මේවා තමුන් වගේ කෙල්ලෙක්ට ගැලපෙන්නේ නෑ කියලා..

ඇයි ඒ..මොකක්ද විමන් මගේ වරද?..

ඔව්..ඔයාගේ වරදක් නෑ තමයි.. ඔයා ලස්සනයි..ඔයාගේ මූණ...ඇඟ..හුඟක් හැඩයි..තව...දණහිසටත් පහලට තියෙන කොණ්ඩේ තවත් ලස්සනයි..ඔනම කෙනෙක් එක පාරක් දැක්කොත්..දෙතුන් පාරක් හැරිලා බලන ලස්සනක් ඔයාට තියෙනවා..කොල්ලා නිකිණි දිහාම බලාගෙන කියෙව්වා...

ඉතින් තවත් මොනවද විමන්..ප්ලීස් මේක මගේ හීනයක්..දෙවියො දෙයක් දෙන්නෙ ඒ දෙයින් ප්‍රයොජයක් ගන්න..ඒ නිසා..මාව නතර කරන්න එපා..මට ආදරෙයි නම්..මේ ගමන යන්න දෙන්න..මට..ආයෙ මෙහෙම චාන්ස් එකක් ලැබෙන්නේ නෑ..ප්ලීස්..අනික හැමෝටම බෑ විමන්..මේ වගේ දේකට සුදුසු කම් ලබන්න..

එ්ත් මං කොහොමද හිත හදාගෙන ඔයාව යවන්නේ..ඔයා මොනවද සමාජෙ ගැන දන්නෙ නිකිණි..ඕවට ගියාම කෙල්ලෙක්ගේ කිසිම වටිනාකමක් නැතිවෙනවා..ඔයා දන්නේ නෑ නිකිණි...ඕවයේ ප්‍රොඩියුසර්ලා කෙල්ලන්ගේ ජීවිත විනාස කරනවා..

මට මං ගැන බලාගන්න පුළුවන්..මට ආදර‍ේ කරනව නම් මට යන්න දෙන්න..නිකිණිගේ වදන් වලට විමන් ගොලු උණා..තවත් දෙයක් කියන්න නිකිණි ඉඩ නොදුන්න නිසා..රූ රැජින තරඟයට තරඟ වදින්න..නිකිණිට අවසර දුන්නේ හිතේ ගිනි පුපුරු පිට වෙද්දී..
ගෙදර ආපු විමන් හුඟක් වෙලා කල්පනා කලා..නිකිණිව සදහටම අහිමි වෙයිදෝ කියලා අහේතුක බියක් හිතට දැණුනා..කොච්චර කිව්වත්..නිකිණි නතර නොවෙන බවත් විමන් දැනගෙන හිටියා..ඒ නිසාම තවත් මුකුත් කියන්නේ නෑ කියලා විමන් තීරණය කලා...
                ===================
විමන් රන්දය කුරුකුලසුරිය...සාමාන්‍ය  පවුලක එකම දරුවා..ඕනම කෙල්ලෙක්ගේ හිත සසල කරන පෙනුමක් තිබුනු විමන්ට අවුරුදු විසි දෙකයි...අමුමගෙයි තාත්තගෙයි හුරතලා වගේම නෑදෑයන්ගේ..යාලුවන්ගේ පවා ආදරයට ගෞරවයට පාත්‍ර උනේ..විමන්ගේ තිබුන හොඳ ගති ගුණ නිසාමයි..කාගෙවත්..හිතක් වචනයෙන් වත් රිදවන්න අකමැති විමන් කාටවත් කදුලක් දෙන්නවත්..කාගෙවත් කදුලු දකින්නවත් කැමති උනේ නෑ..උසස් පෙල විභාගය සමත් වෙලා කැම්පස් යන ගමන්ම අයි ටී කෝස් එකක් කරන්න තීරණය කරේ..අවුරුදු ගානක ඉඳලම හිතේ ඇඳුණු..එකම රුව..නිසාමයි...

       නිකිණි මංසලා  දුප්පත් පවුලක බාලම දියණිය.දුප්පත් උනත් ඇය හරිම සුන්දර යුවතියක්..ඕනම කෙනෙක් දෙපාරක් හැරිලා බලන ලස්සනක් ඇයට තිබුණේ.ඒ ලස්සන නිසාම නිකිණි ටිකක් ආඩම්බරයි...අක්කලා දෙන්න අම්මටයි තාත්තටයි ජීවන බර දරන්න සහය දෙද්දී නිකිණි කවදාවත් ඔවුන්ට ශක්තියක් උනේ නෑ..කාලයත් එක්ක නිකිණි තරමක් වෙනස් උනේ විශේෂ හේතුවක් නිසා..නිකිණි උසස් පෙළ විභාගයෙන් සමත් උනත් සරසවි වරම් නොලද නිසාමයි කෝස් එකට බැඳුනේ..

නිකිණිගේ හිත සසල කල ඒ පිරිමි රුව විමන්..විමන් නිකිණිගේ ආදරය පැතුවා.. ඒ පාසල් කාලයේදී..පාසලෙන් පටන් ගත්ත ඒ ආදරය නිසාමයි ඇයව තනි කරන්න බැරි  නිසාමයි කොච්චර අවිවේකි උනත් ඇයත් සමග පාඨමාලාවට සහභාගි උනේ...විමන්ගේ අම්මා නම් ටිකක් නිකිණිට අකමැති උනත්..කෙල්ලගේ සංවර කමට..ලස්සනට..ඇය පස්ස‍ෙ කැමති උනා..ගෙවල් වලිනුත් දැනගෙන ඉඳපු නිසා දෙන්නටම කිසිම බාධාවක් තිබුණේ නෑ..විමන් පණ වගේ නිකිණිට ආදරය කලේ..නිකිණිත් එහෙමයි..ඒත්..නිකිණිගේ හිතුවක්කාර වැඩ නම් හුගක් තිබුනා..මිස් ශ්‍රී ලංකා තරඟයට  අයදුම් පත් යොමු කරන්නේ විමන්ටත් හොරෙන්..ඒක ඇගේ හිතේ තිබුනු හීනයක්..

විමන් බය උනා..නිකිණිව ඔහුට අහිමි වෙයි කියලා..ඒත්..කොච්චර කිව්වත් නිකිණි හිටියේ එකම මතේ..ඒ නිසාම කොල්ලා නිකිණිගේ ආසාවට ඉඩ දුන්නේ අමාරුවෙන් හිත හදාගෙන...නිකිණි තරඟයට යන දවසේ පාන්දරම විමන් කෙල්ලට මැසේජ් කලා..

මැණික..පරෙස්සමින් ගිහින් පරෙස්සමින් එන්න..මට හැමදේටම වඩා වටින්නේ ඔයාව..ඒ නිසා..කාවවත් ඕනවට වඩා විශ්වාස කරන්න එපා.. තරඟ කරලා දිනනවා මිසක්..දිනුම බලාගෙන අයුතු යෝජනා වලට එකඟ වෙන්නත් එපා..ඔය හිතේ කොනක මාව මතක තියාගන්න..ඕල්ද බෙස්ට්...තෙරුවන් සරණයි...කොල්ලගේ මැසේජ් එක දැකපු නිකිණිට හිතුනේ..කෙල්ල තැනකට එනවට විමන් ඉරිසියාවයි.. කියලා..
             ======================.
විමන්ට හරි පාලුවක් දැනුනා.. කෙල්ල තරඟය නිසා බිසී කියලා විමන් හිත හදාගත්තා..යාලුවො නෑදෑයෝ පවා විමන්ට දොස් කිව්වා..ඒත් විමන් දරාගෙන හිටියේ නිකිණිව විශ්වාස නිසා...තරඟය ඉවර වෙලා කියලා කොල්ලා දැක්කේ නිව්ස් වලින්...කොල්ලා තවත් ටී වී එක ලඟට ලං උනා...

මෙවර මිස් ශ්‍රී ලංකා තරඟයේ රූ රැජින ලෙස කිරුලු පැලැන්දේ නිකී මංසලා ෆර්නැන්ඩස්...ඇය ව්‍යාපාරික නශිත් ජෝශප් ෆර්නැන්ඩස් මහතාගේ එකම දියණියයි.. තරඟයේ උණුසුම් අවස්ථා සහ නිකිණි ගැන කියන විස්තර අහද්දි කොල්ලගේ ඉහමොල රත් උනා...ඒත්..කරන්න දෙයක් නැති නිසා නිකිණි එනකම් විමන් බලාගෙන හිටියා...
                ======================
විමන් නිකිණිව මුණ ගැහෙන්න ගියේ පත්තරයකුත් අරගෙනමයි..කෙල්ල මුකුත් නොදන්න ගානට කොල්ලා එන මග දිහා බලාගෙන හිටියා...

මිස් නිකී මංසලා ෆර්නැන්ඩස්..ආ..මෙන්න තමුසෙගෙ වැඩ..ලස්සනට තියෙනවා..කොල්ලා පත්තරේ නික්ණිගේ මූණට දමලා ගැහුවා...

මේ මොකද?..ආ යූ මෑඩ් විමන්...නිකිණි විමන්ට කෑ ගහලා පත්තරේ දිහා බැලුවා..කාන්තා පුවත් පතක ඇගේ අඩ නිරුවත් ඡායාරූපයක් පල වෙලා තිබුනේ miss sri lanka 2011- නිකී ෆර්නැන්ඩස්..කියලා..කහ පාට අත් නැති කෙටිම කෙටි ගවුම් විලාසිතාවක් ඇඳලා..හීල්ස් දාගෙන අසංවර විදියට එක කකුලක් උඩක තියලා ගහලා තියෙන පොටෝ එක විමන්ගේ ලේ කෝප කලා..

විමන් මේකේ මොකක්ද වරද?..ඔයා වෙන කෙල්ලො අඳින ඒවා දැක්කම පුදුම වෙනවා...

මට වෙන උන්ගෙන් වැඩක් නෑ නිකිණි..මට ඕන ඔයාව..ඔයා මෙහෙම වෙනවට මං කැමති නැ..බලන්න නිකිණි..ඔයා මේ ඇඳල ඉන්න ගවුම..හරියට දිය රෙද්දක් වගේ..අත් නෑ..එහෙන් පපුවෙන් භාගයක් පේනවා..ඉනෙන් පහල වියතක් තරමට වත් දිග නෑ..එපා නිකිණි..ඔයා ආයේ කිසිම පත්තරේකට ඉන්න බෑ..

විමන්..මේක මං ආසාවෙන් කරන දෙයක්..ඔයාට ඉරිසියාවයි..ඒකයි මේ..

මොනවා..ඔයාට මෙච්චර ආදරේ කරන මටද කියන්නේ ඉරිසියාවයි කියල..ඇයි කෙල්ලේ  මං ඔයාට තියෙන ආදරේටනෙ කියන්නේ..හරි..මට කියන්න කවුද නිතිශ් ජෝශප්...ඒ කවුද..

එයා තමයි මට වියදම් කලේ..නැතුව මට දෙයියො දුන්නේ නෑ..ඉතින් මට කියන්න පුලුවන්ද මගේ තාත්තා කුලි වැඩ කරන්නේ..ලැජ්ජා නැද්ද?. මිස් ශ්‍රී ලංකා නිකිණි මංසලා සිරිමල් අමරනාථගේ දූ කියල කියවගන්නද මට කියන්නේ..

නිකිණි තමන් ඉන්න ඕන තමන්ගෙ තත්වෙ දැනගෙන..දැන් හොඳටම ඇති..අපි කසාද බඳිමු...ඔයාට ඕන හැමදේම මං දෙනව..විමන් තරහ පාලනය කරගෙන කෙල්ලගේ අතින් ඇල්ලුවා..

ඔයාට පිස්සුද...දැන්ම කසාද බඳින්න මට බෑ..අනික මට තව ටිකක් හිතන්න ඕන විමන්..මට ඕන මගේ ගමන යන්න සහය දෙන කෙනෙක් මිසක් මාව පාලනය කරන කෙනෙක් නෙවෙයි...

ඒ කියන්නේ මාව එපාද?..

ඔව්.අපි මේක නතර කරමු..විමන්..නිකිණි හිත් පිත් නැතුව කියද්දී විමන්ව පස්සට විසිවුණා..

මො.නවා..කොහොමද නිකිණි ඔහොම කතා කරන්නේ..ආ..මට මෙහෙම කියන්න පුළුවන්ද?..හරි..ඔයාට ඕන..මාව අතෑරලා ඉගිලෙන්න නේ..හරි... යන්න..යන්න නිකිණි...වැරදුන දවසට..මගේ ආදර‍ේ තේරුණ දවසට..මම කලේ ඔයාව පරෙස්සම් කරන්න හදපු එක කියල දැනුනම මං ලගට එන්න නිකිණි...ඔයාට තෙරුවන් සරණයි..ඇස්වල කඳුලු වැටෙද්දී..අවුරුදු පහක ආදරය නිමා කරමින් විමන් ගෙදරට ආවේ හොඳටම බීගෙන..

මිස්ට නිතිශ් ඉන්නවද?... නිකිණි නිතිශ් හොයාගෙන ගියේ ඔහුගෙන් ලැබුන ඇමතුමකට...

සර් ඇතුලෙ ඉන්නවා..මැඩම් එන්න...නිකිණි ගේ ඇතුලට ගියේ වටපිට බලමින්..ඒ විසාලගේ දකිද්දි නිකිණිට විමන්ව විහිලුවක් වගේ..." ආදරේ කරල කසාද බැදලා දරුවෝ හදන් දුක් විදින්න කලින් ජීවිතේ සැප විදින්න ඕන..අනික විමන් එක්ක ගියොත් මටත් දුකමයි".. ගේ දිහා බලාගෙන ඇය හිතුවා...

ඕහ්..නිකී..මයි බේබි..නිතිශ් ඇවිත් නිකිණිව වැලඳ ගත්තේ එහෙම කියලා..

සර්.. ඇයි මට එන්න කිව්වේ...

ඒක පස්ස‍ෙ කතා කරමු..කෙල්ල ඉඳගන්නකෝ..නිකිණිට ඉඳගන්න කියපු නිතිශ් ගෙට ගියා...ටිකකින් ගෙදර ඉඳපු මෙහෙකාරියත් පිටවෙලා ගියා...නිතිශ් ආයෙමත් ආවේ බෑග් වගේකුත් අරගෙන..

කෙල්ල බය වෙලා මොකද?. ඒ ගියේ එයා ඉන්නෙ කෑම උයන්න විතරයි..අැවිත් උයල දීලා යනවා...නිකිණි මිදුලේ කෙලවරම ඇවිදන් යන මෙහෙකාරිය දිහා බලන් ඉද්දි නිතින් කිව්වා..

හා සර්...තෑන්ක්ස් සර්..මට උදව් කලාට..

හ්ම්..හරි දරුවෝ..මං ඔයාට අලුත් වැඩක් අල්ල දෙන්නම් .මොඩ්ලින්..හැබැයි ඉතින් ඔයා මේ අඳින විදිය වෙනස් කරන්න..ගොඩේ විදියට මෙහේ ඉන්න බෑ..ආ..මේ ඇදුම් ටික අඳින්න මට බලන්න....අතේ තිබුන බෑග් ටික නිකිණි අතට දුන්නේ එහෙම කියලා...නිකිණිට අතින් කාමරයත් පෙන්නලා කෙල්ලගේ පස්ස‍ෙන් නිතිශ් දොරලඟට ගියා...ඇඳගෙන ඉදපු දිග සාය බ්ලවුසය ගලවලා නිකිණි බෑග් වල තිබුන ඇඳුම් ටික ඇඳ උඩට දැම්මා..නිකිණි එකින් එක ඇඳලා කාමරෙන් එලියට ඇවිත් නිතිශ්ට පෙන්නුවා...

ඉවරයිද?.

තව එකක් තියෙනවා සර්..ඉන්න..නිකිණි දොර බාගෙට වහගෙනම කාමරේට ගිහින් ඇඳුම ගැලෙව්වා..සුදුත් රෝසත් මිශ්‍ර සිල්ක් ගවොම අතට ගත් ඇය ඇඟට තියලා හැඩ බැලුවා...ඉක්මනට ඇඟට දාගෙන නිකිණි හැරුණේ නිතිශ්ට පෙන්වන්න..ඒත් නිතිශ් ඇය ලගටම ඇවිත් තිබුණේ නොදැනෙන්න..

සර්....මේ...
නිකිණි බය උනා..නිතිශ් ඒක දැක්කත් ගනන් නොගෙන ඇයව කණ්නාඩිය ලඟට අරන් ගියා...ඉස්සරහින් හුගක්ම කොට පිටිපස්සෙන් ටිකක් දිගට තියෙන හීනි අත් සහිත ඒ ගවුමට ඇගේ යට ඇඳුම පවා කැපිලා පෙනුනා..

ම්..ලස්සනයි...ඔයා ප්‍රින්සස් කෙනෙක් වගේ..කෙල්ලගේ උරහිසට දෙතොල් තියලා නිතිශ් කිව්වා..නිකිණිගේ ඇඟ හිරිවැටුණා....විමන්ගේ ඇරෙන්න වෙන පිරිමි පහසක් ඇයට දැනිලා නෑ..

සර්...තෑන්ක්ස්...නිකිණි ඔහුගෙන් මිදෙන්න තැත් කලත් නිතිශ් ඇයව ඇඟට තද කරගත්තා..නිකිණිගේ ඇස්වලින් කඳුලු පැන්නා...

අනේ සර්...මට.යන්න දෙන්න...

බය වෙන්න එපා නිකී..අපි මැරි කරමු...ඒ වචන ඇහෙද්දි නිකිණි නිහඬ උනේ මීට වඩා තවත් වාසනාවක් තියෙනවද කියලා හිතලා..නිතිශ් අතින් ගවොමේ උරපටි පැන්නිලා ගවොම බිමට වැටුණා...නිතිශ්ගේ දෙතොල් නිකිණිගේ ගෙල උරහිස් තෙත් කරද්දී නිකිණි ඇස් පියාගෙන ඒ පහස වින්දා..නිතිශ් කණ්නාඩියෙන් පේන කෙල්ලගේ අඩ නිරුවත් රුව දිහා බලාගෙන හිතුවෙ එකම දෙයයි..." හොඳ ඩීල් එකක් කරගන්න පුළුවන්"
                ====================
දිනෙක පෝරුවක හිඳ චාරිත්‍රානුකූලව සැමගේම ආශිර්වාදය ලබාගෙන තම පතිනිය කරගන්නට විමන් සිහින දැකි යුවතිය...තවත් එක් සල්ලාලයෙකුට ගොදුරු උනා...කිසිවක් නොදත් විමන් සියල්ල හැරදමා රට ගියේ වෛද්‍ය සිහිනය ගැන හිතලා...විමන්ගේ ආරක්ශාව විතරක් ලැබුන කවදාවත්ම හාදුවකින් විතරක්ම සැනසුනු නිකිණි වඩ වඩාත් නිතිශ්ගෙන් ලැබෙන නුහුරු ආශ්වාදයට නතු වුනා...ඒ රැයේ ඔහු අතින් සියල්ල අහිමි කරගත් ඇය දුක් උනේ වත් නෑ...මාස තුන හතරක් විතර නිකිණි ඔහු සමග එකම ගෙදරක ජීවත් උනා..නිතිශ් නැති වෙලාවක ගේ අස් කරපු නිකිණිගේ ඇස ගැටුනේ වෙඩින් පොටෝ එකක..එහි සිටියේ නිතිශ් ...නිකිණිට දාඩිය දැම්මා..නිතිශ් එනකම් බලා ඉදපු ඇය කොටි දෙනක් වගේ ඔහුගේ ඇඟට කඩා පැන්නා...

කවුද මේ..කියනවා...

ඒ මගේ වයිෆ්..ඇයි..ගානක් වත් නැතුව නිතිශ් කිව්වා..

එතකොට ඇයි උබ මාව විනාශ කරේ..ඇයි උබ මාව බඳිනවා කිව්වේ..වල් බල්ලා...වියරුවෙන් කෑ ගහපු නිකිණි නිතිශ්ට කම්මුල් පාරක් ගැහුවා..
ඒත්..නිතිශ් හයියෙන් ඒ අත අල්ලගත්තා..

උබ බැල්ලි..දැනගනින්.උබව මං මරලා දානවා..

මං මේ දැන්ම උබ ගැන කම්ප්ලේන් කරනවා..ඉදපන්...නිකිණි එහෙම කියලා ෆෝන් එක ගනිද්දී නිතිශ් ඇයට පහර දුන්නා..කාමරේකට දාලා ඇයව හිර කරපු ඔහු මාස ගානක් තිස්සේ සැලසුම් කල දේ ක්‍රියාත්මක කරන්න සූදානම් උනා...

නිකිණි මංසලා....නිකී මංසලා ෆර්නැන්ඩස්...ඕහෝ..කොච්චර ලොකු වෙනසක්ද?..නේද?... නිතිශ් කාමරේට ආවේ එහෙම කියාගෙනම..කෙල්ල රවාගෙනම බලන් හිටියා...

නිකිණිව නිකී කරලා..නිකීව මිස් ශ්‍රී ලංකා කරන්න මං කොච්චර වියදම් කරාද කියලා දන්නවද?..කෝටි ගානක් වියදම් කරේ උබට අාදරේට කියලා හිතුවද?..මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි යකෝ..ඒ වගේමයි උබ වෙනුවෙන් මම වියදම් කරෙත් නිකම් නෙවෙයි..

මගෙන් මොනවද තවත් ඕන...මාව විනාස කරා මදිවටද?...

ම්ම්..මං විනාස කරේ නෑ.. උබමයි විනාස උනේ..දැන ගනින් උබ මං කියන දේ කරපන්..අද රෑට කස්ටමර් කෙනෙක් එයි.. උබ දන්නවද?..අද රෑට..මගේ ගානේ...උබට හොද ඇමරිකන් සුද්දෙක්...නිතිශ් තවත් අසභ්‍ය දේවල් ටිකක් කියලා හිනා උනා..

උබට එක කරන්න දෙන්නෑ මං..මට අත තියන්න කාටවත් බෑ..නිකිණි කෑ ගහලා ඇඬුවා..එදා විමන් ඇයට තේරුම් කරන්න ගියේ මේ සත්‍ය නේද කියලා ඇයට වැටහුණා...ඒත්..දැන් ඇය පරක්කු වැඩියි..එදා රාත්‍රියේදි නිකිණිට පිට දේශක්කාරයෙකුගේ කාමාශාවන් පිනවන්නට සිද්ද උනා...මේ විදියට දින ගනනක් සිද්ද වෙද්දී නිකිණි එක දවසක් සිහිය නැතුව වැටුනේ නිතිශ් ඇය හා යහන් ගතව ඉද්දි..කලබල වෙන නිතිශ් ඉක්මනටම ඇයව රෝහලකට අරන් ගියා..නිතිශ්ගෙන් ගැලවෙන්න හිතාගෙන බොරුවට කලන්තයක් ගත්ත නිකිණි හුගක් අමාරුවෙන් රෝහලෙන් පැනගත්තා...පිටිපස්ස වත් නොබලපු නිකිණි පුලුවන් තරම් වේගෙන් දිව්වා..

නිකී..ඔහොම ඉන්න..එක පාරටම හැඩි දැඩි පිරිමි අතක් කෙල්ලව අල්ලගත්තා..නිතිශ් කියලා නිකිණි බයෙන්ම ඔහු දිහා බැලුවත් එතන හිටියේ  වෙහෙර සඟරාවේ කතෘ..මේඝ..

කොහෙද දුවන්නේ..

මට පොඩි කරදරයක් අනේ මාව බේරගන්න..මේඝ ඇයව එදා ගෙදර එක්කගෙන ගියා..නිකිණි හැමදේම මේඝත් එක්ක කිව්ව..

මං හිතන්නෙ නෑ ඔයාට එයාගෙන් ගැලවීමක් ලැබෙයි කියල..ඒත්..පුලුවන් දවසක් මෙහේ ඉන්න..මම ඔයාට හොද වැඩ කිහිපයක් හොයලා දෙන්න..ඒ වගේම ඔයාගේ මේ සංකර ගතිය අතෑරලා ඉස්සර වගේ නිකිණි වෙන්න..කෙල්ලෙක්ට මේ සංකර ගති හරි යන්නේ නෑ..කෙල්ලෙක් කියන්නේ පන්සලක් වගේ වෙන්න ඕන..ඔයා හෙට උදේම ලෑස්ති වෙන්න කැලණි විහාරෙට යන්න..අම්මා..මේ අර මගේ ආටිකල් එකේ පොටෝ එක ෂූට් කරන්නේ මෙයා.හෙට උදේම මෙයාව ඩ්‍රෙස් කරන්න..සුදු ඔසරිය අන්දලා..ලාවට මේකප් එකක් දාලා..මේඝගේ අම්මා රූපලාවණ්‍ය ශිල්පිනීයක්..එදා නිකිණි පැය බාගයක් විතර නාගෙන හොදට කාලා නිදා ගත්තා..

        මාස කිහිපයක් යනකල්ම නිකිණි ඉන්න තැනක් නිතිශ්ට හොයාගන්න බැරි උනා..වෙහෙර පුවත් පත නිසා මොඩ්ලින් ෆීල්ඩ් එකේ යන්තම් නමක් හදාගෙන ආව නිකිණිව නිතිශ්  පාවිච්චි කරන්න තීරණය කලේ වෙනස්ම විදියකට..ඇගේ ඡායාරූප අසභ්‍ය විදියට අන්තර්ජාලයට මුදා හැරියා..ඇයව මුදලට විකිණු අය එක්ක යහන් ගත වූ සියල්ලම රහස් කැමරාවේ සටහන් වී තිබුණ නිසා.. වැඩි මුදලකට ඒවා සීඩී පට විදියට නිකුත්.කලා..

   ලංකාවේ සුප්‍රකට නිල් නිළිය..නිකී ෆර්නැන්ඩස්..හැම පත්තරයකම වගේ නිකිණිගේ අඩ නිරුවත් ඡායාරූප එක්ක නිතිශ් මුදල් ගෙවා බොරු සංවාද හදලා දැම්මා..ඒක කලේ ඇගෙන් පලි ගන්න..අන්තිමට නිකිණිට මොඩ්ලින් කරන්න බැරි උනා..මේඝගේ නම කැත වෙයි කියලා අම්මා නිකිණිව ගෙදරින් යැව්වා..

ඕහෝ..මේ..අර...අරයා නේද?..එන්නකෝ ඉතින්..කොහෙද යන්නේ...ඒ විදියට සමූහ දූෂණයකට ලක් වෙන නිකිණි සිහිය එන විට ඉන්නේ..විදේශිකයෙක් ලඟ.....
       අතින් අතට ගිය නිකිණිට එඩ්ස් රෝගය හැදුනේ නිකිණිට ජීවිතේ තවත් කලකිරවමින්..

අනේ විමන්..මගේ ජීවිතේ වැරදුනා මට..ඒත්..කවදාවත් ඔයා ලඟට එන්න බෑනෙ මට..මං මහ අවාසනාවන්තියක්..ඔයා මට තේරුම් කරනන ගිය ඇත්ත.
මම පිළි ගන්න.අකමැති උනා.ඒත්..ඔයාට මේ කෘර සමාජෙන් මාව බේර ගන්නයි ඕන උනේ...ම‍ට සමා වෙන්න විමන්..මට සමාවෙන්න...

     නිකිණි ගැබිණියක්ද වි තිබුණේ ඒ අතරතුරමයි..හැම දෙයකින්ම පරෙස්සම් වෙන්න වෛද්‍යවරයා නිකිණිට අවවාද කලා..මාස හතක්ම නේවාසිකව රජයේ රෝහලක ප්‍රතිකාර ලබපු නිකිණිට තරමක් අසාධ්‍ය උනේ නොහිතපු විදියට.ඒ වෙද්දි කුසට මාස හතක්.අපහසුතාවයෙන්ම දින පොතේ කොලයක් කඩලා ලියුමක් ලිව්වා...
          ============================.
විමන්..කොච්චර කාලයක් මං ඔයාගෙන් අාදරේ ඉල්ලුව‍ා.බලන් හිටියා..මේකේ තේරුම මොකක්ද විමන්..කවදාවත් මට ඔයාගේආදරේ ලැබෙන්නේ නෑද්ද?..භාෂිණි විමන්ගේ අතේ එල්ලුනේ එහෙම අහන ගමන්...විමන් ඒ අත.ගසා දැම්මා..

භාෂිණි..ප්ලීස්..ඔයා මට යාලුවෙක් විතරයි..මගේ ඩිග්රි එකත් ඉවරයි..මම හෙටම ලංකාවට යනවා..නිකිණි වෙනස් වෙලා ඇති..මම සදහටම ආදරේ නිකිණිට විතරයි..භාෂිණි චාතූර්යා..පදිංචි වෙලා ඉන්නේ ඔස්ට්‍රේලියාවේමයි..විමන්ට ගියපු දවස් වල ඉදලම හොදම මිතුරියක් උනේ..විමන්ගේ හිත හැදුවේ ඇය..පස්සෙ ඇය විමන්ට ආදරය කලත්..විමන්ගේ හිතේ නිකිණිට ඇරෙන්න කාටවත් ඉඩක් තිබුනේ නෑ..ඒ නිසාම හැමදාමත් භාෂිණිට ලැබුනේ ඒ උත්තරයමයි...

හ්ම්...හෙට යනවද?.. යන්න විමන්..මම නතර කරන්නේ නෑ..හැබැයි නිකිණි ආයෙමත් ආවත් නාවත්..මේ හිතේ..ආදර‍ේ හැමදාමත්..විමන් ඔයාටමයි.ඒත්..ඔයාගෙ සතුටට මං සුබ පතනවා..අවසන් වතාවට භාෂිණි එ විදියට ඇයට සුබ පැතුවා..
      ==========================
ඩොක්ටර්..මගේ ජීවිතේට වඩා මගේ දරුවගේ ජීවිතෙයි වටින්නේ.ප්ලීස් දරුවව බේරගන්න..නිකිණි වෛද්‍යවරයාගෙන් ඉල්ලුවේ එච්චරයි...සිසේරියන් සැත්කම කරන්න පෙර නිකිණි වෛද්‍යවරයාට වැද වැද කිව්වේ දරුව රැක දෙන්න කියලා..ඒඩ්ස් රෝගී..ගැබිණියකගේ ඉපදෙන දරුවාට රෝගය වලක්වා ගත හැකි වන්නේ පිලිවෙලට ඖෂධ ගැනීමෙන් හා සිසේරියන් සැත්කම මගින් දරුවා බිහි කිරීමත් මව්කිරි නොදීමත් තුලින්..නිකිණිට ඒ වදන් අවසාන වතාවට මතක් උනා..ඒහෙත් අවාසනාවන්ත නිකිණිගේ ධෛවය දරුවගේ මුහුණ වත් ඇයට බලන්න ඉඩක් දුන්නේ නෑ.. දරුව ඉපදෙද්දී නිකිණි මිය ගියා..නිකිණිගේ දින පොතේ ඇතුලේ දාලා තිබුන ලියුම කියවපු වෛද්‍යවරයා එහි ලියා තිබුණු දුරකථන අංකයට කෝල් කලත් එය ක්‍රියා විරහිතයි..ඒ නිසාම හෙදියක් සහ තවත් දෙදෙනෙක් සමග දින කීපයක්ම රෝහලේ තබාගෙන හිටිය දරුවව නිකිණිගේ ගෙදරට යවන්න ඩොක්ටර් තීරණය කලා.. කාත් කවුරුත් නැති කෙනෙක් විදියටම නිකිණිව රෝහලේම අවසන් කටයුතු සිදු කලා..
            =====================
අනේ..පුතා..කොච්චර දෙයක්ද ඔයා ආයෙමත් ආව එක..ආයෙ කොහේවත් යන්න බෑ හරිද?.. ලංකාවට ආව විමන් කෙලින්ම ගියේ ගෙදරට..ගෙට පය තියපු ගමන් අම්මා ඇවිත් විමන්ව තුරුලට ගත්තේ එහෙම කියාගෙනම..

හ්ම්.. අම්මා.. තාත්තා කෝ...

තාත්තා පාරට ගියා..දැන් ඒවි පුතා..කෝ එන්න..මම පුතාට බත් කවන්නම්..

අම්මා..මට මහන්සියි.තේ එකක් දෙන්නකෝ..පස්ස‍ෙ බත් කමු.විමන් කාමරේට ගියේ එහෙම කියලා.. විමන්ට නිකිණි ගැන අහන්න හිතුනත් ඇහුවේ නෑ.නාගෙන ඇවිත්.තේ එකකුත් බීලා විමන් නිදාගත්තා..ඇහැරුනේ රෑ කෑමට තාත්තා ඇවිත් කතා කලාම...

පුතේ..ඔය මදෑ නිදාගත්තා..දැන්  මූණ කට හෝද ගෙන එන්න කන්න..විමන් ටිකකින් කන්න ආවේ බඩගින්නක් නැති උනත් අම්මලගේ හිත් රිදවන්න බැරි කමට..කෑම කන  ගමන් අම්මාගෙන් නිකිණි ගැන අහන්න හිතුවා.

අම්මා..නිකිණි ගෙදර ඉන්නවද?.. විමන්ගේ ප්‍රශ්න‍ෙට තාත්තගේ මූණ කලු උනා..අම්මා බිම බලාගත්තා මිසක් මුකුත් කිව්වේ නෑ..

ඇයි අම්මා..මොකද වෙලා තියෙන්නේ..

පුතා..දැන් කෑම ටික කාලා ඉන්නකෝ..අපි ඕව පස්ස‍ෙ කතා කරමු...

තාත්තා..මට කියන්න..මොකක්ද වෙලා තියෙන්නේ..එයා හොඳින්ද?..එයාගෙ පවුලෙ අය හොදින්ද?..

අවුරුදු ගානකට කලින් ඔයාව දාලා ගිය කෙනෙක් ගැන හොයන්නෙ මොකටද පුතේ..අම්මා කිව්වේ ඇස් වල කදුලු පිහද ගෙන

ඒත්..මම තාම එයාට ආදරෙයි අම්මා..විමන්ට බත් කන්නවත් හිත දුන්නේ නෑ..

ඒත් නිකිණි දැන් ජීවතුන් අතර නෑ පුතා..අම්මා කියද්දී විමන්ව එකපාරටම නැගිට්ටුනා...

මො.කක්...මගේ..කෙල්.ල..නෑ අම්මා..ඔයා මට බොරු කියන්නේ..

නෑ පුතේ ඇත්ත..ඒ කෙල්ල මැරිල..අඩුම තරමේ මිනියවත් ගෙදරට ගෙනාවෙ නෑ..විමන් අතත් හෝදගෙන එක පිම්මේ එලියට දිව්වා..

පුතා.... විමන්ට අම්මගේ කටහඩ නෑහුනු තරම්..
            ====================.
  විමන් මල්ලි..මේ රෑ..කවදද ආවේ..නිකිණිගේ ලොකු අක්කා වාහන සද්දෙට මිදුලට ආවම විමන්ව දැකලා පුදුම උනා..

අක්කේ කෝ නිකිණි...

එයා මැරිලා මල්ලි...ඔයා ආපහු යන්න..එයා කරපු වැරදි වලට එයා දඩුවම් විදලා මැරිලා ගිහින්..මේ පව් වලට මල්ලි කරගන්න එපා..ගිහින් ජීවිතේ හදාගන්න...

නෑ දෙයියනේ නෑ..මගේ කෙල්ල...විමන් බිම දණගහගෙන අනාථයෙක් වගේ විලාප තියලා ඇඬුවා..ටිකකින් සංසුන් වෙලා නැගිටලා වාහනේ ලගට යන්න ගිය දෙපා නතර උනේ ගේ ඇතුලෙන් ඇහුනු බිලිදු හඬට..කොල්ලා ඉක්මනට ගෙට ගියා..

මේ බබා..අක්කේ..ඔයාගෙද..ඔයාලා කසාද බැන්දද..

නෑ පුතේ..මෙ නිකිණිගේ දරුවා..ඒකි මැරෙද්දි මේ දරුව විතරයි අපිට ඉතුරු කරලා ගියේ..විමන් ඒ බිලිදියගේ මුව සිප ගත්තේ ආදරෙන්..නිකිණිගේ අම්මා ඇවිත් එදා හෙදිය ඇයට දීපු ලියුම කොල්ලගේ අතට දුන්නා..ගැහෙන අත්වලින් එය දිගෑරපු විමන්ට නිකිණිගේ අත් අකුරු අදුරගන්න පුලුවන් උනා..

විමන්..
     මට සමාවෙන්න..ඔයාගේ ආදරේට පයින් ගහලා විනාසය තෝරගත්ත මට මීට වඩා දඬුවමක් කොහෙන්ද?.. මං වෙනුවෙන් මගේ දුවව බලාගන්න ආදරෙන්..මාව පරෙස්සම් කරන්න හැදුවා වගේ..පරෙස්සමින්..එයාව ඔයා තරම් හොදින්..කාටවත් බලාගන්න බැරි වෙයි..මේ පව්කාරිට සමාව දෙන්න...
                                                           නිකිණි...
කොල්ලා එහෙමම දරුවව සුතරට ගත්තා..ඒත් නිකිණිගේ අක්කා කැමති උනේ නෑ විමන්ගේ ජීවිතේ නාස්ති වෙනවට..ඒත්..විමන්.දූ පැටියත් අරගෙන ගෙදර ගියා..දරුවෙකුත් අරගෙන එන විමන් දැකලා අම්මයි තාත්තයි පුදුම උනා...

විමන් උබට පිස්සුද .මොනවද මේ කරන්නේ..

අම්මා..මේ නිකිණිගේ දරුවා.. මම මෙයාව හදාගන්නවා..

මොනවා..මේ දඩාවතේ ගිහින් හදාගත්ත පැටවුන්ට තාත්තා වෙන්න..උබට ලැජ්ජා නැද්ද විමන්..
අම්මා විමන්ට දොස් නැගුවත් තාත්තා මුකුත්ම.කිව්වේනෑ.

අම්මා..ඔයා අම්මා කෙනෙක් වෙලත් කොහොමද ඔහොම කතා කරන්නේ...මට නිකිණි නැතත් මේ දරුව හරි ඉතුරු උනා..

හැබැයි විමන්..මේ ගෙදර දොරවල් ඇරෙන්නේ උබට විතරයි..මේ අයාලේ ගිය වේ..අම්මා කියන්න ගිය දේ විමන් නතර කලා..

අම්මා..මුකුත් කියන්න එපා..මම ගෙදරින් යනවා..මගේ දරුවත් එක්කම...විමන් ඇඳුම් ටිකත් පැක් කරගෙන යාලුවෙක් එක්ක එදාම කොලඹ ගියා..පහුවදා වෙද්දී ඔස්ට්‍රේලියාවට යන්න සේරම ලෑස්ති කරගත්තා..

මචං..නුවන්.තෑන්ක්ස්.අපේ අම්මලව බලාගනින්..මම ආයෙ එන්නේ අම්මගේ තරහ නිවුනම...විමන් එයාර්පෝර්ට් එකේදි යාලුවට එහෙම කිව්වා...
           ========================
ඕහ්..විමන්..ඒ කියන්නේ ඔයා ආයෙමත් ආවා..තෑන්ක් ගොඩ්..භාෂිණි විමන් ආව කියලා දැනගත්ත ගමන්ම විමන්ව බලන්න ආවා..සතුට වැඩි කමට විමන්ව බදාගෙන කැරකුණු භාෂිණිව විසි උනේ බිළිඳීගේ ඇඩුම් හඩට..

බබෙක්..විමන්..මේ කාගෙද...භාෂිණි ඉක්මනට දරුවව අතට අරගෙන විමන්ගෙන් ඇහුවා...

නිකිණිගේ...ඒ පිළිතුරට භාෂිණි ඇස් ලොකු කරගෙන විමන් දිහා බැලුවේ..

ඔව් භාෂි..නිකිණි නැතිවෙලා..එයා යද්දි මේ බබාව මට ඉතුරු කරලා ගිහින්..දැන් මෙයා මගේ..මට ඒ ඇති..

ඒත් විමන් මේ බබාට අම්මෙක් කෝ..කොහොමද තනියම හැමදේම කරන්නේ...

කොහොම හරි කරගන්නවා..

විමන්..හැමදාමත් මම ඔයාගෙ ආදර‍ේ ඉල්ලුවා..ඒ මම වෙනුවෙන්..ඒත් අද මං මේ දරුවා වෙනුවෙන් දෙයක් ඉල්ලනවා..මේ දරුවගේ අම්මා වෙන්න මට ඉඩ දෙන්න..ප්ලීස් විමන්..කවදාවත් බලාපොරොත්තු වෙන්න බැරි වචන වලට විමන් ගල් ගැහුනා..

භාෂිණි....

ඔව් විමන්..මේ දරුවා දැක්කම...මට හරිම ආස හිතුනා..මම මෙයාට වෙනසක් කරන්නේ නෑ..අනික මට ඔයාගෙ ආදර‍ේ වත්..අයිතිය වත් එපා..මට බබාගේ අයිතිය දෙන්..න..

මට හිතාගන්න බෑ..භාෂිණි..ඒත්..ඔයා තව ටිකක් හිතල බලන්න...මේක ගැන..

මම තව මොනව හිතන්නද විමන්..ඔයා දන්නවා..මට කාත් කවුරුත් නෑ කියලා.මම මෙහේ පදිංචි වෙලා හිටියට අනාථයෙක්..ඉතිං පවුලක වටිනාකම මම දන්නවා..ඔයා හිතල බලල මට උත්තරයක් දෙන්න..දරුවව තවත් වතාවක් සිප ගෙන භාෂිණි යන්න හැරුණා...

මට තව හිතන්න මුකුත් නෑ..ඔයා හැමදාම දූගේ අම්මා වෙන්න..මම උත්සාහ කරන්නම්..නිකිණිව අමතක කරන්න...විමන් භාෂිණිගේ අත අල්ල ගත්තා...භාෂිණි එහෙමම ඒ පපුවට තුරුලු උනේ උතුරා යන සතුටින්...විමන් පියාගත් දෙනෙත් වලට මැවෙන නික්ණිගේ රුව වෙනුවට අමාරුවෙන් භාෂිණිව මවාගන්න උත්සාහ කලේ...අත් හැරුණ ජීවිතේ..යලිත් පටන්.ගන්නට...ඉටා ගනිමින්.....

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment