ටිකක් දිග කතාවක්...
හ්ම්... දැං අැති තුරුලෙ හිටියා.. කෝ.. නැගිටින්න... අයියෙ.... නැගිටිනවකෝ....
ම්.... ඉතිං අනේ... තව චූට්ටක් ඉමුකො සුදූ... සීතයිනෙ මට...
ඉතිං කොල්ලො මං ගිනි මැලයක්ද...?? එන්න එන්න මෙයා ඕ්නවට වැඩියි දැං... ගුටි නොකා අයින් වෙන්න...
ඒම තමයි අලුත බැදපු ජෝඩු... අයින් වෙන්නම් හැබැයි ඒනං එක... උම්මා එකක් ඕන... හාද..??
හ්ම්.... එකයි හොදේ.... අම්මා තනියම උයනවා අැති පවූ...
හරි හරි.... අම්බෝ.... තියාගන්න ඔයාගෙ මහ ලොකු උම්මා එක... මං වෙන කෙනෙක්ගෙන් ඉල්ලගන්නම්.....
රත්තරං.... විහිලුවටවත් ඒ වගේ කතා කියන්න එපා... ඔයාට ඕන හැම දේම මං දෙනවනෙ... මගෙ මහත්තයට ඒ අැති නේද...???
පිස්සු කෙල්ල මගෙ... මම කොහොමද දෙයියනේ ඒ වගේ දෙයක් කරන්නෙ..?? මම ජෝක් කරේ...
මට චූ..ටි බොරුවක්වත් කරන්නෙ නෑ කියලා පොරොන්දු වෙන්න..
හ්ම්... කවදාවත් නෑ... කෝ.. දැං යන්න... අම්මා බලං අැති... අල්ලගන්නම්කො හොද වෙලාවක් බලලා මගෙ කෙල්ලව....
******************************
දනුකයි,සයුරියි දෙන්නගෙ අවුරුදු හතරක අාදරය කෙලවර වුනේ විවාහයෙන්. දෙන්නා විවාහ වෙලා දැනට මාස හතරක් පහක් විතර අැති.. තාමත් දාංගලේ ඉවරෙකුත් නෑ.. දනුක තරමක් සෙල්ලක්කාර කොල්ලෙක්... කෙල්ලො හත් අට දෙනෙකුගෙම සිහින කුමාරයා වෙලා හිටියත් අවසානයේ කොල්ලගෙ හිත හොරා ගත්තෙ සයුරි.. කොට්ටෝරුවා ගහෙන් ගහට කොට කොට ගියත් කෙහෙල් ගහට කොටපුදාට හොට පැටලෙනවා වගේ දනුකත් සයුරිගෙ අාදරේ පැටලුනා... රස්තියාදු ගගහා,කෙල්ලො එක්ක නට නට හිටපු දනුකව මනුස්සයෙක් කරේ සයුරියි.. කෙල්ලගෙ ධෙෙර්යය නිසා අද දනුක හොද රැකියාවක් කරනවා.....
**********************************
හෙලෝ.... සුදූ.... මං කන්න යන්නෙ... මගෙ මැණිකත් කන්න ඉතිං...
හරි කොල්ලා... මමත් කන්නම්කො... අැයි අද කන්න ලේට්..?? ගොඩාක් බඩගින්නෙ හිටියෙ මං....
අද ගොඩාක් වැඩ තිබුනා රත්තරං... ඒකයි... එහෙනං කන්නකො මැණික... මං තියන්නම්... මට කෝල් එකකුත් එනවා... බුදුසරනයි....
හ්ම්... බුදු සරනයි.....
හෙලෝ... හෙලෝ....
හෙලෝ.... දනුක අයියෙ.... මං මදූ.... මේකෙ සල්ලි නෑ... ඉක්මනට මට කෝල් එකක් ගන්නකෝ.....
මොකක්..??? කවුද මේ...??? හෙලෝ.... හෙලෝ.....
දනුක... මොකද බං මේ බය වෙලා වගේ..?? මොකද වුනේ..???
අනේ මංදා බං... මට දැං කෝල් එකක් අාවා... ඒක... ඒක නිකං... ඒ වොයිස් එක හරියට මදූ ගෙ වගේ....
මොකක්..?? මදූගෙ වොයිස් එක වගේ..?? ඒනං ඒ මදූ වෙන්න අැති බං... මොකද කිව්වෙ..??
ඒකිට කෝල් එකක් ගන්න කියලා කට් කරා... ඒත්... ඒකි කොහොමද බං මගෙ නම්බර් එක දන්නෙ..??
මංදා බං... සංජුවටත් දවසක් හම්බුනා කිව්වනෙ... ෂුවර් එකටම උෟ තමයි දෙන්න අැත්තෙ... ඉතිං බල බල ඉන්නැතුව අරං බලපංකො... ඒකි දැං පට්ට කෑල්ලක් වෙලාලු බං...
අනේ මංදා බං... ඒකි සහන් එක්ක සෙට් නේද..?? ඉතිං මොකටද මට ගන්නෙ..??
පේන බල බල ඉන්නැතුව ගනින් බං... මට වැඩ වගයක් තියනවා.. මං යනවා... උඹ ඕන මගුලක් කරගනින්...
********************************
ඉන්දික... ඒ තමයි දනුකගෙ ඉස්කෝලෙ කාලෙ ඉදලම යාලුවා.. එතකොට මදූ කියන්නෙ දනුකගෙ කලින් අාදරේ... යාලු වෙලා හිටිය කෙල්ලො දෙතුන් දෙනෙකුටම බූට් තිබ්බෙත් මේ මදූ හින්දයි... පස්සෙ සයුරි එක්ක යාලු වුනත් ඒ කාලෙත් දනුකගෙ හිතේ මදූ ගැන නැවතත් අදහසක් තිබුනත් සයුරිගෙ අාදරේ ඉස්සරහා ඒවා නැතිවෙලා ගියා... ඒත් අද කාලෙකට පස්සෙ නැවතත් මදූ දනුකට කතා කරා... දනුකගෙ හිත කිව්වෙම මදූට කතා කරන්න කියලමයි... ඒ එක්කම දනුක මදූට මැසේජ් එකක් දැම්මා...
Nangi.... Oya maduda..??
Ow aiye.. Man madu... Oyata puluwanda mata call ekak ganna...???
Dan man busy... Oyata kohenda mage num eka..??
Sanju aiyagen illa gaththe... Oyata kohomada...??? Man msg karata kamak nedda...??
Kamak ne... Ko sahan..?? Oya yawa marry karada..??
Ne aiye.. Mata godak karadara una.. Eya mawa marry karanawa kiyala boru kiyala mawa anatha karala daala giya aiye...
Mokak...??? Dan gedarada inne...??? Oya dukenda inne sudu...???
Hmm... Aiya marry karalu neda...?? Mata aranchiyak awa...
Pissuda kelle... Man sayurita rewatuna... Eya mawa dala giya... Man thani una... Mehema katha karala be... Api heta katha karamu manika... Bs..
**************************
දනුකගෙ හිත සැනින් අතීතයට ගියා... කැලේ මාරු වුනත් කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ කියන්නා වගේ දනුකගෙ පරන සෙල්ලක්කාර ගති ඉස්මතු වෙන්න ගත්තා... පුංචි පුංචි මැසේජ් වලින් පටන් ගත්ත මදූ ගෙ අාදර කතාව පත්තර වගේ දිග මැසේජ් දක්වාම දුර ගියා.. ඒත් මදූ කවදාවත් දනුකට කෝල් කරේ නෑ...
දනුක.... මහත්තයෝ.... මොකද මේ තනියම දොයි..?? දැං මාව එපාද..??
මුකුත් නෑ පැටියො... මට ටිකක් මහන්සියි වගේ,.. ඒකයි...
හ්ම්... ඒත් මට ලොකු වෙනසක් දැනෙනවා මහත්තයො... ඔයා මාව රවට්ටන්නෙ නෑ නේද...?? අාදරේ අඩු වෙලා වගේ දැනෙනවා...
එහෙම මුකුත් නෑ අනේ... මේ දවස්වල ටිකක් මහනිසියි, වැඩ වැඩියි... ඒකයි...
හ්ම්... ඒනං පොරොන්දු වෙන්න මට,දිව්රන්න මගෙ නමින් මට හොරයක් කරන්නෙ නෑ කියලා...
මගෙ සුදු මැනික පල්ලයි... මම මුකුත්ම හොරයක් කරන්නෙ නෑ... එන්න තුරුල් වෙන්න...
දනුකට තුරුල් වුන සයුරිගෙ අැස් දෙකෙන් කදුලු ගලාගෙන යන්න පටන් ගත්තත් ඒ බව දනුකට නොපෙන්වා සයුරි ක්ෂනිකව තමන්ව පාලනය කරගත්තා....
******************************
Sudu aiye.... Mata oyawa dakinna asai... Issara wage thurule Inna ona mata... Meet wemuda..??
Matath mage manikage thurule inna asai... Api meet wemu ehenam...
Hmm... Ehenam heta meet wemu.. Api denna witharak thaniyama inna puluwan thenakata yamu... Room ekakata wage....
Hari kelle.... Aniwa yamu...
Mmm... Mokadda ethakota man adinne...?? Gawmak..??
Hmmm... Nil pata... Oyata Lassanata thiyei...
***************************
දුව.... මොකද මේ... වමනෙ දානවා නේද...?? ගොඩාක් අමාරුද..??
හ්ම්... කෑමක් වත් අප්සට් වුනාද මංදා.... හරි අමාරුයි...
කෑම අවුල් නෙමේ පුතේ... ඔයා අම්මෙක් වෙන්න යන්නෙ... මං අාච්චියෙක් වෙන්න යන්නෙ... දනුක පුතාට ඉක්මනට කතා කරන්න....
නෑ.... එපා අම්මා... මම පස්සෙ එයාට කියන්නම්....
**********************
හෙලෝ.... සත්තලං ඔයා බිසීද...?? ඉක්මනට ගෙදර එන්න බැරිද..?? හදිසි ගමනක් යන්න තියනවා...
අනේ බබා අම්මා එක්ක යනවද..?? මම ඉන්දිකයා එක්ක මීටින් එකකට යන්න හදන්නෙ... හොදටම ලේට්... තියන්නම්.. පරිස්සමින් ඉන්නකො...
හ්ම්.... බුදුසරනයි...
දනුක අද මදූව මීට් වෙන්න දාගෙනයි තිබුනෙ... ඒකයි සයුරිට එයා බොරු කිව්වෙ... ඉතිං දනුක ඉක්මනට මදූට මැසේජ් කලා...
Sudu baba... Man ena gaman dan.. Oya kothanada inne...??
Man sampath bank eka gawa innam.ikmanata enna.mamath mehen pitath wenawa....
ටික වෙලාවකට පසු....
හෙලෝ.... මදූ බබා.... කොතනද ඉන්නෙ...?? මට අැහෙන්නෙ නෑ ටවුමෙ සද්දෙට... මං සම්පත් බැංකුව ගාවට අැවිත් ඉන්නෙ... මැනිකත් ඉක්මනට එන්න... බුදුසරනයි...
Man oyage piti passe inne aiye... Harila balanna...
දනුක මදූගෙ මැසේජ් එක දුටු සැනින් වට පිට බැලුවා... දනුක එවෙලෙහි දුටු දසුනින් ක්ෂනිකව ගල් ගැසුනි.... ඒ සමගම නිල්පාට ගවුමකින් සැරසුන සුන්දර යුවතියක් දනුකගෙ බයික් එකෙන් වාඩි වුනා... ඒ වෙන කවුරුත් නෙමෙයි... මදූ වගේ මෙතෙක් කල් මැසේජ් කරපු...
" දනුකගෙ බිරිද සයුරියි.."
මීටින් එක ඉවරයි නම් යමුද අපි...?? මං ප්රෙග්නට්... ඩොක්ටර් ටිකකින් එනවා.....
............ නිමි ...........
උපුටා ගැනීමක්
No comments:
Post a Comment