අමාවකට පෑයු පුන් සද

#අමාවකට_පෑයු_පුන්_සඳ_නුඹයි....

කෙටි කතාව....
( සත්‍ය කතාවක් ඇසුරෙනි....)

" හෙලෝ සුදු මැණික ..මම බිසී පැටියෝ ..."

" හ්ම්ම්ම්...කොයිවෙලෙත් බිසී...බිසී...."

" මොකෝ කෙල්ලේ..තරා ගන්න එපා...නාකි වෙයි..."

" හ්ම්ම්ම් කමක් නෑ..."

" අයියෝ මටනම් බෑ ආච්චියෙක් බදින්න ඔන්න..."

" ම්ම්ම්ම්ම්ම්ම්...."

" සුදු බෝලේ...මම තියනවා...වැඩ මැණික ..."

" බුදුසරණයි ශාන්..."

" බුදුසරණයි අනූ.."

පවු කෙල්ලට දුකද කොහෙද ....මොනා කරන්නද ඉතින් ජොබ් කරද්දී ඕම තමා...මට කෙල්ල එක්ක ඉන්න වෙලාවක්වත් නෑනේ...පවු මගෙ රත්තරන් කෙල්ල...

📲📲📲📲📲📲

ඒ පාර ආයෙත් මගෙ සුදු බෝලෙද...එෆ් බී මැසේජ් එකක් ...මිස් කෝල් පහයි...කවුද බොලේ මේ....
Pahasi kavindya...
From- galle

මොකක්ද මේකී එවල තීන්නේ...

" Hi shan ayya...khomda .."

මෙයා හායිලූ..මගෙ අතින් පයින් යනවයැයි...මාත් හායි පාරක් දාන්න ඕන ..
😂😂😂

" Hi...hi...mawa dannwai.."

" hmmm ow hodta ...mn trm oya gana danna kurut na.."

" mokak....😦"

" ayya mn oywa hodta dannwa...mn oyta godk adrei mage ayya...plzzzzz mage adre pilignna..."

මේ මොකක්ද යකෝ මේ මරාලේ...අපිට කොයින්ද පූසෝ මාලූ අපි යයිද මූදු කිව්වලු....😂😂😂මාව බයිට් කරනවා වගේ බලමුකෝ කවුද බයිට් වෙන්නේ කියලා...

"Ai ayye reply natte."

" Me hot time eke adrei kiyl ahla mwa cool una nangaa...😉"

මෙන්න බොලේ ඒ පාර ආයේ සුදු බෝලෙගෙන් කෝල් එකක්...මට කෙල්ලෙක් ආදරෙයි කියනකොටම මේකි කෝල් කරනවනේ...ඕක තමා කියන්නේ කෙල්ලොන්ට ඉව තීනව කියලා...

" බබී....මාර වැඩේනේ..."

" ඇයි මොකෝ..😮"

" පැහැසි කියල කෙල්ලෙක් මට ආදරෙයි කිව්වනේ...."

" හ්ම්ම්ම්...."

" කෙල්ලට ජේ හිතිලා වගේ..😂😂😂😂"

" අනී..වැඩේමයි...😏"

" ඔයාට හොරෙන් මම හුස්ම ගන්නෙවත් නෑ රත්තරන් ...ඒකයි මේ පිස්සු කොල්ල හැමදේම කියවන්නේ...මගේ ආදරේ ඔයාටම විතරයි රත්තරන් ....කවදාවත් මේ ආදරේ සැක කරන්න එපා...ඔයා තමයි මගෙ හුස්ම ටික..."

********
ශාන් අනූ ආදර කතාව සිව් වසරක් පුරා සෙනෙහසින් ගලාගෙන ගියා...කොල්ල කෙල්ලට ආදරේ කරේ පණ ඇරලා...ශාන්ගේ මුලු ජීවිතේම වුනේ අනූ....මේ වෙද්දිනම පැහැසි ශාන්ට කරදරයක් වෙලයි තිබුනේ...පැහැසි නිතරම මුන ගැහෙන්න අවශ්‍ය බව කියමින් ඇවිටිලි කලා...ඒත් අනූට හීනෙන්වත් වරදක් කරන්න කොල්ලට ඕන වුනේ නෑ....ශාන්ගේ හිත හෙල්ලූ එකම ගැහැණු  ආත්මය අනූ පමණක්ම වුනා...

" බබී ඔයාගේ මල්ලිත් ආව එකේ අපි බීච් යමු..."

" ම්ම්ම් හාන්කෝ ඉතින්..."

ඒ හුරතල් හිනාව....වටකුරු ඇස්....වලගැහෙන කම්මුල්....කැරලි කොන්ඩය...තරමක් මහත කෙල්ලට ගෙනාවේ පුදුමාකාර ලස්සනක්...සුදු බෝලයක්ම තමයි...කොල්ලා අනූගෙන් ඇස් ඈතට නොගෙනම හිතුවා....

" මොකෝ බලන්නේ...😏"

" ඉබල මරන්න හිතෙනවා...."

"හිතේ ඇති ඉක්මනින් යමුකෝ.."

" යමු බබා...."

**********

" බබී මල්ලී එක්ක පරිසමින් ඉන්න...මම සෙල්ෆි ස්ටික් එක අරන් එන්නම්..."
කොල්ල කිව්වේ කෙල්ලගේ හිස අත ගාලා...

කාගෙද අප්පා ෆෝන් එකක් රින්ග් වෙන්නෙ කා එක ඇතුලේ....ආ දිනුක මල්ලී...ෆෝන් එක දාල ගිහින් ....එක්වර ශාන්ගේ දෑස් ගියේ දුරකථනයේ තිරය දෙසටයි....
" පැ....හැ...සි....😮😮😮😮"
කෝල් එක කට් වුනා...ශාන්ගේ හිතේ ඇතිවූ තිගැස්මෙන් නිකමට වගේ මැසේජ් ඕපන් කලා....මැසේජ් දුටු ශාන්ගේ දෑස් පුදුමයෙන් විසල් වුනා....අනූ.....ඔයයි මල්ලී එකතු වෙලා මාව රැවැට්ටුවද රත්තරන් ...ඇයි මෙහෙම දෙයක් කලේ....ඔයාට හොරෙන් හුස්මවත් ගනනැති මාව ඇයි අවිශ්වාස කලේ....හොදයි දිනුක ඔයා පැහැසිව අද සීලයන්ස් එකේදි මීට් වෙනවද....අපි බලාගමු මල්ලී...

--------------------

ශාන් සීලයන්ස් එකටවිත් දිනුක එනකම් පෙරමග බලන් සිටියා....බයික් එකෙන් බැසගත්තු දිනුක කෙල්ලෙක් එක්ක බර කයියක....තවත් මොකටද පරක්කු කරන්නේ...අපායේ ගියත් කලින් යන්න ඕන ශානෝ...

" ආ දිනුක මේ පැහැසි වෙන්න ඇති..."

" ශාන් අයියා...ඔයා.😯😯😰"

" ඇයි මම ශාන් තමයි...අදුරගන්න බැරිද....උබේ ඔක්කොම සෙල්ලන් මම දන්නව...එකක් කියන්නම් උබේ බලු වැඩ වලට මගෙ කෙල්ලව ගාව ගන්න එපා...."

" අනේ අපෙ අක්ක දන්නවා උබේ බලු වැඩ ගැන..."

" මොකක්ද යකෝ උබ කිව්වේ...."

සැනෙකින් ශාන්ගේ දරදඩු අතින් පාරක් දිනුකගේ කම්මුලේ නතර විය.....

" හොදයි බලාගමු..."

රතු වූ මූන අල්ලන් දිනුක ශාන් දෙස බැලුවේ දවා අලු කරන බැල්මක්....

******
" බබා..."

" තමුසෙ කොහොමද මගෙ මල්ලිට අත ඉස්සුවේ..."

" ඇයි රත්තරන් මට මෙහෙම කලේ....ඇයි මාව රැවැට්ටුවේ ..."

" ඔයා එක්ක මට ආපහු කතාවක් නෑ...මට කෝල් කරන්නත් එපා...."

එදින සිට අනූගේ දුරකථනය ශාන්ගේ ඇමතුම් ප්‍රතික්ෂේප කරන්නට විය...ඇයි රත්තරන් කිසිම වරදක් නැති මගෙන් පලි ගන්නේ...ඔයා කොහොමද මම නැතුව ඉන්නේ...ඔයාගේ සුළගවත් වදින දුරක මට මැරුනත් සැපයි...එකපාරක් මට කතා කරන්න රත්තරන් ...ඔයා කෝල් කරනකම් මම මග බලන් ඉන්නවා...😔

" වරදක් වුනාදෝ මාගේ අතින්.....
            නොදොඩාම ඉන්නේ ඇයි මේ ලෙසින්....."

😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔

සති දෙකකට පසු...

එක්වරම ෆෝන් එක රින්ග් විය....අනූ ඔයා...මාව මතක් වෙලා මගෙ රත්තරන් ට....ඇස් වලින් කදුලු පිටාර ගලද්දී ශාන් දුරකථනයට සම්බන්ධ විය..

" අනූ....."

" හ්ම්ම්ම්ම්....."

" වැරැද්දක් වුනානම් සමාවෙන්න මහෙ රත්තරන් .....මොනදේ වුනත් ඔයා නැතුව හුස්ම ගන්න කියන්න නම් එපා...සමාවෙන්න වරදක් වුනානම්..."

" හ්ම්ම්ම්ම්...සමාව දෙන්නම්...ඒකට දෙයක් ඕන..."

" පන වුනත් දෙන්නම් රත්තරන් ...."

" අපෝ එච්චර එපා...මට ලස්සන හෑන් බෑක් එකක් අරන් අපි මුලින්ම හම්බුනු තැනට අද හතර වෙද්දී එන්න...😄"

" සුලු දෙයක් රත්තරන් ...."
කොල්ලට දැනුනේ පුදුමාකාර සතුටක්.....මගෙ පිස්සු කෙල්ල....ඕම ගියා මැදැයි...කෙල්ල යාලු වුනානේ....😁😁😁

************

දම් පැහැති ගවුමේ සුදු පැහැති ඩොට් වැටුනු තමන් ආසම ගවුමත් ඇදන් ලතාවකට පාද තිය තිය එන කෙල්ල දිහා කොල්ල බලන් හිටියේ හරිම ආදරේකින්..

" මගේ සුදු බෝලේ කෝ ඇස් පියාගන්න....."

" ම්ම්ම්ම්ම්🙈🙈🙈🙈🙈"

" දැන් ඇස් අරින්නකෝ..."

අනූ දෑතෙහි වූ හෑන් බෑක් එක බලමින් සතුටු වෙනවා දැකල ශාන්ට දැනුනේ පුදුමාකාර සතුටක්....ඔය හිනාව ඔය මූනට කොච්චර ලස්සනද කෙල්ලේ....කවදාවත් ඔය හිනාවනම් හොරු අරන් යන්න එපා...
ශාන් කෙල්ලව ඇදල අරන් එහෙමම පපුවට තුරුලු කරගත්තා ....කෙල්ලගෙ මූනට හාදු වැස්සක් දුන් කොල්ලා කෙල්ලව ආයෙමත් තුරුලට ගත්තා....
අකුණක් වැදුනා සේ අනූ ශාන්ගෙන් ඈතට ගියා....

" ඇයි රත්තරන් ...."

" එන්න එපා මට රත්තරන් කියන්න....ඔයා මගෙ මල්ලිට අත ඉස්සුවා..."

" මම සමාව ඉල්ලුවනේ රත්තරන් .."

" එතකොට මට බිසී කිය කිය පැහැසිට චැට් කලේ..."

" ඔයා මොනවද මේ කියන්නේ බබා...ඒ හැමදේම මම ඔයාට කිවුවනේ...ඔයයි මාව සැක කලේ රත්තරන් ....😔"

" ශටප් ශාන්.....මට ඔයාව පොඩ්ඩක්වත් විශ්වාස නෑ.....ඒ නිසා මේ ආදරයෙන් වැඩක් නෑ...අදින් පස්සෙ අපි අතරෙ කිසිම සම්බන්ධයක් නෑ....ප්ලීස් මගෙ පස්සෙන් ඇවිත් මට වද දෙන්න එපා...."

" බබා ඔයා කොහොමද මට ඔහොම කතා කරන්නේ...."

" ශාන් ලාස්ට් වෝනින්....මම ඔයාගේ කවුරුත් නෙවෙයි....අයි ටෝල්ඩ් යූ අගෙයින් ඇන්ඩ් අගෙයින්.....සෝ අයිම් ලෙෆ්ට්....මට ඔයා වගේ කොල්ලෙක්ගේ ආදරේ එපා..."

ශාන්ට හිතන්නවත් ඉඩක් නොතබා අනූ සිව් වසරක නටඹුන් හමුවුනු තැනම ගිණිබත්කොට යන්න ගියා....ආදරේ මෙච්චර විදවීමක් කියල දන්නවානම් සත්තයි රත්තරන් ආදරයක් ගැන හීනෙන්වත් හිතන්නේ නෑ....
ශාන් අනූව මතක් කර කර ඇද තෙමෙනකම් ඇඩුවා....අනූව හම්බෙන්න කොච්චර උත්සාහ කලත් ශාන්ට ඉඩක් ලැබුනේ නෑ....ආදරේ කරන කෙනෙක් අහන්න අකමැතිම දේ දවසක් ශාන් ට අහන්න ලැබුනා....ඒ අනූ වෙන කෙනෙක්ගේ වෙලා කියලා....ආදරේ අහිමිවීමේ වේදනාව හදුනන්නේ ආදරේ අහිමි වූ අයම පමණයි....
ශාන්ගේ මුලු ඇගම ලෝදිය වක් කෙරුවා සේ පිච්චී ගියා....ආදරේ කලේ මමයි.....රැවටුනෙත් මමයි.....ඉතින් මේ වේදනාවත් මටම පමණයි ...

"සිව් වසරක පෙම් ගීතය ගොලු වෙලා ගියාදෝ.....
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලදුවාදෝ...."

😔😔😔😔😔

***-----

ආදරේ විදවිල්ලක්නම් මම එය හොද හැටි විදෙව්වෙමි.....අනූට ගේ ආදරයට දෙවෙනි වූ මම වඩාත් ආදරය කල මගේ කාර් රාජයා විකුණා දැමුවා...අනූ නොමැති ජීවිතයට මට මොන කාර්ද....අවුරුද්දක්ම මගේ දුක නිව්වේ සැර බීම ජාති....අනූව අමතක වෙන්නම සිහිවැටෙන්නට බී මම  නින්ද ට යන්නේ වැලලී ගිය අමිහිරි අතීතයට සාප කරමින්...ඉතින් මම අනූව පමනක් නොව රටම හැරදා යාමට තීරනේ කලෙමි....අනූ මම ඔයාගෙ මතකෙ දාල ඈතටම යනවා ...මගෙ අම්මා තාත්තා වෙනුවෙන් මම ජීවිතේ හදාගන්නවා...හීන මාලිගා ගොඩක් හදල තනි කරල ගියාට මම තරහ නෑ රත්තරන් ....ඉන්න තැනක සතුටින්ම ඉන්න...😔

******
මාස තුනකට පසු.....

හරිම කම්මැලී අප්පා අදනම්.....නිවාඩු ගත්තට වඩා හොදයි වැඩම කලානම්....කාත් කවුරුත් අදුරන් නැති රටේ තනිවෙලා ඉන්න එක කොච්චර වේදනාවක්ද...😱දන්නෝ දනිති 😧
එෆ් බී පැත්තේ ලොග් වෙන්න ඕන...

සජියා කතා කලෙත් නෑ හුග කාලෙකින්.....උගේ වෝල් එක පොඩ්ඩක් කැත කරල එන්න ඕන....වෝල් එකේ උඩට පහලට ගිය ශාන් දුටු දසුනින් සැනෙකින් දෑස් තෙත් විය......දෙයියනේ මේ කෙල්ල කවුද .......අනූ වගේමයි......ඒ මූනමයි....ඒයා වගේම සුදු බෝලයක් වගේ .......වලදාපු අතීතය මොහොතකට සිහිවී ශාන්ගේ කම්මුල් සීතල කරමින් කදුලු ගලා ගියා...අනූට පස්සේ මගෙ හිත හෙල්ලුවෙ ඔයයි කෙල්ලේ.....රික්වෙස්ට් එකක් දාන්න ඕන......කෙල්ලගෙ නම බීෂා....ශා 😍😍😍කෙල්ල වගේම නමත් ලස්සනයි ........
දැකලා විනාඩි ගානයි...බීෂා ඔයානම් මගේ හිතම හෙල්ලුවා.....අවුරුද්දකට පස්සේ අදයි මගෙ හිතට සතුටක් දැනුනේ ...ඒ ඇයි කියල මමවත් දන් නෑ......😕😕😕

--------------

දින ගෙවිල ගියේ මගේ ජීවිතේ මට අතුරුදන් වෙලා තිබුනු සතුට ලබා දෙම්න්.....අනූ නිසා අදුරු වී ගිය මගේ ජීවිතේට පහන වුනේ බීෂා...බීෂා සජියගෙ කසින් කෙනෙක් වුනු නිසා බීෂායි මායි ඉක්මනින්ම ලන් වුනා.....මගේ අතීතය හැමදෙයක්ම බීෂා දැනන් හිටියා...අපි හමුවෙලා මාසයක් වුනත් හදවත් වලින් අවුරුදු ගානක්  වගෙයි දැනුනේ .....මම අනූටත් වඩා බීෂා ට ආදරේ කලා....රටවල් දෙකක හිටියත් අපි හුස්ම තරමටම ලන් වුනා.....බීෂා හැමවෙලේම මා ගැන හොයල බැලුවා....මගෙ අම්මා තරමටම.......අපි දෙන්නට අපි නැතුව ඉන්න බැරි තරමට පුදුම විදිහට ආදරේ කලා....ඒත් ඒ ආදරේ තාමත් අප්‍රකාෂිත ප්‍රේමයක්....😍😘

" බීෂා .....මම ලගදිම ලංකාවේ එනවා...."

" අනේ ඇත්තටමද අයියා ..."

" ඔව් රත්තරන් ....කෙනෙක් නිසා රට අතඇරල ගියාට තවකෙනෙක් වෙනුවෙන් ඉක්මනින් එන්න වෙයි කියලා හිතුවේ නෑ....හීනයක් වගේ මැණික "

" කවුරු වෙනුවෙන්ද එන්නේ අයියා ..."

" දන්නෙ නැද්ද මැට්ටී..අපි දෙන්නගෙ මේ බැදීම මොකක්ද කියලා ..."

' නමක් නොමැති මේ හිතවත්කම ......
ඔබ හිතන්නේ මේ ආදරය ද.....
මමත් දන්නෙ නෑ හරිහැටි තව......
කියාදෙන්න මේ ආදරය ද.....''

😘😘😘😘😘😘😘😘

" මම ආදරෙයි සුදු බෝලේ ...ඔයත් ආදරෙයි නේද රත්තරන් .."

" ඔව් මගෙ අයියේ ආදරෙයි මුලු හිතින්ම .."

"කවදාවත් මාව දාල යන්නේ නෑ නේද රත්තරන් ..."

"මගෙ හුස්ම වැටෙනකම් අයියගේ තුරුල්ලෙම සදහටම ඉන්නවා අයියේ...."

" ලංකාවට ආපු ගමන්ම ඔයාව මගෙ වයිෆ් කරගන්නවා නංගෝ ...
අමාවක මගේ ලෝකෙට පුර හදක් වගේ ඇවිත් මගේ ලෝකේ  එලිය කලාට ඔයාට පින් රත්තරන් ...."

උපුටා ගැනීමක්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment