#ජීවිතේ_හරිම_පුදුමාකාරයි
මං නමින් සිතාරා ස්වර්ණහංසි රණසිංහ. වෘත්තියෙන් රහස් පරීක්ෂකවරියක්. පහුගිය ටිකේම මගෙ එක්තරා රාජකාරී වැඩකට වැලිකඩ බන්ධනාගාරෙට ගියවිට මගේ නෙත ගැටුනේ එක් කාන්තාවක් පිළිඹඳව. අැයව දුටු විට මට මොකද්දෝ අසරණකමක් දැනෙනවා.. ඒ හින්දම මං බන්ධනාගාරෙන් අවසර ගත්තෙ පැය දෙකකට අැය හා කතා කිරීමට
මා අැය අසළට ගිය විට අැය අහිංසක විදියට මගෙ දිහා බලන් හිටියෙ. අැය සිහින් හිනාවකින් මට අාචාර කරලා බිම බලා ගත්තා. අප දෙදෙනාගේ නිශ්ශබ්දතාවය බිඳමින් මං කතාවට මුල පිරුවා
ඔයාගෙ නම මොකද්ද?
මං නිකිණි මැඩම්...
මැඩම් කියලත් කෑල්ලක් තියෙනවද?
අනේ නෑ මං මැඩම්ට කිව්වෙ කියලා අැය ලැජ්ජාවෙන් බිම බලා ගත්තා.
මං ඔයත් එක්ක කතා කරන්න අාසයි. අැයි ඔයා මෙහෙ. මොන වැරැද්දක් කලාටද....
හ්ම්ම්ම්ම් අැය දිගු හුස්මක් පිට කලා... ඒක දිග කතාවක් මැඩම්.. මැඩම්ට පුලුවන්ද මගෙ කතාව අහගෙන ඉන්න.
ඒක තමා ළමයො මං මේ අාවෙ.. කියන්නකො ඉතිං
මං නිකිණ වස්සලා රණවීර. සාමාන්‍ය පවුලක ලස්සනට ජීවිතේ ගෙනිච්ච ටිකක් දඟකාර කෙල්ලෙක්. මට ශිෂ්‍යත්වෙ ඉහළින් පාස් උනා. ඊට පස්සෙ ගම්පහ තියෙන නමගිය හොඳ පාසලකට අැතුළත් උනා.. O/L විභාගෙන් විශිෂ්ඨ ප්‍රතිළුල අරන් A/L විභාගෙට bio stream එකෙන් පෙනී හිටියා... මාස කිහිපයකින් ප්‍රතිළුල නිකුත් උනා. දශම තුනකින් Campus හීනෙ මට නැති උනේ..
අාපහු විභාගෙ ලියන්න අකමැති හින්දා දෙහිවල පිහිටි රජයෙ එක්තරා Campus එකකට මං Application එකක් දැම්මා... ඒකෙන් Exam ලියන්න අාවම මං ගොඩක් සතුටු උනා. Exam ලියපු දවසෙම හවස් වරුවෙ ඒ අායතෙන් call කරලා කිව්වා මට interw එන්න කියලා තව දවස් දෙකකින්. කිව්ව විදියම මං නියමිත දවසෙ interw එකට ගිහින් හොඳට මුහුණ දුන්නා. බලාපොරොත්තු උන විදියටම මං පාස් වෙලා. අැත්තටම මං තිබුණ සතුටටම ගෙදරට call කරලා කිව්වම අම්මයි අප්පච්චියි ගොඩක් සතුටු උනා.
ඊළඟ දවසෙත් ලියකියවිලි වගයක් බාර දෙන්න අාපහු මං campus එනගමන් හිටියෙ. දෙහිවල ගුවන් පාලම පහු කරලා කොළඹ පැත්ත එනකොට හරියටම කිව්වොත් ඊබට් සිල්වගෙ සෙඩ් එක ළඟදි කව්දෝ කොල්ලෙක් නංගි නංගි කියලා කීප පාරක්ම කෑ ගහනවා අැහුන නිසාම මං පිටි පස්ස හැරිලා බැලුවා.
කව්ද කොල්ලෙක් මං ඉන්න තැනට දුවන් අාවා.
මේක ඔයාගෙද නංගි.
ඔව් අයියෙ මේ මගෙ purse එක. ඒත් ඔයාට කොහෙන්ද?
ඔයා අතනදි බෑග් එක අදිද්දි වැටුනෙ.
එතකොටයි මට මතක් උනේ මං බෑග් එක අැරලා කුඩේ ගත්තා කියලා.
අනේ thnku so much අයියෙ..
ඕවා මොනාද නංගි.. එහෙනම් මං යන්නම්. බුදු සරණයි නංගි
හොඳයි අයයෙ ඔයාටත් බුදු සරණයි...
Campus එකට ගිහින් වැඩ ටික ඉවර කරගෙන මං ගෙදර යන්න බස් එකට යන්න කලින් ළඟ තියෙන කඩේකට ගියා. කෑම කාලා ඉවර වෙලා එලියට එද්දි
අහ් නංගි
අහ් අයියෙ ඔයා මෙතන. මං දැක්කෙ නෑ ළඟට එනකන්ම.
දැන්ද ගෙදර යන්නෙ.
ඔව් අයියෙ. ඔයා මේ කොහෙද යන්නෙ.
මං මේ පොඩි වැඩකට අාවා. නංගි කොහෙද?
මං අවිස්සාවේල්ලෙ, එතකොට අයියා.
මං කැස්බෑවෙ නංගි
හ්ම්ම් අයියගෙ නම මොකද්ද කියලවත් මං තාම දන්නෑ
මං හංසක, එතකොට නංගි?
මං නිකිණි.
හරි නංගි. මේ මගෙ කාඩ් එක. මතක් උනොත් call එකක් දාන්නකො.. මං යන්නද ගොඩක් වැඩ තියෙනවා.
හරි අයියෙ මටත් පරක්කුයි.. බුදු සරණයි.
හරි නංගියො බුදු සරණයි.
අැත්තටම මං ගෙදර ගියෙ ගොඩක් සතුටින්. ගෙදර ගිහින් වොශ් එකක් දාලා අැඳට අැවිත් fb පැත්තෙ ගියෙ ඒක පුරුද්දක් හින්දා.
හම්මේ reqvet 11ක්.. මං ලේසියෙන් add කර ගන්නැති හින්දා එකින් එක චෙක් කලා. හාෙදට හුරු පුරුදු බවක් පෙනුන හින්දා මං ටිකක් බැලුවම මතක් උනේ අද හම්බුන අයියෙ නේද කියලා. දෙපාරක් හිතන්නැතුව reqvest එක accpt කලා.
ම්ම්ම් min.10 කට කලින් මේ යකා online ඉදලනෙහ්. මං fb account එක බැලුවා. ලස්සන ලස්සන photoes දාලා. ගොඩක් කෙල්ලො love comment දාලා. ඔව් ඉතිං මේ වගේ ලස්සන කොල්ලෙක්ට love comment නොදා ඉදියිද. මං මටම කියා ගත්‍තා.
පැයක් විතර ගත උනා.. මට hi කියලා msg එකක් එවලා. කව්ද ඉතිං හජසක තමයි..
Hi medam
Hi kohomada mawa hoya gaththe
Uwamanawak thiyenam karanna beri wedak nea nangi
Ekanm eththa thamai. Ithin ithin kohomada aiye. Oya job ekak karanwada
Ow nangi mn .......chairman kenek.
Ohh really..good aiya.
Ithin..kohomada oyage jeewithe
ඔය විදිහට අපි එකිනෙකා අඳුර ගත්තා. Fb එකෙන් කකා කලත් දැන අපි 4n එකෙනුත් කතා කරනවා.
ඔය වගේ මාස තුනක් විතර දවසට පැය 5ක් විතර කතා කලා
Mage sudu nangiyooo
Mokada mage aiya ke gahanne
Mata kiyanna deyak thiyenawa. Eka man kiuwoth oya math ekka tharaha weida danna nangi.
Mmm monada affeee kiyanna thiyenne.. Kiynnko ehenam balanna.
Man oyata adare karanna patan aran nangi
Hmmm ithin....
Oyath mata adareida..
Hm ow aiye mn hithanne math oyata adare karanwa.
Pissu kella. Mokada mechchara dawadak nokiuwe.
Ithin kollane mulin kellagen ahanna oni.
Ha ha dn mata adareida.
Ow mage aiye. Man godak adarei.
Math adarei raththaran mage panatath wediya.
මේ විදියට දෙන්නගෙ අාදරේ සතුටින් ගෙව්නා අවුරුද්දක් විතර.
දැන් දෙන්නගෙ අාදරේට හරියටම අවුරුද්‍දක්...
ඉතිං පැංචි අද කොහෙද යන්නෙ අපි.
ම්ම්ම් අයියට කැමති දිහාවක යමු.
මට ටිකක් නිදහසේ කතා කරන්න ඕනි පැංචි. අපි room එකකට යමුද?.
පිස්සුද අයියෙ මටනම් බෑ.
අනේ රත්තරං මාව විශ්වාස නැද්ද.
අනේ මට ඔයාව විශ්වාසයි මහත්තයො.
එහෙනම් අපි යමුද?
හ්ම්ම්ම්
........................................
මට බයයි මහත්තයො
අැයි බය. කෝ එන්න මං ගාවට.
හ්ම්ම්ම් බයයි😒😒😒
නිකිණිව තම උකුලට ගත්ත
හංසක නිකිණිගෙ රෝස පාට දෙතොල් තමන්ගෙ කර ගත්තා. නිකිණිත් අැස් පියාන හංසකගෙ දෙතොල් රස වින්දා.
කෝ ඔයාට දාඩියත් අැතිනෙහ්. අපි මේක ගලෝමු.
අනේ මට බෑ මහත්තයො.
අනේ පිස්සි මේවා කවදහරි මගෙ තමයි. කෝ එන්න මෙහෙට.
හංසක නිකිණිගෙ අැඳුම් එකින් එක ගලෝලා නිකිණිව හංසක සතු කර ගත්තා.
මාව දාලා යන්නෑ නේද මහත්තයො.
කවදාවත් නෑ මැණික. හැමදාම අපි අපේමයි.
වොශ් දාගෙන අපි එතනින් පිට උනා.
...............................................
මේ විදියට මාස ගානක් යද්දි හංසකගෙ පුංචි පුංචි වෙනස්කම් නිකිණිට දැනෙන්න ගත්තා. පණ වගේ නිකිණිට අාදරේ කරපු හංසක නිකිණිට බොරු කරනවා කියලා දැන ගත්තෙ හංසකගෙ බෑග් එකේ තිබිලා සිගරට් එකක් හම්බුන වෙලේ.. ඒත් එදා නිකිණි හංසකට සමාව දුන්නෙ අාදරේ වැඩිකමට.
දවසක් නිකිණිට පාර්සලයක් දුන්න හංසක කිව්වෙ ඒ පාර්සලේ තමන්ගෙ යාලුවෙක්ට දෙන්න කියලා. යාලුවා එනවා කිව්ව තැනට ඒ කියපු වෙලාවට නිකිණි ඒක ගිහින් දුන්නා.. මාසෙකට සැරයක් නිකිණිට ඒ වගේ පාර්සලයක් හංසකට ගෙනත් දෙන්න හරි හංසකගෙන් වෙන නාට හරි ගෙනිහින් දෙන්න සිදු උනා. ඒත් නිකිණි කවදාවත් හංසකගෙන් ඒ පාර්සල් ගැන අැහුවෙ නැත්තෙ එක දවසක් ඒ ගැන අහද්දි හංසක එය තමාගෙ office පාර්සලයක් කිව්ව නිසයි. මේ අතරෙ නිකිණිට හංසකගෙ වෙනස්කම් හොඳට තේරුණා.
මාසෙකට දවසක් ගෙනිච්චත් දැන් දැ්‍ර දවසකට දෙතුන් පාරක් ගෙනිහින් දෙව්න වෙලා. අැත්තටම ඒක නිකිණිගෙ studies වලටත් බාධාවක් වෙලා තිබ්බෙ. හංසකට තිබ්බ අාදරේ නිසාම නිකිණි මොකුත් නොකියා හංසක කිව්ව වැඩ ටික කලා.
ටික දවසකින් නිකිණි අාරංචි මාර්ග කිහිපයකින්ම දැන ගත්තා හංසක drugs වලට හුරු වෙලා කියලා. නිකිණි පුලුවන් තරම් try කලත් ඒවගෙන් හංසකව ගලෝ ගන්න.බැරි උනා.. දැන් දෙන්න හැමදාම රණ්ඩු උනා. දවසක් හංසකගෙ බල කිරීම හින්දම නිකිණි ගියෙ සමාජ ශාලාවකට පාර්සලයක් බාර දෙන්න. ඒ යද්දි ඒක අැතුලෙ ලොකු අවුලක් කියලා නිකිණිට තේරුන හින්දම නිකිණි එතනින් එන්න අාපහු හැරුනා.
ඒත් එක්කම නිකිණිගෙ අත කවුදෝ තදින් අල්ලා ගත්තා
අහ් නෝනා කොහෙද මේ යන්නෙ...
ඒ පොලිසියෙ එක්කෙනෙක්. නිකිණි බය උනා හොඳටම.
Sir මං මේ යාලුවක්ව හම්බෙන්න අාවෙ.
මේ වගේ තැනකට.. හහ් හහ් හහ්...බොරු කියන්නෙපා. උඹල වගේ රඟපාන උන් ගැන අපි හොඳට දන්නවා.
අනේ නෑ නෑ sir මං මේ අැත්තමයි කියන්නෙ.
අනේ උඹලට බෑ අපිව රවට්ටන්න. ඉන්ස්පෙක්ටර් මේ බෑග් එක චෙක් කරන්න..
සර් මෙතන 2kg ක් විතර drugs තියෙනවා.
මෙච්චර ගොඩාක් කොහෙන්ද උඹට. අැත්ත කියපන්..
Sir,,,මං මේ මේ....
ඉන්ස්පෙක්ටර් මෙයාව අත්අඩංගුවට ගන්න
දෙවියනේ එතකොට මං මෙච්චර කාලයක් මේ ගෙනිහින් දීලා තියෙන්නෙ drugsda නිකිණි තමන්ටම කියා ගත්තා.
උසාවියෙන් අවුරුදු 15ක හිර දඬුවමක් නිකිණිට නියම උනා...
..............................................
එදා මං මගෙ හංසක ගැන කිව්වනම් අද එයයි මේ තින ඉන්නෙ. මට ඒ දේ වෙනවා බලන් ඉන්න බෑ මැඩම්. මගෙ හංසක දැන් කොහේ හරි හොඳට ජීවත් වෙනවා අැති. මැරෙකන්ම මං එයාට අාදරේ කරනවා කියලා නිකිණි ලොකූ හුස්මක් පිට කලා...
ඒ කතාව අැහුවම මට නිකිණි ගැන අැති වුනේ දුකක් වගේ අනුකම්පාවක්.
මං නිකිණිගෙන් සමු අරන් බන්ධනාගාරෙන් එළියට අාවෙ ජීවතෙ හරිම පුදුමාකාරයි කියලා මටම කියාගෙන...
කතෘ -: #සිතු
උපුටා ගැනීමකි
No comments:
Post a Comment