නුඹ මගේමයි

නුඹ මගේමයි..........
**************

කෙටි කතාව......
*********************

ඇයි දුව මේ.......?

මොකුත් නෑ අම්මා.......

මොකුත් නෑ කියන්නේ කොහොමද.....?

මොකද්ද අම්මලට වෙලා තියෙන්නේ....... මට මගේ පාඩුවේ ඉන්න දෙනවද......? ඔයාලා කියපු දේවල්වලට මං කැමති වුණානේ........ දැන්වත් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න........ ඔයාලට ඕනි විදියට, ඔයාලා කැමති කෙනාව මැරි කරන්න මං කැමති වුණානේ...... තව මොනවද........?

දැන් ඒ කියන්නේ උඹ මේ දේට කැමති වුණේ අපි නිසා ද........?

මං කිව්වනෙන් අම්මලට...... මට මේ කසාද ඕන නෑ කියලා........ කියන දේ ඇහුවේ නැත්තේ අම්මලනේ........ මම නෙමෙයිනේ........ මට ඕන ඇති මගුලක් නෑ,......... මට මගේ පාඩුවේ ඉන්න දෙන්න....... ඔයාලා කැමති දවසට වෙඩින් එක වෙයි....... ඒත් ඒක ඔයාලට වෙඩින් එකක් වුණාට මට මං මැරෙන දවස වගේ වෙයි.......... එදා ඉඳලා ජීවත් වෙන්නේ අම්මලගේ මේ දෝණි නෙමෙයි මළමිනියක් කියලා ඔයාලා දන්නවනේ..........

මොනවද ළමයෝ මේ කියන කතා....

මට මගේ පාඩුවේ ඉන්න දෙන්න අම්මා......... මං මේ ඔයාලා හැමෝටම කියන්නේ.......... ඔයාලා හැමෝම එකතු වෙලා මාව ටික ටික මරණ එක මේ කරන්නේ........ මාව මරණ එක..........

මහා හයියෙන් කෑගහලා එහෙම කියලා කාමරේට දුවලා ගිහිල්ලා දොර වහගෙනම ඇඳට වැටුනේ හිතේ තියෙන දුකටමයි........

ඇයි අනුහස් ඔයා මට මෙහෙම කළේ....... ඇයි......? මොකද්ද මං ඔයාට කරපු වරද.....? ආදරේ කළ එකද.......? ඒකද මට මෙච්චර දඬුවම් කරන්නේ.......?

ඇය නමින් කෞමදි පහන්දි.......... රජයේ පාසලක ගුරුවරියක් විදියට සේවය කරපු කෞමදී අයියලා දෙන්නෙක්ටයි, අක්කටයි හිටපු එකම නංගි වගේම අම්මගෙයි, තාත්තගෙයි හුරතලී......... ගෙදර අය ගෙනාපු ප්‍රොපෝසල් එකකට කැමති වෙලා වෙඩින් එකට තව මාස දෙකයි තිබුණේ........

දෝණී මේ දොර අරින්න........

ඒ අක්කගේ කටහඬ...... කෞමදීට දොර අරින්න හිතක් තිබුණේ නෑ....... ඒ නිසාමයි ඇහුනේ නැති ගානට ඇඳට වෙලා හිටියේ......

කියන දේ අහන්නකෝ සුදු නංගි.......... මේ දොර අරින්න.........

අක්කගේ බලකිරීම නිසාම කෞමදී ගිහිල්ලා දොර ඇරියේ....... ආයේ ඇවිල්ලා ඇඳෙන් වාඩි වුණේ අක්කට ඇතුළට එන්න ඉඩ දීලා........

ඇයි කියන්න දෝණී මේ........ ඔයා මෙහෙම හැසිරෙන ළමයෙක් නෙමෙයිනේ......... මොකද වුණේ කියන්න......

මට දේවකව මැරි කරන්න බෑ අක්කේ......... මට බෑ.......... එයා මට ආදරේ නෑ අක්කේ.......

කෞමදී හොඳටම අඬ අඬ කියෝගෙන ගියේ....... අක්කට හිතා ගන්න බෑ මේ මොකද වුණේ කියලා........ දේවක කියන්නේ කෞමදීට ගෙදරින් ප්‍රොපෝස් කරපු පිරිමි ළමයා......... ඒත් ඒක ගෙදර අය බලෙන් කරපු දෙයක් නෙමෙයි...... පත්තරේ මංගල කිංකිණී තීරුවේ තිබුණ දුරකතන අංකයට කතා කරපු කෞමදීගේ තාත්තා හඳහන් බලලා තමයි දේවකවයි, කෞමදීවයි කසාද බන්දන්න නැකත් හැදුවේ...... ඒ දෙන්නගෙම කැමැත්ත නිසා......... කෞමදි කැමතියි කියලා නොකිව්වත් කවදාවත් අකමැත්තක් පෙන්නුවේ නෑ........ ඒ නිසයි මේ හැමදෙයක්ම මේ විදියට සිද්ද වුණේ.......

ඒත් නංගි මේ එක සැරේට........?

එක සැරේට නෙමෙයි සුදු අක්කෝ.......... ඒත් එයාව මට දැනෙන්නේ නෑ අක්කා........ චුට්ටක්වත් නෑ....... අඩුම බඪින්න ඉන්න කෙල්ලා කියලවත් එයා මං ගැන හොයන්නේ නෑ අක්කා...... කොහෙද ඉන්නේ......?  කෑවද...? මොකද කරන්නේ.....? කිසිම දෙයක් හොයන්න එයාට වුවමනාවක් නෑ අක්කා....... මට තේරෙන්නේ නෑ........

දේවක මල්ලි කතා කරන්නෙම නැද්ද එතකොට.........?

නෑ අක්කා...... මේ මාස හතරටම කෝල් දහයක්වත් ගන්න නැතුව ඇති අක්කා....... ඒ ගත්තෙත් වෙඩින් එක ගැන තියෙන දේවල් කතා කරන්න විතරයි අක්කා...... මට බෑ අක්කා ගිහිල්ලා දුක් විඳින්න....... මට මෙහෙම තනියම ඉන්න දෙන්න........ ප්ලීස්....... අම්මලට තේරුම් කරලා දෙන්න......

ඒත් නංගි දැන්........ ඔයා දන්නවනේ...... වෙඩින් එකට දිනත් දාගෙන ඉවරයි කියලා......

දෝණි මට කෝල් එකක් වගේ........ අයිය ද දන්නේ නෑ......... පොඩ්ඩක් ඉන්න.....

මේ කවුද........? අඳුරන්නේ නැති නම්බර් එකක්.......... ඒත්......... ආන්සර් කරලම බලමුකෝ......

එහෙම හිතලයි අක්කා ෆෝන් එක ආන්සර් කළේ........

හෙලොව්........?

කොහොමද ලොකූ.........? අඳුරන්න පුළුවන්ද මාව.......?

අනුහස් මල්ලී........? මේ ඔයාද.......?

හ්ම්....... ඔව්නේ ලොකූ........... ඒ කියන්නේ මාව මතකයි.......?

එහෙමත් අමතක වෙනවද මෝඩයෝ...... කොහෙද මෙච්චරකල් ගිහිල්ලා හිටියේ........?

කොහේ යන්නද ලොකූ........? ගෙදර තමයි හිටියේ......

එහෙනම් කෝල් එකක්වත් නැත්තේ........? ඔයාට ගන්න කොච්චර ට්‍රයි කළාද අපි........?

අපි කියලා බහු වචනෙන් කිව්වේ කවුද.....? ලොකූ ඇරුණම කාටද අනේ ඔය ගෙදරින් මාව මතක් වෙන්නේ.........?

ඇයි උඹ හිතන් ඉන්නේ මේ ගෙදර උන් මැරිලා ඉපදුනා කියලද.........? ඒ උඹට වැරදිලා මල්ලියෝ....... මේ ගෙදර හැමෝටම උඹව මතක් වෙනවා පුදුම විදියට........ ඒත් උඹට තමයි මේ ලොකූව, දෝණිව, ලෙදර අනිත් අයව අමතක වුණේ........ ගෙදරට හොයන් එන්න බැරිකමට හිටියා මිසක් අමතක වෙලා නෑ උඹට වගේ අපිට.......

සොරි... සොරි ලොකූ.......... මං දන්නවා මං වරදක් කළා කියලා....... ඒත් ඒක හදන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නෑ,....... මට ලෙකූව හම්බවෙන්න ඕන...... ටිකක් කතා කරන්න ඕන.......

ම්...ම්.....ම්..... මේ දවස්වල නම් මම ගෙදර ඉන්නේ........ ආයේ අනිද්දට අම්බලන්කොට යන්නේ........?

මස්සිනා පොඩ්ඩත් ආවද......?

නෑ මල්ලී....... දරුවත් එක්ක මං විතරයි ආවේ.........

එහෙනම් අනිද්දට මට යන වෙලාව කියන්න...... මං එන්නම් ටවුන් එකට....... මේ නංම්බර් එක දිගටම වැඩ....... අලුත් නම්බර් එක මේක....... යන වෙලාව මැසේජ් එකක් තියන්නකෝ.......

හරි මල්ලියෝ...... මං කෝල් කරන්නම්........ පරිස්සමට ඉන්නකෝ...... බුදු සරණයි........

හරි ලොකූ....... බුදු සරණයි....... පුළුවන් නම් මේ පිස්සු මල්ලිට සමාව දෙන්න.....

එහෙම කියපු අනුහස් ෆෝන් එක තියපු බව අක්කට තේරුණා........ අක්කා දෝණිගේ කාමරේ දිහා බලාගෙන කල්පනා කළේ මේ මොකද වෙන්නේ කියලා.........

****************

අම්මෝ කොල්ලා හැඩ වෙලානේ....... ලස්සන වෙලා........

තැන්කිව්...... තැන්කිව්........ ලෙකූ නම් තව ටිකක් මහත් වෙලා......... ම්...ම්.....ම්..... පොඩි තට්ටුවක් දැම්මොත් පෙරලි පෙරලි යයි වගේ බං........

අනේ....... මෝඩ පැටියා........ මොනවද බොන්නේ..........?

නෙස්කැෆේ........?

තවම පරණ පුරුදුම තමයි නේද.....? මං ගේන්නම්.........

හිටු...... හිටු........... මං අරන් එන්නම්..........

අනුහස් ගිහිල්ලා අක්කටත් එක්ක නෙස්කැෆේ දෙකක් අරගෙන ඇවිත් දෙන්නත් එක්ක කතාවට වැටුණේ.......

ඉතිං මොකද වුණේ අනුහස්........ මට මතක විදියට අවුරුදු දෙකකින් විතර වගේ නේද.........?

හ්ම්....... අවුල් ගොඩක් වුණා බං ලොකූ......... ඒවා අපි පස්සේ කතා කරමුකෝ...... මේ දෝණිට කොහොමද.........?

ඇයි අහන්නේ...........?

නිකන් ඇහුවේ......... මොකද කරන්නේ.......,? තවම පරණ ස්කූල් එකේමද......?

හ්ම්......... ඔව්නේ....... තවම මල්ලි ගැන නම් කියවනවා......... ඒකිට තමුසෙව අමතක කර ගන්න බෑ හලෝ........ පවු කෙල්ලා....... මටත් ලෝභයි....... හිතින් ගොඩක් විඳවනවා........

අනුහස් බිම බලා ගත්තේ කරන්නම දෙයක් නැතුව......... අනුහස් දන්නවා කෞමදී කොච්චර ආදරේ කළා ද කියලා.......... ඒත් ආපු ප්‍රශ්ණත් එක්ක අනුහස් ගොඩක් වැටුණා........ ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් අනුහස්ට තිබුණේ නෑ.......

ලොකූ මගෙත් එක්ක තරහා නෑ නේද.........?

පිස්සුද මලයෝ......... මේ ලොකූ එදා හිටපු කෙනාම තමයි.......... කිසිම වෙනසක් නෑ.....

දෝණිත් එහෙමද..........?

අනුහස් අහපු ප්‍රශ්ණෙට නම් ලොකූට දෙන්න උත්තරයක් තිබුණෙම නෑ....... කටක් ඇරලා අනුහස්ට කියන්න බැහැ දෝණි බඳින්න ඉන්නේ කියලා........ මොකද ලොකූ දන්නවා අනුහස් තරම් දෝණිට ආදරේ කරන වෙන කෙනෙක් මේ ලෝකේ නෑ කියලා........

මං දන්නවා බං ලොකූ......... ඒකී මගෙත් එක්ක තරහෙන් ඇත්තේ....... මං අද එන්න කිව්වේ මං ගෙවල් පැත්තට ඇවිත් ගියාට කමක් නැද්ද අහන්නත් එක්ක.......

කමක් නෑ මල්ලී..... ඕන වෙලාවක එන්න....... මමත් ලබන සතියේ ආයෙම එනවා....... මං නැත්නම් මල්ලිට කෝල් එකක් දීලා එන්න......

දෙන්නත් එක්ක තව ටික වෙලාවක් කතා කර කර ඉඳලා යන්න ගියේ........ අනුහස්ට ඕන වුණා කොහොම හරි ආයෙම දෝණිව තමන්ගේ ළඟට ගන්න....... ඒ තරමටම අනුහස් තාම දෝණිට ආදරේ කරනවා........

************

අම්මේ...... අම්මේ...........?

මොකද දෝණි කෑ ගහන්නේ....... කාට හරි ඇහුනොත් හිතයි ගෙදර කරදරයක් කියලා........

අම්මත් කෑ ගහගෙනමයි දෝණිගේ කාමරේට එබුනේ..........

මෙහේ නෙමෙයි........ අන්න කවුද ඇවිත් හෝන් කරනවා........

දෝණි හිතුවේ ඒ ආවේ දේවක කියලා........ දෝණි ගිහිල්ලා දොරේ ලොක් එකත් දැම්මේ කේන්තියෙන්මයි......... අනුහස්ට දීපු ආදරේ දේවකට දෙන්න තරම් දෙයක් ඉතුරුවෙලා තිබුණේ නෑ කියලා කෞමදි දැනගෙන හිටියේ....... දේවක වුනත් කෞමදීට ආදරේ කරනවා කියලා නම් හිතන්න අමාරුයි....... වෙඩින් එකේ විස්තර දැනගන්න ඇරෙන්න වෙන කිසිම දවසක දේවක කෞමදීට කෝල් එකක්වත් දුන්නේ නෑ......

කෞමදී දුර ඈත අතීතෙට දුවගෙන ගියේ නොදැනුවත්වමයි......... උසස් පෙළ පන්තියෙදී අහම්බෙන් හමු වුණ අනුහස් තමන්ගේ ජීවිතේම වෙයි කියලා නම් කෞමදී කවදාවත් හිතුවේ නෑ,..... කෞමදී අනුහස් එක්ක යාලු වුණේ යාලුවොත් එක්ක දාපු ඔට්ටුවක් දිනන්න බලාගෙන........ ඒත් නොහිතපු විදියට අනුහස් ගොඩක් ලං වුණා........ දෙන්නම උසස් පෙළට කොමස් කළත් අනුහස්ට පුළුවන් වුණේ විෂයන් තුන ගොඩ දාගන්න විතරයි.....

ඒත් කෞමදී නම් විද්‍යාපීඨ ගිහිල්ලා ටීචර් කෙනෙක් විදියටයි එළියට ආවේ........ අනුහස් ජොබ් එකක් හොය හොය ඇවිදින අතරේ කෞමදී පුංචි ළමයින්ට අනාගතේ පෙන්නුවා....... ජෙබ් එකක් නැති කොල්ලෙක්ට දුව දෙන්න බෑ කිය කිය කෞමදිගේ අම්මයි, තාත්තයි ටික ටික වෙනස්වෙන්න ගත්තේ නොහිතපු වෙලාවක....... දෙන්නත් එක්ක අනුහස්ව හොයාගෙන ගිහිල්ලා තමන්ගේ දුවගේ ජීවිතෙන් අයින් වෙන්න කිව්වේ දුවගේ අනාගතේ ගැන හිතලමයි...........

පුතා ටිකක් තේරුම් ගන්න....... අපිට බෑ මේකට කැමති වෙන්න...... අනික ඔයාට අඩුම ජොබ් එකක්වත් තියෙනවද.....? ගෑණිගෙන් කකා ඉන්නද හදන්නේ හැමදාම..

මං ජොබ් එකක් හොයා ගන්නම් අම්මේ....... මට පොඩි කාලයක් දෙන්න..........

හ්ම්....... ඔයා හරියට ජොබ් එකක් හොයා ගන්නකම් අපේ දුවව හමු වෙන්න එපා...... එයාට කතා කරන්නත් එපා....... දුවට ආදරෙයි නම් ඔයා හොඳ ජොබ් එකක් හොයාගෙන හොඳ මහත්තයෙක් වෙලා එන්න....... එතකම් අපේ දුවට පාඩුවේ ඉන්න දෙන්න.........

කෞමදී මේ කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ,....... කෞමදී හිතුවේ අනුහස්ට තමන්ව එපා වෙලා අතෑරලා දාලා ගිහිල්ලා කියලා....... ඒ මොනදේ වුණත් අනුහස්ට වෛර කරන්න නම් කෞමදීට කවදාවත් බැරි වුණා....... කෞමදීට කිසිම දෙයක් කියන්නේ නැතුව වෙන්වෙලා ගියපු අනුහස්ට කෞමදී තාමත් ගොඩක් ආදරෙයි.......

කෞමදී නිකමට වගේ එළියට ගියේ කාගෙවත් කිසිම සද්දයක් නැති නිසයි........ ඒත් කෞමදී දැකපු දසුනින් කෞමදීගේ ඇස්වල කඳුළු පිරුණා........ පණ වගේ ආදරේ කරපු අනුහස් තමන්ගේ ඇස් ඉස්සරහා ඉන්නවා දැකපු එක තාම කෞමදීට විශ්වාස කරන්න බෑ........

අනුහස් ඔයා...........?

දෝණී.......

ඇයි ඔයා මෙහේ ආවේ.......... මොකටද......? මං මැරිලද බලන්නද.......?

මට සමාවෙන්න දෝණි........

දෙන්න තරම් සමාවක් මගේ ළඟ ඉතුරුවෙලා නෑ අනුහස්...... මීට හොඳයි මාව මරලා දැම්මනම් අනුහස්....... මාව මරලා දැම්මනම්........

එහෙම කියාගෙන කෞමදී එතනම බිම වාඩි වුණා........ කෞමදීගේ ඇස්ලවල කඳුළු අනුහස්ට බලන්න බැරි නිසාමයි අනුහස් දුවන් ඇවිත් කෞමදී ළඟින් වාඩි වුණේ.......

මං කියන දේ අහන්න දෝණී...... ප්ලීස්.......

අම්මා.... මෙයාට කියන්න මෙතනින් යන්න කියලා........ මට මෙයත් එක්ක කතා කරන්න දේවල් නෑ....... යන්න කියන්න අම්මා මෙයාට...... මං කැමති නෑ මෙයාගේ මූණවත් බලන්න........ යන්න කියන්න අම්මා මෙයාට...... යන්න කියන්න......

කෞමදී හයියෙන් කෑගහලා ඇඬුවා........ කෞමදී අඬපු තරමට කෞමදී කලන්තේ හැදිලා වැටුනා....... ගෙදර හිටපු හැමෝම ගොඩක් භය වුණා....... කෞමදීව දෑතට උස්ස ගනිපු අනුහස් එහෙමම ගිහින් කෞමදීව කාර් එකෙන් වාඩි කෙරෙව්වා..... ඒ එක්කම කෞමදීගේ අක්කා ලොකූ දුවගෙන ආවෙත් ඒ වෙලාවෙමයි.......

අම්මා ඉන්න... මං මල්ලි එක්ක යන්නම්........

එහෙම කියලා ලොකූ අනුහස් එක්ක කාර් එකේ නැගලා ගියා......

අපේ මහත්තයා........ මොකද්ද මේ අපේ කෙල්ලට වුණේ....... අනේ මහත්තයෝ මගේ කෙල්ලා.......

නෝනගේ වැරදිම තමයි ඔය.......... කෙල්ලා අපිට පෙනි පෙනි විනාස වෙන්නේ නෝනා කරපු වැඩේ නිසාම තමයි..... අනුහස් පුතාගේ හොඳකමට දෝණිට මේ දේවල් නොකිව්වේ...... නැත්නම් කෙල්ලා මෙතන දෙවනත් කරනවා....... කෙල්ලා දේවක පුතාට කැමතිත් නෑ,....... අපේ තීරණේ නිසයි කෙල්ලා හා කියලා කිව්වෙත්...... දැන්වත් මේවා තේරුම් ගන්න නෝනේ......

ඔව් අපේ මහත්තයෝ......... මේ හැමදෙයක්ම වුණේ මගේ වැරදි නිසා........ දරුවා ආවම මම මේ හැමදෙයක්ම එයාට කියනවා......

ඔව් නෝනේ...... අද ඇසළ පෝය....... මේ වගේ දවසක අපි අපේ දරුවන්ට නරකක් වෙන්න ප්‍රාර්ථනා කරන්න හොඳ නෑ,....... අපි එයාලගේ ජීවිත තවත් හොඳ වෙන්න කියලා තමයි නෝනේ ප්‍රාර්ථනා කරන්න ඕන........

අන්න අපේ මහත්තයා අනුහස් පුතා ද කොහෙද එනවා.........

අනේ මගේ පුතේ......... මොකද ලොකූ දෝණිට.......?

අම්මගෙයි, තාත්තගෙයි ඇස්වල කඳුළු පිරිලා........ අනුහස් ලොකූ එක්ක එකතුවෙලා දෝණිව කාමරේට එක්ක ගියේ........

කලබල වෙන්න දෙයක් නෑ අම්මා...... ටිකක් විවේක ගන්න දෙන්න කිව්වා......... වැඩිය කල්පනා කරන්න දෙන්න එපා කිව්වා...... එයාට පොඩි ෂොක් එකක් ඇවිත් තියෙන්නේ...... බේත් ටික දිගටම දෙන්න කිව්වා අම්මා......... ලෙකුත් දන්නවා විස්තරේ.......

හ්ම්..........

මං යන්නම් අමම්ා එහෙනම්....... දෝණි මගෙත් එක්ක කතා කරන්න කැමති නෑ කොහොමත්.........

නෑ පුතේ....... පුතා යන්න එපා........ ටිකක් ඉන්න....... මේවා අපේ වැරදි....... මේවට දෝණිවත්, ඔයාවත් විඳවන්න ඕන නෑ..........

අම්මා, තාත්තත් එක්ක දෝණි හිටපු කාමරේට ගියේ....... දෝණී අක්කව බදාගෙන තාමත් අඬනවා.......

දෝණී...........?

කෞමදී මොකුත් කියන්නේ නැතුව බිම බලා ගත්තේ........

අපිට සමාවෙන්න පුතේ....... අපි මේ දේවල් හිතලා කළේ නෑ....... සමා වෙන්න අපිට.........

මොනවද අම්මේ මේ කියන්නේ......... අම්මලා මොනවද මට කළේ.......

කෞමදී ඇහුවේ පුදුමෙන් වගේ...........

අනුහස් පුතා වරදක් කළේ නෑ පුතේ......... අපියි එයාට කිව්වේ ඔයාගෙන් ඈත් වෙන්න කියලා........ අපි දැනගෙන හිටියේ නෑ මේ දේවල් නිසා පුතා දුක් විඳියි කියලා....... අපිට සමා වෙන්න..........

අම්මයි, තාත්තයි එහෙම කියලා හොඳටම ඇඬුවා....... ගොඩක් අම්රුවෙන් ඇඳෙන් බැහැලා ආපු කෞමදී අම්මලව බදාගෙන ඇඬුවේ කරන්න දෙයක් නැති නිසයි.......

පුතා යන්න........ අනුහස් පුතා එළියේ ඉන්නවා.........

ඒත් අම්මේ දේවක.......... ?

අපි දේවක පුතාට කතා කළා....... එයාට ඇත්ත කිව්වා....... එයා ඒක තේරුම් ගත්තා පුතේ......... ඔයා යන්න.......

කෞමදී දුවලා ගිහිල්ලා අනුහස්ව බදාගත්තේ මුළු ලෝකෙම කෞමදීගේ අතට ලැබුණා වගේ..........

මට සමාවෙන්න මහත්තයෝ....... මං දන්නේ නෑ අම්මලා.......

කෞමදීට කියන්න ලැබුණෞ එච්චරයි......

තව මොකුත් කියන්න එපා දෝණී..... අම්මලා ඒ දේවල් කිව්වේ නැත්තම් අදටත් මම රස්තියාදු ගගහා ඉන්න එක විතරයිනේ කරන්නේ....... ඒ නිසා ඒ දේවල් එහෙම වුන එක හොඳයි.......

එහෙම කියපු අනුහස් දෝණිගේ නළල සිපගත්තේ ගොඩක් ආදරෙන්...... අවුරුදු දෙකකට පස්සේ අනුහස්ට අනුහස්ගේ ආදරේ ලැබුණ එකට අනුහස් ගොඩක් සතුටින් හිටියේ...... කෞමදිත් අනුහස්ගේ තුරුල්ලේ හිටියේ පොඩි එකෙක් වගේ.........

අපි යමු දෝණී ඇතුළට... අම්මලා පව්........

දෙන්නත් එක්ක ඇතුළට එද්දී අම්මලා තාම අඬනවා......

ඇයි අම්මා මේ....... දැන් හැමදේම හරිනේ......... අපි ප්ලෑන් කරපු දවසටම අපේ වෙඩින් එක ගන්නවා අම්මේ....... මනමාලයා විතරයි වෙනස් වෙන්නේ........

දෝණි කිව්වේ අම්මව බදාගෙනමයි.........

ඔව් අම්මේ........ හැමදේම ඒ විදියට වේවී....... මං අම්මලත් එක්ක ජාති ජාතිවත් තරහා නෑ........

එහෙම කියලා අනුහසුත් ගිහින් අම්මව තුරුල් කර ගත්තා.......

මේ..... මේ....... දැන් බොලාට මේ ලොකූව පේන්නෙම නැද්ද........?

පිස්සුද ලොකුවෝ........ උඹව අමතක වෙනවද එහෙමත්......

අනුහස් ගිහිල්ලා ලොකූගේ කරට අතකුත් දාගෙන දෝණිව ඇදලා තමන්ගේ ළඟට ගත්තේ.........

අද පෝයනේ......... යමුද කට්ටියත් එක්ක පන්සල්.......

හ්ම්...... ගුඩ් අයිඩියා.........

දෝණි එළියට දිව්වේ මල් කඩන් එන්නම් කියලා.........

මේ වුන හැමදේටම බුදු හාමුදුරුවන්ගෙන් සමාව ගන්න ඕන ළමයිනේ.........

එහෙම කියලා අම්මා තාත්තත් එක්ක ගිහිල් ලේස්ති වුණේ........

අපි පව් කරලා නෑ මගේ මහත්තයෝ..... බුදු හාමුදුරුවෝ අපිට වරදක් කරන්නේ නෑ........ කවමදාවත් නෑ........

එහෙම කියලා දෝණී අනුහස් එක්ක කාර් එකේ ඉස්සරහට නැග්ගේ...... අම්මයි, තාත්තයි, අක්කයි පිටු පස්සෙන් වාඩි වුණා........

නෙළුම් මල් පොකුරක් දෝතින් අරන්...
නුඹත් එක්ක බුදුන් වඳින්න යන්න....
පෙරුමන් පිරුවා මං....

ඇසළ මහේ පෝය දිනේ.....
නුඹේ අත ගෙන හැන්දෑවේ....
ආවා බුදු වැඳුමට මං...

මතු භවයෙත් නුඹේ වෙන්නට....
නුඹේ අත ගෙන ඇවිදින්නට...
ලැතුමක් පැතුවා මං..........

නිමි......

*****සඳලි අනුත්තරා******

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment