මේ ජීවිතය ලැබුනේ ඔහුගෙන්

මේ ජීවිතය ලැබුනේ ඔහුගෙන්..
(කෙටි කතාව)

අපේ ජීවිතේට මුන ගැහෙන සමහරු අපිට ගොඩාක් ආදරේ කරනවා..ඒත් අපි එයාලට ආදරේ කරන්නේ නෑ ඒත් අපි සමහරුන්ට ගොඩාක් ආදරේ කරනවා ඒත් ඔවුන් අපිට ආදරේ කරන්නේ නෑ......මටත් හිටියා එහෙම ජීවිතේටත් වඩා මට ආදරේ කරපු කෙනෙක් එයා මාව දාලා යන්නම ගියා ආයේ නොඑන්නම.....මේ ඔහුගෙත් මගෙත් කතාව........

මම පොඩිකාලෙ ඉදන් හැදී වැඩුනෙ නගරයේ ..අම්මයි තාත්තයි දෙන්නම රස්සාවෙ ඔවුන්ට මම ගැන කිසිම සෙවිල්ලක් තිබ්බෙ නෑ ...ඔවුන් වෙලාවට මට සල්ලි දුන්නා..මට ආදරය කලේවත් මාත් එක්ක වචන 10යකට 15වඩා කතා කලේවත් නෑ....මම දැන් විශ්වවිද්‍යාලයීය මහාචාර්‍ය වරියක්....මගේ සැමියා භව්තික විද්‍යා උපදේශක කෙනෙක්..ඒ වගේම මම වයස අව්රුදු 5ක ලමයෙකුගේ මවක්....මට මේ ජීවිතේ ලැබුනේ ඔහු නිසා කිව්වොත් නිවරදියි...ඒ කතාව ඔබ සැමට ඉදිරිපත් කරමි....

එක් උදෑසනක ,
" දුව කෑම කන්න සල්ලි තියල ඇති ඩ්‍රයිවර් දැන් එයි. එයා එක්ක ඉස්කෝලෙට යන්න..කඩචෝරු කන්න මග නවතිනව එහෙම නෙවෙයි"
      එසේ කියාගෙන මාගේ මව පියා සමග රැකියාවට ගියාය..මම කෑම ගන්න දුන් මුදල්ද රැගෙන කාරයට නැගී පිටවීමි..පාරේ මට බැලුමට තිබුනේ උස් තට්ටු නිවාස හා කොන්ක්‍රීට් වනාන්තර පමනි..අපට සින්හල පොත් වල ඇත් කෙත් වතුවල සුන්දරත්වය මෙහි අහලකවත් නොවීය..මා යන මග මම හරි අපූරු යමක් දුටුවෙමි..එක් කොලුවෙකු වැලි තලාවක යමක් කුරුටු ගාමින් සිටියේය..
"ඩ්‍රයිවර් අංකල් පොඩ්ඩක් නවත්තන්න " මම පැවසුවෙමි ..පාසලට තා වෙලා ඇති බැවින් ඔහු කුමක් කරනවාදැයි බැලුමට ගියෙමි.ඔහු අපට පාසලෙ උගන්වන ගනන් හදමින් සිටියේය..
"ඔයා කොහොමද ඕවා ඉගෙන ගත්තේ "මා විමසුවෙමි .."ඉස්කෝලෙන් තමයි." ඔහු දුක්බර ස්වරූපයෙන් පැවසුවේ ය." අද ඉස්කෝලෙ යන්නේ නැද්ද ඔයා" ."නෑ මට ලියන්න පොත් ගන්න සල්ලි නෑ.ටීචර් මට ඊයෙත් බැන්නා පත්තර පිටුවල ලියනවයි කියලා.."මට ඔහු ගැන ඇති වූයේ මහත් දුකකි .මම මාගේ පොත් බෑගයේ නොලියූ පොත් 4ක් ඔහුට පිරිනැමුවෙමි..ඔහුද එය ඉතා සතුටින් බාරගත්තේය..ඉන් පසු යලි මට ඔහු දැකුමට නොලැබුනි...

                   *        *         *          *
මම විශ්ව විද්‍යාලයට තේරී පත්  වීමි.මගේ අපේක්ශාව වූයේ කෙසේ හෝ කතිකාචාර්යවරියක්  වීමයි..මා හට විශ්වවිද්‍යාලයේ දී යහලුවන් බොහොමයක් හමුවිය...දිනක් හරිම පුදුම සිදුවීමක් සිදු විය.."ඔයාට කොහොමද ?මාව අදුරගන්න පුලුවන්ද "පිරිමි ලමයෙකු මගෙන් වීමසීය.."මම ඔයාව දන්නෙ නම් නැ කව්ද කියනවද?" "එදා මතකද මට පොත් වගයක් දුන්නේ ඔයා. "මට ඔහු කව්දැයි මතක්විය."ආ ඔයා නේ ඔයා මෙහේ" "ඔව් මම ඉන්ජිනේරු විද්‍යාව හදාරනවා"."නියමයි නේ අනේ මටනම් මැත්ස් පෙන්නන්න බෑ" මා පැවසුවෙමි.."ඔයා කැමතිනම් අමාරු කොටස් මම කියලා දෙන්නම්" මම ද ඊට එකග වූයෙමි..ඔහු මට සියලු දේ කියා දුන්නේය..සමහර කරුනු මට කියාදුන්නේ ගුරුවරයෙකු පරිද්දෙනි..ඔහු හා මම හොද යහලුවන් වූයෙමු..ඔහු ඉතා නිහතමානී අයෙකි...මමත් ඔහු ත් දැන් සිටිනා තැන් ගැන සිතා වෙලාවකට මට මා ගැන ලැජ්ජාවක්ද දැනුනි.
ඔහු නිතරම පැවසූ කරුනක් විය.
"මට මේ ජීවිතේ ලැබුනෙ ඔයා නිසා ඒකට ගොඩක් ස්තූතියි"
  ඔහු සෑම විටම මා සමග සිටියේය..කිසි විටකත් මා තනි නොකලාය...ඔහු විශ්වවිද්‍යාලයේ සිටි දක්ශම සිසුවාය..ගැහැනු ලමුන් ඔහු හා යහලු වීමට පොර කෑවත් ඔහු කිසිවෙකු දෙසවත් බැලුවේ නැත..ඒ ඇයි දැයි මට එදා නොතේරුනි...
නමුත් මා විශ්වවිද්‍යාලයේ ශෙහාන් නම් පිරිමි ලමයෙකු සමග යහලු වියා..මගේ මුලු ජීවිතයම ඔහු විය  .පෙරමෙන් මට මාගේ යහලුවා සමග ගත කෙරුමට කාලයක් නොවිනි...ඔහු මා හා ශේහාන් අතරට එනවාට මම අකමැති වූයෙමි..එමනිසා මා පුලුවන් තරම් ඔහුව මගෑරියෙමි..දිනක් ඔහු මා අසලටම පැමිනෙන තුරුත් මා නොදුටුවෙම්...සුපුරුදු සංවර බවින් යුතුව මට සුබ උදෑසනක් පැතූ ඔහු  දිගු කතාවකට මුල පිරුවේය....

"ඔයා ශෙහාන් එක්ක යාලුයි කියලා මම දන්නවා..ඒත් එයා එච්චර හොද කෙනෙක් නෙවෙයි  එයා ගොඩක් ගෑනු ලමයි ව අමාරුවෙ දාලා තියනවා...ඔයා එයාගෙ කතා වලට රැව ටෙන්න එපා"
         කිසිදාක මම ශෙහාන් ගැන මෙලෙස කියනු ඇසුමට ප්‍රිය නොකලෙමි...මා ඔහුට ඉතා තදින් කම්මුලට පහරක් දුන්නෙමි..ඒ පහරේ වේදනාව අද දැනෙන්නේ මට බව කිසිවෙකු නොදනියි....
"තමුසෙට කොහෙන්ද එච්චර හයියක් මම ආදරේ කරන කෙනා ගැන එහෙම කියන්න ආ තමුසේ මගේ යාලුවෙක් නෙවේ හිගන කොල්ලා තමුසෙ හිතුවද මම ඔහේ කියපු ගමන් විශ්වාස කරයි කියලා."
           ඔහු කිසිවක් මට කීවේ නැත.බැන්නෙද නැත ඔහු මෙය කියා පිටව ගියේය."මට මේ ජීවිතේ ලැබුනෙ ඔයාගෙන් ඔයාට ඒකට ගොඩක් ස්තූතියි.."
    මම ශෙහාන් ලගට ගොස් ඔහුට මේ බව පැවසුවෙමි ...ඔහු කිසිවක් කීවේ නැත ..ඔහු මා සමග ගමනක් යෑමට එන ලෙස කීවේය.මමත් මේ ප්‍රශ්න වලින් නිදහස් වීමේ අරමුනින් ඔහු සමග ගියාය..එක වරම ශෙහාන් හා යහලුවන් විශාල ප්‍රමානයක් මා වට කර ගත්තෝය..මට විශාල බයක් හා පසුතැවීමක් ඇති වූයේ ඊලගට වීමට යන දෙය දන්නා නිසාය...ඒ මොහොතේ කුමක් හෝ යමක් මාගේ පපුව පසාරු කරගෙන ගියාය..යම් අයෙක් මා දෙසට එබ අයුරු චායාවක් මට පෙනුනි..ඉන්පසු සිහිය එන විට මා සිටියේ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ය...මගේ අවදානම පහව ගිය බැවින් සාමාන්‍ය වාට්ටුවකට මා රැගෙන ගියාය..එහි මා වෙනුවෙන් මල් කලඹක් තිබෙනු දුටු මම පුදුම වීමි...එහි සදහන් වූයේ මගේ මිතුරාගේ නමයි....එමෙන්ම එහි දිගු ලිපියක්ද අඩංගු විය.....එය මෙලෙස ඔබට ඉදිරිපත් කරමි.....

ආදරණීය .............,

කිසිදාක ඔබගේ ජීවිතය විනාශ කිරීමට මා සිතුවේ නැත මට අවශ්‍ය වූයේ ඔබගේ දිවිය සතුටින් ගෙවනු දැකීම පමනි..ඔයාට එතන සිදූ වුන අනතුර නිසා ඔයාගේ හදවත ට හානි වෙලා තිබුනා..වෛද්‍ය වරු කිව්වේ හදවතක් බද්ද නොකලොත් ඔයාව බේර ගන්න බැරි වෙයි කිය්ලා...ඒ හින්දා මට යන්න වෙනවා..මට මේ ජී විතය ලබාදුන්නට ඔයාට ගොඩාක් ස්තූතියි..මම ඔයාගෙ ඔය හදවතේ හැමදාම ඉන්නවා.....මම ඔයාට කොච්චර ආදරේ කලත් ඔයාගෙ සතුටයි මට ඕන කලේ මම ඔයා වෙනුවෙන් ශෙහාන් ඉස්සරහ වැද වැටුනා..ඒත් එයා පිලිගත්තේ නෑ ..ඒක නිසා මම ඔයාට හැමදේම කිව්වා..එත් ඔයා මාව විශ්වාස කරේ නෑ..මම හිගන කොල්ලෙක් උනාට මට සමාවෙන්න මේ කොල්ලට වෙන හදවතක් හොයා ගන්න බැරි උනා ...මේ හිගන හදවත හැමදාම ඔයාව ජීවත් කරාවි.

ඔබට සැමදා ආදරය කල..
................

මේ ලියුම කිය වීමෙන් පසු මාගෙ දිවිය කෙතරම් නොවැදගත් දැයි මට වැටහිනි..ඔහු මා වෙනුවෙන් කෙතරම් දෑ කලත් මා ඔහුට බැනවැදී හිත රිද්දුවත් ඔහු මෙතරම් කැප කිරීමක් කර ඇත ..මාගේ කොපුල් හරහා කදුලු බිදු බේරී ගොස් තෙත් විනි..ඔහුගේ ඒ හදවත අදටත් මාව ජීවත් කරන්නේ විටෙක සැනසීමත් විටෙක පසුතැවීමත් උදා කරමින්.......
      සත්‍ය ලෙසම මේ ජීවිතය මට ඔහුගෙන් ලැබුනු එකක් බව මාගේ පපුව තුල ගැහෙන ඒ හදවත හැම තත්පරයකම මට මතක් කරන්නේ මාගේ යහලුවාගේ ඒ වදන් මුවග නංවමිනි...

"ආදරය කියන්නේ.. ශාරිරිකව ලබන පහසට වඩා... මානසිකව ලැබිය හැකී ආස්වාද ජනක හැගීමක් බව වටහා ගෙන ජීවිතය විඳවීමකින් තොරව විඳිය යුතු බව මම අවදාරණය කරමි.."

                                            ~හිතවත් චේතී~

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment