මතකයි...මතක ද ..
'අපි මේ කීවෙනි මනමාලිද මූට බලන්න යන්නෙ මාමෙ..'
රොශාන් වාහනයේ ඉදිරිපස අසුනේ සිටි සතරසිංහට ඇහෙන්නට හඬ නගා ඇසීය.
'දැන් මට මනමාලියො කීයක් බැලුවත් උඹට මොකද..'
ගිහාන් රොශාන්ගේ බඩට වැලමිටෙන් පහරක් එල්ල කළේ ය..
'කොහේ කරන්නද පුතා......................... ෆොටෝ බලලා යනවා.................. ගිහින් බලල මොකක් හරි අඩුපාඩුවක් කියනවා.............................. එක්කෝ බලන හැටි හරි නෑ................... හැරෙන හැටි හරි නෑ................... අඩු ගානෙ කොණ්ඩකටුවක් හරි ගහල තිබ්බෙ ඇදේට කියනවා...
අපි මැරෙනකම් මෙයාට මනමලියො බලන්න තමයි වෙන්නෙ. දරු මුනුපුරෝ බලන්න අපිට වාසනාව නෑ...'
පියවතී ඉස්කෝල හාමිනේ කියූ විට ගිහාන් නිහඬවිය..
'මේ ඇත්තටම ඇයි බං..'
'මට උන් සෙට් නෑ බං.. මොකක් හරි අවුලක් තියනවා මයි..'
'හරි නෙ ආන්ටි මූ සෙට් වෙලා ඉන්න කෑල්ලක් බලන්න යමු. වැඩේ ඉවරයි නෙ.. වාහන වලට, කේක් වලට යන ගානත් ඉතිරුයි..."
'මෙයා හොයාගත්තු අය ගෙනාවනම් අපිටත් ගෙවල් වලින් යන්න වෙනව.. හරි සක්කරවට්ටං නෙ ඒවා..'
පියවතී හිස ගස්සා අහක බලා ගත්තාය..
'මේ.. මේක උඹලගෙ පවුලෙ බිස්නස් එකක්ද කියපංකො..'
'මොකක්ද..'
'ඇයි බං.. උඹ කැමති උන්ට අම්ම කැමති නෑ. අම්මල හොයන ඒවට උඹ කැමති නෑ කිය කිය මාසෙකට පාරක් කේක් එකක් උස්සං ගිහින් ගමකට කාල එනවා ඒ ගෙවල් වලින්..'
'අනේ මේ... පල පල..'
'නෑ සිරාවටම මරු නේ බං ඒක..'
'මේ කුප්පියො.. වහපිය කට.. ආයෙ උඹ එක්ක එන්නෙ නෑ...'
'ඈ... හුටා.. ඒ කියන්නෙ උඹ මේ මගුලටත් කැමති නෑ කියල තීරණය කරලද යන්නෙ...'
'හහ් ඒව කොහෙද..............ඒක මම හොයපු මගුලක්..................... මගෙ කන්තෝරුවෙ බොස් ගෙ අයියගෙ දුව... ............කිසි දේකින් අඩුවක් නෑ... මෙයාට අකමැති වෙන්න දෙයක් නෑ...'
ගිහාන්ගේ ලොක්කු මාමා ඉක්මනටම කිව්වා..
'මේ අබේ මාමෙ... එච්චර හොඳ නම් මූට ඕනෙ නෑ. මට සෙට් කරන්නකො...'
රොශාන්ගේ කතාවට සොයල්ලන් කොක්හඬලා සිනා සුනහ...
෴෴෴
'ඒහ් .. කොහොමද කෑල්ල.. උඹට එපා නම් මට ෆෝන් නම්බර් එක අරන් දීපං හරිද .'
රොශාන් රහසින් ගිහාන්ගේ කනට කර පැවසීය..
දුටු හැටියේම ඇයට හිත ගිය ගිහාන් වරුවක් තිස්සේ ඇස් නොපියා බලා උන්නේය..................... කියන්නට කිසිම අඩු පාඩුවක් නැත............
...... එයාට කොල්ලෙක් ඉන්නව කියල මේක එපා කියයිද............. අසුභවාදී සිතිවිලි බලෙන් හිත යට හොල්මන් කරයි..
තේ මේසය අහවර විය.. ඇගේ සොයුරියන් යැයි සිතිය හැකි ගැහැනු ලමුන් දෙදෙනෙක් අස් පස් කිරීමේ යෙදුණහ..
'මේ උඹට මනමාලි හිතට ඇල්ලුවා නේ.. '
'හ්ම්ම්. සිරාවටම.. බලමු කතා කරලත්.. මම කැමති උණාට ඉතින් ..'
'හරි හරි.. අකමැති වෙන්න හේතුවක් තියනවා නම් ඔහොම හිනා වෙලා ඉන්නෙ නෑ බං........ හොම්බ එල්ලන් ඉන්නෙ............... මේ උඹ එයාට සෙට් උනාම අර සූකිරි නංගිලගෙන් එක්කෙනෙක් මට සෙට් කරපං බොක්ක..'
'අනේ මේ.. හිටපංකො පොඩ්ඩක්.. තව මනමාලි කැමති කිව්වෙ නෑ නෙ..'
'ඒ අන්න අර අනිත් කෙල්ලො එබි එබී බලනවා...උන් උඹට ට්‍රයි වගේ...එහෙනම් මනාලි මට...'
'පුතේ.. මනමාලි එක්ක ටිකක් කතා කරලා එන්න.. දෙන්නම එළියට යන්න..' පියවතී සිනහවක් සමගින් ඉගි කලාය.
ගිහාන් නුහුරු නුපුරුදු කෝල බවකින් එළියට ගියේ සියල්ලන්ගේම ඇස් වලින් කෙරෙන කතා අතරය..
මනමාලිය මිදුලේ සිමෙන්ති පුටුවකට බරවී සිටියි........ ලා රෝස පැහැති සාරියට ඇගේ රුව තවත් ඔප් නැංවී ඇත..
'මට නම් ඔයාව ඕනෙමයි...'
කෙල්ලන් අතර අනංගයා යැයි නමක් දිනා සිටි ගිහාන්ගේ හදවත සැබවින්ම අත් පත් කර ගත්තේ ඇය නිමේශයකිනි...
'එක්ස්කියුස් මී..'
ඇය නෙත් වලින් යාබද අසුන පෑවාය..
වචන නැතුව කතා කරන අපූරුව..
'අදම එක්ක යන්න හිතෙනවා...' හිතන්නත් කලින් ගිහාන්ගේ මුවින් පිට විණි...
ඇය මල් මදහාස පෑවාය..
'ඔයාල ගලිගමුව ටවුන්ද...'
'ම්ම්.. ඔව් ... ඔයාගෙ නම.. මම ගිහාන්...'
'ඔයාලගෙ තාත්තා කඩවත කොහෙ හරිද ජොබ් කරන්නෙ...'
'පැටියෝ තාත්තට නෙමේ මට ඔයාව බලන්න ආවේ...' ඒ ටික නම් කියා ගන්නට බැරි විය.
'ඔව්.. ඇයි අබේ මාම කිව්වද..'
'ම්හ්ම්.. උදේ හයට යන හැටන් කොළඹ බස් එකේද යන්නෙ...'
'මම ද..'
'නෑ ඔයාගෙ තාතා වැඩට යන්නෙ...'
මොන මගුලක්ද... යකෝ තට්ටෙත් පෑදිලා හෙට අනිද්දා පෙන්ශන් යන්න ඉන්න තාත්තා ගැනනෙ අහන්නෙ මෙයා..
'ඔව් ගොඩාක් වෙලාවට ..ඇයි...ඒ..
.................මේ ...මම කෙලින්ම කියන්නම්.. මම නම් කැමති ඔයාට..'
ගිහාන් තිර හඬින් ආදරයෙන් පැවසීය..
'ම්ම්.. අපි ගෙට යමුද.. ප්ලීස්..'
ඇය හනිකට ගෙට ගියාය.. හෙමි හෙමින් ඈ පසු පසි ගොස් ගිහාන් සැටියට බර විය...
මනමලියගේ පියා ඉදිරියට පැමිණියේය..
'මේ අබේ මහත්මයට ස්තූතියි මේ අය එක්ක ආවට .. අපිට මේ මගුලට කැමති වෙන්න බෑ...'
විනාඩි ගණනක නිහැඬියාවක් රජ විණි...
උගුරේ රැල් බුරුල් ඇර ගිහාන්ගේ පියා කතා කළේය..
'එන්න කියල කැමති නෑ කියන්න හේතුව කියමු බලන්න.. අපිට කැමති වෙන්න ඕනෙ කියනවා නෙමෙයි.. අපි නම්බුකාර මිනිස්සු.. මට දැන ගන්න ඕනෙ සහසුද්දෙන්ම හේතුව...'
'මිස්ටර් සතරසිංහට මතකද මාව...'
මනාලිය උදාර ලෙස නිකට ඔසවා එක එල්ලේ බලා ඇසුවාය...
'ම්ම්.. මට නිච්චියක් නෑ...'
'ගිය මාසෙ සඳුදා... අපේ වාහනේ නැති නිසා දූව මම බස් එකේ යැව්වා.. එතකොට...'
'ඉන්න අප්පච්චි... මතකද මිස්ටර් එදා උදේ හැටන් කොළඹ බස් එකේ ඉස්සරහ ඉඳන් දෙවෙනි පේලියෙ හිටපු මගෙ ඇඟ තුන් පාරක් විතර අනවශ්‍ය විදියට අල්ලලා ප්‍රශ්නයක් ඇති උණා...'
සතරසිංහගේ කන් රතුවී දෙතොල් නලියන්නට විණි...
'මම දෙපාරක් කියලත් ඇහුවෙ නෑ........... අන්තිමට ඒ ලඟ හිටිය ඇන්ටි කෙනෙක් බැන්න........... රණ්ඩු උණා.............ඒකයි මම.... ගිහාන් නේද ඔයා? ඔයාගෙන් මෙයා ගැන විස්තරේ ඇහුවෙ...'
පියවතී හා ගිහාන් පුටුවට ඇලවූවා සේය... අබේ ගේ දෑස් නටයි............ රොශාන් කට ඇරගෙන විමතියට පත්ව ඇත..
' දුප්පත්ද පෝසත්ද.. කුල ගොත් ද රැකියා තත්වද ඒව් මට වැඩක් නෑ............................ මට ඕනි මගෙ දුවට හොඳ ගෙදරක් ආදරණීය ආරක්ශා සහිත පවුලක් හොයල දෙන එක................. පුතා නැති වෙලාවට ලේලි අඹුකමට ගන්න ඉන්න තාත්තාගෙන් ඒවා බලාපොරොත්තු වෙන්න පුළුවනිද.............. මගෙ දුවට නෙමේ වෙන පිට ලමයෙක්ට උනත් එදා හැසිරීම වැරදියි..................... දූ එදා හරියට දුක් උණා... '
සමාවෙන්න මිස්ටර් අබේරත්න........... මෙයාල ආපහු එක්ක යන්න.. ආවට ස්තූතියි...'
හැමෝම ඔළු නවාගෙන වාහනේ ගාවට ගියේ හිත් වල නා නාප්‍රකාර දේවල් පැන නගිද්දි...
සතරසිංහට පුටුවෙන් නැඟිටල අඩියක් තියල යන්නවත් ශක්තියක් නෑ වගේ... කන් දෙක ගෝසාවෙන් පිරුණා.. හිත පුරාම නොනවත්වාම යකඩයක් පීරි ගන්න ගත්ත...
නිමි.
මල්කාන්ති රණතුංග
No comments:
Post a Comment