#වෙන්වීම #තව #දුරද...
කෙටි කතාව...
" තමුසෙට දැන් කී පාරක් කිව්වද..තේරෙන් නැද්ද ...තමුසෙ වගේ ජරා ගෑණියෙක් නිසා මගෙ රත්තරන් කෙල්ලව මට නැති වුනා..අමා මගෙන් ඩිවෝස් වුනු දවසෙ ඉදන් මම මැරි මැරී ජීවත් වෙනවා...තමුසෙ නිසයි මේ සේරම...ගෝ ටූ හෙල්...තවත් මට වද දෙන්න එපා..."
" සුහාන්...ප්ලීස් වෙයිට්...ඔයාට බෑ මට ඔහොම කරන්න....ප්ලීස් සුහාන්..."
සංසලා කෙතරම් කෑ ගැහුවත් සුහාන් හැරීවත් බැලුවේ නෑ...සංසලා මායම්කාර යුවතියකි...සල්ලිකාරයෙකු අල්ලන් සැප සේ දිව් ගෙවීම ඇගේ පුරුද්දයි...මීට අවුරුදු හතරකට පෙර ඇයගේ ගොදුර වුනේ සුහාන් වයි...ඇය සාර්ථක විය...කුරුලු ජෝඩුවක් සේ හිටිය සුහාන් අමායා පවුල දික්කසාදයකින් කෙලවර විය ...නමුදු දික්කසාදයෙන් පසු සුහාන් බොහෝ සේ වෙනස් විය...පණ මෙන් ආදරේ කල යුවතිය තමාට අහිමි වූවා යැයි දැනෙද්දී ඔහු මැරි මැරී ජීවත් විය...සුහාන් පසුව අමායා සොයා ගියත් ඇය රට අතහැර ගොස් තිබුනි...අවුරුදු හතරකට පසු සංසලාව අහම්බෙන් මුන ගැහුනෙන් සුහාන්ගේ තුවාලය තවත් පෑරුනි....
" අ.න්..ක...ල්...... තුත්තක්...ඉ...න්...න..කෝ..."
සුහාන් පසුපස හැරුනේ සිගිති දරුවෙකුගේ කටහඩින්...පෙර පාසල් නිල ඇදුමකින් සැරසී පුංචි කොන්ඩ කරල් දෙකක් බැදන් තමා දෙස බලා සිනා පාන කුඩා ලැදරිය දුටු සුහාන්ගේ සිත ගැස්සුනි...ඒ රත් පැහැ පුංචි තොල් යට කලු පැහැති උපන්ලපයකි...සුහාන් සැනෙන් අතීතයට ගියේ නිරායාසයෙන්...
" මගේ කෙලි පොඩ්ඩගෙ මූනෙත් ඕම උපන්ලපයක් ආවොත් මගේ අම්මියගේ වගේ..."සුහාන් කිව්වේ අමායාගේ කොපුලක් සිබින ගමන්...
" ආ....ඒනම් ශෝයි නේ..අම්මි වගේ දූ පොඩ්ඩ එතකොට...තාත්ති කෝමත් කැතයිනේ..."
" මොකක්ද කිව්වේ...ම්ම්ම්...විකනව කන...හරිද....අපේ දූගේ උපන්ලපයක් ආවොත් ඒක උඩින් මම රබර් පේන්ට් ගානෝ...හාද..."
" හොදට හිටියි...මැටි කොල්ලා මගේ..."
අමායා සුහාන්ගේ ශක්තිමත් බාහුව මිරිකුවා..
" ඌයි...".
සුරතල් හිනා හඩකින් පියවි සිහියට ආ සුහාන් දුටුවේ තමාගේ අතින් අදින සුරතල් දියණියයි...
සුහාන් පාරෙම පුංචි හුරතලී ගාවින් දනගසා ගත්තා....
" මොකෝ පැටියෝ ...."
" අන්කල්...ඔයාගෙ තාක්කුවේ තීලා මේක වැටුනානි...."
සිගිති දැරිය කීවේ සුහාන්ට කා එකේ යතුර පාමින්...
" හයියෝ...තැන්කිව් පැටියෝ...මේ පාර තනියම කොයිද...අම්ම් කෝ...ආ..."
සුහාන් ඇහුවේ ඇගෙ සිගිති අතින් අල්ලගෙනයි....ඔහුට ඒ දෑතින් දැනුනේ පුදුම හුරුපුරුදු උනුසුමක්...මේ දෑස් මේ මුව අමායා සිහිගන්වන්නේ මන්ද....සුහාන්ගේ සිත තව තවත් සුරතල් දැරිය සොරා ගත්තා ....
" සනිත්මා ...මම හැම තැනම හෙව්වා දරුවෝ ..කොයිද ගියේ යාලුවවත් දාල..."
" මේ අන්කල්ගේ මොකක්ද වැටුනානී...යන්නම් අංකල්..."
කෙල්ල කීවේ කොල්ලගේ නහයෙන් ඇද පිලිවෙලින් කොපුල් දෙකත් ඉන්පසු නලලත් සිප ගනිමින්... කලින් විද පුරුදු ඒ සුපුරුදු සෙනෙහසින් සුහාන්ගේ දෑස් වලින් කදුලු රූටා ගියා..ඔහුත් සිගිති දියනියව එසේම සිපගත්තා...
රේණුකා මේ දෙස බලා සිටියේ පුදුමයෙන් ....
' බබී අපි යමු සනිත්මා ...' ඇය සිගිති දියනියව රැගෙන ගියත් ඒ කෙලි පොඩ්ඩ හැරි හැරී බැලුවා...සුහාන් ට දැනුනේ තමාගේ දෙයක් තමාගෙන් ඈතට යනවා වගේ...."
" සනිත්මා ....ලස්සනයි ..."
සුහාන් තමාටම කියාගත්තා..
*********
දින සති ගෙවිල ගියා...සුහාන්ගේ හිතට පුංචි දැරිය මතක් නොවී ගෙවුනු දවසක් නොමැති තරම්....හදිසියේ ඇස ගැටුනු ටෙඩී බෙයාර් සාප්පුව අසල කා එක නවත්තපු සුහාන් ඇතුලට ගිහින් ටෙඩීලා තෝරන්න ගත්තේ හීනෙන් වගේ....
" මැණික මගේ චූටි දූ වැඩියෙන්ම කැමති මොන ගිෆ්ට් වලටද දන් නෑ නේද...."
😂😂😂😂😂😂😂😂😂😂😂
" මොකද කෙල්ලෙ හිනා වෙන්නේ ම්ම්ම්...."
" තාම දුවෙක් ඇත්තෙත් නෑ...ඉබ්බෙක් ගිය උඩ😃😃"
"මේ හැන්ඩ්සම් කොල්ලට ඉබ්බ කිව්ව ඒනම්....ඉන්නවකෝ මේ ඉබ්බා ඉබ්බිව ඉබල මරන්න.."
" ඉන්න දෙන්නකෝ වදේ...."
" ඒනම් කියනෝ මගෙ කෙල්ල මොනාට කැමති වෙයිද...".
." මම වගේම ටෙඩීලට කැමති වෙයි....අම්මිගෙනෙ දෝණි...."
අමායාගේ මතකයන් හීනයක් සේ හිතට වද දෙද්දී සුහාන්ගේ ඇස් උණු කදුලින් තෙත් වුනා...
මන් මේ කාටද ටෙඩියෝ තෝරන්නේ...කෝ මට දුවෙක්....
අහේතුවකට සුහාන්ට මතක් වුනේ සනිත්මා ව...අනේ ඒ අහිංසක හුරතල් කෙල්ල ආයේ දකින්න තීනවනම් .....😔 රතු පාට තරමක් ලොකු ටෙඩියෙකුත් අරන් කවුන්ටරේට ගිය සුහාන් කවදා හෝ මේක සනිත්මා ට දෙනව කියල හිතාගත්තා ....
බිල් එක පේ කරල යන්න හදද්දීම යුවතියක ලිස්සා විත් සුහාන්ගේ පපුවේ නතර වුනා... සුහාන් ගත්තු ජාතියේම ටෙඩියෙක් සහිත බෑගයක් අතේ තියන් සිටි යුවතියගේ මුව ඇය කඩා දමා තිබූ කෙස් කළබට වැසී තිබුනා...
" ඔයත් ගත්තේ මේ ටෙඩියමද...."
හුරුපුරුදු කටහඩින් යුවතිය හැරී බැලුවා...දෙදෙනාගේම දෑස් එකම මොහොතක යා වුනා..පුදුමයෙන් විසල්ව ගිය දෙනෙත් වල සැනෙකින් වේදනාව සටහන් වුනා....
අදහන්න ...සුහාන් ඉදිරියේ සිටගෙන සිටියේ අවුරුදු ගානක් පෙම් කල යුවතියයි...මදකුදු පමා නොවූ සුහාන් අමායාගේ දෙවුරෙන් අල්ලා ගත්තා....
" අමා...."
" අත අරිනවා මාව..."
" ප්ලීස් අමා...මම කියන දේ තත්පරයක් අහන්න..."
අමාගේ දෑසත් කදුලින් තෙත්ව ගියා...තමා මුලු හිතින්ම ආදරේ කල පිරිමි ආත්මය සංසලා නිසා නැති වෙලා ගියා....අවුරුදු ගානකට පස්සෙ ඒ පිරිමි සුවද ඉස්සරහ තමන් හදාගෙන සිටි දැඩි සිත දියාරු වී යන බවක් අමායාට දැනුනා ....අමා මේ මනුස්සයා ඉස්සරහ කදුලු පෙන්නන්න එපා....කිසිම හිතක් පපුවක් නැතුව තමුන්ව දාල ගියා මතක නැද්ද ...අමා තමාටම හිතින් බැනගත්තා...
" යූ ශටප්....."
" අමා....මට සමාවෙන්න මගෙ රත්තරන් .....මට සමාවෙන්න ..මම ගොඩක් වැරදී ....ප්ලීස් මට සමාවෙන්න ...ඔයා නැතුව තවත් නම් ජීවත් වෙන්න බෑ...මාව මැරිල යයි....මට සමාවෙන්න ....."
සුහාන් අමායා ඉදිරියේ දනින් වැටුනා ....අවට මිනිසුන් බලන් ඉද්දී අමායා සුහාන් ඇදගෙන පැත්තකට ගියා...
"දැන්ද තමුන්ට මාව මතක් වුනේ...දැන් සංසලා නැද්ද ...."
" ඔයා මාව දාල ගිය දවසෙ ඉදන් සංසලාගේ හුලගවත් වැදෙන්න මම ගියේ නෑ රත්තරන් ...ප්ලීස් අපි ආපහු මැරි කරමු...."
" සුහාන් ඔයාට ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද ....ඔයාට ඕන වුනාම මැරි කරනයි ඕන වුනාම ඩිවෝස් කරන්නයි මම ඔයාගේ කවුද...."
අමා වියරුවෙන් කෑ ගහද්දී සුහාන් ඇගේ සැලෙන දෙතොල් මත දෙතොල් තැබුවා...
සියල්ල අමතක ගිය අමා සිය පණ සරි ප්‍රේමයට මොහොතකට තුරුලු වුනා....
" අමා...ප්ලීස් මැරි කරමු බබා....කවදාවත් ආයේ දාල යන්නේ නෑ...."
ඒ වචන හදවත පසාරු කරගෙන යද්දී අකුණක් වැදුනා සේ අමා සුහාන්ගෙන් ඈත් වුනා...අමා අත රැදි ටෙඩි බෙයා සුහාන්ගේ දෙපා මුල වැටුනා....
" මේක කාටද...."
" මගෙ දුවට....."
" ඔයාගේ දුව..."
සුහාන් ඇහුවේ වෙව්ලන ස්වරයෙන් ....
" ඔව්....ඔයාට වෙන ගෑනු ගාවට යන්න පුලුවන් නම් මට මැරි කරන්න හොද නැද්ද ...."
" අමා....ඔයා මැරි කලාද දෙව්යනේ....."
සුහාන්ගේ හදවත කීතු කීතු වී ගියා....මේ තරම් වේදනාවක් කොහොම නම් උහුලන්නද.....මම වරදක් කලා තමයි.....ඒත් මගේඑ පණ වෙනකෙනෙක්ගෙ වෙලා කියල මම කොහොම විශ්වාස කරන්නද.....සතුටින්ම ඉන්න මගෙ රත්තරන් ....මේ පවු කාරයට මේ දුක මදී...සුහාන් අමා දෙස තවත් වරක්වත් නොබලා ඈතට ගියා...
*********
වේදනාවෙන් පීඩිත වු දින ගෙවිල යද්දී සුහාන් සනිත්මා දැකීමේ ආශාවෙන් පෙර දින දුටු පෙර පාසලට පැමිණ සිටියා .....
සනිත්මා සුහාන්ව දැක්ක ගමන් දුවල ආවේ කිරි සිනා නංවමින්....
" අංකල්....ඔයා...."
" ඔව් බබී....මේක ඔයාට...."
සුහාන් ටෙඩි බෙයා කෙල්ල අත තබද්දී ඇයගේ ඇස් පුදුමයෙන් විසල් වුනා.....
" මට මම්ත් මෙයින් එකෙක්ම ගෙනත් දුන්නා...."
" ඔය ඇත්තමද....කෝ ඔයාගේ අම්මී තාත්තී..."
" මට තාත්තී කෙනෙක් නෑ අංකල්....මගෙ යාලුන්ට නම් ඉන්නෝ...අංකල් මගෙ තාත්ති වෙන්න පුලාන්ද...."
කෙල්ල හරිම සැහෙල්ලුවෙන් අහද්දී සුහාන්ගේ පපුව පිච්චිලා ගියා....සුහාන් එහෙමම සිගිති දියණිය වඩා ගත්තා ....ඇගේ ගෙලේ වූ රත්තරන් චේන් පොටත් පෙන්ඩනයත් ඔහු දුටුවේ එවිටයි.....මේ චේන් එක මම අමා වෙනුවෙන්මයි හැදුවේ....මට හොදටම මතකයි....
" සනිත්මා ...එනවා යන්න....."
කෙල්ලගෙ අම්මා කේන්තියෙන් කෑ ගැහුවේ මම කෙල්ලවත් වඩාගෙන චේන් එක අල්ලන් හිටපු නිසා වෙන්න ඇති...
" ප්ලීස් මිස් කරුණාකරල කියනවද මේ චේන් එක බබාට කොහෙන්ද කියලා ..."
"ඒකනම් බබාගෙ අම්මගෙන් අහන්න වෙන්නෙ...."
" ඔයා නෙවෙයිද අම්මා..."
"නෑ...."
"ප්ලීස් කියන්න...මෙයාගේ අම්මා අමායද..."
" ඔයා කොහොමද අමායව දන්නේ....."
" ඒක දිග කතාවක් ....අමායා මැරි කරලද ."
" ඇයි ඕව අහන්නේ ..."
" ප්ලීස් කියන්න....මේක අපේ ජීවිත වලට ගොඩක් වැදගත් ....සනිත්මා ගැන හිතලවත් කියන්න .."
" එයා කලින් මැරි කරල ඉදල ඩිවෝස් වෙලා...."
" එතකොට මේ බබා...."
" ඩිවෝස් වුනාට පස්සෙයි බබෙක් ලැබෙන්න කියල දැනගෙන තියෙන්නේ ....."
" මොනවා😦😦😦😦"
" මගෙ රත්තරන් දෝණි මමයි ඔයාගෙ තාත්තී.....ඔයාගෙම තාත්තී..."
සුහාන් කදුලු අතරින් සිගිති දියණිය කීපවරක් සිපගත්තා ....
" යේ.....මටත් තාත්තී කෙනෙක් ඉන්නවෝ....සෝයි තාත්තී....උම්මා."
" මමයි අමාගේ හස්බන්ඩ් ...මට අමාගේ ගේ පෙන්නන්න .....තවත් මේ පුංචි පවුල නැතුව මට ඉන්න බෑ....මම කා එක අරන් එන්නම්....."
පාරවත් නොබලා පාර මාරුවෙන්න ගිය සුහාන් වේගයෙන් ආ වාහනයකට යට වුනා....
" තාත්තී.....මගෙ තාත්තී ....."
*****
දින ගනනක් සිහිය නොලබා හොස්පිට්ල් එකේ සිටි සුහාන් ලගින් අමා සෙවනැල්ලක් සේ රැදී සිටියා......
ඉක්මනින් ඇස් අරින්න මගෙ මහත්තයෝ ....මම ඔයාව බදින්නම්......එදා ඔයාව දැක්ක දවසෙ ඉදල මගෙ පපුවට සැනසිල්ලක් නෑ රත්තරන් ...ඔයා නැති ජීවිතයක් මටත් නෑ රත්තරන් ....ප්ලීස් ඔහොම ඉන්න එපා.....ඇස් අරින්නකෝ .....ඔයාගේ අමා විතරක් නෙවෙයි ඔයාගේ චූටි දූත් බලන් ඉන්නෙ ඔයා කතා කරනකම්.......
.......
" සනිත්මා .........." සුහාන් සිහිය ආ විගසම කියූ වචනයයි.....
" තාත්තී ........."
" මගෙ දූ....."
" තාත්තී දැන් ඔදයිද...මායි අම්මි ගොඩාරියක් ඇඩුවා...."
සුහාන් කෙල්ලගෙ කම්මුල් සෙමෙන් සිප ගත්තේ ඇස් වලින් කදුලු පිටාර ගලද්දී ...
අමා මේ දෙපලගේ සෙනෙහස දිහා බලන් හිටියේ පුදුමයෙන් .....
" අමා මට සමා..."
"ශ්......"
අමා සුහාන්ගේ නහයෙන් අල්ලා කම්මුල් දෙකත් නලලත් සිපගත්තා ....
" පිස්සි මගේ ....ආදරෙයි පන තීනකම්...."
මේ පුංචි පවුල දාල කොහෙ යන්නදෝ .....ඉතින් අපේ වෙන්වීම නම් ගොඩාක් දුරයි...
නිමි.....
රචනය
Shani Erandi
No comments:
Post a Comment