ඇගේ සිහිනය

..........ඇගේ සිහිනය......(කෙටි කතාව)

"මම ආසයි තව  ඉගෙන ගන්න ඒත් මේ ගෙදර තත්වෙත් එක්ක මට campus  යන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ මහත්තයො මගෙ හීනෙ lecturer කෙනෙක් වෙන එක"

"ඔයාට ඒ හීනෙට යන්න පුළුවන් සුදු මැණික මම job එකකට aply  කලා
මට පුළුවන් වෙයි ඔයාට ඉගෙනගන්න යන වියදම දරන්න"

" ඒත් මහත්තයො ඔයාගෙ studys ඔයා ඉගෙන ගන්නෙ කොහොමද ජොබ් එකක් කරන ගමන්"

"මගෙ ඉගෙනීම් කටයුතු තාවකාලිකව නතර කරනව job එක කරන ගමන් කරන්න පුළුවන් දෙයක් විතරක් කරන්න බලනවා  මට ඔක්කොටම වඩා වටින්නෙ ඔයාගෙ හීනෙ හැබෑ කරන එක මගෙ මැණිකේ"

" #ඔයා දෙවි කෙනෙක් මගෙ මහත්තයො... ඇත්ත්ටම ඔයා දෙවි කෙනෙක මගෙ සුදු  මහත්‍තයට ආදරෙයි මන් ගොඩක් "

එදින පටන් මා දිවා රෑ වෙහෙසුනේ ඇගේ හෙට දවස යහපත් කරනටය දෙමාපිය විරෝදය මැද මගේ ඉගනුම් කටයුතු අතර මග නවතා දැමූ මා රැකියාවකට සම්බන්ද වූයේ කෙසේ හෝ ඇය දුටු සිහිනය සිහිනයක් නොවන්නට වග බලා ගැනීමටය

කාලය වේගයෙන් ගතවුනි ...මේ ගෙවෙන්නේ ඇගේ සරසවි දිවියේ අවසාන  වකවානුවයි මේ වන විට මාගේ ස්වරූපය බොහෝ පෙරට වඩා බොහෝ සෙයින් වෙන්ස් වී ඇත රාත්‍රී නිදිමැරීමත් නැවත දහවල් කාලයේ විවේකයක් නොලබා වැඩ කිරීමත් නිසා ශරීරය බොහෝ සෙයින් වැහැරී ඇස් යටට ගිලී තිබුනි ..

"අයියෙ මට ඔයාට දෙයක් කියන්න තියනවා මන් හිතනව ඔයාට ඒ දේ තේරුම් යාවි කියල"

"කියන්න සුදු මැණික "

"අද හෙට මගෙ finall exam ඉවර වෙනවා මට sure  මම ගැන ඊට පස්සෙ මට campus එකේම  ආධුනික කතිකාචාර්ය   කෙනෙක් හැටියට වැඩ පටන් ගන්න පුළුවන් වෙයි."

"මට ගොඩක් සතුටුයි සුදු මැණික ඔයා අනිතිමට කොහොම හරි ඔයාගෙ හීනෙ හැබෑ කර ගත්තා"

"ඔව් ඒ මගෙ උත්සහය නිසා මම මේ දේ ඔයාට කියන්න ඉඳියෙ ටික කාලෙක ඉඳන් බලන්නකො දැන් ඔයාගෙ හැටි හරියට කුඩ්ඩෙක් වගේ ඇදිලා ගිහින් අනික ඔයා හරියට ඉගෙන ගත්තෙත් නෑ  ඉතින් දැන්  ඔයාගෙ තත්වෙයි මගෙ තත්වෙයි අහසයි පොළොවයි වගේ ඒ නිසා අපි මේ සම්බන්දෙ නවත්වමු.."

එකවරම අහස පොලව පෙරලී යනවා වැනි හැඟීමකින් මගෙ හිතට  ඇතුළුවුනි

"#ඔයා මට වියදන් කරපු සල්ලි මන් ආපහු ඔයාට ගෙවන්නම් මොකද මම කැමති නෑ ණය කාරයෙක් වෙන්න  මට ගාන හදල කියන්න  කීයද කියලා මට ඉක්මනටම ඒ ණය ගෙවල නිදහස් වෙන්න ඕන .  ඔයාටත් ඉක්මනින් ඔයාගෙ තත්වෙට ගැලපෙන හොද කෙනෙක් ලැබේවි..."

සිදුවූයේ කුමක් දැයි මට අදහාගත නොහැකිවිය ඇයට මා කෙතෙක් ඇවිටිලි  කලද මගේ ආදරයෙන් ඇයට පලක් නොවිය .  පෑරුනු සිතත් සමග මෝටර් බයිසිකලයට නැගුණු මා නෙත කදුළු පිරෙද්දී හැකි උපරිම වේගයෙන් නිවස දෙසට එන්නට උත්සහ කල අයුරුත් ඉදිරියෙන් පැමිනි බස් රථයක මා ගැටුන අයුරුත් මගේ මතකයේ චායාවක් මෙන් පවතී.

මා සිටින්නේ රෝහල් සයනයක් මතය වෛද්‍ය වරයෙක් මා අසලම සිටී ඔහුගේ මුහුණේ ඇත්තේ බරපතල් ස්වරූපයකි

"සමාවෙන්න පුතා ඔයාගෙ කකුල් දෙකට ගොඩක් හානි වෙලා තිබ්බා  ඒ නිසා අපිට ඔයාව බේරගන්න කකුල් දෙක අයින් කරන්න උනා..."

එම සිදුවීමට වසර 3 ක් ගතවී හමාරය ඇය විවාහ වී සැමියා සමග ඕස්ට්‍රේලියවේ පදිංචියට ගිය බව සැලවුනි . මා හට රැකියාව අහිමි විය ඉතිරිකරගත් මුදලක්ද  නොමැත එනිසා රෝද පුටුවෙන් ගොස් ලොතරැයි පත් අලවි කිරීම මාගේ ජීවන වෘත්තිය කර ගතිමි..

ඇයගේ සිහිනයට යාමට ඇය මා බාවිතා කලා මිස ඇය මා හට ආදරය නොකල වග මා මනාව වටහා ගතිමි.
සිදුවූ දෙය සිදු වී හමාරය

දැන් මා බලා සිටින්නේ මාගේ ජීවිතයේ අවසන් පරිච්ඡේදයද අවසන් වන තුරුය.

        .............සමීර මදුසංක ......

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment