සිත හැඩුව ඔබ් ගිය දා

සත්‍ය කතාවක් ඇසුරෙන් ලියු එක් අමිහිරි කතාවක්...

#සිත_හැඩුවා_ඔබ_ගියදා

සහන්‍යා..... ඇයි ඔයා මාව දාලා ගියේ......

දෙව්සිත් මුළු හන්තානේ ම දෙදරවන්න කෑ ගැහුවත් එදා වගේ සහන්‍යා දෙව්සිත්ට තුරුළු වුනේ නෑ. කොච්චර ඇස් වලින් කඳුළු වැටුනත් සහන්‍යා දෙව්සිත්ගේ හිත හැදුවේ නෑ.

අවුරුදු හතරකට කලින් හිත ම නතර කරලා ඇස් දෙකක් එක දවසක් හිනා වුනා. අදත් පපුවට තුරුළු කරන් ඒ අතීතය මතක් කරද්දී හිත නිවෙන තරම් ඒ හිනාව අහිංසකයි. ජිවිතේ කොහේදී හරි වැරදුනා. ආයේ හදා ගන්න බැරි තරමට. ඒ තරම් ආදරේ කරපු කෙල්ල.. ආදරේ දුන්නු කෙල්ල අතරමඟදී දාලා යයි කියලා විස්වාස කර ගන්න බැරි වුනා. එත් ඇත්තටම ඇයි මම ඒ තරම් නපුරු වුනේ. දෙවියනේ අද මට ජිවිතේම නැති වෙලා. මගේ සෙල්ලක්කාරකම නිසාද,දරුණු වුනු හිත නිස ද කියන්න මම දන්නේ නෑ.

සුදු මැණික.....

දෙව්සිත් ආයේම වරක් කෑ ගැහුවා.

මීට අවුරුදු තුනකට කලින් මෙතැනදීම සහන්‍යාගේ අතින් අල්ලන් මම සුදු මැණිකට ආදරේ කිවුවා මතකයි. ඒදා ඒ ඇස් කොච්චර හිනා වුනාද. අනේ මම ඒ හිතත් එකක් සෙල්ලම් කරන්න හිතුවේ නෑ දෙවියනේ. මම මොන පවුකාරයෙක්ද...

සුදු මැණික මට ආදරෙයිද....

ඇයි මහත්තයෝ එහෙම අහන්නේ... මගේ ආදරේ දැනෙන්නේ නැතිද....

දැනෙනවා... එත් ටිකක් අඩුවෙන්...

ඇයි ඒ.....

අනේ මන්දා....

එ් හිත දහස්වාරයක් රිදෙන්න ඇති. ඒත් මගේ හිත රිද්දුවේ නෑ කවමදාකවත්.අද මට දැනෙනවා ඒ ආදරේ තරම් ආද⁣රයක් වෙන කිසිම කෙල්ලෙක්ගෙන් නොලැබුනු බව.....

අනේ ඇයි දෙව්සිත් මේ... හිනා වෙන්නකෝ..

ඇයි????

ඔයා සතුටින් නෙමෙයි....

ඔව් මම සතුටින් නෙමෙයි තමයි....

කියන්න මට මොකද වුනේ.....

ඉටිපිලිමයක් එකක් ජිවිත කාලේම ගෙවන්න වෙනවානේ.. ඒකයි....

එදත් නිහඬ වුනා මිස මගේ හිත රිද්දනන ඒ හිතට හිතුනේම නැතිද දෙවියනේ... මම එහෙම කියද්දීත් මගේ පපුවටම තුරුළු වුනා. ඒත් මට බැරි වුනා තේරුම් ගන්න. මගේ හිතේ තිබුනේ ආදරේ සතුට කියන්නේ ඇදේ නිදාගත්තාම ලැබෙන දෙයක් කියලා. එත් මගේ කෙල්ල මගේ හිත නොරිදවා ඒක කොච්චර ⁣තේරුම් කරන්න හැදුවාද....

------------------------------------------------------------------------------

මචං දෙව්සිත් ඔෆිස් එකට පට්ට කෑල්ලක් බැහැලා. උඹ දැක්කාද?....

අඩේ සිරාවට....

ඔව් බං....

ඉන්ටර්ව්වි ඇවිත් තිබුනා.. බෝසා මේකිව අරන් බං. අද උදේ ඇවිත් තිබුනා... පට්ට කියන්නේ පට්ටම පට්ට.... බලන් ඉන්න පුළුවන් කැත නැතිව දවසේම..

හසංකගේ කතාවට දැන් ඉතින් මේකි දකින්නම ඕනා මට.චාටර් වෙන්නත් බෑ..

කෝ බං ඔය කියන්න දෙව්ලිය....

ලන්ච් රෑම් එකේ බං....

යමන් යමන්... මාත් බඩගින්නේ හිටියේ....

අවාස් කොල්ලා ගේමට එන්ටර් වෙන්න වගේ යන්නේ...

පැණි හිනාවක් දාලා ඌ දිහා බලපු මම උෟවත් ඇදගෙන ලන්ච් රෑම් එකට ගියා...ඇස් දෙක දෙපාරක් නෙමෙයි සියපාරක් ගැහුවාද කොහේද.. ⁣කෙල්ල මගේ හිතයි,ගතයි දෙකම පිස්සු වැට්ටුවා.

අහ් දෙව්සිත්... මේ තමයි පංචලී..
පංචලී මේ දෙව්සිත්...

නිම්නා මට පංචලීව අදුන්නලා දුන්නා.

හෙලෝ... කියලා මේකි මට අත දික් කලා. මමත් පැනපු ගමන් අතට අත දුන්නා.  ඊට පස්සේ කට්ටියම එකතු වෙලා කෑම කෑවා. කෑම කන අතරේ පොන් එක රින්ස් ගියා. මම ඒක ඔෆ් කරලා සාක්කුවට දා ගත්තා. පංචලී මෙහේ ප්ලැට් එකක් අරන් ජිවත් වෙන්නේ. පේන විදිහට සල්ලි භාගේ තියෙන කෙල්ලෙක්.

කාලා බිලා ඉවර වෙලා ඇවිත් ඔෆිස් එකේ වැඩ වලට හිර වුනා. හවස ඔෆ් වෙන ටයිම් එකේදී පංචලී ඔෆ් වෙනවා බලන්ම ඉදලා මම ඔෆ් වුනා.ඔෆිස් එකේ ගේට් එක ගාවදී පංචලීව කතාවට අල්ල ගන්න මට පුළුවන් වුනා. කොහොම හරි කතාවෙන් කතාව පොන් නම්බර් එක ඉල්ල ගන්න චාන්ස් එකකුත් මට  වැදුනා. ඒ වෙලාවේ තමයි පොන් එක එලියට ගත්තේ. ඔන් කරද්දිම මැසේජ් ගොඩක් ආවා පොන් එකට. දැන් මට මාරම කේන්ති. පංචලීටත් ඇහෙනවා මැසේජ් ටෝන් එක වදිද්දි.

නොට් සෙවන් වන්.......

පංචලීගේ නම්බර් එක දීලා පංචලී cab service එකක නැගලා පිටත් වුනා.
ඊට පස්සේ මම බස් එකකට නැග්ගේ..

සහන්‍යා.... මල මඟුලයි මැසේජ් එකක් දාන්න බැරි වුනානේ....

මහත්තයෝ කෑවාද.... මහත්තයෝ.... මොකද වුනේ වස්තුව....

මැසේජ් ගොඩයි. මිස් කෝල් ඇලට් ගනන් කර ගන්න බැරි තරම් එවලා. මගේ හිතට ඒත් දුක්ක නෑ. මොන මල කරදරයක් ද මේ.

මම ගත්තා කෝල් එකක්.

අරගෙන බැනගෙන බැනගෙන ගියා.බැනලා බැනලා පොන් එක තිබ්බා. අායේ මට ගන්න එපා කියලා.ඒ කෙල්ලට මොකද වුනේ කියලා බලන්නවත් මට හිතුනේ නෑ ඊට පස්සේ.

පංචලී... හිත පිරිලා තියෙන්නේම පංචලී ගැන. ඊට පස්සේ හවස දුන්නු නම්බර් එකට මම කෝල් එකක් ගත්තා. නෝ ආන්සවර්...
ටික වෙලාවකට පස්සේ මට ඊමෝ වි⁣ඩියෝ කෝල් එකක් එනවා. පංචලීගෙන්...

ආයේ මොකට දෙපාරක් හිතන්නද.. මම ආන්ස්වර් කලා.

පිස්සු හැදීලා ආයේම හැදෙනවා. පට්ට කඳක් මේකි...

කොච්චර ද කිවුවොත් බාගෙට හෙළුවෙන්. ඒත් පිරිමි හිත ඉල්ලුවේම එකිව. පැය ගානක් කතා කරපු අපි ටිකක් දුරත් ගියා.

පොන් එක තිබ්බාට පස්සේ මගේ හිත ඉල්ලුවේම පංචලීව. නමුත් මට ඒක තේරුම් ගන්න බැරි වුනා. හිත නෙමෙයි පංචලීව ඉල්ලුවේ මගේ ඇඟ කියලා.

අරකිට මොනා වුනාද මන්දා.මම සහන්‍යාට කෝල් එකක් ගත්තා පංචලී තිබ්බාට පස්සේ.

මහත්තයෝ....

ආදරණිය හඩින්ම සහන්‍යා කතා කලා.

කෑවාද ඔයා...

මහන්සිද ගොඩාරියක්....

නෑ.. මම නිදා ගන්නවා. තියන්නම් බුදු සරණයි...

පරිස්සමෙන් ඉන්න රත්තරනේ... උම්ම්ම්ම්ම්ම්ම්ම්මා....

පොන් එකෙන් උම්මා දුන්නා කියලා පිරිමියෙක්ට දැනෙන්නේ නෑ.

මම එහෙම කියලා පොන් එක තිබ්බා...

කාලය එහෙම ගත වෙලා ගියා. මම සහන්‍යාට මානසිකව කොච්චර බලපෑම් කලාද කියලා මට තේරෙන්නේ නෑ. නමුත් මම නොදැනීම වගේ පංචලී එකක් ගොඩක් ලං වෙලා. කොච්චර ද කිවු⁣වොත් සතියේ දවස් හතරක් විතර මම පංචලීගේ ප්ලැට් එකේ ඉන්නේ. අපි එක එක විදිහට ජිවිතේ වින්දා. මම හිතුවේම ඒ තමයි සතුට කියලා.

ඒ අතර මම සහන්‍යාත් බැලනස් කලා. මොකද සහන්‍යා කියන්නේ මම ඉරක් ඇන්දලා එක උඩ ඉන්න කිවුවොත් දවසේම වුනත් ඒක උඩ ඉන්න කෙල්ලෙක්.

දවසක් පොන් එකෙන් කතා කරද්දී සහන්‍යාගේන් සහන් එලියක් මට ලැබුනා. ඒ ජිවිතේට ම හුරු වෙලා හිටපු මට සහන්‍යා ගැනත් දැනුනේ එක කෙල්ලෙක් විදිහට විතරයි.

එක දවසක පැය දෙකකට සහන්‍යා මගේ ලඟ ජිවිතේම පුජා කලා. ඒ ඇස් එදා මාර අසරණ වෙලා තිබුනේ. මගේ හිත ට එදාවත් ඒ හැඟිම් තේරුම් ගන්න බැරි වුනා.

කාලය ගෙවිලා ගියා පංචලී නම් තව තවත් මාව පිස්සු වට්ටනවා.මාව ඇත්තටම පංචලීට ඇබ්බැහි වෙලා. හැමදාම මම පංචලීගේ ප්ලැට් එකටනේ ගියේ.පංචලී දවසක් අපේ බෝඩිමට ආවා. වෙනසක් නෑ ඉතින් හැමදාම වගේ අදත් අපි අනන්තයේ හිටියේ. එක පාරටම ඇහුනු සද්දේ නිසා මම හැරිලා බැලුවේ.

සහන්‍යා.......

එච්චරයි. සහන්‍යා දුවගෙන යනවා විතරයි මම දැක්කේ. මං පංචලීව ඈත් කරලා සහන්‍යා පස්සේන් දුවන් ගියා. සරම විතරයි ඇදන් හිටියේ කියලාවත් මට මතකයක් නෑ. ජිවිතේ පලවෙනි පාරට මට සහන්‍යාව දැනුනා.ඒ හිත කොහොම ඉවසයිද කියලා මට දැනුනා.
එත් මට පේන තැනක සහන්‍යා හිටියේ නෑ.මම ආයේම බෝඩිමට එද්දි පංචලී හිටියෙත් නෑ.මම සහන්‍යාට කෝ්ල් එකක් ගත්තා. පොන් එක ඔෆ්. ඊටපස්සේ මම පංචලීට කෝල් එකක් ගත්තා.රින්ස් ගියා නෝ ආන්ස්වර්.

රෑ 8ට විතර සහන්‍යාගේ නංගි මට කෝල් කරනවා. මම ඉක්මනින් කෝල් එක ආන්ස්වර් කලේ සහන්‍යා කොහේද කියලා බලා ගන්න.

අයියේ අක්කා කෝල් කලාද....පොන් එක ඔෆ්... උදේ ගෙදරින් ගිය ගමන් තාම ආවේ නෑ... තාත්තා හොඳටම බය වෙලා.. පොලිසියට ගියා....

මාව ගිනිගන්නවා වගේ දැනුනා. බෝඩිමෙන් එලියට බැහැපු මම ඕහේ ඇවිදන් ගියා... හැම පාරකම හැමතැනකම... අතීතය මට මැවිලා පේනවා. මේ තැන් වල මම සහන්‍යා එකක් කොච්චර ඇවිදලා තියෙනවාද. මගේ සහන්‍යා අනේ කොහේද ඔයා..
මගේ හිත ඇතුලෙන් කෑ ගහනවා. අවසානයේ මම ලොකු ගහක් යට ඉඳ ගත්තා.

ආයේම පොන් එක රින්ස් යනවා...

දෙව්සිත් අයියේ............. අනේ මගේ අක්කා අපිව දාලා ගිහින්....

ලෝකේම එකම තැනක කැරකැවෙනවා වගේ...

හත්තානේ අපි සීතලේ ගුලි වෙලා හිටපු එක දවසක මගේ ඇස් වලට ආදරෙන් එබිලා සහන්‍යා කිවුවා

සුදු මහත්තයෝ මට බනින්න ගහන්න මම දරාගෙන ඉන්නම්. එත් කවදාවත් මාව රවට්ටවන්න එපා.එදාට මේ සුදු මැණික මෙතැනින් ම ජිවිතේ අවසාන කරාවි...

එයා ව එදා පපුවට තුරුළු කරන් නෑ කවදාවත්ම එහෙම වෙන්ව දෙන්නේ නෑ කියපු මම හිතුවේ නෑ ඒක ඇත්තටම කියපු කතාවක් කියලා. එත් ඒ හදවතේම පිරිණු ආදරේ ලගදී ඒක බොරුවක් වෙන්න බෑ...

හන්තාන පෙරලලා මම කෑ ගැහුවත් එයා ආයේම ආවේ නෑ. ජිවත් වෙන මල කඳක් මම දැන්. මගේ සහන්‍යා මගේ දරුවා දෙන්නාම මට නැති වෙලා. සහන්‍යාගේ සිරුර ලැබෙනකොට එයාගේ අතේ බොඳ වෙලා ගියපු මෙඩිකල් රිපෝට් එකක් තිබුනා. ඒකේ එයා අම්මා කෙනෙක් වෙන්න යන බව තිබුනා. මගේ දරුවා..... අපේ දරුවා ගැන කියන්නයි එදා එයා බෝඩිමට ආවේ. ඒත් මං වගේ පවුකාරයෙක්ට ඒ වාසනාව නැති වුනා...

------------------------------------------------------------------------------

පංචලී දැන් බෝස්ගේ වයිෆ්... ඒකත් වුනේ බෝස්ගේ දරුවෝ තුන්දෙනෙක් එකක් කසාදය කඩලා දාලා.ඒ අතරම තව කිහිප දෙනෙක් එකක් පංචලීගේ සම්බන්ධකම් තියෙනවා කියලා ආරංචි.

මට ජිවිතේ නියම දඩුවම ලැබුනා. මගේ අහිංසක සුරංගනාවී හැමදාම මට කියලා දුන්නා ආදරේ කියන වචනයේ තේරුම. මම ඒක තේරුම් ගත්තා. ඒත් ඒ වෙනකොට මගේ සුරංගනාවි මාව දාලා ගොඩක් ඈතක ගිහින්.....

සිත හැඩුවා ඔබ ගිය දා..............

                                                ......නිමි.....

සදනි දිසසේකර

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment