#පින්_මදිද_දන්නේ_නෑ👇👇👇
මොකද බන් වෙලා තියෙන්නේ... දගලන්නැතුව එක විදිහකට ඉදහන්කෝ... අරූ දැක්කොත් දෙන්නවම පුකෙ ඉදල පට්ට ගහනව... ලමයි 1000ක් විතර පන්තියක් මැද්දේ චාටර් උනහම කොහොමද සැප...
දේවෝ... මාර සීන් එක බන්....
මනී... දගලන්නැතුව එක තැන ඉදගෙන කියහන්කෝ...
දගලන්නතුව ඉන්නෙ කොහොමද යකො... ජොකා අස්සේ මොකෙක් හරි ඉන්නවා... කූඹියෙක්ද කොහෙද... දැන් තුන් පාරක් විතර කෑවා...
කූඹියා මැරෙන්නැතුව ජීවත් උනොත් ඇති මනී... උබ ඉතින් ඕවා හොදන එකක් ඈ.... කූඹින්ට නහයක් නැතුව ඇති බන්... නැත්නම් ඉතින් ඔය අස්සෙම රිංගයිද...
ඔය ලමයි දෙන්නා නැගිටිනවලා...
මනී දැන් හරිද... නැගිටහන් දැන්...
මොකද මොකද ඔය ලමයා ඇඹරෙන්නේ...
නෑ... නෑ... නෑ... සර්... මේ...
මොකද ඕයී තමසේ දගලන්නේ... තමසේ හිතන් ඉන්නේ මේක කෝලම් මඩුවක් කියලද... යමල්ලා පන්තියෙන් එලියට...
සර්... ලබන සතියෙ එද්දී අම්මා එක්කන් එන්ඩ ඕන නැද්ද...
හුකනවද... කට පුක වහන් ඉදහන් මනී...
හොද වෙලාවට අරූට ඇහුන්නෑ... නැත්නම් ආයේ ජීවීතේට ක්ලාස් එන්ඩ වෙන්නෑ.... යමන් ඉතින් දැන්... තවත් බොක නොවී මෙතන...
අම්මෝහ්... දැනෙන සනීපේ... කැරි කූඹියෙක් අපිට දීපූ දුක... අත පය පේන්ඩ තිබ්බානන් ඕකගෙ....
අනෙ අනෙ උබේ ලොරි ටෝක් දැන් ඇති බන්... අහලම ඇති වෙලා....
අද උගන්නපු ඒවට මොකද දැන් කර ගන්නේ...
කාගෙන් හරි ටියුට් එකක් ඉල්ල ගම්මූ බන් දේවා...
ක්ලාස් ඉවර වෙන්න තව පැයක් තියෙනවා... යමන් වටයක් දාලා යන්...
........................................................................
ස්ටේෂන් එක පැත්තෙන් යමන්... අනුන්ගේ කූඩු වලට ගල් ගහමු අපි...
උබට පිස්සුද මනී... කන්ඩ වෙයි ගමකට...
උබ වරෙන්කෝ... තනියෙන් ඉන්න කැල්ලක් බලල දවසකට ලයිනක් ගහ ගම්මූ...
ඒම නම් අවුලක් නැ... කොල්ලො එක්ක ඉන්න කෑලී ලයින් කරන්ඩනම් හිතන්ඩවත් එපා...
ආන් ඉන්නවා රාන් කිරිල්ලීයක්... සේපට කිට්ටු වෙලා බලමූ...
ඒක හරි යන්නෑ බන්... බලහන්කෝ ඒකී නගර සභාවේ වැඩද මන්ද...
උබ මොකද දේවා එහෙම කිව්වේ...
ඒකී ඇදන් ඉන්න සායේ දිග බලහන්කෝ... ඕකී පාරේ යනකොට දූවිලි ඔක්කොම සායෙන් අතු ගාගෙන යනව ඇති...
අදින විදිහෙන් මනින්ඩ බෑ බන්... දිගට ඇන්දයි කියල හොද වෙන්නෑනේ...
යකෝ ගල පේන්න ඇදන් යන කෙල්ලෝ මෙලෝ රහක් නෑ... ඒවා ඉතින් හැමෝටම පෙන්න පෙන්න යනවනෙ... වැහිලා තියෙන ඒවා තමා හොද... වහගෙන ඉන්නේ ඕවා හොදට තියන් ඉන්න නිසානේ...
උබ නම් ජරාවක් මනී... බලපන් අර කෙල්ල දිහා බලාගෙන උබ හිතලා තියෙන දේවල්... ඒකී නම් අහින්සක පාටයී...
අනෙ උබේ සත්ව කරුනාව... ඔන්න බලහන් මන් ඕකිව ලයින් කර ගන්නවා...
"සංසාර සිහිනයේ මා නුඹේ කුමරා...//"
මොකද යකෝ සිංදු කියන්නේ...
අපෝ දේවා උබ තාම ගල් යුගේනේ... මේවා තමා යකෝ පිරිමි මායම්... කෙල්ලෙක් ටෝක් කරද්දී ඒකිට ඇහෙන්න සින්දුවක් කියල... ඒකී ඉස්සරහ පොඩ්ඩක් රගන්න ඕන...
ඔන්න දැන් බලන් ඉදහන් මන් ඕකිව ලයින් කරගන්න හැටි... උබ ඔතනම ඔහොම බලන් ඉදහන්... පස්සේ මගෙන් ඉගෙන ගනින්...
මන් එ කෙල්ල ලගට කිට්ටු උනා... අම්මෝහ් දුරට දැක්කට වඩා මේකී ලස්සනයිනේ... ජපන් බෝනික්කීයක් වගෙ හොද ඇග පත... මොකක්ද අර කෝට්ට... අප්පට හුකල තියෙන්නේ... කෝට්ටක් නෙවේ... මොනාද මන් මේ අහින්සකී ගැන හිතුවේ... මට නම් සමාවක් නෑ.... ඕන දෙයක් වෙච්චදෙන් කතා කරලම බලනව...
නංගී.... කවුරු එනකන්ද ඉන්නේ...
හලෝ.... නංගී...ස්...ස්... ඔයාට ඔයාට...
ම්ම්ම්ම්ම්ම්ම්..... ඔය කවුද...???
ආ... මන් මෙ දෙව්මිණ... ඔයා තනියෙන් ඉන්නවා දැකල ආවේ...
අනේ අයියේ... මට කරදරනම් කරන්න එපා... මන් ඉන්නේ කෝච්චිය එනකන් වේයන්ගොඩට යන්න...
ජීවිතෙ පලවෙනි පාරට මට මන් ගැනම ලැජ්ජාවක් ඇති උනා... මන් මොන තරම් කැත විදිහකටද මේ අහින්සක කෙල්ල ගැන හිතුවේ...
අනේ සමාවෙන්න නංගී....මන් කරදර කරන්න නෙවේ ආවේ...මොකක් හරි උදව්වක් ඕනිද අහන්න...
ඔයාද අර සින්දුව කිව්වේ...
මොන සින්දුවද...??
ඇයි දැන් මට ඇහුනනේ... කොල්ලෙක්ගෙ කට හඩක්... සින්දුවක් කිය කිය ඉන්නවා...
ආ.... ඒකද... මන් තමයි ඉතින්...
පුලුවන්නම් ඒක මට ඇහෙන්න කියන්නකෝ...
අනේ... මට බෑ... ලැජ්ජයී...
ආ... හරී ඕන නෑ අයියේ...
ඔයාගෙ නම මොකක්ද නංගී...
මන් පියුමී හන්සිකා....
අපොයී ඔන්න කෝච්චිය එනවා නංගී... ඉන්න මන් ඔයාව කෝච්චියට නංගන්නම්...
ස්තුතියී අයියේ..
නංගී.... මෙන්න ඔයාගේ පෝන් එක දාලා ගිහිල්ලා... ඉන්න මන් අරගෙන එන්නම්...
කෝච්චිය යන්න ඔන්න මෙන්න තියෙද්දී මන් පියුමිගෙ පෝන් එකත් අරන් කෝච්චියට නැග්ගා... පස්සේ එයාටත් හොරෙන් මගෙ නම්බ එක එයාගේ පෝන් එකෙ ඩයල් කරල මට මිස් කෝල් එකක් තියා ගත්තා... පස්සේ කෝච්චිය යන්න් හදද්දිම එකෙන් පැන ගෙන දේවා ඉන්න තැනට ගියා....
උබ නම් කැරියා බන් මනී...මන් දැක්කා උබ අර කෑල්ලගෙ අතින් අල්ලන් කෝච්චියටත් නග්ගනවා...
දේවා.... මේ යමන් බන් කට වහගෙන...
දැන් වෙලාව හරී... ගෙදර යමන්...
මනියට මොකද උනේ එක පාරටම... හිකිස්... "මට හිනා ගියා පියුමී එහෙම කියද්දී... දේවා නම් කියන්නේ කම්මලක යකඩ තලන අස්සේ ටකරමට ගල් ගහනව වගේලූ මගෙ කට හඩ...
අනෙ... හා හා මෝඩ කෙල්ලේ... මන් එහෙනම් තියන්නම් බායී... බුදු සරණයි... පරිස්සමෙන් ඉන්න....
කෝල් එක කට් කරාට පස්සෙත් මට සැරෙන් සැරේ ඒ කෙල්ලව මතක් වෙන්න ගත්තා... කමක් නෑ ලබන සතියේ හම්බ උනොත් මන් ඒකිගෙන් අහනවා... අන්ධ උනාට කමක් නෑ... මට පුලුවන් එයාව බලාගන්න.... දේව්මිණයලෑ ගෙවල් පැත්තේ ගියානම් හරී.....
නොදකින් මේ කබල ස්ටාට් වෙන්නෑනේ... පුදපු ගමන් කාපි යකා වගේ... බයික් එක ගෙනල්ලා සතියක්වත් නෑ... තල්ලූ කරල ස්ටාට් කරන්නත් බෑනෙ... මේවා ඔටෝ ගියර් නේ... මටත් ඩියෝ එකක්ම ගන්න ඕන උනානේ අම්මපා...
නාකී බල්ලෙක් තදට කහිනවා වගේ සද්දෙකුත් දාලා ඔන්න බඩූ ස්ටාට් උනා... දැන් ඉතින් අම්මට හොරෙන් යන්ඩ ඕන අරුන්ගේ පැත්තේ... නැත්නම් එයාගේ බණ පොත දිග ඇර ගන්නවා... කෝ හෙල්මට් ලයිසන් නැ නේද... පොලීසියෙන් ඇතී... අරකයි මෙකයී කියල කෑ ගහන්ඩ කලින් යන්ඩ ඕන...
.......................................................................
මොන මගුලක්ද මන්ද... මට හැම තිස්සෙම පියුමිවමයි මතක් වෙන්නේ... ඒකිගෙ ලස්සන හිනාව... මුලින්ම මාව දැකල බය වෙච්ච හැටී... කතා කරන විදිහ... මොන තරම් ලස්සනද.... මොකාද මේ කෝල් කරන එකා... කෝ මේ පෝන් එක...
ආ දේව් කියහන්... මන් මේ ඔහේ එන ගමන්... ඔව් ඔව්.... ආ මන් තියන්නම්.... පෝන් එක සාක්කුවට දාන්න හැදුවා විතරයි...
දඩාංංංක්ක්ංංංංංක්ංංංංං ඩෝහ්ංංංංංංංංංංංංංංං..............
සිහිය එනකොටත් මන් හිටියේ ගම්පහ හොස්පිටල් එක ඇතුලේ... මගේ ලග දේවත් හිටියා... මට දැනෙන්නෙ මට නැගිටගන්නවා තියා මගෙ ඇගේ කෑලිත් නැද්ද කොහෙද...
බය වෙන්න එපා මනී මන් ඉන්නවා උබට මොකුත් වෙන්නෑ... ඇස් ඇරගෙනම ඉදහන්.... මොකුත් වෙන්නෑ උබට....
දේවා එහෙම කිව්වට මාරයා මට අත වනන හැටි මට මැවිලා පේනවා....
දේ...ව්ව්ව්ව්....ම්ම්ම්..... මන් අමාරුවෙන් වචන ටික පටල ගන්නවා....
දේ...ව්... මන් මැරුනොත්....ම්ම්ම්ම්..ක්ල්ල්...මගේ...ඈආඅ.... ඇස්... දෙක.... අර කෙල්ලට බද්ධ කරන්න.... කී.....ආආලාඅ.... ඩොක්ටස්ලාට කියහන්... පස්සෙ... උබ.. ඒකීව බලාගනින්....ම්ම්ම්ම්ම්.... ඒකී උබට ආදරේ කරාවී....
මොනවද මනී උබ කියවන්නේ... උබට මොකුත් වෙන්නෑ... මේ බලපන්... මන් දිහා... මන් ඉන්නව.... උබට මොකුත් වෙන්නේ නෑ... අනික මන් එ කෙල්ලව අදුරන්නෙවත් නැ... උබනෙ එයාව දන්නෙ....
නෑ... නෑ... දේව්.... පියුමී මනීෂව දන්නෙ නෑ....
ඒක කොහොමද වෙන්නේ.... මන් එයා එක්ක කතා කරලාවත් නෑ...
දේව්... මන් එයා එක්ක කතා කරද්දී මන් එයාට කිව්වේ මගෙ නම දෙව්මිණ කියල... එත් අන්තිමට මට එයාට ආදරයක් ඇති උනා... ලබන සතියෙ මුන ගැහිලා මෙ ඔක්කොම කියන්නයි හිටියේ... දැන් මන් පරක්කුයී... මන් තව වැඩි වෙලා ජීවත් වෙන එකක් නෑ... දේව්... උබ එයාව බලා ගනින්.... ඒ කෙල්ලව තනි කරන්න එපා... මගෙ ඇස් දෙකෙන් එයා උබව දකීවී....
#පින්_මදිද_දන්නෑ මේ ආත්මේදී එයාගෙ වෙන්න....
::::::::(සතියකට පසූ):::::::::
දුව... ඔයාට මුලින්ම දකින්න ඕන කාවද...
මුලින්ම අම්මව දකින්න ඕන... ඊට පස්සේ දෙව්මිණ අයියව දකින්න ඕන...
හරි දුව... දෙන්නම මෙතන ඉන්නවා....
ඔන්න එහෙනම්... දැන් බලන්න....
අම්මෝ.... අයියේ... ඔයා සුදුයීනේ...
මටත් වඩා ලස්සනයී අයියේ ඔයා....
මන් මොකුත් කීවේ නැ බිම බලාගෙන හිටියා විතරයි...
අයියේ... බෑ කියන්නැතුව සින්දුවක් කියන්නකෝ... ඔයාගෙ කට හඩ හරිම සුදුයී....
මට තවත් කඳුලූ හිර කරගෙන ඉන්න බැරි උනා... මන් පොඩි කාලේ ඉදල දැකපු ඇස් දෙක අද වෙනකෙනෙක්ගෙ ශරීරයකට වෙලා මන් දිහා බලන් ඉන්නවා... මොනවද දේව් උබ කරන්නේ.... මනී උබට මොනවද කිව්වේ... පියුමිට මොකුත් කියන්න එපා කියල නේද...
මගෙ හිත ඇතුලේ එක එක දේවල් තෙරපෙන්න ගත්තා...
කෑ ගහල ඇඩුවා...
ඇයි... අනේ... ඇයි සුදු අයියේ... ඔයා අඩන්නේ... මොකද උනේ....
මන් ඔයාගෙ සුදු අයියා නෙවේ නංගී...
ඇයි ඇයි ඔයා එහෙම කියන්නෙ... ඔයානෙ මට කියල දුන්නෙ ලස්සනයි කියන්නෙ සුදුයි කියන එකට කියල...
මට මොනවා කරන්නද කියල හිතා ගන්න බැරි උනා... පෝන් එකේ තිබුනූ මනීෂගේ පොටෝ එක අරගෙන මන් පියුමිට පෙන්නුවා...
මේ ඉන්නේ... ඔයාගෙ සුදු අයියා තමයි... මන් එයාගේ යාලුවා....
මට මොකුත් තෙරෙන්නෑ අයියෙ... මොනවද කියවන්නේ...
මන් කෝම තෙරුන් කරන්නද.... දැන් මන් මේ දේවල් මෙයාට කිව්වොත් මෙයා හුගක් දුක් වේවී... මන් එයාව බදාගෙන ඇඩුවා... කාලය... උබට බාරයී හැමදෙයක්ම....
:::::::: නිමී ::::::::
Sa Na ගේ නිර්මාණයක්
උපුටා ගැනීමකි
No comments:
Post a Comment